෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, March 17, 2010

ප්‍රාණ භීතිය නැතුවවත්ද??????




හා පැටික්කිව බලන්න ගොඩක් අය ඇවිත්නෙ....
මේකත් හා පැටික්කිට ඇති වුන අමුතු සිතුවිල්ලක්...
ටික කාලයක් බොහොම බරපතල ලෙස සත්ත්ව මාංශ කන එක ගැන කතා උනා මතක ඇති... ටීවි එකේ ඒ ගැන වීඩියෝත් පෙන්නුව මතකද?????

මේ හා පැටික්කිට ඒ කාලෙ ඇති උන සිතුවිල්ලක්.....
ඇත්තටම ප්‍රාන භීතිය තියෙන්නෙ ඔය පෙන්නපු සත්තුන්ට විතරද???? එතකොට අහිංසක මාළුවන්ට, දැල්ලන්ට, ඉස්ස්සන්ට එහෙම ඔය භීතිය නැද්ද????
හා පැටික්කි ඒත් කල්පනා කරේ පව් පිරෙන්නෙ කකුල් තියෙන සත්තුන්ගෙ මස් කෑවම විතරද කියලා.. ඒ කාලෙ හා පැටික්කි වීඩියෝ බැලුවෙ නැතත් ඒ කතාවන්ට ඇහුම්කන් දුන්නා.හා පැටික්කිට නම් මාළු ගැන එහෙම කතා කරනව ඇහුන්නැහැ....(හා පැටික්කි වැරදි නම් නිවරදි කරන්නෝ)සත්තුන් මරන වෙලවට ඒ අයගෙ හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය වෙනස් වෙනව ඒකෙන් මස් කන අයට බලපෑමක් වෙනව එතකොට අර අහිංසකයන්ට මේව සිද්ධ වෙන්නැතුවද?????

ඔය ගොල්ලො මොකද මේ ගැන හිත්න්නෙ????

15 comments:

  1. මොනා කියන්නද? සහතික ඇත්ත !

    ReplyDelete
  2. ඉතින් ඔයා කොළ ජාති කන්නකො... අපි ඔයගෙ බත් එකෙ තියන මස් මාලු ටික කන්නම්... මමත් එලවලු විතරයි කැවෙ.. නමුත් එක වෙනස් කරන්න උනා. ලඟකදි ඉදන්... මම පව් පිරෙන හින්දා නෙමෙ එක නොකැවෙ...

    ReplyDelete
  3. @Bunny
    මලය ඇවිල්ලත් ගියාද????

    @රවා
    බාගෙට කියල ගියේ ඉතුරු ටික අහගන්නෙ කොහොමද මං... ඇයි මොකද දැන් ආයෙ ඔයා කන්නෙ????? මං ගෙදර මස් මාළු තියෙන දවසට පණිවිඩයක් එවන්නම්කො ඔයාට.....d:D

    ReplyDelete
  4. කතාවනම් සහතික ඇත්ත,ඒත් ඉතින් මොකෙක්වත් ඔය ගැන කතා කරන් නැහැනෙ....අනික ගොඩබිම සතෙක්ව මස් වලට මැරුවොත් ඌ වැඩිම උනොත් විනාඩියක් පනපිටින් ඉදියි,මාලුන්ට එහෙමවත් සැනසීමක් තියෙනවද,පොඩි මාලුවො පැය ගානක් පන ඇදල මැරෙන්නෙ,ලොකු මාලුවොනම් ඔලුවල කුලුගෙඩි පාරක් ගහලද කොහෙද මරනව,උන්ට තියෙන ආදරේකට නෙමෙයි අඩි දහයක විතර මාලුවෙක්ව් පාලනය කරගන්න බැරි හින්ද!!!!!
    කරුමෙ කියන්නෙ අපේ සමහර උපාසක අම්මල මාලුව පනපිටින් නෙමෙයිනම් ගන්නෙත් නැහැනෙ......කාට කියන්නද මේව :\

    ReplyDelete
  5. @ m
    මොන සතාගෙත් අයිතිය මනුස්ස සතා පවර ගෙනනෙ ඉතින්..... මොනව කරන්නද ඒ ගොල්ලන්ගෙ වාසියට විතරක්ම හරි දේවල් කොච්චරක්ද????දවසක් ටීවි එකෙ පෙන්නුව අහිංසක විදියට මූණ බලන් ඉන්න සීල්ලටත් ගහල මරනව..... ඒ මනුස්සයන්ට හිතක් ඇත්තෙම නැද්ද කොහෙද.....සල්ලි විතරමයි දකින්නෙ...

    ReplyDelete
  6. අපි නම් දැන් බ්ලොග් බලන්නේ ලාංකීය සිතුවිලි වලින්. එකේ ඇයි මේ ලිපිය තාම නැත්තේ එකේ
    http://taboosubjects.wordpress.com/2010/03/17/121...

    http://blog.inetlanka.com/

    ReplyDelete
  7. මිනිස්සුන්ගෙ දඩයම් යුගයෙ ඉඳන් එන ආශාවක්නෙ ඕක. ශිෂ්ඨත්වයට පත්වුණත් පුරාණ ම්ලේච්ඡත්වයට එක සැරේම පිටුපාන්න මිනිස් මනසට බැරිව ඇති. ඒත් සත්ව අයිතිවාසිකම් ගැන කතා කරන මිනිස්සුත් ඒක කරන්නෙ ජොබ් එකක් විදියට විතරයි. එතරම් පරිත්‍යාගයකින් නොවේ.
    පුද්ගලිකව මම සත්ව ආහාර ගන්නෙ නෑ.ඒත් ඉතින් එ‍්කෙන් සත්තුන්ට සේවයක් වෙනව කියලනම් හිතන්න බෑ.

    ReplyDelete
  8. නංගි, ඔයා කියවන්න ආතර් සී ක්ලාක් මහත්තයා ලියෞ පොතක් තියෙනවා, "The Deep sea" කියල...

    ඒකේ මෙහෙම කථාවක් තියෙනවා. අපි ඊලඟ ශතවර්ෂය වෙනකොට අපේ ග්‍රහ මණ්ඩලයෙන් පිටට යාවි. බුද්ධිමත් ජීවීන් මුණගැසේවි. ඒත් තමන්ගේම ලෝකයේ ඉන්න සහෝදර සත්වයන්ගේ මස් කන අපිට ඒ අය ගරු කරාවිද? අමතක කරන්න එපා. වෙන ලෝකෙකින් එන ජීවීන් පෘතිවියේ එකම උරුමක්කාරයා මිනිහා කියලා හිතන එකක් නැහැ..

    තව දෙයක්, හිතන්න කවදා හරි අපිට වෙනත් ලෝකයක් දකින්න ලැබුනොත් සම්පූර්ණ ජලජ ශිෂ්ඨාචාරයක් තියෙන... (විදුදරයෝ කියනවා ජලජ ශිෂ්ඨාචාරයක බුද්ධිමත් ජීවීන් ඇතිවෙන්න බැහැ කියලා, අඩුම ගානේ ගල් යුගයටවත් එන්නේ නැතුව, ගින්දර නැතුව... ඒ කථාව අමතක කරමුකෝ) කොහොමද ඒ ලෝකේ මිනිස්සු තරමටම බුද්ධිමත් මාළු දකින්න ලැබුනොත්.......

    මේ මට හාපැටික්කිගේ කථාව දැකලා නිකමට හිතුනු දෙයක් විතරයි.....

    ReplyDelete
  9. @ Local Taboo
    Thank U..

    @Outsider
    දඩයම් යුගේදි අවශ්‍ය ප්‍රමනෙට කරා කියල හිතමුකො.. එත් අද????? ඊටත් මේ කාලෙපුලුවන්නම් කූඹිත් බැදල කයි විකුනයි....
    @Pathum
    අයියා මං ඒ පොත නම් කියවල නැහැ... එතුම කියපුව ප්‍රබන්ධ කියල නිකන් අමතක කරන්නත් බෑ...

    වෙන්න පුලුව ඩොල්ෆින්ලත් තරමකට බුද්ධිමත් නිසා.

    ReplyDelete
  10. පුංචි හා පැටික්කි නම් ඉතින් මස් මාළු කන්නේ නෑ නෙ. උඳුපියලිය, කැරට් කකා හිටියහම හොඳටම ඇති ;)

    ඔය කථාව මාත් පිලිගන්නවා. යම් කිසි බලපෑමක් තියෙන්න පුළුවන්. ඒත් ඒක විවාදාත්මක කරැණක්. මෙහෙම පොඩි ක්මෙන්ට් එකක් දාලා කථා කරන්න බෑ.

    ReplyDelete
  11. @හෙලයා
    මං ලිව්වෙ මට හිතුන දේ අයියා.... මාත් මාළු කනව හොරට නැත්නම් අම්ම තාත්තගෙන් බැනුම් අහනවා.... ඒත් තනි තීරණ ගන්න දවසක් ආපු ගමන් නවත්වන්න හිතන් ඉන්නෙ.....

    කැරට් නම් අමුවෙන් නිකන් කන එක ඇත්තටම මගෙ ආසම වැඩේ.....

    ReplyDelete
  12. මේක කතා කරන්න වටින මතෘකාවක්,
    නමුත් දැන් කට්ටිය ගිහිල්ලනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  13. @ බිඟුවා...!
    හ්ම්.....හ්ම්.....

    ReplyDelete
  14. අර local taboo කාරයට අනුන් ගෙ බ්ලොග් වල අැඩ් නොදා ඉන්න බැරිද? මම නං මගෙ එෙක් දාලා තිබුණ එ්ව මැකුවා

    ReplyDelete
  15. @ ToyotaEE100
    ඔයා ඕකට තරහ ගන්න එපා...
    අපි "දැන්වීම් ඇලවීම තහනම්" කියල board ගහල නෑනෙ ඉතින්....

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)