෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, April 4, 2010

හා පැටික්කිගේ ආදරණීය මල්ලියා......


හා පැටික්කිට වෙලාවක් නැති උනත් මේක දාන්න හිතුනා. නැත්නම් පව් අපේ බිඟුවා අයියා...... ඉතින් හා පැටික්කි මේක කියන්න හිතුවා.....
මං ගෙදර අයට වඩා සත්තුන්ට ආදරෙයි කියන එක මං ගැන දන්න කෙනෙක්ට නම් පුදුමයක් නෑ... ඔයාල මාව දන්නැති නිසා ඒක කියන්න එපැයි....

දැන් සහෝදරයාගේ කතාව....

පුංචි කාලෙ ඉඳන් අපේ ගෙදර ලේන්නු නම් හැදුවා. අම්ම, අයියා මම හැමෝම හැදුවා....ඒත් අපේම කියල බව්වෙක් හැදුවේ මේන් මෙයාව...



(මාර photogenic නේ ..) එදා මෙයාව දැක්කනේ..... මෙයාගේ නම මාලන් (බෙහෙත් විදින පොතේ නම් මම අපේ surname එකත් ලිව්වා. දැන් ඒක කියන්න බෑනේ ඉතින්...) මං මෙයාට ගොඩක් ආදරේ කරා.. (මං ලඟ නැතත් දැනටත් ඒ ආදරේ එහෙම්මමයි.)

මේන් කතාව...

අයියල නංගිලා ඉන්න ගෙදරක් ගැන කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ..... අපේ ගෙදරත් ඉතින් අයියයි මායි හන්ද රංඬුවක් නැති දවසක් තිබ්බොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ගෙදර නැති දවසක්..... මං ඉතින් නංගිනේ ගුටි කමින් තමා... අඩුවක් නැතුව ගුටි කෑවා.... අම්ම ඕවා බේරන්නෙත් නෑ උක්කුන්ට සැර චුට්ටක් දානව විතරයි... තාත්තට කිව්වොත් නම් ටිකක් බනිනවා ඒත් වැඩක් උන්නෑ මට....(දන්නවනේ ඉතින් මට වෙන්න ඕන දේ....) කොහොමටත් අපේ ගෙදර වැඩි ආදරේ උක්කුන්ට ඒක පස්සෙ දවසක කියන්නම්....

දැන් කොහෙද නැවැත්තුවේ... ආහ් රංඬු ඕක ඉතින් ඉවරයක් ඇති දෙයක් නෙමෙයි නේ.... අපේ ගෙදරට ඔය බව්වා ආවම හැමෝම එයාට ආදරේ කරා... අයිය ඉතින් ඒ කාලේ නාහෙට අහන්නැති වයසෙනේ එයාට එච්චරම ඇල්ලුවේ නෑ මෙයාව. මගේ නම් පණ.. අම්මයි තාත්තයිත් (තාත්ත විශේෂයෙන්) ගොඩක් ආදරෙයි.

පැටියා ලොකු උනා. ගෙදර චන්ඩියා... නයි රෝස්පාන් කෑවත් ඉතින් දන්නවනේ එක වැයික්කියේ දෙන්නෙක් බෑ කියල.... :D අපේ ගෙදරත් ඕකම තමා උනේ. බව්ව මලයත් නාහෙට අහන්නෑ මාර සැරයි... කිව්වට පිලිගනීද මංද බව්වගේ ඇස් දිහා අයියා බලන් හිටියොත් බව්ව ගොරවනවා බව්ව අයියාගේ ඇස් දිහා බලන් හිටියොත් අයියා ගොරවනවා.(අහුවෙන දේකින් ගහනවා)

ඕන් ඉතින් මට චාන්ස්....
ඕන දේටයි එපා දේටයි හැමදේටම ගුටි කාපු මට ආදරණීය ආරක්ෂකයෙක් ලැබුනා... අයියා අතක් හරි ඉස්සුවොත් මට කරන්න තියෙන්නේ "අම්මේ" කියල හයියෙන් කෑගහන්න විතරයි... මල්ලි ආවා අයියට බුරාගෙන බුරාගෙන පනිනව.... අයියත් බයයි බව්වා සැරයි විකනව... (මාව ඇරෙන්න ගෙදර හැමෝවම විකල තියෙනව අම්මත් ඇතුලුව...) ඕන් හා පැටික්කිට සහෝදරයෙක් ලැබුන හා පැටික්කිව බේරගන්න... අයියා සැරෙන් මට වචනයක් කිව්වත් මං "මාලන් මෙන්නෝ" කිව්වොත් අයියට පනිනවා... ඉතින් අයියට මට ගහද්දි ගුටි කාපු මට අම්මා තාත්තා බැලුවේ නැතත් බලන්න කෙනෙක් හිටියා.... මං පනින්න කිව්වොත් ආයේ දෙපාරක් නෑ පනිනවා... ඕන් ඔහොමයි හා පැටික්කි ගුටි කන එක නැවතුනේ.... :D
අයියට කොන්ඩෙන් අදින්න බෑ... පුටුවෙන් මාව බිමට ඇදලා දාන්න බෑ... ඇදෙන් මාව එලවන්න බෑ... මගේ පිට හරහා ගහන්න බෑ... එයාගෙ රෙස්ලින් වැඩ කිඩ පෙන්නන්න බෑ... හැම තැනකම මල්ලියා පෙරමුනේ මං වෙනුවෙන්....

මං ආදරේ කරා ගොඩ....ක්. එයා මගේ ඇදේ නිදාගන්නවා මං උදේට ඇහැරල නැත්නම්.. බලන් ඉඳල ඉඳලා නැගිට්ටේ නැත්නම් අතින් අදිනවා.... මං කොහේ හරි ගිහින්නම් නොකා බලන් ඉන්නවා.. ආවගමන් කෙලින්ම උකුලට...
මාත් කොන්ඩෙ පීරුවා,(ලෝම ගොඩයි නේ..) කන්නැති දවසට කැව්වා ,උකුලේ තියන් දවසේ උන හැමදේම කිව්ව...,ඉස්කෝල උන දේවල් හැම දෙයක්ම...මගේ ජීවිතේ මං ආදරේ කරා ගොඩා.....ක්......

හා පැටික්කි පණ වගේ ආදරේ කරන අය ඉක්මනටම හා පැටික්කිව දාල යනවා.... එයා ලෙඩ උනා හොඳටම... හා පැටික්කි අන්තිම දවස් වල සිරින්ජරෙන් කිරි පෙව්වා... කෑවේ නෑ මුකුත්ම.. ග්ලූකෝස් ගෙනත් කැව්වා...
ඒත් එයා 2008-05-21 මං ඉස්කෝලෙ ගිහින් එනකොට මාව දාල ගිහිල්ලා....
එයාව මතක් වෙන්න මං ලඟ තියෙන්නේ ඔය පින්තූරයි... එයා වගේම රූපේ තියෙන මැටි කැටයක් එයා ඉන්න කාලේ ගත්ත හා පැටික්කි ඒකයි විතරයි......ඇඩුවා හොඳටම හැබැයි කාමරේට වෙලා... (හොඳ වෙලාවට මේ අකුරු බොඳ වෙන්නැත්තේ...)

ඉතින් ඔයගොල්ලන්ටම කියන්න පුලුවන් කවුද ඒ කාලේ මගේ සහෝදරයා... මට ඇතිවෙනකම් ගහපු අයියාද??????? මගේ බලු මල්ලිද????????????



ප/ලි- දැන්නම් අයියා මට ගහන්නෑ ඒත් තාම හිත රිදෙන කතා කියනවා... හා පැටික්කිටත් පොඩ්ඩ ඇත්නම් ඇතිනේ ඉතින්....

40 comments:

  1. හා නගේ...
    මට නම් හිතෙන්නෙ බලු සහෝදරයා
    පෙර ආත්මෙක නගාගෙම කවුරුහරි වෙන්නැති...
    හරිම සංවේදි කතාවක් නොවැ...
    බලු සහෝදරයා වෙනුවෙන් මගේ කණගාටුවත් පිළිගන්න..

    ReplyDelete
  2. හා පැටිකියො මෙක කියවන්න හරිම අමාරුයි නෙ නංගි.. ඇස් දෙක දනව.. ඔයා දවල් වෙලාවකද ටෙම්ප්ලෙට් එක තෙරුවෙ...

    ReplyDelete
  3. දුක් සීන් එක නැත්නම් කියන්න කතා ගොඩායී...

    ReplyDelete
  4. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා තමා බුදු බණෙත් තියෙන්නේ හා පැටික්කි.

    Rava ගේ කතාවට මාත් එකඟයි. මේ tempalete එකත් එක්ක කියවන්න අමාරුයි.

    ReplyDelete
  5. අපෝයි මේ බලු අඩි අයින් කරන්නකෝ කියවන්න හරිම අමාරුයි. බ්‍රයිට් නොවන ක්‍රීම් පාට පසුබිමේ කළු අකුරු හොඳයි. ඒත් බලු අඩි හින්දා වචන පේන්නෙ නෑ.

    ReplyDelete
  6. අපි උඩ පන පැන කෑ ගැහුවට මානුෂික සබඳකම් තමයි ලොකු කියලා . . .

    මානුෂික සබඳකම් නාඳුනන සමහර අය ඉන්න වෙලාවට සත්ව සබඳකම් මානුෂික සබඳකම් වලට වඩා කොයි තරම් උසස්ද කියලා හිතෙනවා. . ..

    හරිම දුක හිතෙන කතාවක් . . මගේත් තියෙනවා මේ වගේ කතාවක් ලියනන් වෙලාවක් නතුව ඉන්නේ අප්පා . . .
    අහ් කිව්වත් වගෙ කියවන්න නම් අපහසුයි . ..

    ReplyDelete
  7. කතාවටනම් හරිම දුක හිතෙනවා අක්කේ........ඇඩෙනවා!කවද හරි මගෙ එකම සොයුරත් මාව දාල ගිය දවසට...අනේ මටත් කොච්චර දුක හිතෙයිද?අම්මෝ මටනම් හිතා ගන්නවත් බෑ.මං මගෙ බලුස් ව ලබන ආත්මෙදි මගේම සහෝදරයෙක් වෙන්න කියල පාර්ථනා කරනවා වගේම මතු භවයක ඔයාගෙ බලු මල්ලිත් ඔයාගෙම සහෝදරයෙක් වෙන්න කියල පාරිථනා කරනව....

    ReplyDelete
  8. හොඳ වෙලාවට අපේ නගාට බලු මල්ලිලා හිටියේ නැත්තේ... හිටපු එක්කෙනත් මගේ යාළුවනේ එයාට වඩා.... :D

    ප.ලි.
    නංගෝ, මේ Templete එක නම්...... :(

    ReplyDelete
  9. මන් එහෙම ඔයාගෙ අයියා උනානම් ඌ කලින්ම එහෙ යවනවා, මේකේ අකුරු කියවන්න ටිකක් අමාරුයි වගේ

    ReplyDelete
  10. අනේ හා පැටියො.. මේ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න .ඔයාගෙ ලස්සන කතා කියවන්න අමාරුනෙ...

    ReplyDelete
  11. කිව්වට තරහ වෙන්න එපා හා පැටික්කියෙ. පුළුවන්නම් බ්ලොග් එකේ ley out එක වෙනස් කරන්න..මේක හුගාක් ලස්සනයි. ඒත් ඇස් වලට අමාරුයි.....

    හා පැටික්කි අපේ ඇස් ගැනත් ටිකක් හිතුවොත් හොදයි නේද ඉතින් ?


    බලු මල්ලියා ගැන නම් මටත් දුකයි...

    ReplyDelete
  12. බලු පැටියනම් ශෝක්.... සංවේදී ලිපියක් නංගි

    මේ template එක නම් වෙනස් කරන එක අපේ ඇස් වලට හොඳ වෙයි ලමයෝ...... :(

    ReplyDelete
  13. ඔයාට ගහපු අයියා.. තමයි ඔයාගෙ නියම සහොදරයා... කාලයත් එක්ක බැදිම් වල තියන සුන්දර බව අඩුවෙනවා..ඉපදුනු දා ඉදන් දකින එකා හින්දා නමුත් අපි මිනිස්සු.. අයියා ඔයාට ගහන්නෙ ඔයාට ගොඩක් ආදරෙ හන්දා මිසක් තරහට නෙමෙ.. අනික ඔයව පුරුදු කරනවා ඔයගෙ මනුස්සයගෙන් ගුටිකන්න..හික් හික්.. කාලයත් එක්ක බැඳිම් වල අගය අඩුවෙන හින්දා තමයි මිනිස්සු හැමතිස්සෙම වෙනසක් හොයන්නෙ... බල්ලා ඔයාගාව අවුරුදු 4, 5 ක් ඉදීවි.. අයියා ජිවිතකාලෙම නංගිව ආරක්ෂා කරයි.. නංගිගෙ හැම දුක කරදරයකදිම ඉස්සරහට පනින්නෙ අයියා. අම්මා නංගිට ගහන්න එද්දි අයියා තමයි අම්මාගෙන් නංගිව බෙරගන්න එන්නෙ.. තාත්තා අයියට ගහන්න එද්දි අයියාව බෙරගන්න ඔනා නංගි.. නංගි මැද්දට පැනලා හුරතල් වචන හතරකින් පහකින් තාත්තාට ගහලා අයියව බෙරගන්න ඔනා. ඔයා එහෙම කරලා නැහැ වගෙ එකයි අයියා..ඔයාට ගහන්නෙ... කො මෙක වෙනස් කරලා නැහැනෙ...

    ReplyDelete
  14. අයියා නැති දාට නඟාට තේරෙයි අගේ.....
    බලු පැටියා ගැන නම් දුකයි.

    ReplyDelete
  15. මමත් පොඩි කාලේ සුරතලයට ඇති කරපු සුනඛයා මැරුණ වෙලේ ඇතිවෙච්ච් දුක මතක් උනා. ඒ දවස් වල අපි මොන රස කෑමක් කෑවත් ඒකෙන් කොටසක් මියගිය බලු සුරතලාව වළලපු තැනින් තියන්න මාත් මගේ සහෝදරයෙකුත් පුරුදු වෙලා හිටියා.

    ReplyDelete
  16. හා පැටික්කිට හැමෝම සමාව දෙන්න ....... හා පැටික්කි ඊයේ රෑ නිදිමරගාතේ තමා ඔය ඔක්කොම transparent කරල තියෙන්නේ.....
    මං උදේ class ගිහින් දැනුයි ගෙදර ආවේ මට හැමෝම සමාවෙන්න... වුන අපහසුතාවයට

    සමාව දෙන්න්න.........

    ReplyDelete
  17. ඔන්න මම නම් සමාව දුන්නා.... ඇති තරම් ගන්න... :D

    ReplyDelete
  18. @ Sansarasidu
    මේ ආත්මෙත් මගේම තමා අයියේ.....
    බොහොම ස්තූතියි අයියේ......

    @ රවා
    උනදේ මං කිව්වා අයියේ....
    හා පැටික්කිට සමාවෙන්න ඒගැන රවා අයියේ.....

    @මාරයාගේ හෝරාව
    ඔයා අදහස් කරේ මොකක්ද කියන්න මට තේරුන්නෑ අයියේ....
    පුලුවන්නම් පැහැදිලි කරනවද මට....??.

    @ Hasitha
    සමාවෙන්න වුන අපහසුතාවයට.....
    හා පැටික්කිට ප්‍රියයන් ගොඩක් නෑ.... හිටියේ ටික දෙනයි... දැන්නම් ඔයාල හැමෝම හාපැටික්කිගේ ප්‍රියයන් වෙලා....

    @ සුළඟ
    හා පැටික්කිට සමාවෙන්න......

    @ දුකා
    අයියා හා පැටික්කි බලන්න ආව එක ගැන සතුටුයි....
    හා පැටික්කිනම් මානුෂික සබඳකම් ගැන කිසිම ධනාත්මක බවක් නෑ අයියේ...
    අනේ මන්දා තාත්ත කියන්න වගේ මට කැලේක ඉන්න වෙයිද දන්නෑ. හැබැයි හා පැටික්කිට ඒක අම්මරුවක් නැතිවේ කියලා හිතෙනවා....

    සමාවෙන්න වුන අපහසුතාවයට අයියේ....
    ඔයාගේ කතාවත් පුලුවන් ඉක්මනට දාන්න.....

    @ හසිත ජයසූරිය
    ඒ ගැන හිතනවට වඩා එයාට ආදරේ කරා නම් හොඳයි මලේ.....
    ප්‍රාර්ථනා ඉටුවෙන ඒවද......???

    @ Nishacharaya
    මං අයියගේ නංගි වගේ කොච්චි මිරිස් නෑ...
    නිකමටවත් අයියට අතින් ඇරෙන්න ඇල්පෙනෙත්තකින්වත් ගහල නම් නෑ.... එයා ගහනකම් ඉඳල කමරේට වෙලා දොර වහගෙන අඬනව මිසක්....
    ඔයාගෙනුත් සමාව ඉල්ලනව මගේ අයියේ.....

    @ ම
    ඔයා නම් හරි නපුරෙක්.....
    මට නොගහ හිටියනම් කරදර නොකරනම් එයා පනින්නෑනේ.....??

    සමාවෙන්න අයියේ.....

    @ විහඟිගේ සිතුවිලි
    සමාවෙන්න වුන අපහසුතාවයට ..... මං ඒක දැන් හැඳුවා.....

    @ දිල්
    සමාවෙන්න අක්කියෝ...... හා පැටික්කි අතින් උන අත් වැරැද්දක්.....

    එයා ඉතින් ආයේ මා ගාවට එන්නෑනේ....

    @ විශ්මි
    බොහොම ස්තූත්යි අක්කේ. කියන්න තව දේවල් තිබුනත් හැමදේම ලියන්න බෑ හා පැටික්කි සංවේදී වැඩියි ඔය ටික ලිව්වෙත් 4 වතාවකට විතර.

    සමාවෙන්න මං ඒක වෙනස් කරා අක්කේ....

    @ රවා
    ඔයාට උත්තර දෙන්න මට තව පෝස්ට් එකක් දාන්න වෙයි අයියේ... කෙටියෙන් කියනවනම් මං ඔයා කියපු ගොඩක් දේවල් එක්ක එකඟ නැහැ....
    මට අද දවසෙම පන්ති අයියේ 7.00am -6.00 pm දැක්ක ගමන් වෙනස් කරේ... සමාවෙන්න අයියේ.....

    @ හෙළයා
    දැන්ටත් ටිකක් තේරෙනවා....
    ඒත් මට දීල තියෙන හිත මිනිස්සු ගැන වැඩි ආසාවක් නැති හිතක් මගේ අයියේ.... පුංචි කාලේ ඇතිඋන ආකල්ප නිසා එහෙම වෙන්නැත්තේ... විභාගේ ඉවර උනාම ඒ කතාව කියන්නම්....

    @ Raven
    මං එතන වතුසුද්ද ගහක් ඉඳලා තියෙන්නේ... මට ආසවක් ආව එයාගේ අස්ති අරන් ආයේ ප්‍රතිනිර්මාණය කරන්න ඒත් අම්මා කැමති උනේ නෑ....එක අතකට ඒකත් හොඳයි නැත්නම් දකින හැම වතාවෙම දුකක් නේ....

    අවුරුදු මේසෙට පිඟාන නැති උනත් මටයි අයියටයි කවලා තාත එයාටත් කිරිබත් කටක් දෙනවා එයාගේ පිඟානට... මතක් වෙද්දි දුකයි අයියේ.....

    ReplyDelete
  19. අනේ හරිම දුක හිතෙන කතාවක් හා පැටියෝ.. මොනවා කරන්නද? ඔහොම තමයි ජීවිතේ.... ආදරේ කරන අය අපිව දාලා යනවා... මටත් ඉන්නවා බලු තඩියෙකුයි චුටි කික්කි පැටියෙකුයි.. කික්කි නම් හා පැටියෙක් වගේමයි..
    මටත් ඉතිං දැං මගේ පාලුව මකාගන්න ඉන්නෙ උන් දෙන්නා තමයි. මං ගෙදර ඉන්න දාට දෙන්නම කාමරේම තමයි.. උදේට ඇහැරවන්නෙත් සමහර දාට උන්දෙන්නගෙන් කෙනෙක් තමයි. හිටපු මල්ලි ගියානෙ. දැං ඉතිං මට ඉන්නෙත් ඔය බලු මලයයි නගායි විතරයි. ඒ දෙන්න මාව දාලා යයිද නැත්තං ඒ දෙන්නා මාව දාලා යයිද කවුද දන්නෙ...මේ ලෝකෙ හැටි කියලා හිත හදාගන්නවා මිසක්....

    කෝ මෙතරම් කියලත් මේ ලමයා ටෙම්ප්ලේට් එක මාරැ කරලා නැනෙ... අනෙ ඇත්තමයි දැං මිනිස්සු තියා හාවොවත් කියන දෙයක් අහන්නෙ නැති හැටි.... :(

    ReplyDelete
  20. @ Nishacharaya
    බොහෝම ස්තූතියි සමාව දුන්නට අයියේ ....

    ReplyDelete
  21. @ Chandika @ ..::E-KiCkS::..
    ඉතින් දැන් කියවන්න පුලුවන්නේ අයියේ..... :(
    වටේ කළු කරල ගත්තේ......

    ඒ දෙන්න ඔයා ලඟ ඒ අයට පුලුවන් තරම් කල් ඉන්න බව නම් මට ස්ථිරවම කියන්න පුළුවන් මගේ අයියේ......
    මල්ලියා ඔයාගෙම කෙනෙක් වෙලා ඔයාට ලැබෙයි අයියේ......

    ReplyDelete
  22. අනේ ගුම් ගුම් රාජයා (බිඟුවා අයියා) ඇවිත් නෑනේ..... අයියට පව් හන්දයි මේක ලිව්වෙත්.......අපේ අම්මට කියලම ඉවරයක් නැති වෙනවනේ නැත්නම් එයාට......

    ReplyDelete
  23. මං කීවෙ බලු මල්ලියෙක් නෙමෙයි හාවියො. මගෙ එකකුස උපන් මගෙම මල්ලියා ගැන... එයා ගියා...

    ReplyDelete
  24. @රවා
    ඔයා හරියටම හරි.
    මමත් මේ හා පැටික්කිගෙම ජාතියෙ නංගි කෙනෙක්ගෙ අයියා කෙනෙක්. ඒ නිසාම තමයි මේ බ්ලොග් එක බලන්න නිතර එන්නෙත්.

    මගේ කලින් නම දොඩන්

    ReplyDelete
  25. මේ ජාතියෙ කට්ටිය කවදාවත් ඒගොල්ලෙ කියන දේට විරුද්ධ දෙයක් පිළිගන්නෙ නෑ. මොනව කරන්නද.

    ReplyDelete
  26. @ Chandika @ ..::E-KiCkS::..
    ඉතින් මං කිව්වෙත් ඒ ඔයාගෙම මල්ලියා ගැන තමයි අයියේ..... එයා ඔයාගෙම වෙලා ආයේ ඔයා ලඟට එයි කියලයි කිව්වේ.....

    මගේ සිංහල ප්‍රශ්නයක් තියෙනව.....කියනදේ නෙමෙයි වෙනකෙනෙක් තේරුම් ගන්නෙ... හෙළයා අයියට දාපු comment 1ක් හන්ද මට ඕක බරපතල ලෙස දැනුන......

    @ කුම්භකර්ණයා
    මං මං කියනදේම විතරක් හරියි කියනව නෙමෙයි අයියේ...... :(

    ඒ කියන්නේ ඔයා නංගිට ගහන්නේ ආදරේට?????
    මගේ අයියා මට ආදරෙයි තමා ඒක මං දන්නවා ඒත් එයා නාහෙට අහන්නැති වයසෙදි කරපු කියපුවා.... ඒවත් ආදරේටද??????

    දොඩන් කවුද කෑවේ????? :)
    ඔයා මගේ අයියා නෙමෙයිනේ...??? නෑ නෑ එයාට මූණු පොතේ රිංගනවා ඇරෙන්න වෙන වැඩක් නෑ...... ;)

    ReplyDelete
  27. ඇත්තම කිවුවොත් ඔයාගෙ අයිය ඔයාට ගොඩාක් ආදරය කරනවා නමුත් පෙන්නන් අකමැතියි. ඒක එලියට පෙනෙයි කියල තමයි ඔය වලි අල්ලන්නේ. ඔයාටම දවසක තේරෙයි මේ කියන දේ. එදා වෙනකං මං මෙහෙම කිවුව කියල විතරක් මතක තියාගන්නකෝ..

    ReplyDelete
  28. ඔයා කොහොමද හාවියෙ මං කියන්නත් කලින් දන්නෙ මගේ මල්ලි නැතිවුන බව....????

    ReplyDelete
  29. ආ... කෙල්ලේ.....
    මෙන්න මං ආවා...
    අර අපේ අනිත් බමරු කියන්නා වාගේ ඇස් දෙක නම් රිදෙනවා කෙල්ලේ...
    ඒක ඔයාගේ ආසාව නම් ඉතින් අපි මොනා කරන්නද,
    පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්නවා ඇරෙන්න....

    අපේ ගෙදර කොල්ලෝ 3යි එක කෙල්ලයි.
    බඩ පිස්සියක් තමා ඉන්නේ. අපි 3 දෙනා මාරුවෙන් මාරුවට තලනවා පොඩි කාලේ.
    අයියයි මල්ලියි ගොඩාක් වෙලාවට එක පැත්තේ. මම ඉතින් දෙපැත්තටම උදව්. ගොඩාක් වෙලාවට කොල්ලන්ගේ පැත්තට.
    මොකද නගා හරියට ගතු කියනවා... අපිට බන්නවනවා තාත්තට කියලා...

    දවසක් අපේ මලයා කොල්ලෙක්ගේ තොල් පැලෙන්න ගහලා පොලීසි යන ගානට.
    හේතුව වුනේ මොකද්ද දන්නවද? අපේ නංගිට කළු කෙල්ල කියපු එක විතරයි.
    ඒත් ගෙදර ඇවිල්ලා නංගිට බැන්නා සුපුරුදු විදියටම...
    හිතාගන්නකෝ ආදරේ තරම. මේක එකම එක සිද්ධියක් විතරයි.
    තව එකක් නංගී දීග ගිය දවසේ අපි 3 දෙනාටම ඇඩුණා.

    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නම්:
    ඇතිවෙනකම් ගහපු අයියා...

    අයියා මිස මල්ලී නොවේමයි. මල්ලිට දක්වපු ආදරෙන් භාගයක් අයියට දුන්නානම් මේ කතාවත් නොලිය වෙන්නත් තිබ්බා....


    කොහොම උනත් මම මේකත් අම්මට කියනවාමයි..

    /බිඟුවා...!

    ReplyDelete
  30. @ බිඟුවා...!
    අනිත් බමරු කිව්වෙ වෙන කතාවක්...... කලුයි සුදුයි වලටත් ඇස් රිදෙනවද??? ඇයි එතකොට මගේ ඇස් රිදෙන්නැත්තේ.....?????

    ආවේ නැතොත් මේ පැත්තේ මං රැජිනට කියන එක කියනවා......

    ඉතින් මං අයියට ආදරේ නොකර නෙමෙයිනේ.... එයා මට ආදරේ තමා ඒත් එයා දැන ගන්න ඕන නැද්ද මට හිතට රිදෙන දේවල්.... මට පුංචි දේටත් හිත ගොඩක් රිදෙන හන්දයි මේ ඔක්කොම... ජරා හිත... :(:(

    ගහන බනින එක විතරක් දන්න ඔයාලට මුකුත් කියන්න බෑ.... මට කාටවත් කියන්න බැරි දේවලුත් තියෙනවා අයියේ.... (මං ඔය බව්වට විතරමයි ඒ ගැන කිව්වේ... ඒත් එයා මට කොහොම උත්තරයක් දෙන්නද....) ඒවා හැමදාමත් හිතට වද දුන්නත් මං ඒව හිතේ හිරකරන් ඉන්නේත් මගේ අයිය නිසාමයි.....

    ඉතින් අම්මට කියන්න කිව්වේ මං......

    ReplyDelete
  31. @ ගයාන් තාරක
    එහෙම වෙන්නැති....එයා දැන් මට ආදරෙයි... ඒත් එයා ඒ කාලේ කරපුවා ගැනයි මං කිව්වේ....

    @ Chandika @ ..::E-KiCkS::..
    1 ඔයා මල්ලි ගැන දාපු post එක මං කියෙව්වා.....(ඒ කාලේ මං ලිව්වේ නෑ...)
    2 ඔයාම මට දවසක් කිව්ව... (මගේ හුරතලේ... post එකේ ගිහින් බලන්නකෝ මතක නැත්නම්.....)

    ReplyDelete
  32. ගහන බනින එක විතරක් දන්න ඔයාලට මුකුත් කියන්න බෑ....

    200% disagreed with you....

    oyala kiwwe katada dan????

    ReplyDelete
  33. @ බිඟුවා...!
    ඔයාලා කිව්වේ ඔයත් ඇතුලු අනිත් අයට...... ඇයි මං කියපුදේත් එක්ක එකඟ වෙන්න බැරි අයියේ??????

    ReplyDelete
  34. එහෙම කොහොම එකතු වෙන්නද? එහෙම උනා කියලා ඔයාගේ සහෝ වෙනස් වෙන්නේ නෑ නෑ මයි.
    අනික ඔයා කොහොමද කියන්නේ අපි ගහන බනින එක විතරයි දන්නේ...
    අපි ගැහුවට ආදරෙයිනේ...
    අනික ඔයා අහලා බලන්න අයියගෙන් එයා කොච්චර ආදරේ ඔයාට කියලා...

    සමහර විට ඔයා කියන විදියට ඔතන ලොකු ආරවුලක් තියෙන්න ඇති.
    නැත්නම් මෙච්චර අපිට බනින්නේ නෑනේ...

    කොහොම උනත් හැම අයියම එහෙම නෑ...
    හැම නංගිමත් ඔහොම නෑ

    /බිඟුවා...!

    ReplyDelete
  35. දැන් නම් කියවන්න අමාරු නැ...
    :D

    ReplyDelete
  36. මං කාටවත් බැන්න නෙමෙයිනේ අයියේ....... :( :( :( :( :( හා පැටික්කිට දැනුන විදිය කිව්ව විතරයි.... ඔයා මට එක දේකට උත්තර දුන්නෑ අයියේ ... ඇයි මගේ හිත රිදෙන බව දැන දැනත් එයා මාව රිද්දන්නේ..... එත් ආදරේටද??????

    හා පැටික්කි නරක නංගියෙක් කියලද ඔයා කියන්නේ අයියේ....????

    ReplyDelete
  37. ගොඩක් දුක හිතෙන කතාවක්........මාලන් අපහු එවි!

    ReplyDelete
  38. @ කස්සා
    හ්ම්....සමහරවිට

    ReplyDelete
  39. @බිඟුවා...!
    සමහරවිට වෙන්නැති.......

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)