෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Thursday, March 18, 2010

හුරතලේ.....


හා පැටික්කිට අදත් යමක් ලියන්න හිතුන....ඉතින් මේ ලියනව. නැ නැ කොටනව.....

මේ අමුතු සිතුවිල්ල හා පැටික්කිට ආවෙ හා පැටික්කි වෙන්න කලින් මේ පැත්තෙන් පනිද්දි. මං දැක්ක බොහෝ දුර රටවල ඉඳන් ලියන අය බොහෝමයක්. මං හරිනෙ??? ඒ හැමොගෙම පෝස්ට් එකේ කොතැනක හරි අම්ම ඉන්නව.
අපි කාට උනත් තනියම ඉද්දි අම්ම තමා වැඩිපුර මතක් වෙන්නෙ. කොච්චර ලොකු උනත් අම්මගෙ උකුලෙ ඔලුව තියන් ඉන්න තියෙනවනම් ඊට වඩා සනීපයක් මේ ලෝකෙ නැති තරම්.

කොච්චර ලොකු උනත් අම්ම ලඟ හුරතලේ. කෝ අත උස්සන්න බලන්න අම්ම බලන්න ගියාම කෑම කටක් කවා ගන්නෙ නැතුව එන කෙනෙක් ඉන්නවනම්.... අඩකුඹු බෑ හොඳට උස්සන්න....

ඔය අතරිනුත් පුතාලගෙ හුරතලේ වැඩියි නෙ අම්ම ලඟ. ඉර්සියා හිතුනත් අම්මලත් එහෙම තමා. අපේ ගෙදර ඉන්න අම්මගෙ උක්කුන් බෝලෙ (වයස 23යි ) ගැන මම දන්නවනෙ. ගෙදර එන්න බස් එකට නැග්ග කිව්ව වෙලේ ඉඳන් අම්ම උයනව.. ඇයි උක්කුන් ට කිරි එකක් හදන්නත් ඕනනෙ අනිවාරෙන්ම.(ඒකනෙ මං උක්කුන් බෝලෙ කියන්නෙ ) ආපු වෙලේ ඉඳන් අම්මටත් වෙන වැඩක් නෑ කවනවා පොවනවා. අතපය අලියෙක්ගෙ ගානයි ඒත් තනියම කන්න බෑ.... මොකට කියනවද?? ඔය හැමෝමත් එහෙම තමා මං දන්නැද්ද..... මේ සිංදුවනම් ගැලපෙනව නේ හැමෝටම....



කාගෙවත් හිත රිද්දන්න නෙමෙයි කියන්නෙ හැමෝම පොඩ්ඩක් හිතල බලන්න තමන්ට මේ තරම් ආදරේ කරන අම්මට මොකක් හෝ දුකක් දීල තියෙද කියල???

එහෙම වරදක් නොදැනුවත්ව හරි වෙලා තියෙනවනම් මොහොතක් වත් නොහිත අම්මගෙන් ඒ ගැන සමාව ඉල්ලන්න... ඇයට හැමදාමත් අපි පොඩ්යි. ඇය අපේ ඕනම වරදකට සමාව දෙනව... ඔබ සමාව ඉල්ලුවත් නැතත් සමාව දෙනව.. ඒත් සමාව ඉල්ලුවම අම්මට අපි නිසා දැනුන දුක හිතෙන් අමතකම කරල දස දහස් ගුණයක ආදරෙන් අපි දිහා බලාවි... ඒ ආදරේ අපිට දැනේවි වෙනදටත් වඩා....

22 comments:

  1. උක්කුන් බෝලේ ගැන ඊර්ෂ්‍යා හිතිලද කොහෙදෝ හා පැටික්කිට ;)
    කොටලා තියෙන විදිහෙන්ම ඒක පේනවා. මගේ නංගිත් ඔය වගේම ඊරිසියයි මං ගැන. :P

    හෙළයාගේ ආදරේ බෙදිලා ගිහින් තියෙන්නේ මෙහෙම.
    මම මට වඩා රටට ආදරෙයි. රටට වඩා මගේ නංගිට ආදරෙයි. නංගිට වඩා අම්මට ආදරෙයි. අම්මට වඩා අප්පච්චිට ආදරෙයි. ඊටත් වඩා ආදරේ කරන අය නෑ.

    ReplyDelete
  2. මෙතන ඉන්න ගොඩක් අය බ්ලොග් පටන් අරන් තියන්නෙ අම්මා ගෙන තමයි හා පැටික්කියො...

    ReplyDelete
  3. @රවා
    කොතනත් මුල් තැන අම්මනෙ ඉතින්.... තාත්ත අම්මගෙ මුල් තැන.....
    @හෙලයා
    කාටද ඉරිසියා නැත්තේ.... සතියෙ හැමදාම ගෙදර ඉන්න මට හුලන්.... මාත් කිය කිය ඉන්නෙ චන්ස් එකක් ආව ගමන් ගෙදරින් යනවා කියලා....ඒත් තාම ගෙදර..... දුක තමා...
    කොච්චර ඉරිසියා කරත් හැම නංගම අයියට පණ..... බොරුද මං අහන්නෙ???

    ReplyDelete
  4. හැම නංගම අයියට පණ තමයි. හැබැයි හැම නංගිටම ( හැමදාම ) අයියා පණද දන්නේ නෑ. ;)
    අළුත් පණක් හම්බවෙනකම් විතරද දන්නෙත් නෑනෙ.

    ReplyDelete
  5. හැම නංගෙක්ම වගේ ඔයත් චාන්ස් එකක් ආපු ගමන් ගෙදරින් යයි තමයි, මම කියන්නේ වෙන අයියෙක් හම්බ උන දවසට, නැද්ද මං අහන්නේ ;) එදාට අම්මට ඉතුරු වෙන්නේ ඔය උක්කුන් බෝලෙ විතරයිනේ .

    ReplyDelete
  6. @හෙළයා
    ඔයා එහෙමයි නේ??? මං ඔයාගෙ නංගි අදුරන්නැති නිසා හොඳයි...

    අපේ උක්කුන් බෝලෙ නම් අලුත් පණ හම්බුනාට පස්සෙ මට වැඩියෙන් ආදරෙයි.... හරියටම දන්නෑ හොරෙන් ඒකගෙ in box රිංගන්න බැරි උනා කාලෙකින්.....

    @නිශාචරයා

    අපොයි අපොයි එහෙම දෙයක් හිතන්නෙවත් නෑ ආපෝ.......
    ඊට හොඳයි ගෙදර ඉන්නවා..... අඩුගානෙ හිතේ සතුටවත් තියෙයි එතකොට.....

    ReplyDelete
  7. හා පැටික්කකි
    මතක තියා ගනිං උඹ කවද හරි ගෙදරින් ගිය දවසට නවතින ගෙදරත් අම්‍මෙක් ඉන්නවනං ඒ අම්මත් තමන්ගෙ පුතාට ඔය උක්කුන් බෝලෙට වගේ තමයි.ඒක තේරුම් නොගත්තොත් හා පරටික්කිට බලන්න පුළුවන් හැමෝම කියන අර පරම්පරාගත ආරවුල. ඒහෙම කරගන්න එපා නැන්දම්මා අම්මා කර ගනිං
    සුභ දවසක්

    ReplyDelete
  8. @දයියා
    අනේ අම්මියෝ.... මං ඔය දේවල් හිතන්න හිතලවත් නෑ.....
    මුහුදට තව හත් ගව්වක් තියෙනවෝ... ඒ.මු.ඩා දැම්ම වැඩක් නැතෝ....

    ReplyDelete
  9. හෆොයි මේකට හරියට රිප්ලයි එකක් දැම්මොත් ඒක තව බ්ලොග් පෝස්ට් එකක් වෙයි,ඒක ලියනකොට අම්බානක හැගීම්බරවෙලා හන්දියේ කඩේ ටිශූ පෙට්ටි ටිකත් ඉවර වෙයි.....sooo i'll just leave "පැහැදිලි ඊරිසියාව නේ?" :P
    තව දෙයක්,හාවියො අමුඩ අදිනවද?? :b

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. @ m
    ඉතින් ලියන්නකෝ..... හැබැයි හිත රිදෙනවනම් එපා.... හා පැටික්කි පොඩි දේටත් හිත රිද්දන් ඇඬුවට අනෙක් අය අඬනකොට බලන් ඉන්න බෑ... ඒත් හිත රිදෙනව.... හා පැටික්කි හා පැටික්කිටත් වදයක් මේ හිතයි, ඇසුයි හන්දා.


    @දොඩන්
    ඔයාම ලියල ඔයාම අරන් ගියේ ඇයි????

    ReplyDelete
  12. අනේ මටත් හිටියනම් මේ වගේ නංගියෙක්...හිටපු එකම මලයත් යන්න ගියානෙ.....

    ReplyDelete
  13. @ Chandika @ ..::E-KiCkS::..
    ඇයි නැත්තෙ අයියට මේ සින්ඩිය ඇතුලෙම නංගිල කීයක් ඉන්නවද...... මේ ඔය කවුරු නැතත් මං ඉන්නෙ....... අපේ උක්කුන් බෝලෙට නම් මාව අගේ නෑ තාම...
    මලය ගැන මං කතා නොකර ඉන්නම්... හා පැටික්කි අඬන්න දස්සි නිසා....

    ReplyDelete
  14. ස්තුතියි හා පැටික්කි..ඔබේ වචන මට හයියක්..

    ReplyDelete
  15. @ Chandika @ ..::E-KiCkS::..

    හා පැටික්කිට සතුටුයි ඒ ගැන.......

    ReplyDelete
  16. අනේ හා පැටික්කියේ ඔය කියන හුරතලේ මට නෑනේ :( අපේ මලයට තමා :D

    ReplyDelete
  17. හෆොයි මට බැරියෝ..............

    ReplyDelete
  18. @ Bunny
    බලන්නකෝ තව ටික කාලයක්... තාම ගෙදරින් පිට නැවතිල නෑ නෙ?????

    @m
    එහෙනම් එපා...

    ReplyDelete
  19. අපෝ වැඩි හරියක් මම ඉන්නෙ ගෙදරනි පිට නේ :) ඔය කියන හුරතලේ හන්ගන් ඇත්තේ මං හිතන්නෙ :D :D

    ReplyDelete
  20. @ Bunny
    ඔව් එකතු කරල.... එකතු කරල.... දෙයි ඔයාට සතුටින් පිරිල ඉතිරෙන්න....

    ReplyDelete
  21. අපේ ගෙදර උක්කුන් බොලේ මම තමයි.............:)

    ReplyDelete
  22. @ ඔජායෙ....
    තව කවුරුත් නැද්ද පවුලේ?????

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)