෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, April 23, 2010

දැඩි දඬුවම් දියයුතු හිත........


අනේ ඉතින් කට්ටිය හා පැටික්කි ගන මොනව හිතයිද දන්නෑ යනව කිව්වට තාම හොල්මන් කරනව සින්ඩිය පුරාම...... බිඟු අයිය කිව්ව වගේ කට්ටිය හිතයි මං නයා අරිනව කියල. ඒත් ඉතින් මොනව කරන්නද.......

හදිස්සියෙම ලියන්න හිතුනේ හිත කලබල නිසා. මට ඉතින් කියන්න ඉන්නෙ කවුද කියල මාව දන්න හැමෝම දන්නවනේ. ඒත් ඉතින් ඒගොල්ලන්ට කියලත් හිත ෂේප් කරගන්න බැරි උන නිසා ඔන්න ඔහේ කොටල දාන හිතුන......

අද උක්කුන් එන හන්ද මං සති 2ක් පුරාවට නෙට් එකේ ගියපු තැන් ඔක්කොම ෆුල් සුද්දයක් දාල හොඳ ලමය වගේ ඉන්න හිතන් උදේ මොබිටෙල් එකෙ පිහිටෙන් රිංගුව ඇතුලට. සින්ඩියටත් ගොඩවෙලා හෙළය අයියගේ මියුsick විතරයි එකෙ අලුත් සිංදුවත් අහල කරන්න ආපු වැඩේට බහින්න හිතන් ඔන්න පටන් ගත්ත. මොකක්දෝ එකක් හින්ද ඇඟිල්ල වැඩි වැඩ කරලද කොහෙද මාස ගානකින් පැත්තවත් බලපු නැති, මට පෙන්නන්නම බැරි මූණු පොතේ ඇතුල් වීමෙ පෝරමේ දිග ඇරුන....... :( :( :( :(

හෙළය අයිය ඊයෙ කියපුදේ මං අද අමතක කරල යටිහිත කියපු දේ අහන්නැතුව රිංගුව එකට.... රිංගල ගිහින් මං හොයන එකම නම ගහල Search කර......
යම්දෝ නොයම්දේ කියල හිතල ආයෙත් යටි හිතට ඕන කුදයක් ගහගන්න කියල ගියා.......
වෙනදට ඉතින් ගිහින් වරු ගානක් ඇසිපිය නොහෙලා බලන් ඉන්න දෙයක් තිබුනත් අද ඒක තිබ්බෙත් නැති හන්ද යටි හිතටත් කින්ඩියක් දාල බිත්තිය පැත්තට ගියා......

හත් දෙයියනේ හෙළය අයිය ඊයෙ කියපු දේ එක මොහොතකට අමතක කර එකේ පලවිපාකෙ.......
කොහේදෝ හංගල තිබුණු බලාපොරොත්තුවක් මුලු හිත පුරාම පිරුන..... හැබැයි කවදාවත් වෙන්නැති බව මං හොඳටම දන්න දෙයක්.... ඉතින් මං ඉවරයි.....
ඉස්සර නම් පුදුම පාලනයකට යටත්ව තියාගෙන හිටපු මගේ හිත බොහොම අකීකරු වෙලා..... කියන කිසිම දෙයක් අහන්නෑ..... ඉටුනොවෙන බලාපොරොත්තුවක් ගැන මං කියන කිසි දෙයක් කනකට ගන්නැතුව හිතනව.....

මොනව කරන්නද...... හා පැටික්කි අමාරුවෙන් හංගපු දේවල් හිතේ පිනුම් ගහනව..... හා පැටික්කිගේ හිත ටිකක වත් සැහැල්ලු කර ගන්න හිතන් කෙටුවෙ.... දැන්නම් වාරන නීති දාන්න තමා වෙන්නෙ.......


විභාගෙ අත ලඟ,
අත පොත ලඟ,
පොත හිත ලඟ,
හිත රස්තියාදුවේ......... :( :( :( :(

22 comments:

  1. උඹට මම කිව්වානෙ පොඩ්ඩියො ඔන්න ඔය පොත විසික් කරලා නටපන් කියලා කො ඉතින් උඹ ඇහැව්වෙ නැහැනෙ.. හිත දුකෙන් ඉද්දි කොහොමද පාඩම් කරන දෙවල් මතක හිටින්නෙ.. ඔන්න ඔහෙ ගහපන් බන් රස්තියාදු .. දැන් ඇති කියලා හිතුනාම පාඩම් කරපන්.. අමුතු ගෙමක් නැහැ.. ඔකෙ.. ඔක පාස් උනොත්.. උඹ කොහෙ හරි තියන කැම්පස් එකකට යයි.. ඔක down උනොත් උඹ ගෙදර කැම්පස් එකක් කරයි.. නැද්ද..

    ඔයා කිව්ව වගෙ ඔන්න මම උපදෙශන සේවාවක් දා ගත්තා.. " ගිලුනු නැව උපදෙශන සේවාව ".. පිස්සු කරපන් පාඩනුත් කරපන්.. සමාජයට දයාවක් , කරුණාවක්, ආදරයක් නැති උගතාගෙන් වැඩක් නැහැ.. කියලා හිතාගෙනම වැඩෙ කරපන්.. දැනුමට වඩා ආකල්ප ගැන හිත වෙහෙසපන්.. උබට ඔක ගොඩ දාගන්න එක මහ ලොකු වැඩක් නෙමෙ.. ඕං මං කිව්වා..... ටිනින නිනන ටින් නින්..( කොපි කඩෙ තෙමා ගිතය)

    ReplyDelete
  2. හිත පාලනය කරගත්තම හැමදේම කරන්න පුළුවන්ලු

    මම එහෙම අහලා තියෙනවා

    ReplyDelete
  3. " අද උක්කුන් එන හන්ද මං සති 2ක් පුරාවට නෙට් එකේ ගියපු තැන් ඔක්කොම ෆුල් සුද්දයක් දාල හොඳ ලමය වගේ.... "

    :D :D :D


    විභාගෙ අත ලඟ,
    අත පොත ලඟ,
    පොත හිත ලඟ,
    හිත " ඔහු ලඟද " ? :P

    මාර වැඩ තමයි කරගන්නේ. ටෙන්ෂන් එක නිසාද හිත අකීකරැ?. මම ඊයේ කියන්නත් හිටියේ, බ්ලොග් එකේ මොනවාහරි ලියන්න කියලා.
    ඒත් අනේ මන්දා..

    ReplyDelete
  4. හාපැටික්කියෝ. උවමනාව තියෙනවානම් හිත පාලනය කර ගන්න එක හරිම පහසු වැඩක්. අමතක කරලා දාන්න , ඈත්වෙන්න ඕන කෙනාගැන බලාපොරොත්තු නැති කරගන්න නම් කරන්න ඕන හොඳම දේ මඟහැරීම නෙවෙයි, මතක්වුනත්+මුණගැහුණත්+කතාකරත් මඟනොහැර ඒ ගැන බලාපොරොත්තු ගොඩනඟාගන්නෙ නැතිව කතාබහ කරලා ඉන්න උත්සාහ කරන්න. ඒ විදියට හිත පාලනය කරගන්න පුරුදු වුනොත් ඔයාට පුලුවනි ඇත්තටම හිත පාලනය කරගන්න. නැත්නම් වෙන්නෙ දකින,මතක් වෙන ,මුණගැහෙන අවස්ථා අඩුකරගෙන හිටියත් කවදාක හරි මුණගැහුණු වෙලාවක ආයෙත් බලාපොරොත්තු ගොඩනැගෙන එකයි. මගහැරීමෙන් ඇත්තටම අමතක කරන්න පුලුවන් වගේ හිතුනට එතනදි වෙන්නෙ හිත රැවටීමක්.
    පුරුදුවෙන්න මතක්වෙද්දි,මුණගැහෙද්දි, කතාබහකරද්දි හිත පාලනය කරගන්න. ඒක තමයි සාර්ථකම ක්‍රමය. (මේ මට ගැලපෙන ක්‍රමය. මේක අනික් අයට හරියාවිද දන් නෑ.පස්සෙ වෙලාවක පැහැදිලි කරලා ලිපියක් ලියන්නම්...තව මාසයක් විතර යනකන් පෝස්ට් නොදා ඉන්නයි කල්පනාව.ඒත් කමෙන්ට් දාන ඒවත් ලිපියක් වගේ දික්වෙනඑකයි අවුල..හික්ස්)

    ReplyDelete
  5. නැත්නම් වෙන්නෙ දකින,මතක් වෙන ,මුණගැහෙන අවස්ථා අඩුකරගෙන හිටියත් කවදාක හරි මුණගැහුණු වෙලාවක ආයෙත් බලාපොරොත්තු ගොඩනැගෙන එකයි.

    මේ කොටස අගට "හිත ව්‍යාකූල වෙන එකයි" කියලාත් දැමිය යුතුයි කියලා හිතෙනවා.

    ReplyDelete
  6. හිත control කරන එක ලේසි නැහැ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ දුර ගමන් යන, තනිව හැසිරෙන, ගුහාවක් වැනි ස්ථානයක වාසය කරන, මේ සිත දමනය කරගත්තාම මාර බන්ධනයෙන් මීදෙනවා කියලා [මේ කිව්වේ මට මතක විදිහට]

    කොහොම වෙතත් exam ඉවර වෙනකම් internet එන්නේ නැතිව ඉන්නවා, computer එක අල්ලන්නේ වත් නැහැ වගේ දැඩි ස්වයං සම්භාධක පනවා ගන්නේ නැතිව ඒවා සීමාවක් ඇතිව කරා නම් තමා හොඳ.

    තමන්ටම තමන්ව පාලනය කරගන්න ,සීමාවක් ඇතිව කටයුතු කරන්න පුළුවන් කරගත්තොත් හොඳයි. ඒක තමා මොනවා කලත් අන්තිමට වෙන්න ඕනේ. තමන්ටම තමන්ව පාලනය කරගන්න බැහැ කියන්නේ දරුණු තත්වයක් නේ.

    ReplyDelete
  7. අහා...
    මම කිව්වේ නැද්ද...
    මෙයා නයා අරිනවා කියලා..........
    හූ...........

    හුක්කි හුක්කි හූ.............

    අනේ මෙයා ගැනද අපි නොදන්නේ නේද ...

    විභාගෙ අත ලඟ,
    පොත මා ලඟ
    හිත ඔහු ලඟ
    ඔහු ඈ ලඟ

    නෙමෙයිනේ......

    ReplyDelete
  8. @ රවා
    හිත දුකෙන් පාඩම් කරන එක නම් බෑ තමා අයියේ....
    ඒත් ඉතින් ඒක නොකරත් බෑ......
    දෙපාරක්ම පාස් වෙලත් සාමන්යෙන් ඇති මට්ටමක ZScore තිබිලත් කොහේටවත් යන්න හිතක් නැත්තේ මගේ හීනෙ ඇබින්දක් හරි තාම මං ලඟ තියෙන හන්දයි අයියේ.....
    ඒකට ඕන Z මතක් වෙනකොට මට පිස්සු වගේ.......

    ඇයි ගිලුනු නැව......???? "නැගී එන සඳ" වගේ හොඳ නැද්ද??????
    හැමදේටම පින්..... මාව හිනැස්සුවටත් බොහොම පින් අයියට...... ඕං මං කිව්ව නෙමෙයි.... ඕං කිව්ව මේන් මං ගියා.......

    @ දිල්...
    ඒක ඇත්ත අක්කෙ...
    මං ගිය අවුරුද්දෙ විභාගෙ කරේ සම්පූර්ණ හිත පාලනය කරන්. නැත්තන් මන් ෆේල් වෙන තරමට හිත අවුල් උනා.... (කරා....)

    @ හෙළය
    ආ මං නරක මුකුත් කරේ නෑ හ..... සින්ඩියට අපු එක විතරයි කරේ...... වහගන්න ඔයගෙ සිග්නල් ඇඩ් එක..... ;P

    අයියට එහෙම පෙනුනද ?????? :D

    ටෙන්ෂන් නෙමෙයි....... ඊට එහා ප්‍රශ්න මට Out Of syllabus ඔන්න..... :D :D :D :D
    ඉතින් ඔයා නොකිව්වට මට ලියන්නම උනා..... :)

    @ මිත්‍රයා
    ඔය ටිකම ගිහින් මගේ හෙළය අයියටත් කියන්න බැරිද ඔයාට??????

    ඔයා කියපු හැමදේමනම් ඇත්ත තමා.... මට ඔයා කිව් හැමදේම නම් දැනට ගැලපෙන්නෑ....(ටිකයි ගැල පෙන්නෙ...) ඒත් කියපු දේවල් ඔක්කොම වටිනව. බොහොම ස්තූතියි මිත්‍රයා......

    @ Hasitha
    ඔයා මතක විදියට මොනදේ කිව්වත් මං ඕවයෙ හරි වැරදිනම් දන්නැහැ..... (ධර්මය ගැන සාමාන්යෙන් කෙනෙක් දන්න තරමින් අල්පෙනුත් අල්ල්ල්ල්ල්ල්ල්ල්පයයි මං දන්නේ....)

    ඒව නම් මට එච්චරම බලපෑමක් නෑ..... අනේ මංද.... මං ඉස්සර මාව කිසිම අවුලක් නැතුව පාලනය කරා ඒත් හ්ම්ම්........
    බොහොම ස්තූතියි......

    ReplyDelete
  9. @ බිඟුව...!

    එහෙමද හිතන් ඉන්නෙ අද රෑ 12න් පස්සෙ මේ පැත්තෙ එන්නෙ නෑ නෑ නෑමයි.... ආයෙ පෝස්ට් එකක් දාන්න තියෙන්නෙ ජුනි 18..
    එදා වෙන කම් මං එන්නෑ..... එදයින් පස්සෙත් විභාගෙ ඉවර වෙනකම් එන්නෑ.... (...... promis )
    දැන් හරිනෙ එහෙනම්.....

    මං ලඟ උත්තරයක් නෑ ඕකට..... :D

    ReplyDelete
  10. හෙළයටත් මේ කමෙන්ට් එක ctrl+c ctrl+v කරන්නද?

    ReplyDelete
  11. හා නංගියෝ

    හිත කෝමද ඔයා වගේ හුරතල් කෙල්ලෙක් පාලනය කරන්නේ ඈ..? පාලනයක් නෙමෙයි , අර හසිත මලයා කිව්වා වගේ හිත සංසුන්ව තියාගන්න උත්සහ කරන්න.. කරන දේවල් සීමාවකට කරන්න..හොඳේ.. නැත්නම් ඔයා ඔයාටම පනවගන්න ස්වයංවාරණයෙන් ඔයාගේ හිතම අසහනයට පත් වෙනවා.... එතකොට මුකුත් කරන්න බෑ... හිතටත් උඳුපියලිය කංකුන් ඔනා... :-)
    සින්දුවක් අහන්න..බ්ලොගෙයක් කියවන්න..මූනු පොතට රිංගන්න... සුලු වෙලාවක්. එතකොට ලොකු ජවයකින් සහ පිබිදීමකින් ආයෙත් වැඩ කරන්න පුලුවන් නගා....

    ReplyDelete
  12. @හා පැටික්කී

    ඔව් මට එහෙම පෙනෙනවා.
    ඒ වගේම පණිවිඩේ ලැබුණා. මිත්‍රයා කමෙන්ට් එකක් තියලා ගිහින් තිබුණා.

    ReplyDelete
  13. @ ජිවිතේ මල්
    බොහොම ස්තූතියි අක්කේ......

    @ හෙළයා
    ඔය කවුරුවත් ඇත්තටම මං කිව්ව දේ තේරුම් අරන් නෑ ගොඩක් දුරට...... ඒකත් හොඳයි........

    ඇස් දෙක හොඳ මදි ඔන්න මගෙ අයියේ.........
    ඒකත් හොඳයි.......

    ReplyDelete
  14. අමතක උන හන්ද කියල යන්න ආවේ.....
    මං අද වතුර ගහන්න එන්නෙත් නෑ ඔන්න......

    ReplyDelete
  15. කලින් ඇවිත් කියවලා ගියාට Comment එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ ඉතින් ආයෙත් ආවා... :)

    ආදරේ කියන දේ හිත ඇතුලේ හිර කරගෙන ඉන්නවා කියන්නේ පුදුම දුකක් තමයි නංගා... මේක කියවද්දි මට හිතුනේ ඔයාට වෙලා තියෙන්නෙත් එහෙම දෙයක් කියලා... වැරදි නම් සමාවෙන්න..
    හිතේ තියෙන දේ එලියට දැම්මොත් මොන දේ උනත් හිතට සහනයක් ලැබෙයි ඒත් ඒකෙ අවසාන ප්‍රතිඵලය තීරණය වෙන්නේ ඒ අදාල කෙනා අනුව. එයා හොඳ කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් එයා හිතන තරම් හොඳ කෙනෙක් නොවුනොත් ඔයාට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න.
    ඉඳල ඉඳලා ඇවිත් මෙතන බණ කියනවා නේද? :D

    අනිත් ප්‍රශ්නෙටත් මට හිතෙන දේ කියලම යන්නම්කෝ... ඔයා හිතට නීති දාලා හිරකරගෙන අමාරුවෙන් පාඩම් කරන්න ගියොත් ඔයාට ඒ කිසිදෙයක් මතක හිටින එකක් නෑ නංගියෝ... මොකද ඔයා පාඩම් කලාට හිත තියෙන්නේ net එකේනෙ.. ඒ නිසා හිත Control කරගෙන වැඩ කරන්න බලන්න.. දැඩි දඬුවම් දීලා එයාට රිද්දන්නේ නැතුව.... :D

    ReplyDelete
  16. හපොයි දෙයියනේ..............................

    ReplyDelete
  17. උවමනාව තියෙනවානම් හිත පාලනය කර ගන්න එක හරිම පහසු වැඩක්.
    :)

    ReplyDelete
  18. දැං ඉතින් මොනවද මම කියන්නේ... මෝඩිට කිව්වා පැත්ත පලාතෙ එන්න එපා කියලා. කිව්වට ඇහුවද? දැන්වත් 60% හරි අවධානය විභාගෙ දෙන්න. නැත්තං අර අම්මා තාත්තාගෙ බලාපොරොත්තු????

    ReplyDelete
  19. @ Nishacharaya
    බණත් වටිනව නේ ඉතින්...... :)

    ඒක ඇත්ත.....
    ඒත් කියනදේ අහන්නෙම නැත්නම් මං වෙන මොනා කරන්නද......????

    @ හසිත ජයසූරිය
    ඒක නේන්නම්.......... :( :(

    @ Ansh Lucky Sri Jay
    හ්ම්ම්........
    බොහොම ස්තූතියි අක්කෙ......

    @ චන්දික
    අනේ ඉතින් මට බනින්නෙපා මගෙ අයියේ.......
    මෝඩි කියනදේ අහනව...... :)
    හා හා මං එහෙමවත් කරන්න බලන්නම්...... :(

    ReplyDelete
  20. හා පැටික්කිත් එක එක පිනුම් නේ ගහන්නේ :D විභාගෙ මෙව්වා කරගෙන ගෙදර එන්නැ කියලා උක්කුන් අයියා ලෙඩේ දාන්නද්ද ?

    මගෙ නම් හිත පාලනය කරන මෙව්වා එක කැඩිලද කොහෙද :D ඔයාගෙත් එහෙම වෙන්ට ඇති :D

    ReplyDelete
  21. @ Bunny!
    මෙව්ව කරන් නෑනෙ මං තාම එකක්වත්..... ඒක නිසා නෑ...... :)

    හ්ම්... හ්ම්...
    ඒත් අක්කගෙයි මලයගෙයි එක පාරට කැඩෙයියැ කැඩුනත්...... ;D

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)