෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, March 29, 2010

හා පැටික්කිගෙ ආදරේ.....

අදනම් හා පැටික්කි ගෙනාවෙ වෙනස්ම දෙයක්....
මේ මගේ ජීවිතේ...
මං වැඩියෙන්ම ආදරේ කරන අය.... ඇත්තම කිව්වොත් මගේ පවුලේ කට්ටිය....




මේ මගේ බලු මල්ලියා.. එයා නම් මාවදාල යන්නම ගියා..... ලෙඩ වුනා හිටපු ගමන් බේරගන්න බැරි උනා......(වටේ පිටේ පේන ඒව ගැන හිතන්න එපා... මං තනියම එපැයි ඔක්කොම කරන්න....).





















මේ ඉන්නෙ මං හදපු එකම ලේන් මල්ලියා චූටි කාලේ....(හදපු අනිත් ඔක්කොමල ලේන් නංගිලා....)







එයාට හුඟක් ආදරෙන් වගේම බයෙන් හැදුවෙ... ඇත්තම කියනවනම් හිතේ ගින්දරෙන්... මෙයා ලෙඩ ගොඩක් මට ලැබෙද්දි...(දුන්නෙ කවුද නම් මතකයක් නෑ..) බෙහෙත් දීල විටමින් දීල තමා ඔය තත්වෙට ගෙනාවෙ. එයා ලොකු උනාම මාව දාල ගියා ටික දවසක් මං කතා කරාම ආව පස්සෙ අවෙම නෑ......



මේ ඉන්නෙත් ඒ මල්ලියම තමා ලොකු වෙලා... පේනවනෙ කරන වැඩේ..... දඟ දාස....




මේ අපේ ගෙදර දැන් ඉන්න බලු මලයා චූටි කාලේ... ඉස්සර නම් හරි හුරතල් දැන් අලි හුරතල්....හිහ්..හිහ්...

ඉතුරුව පස්සෙ දවසක දාන්නම්.... හා පැටික්කිට මේ ටික upload කරන්නත් සෑහෙන වෙලාවක් ගියා..... දැන් මහන්සියි... ඒමදිවට 4tos upload වෙන්නෙත් නෑ... මොකද මන්දා....

මේ දෙවල් ගැන හිතෙන දේ කියල යන්න අමතක කරන්න එපා....



31 comments:

  1. @ හා පැටික්කි,
    ඔච්චර අලි හුරතලයක් ගෙදර තියාගෙන මගේ අහිංසක කිටියවත් ගෙනියන්නනේ හැදුවේ... :) මගේ ළඟත් හිටියා බලු මල්ලියෙක් එයත් නැති වෙලා දැන් ටිකක් කල්. එයානම් අවුරුදු 13ක් විතර ආයු වැළඳුවා, අන්තිමට ලෙඩ වෙලා ඔත්පල උනා.. :( ඔහොම තමයි ඉතින් ජීවිතේ.
    ලේන් මල්ලියෙකුත් හිටියා එයත් ඔය වගේම ලොකු උනාම යන්න ගියා.
    තව හිටියා කහ කුරුළු පැන්චෙක්, මයින බබෙක් එහෙමත් හැබැයි ඒ දෙන්නම අකාලේ නැති උනා. ආ ඒ අතරේ පූස් බබාලා කීප දෙනෙකුත් හිටියා... ඔන්න ඔහොමයි මගේ Pet love එක.. දැන් මට ඉන්නේ blog එකේ කිටියා විතරයි.. petsලත් දැන් virtual වෙලා... :D

    ReplyDelete
  2. මම නම් ඇති කර තරමක් ඇති කලේ පූස් බබාලා :) බලු පැංචෙක් හිටියා. ඌ අපේ ගෙදර තියෙන පොකුණට පැනලා ඇවිත් අපේ මල්ලි ගාව ගසනවා ඉතින්. විශබීජ යාවි කියලා අපේ තාත්තා වෙන එක්කෙන්ක්ට දුන්නා ටික දවසකට ඌව බලා ගන්න. අනේ ඌව තව බල්ලෙක් කාලා මැරුනා :( :(

    ReplyDelete
  3. අපේ ගෙදරත් ඉන්නවා බලුරාල කෙනෙකුයි පූසො පස් දෙනෙකුයි.
    ඒ අය ඔක්කොම ඉතින් පාරවල් වල අතරමං කරල දාල ඉදිද්දි කෑම බීම දීපු නිසා අපේ ගෙදරට සෙට් උන අය සහ ඒ අයගෙන පැවත එන අය තමයි..

    ලස්සනයි ඔයාගෙ හුරතල්ලු.

    ReplyDelete
  4. හප්පා.... ෂෝක් හුරතල්ලු ටිකක්නෙ..... මමත් හැදුව ලේන්නු නම් 3ක් 4ක් විතර..... :) ඔක්කොමල ගියා ලොකු වුනාම... එක්කෙනෙක් නම් මැරුණා.... බලු පැටවු පූස් පැටවු ඔක්කොම හිටියා... ඒත් දැන් නම් කවුරුවත් නෑ.... :(

    ReplyDelete
  5. ඔය ඉන්න හුරතල්ලු අතර හා පැටික්කිගේ ෆොටෝ එකකුත් දාන්නයි තිබුණේ :P


    හොද කලෙක්ෂන් එකක් තිබිලා තියෙනවානේ

    ReplyDelete
  6. ෂාහ් හා පැටියෙක් විතරයි අඩු...
    ගෙදර අය හා පැටියෙක් ගැන උනන්දු වෙලා නැත්තේ හා පැටික්කී ඉන්න හන්දා වෙන්නැති...

    ReplyDelete
  7. මං වැඩියෙන්ම ආදරේ කරන අය.... ඇත්තම කිව්වොත් මගේ පවුලේ කට්ටිය....

    ඒ කිව්වට ගෙදර අනිත් කවුරුවත් නෑනේ.
    එයාලට ආදරේ නැද්ද?
    හිටු මම කියන්නම් අම්මට....

    /බිඟුවා...!

    ReplyDelete
  8. @ Nishacharaya
    ඉතින් අයියගේ කිටියට ආදරේ හිතුන හන්දනෙ ඉල්ලුවේ... අපේ ගෙදර කිටියො තහනම් අපේ උක්කුන් හදපු ලේන පැන්චෙක්ව කාල පූසෙක් එදා ඉදන් පූසො දැක්ක තැන ගහනවා එයා..... මගේ ලේන් පැන්චෙක් කන්න ආපු පූසෙක්ට උක්කුන් ගහන්න හැදුවෙ මොකකින්ද දන්නවද... බයිසිකල් hAndle එකකින්.... අම්මෝ පූසො තහනම්.... :(
    ඉතින් පණ තියන කිටියො බෑ නෙ ඒකයි ඔයාගෙ කිටිය ඉල්ලුවේ.... :D

    මටත් අයිය කෙනෙක් මයිනා බබෙක් දුන්න එයාට ලස්සන්ට විසිල් ගහන්න පුලුවන්. ඒ කාලෙ මට කැමර නෑනෙ....(එයා මැරුණා...හැබැයි වයස හරි ඇති....)

    @ Bunny
    අනේ පව්... දුකයි මටත්.... පූස් බබාල මට තහනම්...:(

    @Raven
    බොහොම ස්තූතියි...
    මාත් පාරෙ ඉන්න අයට කන්න දෙනව. හැබැයි ඒ අයව ගේට්ටුවෙන් ඇතුලට ගැනීම සපුරා තහනම් කර ඇත...

    @ විශ්මි
    බොහොම ස්තූතියි....
    හරිම ෂෝක් තමා...
    අම්මෝ කවුරුවත් නැතුව මට නම් ඉන්න බැරිවෙයි... :D

    @ හෙළයා
    ඒක දාපු මාතෘකාවට ගැලපෙන්නෑ අයියේ....
    ඊටත් ඒක දෑවොත් ඔයාල මේ පැත්ත පලාතක එන එකක් නෑ ආයේ.... :(

    :( තව තිබුන අයියගේ කොම්පීතරේ. ඒක වැඩක් නොගත්තත් හැමදාම කැඩිල හැමදාම format කරනව (දැනටත් කැඩිලා..) මේ මන් කැමර එකෙයි මගෙ ෆෝන් එකෙයි පරිස්සම් කරගතපුවා......

    @ sansarasidu
    නෑ හාවෝ හදපු කාලේ මං ලඟ කැමර එකක් තිබුන්නෑ අයියේ...... :(

    @ බිඟුවා
    ඔය තමා මගේ පවුලේ අය... හැමදේම කිව්වෙ ඔයගොල්ලන්ට... මං මිනිස්සුන්ට වැඩිය ආස නෑ.... :(

    එයාලට මෙයාලට තරම් ආදරේ නෑ.... අම්මගෙ නම්බර් එක මං දෙන්නද අයියේ......???? ;D

    ReplyDelete
  9. මමත් පූසොන්ට කැමති නෑ තමා, මොකද මගේ කහ කුරුළු පැටියගේ බෙල්ල කඩලා මැරුවෙ පූස් තඩියෙක් තමයි. ඒ වෙද්දි වචනයක් දෙකක් කතා කරන්නත් පුළුවන් එයාට :(
    තාත්තා තමයි එයාට වැඩියෙන්ම ආදරේ.. එදා තාත්තා තඩි පොල්ලකුත් අරන් ගම පුරාම හෙවුවා ඒ පූස් තඩියව, උගේ වෙලාවට එදා ඌ බේරුනා. හැබැයි මමනම් දකින දකින තැන හොඳටම සැළකුවා මදි නොකියන්න :) අන්තිමේ ඌ අන්ත්‍රස්දාන උනා.. මැරෙන්න ඇති ගුටි කාලම. හොඳ වෙලාවට අයිතිකාරයෙක් හිටියෙ නෑ.
    මේකාවත් තියාගෙන ඉන්නේ Virtual නිසා.. කාටවත් කරදරයක් නෑනෙ.. මෙන්න නියම අහිංසක පූසෝ... :D

    ReplyDelete
  10. අපෙත් ගුරුවරියක්ගේ බල්ලා ගිය සතියේ මියගියා. ගුරුතුමිය බල්ලාව සිහිපත් කරලා බෝධි පූජාවක් තිබ්බා. ඒ වගේම පහුගිය පෝයටත් සිල් අරගෙන බල්ලාට පින් අනුමෝදන් කළා. ඒ ගුරුතුමීට ළමයි නැහැ. බල්ලාව ළමයෙක් වගේ තමා හැදුවේ.

    ReplyDelete
  11. @ Nishacharaya,
    අනේ පවු......
    ගියසතියෙ මං ක්ලාස් ඉද්දි හුරතලේට සෙල්ලම් කර කර හිටි ලේන් පැන්චෙක්ව කෑව පූස් තඩියෙක්... හා පැටික්කි ඇස් දෙකේ කඳුලු නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්.... සර් කියනව සහජීවි සම්බන්දතා ඔහොමලු... සර් නොවුනනම් දනී මං...

    @ Hasiya
    අපේ ගෙදර අපි හිටියත් ළමයි වගේ තමා.... ඔය උඩින්ම ඉන්න බව්ව කැමති නෑ අපි අම්මව බදා ගන්නවට.... ඇවිල්ල අපේ ඇඟට පනිනව.....

    ReplyDelete
  12. හා පැටික්කිගෙ බලුස් නම් එල!හරියට මගෙ බල්ල වගේ...ඇත්තද අක්කි සත්තුන්ට ආදරේකලාම ලස්සන වෙනව කියන්නෙ??

    ReplyDelete
  13. අනේ සමනලීටත් පුංචි කාලේ ලේන් පැංචෝ තුන්දෙනෙක්ම හිටියා.... ඇස් අරින්නත් කලින් ඒ පණ්ඩිත ලේන් පැංචෝ ටික එයාලගේ කූඩුවේ ඉදන් සමනලීගේ ගෙදර වහලේ තරණය කරන වීර ක්‍රියාව කරන්න ගිහින් පෝලිමට වැටුනේ නැතැයි සාලේ පුටුව උඩටම! අනේ ඉතින් වැටිලා තලා ගත්ත නාහේ කට එහෙම බේත් දාලා හරිගැස්සුවාම මෙයාලා සමනලී එක්කම හිටියා.... සාලේ පුරාම දඟ කර කර කිරි ටික හදලා දෙන පරක්කුවෙන් ඉවර කර කර අපුරුවට හිටියා.... ඒත් එයාලා ලොකු උනාම හිටි ගමන් යන්න ගියා.....

    ReplyDelete
  14. @ හසිත ජයසූරිය
    කව්ද මල්ලියෝ එහෙම කියන්නේ??? මං නම් ඔයා ඔය කිව්වමයි ඇහුවේ....

    @ Punchi Samanalee
    අපොයි ඔව් මා ලඟ ඉන්න අයත් ඔය වැඩේ කරපු අය තමා... වයසට නෙමේ වැඩ.... තනියම යන්න ගිහින් පූස් කටේ නවතින්නේ....

    ReplyDelete
  15. අනේ මගේ බලු පැටියවත් මට මතක් වෙනවා

    ReplyDelete
  16. දැන් ඉතිං මගේ පාලුවට ඉන්නෙත් මගේ බලු යාලුවො දෙන්න විතරයි. හැබැයි එකෙක්නං මහා අණ්ඩපාලයෙක්....

    ReplyDelete
  17. @ බිඟුවා..!
    ඉතින් ඒකනේ මං නම්බර් එක දෙන්නද ඇහුවේ...... :D

    @ රොකියා
    ඇයි ඔයාගෙ බලු පැටීට මක් වෙලාද?????

    @ Chandika @ ..::E-KiCkS::..
    මං ඒක දැනගෙන තියෙන්නෙ පුංචි කාලෙමයි මං හිතන්නේ......
    මොනව උනත් සත්තු ලඟ ගුණේ තියෙනව....

    ReplyDelete
  18. ලස්සන ආටිකල් එකක්.අපේ ගෙදරත් පූසෝ පස් දෙනෙක් ඉන්නවා.තුන් දෙනෙක් පැටව්,ගිය සතියෙ ඉපදුනේ

    ReplyDelete
  19. ඇත්තට මීක දැකල මටත් මගෙ මගෙ බලු කුක්ක ගැන ලියන්න හිතුනා මෙයාලා...ඌත් හරි අන්ඩපාලය!

    ReplyDelete
  20. මොකදෑ හා පැටික්කියේ මේ...
    කළු කරල තියෙන්නේ... වහින්නද මන්දා...

    ආ.. අර කිව්වත් වගේ ආපහු පරණ නවාතැනට ගෙහුන් නෙව...
    හොඳා හොඳා...
    අපි ගැනත් හිතල සුදු අකුරෙන් ඔය ලොකුවට ලියල තියෙන්නෙ..

    ReplyDelete
  21. ගොඩාක් ඉස්සර මටත් හිටියා..
    යාලුවෝ ගොඩාරියක්...
    පුස් පැටව්... බලු පැටව්...
    යාළු මාළුවෝ..

    ඒ කාලේ මතක් කරන්නත් ආසයි...
    ඒත් ඒ සත්තු එක එකා මැරිල යද්දි..
    ඔව් සදහටම මගෙන් ඈතට යද්දී...

    දොස්තරලගෙ කීම අහල අම්මල උන්ව මගෙන් ඈත් කරද්දි..

    මට ඒ දුක දරාගන්න බැරිවුණා...
    මං ඉතුරු සත්තු ටිකත් වෙන අයට දුන්නා හදාගන්න..
    එදා මෙදා තුර ආයේ කවදාවත් හුරතලෙක් මගේ හිත අහලකටවත් ගත්තේ නෑ..
    තරහකට නෙමෙයි...
    මට උන්ගෙන් වෙන් වෙද්දි දැනෙන වේදනාවට මං අකමැති හන්දා..

    ReplyDelete
  22. අපේ බෝඩිමේ නං ඉස්සර හා පැටව් දෙන්නෙක් හිටියා. උන් එකෙක් පොඩි කාලෙම පූසෙක් කෑවා. අනිකා නං ඉතුරු වෙලා ඉන්නවා. උගෙත් ආයුෂ තව ටිකයි වගේ. ගිය සතියෙ මම රැ වෙලා බෝඩිමට යන කොට කවුරුවත් නෑ. හාවා මිදුලට වෙලා උඳුපියලිය කනවා. එතකොට රෑ 9හමාරයි. මම ගියපු හින්දා ඌ බේරුනා. නැත්තං ඌටත් යාළුවට ගිය කලදසාවම තමයි

    ReplyDelete
  23. @ biologist
    බොහොම ස්තූත්යි...
    ඒ පැංචො පරිස්සම් කරන්න.....

    @හසිත ජයසූරිය
    මේ මේ ඌ මූ බෑ මලයෝ....
    මම කියෙව්ව ඒක.....

    @ sansarasidu
    අයියා කිව්වනේ ඉතින් මං පොල්ගෙඩි අකුරු දෑවා.....
    කොච්චර දුක උනත් මට ඒ අයව නැතුව ඉන්න බෑනේ අයියේ .... මං කරන වැඩ කිව්වොත් ඔයා හිතයි මං මෙන්ටල් කේස් එකක් කියලා....

    @ දොඩන්
    පූසොත් හාවෝ කනවද අයියේ?????
    හාවටත් ඔය රෑජාමේ බඩගින්නක් අවේ පිස්සුනේ ඉතින්.....

    ReplyDelete
  24. සත්තු ගැන සෑහෙන කථා ටිකක් ගිහින් වගේ

    ReplyDelete
  25. ඒකනෙ නංගි කියන්නෙ බඩ ගැන හිතන්න ගියා ම හාවොත් එකයි මිනිස්සුත් එකයි.
    පූසො නොකන දෙයක් කියන්න බලන්න?

    ReplyDelete
  26. @ හෙළයා
    අයියා සත්තුන්ට වැඩි ආසාවක් නැති පාටයි.....

    @ දොඩන්
    මං පූසෝ ගැන දන්නෑ අයියේ වැඩිය ඇතිකරල නෑනේ.......

    ReplyDelete
  27. කෝ මට අංකය දුන්නේ නෑනේ...
    අම්මට බයයි... මෙයා කයිය ගැහුවට....

    /බිඟුවා...!

    ReplyDelete
  28. අනේ මං බය වෙන්නේ මොකටද....???? කොහොමද දෙන්නේ මං මේඝ දූතයක් එවන්නයැ......?????

    රැජිනට කියනව කිව්වම ගුමු ගුමුව missing...... :):)

    ReplyDelete
  29. සුරතල්ලු ගොඩයිනේ...හා පැටික්කි හාවොන්ට ආස නැද්ද... :)

    ReplyDelete
  30. @ Panhida
    ආසයි ඒත් කන්න දෙන්න ගියාම පණ යන නිසා එකම එක පාරක් හැදුවට පස්සේ හැදුවෙ නෑ.....

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)