෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, March 19, 2010

හා පැටික්කිගෙ සිතුවිලි අනුව අන්ධ ආදරේ....



කට්ටියම ඇවිල්ල තියෙන්නෙ....උක්කුන් බෝලෙ හදිස්සියෙම ගියා... ඔන්න මං එදා අහපු ආදරේ අන්ධ ප්‍රශ්නෙට හා පැටික්කිගෙ උත්තරේ දෙන්න යන්නෙ......

කට්ටියම සාමන්‍ය පෙලට විජ්ජාව කරන්නැතිනෙ???? නොකරත් ප්‍රශ්නයක් නෑ සරලව කියන්න බල්න්නම්......
තියෙන්නෙ ඔය ඇස, කාච, කණ්නාඩි, අක්ෂි දෝශ කියල කොටසක්. ආන් ඒ කොටසට තමා මේක අයිති..... ඔය මෙලෝ රහක් නැති අම්මය රසය කාචරසය ගගා ඉගෙනගන්නෙ....

ඕකෙ ඇස කරන කොට එනව වචනයක් විෂද දෘෂ්ටියේ අවම දුර කියල... තෙරුන්නැති අයට සිංහලෙන් කියනවනම් ඇසේ අවිදුර ලක්ෂය කියනව. ඒත් තෙරුන්නැත්නම් අපිට පේන ලඟම තැන කියල හිතා ගන්නකෝ...

ඉතින් ඕක සාමන්‍ය නිරෝගී කෙනෙක්ගෙ නම් සෙන්ටිමීටර 25ක් වෙනව.... ඔය තරුණ කාලෙ දුර පේන්නතුවට වැඩියෙන් කණ්නාඩි දෑවට (වයසෙ වැරද්දනෙ දුර පෙනුනත් බලන එකක්යැ.. ) වයසට යනකොට ලඟ බලන්න පොත් කියවන්න කණ්නාඩි දාන අයට ඕක 25ට වඩා වැඩ්යි.....
ආයෙ ට්‍රැක් එකට... ඉතින් අපි කාටවත් අපේ ඇසේ ඉඳන් සෙන්ටිමීටර 25ක් දුර යනකම් ඒව පේන්නෙ නෑ.

ඉතින් ඔය ගොඩක් අය ආදරේ කරද්දි පරතරේට සෙන්ටිමීටර 25හේ කෑලිත් නෑ නොවැ.. (දන්නෝ දනිති., නොදන්නෝ කවදහරි දැන ගනිත්වා..) ඉතින් කොහෙද පේන්නෙ.. ඊටත් කෙල්ල කතා කරන්නෙ ඈම්ප් එකකට දීල ඇහුවත් ඇහෙන්නැති තරම් හිමින්නෙ...වැඩකට ඇති දෙයක් කියන්නැති උනත් කොල්ල කන් දෙක ඈම්ප් කරන් හරි ඕක අහගන්නත් එපැයි...නැත්නම් ඊලඟට අහන් හිටියෙ නෑ කියල, අහන ඒවට උත්තර නෑ කියල මල ජංජාලයයිනෙ.. රංඩු රංඩු රංඩු... ඉතින් කොහොමදෑ සෙන්ටි මීටර තියා මිලිමීටර 25ක් වත් තියන්..... ඒ උනාට බැන්දට පස්සෙ ඔය කුරු කුරු ගාපු අය නෑ.. දෙපිටින් යන්න නෙ ඉතින් කතාකරන්නෙ.. ඔය සද්ද පූජාව ..එතකොට නම් අනෙක් පාර්ශවේ අහන් ඉන්න එක විතරමනෙ කරන්නෙ...

ඕන් ඕක නිසා තමයි හා පැටික්කි නම් ආදරේ අන්ධයි කියන්නේ....

ඇත්තටම අන්ධයි නෙ??????

43 comments:

  1. හා පැටික්කිත් මාර දෙවල් තමයි දන්නෙ....
    හා පැටික්කිටත් මාර දෙවල් තමයි හිතෙන්නෙ...

    ReplyDelete
  2. අනෙ අම්මෝ මෙ හා පැටික්කිට නම් කැරට් දීලා හරියන්නේ නැහැ වට්ටක්කා තමා හරියන්නේ...

    ඔං අපිත් ඇවිත් ගියා

    ReplyDelete
  3. @රවා
    දන්නෙ නම් ඉතින් ඕව දැකල.... හා පැටික්කිගෙ අමුතු සිතුවිලි කියලා නම දෑවෙ ඒකනේ.....

    @මාරයා
    ප්‍රශ්නයක් නෑ මාරයියෙ... හම පැහැපත් වෙන්න වට්ටක්ක හොඳයි..... ආවට පිං...

    ReplyDelete
  4. අපොයි මේ නම් හා පැටික්කියෙක් නෙමෙයි බොලේ...ආ හැබෑට... පැහිලා හොදටම.... ලොකු හාවියෙක් නේද හැබෑටම.. කැම්පස් එකේ ඉන්න හාවියෙයක් වගේ මගේ හිතේ....අර කිවුවත් වගේ කැරට්නම් දීලා හරියන්නෙ නැ ඕං..
    අදහස් ටිකනං පංකාදුවට ගලපලා තියෙනවා අම්මපා...හැබැට කවුදෑ මේ...
    මේං මගෙනුත් උදුපියලිය ටිකක්.. නිවාඩු පාඩුවෙ ඔය පැත්තකට වෙලා හපන එකයි ඇත්තෙ... ආයෙ වංගියක් මේ ඉසවුවෙ හක්කලං කොරාන්න එන්නකො ඈ...
    :-D

    ReplyDelete
  5. @ Chandika @ ..::E-KiCkS::..
    අනේ නෑ කැම්පස් යන්න ආසාවෙන් ඉන්න හාවියෙක්...
    ගැලපිල්ල හොඳද????? මටනම් හරි නෑ නෑ වගේ......
    ' කවුදෑ මේ...'
    ඇහුවෙ මම කවුද කියලද????
    හක්කලං කොරන්න කිව්වෙ... තේරුන්නෑ....
    ස්තූතියි අයියා.

    ReplyDelete
  6. ඕං අද තමා හා පැටික්කිව මුල්ම වතාවට දැක්කෙ...
    ෂාහ් හරි අපූරු පැටික්කියෙක් නෙව...
    වයසට නෙමෙයි වැඩ...
    පැහිල කියන්නේ... ඉදිල ද කොහෙද..
    ආදරේ අන්ධයි කියල විජ්ජාවෙන් ම ඔප්පු කරල තියෙන්නේ...
    ඔක්කොමත් හරි...
    පුංචි ප්‍රශ්නයක් !
    හා පැටික්කිගේ නම අගට MS ආවේ කොහොමෙයි...?
    හත්වලාමයි.. හා පැටික්කිත් මයික්‍රෝසොෆ්ට්කරණය වෙලා වගේ...
    අයියෝ මේ බිල් ගේට්ස් අයියා මෙලෝ දෙයක් ඉතුරු කරන්නෑ වගේ..
    ඔක්කොම MS කරනවා...
    :D :D

    ReplyDelete
  7. ඔයාගෙ නම "හා අම්මන්ඩි" කියල වෙනස් කරමුද? :D

    ඔය ගලපාගෙන තියෙන්නෙ මරුවට...

    හොදා.. හොදා...

    ReplyDelete
  8. අම්මෝ ..මාර තියරිය .. කීබෝඩ් එකේ කී දෙකක් එක් අතින් ඔබාගන්න බැරි කාලෛදලම කොම්පිටරේ එක්ක ඔට්ටු වෙලා Confiuzd ප්‍රෝග්‍රැමර්ගෙනම් ඇහේ පොට ගිහිල්ලයි තියෙන්නෙ...ඒ හින්දා Confiuzd ප්‍රෝග්‍රැමර්ට නම් ආදරේ තාමත් පොට්ටයි ..:D

    ReplyDelete
  9. @ sansarasidu
    සතුටුයි මාව දකින්න ආවට... අනේ මංද පැහිලද ඉදිලද කියන්න......
    බිල් ගේට්ස් මගෙන් ඕක හොරකන් කර ගත්තෙ... (ඒ මගේ නමේ මුල් අකුරු )

    @සුලඟ
    ගැලැපුවෙ කොච්චර කාලෙකට පස්සෙද....O/L සිංහල ගැලපුවට පස්සෙ.... නම නම් සලකා බලන්න දේකුත් නෑ රිජෙක්ට්....

    @ Confiuzd ප්‍රෝග්‍රැමර්
    පින්තූරෙ දැක්කමත් ඒ බව පේනව...

    ReplyDelete
  10. ඕන් අදමයි මේ පැත්තේ ආවේ...
    අපූරුයි නගේ... ෂෝයි...
    මෙන්න කං කුං ගහක්....
    'ආලේ අන්ධයි' විතරක් නෙමේ නංගියේ 'ආලේ අන්දයි' කියලා වැඩක් නැහැ....
    ආලයේ හැටිත් , ඇන්දෙමින්, අන්ධ වෙමින් ජීවිතේ රස බලන එක තමා නොවැ...
    අයෙත් දවසක එන්නම්කෝ...

    ReplyDelete
  11. හා පැංචියෝ....මං ඇහුවෙ ඔයා කවුද කියලා තමයි..හැබැට කැම්පස් යන්නද ඉන්නේ...? අගෙයි...හැබැයි හාවියෝ බොහොම කල්පනාවෙන් ඉන්ට ඕනැ හොදද? කොටි හපුවො එමටයි මේ වනන්තරේ...
    (හක්කලං කොරනවා කියන්නෙ ඇවිදින එකටමයි හා පැංචියේ....)

    ReplyDelete
  12. ඔයාගේ නම සඳ සාවී කිව්වොත් මොකද?

    /බිඟුවා...!

    ReplyDelete
  13. @ මිස්සක
    d:D

    @ ජීවිතේමල්
    ඇත්ත... පුලුවන් උනොත් ඒ ගැනත් ලියන්නම්කෝ.....
    ඕන වෙලාවක එන්න.

    @ Chandika @ ..::E-KiCkS::..

    කවුද කිව්වට අයියා දන්නෑනෙ?????
    මේ පාරත් නොයයි... පුංචි කාලෙ ඉඳන් තිබ්බ ආසාවට ලඟාවෙන්න මේ පාරක් උත්සාහ කරනව... කොටි හපුවොන්ට හා පැටික්කිව අහුනොවෙන්න ඉන්නම්....

    @ බිඟුවා...!

    හා පැටික්කි කියන නමට දුක්බර අතීතයක් තියෙනව.... මං ඒකට ආසයි...
    ඉතින් සඳ සාවි වෙන්න බෑනෙ මට.....

    ReplyDelete
  14. මම පොඩි හින්දද දන්නෑ මටනම් තේරුනේ නෑනේ :D

    ReplyDelete
  15. අප්පට සිරි දෙවෙනි පාර කිව්වාම තමා තේරුනේ අලය අන්දයි කියලා :P :P :D මේ හාවිටත් හිතෙන දේවල් හැබැටම....:D

    ReplyDelete
  16. අන්ධ නැත්නම් ඒ ආදරේ ලස්සනකුත් නෑ නේ නංගෝ....

    ReplyDelete
  17. @ Bunny
    කවුද දැන් අල අන්ධයි කිව්වෙ????? පිස්සු මලයා...

    @හෙළයා..
    අනෙ අම්මෝ යන්තන් ඇති මේ පැත්තෙ ඇවිත් මං හිතුව මං අහපු මැටි කතාවට හෙළය අයියා මා එක්ක තරහින් කියලා.....
    මමනම් කොයි ආදරේකවත් ලස්සනක් දන්නෑ....

    ReplyDelete
  18. නෑ තරහක් නැහැ. පොඩ්ඩක් විතර හිත රිදුනා එච්චරයි.

    නංගි ආදරේ ලස්සන දන්නේ නෑ වෙන්න බැහැ. ඒක නෙවෙයි ඇත්ත. ඔයා ආදරේ ලස්සන පිලිගන්න බයයි. එහෙමද..?

    ReplyDelete
  19. @ හෙළයා
    අයිය දාපු උත්තරේට මටත් ගොඩා...ක් දුක හිතුන. මම අදහස් කරේ වෙන දෙයක් ඔයා තේරුම් ගත්තෙ තව දෙයක්......මගේ වැරැද්ද...... ඒත් ඔයා තෙරුම් ගත්තෙ මොකක්ද කියන්න මට තාම තේරුන්නෑ....
    මං ඇත්තටම දන්නෑ අය්යෙ.. මට උනු දේ මම කිව්වනෙ ඔයාට.....

    ReplyDelete
  20. ඔය මොන මොන බයිලා ගැහැව්වතව හා පැටික්කිට මොකක් හරි අලය පිලිබද එක්ස්පිරියන්ස් කට්ටක් ඇති :P :D නැත්නම් මේවා පහල වෙන්න විදියක් නෑ :)

    ReplyDelete
  21. අල්ලලා දාන්න නංගියෝ. ඒක ප්‍රශ්ණයක් නෑ.

    bunnyට අනිවාර්යයෙන්ම. මටත් ඒක හිතුණා ;)

    ReplyDelete
  22. @ Bunny
    අයියටයි මලයටයි මොනව කියන්නද ඉතින්.....
    ඔය වගේ දෙයක් ලියන්න එක්ස්පීරියන්ස් ඕනමද මලොයෝ........

    @හෙළයා..
    මේ හා පැටික්කිට බැරිම දේත් ඕක අයියා කමක් නෑ ඔයා අල්ලල දාන්නකෝ....

    ReplyDelete
  23. maarai ne..
    mata nam hithaa gannath bari una.
    :D

    ReplyDelete
  24. ෙමන්න මගෙන් කංකුං

    ReplyDelete
  25. @ ToyotaEE100
    බොහොම ස්තූත්යි....

    ReplyDelete
  26. දිගටම කැරට් කන්න. එතකොට ආදරය "අන්ධ" වෙන එකක් නෑ!

    ReplyDelete
  27. @ Biologist
    එහෙනම් කැරට් දිගටම කනවමයි.....

    ReplyDelete
  28. බඳින්න කලින් ආදරේ අන්ධයිනෙ.......බැන්දට පස්සෙ ආදරේ බීරි වෙනව ඇති , මොකද ඉස්සෙල්ල මුමුනපුව පස්සෙ කණ පැලෙන්න දෙන්වනෙ.හා පැටික්කිගෙ නියම විද්‍යාත්මක ස්ටෝරියක්................

    ReplyDelete
  29. @ ඔජායෙ....
    ඒකත් වෙන්න පුලුවන්....තීව්‍රතාවත් වැඩියිනේ....
    තැන්කූ.....

    ReplyDelete
  30. විෂද දෘෂ්ටියේ අවම දුරට වඩා ලං උනාම හරියට පේන්නේ නෑ තමයි.
    ඒත් අපිනම් ඕක කියන්නේ තමුන්ට ආදරේ ලැබෙයිද නැද්ද කියලාවත් හරියට හිතාගන්න බැරි කෙනෙක් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන SPBR ලාට.
    හැබැයි ඉතින් වෙලාවකට ඒ දේවල් ශ්‍රේෂ්ඨයි.වෙලාවකට බූරු වැඩ.

    ReplyDelete
  31. සීසර් මේ පැත්තෙ ආපු එක ගැන සතුටුයි......
    ඒත් ඕන් මට බයක් හිතුන.... රෝමන් කාරය උනාට ඌරු මස් විතරනෙ කන්නෙ...... හා මස් කන්නෙ නෑනෙ????? :D :D :D :D

    ආදරේ එහෙමලුනේ ඉතින්......
    හ්ම්... ඔව්..... ඒකත් ඇත්ත.....

    ReplyDelete
  32. ඒ...ඒ..සීසර් නේ... අනේ මං නං ඌරු මස් කන්නෙත් නෑ...හා මස් කන්නෙත් නෑ..හැබැයි හාවො ඇති කරන්න නම් ආසයි. එත් තවම වැඩේ හරිගියේ නෑ.. මේ දවස්වල ගිනිපිග් කෙනෙක් හොයාගන්නයි දගලන්නේ.ඇතිකරන්න.... ඒක හින්දා මේ සීසර් ගැන බයවෙන්න දෙයක් නෑ..

    හ්ම්ම්... තවත් අදහසක්... ඔය හැම වැඩක්ම ශ්‍රේෂ්ඨ විදිහට පෙන්නේ කරන කෙනාට තමයි.තමුන්ටම ආදරේ අන්ධයි කියලා කියාගන්නේ නෑ නේ... බලාගෙන ඉන්න අයට පේන්නේ ආදරයෙන් අන්ධ වෙච්ච කෙනෙක් විදිහට වෙන්න පුලුවන්.

    ReplyDelete
  33. @ සීසර්
    ඒක හොඳයි....
    මොකෙක් කිව්ව.....?????

    ඒ උනාට හිතත් එක්ක ගණුදෙනු කරන්න තියෙන අමාරුකම දන්න කෙනෙක් ඕවට මෝඩ වැඩ කියන්නෙත් නෑ, ශ්‍රේෂ්ඨ වැඩ කියන්නෙත් නැහැ...... සැබෑව දකිනව.....

    ReplyDelete
  34. Guinea Pig... රෝමෙ පුරාම බැලුවා...ඒත් හම්බවුනේ නෑ... ගෝල් කාරයොන්ගෙන් වත් අහලා බලන්න ඕන.

    අමාරුකම දන්න කෙනෙක් කිව්වේ හා පැටික්කිටමද?
    සැබෑව මොකක්ද කියලා අපිටත් කියල දෙන්නකෝ.

    ReplyDelete
  35. @ සීසර්
    සිංහලෙන් කියන්නෙපැයි... :)
    ඔයින් කෙනෙක් ඉන්නව අපේ තාත්තගෙ යාළුවෙක් ලඟ. එහෙ ගිය වෙලාවක තාත්ත මට 4to වගයක් ගහන් ඇවිත් පෙන්නුව...
    එයාල ෂෝ......යිලුනේ....??????

    වෙන්න බෑ...... :D
    මාත් දන්නෑ අනේ..... :D

    ReplyDelete
  36. හා පැටික්කිට සිංහලෙන් කිව්වමනේ තේරුනේ නැත්තේ..එකයි ඉංග්‍රීසියෙන්ම කිව්වේ. ඔව්..ඔව්... හරි ෂෝයි..

    එහෙනම් සැබෑව දකිනවා කියලා කිව්වේ?? දැන් බොරුවට දන්නෙ නැතිලු.. :P

    ReplyDelete
  37. @ සීසර්
    ඉතින් තාම හොයාගත්තෙ නැද්ද?????

    මං සබෑව දකිනව කිව්වෙ නෑනෙ මං.......

    ReplyDelete
  38. location එකක් නම් ආරංචි උනා. තව පොඩ්ඩක් හොයලා බලන්න ඕන


    අමාරුකම දන්න කෙනෙක් සැබෑව දකිනවා කියලා කිව්වෙ??? ඔයාගෙම අදහසක් නෙවෙයිද? සැබෑව දැකපු කෙනෙක්ද කිව්වේ??

    ReplyDelete
  39. @ සීසර්
    හ්ම් හ්ම්.....

    වෙන්නැති මං හිතන්නේ..... ;D ;D

    ReplyDelete
  40. ඒක නං එහා මෙහා වැනෙන උත්තරයක්....
    තමුන්ගෙම අදහසක්ද, අනුන්ගේ අදහසක්ද කියලත් ෂුවර් නෑ වගේ..

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)