෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, April 25, 2010

වතුර ගහන්න ගියපු මට වෙච්චිදේ.....

කවුරුත් දන්න පරිදි ඊයේ මැරතන් එක තිබුනනෙ.... මං හිතන්න දුවපු අයට වඩා වතුර බාල්දි ඇදපු අපිට අමාරුයි......

හා පැටික්කිට බිඟු රාජයා තමන්ගෙ නමත් අමතක කරල පරන ගතියක්ද කොහෙද ඉස්මතු කොරල හා පැටික්කි අන්තිමට දාපු post එකට කොමෙන්ටුවක් දාල ගියානෙවැ. ඉතින් හා පැටික්කි හිතාගත්ත මැරතන් එක පැත්ත පලාතක එන්නෑ කියල..... ඒක නිසාම ඔන්න හා පැටික්කි කාමරේ හිටියොත් ඔය මැරතන් එක බලන්න රිංගන හන්ද ගියා රූප පෙට්ටිය ඉස්සරහට. ඊයෙ වෙනකම් එහෙන් මෙහෙන් කෑලි බලපු යවු වනේට තරු පෙන්නන ගිය මොකක්ද එකේ ගැරෑන්ඩ් ෆිනාලෙ තිබුන...... :D
හා පැටික්කි එහෙන් මෙහෙන් බැලුවට ඔය ටික ටික අන්තිම හත් අට දෙනා ගැන දන්න නිසා හරි බරි ගැහිල වාඩි උනා..... :)
හා පැටික්කි ආස කට හඬ ඊට කලින් සතියෙ එලියට විසික් වෙලා තිබුන හන්ද ආසවෙන් නෙමෙයි උනත් මැරතන් එක මඟ අරීන්න නියම වැඩේනෙ.....

හා පැටික්කි තට්ට තනියම.... ගෙදර හැමෝම නිදි.... සිංදු ටිකත් අහල රෑ 1යි ගානකට චන්ඩිය වගේ තනියම දොරවල් වහල ආව කාමරේට...... (හොඳ වෙලාවට හොල්මන් විශ්වාස නොකරන්නෙ මං.....)

දැන් ඉතින් නලියනව ජීවිතේට බ්ලොග් මැරතන් බලලත් නැති නිසා ඔන්න ඔහේ රිංගුව සින්ඩියට..... :D

ස්කූබිට බල්ලො පැනපි කිව්වලු මෙන්න බොලේ කට්ටිය හති දාගෙන දුවනව..... ඒ අස්සෙ අපේ බිඟු රාජයත් දුවනව...... වතුර කාගෙන පන කඩාගෙන හති දාගෙන දුවනව...... :D :D :D :D අනේ ඉතින් මට මොනව කිව්වත් අපෙ අයියනේ... හා පැටික්කිගෙ හිත උණු වෙලා වැක්කෙරෙන්න හදද්දිම හිටු කියල ගැහුව වතුර බාල්දියක් නෑවිලම යන්න......

ඕන් හා පැටික්කිත් Set උනා වතුර ගහන වැඩේට........ හා පැටික්කි ඔක්කොම පැත්තකට දාල ඇඳට වෙලා සැප පහසුවට වතුර ඇද්දා..... ටිකකින් නවත්වන්න කියල හිතන් ගියාට මොකද දාල යන්න හිතෙන්නෙම නෑ ඒ තරම් හිත උණු වෙලා..... :( :( :( :(

ඒ අස්සෙ හා පැටික්කි නරක පැටික්කිත් උනා කට්ටියට ඒ ඉතින් කට්ටිය බඩගිනි කිය කිය ඉද්දි මං බිස්කට් වගයක් කාපු නිසානෙ...... දෙන්න කතා කොරාට ආවෙත් නෑ..... මේන් මෙතන ඒක.....
ඒ අස්සෙ මට සෙත් කවියකුත් ලිව්ව බිඟු අයිය.....
ඒ ඉතින් තනියම කාපු එකට සෙත් පතල මෙතනින් යන්න පුලුවන් එතන්ට......

ඒ අස්සෙ හා පැටික්කිව හොරෙක් කරානෙ හසී.......

කොහොමින් කොහොමහරි හා පැටික්කිත් වැඩේ අත අරින්නෙම නැතුව වතුර ඇද්ද. තව දන්න කීප දෙනෙක් දුවනව කිව්වට හොයාගන්නවත් නෑ......බිඟු අයියට වතුර අදින ගමන් එහෙන් මෙහෙන් තව කීප දෙනෙක්ට වතුර ගැහුව......

කට්ටිය දුවනව කියමුකෝ ඉතින් ඒත් දෙයියනේ කියල හා පැටික්කි එක තප්පරයක් ඇහැ පියා ගත්තෙ නෑ මුළු රෑම.... උදේ වෙනකොට ඇස් වලින් කඳුලු ගලනව හෝ ගාල...... ඒ මදිවට උදේ 8-12 පන්ති.... දැන් තමා ඔන්න හා පැටික්කිට සනීපෙ දනුනෙ..... :D

පන්ති නොගියෙ ඇයි ඇහුවම අම්මට වතුර ගැහුව කියන්නයැ.... සීතලත් පැත්තක දාල වෙවුල වෙවුල නෑව..... ඒ පන්තියෙදි නින්ද ගියොත් කියල බයට..... :(
ඕන් ඉතින් යනව කියල පන්ති ගියා කියමුකො....

අපෝ ෆුල් දාපු ෆෑන් එකක් යට වාඩිවෙන්න ලැබුනෙ නාල ගිය මට එතනම පොරවගෙන නිදාගන්න තිබුන...... :O ඒ මදිවට හැමෝම රෑ තරු ගැනලද කොහෙද මේස වලට ඔලුව ගහන් ඉන්නව කලාස් පටන් ගන්නකන්.... දන්නවනේ ඉතින් දැක්කොත් අපිටත් බෝවෙන ලෙඩක්නෙ නින්ද.... හප්පෝ මං ඒක කරන්න ගියේ නෑ අමාරුවෙන් උනත් ඔළුව උස්සන් හිටිය..... මොකද මම තප්පරයෙන් දාහෙන් පංගුවක් වත් ඊයෙ නිදාගත්තෙ නැති නිසා....

සර් ඇවිල්ල පටන් ගත්ත Organic ( මගේ Favorite..)දෙයියනේ කියල කලින් Tute එක කරන් ගිය නිසා හිටියා, දෙපැත්තෙ හිටි දෙන්න කවුද මංද බාගෙට නිදි මට ඉතින් ******......... :)

කොහොම හරි අම්මාරුවෙන් ඇස් දෙක ඇරන් ඉඳල වැඩ ටික කොරගත්ත...... interval එකෙත් ගිහින් ආයෙත් මූණ හොඳට හෝද ගත්ත...... :D
කෙල්ල දස්සි නිකන් දවසටත් නිදිමත ගේන ගණන් ටිකත් කොහොමහරි හැදුව......

ගෙදර ආපු ගමන් බැලුවෙ බිඟු අයියගෙ තත්වෙ.... නිදි මරන් වතුර ඇද්දට පාඩු වෙලා නේ කොල්ල රුං ගාල පියාඹල.......

හම්මේ එහෙම්මම ඇඳට වැටිල නිදාගත්ත......

32 comments:

  1. මාත් ඔන්න දැන් තමයි දැක්කෙ හා පැටික්කි වතුර ගහල තියෙන ත‍රම. වැඩේ කියන්නේ මට හාංකවිස්සියක්වත් මතක නැති උනානෙ මැරතන් එක ගැන. අද තමයි බිඟුලන්තෙට ගියෙ. මේ තාම මුල ඉඳන් මැරතන් එකට ලියපු ඒව කියෝගෙන යනවා. බලන්ගියාම බිඟුවා දුවල තියෙනවට වඩා හා පැටික්කි වතුර ගහලනෙ.

    ReplyDelete
  2. @ අනුරාධ
    ඒ අමතක වීම මාරයිනේ...... මගේ නම් පළමු අත්දැකීම නිසා අමතක උන්නෑ......
    කියවන්න කියවන්න මරු ඒව තියෙනව......
    ඒකනෙ කියන්නේ..... :D :D

    ReplyDelete
  3. හා පැටික්කි චැට් එකට ආවද... හොරෙක් වගෙ හැංගිලා හිටියා දැක්කා... බිඟුවගෙ ට්‍රැක් එක අස්සෙ...

    ReplyDelete
  4. @ රවා
    අනේ මං ඒව දන්නෑ නෙවැ...... :( :( :(
    මේ මං බොරූ..... හැංගිල හිටියෙ නෑ.... හොඳට පේන්න හිටියෙ.....

    ReplyDelete
  5. අනේ මටනම් මොන වතුර ගැහිලිද..මම ගියා සිහින තරු අල්ලන්න :D උපේකා නංගිට සප් එක දෙන්න එපැයැ :D

    ReplyDelete
  6. @ Bunny!
    මං වතුර ගහන්න ආවෙත් ඒක බලල ඉවර කොරල මලයෝ....
    ඊටත් පස්සෙ ඔයා උපේක නංගිට කප් එක උස්සන් ඉන්න උදවු කරන්න ගියාද??????? :D :D :D :D :D

    ReplyDelete
  7. නියමයි. ඔහොම අයට හැමදාම ජය. මමත් දැක්ක වතුර පාරවල්.

    ReplyDelete
  8. @ DJ Slash (ස්ලෑෂ්)
    Thank U.....
    අද උදේ අයියව දැක්කම තමා මතක් උනේ ඊයෙ මං saturday night club ඇහුවෙ නෑ කියල.....
    ඕන් මගෙ මතකෙ........
    (issella thank wala "k" akura miss unaa...)0

    ReplyDelete
  9. ලබන සැරේ අපිත් දුවමු හා පැටික්කියෝ. හැබැයි පැන පැන යන්නනම් බෑ... :P

    Organic එල. හැබැයි එක දිගට කරනකොට නිදි මතයි. :)

    ReplyDelete
  10. @හෙළයා
    ඔයාව දැක්කෙම නෑ.... මං එද්දි හීන ලෝකෙද???? ;)
    බලමු බලමු.......

    අපෝ මට නම් එහෙම නෑ..... Organic තියේ නම් මට නම් වෙන මුකුත් ඕන්නෑ..... Chem ටීචර්ට එපා වෙනකම් පරිවර්තන කරල දුන්න...... :D

    ReplyDelete
  11. අය්යො.. මට නම් මැරතන් එක මිස් වුනානේ... වතුර කෝප්පයක්වත් ගහගන්න බැරි වුනා...

    ReplyDelete
  12. ස්තූතීයි පැටික්කි මටත් වතුර ගැහුවට :)

    ReplyDelete
  13. තව පොඩ්ඩෙන් මටත් ජල සන්නිය හැදෙනවා වතුර ගහලම.... :D පළවෙනි පාරටනෙ මෙහෙම මැරතන් එකක් දැක්කෙ.. ඉතින් වතුර නොගහ කොහොමද නේද හා නගේ? බිඟුවා තාම සද්ද නෑ, උණ සන්නිපාතෙවත් හැදිලද දන්නෑ... හි හි :)

    ReplyDelete
  14. @ මධු,
    පටන් ගනිද්දිම try කලා ඔයාට වතුර පාරක් ගහන්න, හරි ගියේ නෑ... :(

    ReplyDelete
  15. මේ හා පැටික්කියේ ඊයේ රෑ හොඳ නැති නිසා කිව්වේ නැහැ..:D:D
    කියන්නේ නම් පලාතේ එන්නේ නැහැ කියලා...
    දැන්වත් පටන් ගන්නවද?? පාඩම

    ReplyDelete
  16. මම දැන් තමා ඉස්සරලාම ගොඩ උනේ සයිබරයට....
    මගෙ බ්ලොග් එකට යන්නත් කලියෙන් මෙහෙට ආවා....
    තාමා සීතලයි.....
    වැඩි විස්තර පසුව ලියමි.
    ස්තුතිය වෙනුවෙන් ලිපියක්ම ලියමි.

    /බිඟුවා...!

    ReplyDelete
  17. මම හිටියා රේඩියෝ එක අහගෙන ඒ පැත්තේ. රොකියට වතුර ගැහුවා. ඒත් එයා මඟදී නිදාගන්න ගියානේ :). ඉතින් තරඟකරැවා නැතුව වතුර ගහන්නේ කොහොමද ?

    නිදිමත එනකොට Physical වලට බැස්සනම් හරි..

    ReplyDelete
  18. ආ හා පැටික්කි නං යුතුකං හරියට ඉස්ට කරල වගේ. මමත් මැරතං දුවන්න ආසාවෙන් හිටියත් දුවනවා තියා වතුර බෑග් එකක්වත් ගහන්න බැරි උනා නොවැලැක්විය හැකි හේතු කාරනාවක් නිසා. හැබැයි වරින් වර ඈවිත් අලුත් තත්වය නං බලල ගියා. අපේ පංගුවත් එක්කම හාවි ​කරලනේ.ඒක නිසා ඔන්න පිංඅහුරක්. මං ගියා!

    ReplyDelete
  19. මං නම් පටන් ගත්ත වෙලාවෙ ඉදල වතුර ගහල උපේක අක්ක කප් එක උස්සද්දි සැප නින්දකට මුල පිරුවා :D :D

    ReplyDelete
  20. හා පැටික්කි නිදි මරපු හැටි කියවල දැන් නම් මටත් දොයි මතයි වගේ...

    හැබැයි බෙන්සීන් ව්‍යුහය හොයා ගත්ත Friedrich August Kekule ත් ඒක හොයන් තියෙන්නෙ නින්දෙදි කියන්නේ. හීනෙන් පෙනිලයි කියලයි ඒ දවස් වල ඉගෙන්නුවෙ...

    ඒ නිසා මාත් 11 වෙනම් වතුර ගහල ගියා නිදා ගන්න.

    ReplyDelete
  21. @ Hipo
    අයියෝ ඇයි ඒ???? ගෙම්බ පස්සෙ දිව්වද....... :P

    @ මධූ වීරකෝන්
    ඔයාටත් වතුර ගැහුවද මං..... ඒත් මට ඔහොම නමක් මතක නෑනෙ......
    කොහොම උනත් Ur Well CME :)

    @ නිශාචරයා
    ඒකනේ අයියේ..... පළමු අත්දැකීම නම් නියමෙටම ගත්ත..... නේ....??? :D
    සන්නිය නොහැදුනොත් තමා පුදුමෙ.... අපි දෙන්නයි හසියි වැඩේ අත ඇරියෙම නතුව කරානේ ඉතින්.......

    නෑ රැජිනට කියල මොනව හරි කවා ගෙන පොරවන් නිදා ගන්න ඇති මං හිතන්නෙ ..... :D :D :D :D :D :D

    ආහ් ඇවිල්ල ඇවිල්ල....

    @ Nimanthi
    මොකද්ද අක්කෙ කිව්වෙ මට ඇහෙනව මදි වගේ...... :)
    එහෙමයි පටන් ගන්නම්..... :(

    @ බිඟුව...!
    ආහ් එන්න එන්න සූර වීර බිඟුස්...... :P
    පිළිගැනීමෙ ගීතයක් දාන්නද.......????

    හිහ් එහෙම නොවුනොත් තමා පුදුමේ.....
    හා හා.....

    @ හෙළයා....
    මං එනකොට ගොඩක් අය තරගේ හීනෙන් ගෙනියනව මං හිතන්නේ...... :D

    ආපෝ අයියේ මට පෙන්නන්නම බැරිව..... තියෙන ගනන් සුලු වෙන්නෑනෙ මේ ජීවිතේට.....

    @ බුද්ධි
    චූටි මහත්තය හා පැටික්කිව බලන්න ඉස්සෙල්ලම ආවෙ අද නේද.....????
    පිං අහුරට පිං.....
    මේ පත්තෙ ආවට බොහොම ස්තූතියි...... :D :D :D :D

    @ හසිත ජයසූරිය
    hih..... මං උපේක කප් එක ඉස්සුවට පස්සෙ වැඩේට බස්සෙ.... :D

    @ Wath
    ඊට වඩා නිදි මරපු කතා එක දිගට දවස් දෙකක් විතර අදපු වෙලාවල් තියෙනව. ඒව පස්සෙ කියන්නම්.....

    හප්ප අක්කෙ මං ඔය මනුස්සයගෙ අග නම විතරයි දන්නේ....
    ඔව් ඔව් ඒකටත් වැඩක් නැතුවට ඉඳල ඉඳල බලපු හීනෙ..... අපිට තමා දැන් ඒව පේන්නෙ..... ;)

    ඔයා උදේ බිඟු අයියට මාතරින් සප් එකට ආවම තමා මං ගියේ..... :D :D :D :D

    ReplyDelete
  22. @ හෙළයා
    මං ඒක දැක්ක ඒත් මොකටද?????

    ReplyDelete
  23. @ හෙළයා
    "මං එනකොට ගොඩක් අය තරගේ හීනෙන් ගෙනියනව මං හිතන්නේ...... :D"
    මේකටද????

    ReplyDelete
  24. elama thamaa patikkiye..... ko ape blog walatath panala carrot ussandooo

    ReplyDelete
  25. @ amila
    ඇයි කැරට් එහෙත් තියද????? ඔයාත් දුවල තියෙන හැඩැයි....

    ReplyDelete
  26. http://bingunada.blogspot.com/2010/04/blog-post_4029.html

    menna gihin balanna 2nd place

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)