෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, December 29, 2010

සිහින් හිරි පොඳ......


මොකද කුඩේ තියන් අපි තෙමෙන්නේ????

"මොකද කුඩෙත් තියන් අපි තෙමෙන්නේ????"


"ම්ම්ම්ම් ඔයා ආස කුඩේ දානවටද මෙහෙම යන්නද?????"
මම උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක්ම ඇහුවා......
සිහින් හිරිකඩ වැටෙන පොද වැස්සේ යන්තම් තෙමි තෙමි යන්න තිබුන ආසාව නිසාම කුඩේ දිග ඇරියේ නැතුවම හිටියා...... තෙමෙන්න තරම් වැස්ස වැටුනේ නැති නිසා ටිකක් ආස හිතුනා........

"මමත් කැමති මෙහෙම තෙමි තෙමි යන්න තමා.........
ඒත් ඉතින් ලෙඩක් නිකමටවත් හැදුනනම් මගේ ලොකු ඉස්කොළෙ හාමිනේගෙන් බැනුම් අහන්න තමා බැරි......"


පාර කියලවත් බලන්නැතුව මට සමාන්තරව ගමන් කරමින් සිටි ඔහුට වැලමිටෙන් පහරක් ගැසීමි.

"මොකද හිනා වෙන්නේ?????"
"කව්ද දැන් ඔයාගේ ලොකු ඉස්කෝළ හාමිනේ????"


"වෙන කවුද ඉතින් මට හෙම්බිරිස්සාවක් හැදුනත් බැන බැන උපදෙස් දෙන මගේ මේ කුමාරිහාමි මිසක්......"


"ඉන්නකෝ මීට පස්සේ කියන්න එපා මට ඔළුව රිදෙනවා ඇඟ රිදෙනවා කියලා...... මම බලන්නෙවත් නෑ......."


නෝක්කාඩුවක් කියා මා මදක් ඔහුට ඉස්සර වීමි......

"නිෂි..."


නෝක්කාඩුවෙන්ම බව අඟවමින් මා හැරුනෙමි.....

"මගේ ඔළුව රිදෙනවා වගේ....."


"ඕකනේ කියන්නේ පණ්ඩිතයට....... කෝ එන්න කුඩේ දාමු........"
"මං ලග පැනඩෝල් ඇති ඉන්න දෙන්නම්........"

ඔහු සියල්ල බලා සිටිමින් සිනාසෙයි...... මතක් වූයේ දැන්ය මා මින් පසු නොබලනවා කීවේ විනාඩි කීපයකට පෙරය....

"ඕකනේ ඉස්කෝළ හාමිනේට කට තිබ්බට වැඩෙන් එහෙම නෑ......."

මටද සිනා ගියේ ඔහු එය තරමක් ඇද කී ලතාවටය......

"හරි හරි ඉතින් ඉස්කෝළ හාමිනේට කෝකටත් ඉන්නේ ඔය පුංචි දරුවා විතරනේ........"
හැබෑවටම ඔහු ඇතැම් විට පුංචි දරුවෙකි. හුරතල් වන්නට ගත් විට නිමක් නැත.......
ඇතැම් හමුවුන දවසට ඟං තෙර අයිනට වී බොහෝ වෙලා ගත කරන්නට පුරුදු වීමු.
එදාට ඔහු ගෙනා කෑම එක කවන තුරුම කට ඇරගෙන සිටී.

"කෝ ඉතින්......"


"අතක් තියෙන්නේ කන්නකෝ......"


"එතකොට රහ නෑ......."


"ඇයි ඒ????"


"ඒවට අඩුයි....."


"මොනවද????"


"ඔයා බත් කට කවද්දි දාන ආදරේ......."


සිනාවක් නැගුනද තරහක් පෙන්නන මා
"ඔව් ඉතින් හැමදාම බබා පැටියට කවන්න එපැයි......."
කියන්නේ සතුටින් බව ඔහුද දනී.......
"මං ඇරෙන්න කව්ද පුංචි පැටියා........"


"ඔව් ඔව් අලි පුංචි පැටියා......."
කවන තුරාවටම මා හා හුරතල් වීම දැන් පුරුද්දකි. එය මා සිතටද ඇති කරනුයේ කියා ගත නොහැකි වූ ආදරයකි........ ඇතැම් විට මටද සිතෙන්නේ ඒ බත් කට වැඩියෙන් රස ඇති කියාය.
------------------------------------------------------------------------------------------------

"අක්කා......."
මා ගැස්සී ගියෙමි.
"ඇයි මල්ලී....."

"ඔයා දැන් කීයේ ඉඳන්ද වැස්ස දිහා බලාගෙන අපි යමුද?????"
මට ඔර‍ලෝසුව දිහා බැලුනේ නිරායාසයෙනි.......
පැය භාගයක්ම මෙතන සිට ඇති බව දුටු වට මට ලැජ්ජාවක්ද ඇතිවුනි.......

තෙමෙන්න නොදී පුංචි ළමයෙක් වගේ පරිස්සම් කරන්න.........
හිතුනම සිහින් මල් පොද වැටෙන වැස්සේ තෙමි තෙමි යන්න..............
පොඩ්ඩක් සැර දාලා තරහා වෙන්න........
රහට අනලා ආදරෙත් එක්ක කවන්න...... ඟං තෙරට වෙලා පැය ගනන් කතා කරන්න.........
අතීතය කඳුළුත් එක්ක එකතු වෙලා කඩා වැටුනත්.......... වැහි බිංදු එක්කම ගලාගෙන යාවි........
වෙනසක් නැතුවම.......
"හ්ම්....... අපි යමු මල්ලී......."
දිග සුසුමක් පිට වූයේ මටද රහසිනි.






සැ.යු:- මේ සිංදුව හිතේ තියන්ම ලීව ලිපියක් නම් නෙමෙයි. ඒත් ලියද්දි මේ සිංදුව මතකෙට ආවා. මං බොහොම ආස ගීතයක්. ඒකයි දාන්න හිතුනේ.........

නැ.සැ.යු:- හා පැටික්කිට තාවකාලිකව කකුළ් 2ක් ලැබුනා..... මේ ඒකෙන් පැන යන ගමන් තමා...... ලැබුන කකුල් දෙකේ හැටියට පැන යන්න තමා කල්පනාව. බලමුකෝ නේද.........

Saturday, December 18, 2010

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 04

ඉතිහාස පොතේ හතර වෙනි පිටුව තමා පෙරලන්න හදන්නේ. තාමත් අපි ඉන්නේ අනුරාධපුරේනේ. මේත් අනුරාධපුරේ තිබෙන වැදගත් ස්ථාන කීපයක් ගැන. හෝව් හෝව් සම්බන්ධයක් එකිනෙකට නැති උනත් බලලා එන්නකෝ මේවා බලපු නැති අය........

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 01
මෙව්වා කියවන්න කම්මැලියොද?????? 02
මෙව්වා කියවන්න කම්මැලියොද?????? 03

එතකොට අද ලිපිය කොතනින් පටන් ගන්නද..... ම්ම්ම්ම්ම්ම් අභයගිරියෙන් පටන් ගනිමු එහෙනම්.....

අභයගිරිය වළගම්බා රජු විසින් කරන ලද්දක්.මහා පැරකුම්භා රජු සමයේ මෙය ප්‍රතිසංස්කරණය කල විට උසින් අඩි 350ක් විතර වූ බව සඳහන් වෙනවා. දැනට කැඩී ගිය කොත් කැරැල්ල මුදුනට මෙහි උස අඩි 245ක් පමණ වේ. මෙහි වන සමචතුරස්‍රාකාර සලපතල මළුවෙහි පැත්තක දිග අඩි 587ක්. මෙම මළුවේ සමහර ගල් මහජනයා විසින් පූජා කරන ලද ඒවා. දායකයින්ගේ නම් ඒ ගල් වල කොටා තිබෙනු දැකිය හැක. ඉතිරි ගල් සඳහා තුන්වන සේන රජු විසින් කහවණු වැය කර ඇත.



මේකත් ඉතින් දැක්ක ගමන් මතක් වෙනවනේ මොකක්ද කියලා. ජේතවන දාගැබ. දෙනා වෙහෙර කියලත් කියනවා මේකට..... මෙය මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක්. මෙය ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දාගැබ් අතරින් වීශාලතම දා ගැබක්. එකල අඩි 400ක් උස් වූ බවට සළකනවා. දැන් උස අඩි 232ක්.අක්කර 8ක් වූ දාගැබ් මළුවෙහි පැත්තක දිග අඩි 576ක්.



මෙය සම්පූර්ණයෙන්ම ගඩොලින් නිම වූවක්. පසුගිය සියවස තුලදි කැඩී ගිය උඩ කොටස ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙහි අත්තිවාරම පඩිපෙළක අයුරින් අඩි25ක් ගැඹුරට තිබීමත් මෙය මෙතරම් කාලයක් සුරැකිව තියෙන්නට හේතුවක් වෙලා තියනවා. පුරාණ පද්මාසනයේ කොටසක් එය තිබුන තැනම දකින්නට පුළුවන්. එහි සෙසු කොටස් විනාශ වෙලා තිබුනත් පද්මාසනයේ ප්‍රමාණය අනුව විශාල හිටි පිළිමයක් වැඩ සිට ඇති බවට විශ්වාස කරනවා.



ඊළඟට මොකක්ද කියලා බලමු. පොතේ හැටියට තියෙන්නේ ලංකාරාම දාගැබ. මෙයත් වලගම්බා රජුගේ නිර්මාණයක්. මෙහි පුරාණ නාමය සිලාසොබ්භකණ්ඩක චෛත්‍ය ලෙස විශ්වාස කරනවා. පුරාණයේ මෙය වහලයකින් ආවරණය වූවක්. ඒ කියන්නේ වටදාගෙයක් සහිතයි.දැන් එම ආවරණ වහල පේන්න නැතත් එහි වූ ගල් කුළුණු පේලි තුන දකින්න පුලුවන්. අඩි 45ක විශ්කම්භයකින් යුතු මේ දාගැබ අඩි 132ක විශ්කම්භයක් ඇති වටකුරු මළුවක පිහිටා තිබෙනවා.



ථූපාරාමය තමා ඊළඟට තියෙන්නේ. මෙය දෙවන පෑතිස් රජු ඒ කියන්නේ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් බුදුරදුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිධාන කොට තනන ලද්දක්.මෙය ලංකාවේ ඇති පැරණිතම චෛත්‍ය ලෙස සළකනු ලබනවා.මෙහිද චෛත්‍ය වටේ පිහිටි වහලයක් සහිත ගොඩනැගිල්ලක් තුල තිබුනකි.මෙහිද වහල රදා පැවති ගල්ටැම් පේලි 4 ආරක්ෂිතව පවතී.



දැනට චෛත්‍ය යේ උස අඩි 63කි. විශ්කම්භය අඩි 59කි. එය අඩි 11ක් උසැති විශ්කම්භය අඩි 164ක් වූ වටමළුවක පිහිටා ඇත.


සැ.යු:- කලින් ලිපි වලදි ඉල්ලුවා මෙන්ම මේ ගැන වැරදි අඩුපාඩු සහ තමන් දන්න කියන තොරතුරුද එකතු කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඡායාරූප වල ඇති අඩුපාඩු ගැනත් සමා වෙන්න හා පැටික්කි තාම පුංචි එකීනේ.

තව එක ලිපියකින් අනුරාධපුර චාරිකාව ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. පොළොන්නරුව ගැන ටිකක් ඉඳලම ලියමු නේද???? කස්ටිය මොකද කියන්නේ?????

Wednesday, December 15, 2010

හා පැටික්කිට උදව්වක් ඕන වෙලාලු.............



උදව්වක් ඕනවෙලාලු????? "ලු" මොකක්ද ඕනවෙලා.......
කෝ බලන්න හා පැටික්කි හොඳින් හොඳින්....... අනේ ඉතින් අතුරු ආන්තරාවක් එහෙම නෙමෙයි ඕන්.... හාවිට ආයෙමත් නිදහසේ පැන පැන යන්න කට්ටියගෙන් උදව්වක් ඉල්ලන්නයි ආවේ....... ඔව් ඔව් උක්කුන් මගේ කකුල් 4ම ඇවිදින්න බැරි වෙන විදියට සහනාධාරේ කපලා දැම්මනේ...... පස්සේ ඉතින් මම මේ එන්නේ උක්කුන් ගෙදර නැති වෙලේනේ........
අභාගේ ප්‍රථිඵල ආවම මට කකුල් හතරක් කැරට් බෙද බෙද පැන පැන යන්න අරන් ඕන කියලා මම අම්මට කියලා තිබුනේ. රිසල්ස් බලපු කෙනාගේ හොඳ කමද මංදා රිසල්ස් හොඳ උනානේ..... (බලපු කෙනාගේ වාසනාව.... ) ඉතින් ඉල්ලීම අනුව කකුල් හතරක් ලැබෙන්නයි යන්නේ........
කෝ කට්ටියගේ මොළේ කොලොප්පන් වගේද????
මං මේ කිව්වේ අම්මා මට ජංජාල සම්බන්ධතාවක් ඒ කිව්වේ දන්න සිංහලෙන් ක්‍රිස්මස් එකට ඩිං ඩොං බෙල් ඩොංගලයක් අරන් දෙන්නම් කිව් එක ගැන අනේ. ලොකු දෙයක් නෙමෙයි....... හැබැයි මට ලො කූ............. දෙයක්. කොච්චර අමාරුවෙන්ද මේ ඉන්නේ....... :'( :'(

කවුද කවුද අර පම්පෝරි නැතුව කාරණාව කියන්න කිව්වේ???? (හැබෑව තමා හා පැටික්කි වෙනදට වඩා හෙන පම්පෝරියක් කියවලනේ. කවුද මට ඒක පුරුදු කරේ???? )
දැන් කාරණාව මෙහෙමයි....... ජංජාල සම්බන්ධතාවක් අරන් දෙන්නම් කිව්වට ගන්න හොඳ සම්බන්ධතාවක් ගැන අදහසක් නෑ මේ අහිංසක හාවිට......... ගිය පාරත් බිල වැඩිවෙලානේ උක්කුන් බෙල්ලෙන්ම අල්ලලා විසික් කරේ. ඉතින් මෙදා පාර බෙල්ල කඩාගෙන කකුල් කඩාගෙන වින්නැහියක් නොවෙන්න සහෝදර සහෝදරියන්ගෙන් උපදෙස් පතන්න තමා මේක ලියන්නේ. මං දන්නවා මට කට්ටි උදව් කරනවා..... (නැතත් එහෙම කියන්න එපැයි...... ;) )

තම තමන් භාවිතා කරන නිසා ඉතින් ඔය දේවල් ගැන ඇක්ස් පීරියන්ස් ඇතුවම හොඳට දන්නවනේ. අනේ ඒ නිසා හා පැටීට උදව්වක් වශයෙන් මේ ගැන දන්න දේවල් සහ හොඳයි කියලා හිතන ජංජාල සම්බන්ධතා ගැන අදහස් කියන්න ආ නෑ ලියන්න කියලා ඉල්ලනවා...........

බෝම ඉස්තූතියි එහෙනම් සමුළුවට සහභාගී උනාට. ඌප්ස් සොරි මං මේ කිව්වේ ලිපිය කියෙව්වට..... :D :D

Tuesday, December 14, 2010

තවමත්........


පිණි පිපුනු
රාත්‍රිය
කඳුළු නෙත් මායිමේ
තනියට
පිණි වියැකුණද
හිරු දැක
කඳුළු තවමත් හිදියි
තනියට
ඔබ නිසාවෙන් මා
සිත් රිදුනු වග‍
ඔබ නොදනමුත්
සිතේ දුක සඟවාන
රිදුම් දෙන හදවතින්

තවමත්

මඟ බලමි
මම

Friday, December 10, 2010

ඉතින් කෝමද අභාගේ????



පෝස්ට් එකක් ලියන්න උවමනාව හොඳටම තිබුනත් ලියන්න තරම් සැනසීමක් නැති නිසා නොලිය උන්නේ. ඒත් ඉතින් කට්ටිය වෙනුවෙන් එකම ලිපියක් වත් නොලිව්වොත් මං නරක හා පැටියා වෙනවනේ. මුල අමතක කරලා කොහොමද........ දැන් ඉතින් මොකටද මේ හා පැටික්කි සැරසෙන්නේ කියලා ගොඩක් අය දන්නවා. ඔව් ඔව් ඒකට තමා. මට කියන්න දෙයක් අක්කණ්ඩිය ඉතුරු කලේ නෑනේ. මං කියන පරක්කුවට බස් එකේ දාලා ඉවරයි........

ඔව් ඉතින් අභාගේ අභාගේ කිය කිය හිටි එක ගැන තමා මේ කියන්නේ. හා පැටියා ගැන ගුරුවරු හිතන් හිටියට වඩා අඩුවෙන් උනත් ඉතින් හොඳට පාස් උනානේ. බයෝ වලටයි කෙමෙස්ට්‍රි වලටයි ඒ අකුරුත් පණ බයෙන් උන්නු පිකිස් වලට බී අකුරකුත් ගත්තාලුනේ. මව් බාසාව නම් ලීවේ නෑ කියලා කලින්ම කිව්වනේ මම. දිස්තිරික්කෙන් 70 වෙනියා (ඉස්තිරික්ක කරලා ගන්න වටිනවානේ???). යන්න ලැබෙන්නේ මොනවටද කියලා නම් තාම කියන්න දන්නෑ. විස්තර කීවා වැඩිද මංදා...... ඔය ඇති නැත්තම් මං ඉවරයි........ (දැනටත් ටිකක් ඉවරයි.... )

ඉතින් උඩදාගෙන ඕක ලියන්නද මේ ලිපියක් ලිව්වේ.
මොකද මොකද හා පැටියට බනින්නේ..... මං ආවේ පුරාජේරුව කියලා යන්න නෙමෙයි. මේ වෙනුවෙන් මගේ දෙමව්පියන්ට ගූරුවරුන්ට වගේම මගේ සහෝදර සහෝදරියන්ටත් ස්තූති කරන්න. මුලින්ම ඉතින් මාව උනන්දු කරපු ඔය හැමෝටම බොහෝම ස්තූතියි.

ඒ අතරිනුත් මාව දැක්ක දැක්ක තැන අම්මට කියනවා කියලා සැර දම දම එළවපු බිඟුවා අයියා ,එතකොට ඇයි මට එයා හරි සැරයි කියලා පවර් රැස්පොට් පෙන්නපු මගේ පොඩ්ඩා , ඒ වගේම බනියයි , හිඟන්නා මලයයි (බලන් ගියාම මං බැනුම් දෙවනියට වැඩිපුරම අහලා තියෙන්නේ මේ තුන් දෙනාගෙන් ) , එතකොට මං ගැන හොයලා බලපු නිශාචරයා අයියා (මේ දවස් වල පේන් නෑ මොකද මංදා),ඒ වගේම පිකිස් ගොඩදාගන්නත් උදව් කරපු අපේ හෙළයා අයියා , ලැබුන ඇසිල්ලෙන් ඇවිත් මාව බලල දුක සැප වැඩ ගැන අහපු රවා අයියා , ඇයි හා නඟාව මයික්‍රොසොෆ්ට් කරපු අපේ සන්සරසිඳු අයියා , ඒ වගේම පස්සෙන්ම හිටපු නිමන්ති අක්කි .

එතකොට කාලෙකින් දැක්කෙ නැති චන්දික අයියා , දුකට සැපට හොයලා පාඩම් කරනවද හොයලා බලපු මාරයා අයියා , ඇයි එයාගේ විභාගෙත් තියාගෙන මා ගැනත් හොයලා බලපු සමනලී අක්කි (මේ දවස් වල කකුළක් උයියන් කරගෙනලුනේ ඉක්මනටම සනීප වෙන්න), ඇයි ජීවිතේ මල් මල් කරන්න දිරිය දීපු දිල් අක්කි , එතකොට ඒබීසීඩී ප්‍රියන්ත අයියා ආ වැරදුනා ඒබී විතරයි , හැමදැමත් නොවරදවාම මාව බලන්න එන ප්‍රසන්න අයියා , ඇයි තව කැන්ඩි ......

හෝව් හෝව් තව ඉන්නවා කොච්චර මහන්සි උනත් කියන්නම ඕන හැමෝම ගැන.
පුරු පුරු අයියා ඇතුලු බ්ලොග් ගඩොල් පූස් අයියලා ටික, මැරතන් එකේ වතුර ගහන්න ගිහින් හමු වුන මා ගැන හොයලා බලන මගේ හසියා අයියා , හසිත , හසී අක්කියා ඇතුළු අපේ හසී ෆැමළි එකම, ජයම කටේ තියන වැම්පයර් අයියායි , පිස්සා අයියයි , ඇයි මාව බ්ලොග් අවකාශෙට පිළිගත්ත මකරා අයියා , ලද ඇසිල්ලෙන් ආවා ගියා වන අන්ශ් අක්කා , හැමෝවම බලන්න යන හේමලයා අයියා , තව කොච්චරක් කියලද වත් අක්කි , විහඟි අක්කි (කාලෙකින් දැක්කේ නෑ) කඳුළු බිඳුවේ ජනී , මම , නඳුන් පික්සු බස් ජුන්ඩා , දුකා අයියා එතකොට අපේ පප්පා ආ නෑ පුබ්බා , එකී මෙකී නොකී සියළුම දෙනා හැමෝටම බොහෝමත්ම ස්තූතියි.........

පිස්සුද නැගිට්ටේ කොහේ යන්නද???? ඉවරයි කිව්වට ඉවර නෑ තව ඉන්නවා..... පැන්ඩා අයියා පැන්ඩි අක්කියි, එතකොට කාංචන අයියණ්ඩි බුබුලු පබලු අක්කණ්ඩි , ළමයා මල්ලි , ටික ටික හිනා ගස්සන අභීත අයියා , පසන් අයියා , නිපුන අයියා , වැප් අයියා , ඉළංදාරියා අයියා , පීටර් අයියා ............. ඉවරයක් නෑ මේ බ්ලොග් අවකාශේ හැමෝටම බොහොමත්ම ස්තූතියි......

කවුරුවත් අඩු උනා නම් සමාවෙන්න හාවි ඉතින් හැකි උපරිමෙන් මතක් කර කර ලිව්වේ. අමතක උන නමක් එහෙම තියනවනම් යන්න කලින් ලියලා යන්නත් අමතක කරන්න එපා....... කට්ටියම පාන් වාටි ඉල්ලුවට ඒවා දෙන්න බැරි නිසා ඔන්න කේක් කෑල්ලක් කාලා යන්න.


නොවැලැක්විය හැකි හේතූන් නිසා මෙදාපාර බඩජහරි අයට වෙනම කේක් එකක් ආ මෙන්න. කෝ මගේ පොඩ්ඩයි ලොකු අයියයි ඔන්න මෙන්නෝ....... හිඟන්නටයි බනියටයිත් තියන්නෝ.......

එහෙනම් ඉතින් මගේ කතාව මින් අවසානයි කියවපු සැමට ඉස්තූතියි. පහළ කොටුවෙන් අකුරු ටිකක් දීලා යන්නකෝ වෙනදා වගේම.

සැ.යු- මෙච්චර කරලත් තාම නෙට් සහනාධාරේ ලැබුන්නෑනේ මට....... තාමත් හොර ගමන් තමා....... දුක තමා කිව්වලු.

Tuesday, November 23, 2010

ඉතින් චාටර් උනාලුද?????



"ඇයි ය‍කෝ සීනි ඇට‍දෙකක් සයිස් උන අපි ‍‍පොඩ්ඩක් කකුළ කෑවම ‍බෙරිහන් ‍‍‍දෙන් ‍නේ හරියට නයි කෑව ව‍ගේ‍නේ ‍මේ මිනිස්සු....."

මම ගමන පටන් ගත්‍ ‍තේ ඔතනින් කට්ටියත් එකතු කරන්..........

"එ‍හෙම තමයි අපි ‍පොඩි උනාට පවර් එක......."


"ඉතින් හිච්‍ ‍චෝ උඹ කො‍හෙද දැන් ‍මේ අපිවත් එක්කන් යන් ‍නේ???"


"ඒක‍නේ බන් උඹ අපිට යමු කිව්වට ආවට ‍කො‍‍හේ එක්කන් යනවද කිව්‍වෙත් නැ........"


ප්‍රශ්න ‍කෝටියයි......
කට්ටියට හදිස්සියට යන තැන කියන්නත් අමතක උනා මට....... කට්ටි‍ය‍ගේ ව‍දේට මම ටිකක් ගණන් උස්සලම කියන්න ගත්තා.......

"මං අර යකා කෑ ගහපු සද් ‍දෙට බය ‍වෙලා එ‍හේ ‍මෙ‍හේ දුවලා යන්න එන්න තැන් ‍හොයද්දි මට හම්බුනා ආයි නෑ........"

"මතක් ‍වෙන‍කොටත් නිකන් නලියනවා නලියනවා......."


"හැබෑටම හිච්‍චා ‍මොනවද බන්?????"
ඇට්ටියා තමා එ‍හෙම ඇහු‍වේ......

"‍වෙන ‍මොනවද........"

"පෑණි ‍බේ‍රෙන රස වෑ‍හෙන...ම්ම්ම්ම්ම්ම්......"

මමත් ආයි නෑ කියලා දැම්මා කට්ටිය‍ගේ ඇස් ඔළු‍වේ වදින්නම.......

"හරි හරි ‍මොනවද කියපන්‍ ‍‍කෝ අ‍ගේ ‍නොකර......ඕක‍නේ බැරි...... අ‍පේ ජාති‍යේ හැ‍මොම එකයි......
කෑමක් දැක්කම කෑම එක ළගට යනකම් වර්ණනාව විතරයි............"

"ෂිහ් විතරක්........"

එ‍හෙම කී‍වේ ‍මෙ‍ලෝ සිහියක් නැතුව හිටි නසරාණියා.

කට්ටියම කෑම ගැන දැනගන්න ම‍ගේ කතාව කන් දී‍ගෙන අහ‍ගෙනම තමා ආ‍වේ ‍පෝලි‍මේ.......
මට ඇ‍හෙනවා මං කියන ඒවා තව කවුරු හරි මැදින් ‍කෙ‍නෙක් පිටිපස්සට ඇ‍හෙන්න කියනවා.....

"හරි හරි තව ටික දුරයි........ ගිහිල්ලම බලමු එ‍හෙනම්........."
මම ටිකක් අ‍ගේ කරන්නම හිතන් කිව්වා.

"අ‍නේ හිච්‍චා ම‍‍ලේ අ‍ගේ ‍නොකර කියහන් ‍කෝ......."


"හරි හරි මම එ‍හේ ‍මෙ‍හේ දුවද්දි.........."


"හරි බන් උඹ කලිනුත් ඕක කිව්ව‍නේ......"


"ඕක‍නේ බැරි පනිනවා‍නේ මැදින්......."
මමත් ටිකක් ‍පොර ‍ටෝක දුන්නා.....
මම නැතුව ඕක ‍හොයා ගන්න බෑ‍නේ කට්ටියට....... ඒ නිසා.....

"සූටි‍යෝ ටිකක් කට වහන් ඉදින්කෝ......."


"හා හා ඕන් මම නෑ කතා කරන් ‍නේ ඉතින් කියන්න‍කෝ..........."
කට්ටියම පිස්සු වැටිලා....

"මම දැක්කා රස වෑ‍හෙන පැණි ‍බේ‍රෙන ‍‍කේක් කෑලල්ලක්......."
කට්ටියම ‍කෙළ උනන කටවල් පිහිද ගත්තා..... මම දැක්කා...
කාටද ආඩම්බර...... හිහ්.........

"අම්මපා........ "
ඒ ඇස් ‍දොඹ ‍ගෙඩි විතර කර ගත්තු සුට්ටියා.
"හිච්‍ ‍චෝ ඕක ‍කොච්චර විතර ඇතිද දැන්???????"


"මට රවුමක් යන්ට සෑ‍හෙන ‍වෙලාවක් ගත්තා........"
මම මට පුළුවන් හැටියට කියලා දැම්මා.....

"හරි හරි තව දුරයිද ඔතන්ට??????"

නා‍හෙට නාහන නසරාණියට හදිස්සියමයි......

"නෑ නෑ තව ටිකයි...... දැන්‍ ‍පේන මා‍නේ......."
"කට්ටියට ලෑස්ති ‍වෙන්න කියන්න‍කෝ.........."


"ඔන්න තව ටිකයි......"
"හරි ආවා........"

‍"කෝ හිච් ‍චෝ ‍කේක්?????"


මිල්ක් ෆාදර්ට ‍ස්කූබි ‍කොටපි කිව්වලු........ හත් ‍දෙයිය‍නේ ම‍ගේ නම්බුව.........

"මාත් ඒක තමා බැලු‍වේ......."
"‍මෙතනමයි තිබු‍නේ....." "අර ඉන්‍ ‍නේ ‍බෙරිහන් දීපු එකා හිනා ‍වෙවී.........."

උ‍ගේ ‍නෝන්ඩි බැල්ම දැක්කම ම‍ගේ ග‍‍ඟේ මාළු ඇ‍‍ගේ නැටුවා......... අම්මපා ඒ මූණ තඩිස්සි ‍වෙන්නම ගිහින් විකලා එන තරමට තරහයි.........

"අ‍නේ මංදා........ ‍මෙතන තිබු‍නේ........"
මාත් ඉතින් ලැජ්ජා‍වෙන් උනත් කිව්වා........

"හරි හරි බන් හිතා ගතහැකි අමනුස්ස මිනිස්සු......."

ඒ අ‍පේ ‍ලොකු අයියා...... ජුන්ඩා........
අපිට වඩා ‍ගෙඩක් ‍දේවල් දන්නවා එයා....... තාත්තා එක්කම ඉඳලා තමා එයා ඕවා දන් ‍නේ......... එයා අපිටත් පුලු පුලුවන් ‍වෙලාවට ඒවා කියලා ‍දෙනවා.......

"උන් හිතන් ඇති උන් ‍ගේ වරි‍ගේ උන් ව‍ගේ අපිත් කාට හරි වැරදුනාම ඒකට හිනා ‍වෙලා චාටර් කරයි කියලා....."

"අපිට උන්ට වඩා එකමුතුවක් තියන බව දන්නෑ ඔය මිනිස්සු........"

‍‍"තමන් ‍ගේම කෙ‍නෙක්ට වැරදුනම සතුටු ‍වෙන ‍කෙ‍නෙක්ව රවටලා සතුටු ‍වෙන එක ඔය අමනුස්ස මිනිස්සු ළඟ තිබුනට අපි ළඟ නැති බව දන්නැ ඔය කට්ටිය........"

"මිනිස්සු කිව්වට අපිටත් වඩා පහත් හැඟීම් ඔය මිනිස්සු ළඟ ති‍යෙන්‍ ‍නේ හිච්‍ ‍චෝ.......
ඔය ගැන තැ‍වෙන්න ඕන නෑ........."


මං ‍හෙමින් සැ‍රේ ඔළුව උස්සලා බැලු‍වේ මං එක්කන් ආපු අනිත් අය දිහා...... ඒ ‍මේ ව‍ගේ ‍දෙයක් මට උන, මං ඉන්න තැනක උන පළ‍වෙනි පාර නිසා හි‍තේ සැ‍කේට........ අයියා කිව්වට අනිත් අය හිනා ‍වෙන්වද බලන්න......
හරිම පුදුමයි එක් ‍කෙ‍නෙක්වත් හිනා ‍වෙන්නෑ...... හැ‍මෝ‍ගෙම තිබු‍නේ මිනිස්සු ඔ‍හොම තමා කියන බැල්මක්.........


මට අපි ගෑන ආඩම්බර හිතුනා...... ඒ ව‍ගේම අර මට ‍නෝන්ඩි හිනාවක් දාන් හිටි එකා ගැන දුකත් හිතුනා..........
පව්..... ඒකාට සතුටු නම් ඕන ‍දෙයක් හිතා ගත්තුවා‍වේ.......... මං එ‍හෙම හිතුවා.

"හිච්චා අපි යමු....... කට්ටියම යමු එ‍හෙනම්........."
"හැ‍රෙන්න....... හැ‍රෙන්න....."

අපි කට්ටියම තව තැනක් බලන්න හැරිලා ආවා......

හ්ම්...... ඕන් ඔ‍හොමයි එදා කතාව.......

චාටර් උන කූඹියා‍ගේ කතා‍වේ ඉතිරි ටික කූඹියා‍ගේ අසා දැන ගත් පරිදි ‍මෙ‍සේ ලී‍වෙමි.......


සැ.යු -

‍මෙය සිතට පැමිණි අදහසක් අනුව ලියූවක් පමණි. චාටර් උන කූඹියා‍ දිහා ‍වෙනත්ම පැත්තකින් බලන්න හිතුනට ලියු‍වේ.

‍මෙහි එන ජුන්ඩා බස් ජුන්ඩා ‍නො‍වේ...... :P :P :P :P

Wednesday, November 17, 2010

තනි කකුළෙන් ඉන්න උනාම.........






හා පැටික්කිට නෙට් සහනාධාරේ ආයෙමත් ලැබිලද???? මොකද කට්ටියගේ කසුකුසුව..... නෑ නෑ එහෙම නෙමෙයි..... ඊයේ රෑ හා පැටික්කිට යම් දෙයක් නිසා හිතට ආපු දෙයක් ගැන ලියන්න හිතුනා.
උක්කුනුත් ගෙදර නැති නිසා ලියන්න ගත්තා. කට්ටිය බලනවා ඇති දැන් මේ මොකක්ද හා පැටික්කිගේ කකුළ් කතාව කියලා...... නෑ නෑ කුකුල් කතාවක් නෙමෙයි......
කට්ටියට කකුළ් කීයක් තියද???? කියනවා එහෙම නෙමෙයි ඔන්න මට නේ 4 කියලා...... :@ හා හා දැන් ඇති කෙලින්ම ආපු කාරණාවට.

ම්ම්ම් කාරණාව මේකයි මේ අඳුරන නාඳුනන අපි හැමෝම මිනිස්සු විදියට දුක් වෙනවා පසුතැවෙනවා......
හිතලා බලන්න ඒ මොනවා නිසාද කියලා. අපි ගොඩක් දෙනෙක් (ඒ කිව්වේ මාත් ඇතුළුව) වැඩි පුරම ඒ විදියට දුක් වෙන්නේ මොනවා ගැන හිතලද???? හොඳට හිතන්න...... මොනවා නිසාද???? ඔව් ඔව් ඔය කියන්නේ...... වෙන මොනවද අපිට මේ ජීවිතේදි නොලැබුන දේවල් ගැන. ඒක එහෙම නෙමෙයිද??? හිතට එකඟව හිතලා බලන්න....


අපි දුක් වෙන ඒ අපිට නොලැබුන දේවල් ඒ ඒ පුද්ගලයා අනුව ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒත් පොදුවේ ගත්තොත් අපි හැමෝම අපිට නොලැබුන බොහෝ ප්‍රථිඵල ගැන (ඒ මේ දවස්වල ඇහුනමත් බය වචනේ නොවැ හාවිට... ) ඒ වගේම රැකියාවෙදි නොලැබුන දේවල් ගැන. සමහරවිට විට අපේ නෑදෑයන් මිතුරන්ගෙන් නොලැබුන දේවල් ගැන. ඒ වගේම බොහෝ දෙනෙක් නොලැබුන ආදරය ගැන නොලැබුන ඔහු/ඇය ගැන පසු තැවෙනවා.

ඒත් හිතලා බලන්න මොහොතකටවත් අපි අපිට ලැබෙන ලැබුන දේවල් ගැන හිතනවද කියලා???? හිතුවත් ඒ ගැන හිතන්නේ කොච්චර සීමිත දෙනෙක්ද??? අපි ලඟ අපි ලද දේවල් කොතරම් තිබුනත් අපි හැමදාමත් කරන්නේ අනේ අපිට අරක තිබුනනම්‍ මට මේක ලැබුනනම් කියලා හිතන එක නේද??? ඒ වගේම අපිට අරදේ ලබන්න වාසනාව නෑ මේදේ ලබන්න වාසනාව නෑ කියලා නේද????

ඒත් අපි ලඟ තිබෙන දේවල් අපි ලබපු දේවල් ගැන හිතුවනම්. අපිට දැනෙයි අපි කොයි තරම් වාසනාවන්තද කියලා..... සමහර විට අපි නොලැබුනා කියලා පසුතැවෙන දේටත් වඩා වටින දේවල් අපි ලබල තියනවා. ඇයි අපි ඒ ගැන හිතන්නැත්තේ???? ඒ වගේම නොලද දේවල් ගැන දුක් වෙත්දි අපි ලබා තිබෙන දේත් අපෙන් ඈතට යන්න පුළුවන්. අපිට ඒතකොට ඒ ලඟ තිබුන දේ වටිනාකම දැනෙනවා එතකොට අපිට දේ රැක ගන්න බැරි වීම ගැනත් හිත හිත දුක් වෙනවා. ඒත් අපි නොලැබුන දේවල් ගැන හිත හිත පසුතැවිලි උන කාලයේදි අපි ලඟ තිබුන දේවල් ගැන හිතලා ඒ දේවල් අපෙන් ඈතට නොයන විදියට කටයුතු කලා නම්????? ඔව් එහෙම කලා නම්.........

හ්ම් ටිකක් තනියමම හිතන්න. අපේ ජීවිත වල අපිට නොලද දේවල් ගැන හිතලා පසුතැවිලා අපේ ජීවිතේ ලද දේත් අපිට නැති කර ගන්නවද කියලා හිතන්න...... මොකද මිනිස්සු උන අපිට තනි කකුළෙන් ඉන්න උත්සාහ කරත්දි තමා අපිට කකුළ් දෙකක් තිබෙන එකේ වටිනාකම දැනෙන්නේ...... ඒ වගේ ලඟ තිබුන දේ වටිනාකම දැනෙන්නේ ඒ දේ කවදහරි අපෙන් ඈත් උනාම.

ඉතින් නොලද දේවල් ගැන හිතලා ලඟ තිබෙන දේත් නැති කරන් දුක් වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න........
.


Tuesday, November 2, 2010

ඔබට පෙම් කරන පෙම්වතිය මම........



උදා හිරු කිරණ ලොව
මුදුව සෙනෙහසින් සිප
මල් කැකුළු නෙතු විවර වන සඳ
මා සිතට නිතැතින්ම එන ඔබ........

ළබැඳි මා මිතුර වී ළඟින් සිට
සිත පෙලන පාළුවට
ළං නොවන්නට මා සිතට
මා හා නිබඳ සිටි ඔබ....

මාද නොසිතූ ලෙසක
මා සිත සොරා ගත් ඔබට
ඔබද නොපැතූ තරම්
පෙම් බඳින්නෙමි අසීමිත ලෙස.....

ඉතින් මා පෙම්වතියක්........

මා හැරදා නොයන
"තනිකමට"
අසීමිත ලෙස පෙම් බඳින
පෙමිවතිය මම....



සැ.යු
මෙය හොරෙන් පැමිණි ගමනකි... (කාටවත් කියන්න එපා ඕන්... ) කලින් කමෙන්ට් වලට පිළිතුරු නොදැමීම ගැන සමාවෙන්න......

Sunday, October 17, 2010

මගේම ඔබ.........



දුර තියාම මාදුටු ඇය මුහුණ රකුසු කර ගන්නට දරන වෑයම මම දුටිමි. ඇයට 8ට පැමිණෙන බවට ඊයේ පැවසුවද මදක් ප්‍රමාද වූයේ උදේ නින්ද ගිය බැවිනි.
ඇගේ ආරූඩ කර ගත් නපුරු මුහුණ දුටු වන මට සිනා ආවද එය ආයාසයෙන් මැඩ ගත්තෙම්.
“යුශ්මතා කිමැද පමාවට කාරණාව......"

“අවසර දේවියනි......"
පශ්චාත් භාගයට රවි මාමණ්ඩිය තට්ටු කිරීමට පමා විය.......

ඇයට තද කරගෙන සිටීමට අපහසු වූ සිනහව ඇයටත් නොදැනීම මුවින් ගිලිහුනි. සිනහවෙන් පිරුණු ඇගේ මුහුණ දෙස මා වඩාත් ආසාවෙන් බලා සිටියෙමි. උදේම දුටු ඇයගේ සුනුදර මුව පුරා ඇඳුණු සිනහව මාගේ දවස තවත් ප්‍රබෝධමත් කරන්නක් විය.

හිටිවනම ඇයට යමක් මතක් වූවාක් මෙන් කලබලෙන් වටපිට බැලීය.

“ නිසල මම හයියෙන් හිනා උනානේ......"

නැවතත් බිය වූ මුවැත්තියක මෙන් වටපිට බැලූ ඇය මාදෙස නොරුස්සන සුලු බැල්මක් මවා පෑවාය.

“ හරි නරකයි ඔයා මට කිව්වෙත් නෑ........"

මම දිව දික් කර ඇයට ඇද කලෙමි.. ඇය මදක් උස් හඬින් සිනාසුනද මා එය නොකීවේ මා ඇගේ සිනහව රිසිසේ විදීමට ආස කල නිසාවෙනි.

“කොහෙද ඉතින් උදේ පාන්දර කිව්වේ පමාවට ලස්සන කාරණාවක්......."
ඇය නෝක්කාඩු ස්වරයෙන් විහිළුවට කීයමින්ම ඇගේ අත මිට මොලවා සිහින් පහරක් මාගේ වම් බාහුවට ගසා නැවතත් සිනහ විය.

“හ්ම් ඒකට කමක් නෑ අද යුශ්මතාට දඬුවමක් තියනවා...."
ඇය කටහඬ මදක් බර කර පැවසුවාය.

“කිමෙක්ද දේවියනි...."
මම ඇසක් වසමින්ම ඇසීමි.

ඇය මට ඈ ළඟින් වාඩි වන ලෙස සන් කලාය. මම සෙමෙන් ඇය අසලින් වාඩි උනෙමි. මාගේ වම් බාහුවට හේත්තු වූ ඇය
“ම්ම්ම්ම්ම් වැඩිය ලොකු ඒවා කියන්න ලෝබයි....."

“ම්ම්ම් මගේ ඔළුව අත ගාන්නකෝ......"
සුරතල් ළදැරියකගේ මෙන් ඇගේ දිදුළන දෙනෙත් දෙස මදවේලාවක් බලා උන් මා ඇගේ නාසයෙන් අල්ලා මදක් මිරිකුවෙමි.

“නාකි හුරතලේ....."
මම ඇයට පවසමින්ම මට හේත්තු වී උන් ඇගේ හිස සෙමෙන් පිරිමැද්දෙමි.

“නිසල"
මම ගැස්සී ගියෙමි

“ අපි යමුද දැන් කළුවර වැටීගෙනත් එනවා...."

මම පියවි සිහියට පැමිණියෙමි. හිතෙහි වූ හිස් බව මුදා හරින්නට මෙන් මම දිග සුසුමක් හෙලුවෙමි.
“අපි යමු දැන්...."
මාගේ සහෝදරයෙකු සම වූ සහන් නැවතත් කටහඬ අවදිකරවීය.
මම අවසන් වතාවට නැවතත් ඇය දෙස බැලුවෙමි. ඇය තවමත් මා දෙස බලා සිටිනු මට දැනුනි.
නැවතත් මාගේ දෑසට මට නොදැනීම කඳුළු පිරුණි. ඇය හුරතල් වන්නට නැවතත් මා ළඟට නොඑන්නටම ගියාය....... මට විටක මවක මෙන් සැර වූ ඇය විටක සොයුරියක මෙන් ළඟ වූ ඇය මාගේ පුංචි කුමාරිය දෙවියන් මාගෙන් උඳුරා ගත්තේ සියල්ලට සොරාය. හදිස්සියේ දරුණු හිස කැක්කුමක් සෑදුනු ඇය රෝහල් ගත කල පසු අප සියල්ලන්ටම රහසේ අපව හැර ගියාය. වෛද්‍ය වාර්ථාවේ සඳහන්වූයේ ඇයට මොළයෙහි රුධිර කැටියක් සිර වීම නිසා ඇය මෙලෙස අප හැර ගිය බවය.

නැවතත් මා දිග සුසුමක් පිට කලෙමි........

“මං අහල තිබුනා හොඳ හිත් තියන අයව දෙවියෝ ඉක්මනටම ළඟට ගන්න බව..... ඒත් මගේ පුංචි කුමාරිවත්........."
මම හැඬුමක් සමඟම මාගේ බිඳුණු කටහඬින් ළඟ උන් සහන්ට මිමිණීමි.
මාදෙස බලා උන් සහන් නිහඬවම මා අසලට පැමිණ මේ සැදෑවේ ඇය නිදිගත් සොහොන ළඟින් මා නැගිටුවා ගත්තේය.

නැවත වරක් කඳුළු පිරි දෙනෙතින් මගේ පුංචි කුමාරිය දෙස බැලූ මා අඳුර ගලාගෙන ආ පාළු නිසසල මාවත ඔස්සේ සොහොන් මැදින් ඇවිද ගියෙමි..........
ඉඩොරයට වට එකම
පිණි වැස්සසේ....
මා දිවියට පැමිණි
ඔබ......
රළු සුළඟ හමා විත්
වැහි වළා ගෙන ගියාසේ....
මගෙන් ඈතට ගිය
ඔබ......
මා දිවිය නතර කර සැනෙන්
ගතින් සඳහට ගියද.....
සිතින් මා ළඟය
ඔබ.....

...............................................................................................................................................................

සැ යු -
ප ලි නෙමෙයි...... :P උක්කුන් බොරු චෝදනා යටතේ නඩු දැමීම නිසා නෙට් සහනාධාරය ප්‍රතික්ෂේප කරන ලදී........ හා පැටික්කිට ඉතින් ආයේ කවදා එන්න වෙයිද දන්නෑ..... එතකම් මතක තියේවිනේ කට්ටියට මාව........
යන්නම්...... ආයේ පුලුවන් උන දිනක එන්නම්........ :D :D :D :D එතකම් හා පැටික්කිට කාවවත් බලන්නවත් එන්න වෙන්නෑ...... ඒ ගැන ඉතින් සමාවෙන්න......

Wednesday, October 6, 2010

අද දිනේ කවද්ද???? මතකද???? බලන්න මතකය හරිද කියලා........



මේ මාසේ පටන් ගත්තෙම කට්ටිය අපේ දිනේ සමරමු කියාගෙන..... හා පැටික්කිටත් ඉතින් 18‍ පහුවෙලා හෙන කාලයක් නැති අවුරුදු 3ක විතර පුංචි කාලයක් නිසා ඉතින් සැමරුමට එකතු උනා........ බබාලා වගේ සමරපු ඔක්කොම ඉතින් 18 පහු උන අයනේ............

දැන් බලනව ඇති හා පැටික්කි මේ මොකක් කියන්නද එන්න හදන්නේ කියලා....... මේ අපි දින වෙන් කරන් සමරන හැම දෙයක්ම දින නියමයක් නැති සංකේතාත්මකව දිනයක් යොදා ගත්තත් ඒ බොහෝමයක් සැමරුම් අපි හැමදාමත් භක්තියෙන් කල යුතු දේවල්...... ඕන් ඉතින් කට්ටියකගේ ස්ටාටර් හරි ගිහින් බල්බ් එක පත්තු වෙනවා...... ඔව් ඔව් ඒ ගැන තමා ලියන්න හිතුවේ අද.......

කවුරුත් ‍ ගෙදර අය නෑයන් (වේයන්ද ඇතුලත්ව) ඇසුරේ ඉඳලා ඉස්ඉස්සෙල්ලම පාසල්/ පෙර පාසල් ගිය දවස මතකද?????
ගොඩක් අයට අමතකම නොවන දෙයක් තමා එදාට මුහුණ පිරෙන්න ලස්සනට හිනා වෙලා කතා කරන ඇය.......
අපි හැමොගෙම ජීවිත වලට දෙමව්පියන්ට පස්සේ බෙහෙවින්ම ළං වෙන ඔවුන් ගැන පුංචි දෙයක් ලියන්න ආවේ....... කෝ අනිත් අයටත් මතක් උනාද????

ඊයේ ලෝක ගුරු දිනේ..... ලංකාවේ ඒක සමරන්නේ අද...... ඒ කියන්නේ ලංකාවේ අපිට ගුරු දිනේ යෙදෙන්නේ ඔක්තොබර් 6 වෙනිදට........ මං කලිනුත් කිව්වා වගේ අපි දින යොදාගෙන සැමරුවත් අපි සැමදාම වගේ බොහොම ආදරෙන් ගුරුමව්පියන් වෙනුවෙන් ඉන්නවා......

මිහිපිට දෙවිවරු ලෙස දෙමව්පියන් වගේම ඒ තරමටම අපිට සමීප ගුරු මව්පිය වරු ගැන පුංචි ලිපියකින් කියන්න බැරි තරම් මතකයන් අපි හැමෝම ළඟ තියනවා........

ඔවුන් අපි වෙනුවෙන් කරන බොහෝ කැපකිරීම් අපිට බොහෝවිට නොපෙනුනත් අපේ දෙමව්පියන් තරමටම අපට හදවතට ළං වෙලා අපි ගැන හොයනවා........
පාසලේ දිනකට විනාඩි 45ක් වැනි ඉතා කෙටි කාලයක් තුල හමුවෙලා එකට ඉන්නව උනත් අපිට ඔවුන් ළං වෙලා......... ඇතැම් විටක ගෙදර වෙන පුංචිදේ උනත් ලද සැනෙන් කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා......... අපේ හිත් වලට ඒ විදියට බොහෝමයක් ළං වුන ගුරු මාපියන් වෙනුවෙන් එක් දවසක් වෙන් කරලා උපහාර දක්වන්න අපි කිසිම කොනෙකුට බැහැ.......

ඔවුන් වෙනුවෙන් දිනයක් වෙන් කරන් උපහාර දක්වන පිරිසක් හැදෙයිද කියලත් කියන්න බෑ මේ යන තාලයට...... බොහෝමයක් ළමයි වගේම දෙමව්පියන් උනත් අද කාලේ බලන්නේ ගුරුවරයත් දෙන මුදලට අපට උගන්නනව අපි ණය නෑ කියන හැඟීමෙන්...... ඒත් ඔවුන් දෙන දැනුම උපදෙස් වගේම ඔවුන් හා බෙදා ගන්න ජීවිත අත්දැකීම් සමාජයේදි අපේ ඉඳිරි ගමනට කොච්චර වැදගත් වෙනවද කියන එක අපි මිල කරන්නේ කොහොමද....???? ඒ වගේම අපට උගන්නපු ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි හොඳ පුද්ගලයන් වෙලා සමාජයේ හොඳින් ඉන්නව දකින්නයි........ ඔවුන් ඉන් ලබන සතුට අපිට වුනත් ගුරුවරු හමු උන වෙලාවක දැනෙනවා........ එහෙම අපි ගැන හිතන ඔවුන්ව පාසල් දිවියෙන් පසුව අමතක කරන්නේ කොහොමද.......????

ඕනම කෙනෙක් සමාජයේදි යම් තැනකට පැමිණ ඉන්නවනම් ඒ හැම දෙයකටම පිටුපසින් දෙමව්පියන් වගේම සිප්සතර දුන් ගුරුවරුත් ඉන්නවා කියන එක අවිවාදයෙන්ම පිළි ගත යුත්තක්. ඒ වගේම ඒ බවක් අමතක කරලා සමාජයේ ඉන්න අය පිරිහෙන බවටත් ඕන තරම් උදාහරණ සමාජයෙන් දකින්න පුලුවන්.......

පාසලෙන් ඉවත් වූ පසුත් අපට සිප් සතර දුන් ගුරුවරුන් බලන්න අවුරුද්දකට එක දවසක් වත් යොදා ගන්න පුලුවන්නම් ඒක වටිනවා....... පාසලට එක දවසකටවත් ගිහිල්ලා ඔවුන් සමඟ කතා බහ කරලා එන්න පුලුවන්නම්......... එහෙම නැත්තම් පුලුවන් වෙලාවක් ඔවුන්ව බලන්න යන්න පුලුවන්නම්...... ඔවුන් උනත් බොහොම සතුටු වන බවට විශ්වාසයි...

හ්ම් දිග වැඩි උනාද මංදා......
ගුරු දිනය වෙනුවෙන් පුංචි ලිපියක් ලියන්නයි ඕන උනේ.......

ලිපිය අවසන් කරන්නම් මගේ මිතුරියක් ගුරු දිනයකට ලියූ පද පෙලක කොටසකින්.......

"ගුණ දම් ගොතලා ගෙලවට පළදා
යන මඟ එකලු කලා.....
නැණ මල් වනලලා දෝතට දීලා
ලෝකය සුවඳ කලා.......
ඔබෙ සිත පතලා ලොව ගොඩ නගලා
තුටු මල් පොකුරු නෙලා.........
පා යුග තබලා නමදිමි පතලා
නු‍ඹෙ සිත සතුට සදා.............."

ගුරු මව් පියණි ඔබ අප වෙනුවෙන් කල මෙහෙවර කිසිදා මිල කල නොහැකිය.......


Sunday, September 26, 2010

දඟ කරන සඳ එළිය.....



මොනවද සුදු මහත්තයෝ ඔහොම බලන් ඉන්නේ........

දොල දියේ හඬම පමණක් වූ නිහඬතාව මම බිදීමි......... ඔහුගේ මුවේ සිනහ රැල්ලක් මැවෙනු මගේ කම්මුලට දැනුනි........ වල ගැසෙන කම්මුල් මම හිතින් මවා ගත්තෙමි..........

දන්නවද....???

මම දොල දිය පහර දෙස යොමා සිටි නෙත් දෙක ඔහු වෙත යොමු කලෙමි......... පුංචි සිනා රැල්ලක් ඇඳුන මුව, දිලිසෙන නෙත් දෙක........ එය මට අම්මා එනතුරු මඟ බලා උන් දරුවකුගේ මුවෙහි අම්මා දුටුවන ඇති වන සතුට සිහි කරවීය.

මම ඔහු හඬ අවදි කරන තුරු බලා උන්නෙමි.......
ඔහුට පිටුපා වාඩි වී සිටි මාගේ බඳ වටා දෑත යැවූ ඔහු මාව ඔහුගේ පපුවට තවත් ලං කර ගත්තේය.

ඉතින් කියන්නකෝ......

ඔහු තවත් මා දෙසම බලා උන් බැවින් මා කීවෙමි......

සඳ එළිය වැටුනම ලස්සනයි.....

හ්ම්......

මම සිහින් සිනාවක් පා නැවතත් පෙරසේම ඔහුගේ පපුවට හේත්තු උනෙමි.

සඳ එළිය දඟ කරන දිය දහර දෙස ගලක් උඩ වාඩි වී නිදහසේ බලා සිටිමින් විඳීම මමත් ඔහුත් ආසම කරන්නකි..... සැබැවින්ම දඟ කරන දිය දහරේ සද එළිය මවන රටා අපේ සිත් තුලද දහසකුත් සිතුම් මවයි...... ඒවාද දඟ කරන දිය රැලි මෙන් සිත් පුරා දඟ කරයි.

මා කල්පනාවෙන් මිදුනේ ඔහුගේ මුහුණේ උණුසුම කොපුලට දැනුනු හෙයිනි. මාගේ උරහිස උඩින් මුව තියා ගත් ඔහු නැවතත් දොල දිය දෙස බලා ඉන්නා හැටි මම මැවීමි. ඔහුගේ හුස්ම මාගේ කොපුලේ වැදෙන විට කොපුලට සිහින් උණුසුමක් දැනේ.... මම දෙනෙත් පියාන එය වින්දෙමි.......

සුදු මැණිකේ.... මගේ කොපුලත සිහින් හාදුවක් තබමින්ම ඔහු හඬ අවදි කලේය.

ම්ම්ම්ම්ම්........

අහගෙනද ඉන්නේ ඔයා.....

හ්ම්..... ඔව්...... කියන්නකෝ ඉතින්..... මා තවත් ඔහුට තුරුල් උනෙමි.සිහින් හඬින් හඬ අවදි කල ඔහු දොල දියෙහි තාලය පරයමින් මාගේ සවනට ගීතයක් මුමුණන්නට විය........

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ.....
මා ඇස් පියාන නොදැනීම ඔහුගේ ගීතයට සමවැදී වින්දෙමි.....

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයී
නොවී නිදි දැහැන්......

සුදු මැණිකේ.....

මා සෙමෙන් දෑස් හැරිමි.......

නිදිද.......

ම්හු..... නෑ.....

මං හිතුවේ නිදි කියලා........
මා සිහින් මදහසක් ඔහුට පෑවෙමි.....

නින්ද යන්න තමා හැදුවේ......

ඔහුටද එයට හිනා ගියේය......

පිස්සු කෙල්ල.....
නැවතත් මා කොපුලත හිමින් සීරුවේ සිප ගත්තේය.....

කෝ මගේ රහස....... මම සෙමෙන් ඇසීමි.

මුව තව තවත් මා‍ සවනතට ලං කල ඔහු මා අහන්නට ආසම රහස සෙමෙන් කීය......

මං මගේ රත්තරන් සුදු මැණිකෙට මේ මුළු විශ්වයටත් වඩා මගේ පණටත් වඩා ආදරෙයි.........

දෑස පියාන එය විද ගත් මා මාගේ සුදු මහත්තයාගේ පපුතුරෙහිම සැඟවුනෙමි......

සඳ එළිය වැටුනු
නිහඬ නිසසල රැයක......
දඟ කරන දොල දියක
ඔබ හා තනිව.....

ඔබ සමඟ දොඩමලු ව
ඔබේ මුව සිබින්නෙමි...........
පපුතුරෙහි සැඟවීම
ඔබ තුරුලෙ නිදන්නෙමි.......

අසීමිත ඔබේ ඔය
ආදරය තුරුලු කර......
සෙනෙහෙ සුව
විඳිම් මම...


Saturday, September 18, 2010

කිසිත් කල නොහැකිව අසරණ වූ මම........



අහිංසක වු මලානික දෙනෙතින්
ජීවිතය ඉල්ලා කරනා අයාචනය
දෙනෙත් තිබුනද
නොදකිනා මිනිසුන්.....

තැවුනු ඔබ සිත හඬමින්
මුවින් නගනා විලාපය
සවන් තිබුනද
නොඇසෙනා මිනිසුන්.......

දැලෙන් වට කර සිටිමින්
සිතා මහ ජයක් ලැබූ බව
මිනිස් යයි කීවද
හදක් නැති නොමිනිසුන්.......

අකුලා ගෙන දැලින් ඔබ
මරණයට ගෙන යෑමට
ඔබ කල එකම වරද
මහ මඟ උරුමව සිටීමම පමණකි..........


කිසිත් කිරීමට කොහැකිව
අසරණ වූ මම
සිතින් තැවෙනු මිස කඳුළු සලමින්
කරන්නට හැකි එකම දෙය
පතන්නම් යලි බවයක
මෙවන් දුකක් නැවත උරුම නොවනට..........


Thursday, September 9, 2010

සභාවෙන් අවසරයි........


ආහ්.....
හා හා ඔය රණ්ඩු වෙන්නේ....... කෝ කෝ..... ඔය පෙරලන් කරන් මොකද???? අයියෝ....... හපොයි මගේ හා ගෙදර මෙතනවත් ඉන්නකො පොඩ්ඩක් හරියකට............

සභාවෙන් අවසරයි........
මා මෙතන්ට පැමිණියේ ගීතයක් කීමටයි.............
නෑ නෑ වැරදි තැටිය....... සමාවෙන්න ඕනි......

ඔන්න හරි තැටිය.......

මාව බලන්න තකහනියේ ආපු හැමෝවම ආදරෙන් පිළිගන්නව මුලින්ම........


අද කතාව මේකයි ඉතින්.......

මං මේ දැහැමෙන් සෙමෙන් පෝස්ටුවක් දෙකක් ලියාගෙන අහිංසකව ජීවත් උන හා පැටික්කි වෙච්චි.......... මාව ඉතින් කවුරුත් දන්නේ ඔය නමින්නේ........

කට්ටියවම ආදරෙන් මෙතන්ට එන්න වැඩ සිද්ද උන විදිය කෙටියෙන් කියන්නම් කෝ දැනගන්නත් එක්ක........

ඊයේ රෑ 12කුත් ගානකට මගේ බිත්තියට පරමාණු බෝම්බයක් වැටුනටත් පස්සෙ පුපුරන්න කලින් යන්තම් ඇහින්ද........ ඒක දැම්ම කෙනා ඉතින් ඔය ඉන්නේ ඔය ඔය..... මගේ වම් අත පැත්තෙන්ම.........
උදේ පාන්දරමත් අහිංසක බිත්තියට පරමාණු බෝම්බයක් දැම්මට ඒකත් පුපුරන්න කලින්ම ඇහින්ද...... ඒක කරේ ඔය එහා පැත්තෙන් ඉන්න කෙනා..... ආහ් ඔව් ඔව්...... එයා තමා.......
යන්තම් බේරුනා කියල හිතන් හිටිය ඔන්න ඉතින් සැනසුමේ....... මොන මෙන්න බොල බෝම්බ තුනක්ම එක පාරට පිපිරිල.....

කොහෙද මං දන්නෙත් මේ ළමය මල්ලි ඇවිත් ලින්ක් එක දුන්නම තමා ඒක දැක්කේ........
හසියා අයියා තමා අයියා කියල එහෙ බලල මෙහෙ බලන කොට අක්කියි අයියයි පොඩ්ඩයි තුන්දෙනාම ඒ පෝස්ට් එක දාල කියල දැක්කේ..........
මදෑ ඉතින් බිත්ති පරිස්සම් කොරා.......

වත් අක්කිත් මට උදේම (උදේ කිව්වට දවල්....) හිනා කටකුත් එක්ක සුභ පැතුවා....... බොහොම ස්තූතියි අක්කියෝ.......

ඔය ඔක්කොටම ඉතින් මගේ උපන් දිනේ අද කියල කිව්වේ අපේ ආදරණීය හසියා අයියා............

පොඩ්ඩ , හසී අක්කිය වත් අක්කිය ඇතුලු ඔය ආපු හැමදෙනාටම මේ බ්ලොග් අවකාශේ මාව බලන්න එන හැම දෙනාටමත් ගොඩ්ඩා..........................ක් ස්තූතියි.............

කට්ටියට කැරට් දෙන්න බැරි නිසා ඔන්න මං කේක් එකක් හැදුව........
අමාරුවෙන් පොතක් බලන් හැදුවෙ......
කොහෙද අපි දන්නවද ඔය කේක් බේක් කිව්වලු.......
රස පරික්ෂාව කරපු අයිය නම් කිව්ව ගානට කියල.........

එහෙනම් ඔන්න මගේ ගානේ හැමෝටම කේක්...... කාල බලල ගුණ දොස් කියලම යන්නකෝ ඉතින්........

තව ටිකෙන් අමතක වෙනව...... ජේ ඩී අයියා කේක් කපන්න මන්නයක් ඇන්න එනව කිව්ව ඒක ඉල්ල ගෙන කපා ගන්න.........

පොඩ්ඩෝ....... වැඩියෙන් කන්න බෑ......
හැමෝටම සමානව තමා..... හසී අක්කිය බෙදයි ගානට........



එහෙනම් හැමෝටම ගොඩා............ක් ස්තූතියි....... හසී පවුලටත් වත් අක්කිටත් ඔය හැමදෙනාටමත් බොහෝම ස්තූතියි............ මට කවදාවත් අමතක නොවෙන උපන් දිනයක් දුන්නට බොහෝම ස්තූතියි........

Tuesday, August 24, 2010

අපි දෙන්නත් බ්ලොග් අවකාශෙට..........

මං ගැන ඉතින් ඔය කවුරු කවුරුත් දන්නවනේ........ මේත් ආසාවට කරපු පුංචිම පුංචි වැඩක්.......

අභාගේ තිබුන කාලේ තමා මගේ කාමරේ ලඟ තියන පුවක් ගහේ මයින අම්ම බිත්තර දමල පැටවු ආවේ...... අනේ ඉතින් ඔන්න මටත් පැත්තකට වෙලා ඉන්න බැරි නිසා ඒ වගේ එකක් දැක්කම මගේ පැපරාසි වැඩේට බැස්ස.........
කලින් තරම් ලේසි උන්නෑ මොකද පුවක් ගහක උඩ හරියේ කියන්නේ පොඩි උසක්යැ....... ඒ උනාට මේක දැකල අහක බලන් ඉන්නයැ....... කොහොම හරි ජනෙල් උඩ නැගගෙන ෆොටෝ ටිකක් ගත්ත.......... බලන්නකෝ ඒ අය ලස්සනයිද කියල..........

ඔය මුලින්ම ඉන්නේ වැඩිමලා........ හරිම චන්ඩියා....... අනිත් කෙනාට කන්න නොදී අම්ම ගේන ඔක්කොම මුලදි කෑවේ මෙයා තමා........

මෙයා මුලින්ම වැටි වැටි පියාඹපු දවසේ මං පොඩ්ඩක් කතා කරල අතට අරන් ආදරේ කරා................ ඒත් ඉතින් ෆොටෝ එකක් ගන්න තරම් කාලයක් එයාව මං ලඟ තියා ගත්තේ නෑ...... :( :( මොකද අම්මයි තාත්තයි එහෙම උනා නම් මෙයාව ඉක්මනටම ගෙනියන හන්ද........





මේ ඉන්නේ අනිත් පැටිය...... පෙනුමෙන්ම පේනවනේ අරයගේ කෑමේ ප්‍රථිපල........

මෙයා ටිකක් ලැජ්ජ කාරය........ මාව දැක්කම ගුල ඇතුලට රිංගනව....... ඒ උනාට මං ගනන් ගනීද එව්ව........ හුහ්......




ඕන් බලමුකෝ අම්ම කෑම ගේන වෙලාවට ලොකූ පොඩීව පස්සට දාල කන්න ලේස්තිවෙන හැටි............
(අම්ම කවන එකක් ගත්ත ඒක මයේ අතින් හදිස්සියට මැකුන ආයේ ගන්න කොච්චර ට්‍රයි කරත් බැරි උනා සොරි වෙන්න ඕන.......)



මේ දෙන්නම කෑම පරක්කු මොකද කියල මඟ බලන් ඉන්න වෙලාවක මගේ පැපරාසි නෙතට අහු උන හැටි........

මෙහෙම ඉන්නකොට කෑම ගෙනල්ල අම්මයි තාත්තයි බනිනව කියන්නේ මාර බැනිල්ලක්......... සමහරවිට ඒ දෙන්න අම්ම තාත්ත නැතිව තනියම ඉන්න වෙලේ එලියට ඇවිත් හිටිය කියල වෙන්නැති බනින්නේ..........


පැටවු දෙන්නෙක් තාමත් වත්තට එනව....... මේ දෙන්නමද කියල නම් හොයා ගන්න බෑනේ...... ඒ උනාට මෙයාල වෙන්නැති කියල හිතුන මොකද අපිට බය නැහැ........

තව මයින ජෝඩුවක් ආයේ කූඩුව අලුත්වැඩියා කරනව මේ දවස් වල......... ගිරා පවුලක් ගේ බලන්න ආවත් මේ ගොල්ලෝ කොහොම හරි ඒ අයව එලවනව....... අපරාදේ මට ගිරා පවුලක් බලන්න තිබුන චාන්ස් එක නැති කරනව ඒ ගොල්ලෝ............


අහ්...... නැන්දල මාමල කට්ටියම අපිව බැලුවනම් අපි ගැනත් හිතුන දේ කියල යන්නකෝ තරහ නැතුව........
එහෙනම් නැන්දල මාමල හැමෝටම බායි කියනව ඔන්න අපි........









ප/ලි
ෆොටෝ නම් හොඳ තත්වයෙන් නෑ....... ජනෙල් උඩ එල්ලිගෙන මල් ලීයේ තියෙන පුංචි හිලක් අස්සෙන් ෆොටෝ එකක් ගන්නව කියන එක සෙල්ලම් නෑනේ........ ඒක නිසා ඒ ගැන සමා වුව මැන.......

Thursday, August 19, 2010

ඕන් හා පැටික්කිගේ අභාගේ ඉවරයි..........


කොහොමද ඉතින් ප්‍රිය සහෝදර සහෝදරියනී......... ඔබ අමතන මා කවුද කියල ආයේ අමුතුවෙන් මොකටද...... නේද අනේ............... :D :D :D :D
මොළේ කොලොප්පන් හොඳටම.

යන්තම් ඒ කලුමෙත් ඉවරයි........ හුස්මක් කටක් අරන් කනක් ඇහිල මාස දෙක තුනක් ඉන්න පුලුවන්........ ඊට පස්සේ ඉතින් මොනව වෙයිද කවුද දන්නේ....... ඔන්න මම නම් දන්නෙනෑ.........

කාලෙකින් හරිහමන් විදියට මේ පැත්තේ ආවේ. ඉදල හිටල ඇවිත් ඔය මං බලනම දෙතුන්දෙනෙක්ගේ සටහන් කියෙව්ව විතරයි. ඒකෙත් සමහර වෙලාවට Log වෙන්න කම්මැලි කමට ඇනෝ කමෙන්ට් දැම්ම, සිංගිරීසි ලිව්ව. තරහ වෙන්නැතුව සමාව දෙනසේක්වා ඕන් ඒ ගැන.........
[පූස් අයියල නම් මාව නොකර හොරෙක් කලා ඇනෝ කමෙන්ට් ලියන්නේ පොලෝසියෙන් හොයනවද අහල........ හික් හික්....... ආහ් ඒ කිව්වම මතක් උනේ පූස් අයියලට තරම් නැති උනත් එව්ව කියවනකොට අපිට උන එව්වත් මතක් වෙනව. පිස්සු හුරතල් වැඩනේ ඉතින් එව්ව...... බලමුකෝ නිසි බලදාරිය කැමති උනොත් ලියන්නම්...... මං ඒ කිව්වේ මගේ හිත කැමති උනොත් කියල.....]

හෙට මව් බාසාව මං ලියන්නැහැ. ඒක නිසා මට අදින් ඉවරයි....... ආ ඉවරයි කිව්වට ඉවරම නෑ ඇයි අමාරුම පෑපෝර් එක තියනවනේ 28 වෙනිදට........ හිහ්....... :P :P
පොදු පරීක්ෂනේ......... ඒක ගණන් ටික හැදුවත් එක එක අයගේ විස්තර දන්නවද අපි....... කනා තමා ඉතින් එව්වට නම්..... ඊට පස්සේ නිදහස්......

ඒත් නෑ මගේ අතිජාත ඉබ්බි එනව කිව්ව මගේ අයියල අක්කල මල්ලිල බලල යන්න. අනේ මංද තාම මං ලියන නමක් ගමක් දන්නේ නෑ එයා. හැබැයි ඔය හැමෝම ගැන දන්නව ටික ටික. මං මේ කම්පනා කොලේ මොකද කොරන්නේ ඒගැන කියල........ හ්ම්ම්..... හ්ම්ම්....... බලමු........

එහෙනම් වල් පල් ටිකක් ලිව්ව ඇති වගේ.......
මේ ඔය එන කට්ටිය මට මේ පැක් කරගතපුව අයින් කරන විදියකුත් කියලා යන්න එහෙනම්.......
ආහ් තව මගේ හොඳ අයියල අක්කිල මල්ලිල වගේ හැමෝම මේ අවුරුද්දේ සිදු උන මතක කාලීන සිදුවීමක් ගානේ කියල යන්නකෝ මට අර බම්බුව ලේසි වෙන්නත් එක්ක..........


ඩෙංගිත් මතකයි නේ අවට පරිසරය පිරිසිදුව තියාගෙන ඒ කරදරෙත් නැති බංගස්තාන කරල දාන්න මතක තියාගමු........... කාටවත් වැරදි කියන්න කලින් අපි ඒ ගැන අවදානය යොමු කරල ඉමු........... කම්මැලි නැතුව බලන්න ගිහිල්ල....... මේ ගැනත් හිතල බලල ඔය හැමෝම දැනුවත්ද කියලත් බලන්න........ තව අමතක උන කාරනා එහෙමත් තියද බලන්න ඩෙංගි ගැන......

Tuesday, July 27, 2010

අපිත් අර කියන විදියෙ සිංහලයොද???????


කොහොමද කට්ටියට......
මාතෘකාව දැක්කම මොනවද හිතුනේ???????????

බොහොම කෙටි ලිපියක් ලියන්නයි හිතන් ආවේ. සාමාන්‍යයෙන් කියන්නේ සිංහලයට ඕනම දෙයක් උපරිම මතක දවස් 7යි කියලනේ. ඒත් ඉතින් අපි එහෙම වෙන්නේ මොකටද. කට්ටියත් එහෙම නෑ නේද????

කියන්න ආවේ ඔය ගැන නම් නෙමෙයි. මේ ඉතින් රඹුටන් ,මැන්ගුස් එහෙම හැදෙන කාලේනේ...... (චී චී ඔහොම කෙළ ගිලිනවද මං අහන්නේ....... ඔය ඔය ශිහ් පොඩ්ඩක් අහල ඉන්නකෝ මේක.......)කට්ටියම හොඳ රසට දමන් ඔව්ව කන කාලෙනේ.

හැබැයි ගොඩ දෙනෙක්ට යමක් අමතක වෙලා අර සමහරු කියන සිංහල ගතියට. හා පැටික්කි මේ ගහන බයිලේ මොකක් කියලද හිතන්නේ??????

පාරේ යනකොට වටපිට බිම බැලුවොත් පෙනෙයි කට්ටියට මේ ගැන........ මොනවද "මාරයාට නව නිවාස........" (මේ අපේ අහිංසක මාරයියට එහෙම නෙමෙයි ඕන්....)

කට්ටියට මතක රඹුටන් මැන්ගුස් කන්න විතරයි. කාපු තැනම ලෙල්ල බිම දමල යනව. ආන් එව්ව තමා ඩෙංගි මාරයාට ලැබෙන නවතම නිවාස..... මං අද පයින් එද්දි තැන් දෙක තුනකම විසික් කරල දමපු රඹුටන් ලෙලි දැක්ක නිස අපේ කට්ටියටත් මතක් කරොත් හොදා කියල හිතුන......... ඔව්වයෙත් වතුර පිරෙන බව අමතක වෙලා ගොඩ දෙනෙක්ට.( පාරවල් අපිරිසිදු වෙන එක කොහොමටත් ගනන් ගන්නේ මේ රටේ කීයෙන් කීදෙනාද.)

ඒත් ඉතින් ඔව්ව රස කර කර කෑවා වගේ නෙමෙයි කට්ටිය මතක තියා ගන්න මාරයාට නිවහනක් නොවන විදිහට ඒවායේ ලෙලි බැහැර කරන්න......... තමං නොකර ඉන්නව වගේම ලඟ ඉන්න කෙනෙක් උනත් ඒ වරද කරනව නම් ඒ ගැන කියන්න......... වත්ත පිටිය පිරිසිදු කරනව වගේම මේ වගේ පොඩි දේවලුත් වැදගත් බොහොම...............



මතකයි නේද?????
රස කර කර කාල විතරක් බෑ.................
.......................................................................................................................................................................
[ප.ලි
මං මේ කම්පනා කරේ මේ යන විදියට මගේ මේ බ්ලොග් කෙරුවාව සැප්තැම්බර් මාසෙන් ඉවරයිනේ............ තේරුන්නැත්නම් බලන්නකෝ "මගේ එකතු කල කැරට්" ලිස්ට් එක...........]

Saturday, July 24, 2010

බවු බබාලටත් උණක්.......... :( :(


ඩෙංගු ව්‍යාපෘති යන අතරේ හා පැටික්කි මෝඩ ජෝක් දානව කියල හිතනව නෙමෙයි ඔන්න කට්ටිය.........කට්ටියගේ හුරතල් බවු බබාව පරිස්සම් කර ගත්තොත් හොඳයි....කට්ටියත් මං වගේම ගෙදර බවුවොන්ට ආදරේ බව දන්න නිසය ඉතින් දැන ගන්න ලැබුන දේ කියන්න හිතුවේ.........

ඊයේ කවදාවත් නැතුව හා පැටික්කිට උක්කුන්බෝලෙගෙන් කෝල් එකක් තිබුන. දවසෙම පන්ති නිසා අමතක උනත් රෑ පංති ඇරිල ආපු ගමන් අම්මට කිව්ව උක්කුන්ට කෝල් එකක් අරන් මොකද බලන්න කියල. එතකොට තමා උක්කුන් මේ බවු බබාලට ලෙඩක් තියනව පොඩ්ඩක් දොස්තර අන්කල්ගෙන් අහල බලන්න කිව්වේ.

මේ දවස් වල බවුබබාලට හුළගෙන් බෝවෙන උනක් තියනවලු. උණ හැදිල පස්ස පන නැති වෙලා දවස් තුනකින් මැරෙනව කියල තමා අපේ පවුලේ (ඒ කිව්වේ අපේ මල්ලිගේ )දොස්තර අන්කල්ගෙන් දැන ගන්න ලැබුනේ. සමහරුන්ට නම් බඩේ අමාරුවකුත් හැදෙනවලු.

හැබැයි වාර්ෂිකව ඒ ගොල්ලන්ට නිසියාකාරව බෙහෙත් විදල තියනව නම් බයක් වෙන්න ඕනි නැහැලු. එහෙම නැත්නම් දොස්තර අන්කල්ට කියල ලෙඩේ හැදෙන්න කලින් විදින බෙහෙතක් තියනව ඉක්මනටම බවු බබාට එන්නත් කරගන්න.

ඔන්න ඔහොමයි හා පැටික්කිට මේ ගැන දැනගන්න ලැබුනේ....... කට්ටියගේ බවු වවු බබාල ගැනත් ටිකක් සෝදිසියෙන් හිටියොත් හොඳයි කියල හිතුන නිසයි හා පැටික්කි මේ ගැන කෙටි සටහන තබන්න හිතුවේ.......

මේ ගැන පොඩ්ඩක් හොයල බලන්නකෝ එහෙනම්........

Sunday, July 18, 2010

හා පැටික්කිට ලැබුනු බෝනස්.........


කොහොමද කට්ටියට.......
බනින්න එපෝ...... විභාගෙට මාසයක් වත් නැතුව පෝස්ට් ලියනව කියල. අද ඉතින් කාලෙකින් බැනුමක් අහන්නත් බැරි උන නිසා ලිව්ව එහෙම නෙවෙයි ඔන්න. ඊයෙත් හවස් වරුවෙම ඇඳේ....... බෝනස් ලැබුනනේ හා පැටික්කිට......... ඉතින් මේ ඒක විදින ගමන් ඇඳේ........ (මේ වෙලාවට තමා හිතෙන්නේ කැම්පස් ආපු එකට ගියා නම් ඉවරයි කියල...... ෂිහ්..... දුක තමා.......)

කට්ටිය බලනව ඇති මට ලැබුන බෝනස් මොකක්ද කියල..... වෙන මොකක්ද ලී බංකු වල අවුරුදු ගානක් තිස්සේ බංකු බංකු උනාට බෝනස් ලෙස කොන්දේ අමාරුවක් හම්බුනා.....
කාලයක් තිස්සේ ටික ටික තිබුනත් ගනන් ගත්තේ නෑ. අද උග්‍ර උන නිසා ගිහින් බෙයියන් අරන් ආවා...... ඇදේ ඉඳල එපා වගේ නිසා ඔන්න ඔහේ අකුරු ටිකක් කොටල දැම්ම.

විභාගෙට නම් ඉතින් තව දින 20ක් වගේ තමා තියෙන්නේ.... අගෝස්තු 9 වෙනිදම Bio වලින් පටන් ගන්නවනේ ඉතින්....... ඉවර වෙන්නේ 19 Chemistry වලින්...... මවු බාසාව මේපාර ලියන්නැති නිසා ආයේ 28 පොදු පරීක්ෂනේ........ :D :D :D :D

අම්මෝ දැන් නම් බලන් ඉන්නේ මේක ලියල ඉවරයක් වෙනකම්.......... ෆූ අප්පිරියයි මේ විභාග කෙරුවාව................

බනින්න ආපු අය බැනල ගියාට ඉතින් හා පැටික්කි තරහ නෑ......

මං ඉතින් පුංචිවෙලාවක් අරන් post එකක් නිකමට දැම්මේ........

ආහ් තව දෙය හා පැටික්කිගේ පැත්තට පැන්න ගානත් 100 පහු කරලනේ......... හා පැටික්කිට හරිම සතුටුයි ඒ ගැන. මොකද හා පැටික්කි බ්ලොග් ලියන්න පටන් අරගත්තේ මාර්තු මාසේ 15 වෙනිද...... තාම මාස 4ක වගේ කාලයක් නිසා හා පැටික්කිට ඒ ගැන බොහොම සතුටුයි........ ඔය හැමෝටම බොහොම ස්තූතියි ඒ ගැන........


එහෙනම් ආයේ හමුවෙන්න එනකම් මාව මතක තියා ගන්නකෝ........

Friday, June 18, 2010

පතන්නෙමි මුළු හදින් සොඳුරු වූ හෙට දිනක්......



නොසිතු ලෙසින් ඇරඹි
මිතු දම,
මටත් නොදැනිම
මසිතට ලංව....,
හස කැන් මා මුව මවමින්,
කඳුල වියැකූ මිතුර නුඹ.....

යලි සිනාසෙන්නට මට,
එකදු පුංචි හසරැල්ලක්,
මා ලඟ ඉතුරු නොම වන ලෙසට....
දුර ඈතට පියමැන්නද,
අහිතක් නොසිතන්නෙමි කිසිදින.....
මන්ද.....
මතකයේ සදා සරමින්,
මා ලොවෙහි කවදත්,
මා ලබැඳි මිතුර නුඹ....

ඉතින් මා නුදුටු මිතුර......
දිවියෙහි නව වසරකට,
පියනගන ඔබහට,
පත්න්නෙමි මුළු හදින්ම....
දුක් කඳුළ ලං නොවුන,
සතුට සොම්නස ඉතිරෙන,
සොඳුරු අනාගතයක්.......


මිතුර නුඹට සුභම සුභ උපන්දිනයක් ......


~~ඔබේ මතකයෙන් ගිලිහුන හා පැටික්කි~~
06-18-2010


මෙය මා විසින් ලියූවද පල කරනවාද නැද්ද යන්න පිළිබද බොහෝසෙයින් සිතුවෙමි. අවසානයේ මෙය පවසාම පල කිරීමට හිත සමග ගිවිසුමක් ගතිමි.

මෙය කියවීමෙන් පසු ඔබට යම් පැනයක් හිතට නැගුනද ඒවාට පිළිතුරු දෙන්නට තරම් මට හැකියාවක් නැති බැවින් පිළිතුරු නොදී ඉන්නට සිදු වුවහොත් දස දහස් වාරයක් සමාවෙන්න..........