෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Saturday, April 10, 2010

අමුතු ආදරය.....



කලින් දාපු පෝස්ට් එක හින්ද ගොඩක් අය මං ගැන වැරදියට හිතුවද මන්ද...... හා පැටික්කිට අයියා පෙන්නන්න බැරුව ගියේ එයා 5වසරේ ඉඳන් රැකියාවට යනකන් තිබුන සංක්‍රාන්ති සමයෙදියි...... ඒකාලේ නම් එයා සමඟ වාසය හා පැටික්කිට මරුවා සමඟ වාසය වුනා. එයාගේ ඇඟේ මගේ ඇඟිල්ලක් වැදුනත් මං ගුටි කන්නේ උපරිමෙන්..... film
වල එයා දකින හැමදේම මට කරා මං හිතන්නේ.... කොට්ට මූණට තියලා තද කරන් ඉදීම, කොන්දට දණහිස තබා තද කිරීම, කොන්ඩෙන් ඇදීම, තව ගොඩක් දේවල්.....ඒවා ආදරේට කරත් ( ගොඩක් අයියලා කලින් post එකේදි මට කියපු විදියට ) හා පැටික්කිට ගොඩක් රිදුන නිසා හිතේ තරහක් ඇති උනේ.....ඒත් ඒ කාලේ හා පැටික්කි කරපු දේගුටි කකාත් එයා එක්කම ඇලෙන්න යාම නිසා තව වැඩියෙන් ගුටි කෑවා.......

මේ හා පැටික්කිගේ පුංචිම කාලේ මතකයන්.....

ඒයි කළු නංගි.....
අම්මේ.... අයියා මට කළුයිලූ... මහලොකු සුද්දා... (කිව්වට මොකද මට වඩා සුදුයි තමා...)
අපේ ගෙදර රංඩු පටන් ගන්න තැන....
හිතුනම ගහගන්නව පුලුවන්නම් මරා ගන්නවා ඒක මගෙයි මගෙ උක්කුන් බෝලෙගෙයි සිරිත.....
මේ හා පැටික්කිගෙ පුංචිම කාලෙ මතකයන් ටිකක්
අපේ අම්මා ගුරුවරියක්... ඉස්කෝලෙ ගිහින් ආවම පුරුද්දක් වශයෙන් නිදාගන්නව... මායි, අයියයිත් දෙපැත්තෙන් හාන්සි වෙනව... අම්මා නීති හැටක් දානවා....
මැතිවරණ කොමසාරිස් දාන ඒව වගේ තමා ඉතින්...

අම්මට යන්තම් ඇහැ පියවෙනව...

"ඌයි..."

මොකද???

අයියා කොන්ඩෙන් අදිනවා...

දෙන්නටම බැනුම්...
" උදේ 4ට ඇහැරපු ගමන් ඩිංගක් ඇහැපියාගන්න නෑ නිදහසේ... යනව දෙන්නම එලියට..."
අපි නෑ ඕවට පූස් පැටව් දෙන්න වගෙ නිදි දෙන්නම...
ආයෙ ටිකකින් කකුළෙන් ගසයි...
බැරිමනම් කොට්ට පියාඹයි...

අම්මට මොන නින්දක්ද... හිහ්....

එපා උනාම අම්මා යනවා අපි දෙන්න අපි නෙමෙයි වගේ නිදි...
ටිකකින් මරාගන්න පටන් ගන්නව ඔන්න ඉතින්...
නංගි මං ඊයෙ බැලුව මරු ෆිල්ම් එක...

මොකද්ද???

මං විහින් කට වරද්දාගනී...
කුම්බලා මාලු කෑවනම් විදවපන් බළළෝ කිව්වලු...

ඒකෙ අරූ මූට ගැහුවෙ මෙහෙමයි... "චටාස්...." පිට හරහා වදියි.... ඇහුවෙ මමනෙ ඉතින්... wat 2 dooo කොස් කටූ....
ඊටපස්සෙ අත මෙහෙම කරකවල අරන් නැගිටින්න බැරිවෙන්න පිටෙන් දණහිස තිව්වා.... එයා රඟපානව තියෙන වැඩ කිඩ ඔක්කොම දාල....

අම්මේ... මාව මරණෝ...

අම්ම කෝට්ටත් එක්ක එන්නෙ... දෙන්නම නෝ හෙල්ලුම් පොල්මැල්ලුම්....

නඩුව විභාග කරන්න පටන් ගනී...

මොකද කෑ ගැහුවෙ???

කවුද අම්මේ????

ඇයි දැන් කෑ ගැහුවෙ....

අයියා ගැහුව...

මොකටද????

ඒ මොකටද හලෝ ගැහුවෙ...???

අම්මට යකානගී... ආයේ කෑගැහුවොත් දෙන්නටම ගහනව මං...

හා... :D :D

අම්මට මගට යන්නට නැත...
අම්මේ....

ඒපාර මොකද...

නෑ මුකුත් නෑ.... නිකන්....

කිව්වොත් අයියා ගුටිකනව අම්ම ගියාට පස්සෙ තරහ වෙනව....
ආපෝ නිකං විදේශාදාර නැති උනා වගෙ එතකොට... ඒක නිසා ටිකක් කෑ ගහල බය කරනව විතරයි...හිහ්..හිහ්... ;D

ඒ අයියම තව ටිකකින් ආදරේ වපුරයි...

මෙහෙ එන්න වැඩක් කරන්න....

මොකද්ද???

වාඩිවෙනවකො පඬියා නොවී....

මං ලඟින් ඉඳ ගන්නව...
අතේ පනාව...
කොන්ඩෙ පීරයි...
මගක් ගොතයි...(මොනව නැතත් පිලිවෙලට ගොතනව ලස්සනට...)
ආයෙ ලිහයි... එක එක විකාර.... මට එපා වෙනකම් උක්කුන්ට හිතෙන හිතෙන ඒවා කරයි...
අයියෙ...

මොකෝ....

ඇති දැන්...

යනව එහෙනම්....

හැබැයි මාව අවුස්සන්න වෙලාවක් ලැබුනම මඟ අරින්නෑ කවදාවත්...

ඒ මාව බයිසිකලෙන් පන්ති එක්කන් යනවකෝ.....

එන්න....

අම්මේ ආදරේ...හරියට නිකන් මගේ කකුල් රිදෙනවට වගේ පයින් ගිහින්...
හැබැයි ආපු මෝඩකම දැනෙන්නෙ මඟදි ..... පාරේ තියෙන හැම වලකම දානව... උක්කුන් නැගිටල පදිනව....මට මාර සනීපේ..... කොන්ද නිකන් නෑ නෑ වගේ.... මොනව කරන්නද.....?????? අම්මට කිව්වොත් ඊළඟ දවසෙ පයින්... ඊට හොඳයි මේක... තව මඟ දිගට උක්කුන් තියෙන වැඩ ඔක්කොම දානවා... (මං කියන්නෑ ඔය අයියලත් දන්නැතෑ ඒවා....) මං වැටෙනව උක්කුන් මොන විදියට හරි කෙලින්.... අපෝ මතක් වෙනකොටත් සනීපයි... දවසක් මාව මඩ වලක් මැදම අත ඇරියා...මගේ ඇඟ පුරාම මඩ..... එදානම් උක්කුන් ගුටි කෑවා...

ඒත් අපේ උක්කුන් ගෙ ආදරේ..... හා පැටික්කිට තේරුම් ගන්න බැරිම දෙයක්.......

මේ ලඟදි ඉඳන් මගෙ අයියා....(දැන් මාස දෙක තුනකට උඩදි ඉඳන්....)

ඉස්සර වැලි ඇටයක්වත් ගෙනාවෙ නැති කෙනා දැන් ගෙදර එන්නෙ... "අන්න මං කෑමක් ගෙනාව කියාගෙන...."
ගෙදරින් එලියට බහින්නෙ " මුකුත් ගෙනත් ඕනද අහලා...."
ඉල්ලන්නෙ මොනවද ගෙනත් දෙනව.... හැබැයි පව්නේ මං මුකුත් ඉල්ලන්නෑ.... :D
හැබැයි තාමත් වටිනා අවස්තා ම්ඟ අරින්නෑ දෙන්නම...අහු උනාම ගහ ගන්නවා... d;D ඒත් ඉස්සර වගේ හැම වෙලේම රංඩු වෙන්න ලඟ නැති හන්ද හා පැටික්කිට හරි පාලුයි... සති අන්තෙ එනකම් මඟ බලන් ඉන්නෙ අයියා එනකන්.... හා පැටික්කි සතිය පුරා කාපුවයින් තියන්න පුලුවන් හැම දෙයකින්ම භාගයක් තියන් ඉන්නව නැත්නම් නොකා තියන් ඉන්නව....හා පැටික්කි උක්කුන් කන්න ආස මොනවම හරි හදලත් තියනව...( හා පැටික්කි තව පාරක් විභාගෙ කරන්නෙත් අයියට ඕන කිව්ව නිසයි... නැත්නම් හා පැටික්කිගෙ හීනෙ අමතක කරල ගොඩක් කල්.....)
ලඟ ඉන්නකම් රංඩු කරන... ලඟ නැත්නම් අඩුවක් දැනෙන අමුතු ආදරය.......
ඉතින්....
කොහොම තේරුම් ගන්නද මේ ආදරේ.....
අයියලා ආදරේ කරන්නේ එහෙම වෙන්නැති කියල හා පැටික්කි හිතා ගත්තා.... අමුතු තාලේ ආදරේ.....අවුස්සනව... ආදරේ කරනවා.....අවුස්සනව... ආදරේ කරනවා....ඉවරයක් නැති අහස වගේ....

"ආදරේ එපා වෙනකම් ආදරේ දෙන නංගිලව අවුස්සන්න කැමති අයියලා "හා පැටික්කිට දැනුනෙ එහෙමයි..........

ප/ලි - සත්තුන්ට හා පැටික්කිට තියෙන ආදරේ හා පැටික්කිට වත් හිතාගන්න බැරි දෙයක්.... ඒක දෙවියෝ හා පැටික්කිට දීපු තෑග්ගක් කියලයි හිතෙන්නේ..... පාරේ දකින ඕනම සතෙක් එක්ක කතා කිරීම...(ආහ් මල්ලි කොහොමද?? වගේ පුංචි වාක්‍ය....) ඕනම සතෙක් සහෝදරයෙක් ලෙස සැලකීම, හා පැටික්කි පුංචි කාලේ ඉඳන් කරා..... ඉතින් හා පැටික්කිට පවුලේ අයටත් වඩා සත්තුන්ට ආදරේ කිරීම වැරැද්දක් විදියට දැනෙන්නැහැ.........

40 comments:

  1. ඔහොම තමයි හා පැටියො සහොදරකම.... මමත් අයියා‍ කෙනෙක්....දැන් මෙහෙම තනි වුණාට..... හිටියෙ මල්ලියෙක් උනාට මටත් ඔය ගොඩක් අත්දැකීම් නොඅඩුව තියෙනවා..... දැන්නම් මතක්වෙද්දි දුකයි.....

    ReplyDelete
  2. හා පැටික්කිගෙන් මෙ දෙ එලියට ගන්න ඔනා වුන නිසයි මම කලින් පොස්ට් එකෙදි එහෙම අවුස්සලා තිබ්බෙ.. මමත් අයියා කෙනෙක්.. මල්ලිට පුංචි කාලෙ පයින් එක්ක් ගහලා මම ගොඩාක් කාලයක් හිතින් දුක් වින්දා එදයින් පස්සෙ රවා අයියා කිසිම කෙනෙකුට අත උස්සලා නැහැ. ආදරෙ කරන නංගිත් එක්ක කොච්චර තරහා ගියත් නෙමෙ අතක් උස්සන්නෙ. මම දන්නවා එ වෙලාවෙ බල්ලව මතක් වෙලා අයියව තල්ලු කරාට.. ඔයගෙ හිතෙ අයියව ගල් පිළිමයක් වගෙ කෙටිලා තියන්නෙ කියලා..හොදටට හිටියොත් අයියත් එක්ක අම්මලා තාත්තලා නැති දවසක වුනත් අයියා එවි හා පැටික්කිගෙ දුක සැප බලන්න.. නංගිලට අයියලා ඉන්නෙ නංගිගෙ වාසනාවන්තකමට.. බැඳිම් කොහොම උනත් සුන්දර දෙවල්..
    මගෙ අයියගෙ වටිනාකම මට තෙරුනෙ මගෙ අයියා බැඳලා රටින් ගියහම. මට වැඩිය අයියා අවුරුදු 7 ක් වැඩිමල්.. එක හින්දා අයියා හිටියෙ ආමි එකෙ ලොක්කෙක් වගෙ.. ඌ ට තමයි කැමක හොදම හරිය අපිට කටු ටික.. " ඉස්සලාම දැක්කෙ උඹනෙ කියලා අම්මා ලොකු එකාට කවනවා" , " පොඩිම එකා උඹනෙ " තාත්තා පොඩි එකාට කවනවා.. ඉතුරු වෙන කජ්ජ අරන් ගිහිල්ලා අම්මගෙ අම්මත් එක්ක පුච්චන් මම කනවා.. හා.. හා.. නියමයි සහොදර බැදිම්..

    ReplyDelete
  3. චික්...මට සහෝදර,සහෝදරියො නෑනෙ..

    ReplyDelete
  4. අනේ මන්දා අර කිව්වත් වගේ හා පැටික්කිටත් වෙස් පෙරලෙනවද ??කොහෙද? නේද?:D
    කොහොම උනත් ඉතින් හොඳයි අයියා ගැනත් මෙහෙම සිතීම

    ReplyDelete
  5. ඒක තමයි සහෝදර ප්‍රේමය කියන්නෙ. ඒ බැඳීම සමහර අවස්ථාවලදි අනික් හැම බැඳීමටම වඩා ශක්තිමත්..

    ReplyDelete
  6. ඇත්තටම අක්කි..සත්තුන්ට ආදරේ කරන්න.නමුත් අයියට ඊට වැඩිය ආදරේ කරන්න.මොකද අපි සත්තුන්ට කොච්චර ආදරේ කලත් එයාල අපිත් එක්ක ඉන්නෙ ටික කාලයයි.නමුත් ඔයාගෙ ආදරනීය අයියා ඔයාත් එක්කම හැමදාටම දුකටයි සතුටටයි හැම දේටම ඉන්නවා...ඒ වගේම ඔයාගෙ හොදම ආරක්ශකයත් අයියම නෙමේද?ඇත්තටම අක්කි ඔයා හරි වාසනාවන්තයි මේ වගේ අයියෙක් ලබන්න.අක්කි ඔයත් මන් වගේ තනියෙන් හිටියනම් හිතෙයි ගුටි කෑවත් නෙමෙයි මැරුවත් කමක් නෑ අයියෙක් හිටියනම් කියල........
    ෂික්! මටත් නංගියෙක් හිටියනම් මටත් හොද ඇක්ශන් ෆිල්ම් එකක් ඇට් කරන්න තිබ්බ!හි..හි....ඒ මොනව කලත් මන් මගෙ නන්ගිට හැමෝටම වැඩියෙ ආදරය කරාවි...ඉතින් අක්කියො මන් හිතනව මන් වගේම හිත්න අයියෙක් වෙන්නැති ඔයාට ඉන්නෙ...එයාට පන වගේ ආදරය කරන්න...මොකද කොච්චර යාලුවො හිටියත්...කවුරු හිටියත් සහෝදරයගෙ අඩුව කාටවත් පුරවන්න බෑමයි.....එයා තමයි දෙයියො ඔයාට දීල තියෙන හොදම තෑග්ග කියලයි මන් හිතන්නෙ...

    ReplyDelete
  7. අනේ මන්දා..හා පැටික්කියේ මට නංගිලා නැ නෙව :-(
    ඒ ඔක්කොටම හරියන්න මල්ලියෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. ඉස්සරනම් ලොකු අක්කා එක්ක පුල් වලි ! දැන් එයා නැතිනිසා හරිම පාලුයි ! මලයා එක්ක රන්ඩු කරලා වැඩක් නැ. තාත්තගෙන් ගුටි කන්න වෙන්න මටමයි ! :D

    ReplyDelete
  8. මගේ බ්ලොගේ හැක් කරලා කවුරු හරි, නරක වචනෙන් comment කරලා මගේ යාලුවන්ට. සමා වෙන්න ඔයත් එයින් කෙනෙක් නම්.
    සහෝදර සහෝදරියෝ නැති වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ අගේ තේරෙන්න.

    ReplyDelete
  9. අනේ වාසනාවන්....

    ReplyDelete
  10. අපේ ගෙදරත් ඔහොමම තමයි

    ReplyDelete
  11. නංගියෝ මටත් එකම එක නංගියෙක් ඉන්නවා...
    ඔයාගේ ඔය කතාව කියෙව්වහම මට මතක් වුණේ අපි දෙන්නගේ ඉස්සර කාලේ..
    අපිත් ඔය වගේම තමා...
    ගහගන්නවා.. මරාගන්නව... ඉවරයක් නෑ
    ඒත් අද තත්වය ඊට වඩා ගොඩාක් වෙනස්...
    අපි දැන් ටිකක් විතර දැනුම් තේරුමි තියෙන අය...
    ජීවිතේ දිහා අළුතෙන් බලන්න පටන් අරං...
    මං මගේ නංගිට කොච්චර ආදරේද කියල එයා දැන් දන්නව...
    ඒ වගේම එයත් මට කොච්චර ආදරේද කියල මාත් දන්නවා...
    මට මොනාහරි තුවාලයක් වුණත් දුවගෙන එන්නෙ මගේ නංගියා...
    මට බෙහෙත් දාන්නෙත්... කෑම බීම ගෙනත් දෙන්නෙත් එයාමයි...
    කොටින්ම අම්ම වගේ මාව බලාගන්නවා..
    ඒ දවස්වල මට ගහපු බැනපු කෙල්ල දැං මෙහෙම ඉන්නව දැක්කහම මගේ ඇස්වලට කඳුළුත් එනවා...

    ඕවා හරියයි නංගි...
    ඔයා තව වයසට යනකොට..
    ජීවීතේ බර දැනෙනකොට ඔය ඔක්කොම හරියයි...
    හැබැයි මම එකක් කියන්නං, ඔය සහෝදර බැඳීම.. හරිම උතුමි දෙයක්...

    ReplyDelete
  12. ඕන්න සමනලීත් ආවා මේ සහෝදර අන්දරය බලන්න.... ඉතින් ඉතින් කොහොමද හා පැටික්කී??? :-)
    අනේ ඔන්න ඔයා හරීම නරකයි ඈ..... :( ඇත්තමයි..... සමනලීට නෑ නෙව අයියා කෙනෙක්, සමනලී හිතන් උන්නේ අයියලා හරිම කරදරයි... රණ්ඩු... රණ්ඩු... ඒ මදිවාට සැර!!! අන්න එහෙම හිතා උන්න සමනලීට දැන් අයියා කෙනෙක් නැති එක ගැන ඔයාගේ මේ ලිපිය කියෙව්වාම ගොඩාරියක් දුකයි.... :(

    ඇත්තමයි ලිපිය හරියට හිතට දැනුනා..... :)

    ReplyDelete
  13. ඔයා නම් වාසනාවන්තයි හා පැටියෝ. අයියා පැටික්කිට ගොඩක් ආදරේ වෙලා විත්තිය නම් පේනව. පොඩි රණ්ඩු නැත්නම් වැඩකුත් නෑනේ. දෙයියනේ කියල දෙන්න එක්ක සතුටෙන් ඉන්න.

    ReplyDelete
  14. නියම සහෝදර ප්‍රේමය... දාන්න පහක්..

    ReplyDelete
  15. එකම මල්ලි කෙනෙක් විතරක් ඉන්න මම ත් දන්නව සහෝදරයො ආදරේ කරන හැටි නම්.. ඒක ඉතින් ඇතිවත් බැරි නැතිවත් බැරි සහෝදරකම තමයි... නැතිවුනාම ඕනෙ.. ඉන්නකොට එපා..රන්ඩු...අය්යල මල්ලිල දෙගොල්ලම එක වගේ...

    ReplyDelete
  16. මගේ කතාවත් එමමයි.

    මගේ අයියත් ගෙදර ඉන්නකම් අපි දෙන්නා වලි පිට වලි දාගෙන තමා හිටියේ. අම්මා තමා සටන් විරාම නිරීක්ෂකයා විදිහට හිටියේ.

    ඉතින් මගේ අයියා දැනට අවුරුදු 2 කට කලින් උසස් අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගියා. එදා airport එකේදී මට ඇත්තටම ඇඩුණා අයියා අපිව දාලා යද්දී.

    ඉතින් අපි දෙන්නා කොච්චර ගහ මරා ගත්තත් සහෝදරකම බොක්කේ තියෙනවා කියලා මට හිතුණේ එදා තමයි.

    දැන් ඉතින් අපරාදේ කියන්නේ බැහැ එහේ ඉදන් මගේ වැඩ කටයුතුවලටත් හෙනම එකක් අයියා දෙනවා.

    ReplyDelete
  17. මටනම් මේකට කියන්න දෙයක් නෑ හා පැටික්කියෝ.. මගෙයි නංගිගෙයි වලි Season එකත් ඔහොම්මම තමයි. අම්මා නිදාගනිද්දි දෙන්නා දෙපැත්තෙ ඉඳන් වලි.. :D මොනවා උනත් ආපහු හැරිලා බලද්දි අතීතය සුන්දරයි හැමවෙලේම...

    ReplyDelete
  18. @ kkroxc
    Y????

    @ චන්දික
    මොනව කරන්නද අයියේ......
    අයිය ගැන මටත් දුකයි.....

    @ රවා
    හා පැටික්කිට සංක්‍රාන්ති සමය නම් අයියව එපාම උනා.... ඔයා එදා කිව්ව අයියා ගුටි කද්දි බේරගන්න ඕන නංගි කියල. ඒත් අපේ ගෙදර ආච්චියි අයියයි දෙන්නගෙම සාක්ෂි මත තාත්තගෙන් ගොඩක් ගුටිකෑවෙ මම. එහෙම උනාම සහෝදරය උනත් එපා වෙන එක සාදාරන නැද්ද අයියේ???? (ආච්චි ගැන නම් මං වචනයක්වත් කියන්න කැමති නෑ...)

    දැන්නම් හිතෙන ව එයා මාව බලයි කියලා. ඒත් ඒ කාලේ කියන්නෙම එයාගෙලු ගෙදර තව එක එක අයිතිවාසිකම් එයා දෙන කාමරයක් තමා මට, එයාත් එක්කයි ගෙදර අනිත් අය එක්කයි මට තරහයි ඉතින්. ඒ තරහ සාදාරණයි කියල අදටත් මම හිතනවා....

    @ Uditha
    එහෙම හිත්න්න එපා. තමංගෙම සහෝදරයෙක් ගැන හිතනව වගේ හිතන හොඳ යාළුවො, අක්කල, නංගිල ඉන්නව....( හැමෝම නැතත්..)

    @ blog gadol
    Thanx...

    @ Nimanthi
    නෑ අක්කේ මං කිව්වනේ අයිය මට එපා උනේ කොයි කාලෙද කියල. ඒ කාලෙම තමා බලු මලය ආවේ ඉතින් එයාට ආදරේ වැඩි උනා... ඒකයි උනේ....
    @ RoshanHerath
    :):)

    @ හසිත ජයසූරිය
    එයාල අපිත්ත එක්ක ටික කාලයක් හිටියත් එයාල අපිට පුදුම විදියට ලං වෙනව මල්ලී.

    සමහරවිට මටත් කවුරුවත් නොහිටිය නම් ඔයා කියන විදියට හිතයි...
    ආපෝ මල්ලියේ ඒකනම් එපා. මං මැරෙන්නැතුව ඉතුරු උනා පුදුමයි....
    එයාට පණ වගේ ආදරේ කරාට එයා මට ඒකාලේ එහෙම ආදරේ කර නැති එක ගැනයි දුක මල්ලියේ....

    @ Bunny!
    අක්කල මල්ලිලට ගොඩාක් ආදරෙයි කියල මාත් අහල තියෙනව.
    මට මල්ලිල නෑනේ.....

    @ Ansh Lucky Sri Jay
    මන්ද මානසිකත්වයක් තියෙන අයනේ සමාව දෙන්න අක්කේ.......
    ඔයාටත් සහෝදරයෝ කවුරුත් නෑ නේද....

    @ Wath
    මමද??? අයියද???? :)

    @ sameerausa
    කොයි ගෙදරත් එකම රෝල.... :D:D

    @ Sansarasidu
    අපොයි ඔය බැංකු අයට ගෑස්... අපේ අයියටත් තියනව...

    අම්මත් වැඩට යනවනේ ඉතින් මම ආවතේව.... ආපෝ මේ කවල අත හෝදන් එනකොට නංගි බඩගිනියි කියනව ආයේ බත් බෙදන් කවනව. තව ටිකකින් නංගි බඩ අත ගාන්න කියනව ඉතින් ඒකත් කරනවා... ඔක්කොම හොඳයි අර මගේ වෙන්ඩ නෑන (මං එහෙම හිතුව..)call කර කර සවු කන්න කිව්වම මගෙන් සවු ඉල්ලනව මං දන්නවයි ඕව හදන්න අම්ම ආවම දෙන්නම් කියනව, තව ටිකකින් call එකක් එනව නංගි jelly හදලා අනේ ඉතින් හදනව... එහෙන් එක එක කෑම කියනව මගේ හොඳ පණ ගිහිල්ල. වෙන්ඩ නෑනට මොකද call කරල කියන්න විතරනේ තියෙන්නේ....
    ලෙඩ උනොත් එක ලෙඩා උනාට ඉස්පිරිතාලයක් බලාගන්නව වගේ....

    @ Punchi samanalee
    අනේ සමනලියේ මං මේව ලිව්වට හිතේ ගින්දර..... විභාගෙ නේ....
    සමනලිත් පවුලේ එකම හුරතලේද????
    දුක් වෙන්න එපා ඕන් ඉතින් ගන්නවනම් උපදේශයක් තියෙනව ඉදිරියට..... ;) :D
    තේරෙන්නැති නේ...

    @ විහඟිගේ සිතුවිලි
    දැන්නම් ටික ටික ඒ බව මටත් දැනෙනව.... බොහෝම ස්තූතියි....

    @ Ravimal
    ප්‍රශ්නයක් කොහොමද පහක් දාන්නේ...???? :D :D

    @ චේජනා
    ඒකනම් ඇත්ත අක්කේ....
    මල්ලිලත් එහෙමද????

    @ Hasitha
    සටන් විරාම තප්පර කීයද????

    අයියා ගියාට පස්සේ ආවෙම නැද්ද?????

    ReplyDelete
  19. @ Nishacharaya
    අයියා නැතුවට මං ගිහිල්ල කිටියවත් බලල ආව....

    වලි season ඒකත් මරු නම....

    ReplyDelete
  20. සටන් විරාමේ තත්පරවලින් කියන්න අමාරුයි.

    LTTE කාරයෝ වගේ තමා මේ හොඳින් ඉන්නවා එක පාරටම පොඩියට T 56 කින් වෙඩි තියාගෙන මල්ටි බැරල්වලින් තමා නතර වෙන්නේ. මේ වෙලාවට තමා ඉතින් සටන් විරාමෙන් එන්නේ.

    එන්න පරක්කු වුණු දවස් කීපයක දරුණු තුවාල සිද්ධ වුණා.

    අයිය තාම නම් ලංකාවට ආවේ නැහැ. ඒත් මේ නූතන තාක්ෂණේ පිහිටෙන් හැමදාම වගේ එයාට කතා කරනවා

    ReplyDelete
  21. @ Hasitha
    ඔව් ඉතින් කොල්ලොම දෙන්නෙක් හන්ද සටන් විරමය ප්‍රකාශ කරන්න අම්මටත් අමාරු ඇති....
    තාත්ත ගෙදර ඉන්න වෙලාවට හොඳට ඉන්නව එහෙමද????

    තාක්ෂණේ හන්ද දැන් අයට ටිකක් හරි සැනසීමක් තියෙනව වගේ......

    ReplyDelete
  22. එහෙම තමයි අයියලා..ඔය එලිවෙන්නේ ටික ටික..
    හොඳයි හොඳයි හා පැංචියෝ

    ReplyDelete
  23. මම හොඳටම පරක්කුයි වගේ නේද? මේ දවස් වල ටිකක් Busy නංගා, ඒ නිසා ජාල සංචාරය අඩු කරන්න වෙලා තියෙන්නේ. මං වෙනුවට ඉතින් කිටියා 24hrsම Online ඉන්නවනේ... :D ඉස්සෙල්ලත් අහන්න හිටියට අමතක උනානේ... අයියා ඔයාට වඩා කොච්චර වැඩිමල්ද?

    ReplyDelete
  24. අයියගෙයි මගෙයි අතර අවුරුදු 2 ක වෙනසක් තමා තිබ්බේ. ඉතින් අම්මට වුණත් අපිව control කරන්න අමාරු වුණා. මුලින් කට ක්‍රියාත්මක කරලා බැරිම තැන අම්මා අතත් ක්‍රියාත්මක කෙරුවා.

    අපේ තාත්තා හිටියේ හමුදාවේ, ඉතින් මම 8 හෝ 9 වසරට විතර එනකම් ඒ කියන්නේ අයියා 10 හෝ 11 වසරේ වෙනකම් තාත්තා හිටියේ උතුරු නැගෙනහිර ක්‍රියාන්විතවල.

    තාත්තා නිවාඩු ආපුවාම යුධ අධිකරණේ කටයුතු සිද්ධ කරන එක තමා මුලින්ම කරන්නේ :) :) :)

    නූතන තාක්ෂණේ නිසා ගෙදර අයට ඉතින් අයියා නැති පාළුව එච්චරම නැහැ මම හිතන විදිහට. මුලින් අපි skype වලින් කතා කරපු එක විතරයි කලේ. අවුරුද්දකට විතර පස්සේ මම web camඑකක් ගෙනල්ලා ඒකෙන් අයියත් එක්ක කතාකරද්දී අම්මාට කඳුළු ආවා ලොකු පුතාගේ මූණ දැකලා.

    ඉතින් අපි එච්චර හිතන් නැතිවුණාට අම්මලා තාත්තලා දරුවන් ගැන දක්වන සෙනෙහස එයාලගේ ඇට මිදුළුවලට කිඳා බැහැලා තියෙන්නේ.

    ReplyDelete
  25. @ හෙළයා
    ඔයා එදා කියපු එක මට හොඳට මතකයි මගේ අයියේ...... (හැම නංගිගෙම බ්ලා බ්ලා.............)
    මං අපේ අයිය ගැන ඔයිට වඩා වචනයක් වත් කියන්නෑ ආයේ....

    @ Nishacharaya
    පරක්කු නෑ දවස් ගානකින් දැක්කේ නැති හන්ද හෙව්වේ....
    අයිය බයවෙන්නෙපා කිටියව මං බලාගන්නම්......

    අවුරුදු 3ක් වැඩිමල්.....

    @ Hasitha
    අම්ම පවු ඔයාලගේ.....

    තාත්ත හිතන්නැත් එහේ ක්‍රියන්විත මොන කජ්ජක්ද කියල ඔය දෙන්නගෙ නඩු විභාග කරනකොට......

    අයිය ගැන කොහොමහරි දැනගත්තට අම්මලට ඉතින්දකිනකම් ඉවසුමක් නෑනේ..... මහත් වෙලා හිටියත් ලඟ නැත්නම් පේන්නේ කෙට්ටු වෙලා ඇදිල ගිහිල්ල කියලනේ......

    ඒකනේ අම්මා තාත්ත කියන්නේ......

    ReplyDelete
  26. Ape gedara inne mama witharai! Ha Patikki harima wasanawanthai.. Gahaganna hari Sahodariyak matath hitiyanam....

    ReplyDelete
  27. මට කියන්න අමතක වුණානේ අපේ අම්මා පාසල් ගුරුවරියක් කියලා. ඉතින් අම්මටත් ගැටුම් කලමනාකරනය ගැන experiences තියෙනවානේ....... :) :) :)

    ReplyDelete
  28. @ ෆොක්ස්
    ගහගන්න පිරිමි ළමයි ඔච්චර ආස ඇයි?????

    @ Hasitha
    ඒකත් එහෙමද ඔයාලයි අම්ම ලොකු පන්ති වලටද උගන්නන්නේ????

    අපේ අම්ම 1,2 උගන්නන්නේ. හැමෝම දන්නව අඩිරූල ඉස්සුවට ගහන්නැති බව.ඔය කලින් අරින පන්ති ඇරියම වෑන් එන්න පරක්කු වෙන ළමයි අම්ම ලඟ දැවටි දැවටි ඉන්නව....

    ReplyDelete
  29. ඔව් අපේ අම්මා උගන්වන්නේ 6-11 දක්වා පංතිවලට. ඇයි එහෙම ඇහුවේ ???

    ReplyDelete
  30. @ Hasitha
    එහෙනම් ගැටුම් කළමනාකරනය පුලුවන් ඇති හොඳට...... :D

    ReplyDelete
  31. කලු කපුටා සුදු වන තුරු...
    මොල් ගහේ දළු ලන තුරු...
    120 ට 220 ක් ආවඩා ආයුබෝ වේවා !!!

    ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද
    හා පැටික්කිටත්, හා පවුලේ සියළු දෙනාටත්
    සාමය, සෞභාග්‍යය සපිරි,
    සියළු පැතුම් ඉටු වන
    සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  32. @ Sansarasidu
    අයියා නොනගතේටත් වැඩ කරල වගේ......

    එසේම වේවා කිව්වට කමක් නැතිවෙයි නේ....

    ReplyDelete
  33. ලින්ක් එකෙන් ලින්ක් එකට මාරු වෙවී අන්තර්ජාලයේ ඇවිදිදි තමා මෙතෙනට ගොඩ උනේ කමෙන්ට් එකක් නොදා යන්න හිත දුන්නෙම නැහැ මේ පෝස්ට් එකට (අනිත් පෝස්ට්ටුත් හොදයි ) ගොඩාක් හොදට හිතට වදින්න ලියල තියනව. ඈත්තටම මගේ ඇස් වලට කදුළු ආව මේක කියෙව්ව්වම. හා පැටික්කි ගොඩක් වාසනාවන්තයි කියල මට හිතෙනව මොකද අපෙ පවුලේ ඉන්නෙ මම විතරයි ඉතින් පාලුවෙන් තනිකමෙන් තමා දවස ගෙවෙන්නෙ. මටත් හිතෙනව සහෝදරියක් හරි සහෝදරයෙක් හරි හිටියනම් කියල නමුත් ඒක කිසිදා සෑබෑ නොවෙන හීනයක්. සමහරු සහෝදර සහෝදරියෝ හිටියට ඔවුන්ව තේරුම් ගන්නේ නැහැ හැමදාම වලි විහිලුවට දා ගන්න වලි නෙමේ ඇත්ත වලි දේපල, ඉඩකඩම් හා වෙනත් දැ සදහා ඒ අතින් ඔබ ඔබේ සහෝදරයව හොදට තේරුම් අරන් තිබෙන බව පේනවා ඔහුත් සමග හොදින් ජීවත් වෙන්න හැමදාම. අද්‍යපනයට බාධාවක් නොකර දිගටම ලියන්න. ඔබට ජය !
    මම මන් මුලාවී අන්තර්ජාලයේ සැරිසරන තවත් එක් මගියෙක්.

    ReplyDelete
  34. @ Anonymous
    කමෙන්ට් එකක් දෑවට බොහෝම ස්තූතියි.....
    තනියම ඉන්න ගොඩක් අය කමෙන්ට් කරල තිබුනෙ ඕක කියලයි.....
    ඔයාටත් මං කියන්නෙ තමුන්ගෙම සහෝදරයෙකුට සලකනව වගේ හිතන හොඳ අය, යාලුවෝ, අඩුවෙන් උනත් ටික දෙනෙක් හරි ඉන්නව.....

    ඉඩම් වලි ගැන මං හොඳටම දන්නව...... ඒවටම කියල සහෝදරයන් කොටවන්න ලං වෙන අය තමා මට පෙන්නන්න බැරි.......

    බොහෝම ස්තූතියි.....

    ඔයාටත් පාරක් මුනගැහේවි ඉක්මනටම......

    ReplyDelete
  35. මේ මගේ කතාවද හිතුනා... මමත් මගේ නංගියාට නුදුන්න වදයක් නැහැ. ඒත් ඒ පුංචි කාලේ,

    දැන්නම් ඔනි හැමදේම අරන් දෙනවා.. එත් විටින් විට දඬුවම් කරනවා. ඔන්න ඕකයි මගේ කතාව, ලොකුවට ලිව්වනම් ඔයාගේ පෝස්ට් එක තරම්ම දිගවෙයි...

    ඒ ලස්සන මතකයන් අවදි කලාට ස්තුතියි !

    ReplyDelete
  36. @ කුන්ෆු පෑන්ඩා
    හැම අයියම ගොඩක් දුරට ඔහොම තමා කියල මට දැනුන....
    හා පැටික්කිව බලල යන්න ආවට බොහොම ස්තූතියි......

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)