෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, March 24, 2010

එක්ස්පීරියන්ස් නැතුව හා පැටික්කි ආදරේ අන්ධ කර හැටි.....


මදෑ හා පැටික්කි ආදරයක් ගැන කියන්න ගිහින් උන දෙයක්. මට නැති එක්ස්පීරියන්ස් මගේ කරනව මෙහෙම ගියොත්... Bunny මලයයි හෙළය අයියයි පෙරමුනේ රාල තනතුරට.... ඒක නිසා හා පැටික්කි මේ පෝස්ට් එක දාන්න හිතුව......

හා පැටික්කිගෙ ආදරණීය පාසල තියෙන්නෙ මුහුද -> පාර -> පාසල කියන පිලිවෙලට..... ඒ බීච් එක පැත්තට වෙන්න වැරැන්ඩ එකකුත් තියෙනව. හැබැයි ළමයිට ඒ පැත්තෙ ගුරුවරයෙක් නැතුව ඉදීම තහනම්. (ඒ උනාට ගුරුවරුන්ට රස විදින්න හොඳයි...සමහර විට ඒව හොඳ වැඩිහිටියන්ට විතර වෙන්නැ...)

ඒ උනාට ඉතින් දන්නැද්ද..... කට්ටිය වැඩක් නැති මිස්ල නැති වෙලාවට, ඔය ගුරුවරුන් හැමෝටම මොකක් හරි තියෙන වෙලාවක ඒ පැත්තෙන් රවුමක් දානව... අනේ ඉතින් නරලොව හොල්මන් වගේ තමා.... කට්ටිය බීච් එකේ ගිනි කාස්ටක අවුවෙත් අවුව නැති ගානට ....(අපරාදෙ කියන්න බෑ ගිනි දවල් 12ට අවුව තපිනව හෙන තොගයක්... කුඩ ඇතුව හෝ නැතුව....)
වෙන වැඩකුත් නැති එකෙ ඔය කට්ටියගෙ ගැලපීම් හොයනව..ඔන්න ඉතින් කට්ටිය පටන් ගන්නව ගලපන්න. ඉක්මන්ට ගැලපුවෙ නැත්නම් office එකේ තමා නතර වෙන්න වෙන්නෙ... උත්තර ගලපන්න... හිහ්... ;D

හැබැයි පුංචි කාලෙනම් නිකන්ම වීස ලැබෙනව...හා පැටික්කිල පුංචි කාලෙ ගණන් පාඩමට වාහන ගනින්න අර ඉරටු මිටි අඳින්න කියල පාර අයිනට යැව්වම වැඩිදෙනෙක් ගණන් දානේ ඈතින් පේන කකුල් හතරෙ වාහන.... හිහ් හිහ්.... කවුද ඉතින් දන්නෙ ... අපි විතරනේ ගණන් කරේ මොනවද කියලා දන්නේ.....
ඒකාලෙ ගලපන්න තරම් දැනුමක් තිබුනෑනෙ ඉතින් කොලේ ගණින එක... (පෙබරවාරි 14 වගේ අහුනොත් ඉරටු ඇඳලම පනයයි...)

"අයිය කැතයි" අක්ක මිටි වැඩියි" "දෙන්නම ලස්සනයි" "නැවයි බෝට්ටුවයි වගේ.."හතර රියන් සහ දෙරියන් වගේ" "ලොරිබාගෙයි බයිසිකලෙයි" තව එක එක විදියට ගැලපුවා... හා පැටික්කිල A/L කරපු පාසල් ගිය අන්තිම අවුරුද්දෙ... ඒ කිව්වෙ ඉඳල හිටල වැස්සට ඉස්කෝලෙ ගිය කාලෙ හරියට තැනක් නෑ ඕන තැනක ඉන්න පුලුවන්.. ඉතින් කට්ටිය ගියේ බීච් වැරැන්ඩ එකට... මේසයක් එහෙම දාල හදල ගත්තා.. හැබැයි අපි හොඳ ළමයිනෙ බීච් එක පේන්නැතිවෙන්න Black Board එකකින් වැහුව... ඒ උනාට ඒක හිලක් තියෙන එකක්.... ඉතුරු ටික කියන්න ඕන්නෑනෙ.....
ඉතින් හා පැටික්කිට මොකටද එක්ස්පීරියන්ස්..... ඇස් දෙකත් හොඳනම්... දුරත් හොඳ හැටි පෙනේ නම් කිම වදවෙන්නේ... නොමිලේම හම්බෙන්නෙ... . මං කරේ ඉගෙන ගත්ත පුංචි දෙයක් ඒකට ගැලපුව එක විතරයි....

ඔන්න හා පැටික්කි එක්ස්පීරියන්ස් නැතුව ආදරේ අන්ධ කර හැටි....

27 comments:

  1. හා...හා...හා පැටිකිකිත් කරන වැඩ... මගෙ අම්මෙ.. බරපතල පැත්තකනෙ ඉස්කොලෙ තිබිලා තියන්නෙ....

    ReplyDelete
  2. හැබෑටම මොකක්ද දන්නෑ ඔය කියන ආදරණීය පාසල??? නියම තැනක නොවැ තිබිලා තියෙන්නේ.

    ReplyDelete
  3. හා. ඔය එක එක එලිවෙන්නේ. :p
    අපිටත් ඔය ආදරණිය පාසල ගැන තව විස්තර ටිකක් කියන්න බැරිද..?

    ReplyDelete
  4. @ රවා
    ඔව්.. ඔව්... බරපතලයි... සුනාමිත් ඇවිත් ගියේ ඒකනේ....

    @ Nishacharaya
    මොකද්ද දන්නෑනෙ.......????? d;D

    @හෙළයා
    එලියට දෑවෙ නැත්නම් මට වෙන දේත් කිව්වෙ මං....:)
    මොනවද දැන් දැනගන්න ඕන??????

    ReplyDelete
  5. ඔයාගේ " ආදරණීය පාසල " ගැන වැඩි විස්තර

    ReplyDelete
  6. මේ හාපැටික්කි මාතර පැත්තෙවත්ද? මොකද ඔය කියපු විදියෙම ස්ථානෙක පිහිටල තියන ඉස්කෝලයක් මාතර තියේ.

    ReplyDelete
  7. @ හෙළයා
    ඒක ගැන බලමුකො මං හිතල බලන්නම්....

    @ budhajeewa
    ඇයි එකක් ඉස්කෝල දෙකක්ම තියෙන්නෙ.....

    ReplyDelete
  8. මේයාට හා පැංචි කියන්න බෑ...
    කොරලා තියෙන්නේ මාර වැඩනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  9. අපෝ නෑ... හා පැටික්කි ඉස්කෝලෙට පණ වගේ ආදරෙයි.... ඔය වගේ පුංචි දඟ වැඩ කරාට වැරදි වැඩ නම් කරලම නෑ....

    ReplyDelete
  10. මේකනම් හා පැටික්කියෙක් නෙමෙයි. මහාම මහා දගමල්ලක්ද කොහෙද. මගෙ අම්මෝ.... මොකක් හරි හොරකමක්මයි කලොත්.....පාසල් කාලෙනම් මාරයි හාවියේ....හැබැයි අපිට මූදක්නම් තිබුණෙ නෑ...අපරාදෙ...

    ReplyDelete
  11. අනේ නෑ... හා පැටික්කිගෙ ඉස්කෝලෙ ගුරුවරයෙක්ගෙන් හා පැටික්කි ගැන අහුවොත් ඒ කියන දේවල් වලට අයියා හිතයි ඇත්තටම මේව ලියන්නෙ ඒ කියන මමමද කියලා....
    ( හා පැටික්කි බොහොම නිහඬ, හොඳ නම වැඩිත් එක්ක ලබපු කෙනෙක්..... කතාකරන්නත් අකමැති කෙනෙක්....)

    අයියලනම් දඟ වැඩ කොහොමත් කරනවනේ.....ඔයාලට මුහුදක් තිබ්බනම් පන්තියෙ ළමයෙක් බේතකටවත් නැති වෙයි....හිහ්... බොරුද මං කියන්නෙ?????

    ReplyDelete
  12. අපිට අල්ලපු වත්ත පන්සල. අනිත් පැත්ත බාළිකාවට...
    ඉතින් අපි විනාස උනා....
    එච්චරයි. මගේ කතාව ඉවරයි...

    /බිඟුවා...!

    ReplyDelete
  13. හා පැටික්කිව බලල යන්න එන්න හිත හිතා උන්නත් වැඩ රාජකාරි අස්සේ ඒක මඟහැරුණා... ෂාහ් හා පැටික්කිගේ නවාතැන අළුත් වෙලානේ.. වෙනදට වැඩිය කළ එළියයි නොවැ.. හැබැයි ඔය MS කෑල්ල තමා දිරවන්නෙම නැත්තෙ..මතක්වෙන්නෙම ගේට්ස් අයියවනෙ...

    හා පැටික්කිගේ කතන්දරේ කියෙව්වහම මට පුංචි කතන්දරයක් මතක් වුණා..ඒක මෙතනම ලියල යනවට හා පැටික්කි අමනාප වෙන එකක් නැතිවෙයි නේද ?

    ඔන්න එක තාත්තෙකුයි පුතෙකුයි ගියාලු මුහුදු රළ පාගන්න..
    ටික දුරක් යනකොට පුතණ්ඩියා අත කටේ ගහගෙන ලොකු කල්පනාවකලු.. තාත්තාට මේක හරි ප්‍රශ්නයක්.. එයා ඇහැව්වා ඇයි පුතේ මේ කියලා..
    පුතණ්ඩියා අහපි කව් ද තාත්තේ අර මුහුද අයිනේ ගල් උඩ දෙන්නා දෙන්නා වාඩිවෙල ඉන්නේ කුඩේකුත් ඉහළගෙන කියල...
    තාත්තට දෙලෝ රත් වුණා..
    මිනිහා උත්තරයක් හොයන්න ඔලුවේ තියෙන කෙස් ටික ගලවන්න පටන් ගත්තා..
    මෑන්ට ගණදෙවි නුවණ පහළවුණේ ඊළඟ මොහොතෙ..
    “ආහ් එයාල ද... ඒ තමා පුතේ අපේ වෙරළාරක්ෂක බලකාය.. ඔය කුඩ යටට වෙලා කරන්නේ සතුරු නැව් එනවද කියල නිරික්ෂණය කරන එක..”

    ReplyDelete
  14. @ බිඟුවා...!
    ඕක විනාස වෙන්න තරම් දෙයක්යැ???? ඊටත් අයියා බිඟු මාළිගාවෙ ඔය යස අපූරුවට ඉන්නෙ.....

    (අයියගෙන් මට ප්‍රශ්නයක් අහන්න ඕන හැබැයි ඕක ඇහුවොත් මං හොන්දවැයින් අහගන්න නිසා අහන්නෑ....)

    ReplyDelete
  15. @ sansarasidu

    මාවත් මතක් වෙලා ආවට බොහොම ස්තූතියි......
    අයියා කන්න ගියෙ මොකටදෑ ඉතින්????? අකුරු කොහොම දිරවන්නද??????

    අපොයි කිසිම අමනාපයක් නෑ....
    එහෙනම් අපේ ඉස්කෝලෙ හොඳට ආරක්ෂාවෙනවා.... ඒ උනාට ඕක පාලනය කරන්න පොලීසියෙනුත් දෑව ටික කාලයක්... පොඩි එකෙක්ට ඉස්කෝලෙ එන්නවත් නෑනෙ නිදහසේ........ ඊටත් පාසල් 3ක්ම තියෙනව.(girls 2යි, boys 1යි)

    අයියගෙන් අහන්නමයි හිටියෙ ඔය (sansarasidu) අයියගෙ නමද????

    ReplyDelete
  16. @ sansarasidu
    කල එලියට වඩා මං pure Black ආසයි. හිතුනොත් මාරු කරනව.

    ReplyDelete
  17. ඕකට ඔව් කියන්නත් පුළුවන්.. නෑ කියන්නත් පුළුවන්...
    sansarasidu කියන නම හදාගත්තේ ඉස්කෝලේ යන කාලේ..
    දැනට අවුරුදු 12 කට 13 කට විතර කලින්..
    ඉස්සර මං අඳින චිත්‍රවල මං අත්සන දැම්මේ ඔය විදිහට..
    පස්සේ විදුසරට විද්‍යා ප්‍රබන්ධ ලියනකොටත් පාවිච්චි කළේ ඔය නමමයි..
    මගෙ නම කෙටි කළාම ලැබෙන්නේ ඔය නම තමා..
    දැන් නම් මේ නම මට රෙජිස්ටර් වෙලා...
    හරියට හා පැටික්කි (MS) කියල දානවා වගේ...

    කළු පාටට මාත් ආසයි..
    ඒත් නංගො Background එක කළු කරනවානම් අකුරු සුදු පාටින් දාන්න... අනික අකුරු ටිකක් ලොකු කරල දාන්න.. නැත්නම් ඉතින් මේ අයියලගේ ඇස්ගෙඩි වලට දෙයියන්ගෙම පිහිටයි..
    අපි ඉතින් හා පැටික්කි වගේ නිතරම කංකුං හෙම කන එකක්යැ..

    ReplyDelete
  18. මොනවා උනත් ඒ නම ලස්සනයි... uncommon...ඒකයි ඇහුවෙත්...

    ඔය අකුරුත් පොඩි වැඩිනම් ඔය අයියාගෙ ඇස් ගැන දෙවියො බලන එකකුත් නෑ...

    ReplyDelete
  19. ස්තූතියි නංගො..
    මං කීවේ මේ Post එකේ අකුරු ගැන නෙවී..
    කලින් ඒවයේ අකුරු ගැන...
    හිතුනොත් මාරු කරනවා කිව්වහම මං හිතුවා අකුරු ටිකත් පරණ විදිහම වෙයි කියල..
    හප්පොච්චියේ ඒව බලන්න කියල මං වෙනමම අන්වීක්ෂයකුත් ගත්තා නෙව..

    ReplyDelete
  20. ඉතින් කොච්චර හොඳද...... @-@
    මං ඔය දේවල් දන්නෑනෙ ඉතින් අකුරු ලොකු කරන්න ගිහින් තව මොනව කොරයිද දන්නැති නිසා තිබ්බ විදියටම තියෙන්න ඇරියා.....

    ReplyDelete
  21. හප්පා..මාර දගමල්ලක් නෙව :-D අනේ අපිටනම් ඉතින් මුහුදු වෙරලක් තිබ්බෙ නෑ.. වෙල් යායක් නම් තිබ්බා ඉතින් වැස්ස දවස් වලට ඉස්කෝලෙ වත්තෙ තියෙන කෙසෙල් ගස් ටික ඉවරයි ! ලොකු ඉස්කෝලෙ මහත්තයා ඉතින් එදාට ඉස්කෝලේ නැති නිසා අවුලක් නැතිව ඉන්නවා..අනේ ඉතින් පහුවෙනිදට තමා :( ඇඩෙනවා ! :-D

    ReplyDelete
  22. @ Bunny
    අනේ මලයෝ මට තේරුන්නෑ... කෙසෙල් ගස් වලට මොකද කරන්නේ....?????
    කොල්ලො දඟ වැඩක් කලේ නැත්නම් තමා පුදුමේ....

    ReplyDelete
  23. අයියෝ හා පැටික්කියේ ඔයා නිකම් ටියුබ් බල්බ් වගේ නේ :-P ..
    කෙසෙල් ගස් බෝට්ටු හදලා. වෙලට දාලා පදිනවා...!! ඉතින් ඉස්කෝලෙ කෙසෙල් ගස් ටික නෑ කියලා ප්‍රින්සිපල් අපිව මරන් කන්නැති එක විතරයි ! :D

    ReplyDelete
  24. @ Bunny
    ඔය මඩේ බෝට්ටු පදින්න ...... කවුද ඔහොම දෙයක් හිතන්නේ... ඒත් හිතුන පාරුවත් හදනව ඇති කියලා ඒත් ඕව පදින්න තරම් පිස්සුවක් කොහෙන්ද කියල හිතුනා.....

    ReplyDelete
  25. මටත් හිතෙනව හා පැටික්කිගෙ ස්කෝලෙ මම දැකල තියෙනව කියල........කිට්ටුව තව ස්කෝල තියෙනව නේද? my sister also studied there.........

    ReplyDelete
  26. @ ඔජායෙ....
    දැකල නැත්නම් තමා පුදුමේ..... හිහ්...හිහ්....

    R U Sure???? dnt write da name of school...

    n is she Ur Own Sis????

    ReplyDelete
  27. ඕක මාතර පැත්තේ ඉස්කෝලයක්ද ?

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)