෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, April 14, 2010

සුභ පතමින්ම හා පැටික්කිගේ තාවකාලික සමුගැන්ම.....



මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල හා පැටික්කිත් ප්‍රාර්ථනා කරනවා.....!!!!!!

හා පැටික්කි බලන්න එන වැඩිහරියක් හා පැටික්කිට වඩා වැඩිමල් නිසා බුලත් අතක් දෑව හා පැටික්කිට වඳින්න විදියක් නැති නිසා.......හා පැටික්කි හොඳ හැදිච්ච දැරිවිනේ ඉතින් මේවත් කරන්න එපැයි...... :) :)

හා පැටික්කි මේ කෙරුවාව පටන් අරන් හෙටට මාසයක් වෙනවා.ඉතින් මේ පුංචි කාලේදි මට කොමෙන්ටු (හා පැටික්කි කිව් විදියට කංකුං, කැරට්, etc. ) දාපු ඔය හැමෝටම බොහෝම ස්තූතියි..... Bt මාසෙන් වැඩේ නවත්වන්න වෙනව.... :( :( :(
දුක උනත් ඉතින් නවත්වන්න එපැයි. විභාගේ තමයි අපේ අභාගේ..... පාස් උනාට මදි හොඳ results ඕන හොඳ results තිබුනට මදි හොඳ z-score ඕන....... :( :( :(

ඉතින් හා පැටික්කිට කරන්න අමාරු උනත් මේ පැත්තෙ නෑවිදින් ඉන්න හිත හදාගන්න වෙනවා... ඉස්සර වගේ හැමදාම නාවත් සතියට දවසක්වත් ඇවිල්ල ඔය තියෙන දෙයක් කියවල පුලුවන් විදියට කොමෙන්ටුවක් දෙකක් දාල යන්න තමා හිතන් ඉන්නේ....

හා පැටික්කිව කට්ටියට අමතක වෙලා තියේවිද දන්නෑ ආයේ හා පැටික්කි මේ පැත්තේ එනකොට.... මගෙ පුංචිකාලෙ ඉඳන් හිටපු මිතුරියන්ට දවස් දෙක තුනට එහෙම අමතක උනාට මේ සින්ඩියේ මගේ අයියල, අක්කිල, මල්ලිල, නංගිලට ( නංගියෙක් නම් මං දැක්කෙම නෑ......) මාව මතක තියේවිනේ......??? :D හා පැටික්කි එහෙම හිතනවා.....

එහෙනම් ඔන්න හැමෝටම හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන දුක්ක දෝමනස්සයන් වියැකිලා යන සාර්ථක නව වසරක් වේවා කියලා මට තියෙන එකම හා හදින් ප්‍රාර්ථනා කරනවා.......!!!!
හඳ මාමගේ කිරියි පැණියි ඉල්ලල හා පැටික්කි හැම අවුරුද්දෙම බැනුම් ඇහුවත් ඔයගොල්ලන් හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලත් පතනව ....!!!

හා පැටික්කි කාලෙකට පස්සේ බැරි වැඩකුත් කරා. කියවන්න අමාරුනම් කියවන්නෙපා.....( හැබයි කියනදේ අහන්නැතුව කියවල මට බනින්නෙ එහෙම නෑ ඕන්......)


අරුත් බර පද වැලක,
මියුරු තණුවක් විලස..,
සයුරු ඉම වෙත නිබඳ,
ගලා යන දිවි ගඟෙහි,
කඳුළු පොඩි වියැකී....,
සිනහ මුව ඉතිරී....
පැතුම් මල් විකසිත වන...,
සුභම සුභ නව වසරක් වේවා!!!!!!

50 comments:

  1. හොඳයි එහෙනම්, විභාගේ කරලම එන්නකෝ. මාස 4යිනේ. ( හැබැයි එතකොට අපි ඉදී ද දන්නෙත් නෑ )

    ඔබටත් සුබ අළුත් අවුරැද්දක්ම වේවා !

    ReplyDelete
  2. හා පැටික්කිටත් පවුලේ සෑම සියළු දෙනාටමත් සුබම සුබ නව වසරක් වේවා !!!

    හා නගේ බ්ලොග් කෙරුවාව වගේ නෙවී..
    හොඳින් විභාගේ කර ගන්න හිතට ගන්න...
    හා නගා ආයේ කවදා මේ පැත්තේ ආවත් මේ අයියල අක්කලට නගාව අනිවාර්යයයෙන් මතක තියේවි...

    හා නගාට විභාගයට සාර්ථකව මුහුණදීල හොඳම හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන විශ්වවිද්‍යාලයට පිවිසීමේ වරම් ලැබෙන්න කියල මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  3. ලබන්නා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  4. අනෙ හපුච්චෙ මොනවා නම් කියලා කොරන්ටද ඉතින්..
    හොඳා..හොඳා..
    ගෙහුන් විභාග පොඩ්ඩත් ගොඩ දාලා ආයේ මෙ පැත්තේ පිනුම් ගහන්ට එන්ටකෝ..
    අපිත් බලාන ඉන්නම්කෝ...
    සුභ නව වසරක් වෙවා..!

    ReplyDelete
  5. හා පැටික්කි විභාගෙ කරන්න. බ්ලොග් එකත් කරන්න.. මොනව හරි ලියලා දාන්න. ඔයා අපෙ එවා නොකියෙව්වාට කමක් නැහැ. අපි ඔන්න ඔහෙ ඇවිල්ලා කියවලා මොනවහරි ලියලා දාලා යන්නම්.. ඔයා මොනවහරි ලියලා දාලා ගිහිල්ලා ආපහු මෙතනට එනකොට අපි මෙතන යකා නටලා තියනවා දකිද්දි ඔයගෙ හිතට දැනෙන සතුට හිතට විභාගෙ දවස් වලත් දෙන්න. අවුරුදු 13 පොල් ගැවෙ නැහැනෙ.. කූල් එකෙ ලියලා දාන්න.. ටිකක් පාඩම් කරලා ගොඩක් කල්පනා කරන්න.. පොඩි පොස්ට් එකකුත් ලියන්න අමතක කරන්න එපා.. නංගි.. දෙමව්පියන්ගෙ, ගුරුවරුන්ගෙ, අශිර්වාදය ඔයගෙ බුද්ධියත් එක්ක එකතු වෙන තැනක් මෙතන.. හරිම ලස්සන විභාගයක්..මොන විෂය කරත් බය වෙන්න එපා..වැරදුනාට නතර වෙන්න එපා..ඔන්න අපෙ හදවත් වලින් එන ආශිර්වාදය..බය වෙන්න එපා ගහලා දාලා එන්න කුඩු වෙන්න.. තව තව උපදෙස් දෙන්නම්..

    ReplyDelete
  6. සුබ අළුත් අවුරැද්දක්ම වේවා !

    ReplyDelete
  7. ලබන්නා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා!!!
    විභාග​යටත් සුභ පැතුම් !!

    ReplyDelete
  8. හා පැටික්කියේ.... මේ සැරේ විභාගේ ඉහලින්ම සමත් වෙන්න ඕනා හොදේ? සමනලී දන්නවා ඔය එහෙට මෙහෙට පැන පැන පොඩ්ඩක් දඟ කලාට හා පැටික්කි මහන්සි වෙනවා විභාගෙට උපරිමෙන්ම.... ‍ඉතින් මෙන්න සමනලීයි අයිතිකාරයයි මුලු හිතින්ම සුභ පතනවා හා පැටික්කිට.... හොද ප්‍රතිපල ගන්න... හොද Z-ලකුණු ගන්න... හා පැටික්කිත් හා පැටික්කිගේ අයියත් බලාපොරොත්තු වෙන විදියට විශ්ව විද්‍යාලෙට සමත් වෙන්න.... ඔයාට සියලු ධෛර්ය ලැබේවා...!!!

    සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!

    ReplyDelete
  9. අද දිනයෙන් උදාවන නව වසර "සියලු පැතුම් ඉටු වන , සතුටින් පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා..!"

    විභාගය හොඳින් කරගන්න.. කවුරු මොනවා කීවත් විභාගෙ කියන්නෙ ජීවිතේ ජයගන්න ඉතාම පහසු/සාර්ථකම මාර්ගය..

    ReplyDelete
  10. විභාගේ ඉහලින්ම සමත් වෙන්න හා පැටික්කිට ශක්තිය දහිරිය ලැබේවා කියල පතනවා. ඔයාව හැමදාම මතක තියේවි. ආයෙ එන්නෙ හොඳම ප්‍රතිපල අරන් හොඳේ. විශ්ව විද්යාලේ යන්න පුළුවන් ඔයාට. බය නැතුව හිතට දහිරිය අරගෙන පාඩම් කරන්න. ඔයාට ජය.

    ReplyDelete
  11. සියලු පැතුම් ඉටුවේවා මේ නව වසරේ...............ගියාට කමක් නෑ විභාගෙ එලටම ගොඩ දාල අපිව බලන්න ආයෙ එන්න ඕන්!අනිව කැම්පස් යනනම පාස් වෙන්න ඕනෑ.....බ්ලොග් ලියන්න නම් කවද බැරිද අක්කියො...විභාගෙ එහෙමයැ....උත්සහ වන්තය ජයගනී කියනවනෙ!ඔයාට ජය නියතයි!

    ReplyDelete
  12. ඔබටත් සුබ අළුත් අවුරැද්දක් වේවා !

    ReplyDelete
  13. සියලු පැතුම් ඉටුවේවා මේ නව වසරේ...........

    ReplyDelete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා... ඒ වගේම විබාගයටත් මගේ සුබ පැතුම්. වෙලාවක් ලැබුනොත් ඇවිත් යන්න ඉතින්.

    ReplyDelete
  15. @ හෙළයා
    හ්ම්... 4යි... ඒකනෙ නැට්ටට ගිනි ඇවිලුනේ.... :) :)

    අයියා කොහෙ යන්නද?????
    යන තැනක් මං නැතුවට කමක් නෑ ඇවිල්ල කියල යන්න.......
    නැත්නම් ආවම හොයාගන්න බැරිවෙයි මට.....

    අයියටත් පවුලේ හැමෝටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!

    @ Sansarasidu
    විභාගේ..... අනේ මංද අයියේ පිකිස් මතක් වෙනකොට මේ පාර uni අහුවෙන ඕන එකකට යන්න හිතෙනව......

    හාපැටික්කිත් හිතනව මතක තියෙයි කියල.....

    බොහෝම ස්තූතියි අයියේ.....

    ඔබටත් ඔබේ පවුලේ සියළු දෙනාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වෙව...!!!!

    @ මාරයාගේ හෝරාව
    අයිය මේ දවස් ටිකේ වැඩ කිව්ව නේ?????

    ඒකනේ.... මොනව කොරන්නද???? :( :(
    හොදා හොදා ගෙහුං එන්නම් කෝ.....
    බලාන ඉන්නවනේ......

    අයියටත් සුභ නව වසරක් වෙවා....!!!!

    @ රවා
    බලමු අයියේ මං නම් හිතන්නෑ මට ඒක පුලුවන් වෙයි කියල.
    හා පැටික්කිට කොහොමටත් දේකට ඇබ්බැහි වෙලා කියල දැනුනොත් ඒක සාමන්ය තත්වෙට එනකම් ඒ ගැන හිතන්නෙවත් නැතුව ඉන්නව... මේකටත් ටිකක ඇබ්බැහි වෙලා වගේත් දැනුන..... ඒකයි... නැත්නම් කලින් හිතන් හිටියෙ 2ම කරන්න....

    13 නම් බැරියැ.... ;) ;)

    අයියල යකා නැටුවට කමක් නෑ... ඒත් වෙන අය නැටුවොත් තමා පෘස්නේ..... :0 :0

    කූල් කූල්...... :D

    අයියට මොකද උපදේශන සේවාවක් පටන් ගත්තොත්????
    අයියා පුදුම විදියට දැනෙන්න තේරුම් කරල දෙනව.....

    දෙන්න දෙන්න මට උපදෙස් වටිනව......

    @ sameerausa
    ඒසේම වේවා...!!!!

    @ තිලාන්
    ඔබටත් එසේම වේවා....!!!!
    බොහෝම ස්තූතියි.....

    @ punchi samanalee
    හ්ම්.... බලමු තමා....
    සමනලීගෙ අයිති කාරයටයි සමනලීටයි දෙන්නටම බොහෝම ස්තූත්යි... දෙන්න එක්ක ආයේ එන්නකො මේ පැත්තේ.....

    ඔබ දෙදෙනාටත් එසේම වේවා...!!!!

    @ Roshan
    ඔබටත් එසේම වේවා...!!!!

    බොහෝම ස්තූතියි.....

    @ විහඟිගේ සිතුවිලි
    බොහෝම ස්තූත්යි අක්කේ....

    අපෝ ප්‍රතිපල එන්න කලින් මං එනව නේ....
    ධෛර්යය දෙන ඔයාලටත් බොහොම ස්තූත්යි.....

    @ හසිත ජයසූරිය
    ඔයාගෙත් හැම වැඩකම සාර්ථක වේවා මල්ලියෝ.....!!!

    හ්ම්... එලටම ගොඩ දාන්න තමා try එක....

    බොහෝම ස්තූත්යි මගේ මල්ලියෝ.....

    @ Hasi
    ඔබටත් එසේම වේවා......

    @ඉලංදාරියා
    ඉලංදාරියාගෙත් බලාපොරොත්තු සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම සඵල වේවා...!!!!

    ReplyDelete
  16. විභාගෙ ඉහළින්ම සමත් වෙන්නත්, සුබ අලුත් අවුරුද්දක් වෙන්නත් ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ඕන්!

    ජය වේවා!!! :)

    ReplyDelete
  17. එල එල ටොප් එකට දාලා සුරුස් ගාලා ඇදලා දාන්න. කඳු අහුවෙන කොට ලෝ ගියර් වලටත් දාන්න නැත්තං අදින්න බැරුව බකස් ගාලා හිටීවි.
    විභාගෙ සිරාවටම කරන්න. අපේ නඟාත් මේ සැරේ 1st time ලියන්නෙ.

    ReplyDelete
  18. කොයි දේ කරන්නත් කලින් විභාගේ කරලා ඉන්න එපැ‍යි නගේ . . . විභාගෙන් ජය ලැබේවා කියලත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් පතන්නම් . ..

    ReplyDelete
  19. ඹබ හා පවුලේ සියළුදෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අළුත් අවුරුද්දක්ම වේවා!

    ReplyDelete
  20. සුභම සුභ නව වසරක් වේවා!!
    විභාගේ හොඳින් කරගන්න ලැබේවා කියලා ජය පතනවා.

    ReplyDelete
  21. සුභම සුභ අලුත් අවුරුද්දක් ඔබට

    ReplyDelete
  22. ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම ඉටුවෙන්න කියලා Confiuzd ප්‍රෝග්‍රැමර් ගෙන් සුබ පැතුම් (මැරතන් එකට වතුර ගහන්න නම් අනිවා එන්න ඕනේ)

    ReplyDelete
  23. @ පිස්සා පලාමල්ල
    ඔබටත් එසේම වේවා!!!!!
    බොහෝම ස්තූතියි......
    අනිව සතියට දවසක් වත් එනව.....

    @ Supun Sudaraka
    බොහෝම ස්තූතියි මලේ......
    සුභ අළුත් අවුරුද්දක් ඔයාටත්......

    @ කුම්භකර්ණයා

    ටොප් එක තියද බලන්න ඕන.... ;)

    නගා මොනවද කොරන්නේ???
    එහෙනම් එයාටත් සුභ පතනව මං...

    @ දුකා

    ඔවු අයියේ....

    බොහොම ස්තූතියි....
    ඔයාටත්, අක්කටත්, පුතාටත් සියළු පැතුම් ඉටුවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා....

    @ චමිත්
    එසේම වේවා....!!!!

    @ Ansh Lucky Sri Jay
    ඔබටත් එසේම වේවා.....

    බොහොම ස්තූතියි අක්කේ.....

    @ NUWAN"s lane
    එසේම වේවා.....!!!!

    @ Confiuzd ප්‍රෝග්‍රැමර්
    බොහෝම ස්තූතියි අයියේ....

    හප්ප මට ඒක අමතකම උනා.... එනව එනව නෑවිත් කොහොමද......
    දුවන්න ලේස්තිද?????

    ReplyDelete
  24. හා පැටික්කි A/L කරන්නේ මොන අංශයෙන්ද ?

    මොන අංශයෙන් කලත් වැඩේ එලකිරි වගේ කරලා කැම්පස් යන්නම පාස් වෙන්න ඕනේ. ලංකාවේ තියෙන නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න කැම්පස්ම යන්න.

    ඔබට ජය !!!!!

    ReplyDelete
  25. හඳ මාමා ඇයි බැන්නෙ????

    ReplyDelete
  26. හා හා හා පැටික්කි හා හා ළඳක් වෙලා එනකම් අපි බලාගෙන ඉන්නවා :D

    විභාගය හොඳින් කරන්න මගෙනුත් සුභපැතුම්

    ReplyDelete
  27. @ Hasitha
    සයියන්ස් තම්මා කරනවා මාතියා..... ඒකනේ මේ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ......

    ඒක ඇත්ත....
    බොහෝම ස්තූතියි....

    @ m
    බාගෙටද ඔයා කියෙව්වේ???? මං ඕකට උත්තරේ දාල තියෙනවනෙ එතනම......

    @ Chanaka Aruna munasinghe
    ඒ මොකක්ද අයියේ ඒ කතාව.....
    මං යන විදියටම එනවෝ...... :D :D :D :D

    බොහෝම ස්තූතියි.....

    ReplyDelete
  28. හැමදාම හා පැටික්කියෙක්ම වෙලා ඉන්නද කල්පනාව. ගොඩක් කෑම කාල ඉක්මනට ලොකු හාවියෙක් වෙන්න එපැයි. කියෙවුවෙ නැද්ද එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ ?

    http://status-chanaka.blogspot.com/2009/12/blog-post.html

    ReplyDelete
  29. @ Chanaka Aruna munasinghe
    වෙන්න දෙයක් නෑ නම විතරයි පැටික්කි....
    ආ නෑ ගොඩක් වැඩත් පැටික්කි.....

    කෑම කෑවොත් මං අලි පැටික්කියක් වෙයි ඉක්මන්ටම.....(දැන්නම් චූට්ටක් කෙට්ටු වෙලා...)
    කියෙව්ව කියෙව්ව...... ඒත් ඉතින් නම වෙනස් කරනවද වයස යනකොට?????
    එහෙනම් ඔය වයසට ගිය පුංචි රාලල එහෙම ඉන්නේ.......

    ReplyDelete
  30. නෑ.... තුන්කාලට කියෙව්වෙ :P
    හඳ මාමා වෙරි වෙලාද හිටියෙ?????

    ReplyDelete
  31. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හා පැටික්කියෝ...!!! අදත් ඉතින් මම පරක්කුයි. අවුරුද්ද හීනෙන්ම සමරලා දැන් තමයි නැගිට්ටේ. විභාගෙ අභාගයක් නොවී හොඳම සාමාර්ථයක් ගන්න හා පැටික්කිට පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. control කරගන්න අමාරුනම් නෑවිත් ඉන්න එක තමයි හොඳ විභාගෙ ඉවර වෙනකන්. ඊට පස්සෙ ආයේ මේ පැත්තෙ පිනුම් ගහන්න එනකන් අපි බලන් ඉන්නවා... කාටවත් හා පැටික්කිව අමතක වෙන එකක් නම් නෑ මම හිතන්නේ....

    ReplyDelete
  32. @ m
    අපරාදෙ නොකියවම ඉන්න තිබ්බේ......

    අනේ ඇත්තට ඔයාටත් තියෙන ප්‍රශ්න..... අපෝ එහෙම උනා නම් මං හඳ මාම එක්ක වචනයක් කතා කරන්නෑ......

    @ Nishacharaya
    අදනම් මගේ අයියා පරක්කුයි තමා.....
    අයියටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
    මේ අවුරුද්දේ අයියට ලංකාවට එන්න ලැබේවා!!!! කියලත් පතනවා......
    මටත් එහෙමට කියල අවුරුදු නෑ අයියේ උක්කුන් වැඩ නිසා ගෙදර එන්නෑනේ......

    බොහෝම ස්තූතියි අයියේ.... කිටිය බලන්න තමා මට බැරි.....

    විභාගෙ ඉවර උනාම එනව අයියේ.....
    මත් හිතනව.... මේකෙ ඉන්න හැමෝම වගේ හුගක් හොඳ හිත් තියෙන අය නිසා......

    ReplyDelete
  33. ඒකම තමා මට තියෙන ප්‍රශ්නෙ,හඳ මාමාගෙන් කිරි/පැනි ඉල්ලුවම ඇයි එයා බනින්නෙ???????

    ReplyDelete
  34. අනේ..හැමෝම ඇවිල්ලත් ගිහිල්ලා... මං පරක්කුයි වගේ.. ආ ඒකට මොකෝ...
    සුභම සුබ අලුත් අවුරැද්දක් වේවා හා පැටික්කියේ...

    හ්ම්.... විභාගෙ නම් කොහොමටත් ඔය ගත්ත තීරණේ හරියටම හරි හා පැං‍චියේ.. ඔයාට අරකටයි මේකටයි පැන පැන විභාගෙ කරන්න ගියොත් එකක්වත් හරියට කරන්න වෙන්නෙ නෑ.. ඒනිසා හිත විභාගෙට යොදවලා කොහොම හරි මුලින්ම ඒක ගොඩ දාගන්න.. මේ කීවෙනි පාරද ලියන්නේ.. කොහොම උනත් විභිගයට මුල් තැන දෙන්න. කවදහරි ඉතුරැ වෙන්නෙ ඉගෙනගත්ත දෙයක් විතරයි හාවියේ..
    මගෙත් එක්ක හිටපු යාලුවො ගොඩ දෙනෙක් කැම්පස් ගියා... එහෙම බැරිවුන අය සල්ලි ගෙවලා පුද්ගලික විශ්ව විද්‍යාල වලට ගීයා.. එදා තමයි මට දැනුනෙ ඉගෙනීමෙ අගේ.. තව මහන්සි උනානම් මටත් කැම්පස් යන්න තිබුණ නේද කියලා එදා මම සෑහෙන්න දුක් වුණා.... එ නිසා කොහොම හරි අන්තිමට මම මගේ යාලුවොන්ගෙත් උදවුවෙන් ‍මට පුලුවන් උපරිමයෙන් වැඩ කරා විභාගෙට අනික් හැම දෙයක්ම අත ඇරලා.... මම දිනුවා අන්තිමට.. අවුරැදු හතරකට පස්සෙ, මගේ යාලුවො එලියට එන්නත් ලං වෙද්දි, මං කැම්පස් එකට තේරැණා අන්තිමේ කොහොම හරි... ඔන්න මට වෙච්ච දේ...
    ඒ නිසා මං කියන්නෙ කොහොම හරි විභාගෙ ගොඩ දාගන්න..
    ඔයාට පුලුවන්....
    ඔන්න අයියෙක් විදියට මමත් ඔයාට සුභ පතනවා...
    AAA ලැබේවා.....කියලා...

    ReplyDelete
  35. @ චන්දික
    අයියගේ නම අලුත් වෙලා.... :)

    ඒක ඇත්ත අයියේ.... 3වෙනි ලැජ්ජාව... :s
    මං නොලියන්නමයි හිටියේ ඒත් හතරවටින් කලු කරගෙන වහින වෙලාවේ උනානෙ මට...... :( :(

    ඔච්චර අමාරුවෙන් ගිහිල්ලත්ද පිස්සු නටන්න හැදුවේ????? :0

    බොහෝම ස්තූතියි අයියේ.....
    අයියගේ පැතුම බර වැඩිද මංද..... :D

    ReplyDelete
  36. චන්දික අයියගේ කතාවට මාත් එකඟයි විලි විලි ලැජ්ජාවෙන්වත්, විලි ලැජ්ජාවෙන්වත් කැම්පස් යන්නේ නැතුව ලැජ්ජාවෙන් කැම්පස් යන එක තමා නම්බු.

    ඒ වගේම exam ආයි ආයි කර කර ජීවිතේ අවුරුදු ගණන් නාස්ති කරගන්න එකත් එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි. අන්තිම මාස ටිකේ උපරිම මහන්සි වෙලා වැඩ කලොත් මහන්සියේ තරමට ප්‍රතිඵල තියෙයි.

    සදා ජය !!!

    ReplyDelete
  37. dear හා පැටියෝ
    අනේ ඉතිං, විභාගේ කරගෙනම බ්ලොග් කෙරුවාව පටන් ගන්න ආයෙත් නගේ.... හොඳට විභාගෙ කරන්න ඕනා හරිද? විභාගේ කඩ ඉම ඉතින් අපිට ජය නොගත්තොත් අනාගතේ අපැහැදිලි වෙනෙවනේ... ඒ නිසා උපරිමයෙන්ම විභාගේ කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න මෙන්න ජීවිතේ මල් ගෙනුත් පැතුම් එක් වෙනවා....

    ReplyDelete
  38. @ m
    ඉල්ලන තරමට දෙන්න බැරි හන්දනේ.... වෙන මොකටද....

    @ Hasitha
    තව නාස්ති කරන්න නෑ මට... නාස්තිකරල ඉන්නේ..... මට නාස්තියෙන් තොර වෙන්න ඕන උනත් ගෙදර අය නිසා ආයේ කරන්න උනා......

    බොහෝම ස්තූතියි.....

    @ ජීවිතේ මල්

    හා හා අක්කේ...

    බොහෝම ස්තූතියි අක්කේ.....

    @ ALL
    එහෙනම් ඔන්න මං ගියා.... පුලුවන් වෙලාවක එන්නම්... ආහ් වතුර ගහන්න නම් එන්න හිතාගෙනම ඉන්නව මොකද මං දකින පළමු තරගේ ඒක නිසා......

    ReplyDelete
  39. හා පැටික්කි , මම විතරයි ඔයාට විභාගෙත් ලියන ගමන් මෙකත් ඔය පොඩ්ඩක් ලියලා දාපන් කියලා කියලා තියන්නෙ නෙද..? හරි හරි .. ඔන්න මම මගෙ උපදෙස් ආපහු ගත්තා. ඔයාට කැමති දෙයක් කරන්න.. මම විභාගෙ ලියද්දි මම මගෙ ඔලුවෙ ස්ට්‍රෙස් එක අයින් කරගත්තා.. වොලිබොල් සෙල්ලම් කරලා.. මිනිස්සු අහන්නෙ ඔයා පාස් ද..ෆෙල්..ද කියලා විතරයි. එක හින්දා පාඩම් කරන්න නමුත් කලින් විභාගෙ පාස් වුන අයියලා, අක්කලාගෙන් උපදෙස් ටිකක් ගන්න..
    මට නිකන් නොන්ඩි දාන්න එපා උපදෙශන සෙවා දාගන්න කියලා හරිද..?

    ReplyDelete
  40. අලි පැටික්කියෙක් ?? ඒකත් නරක නැහැ
    අලියො කොහොමත් හාවන්ට වඩා හුරතල්.

    මට අර හා හා ළඳේ සින්දුව මතක් වෙලායි අරෙහෙම කිවුවෙ.

    ReplyDelete
  41. රවා ගේ කතාව ඇත්ත. මමත් හුඟක් වෙලාවට අන්තිම මාසේ වගේ stress බස්සන්න කලේ හොඳ මට්ටමේ සිංදු අහපු එක. ජූලි මාසෙත් මම films බලන්න එහෙමත් ගියා. ඒකෙත් හොඳම වැඩේ ජූලි මාසේ මුල සතියේ එක දවසේ films 2 ක් බැළුවා . උදේ MC එකේ හැන්දෑවේ ලිබර්ටි එකේ.

    ඉතින් අපරාදේ කියන්න බැහැ A 3 කුත් අරන් කොළඹ දිස්ත්‍රික්කේ මුල් 50 දෙනා ඇතුලේ මම හිටියා. මම කලේ කලා විෂයන් නිසා සමහරවිට විද්‍යා විෂයන් කරන අයට ඒක අදාල නොවෙන්නත් පුළුවන්. exam කාලේ stress ගැන රවා කතා කරලා තිබුන නිසයි මටත් මගේ අත්දැකීම ගැන කියන්න හිතුණේ.

    ReplyDelete
  42. @ රවා
    පුංචි රවුමක් දාල යන්න ආපු ගමන්....
    අයියා කියන දේත් ඇත්ත මට ඔය stress හන්ද උණ හැදුන O/L කරද්දි.... උණ තියන් දවස් 4ක් විතර විභාගෙ ලිව්වේ.....
    මං පුලු පුලුවන් වෙලාවට මොනව හරි ලියල දාන්නම් අයියේ.... :):)
    අපෝ දැන් මිනිස්සු හොයන්නේ rank එක අයියේ...... resuls අහල නිකන් ඉන්නේ ආච්චිල සීයල අනිත් අය Z-score එකෙ අන්තිම දශමෙ ඉදන් හොයනව...... :( :( :(

    අනේ නෑ ඇත්තට කිව්වේ.... අයිය කීප තැනකම දාල තිබුන උපදෙස් කියවපු නිසයි කිව්වේ..... අත්තමයි...... :D :D :D

    @ Chanaka
    :D :D :D :D :D :D
    මටත් ඒක දැක්ක ගමන් ඔය සිංදුව මතක් උනා......

    @ Hasitha
    අම්මෝ නරක නෑ කොල්ල මාරයිනේ....... @-@

    අපිට වැඩිද මංද තරඟෙ වැඩියිනේ..... ඊටත් මේ අන්තිම විභාග 2,3 නේ....

    කමක් නෑ කිව්වට මං මුකුත් කියන්නෑ..... :)

    ReplyDelete
  43. ආපහු එන්න නං පරක්කු වෙන්න එපා. විභාගේ ඉවර වෙච්ච ගමං එන්න කෝ. අපේ නඟා ජීව විද්‍යාව තමයි කොරන්නෙ.

    ප/ලි:
    කොමෙන්ටුව දාන්න පරක්කු වුනාට සොරි හොඳේ

    ReplyDelete
  44. මේකි ආයෙත් එන්නෙ නෑ කිව්වට වැඩේ නවත්තගන්නම බෑ වගේ (කමෙන්ට්ස් ඔක්කොම කියවල ඉවර වුනේ දැන්)

    යනවා යනවා අයේ අගෝස්තු ඉවර වෙන කං මේ පැත්තෙ එනව එහෙම නෙවෙයි. මේකට කමෙන්ට් කරන්න වත් එන්න එපා.

    ReplyDelete
  45. මෙතනදි රවා අයියා කියන දේත් එක්ක මම 100%ක් ම එකගයි... පොඩි වෙනසක් තියෙන්න ඕන.. නැත්තම් එපා වෙනවා.. මම අපේ නගාට කිවෙ බාහිර වැඩ එල්ලිලාම ඉන්න එපා කියලයි.. පොඩි වෙනසකට මේ පැත්තෙ ආව කියලා නගාට පාඩුවක් වෙන්නෙ නැ.. එහෙම නේද රවා..???

    ReplyDelete
  46. @ කුම්භකර්ණයා
    අනේ හුස්ම ගන්නැතුව හිටියත් ඔයාල බලන්න එන්නැතුව ඉන්න බෑනෙ අයියේ..... :( :( :( :( :( :(
    ඊටත් එකපාරටම නවත්තගන්න අමාරුයි වගේ... :( :( :( :(

    දැන් ඉස්සර තරම් එන්නෑ..... දවසට එක පාරයි...... :) :) :)

    @ චන්දික

    එප වෙන්න දෙයක් නැද්ද මංද.... :) :)
    නෑ නෑ නගා එල්ලෙන්නෑ.....
    වෙනසට එනව මේ පැත්තේ..... :D :D :D :D

    ReplyDelete
  47. අප්පා හා පැටික්කියේ මෙක මම දැන්නේ දැක්කේ... ඔන්න ඉතින් එක පාරින්ම ගොඩ යන්න කියලා මේ හා හදවතින් පතනවා :-D

    සුභම සුභ නව අලුත් අවුරුද්දක් ඔයාටත් !!

    ReplyDelete
  48. @ Bunny!
    මගේ මලයෝ මේ මගෙ 3 වෙනි ලැජ්ජාව.... :( :( :( :(
    පලවෙනි පාරම ගොඩ ගියාට උඩ මදි......

    එසේම වේවා!!!!!!

    ඒයි මං දැන් දැක්කෙ.... "නව" "අලුත්" දෙකම කිව්වෙ ???? :O

    ReplyDelete
  49. දැන් තමා ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.
    හික්ස්...

    මේ කිව්වට ඉන්නේ අප්‍රේල් 18 වෙනකල්ම.
    මේකි නයෙක් ඇද බානවද කොහෙද?
    හිටු ඔහොම මම කියන්න අම්මට...


    1 - ලැජ්ජාව
    2 - වස ලැජ්ජාව
    3 - විලි ලැජ්ජාව.

    මගේ රූමා විලි ලැජ්ජාවෙන් ආපු එකෙක්. මැක්සා කොල්ලා.
    ඒ හින්දා ගණන් ගන්න ඕනෑ.

    එහෙනම් ගිහින් වරෙන්කෝ කෙල්ලේ...
    ඔන්න අපි බලාන ඉන්නවා....
    ෆුල් ෆිට් එකේ ලියන්න තියෙන්නේ සට සට ගාලා අපිටත් ඇහෙන්න

    /බිඟුවා...!

    ReplyDelete
  50. @ බිඟුවා
    ඔහොම තමා පන්සල් උනාම..... :D :D :D :D

    නෑ අයියේ උදේ 7 ඉදන් හවස 6 විතර වෙනකම් පන්ති වල ඉදල ආවම කාල බීල කෙලින්ම සින්ඩියට ගොඩ වෙලා තියෙන ලිපි ටිකක් කියවනව.....

    මං දුවන්නෑ හිටු කියන්න....
    හරි ඔයා මොන ක්‍රමේකින් හරි අපෙ අම්මට කිව්වොත් මං මේ පැත්තට අඩියවත් නොතිය ඉන්නව මොකද කියන්නේ අභියෝගයට?????
    කටින් බතල හිටවන්නැතුව ඉන්න.......

    හාකො...... සට සට ගාල වෙව්ලුවොත්.... මාව බලන්න එන්න.....

    කෝ අපේ පැංචගෙ 8 වෙනි මාසෙ ලිපිය පරක්කුයි........ :( :(

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)