෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, April 7, 2010

හා පැටික්කිගේ ආදරේ ...II

එදා හා පැටික්කිට ඔක්කොම ටික බැරි උනා කියලා කිව්වනේ මේ ඒකේ ඉතුරු ටික.... මගේ ආදරේ part II.....හිහ් හිහ්.... :D ;D



ඔය උඩින්ම ඉන්න කෙනා තමා එදා අන්තිමටම හිටියේ මං කිව්වේ අලි හුරතලේ කියලා.... පුංචි කාලේ නම් හරි හුරතල්.... ඒක ඉතින් මේවා දැක්කමත් පේනවානේ.....




ඔය උජාරුවට කකුල් තියන් ඉන්නේ අපේ අම්මගේ බඩ උඩට......





මේ ඉන්නෙත් එයාම තමා දැන් තේරුම් ගත හැකිනේ අලි හුරතලේ කිව්වේ මොකද කියලා.... මං පුටුවෙන් වාඩිඋනොත් එයා අනෙක් පුටුවේ... සම අයිතිවාසිකම් සහිතයි... ඉස්සර ඇඳටත් නැග්ගා දැන් තහනම්..... මෙයා එක්ක නිදාගන්න කොහෙද ඉඩක්..... මෙයාට මම අපේ අම්මගේ පරණ සාරි බ්ලවුස්ත්ත් ඇන්දුව ටික කාලයක්.....
ඒකේ 4tos හොයාගන්න බැරි උනා සොරිවෙන්න ඕන ඒකට......


මේ මගේ තව ලේන් පැංචියෙක්... මෙයා පාරමැද වාහනේකට අඩයක් වෙන්න ඉඳිද්දි මගේ බාප්පා ගෙනත් දුන්නේ....
එයා රෙදි වනන වෙලාවේ ගත්ත එකක් ඔය...

අනිත් එක lunch එක ගන්න වෙලේ මගේ පැපරාසි camera නෙතට අහුකරගත්ත එකක්.....හිහ්...... :) :) :)

ඇගේ හැටියට නෙමෙයි වැඩ කියලනම් කියන්න එපා... දන්නවනේ කතාවට ලේනා කනව වගේ කියන්නේ ඒ විදියට තමයි මෙයාගේ කෑමත්... ඔය අපේ සමහරු මඟුල් ගෙවල් වල ගියාම කොත ගහල ගන්නව වගේ ගත්තට වැඩිහරියක් බිමට තමා ගෙවල් අතුගාල ඉවරයක් නෑ....... :) :D











මේ අලුත්ම පැංච... හැබැයි මං මෙයාව ගියසතියේ යැව්වා.... පොඩි උනාට ඉස්සෙල්ලම කියෙව්වේ මගේ physics පොතක්.....




හා පැටික්කිගේ හුරතලුන්ගේ 4tos තවත් දාන්න නම් හාපැටික්කිට අදහසක් නෑ.... ඕන් ඉතින් හා පැටික්කිගේ හුරතලුන් ටික කොහොමින් කොහොම හරි post 1ට මූණ දාගත්තා.....

ඔය ගොල්ලන්ට මේ අය ගැන හිතෙන දේවල් කොටලා යන්න අමතක කරන්න නම් එපා......

27 comments:

  1. ශා හරි සෝක් නේ...අනෙ මටත් ලේන් පැටියෙක් දෙන්ටකෝ :-D

    මම එක පාරක් අර ජර්මන් ශෙපර්ඩ්‍ කියන මොඩ්ල් එකේ බලු පැටියෙක් හෙව්වා, අප්පා හරිම ගනන් නේ..! එක නිසා වැඩේ අතෑරියා :-(

    ReplyDelete
  2. අනේ මේ හා පැටියගෙ ගෙදර සත්තු වත්තක්ද කොහෙද අප්පා.. හැම තැනම සත්තුනෙ. ලේන්නු....බල්ලෝ.... පූසොනම් නැද්ද කොහෙද.. ඒ මදිවට හා පැටික්කියෙකුත්... මරැ නේද? අනේ මන්දා මේ සත්තු හදන එක අපිට එපා වෙන්නෙ නැති හැටි.. මටත් මතක ඇති කාලෙ ඉදන් සත්තු හදන එකම තමයි මගෙයි මල්ලිගෙයි වැඩේම.... හැබැයි බල්ලොයි පූසොයි මාලුයි විතරයි... කොහොම උනත් මේ වැඩේ මරැ.. අපිට පාලුවකුත් නෑනෙ... ආරක්ෂාවටයි සෙල්ලම් කරන්නයි මරැ නේද?.......

    ReplyDelete
  3. අහුන්ගල්ලේ එහෙම නෙවෙයි නේද ඔයා ඉන්නේ ?
    ආ..ඒ තව මෙහා නේද ?. හැබැයි නියමයි. තව පොඩ්ඩක් වැඩි දියුණු කරලා, සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්.....

    ගෙදරින් මුකුත් කියන්නේ නැද්ද නඟෝ මෙච්චර සත්තු ඇති කරනවට ?

    ReplyDelete
  4. හා පැටික්කී කියන්නේ නිකන්යැ නේද.....

    ReplyDelete
  5. උඩින්ම ඉන්න අලි හුරතලේ දැක්කම මට මගේ Blackey මතක් උනා‍.එයත් මේ වගේම තමයි.පොඩි කාලෙ හැම දග වැ‍ඩක්ම කරලා තියෙනවා. එයා නැති වෙලා මේ 8 වෙනිදට මාස 11 ක් වෙනවා‍.අවුරැදු 2 1/2 යි මගේ ලග හිටියේ.

    ReplyDelete
  6. සුරතල් සත්තු හදලා උන් මැරුනාම දැනෙන වේදනාව දරා ගන්න බැරි කමටම මම නම් දැන් සත්තු හදන්නේ නෑ.

    ReplyDelete
  7. @ Bunny!
    ඇස් දෙකටත් වඩා හොදින් බලා ගන්නවනම් දෙන්නම්....

    මෙයත් ඒ වරිගේ තමා.... ගනන් කියන්නේ ඉතින් ගන්න යන වියදම වගේ බර ගානක් නඩත්තුවට යනව..... ගත්තනම් හදන්නත් එපැයි ඉතින්........

    @ Chandika @ ..::E-KiCkS::..
    පූසන් සපුරා තහනම් අයියේ... ගෙදර අය දුටු තැන ගසනු ලැබේ ඒත් මං අහල පහල ඉන්නවනම් එලවනවා.....මාළුත් හදල නෑ මං....

    ඒකනම් ඇත්ත හිත සැහැල්ලු කරගන්න හොඳ ඖෂදේ.... සෙල්ලම නම් ඉවරයක් නෑ.....

    @ හෙළයා
    මොංටිසෝරි ඉද්දි අහුන්ගල්ලේ ගියා මතකයි....

    එකත් මරු අදහස......

    නෑ අයියේ ඒකනේ මං බිඟුව අයියටත් කියන්නේ මෙච්චර.... ගෙදර අය දන්නවා මං සත්තුන්ට ගොඩක් ආදරේ බව.....

    @ චමිදේවා
    ඒකනේ...
    හැබැයි මට ඔය නම දෑවෙ නම් ඒක නිසාද කියන්න මම දන්නෑ.....

    @ HN
    අනේ.... බොහෝම දුකයි ඒ ගැන.....

    @ දුකා
    මං හදන්නේ අම්මල නැතුව අතරමං වුන සත්තු.... ලේන්නු ඔක්කොම එහෙම අම්මලා පූසො කාල, ගස් වලින් හැලිල අම්මල ගෙනියපු නැති අය. මට එක එක්කෙනා ගෙනත් දෙනවා.... ඒ අසරණයෝ මැරෙන්න දෙනවට වඩා හොඳ නිසා මං එයාලව හොඳින් බලාගෙන හදනව....
    ඉතින් දාල ගියාම දුක හිතුනත් මං ඒක නොකර ඉන්නේ කොහොමද අයියේ..????

    ReplyDelete
  8. අපේ ගෙදරනම් වැඩියෙ නෑ,බල්ලො දෙන්නයි,පූසො තුන්දෙනයි

    ReplyDelete
  9. ඔයාලෑ ගෙදර සත්තු අනාතාගාරයක් වගේනෙ! තව සත්තු ටිකක් එකතු කරල සත්තු වත්තක් දැම්මොත් නරක්ද? ආ ඒක නෙමේ අර අලුත් ලේනව ඇයි ඇරියෙ?තව ටිකක් physics කියල දීල ප්‍රොපෙසර් කෙනෙක් කරගන්න තිබ්බා...අපරාදෙ! මොනව උනත් සත්තුන්ට සලකන එක හොද වැඩක් අක්කියො!

    ReplyDelete
  10. ඇයි නංගි BIO පොතක් දුන්නැද්ද ලේන් පැටියට කියවන්න?? එයාටයි ඔයාටයි එකතු වෙලා experiment කරන්න පුලුවන්! :D

    ReplyDelete
  11. ඇ බන් හා පැටික්කියෙ.., බල්ලොයි පූසොයි ,ලේන්නුයි, හා පැටික්කියොයි සත්තු වත්තෙ ඔක්කොම ටික ඔහෙනෙ... ගෙ වනාන්තරෙ වගෙ හිටින්න ඇති නෙද...?

    ReplyDelete
  12. හා පැටික්කි (MS)ට
    අපූරුයි නංගියෝ...
    ඔයාගේ කරුණාවන්ත හිත ගැන මට ඇත්තටම ආඩම්බරයි...
    මේ ලෝකේ ලස්සන වෙන්නෙ ඔයා වගේ මිනිස්සු නිසයි...
    ඔයා ඔය කර ගන්නෙ මහා පිනක්..
    ආගම අමතක කරමු.. මිනිස්කම පැත්තෙන් ගත්තත් ඒක එහෙමමයි...
    ඔය කුළුනුබර හිතට මගේ ආචාරය...

    ReplyDelete
  13. අර ඔයාගෙ උඩින්ම ඉන්න යාලුවා නම් පොඩි කාලෙ හරිම හුරතල් පාටයි. හැබැයි ලොකු උනාම නම් බය හිතෙන පාටයි. ඔයා හරි හොඳ දරුවෙක්නෙ නංගියෝ.

    ReplyDelete
  14. මම ඔය කට්ටියගෙන් වැඩියෙන්ම කැමති බව්වට තමා.. පුළුවන් දවසක් ආපු ගමන්ම එක්කෙනෙක් අරන් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔය වගේ ලේන්නු නම් මෙහේ නැද්ද කොහෙද.. මම දැකලම නෑ. හැබැයි ඉන්න බලු වර්ග ටික දැක්කමනම් පිස්සු හැදෙනවා.
    ඔයාට ඔය වැඩේ දිගටම කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා මමත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා හා පැටික්කියෝ...

    ReplyDelete
  15. ඔයාගේ ගෙදර ගෙයක් නෙමෙයිනේ සත්තු වත්තක් වගේනේ.

    ReplyDelete
  16. @ m
    ඒ මදෑ වැඩිත් එක්ක....
    බල්ලොයි පූසොයි රංඩු වෙන්නැද්ද????

    @ හසිත ජයසූරිය
    ඉස්සර එහෙම ආසාවක් තිබ්බා ඒත් අම්මලගේ සල්ලිනේ... මං රස්සාවක් කරන කාලෙක ඒ ගැන හිතන්නම් කියලා ඒ ආසව අරන් තිව්වා..... හැබැයි මගේ සත්තු වත්තට ගන්නේ පාරවල් වල එහෙම අසරණ වුන සත්තු වගේ අය විතරයි කියලයි මගේ හීනේ තියෙන්නේ.... :) :)

    පවු එයාව අමාරුවේ දාන්නේ.... :) හා පැටික්කිටත් අමාරුම පිකිස්..... :( :(

    @ Biologist
    අම්මෝ පුංචි කාලේ ඉඳන් කරපුව ඇති....
    මේසේ උඩ තිබ්බේ පිකිස් පොත් විතරයි ඒක අමතක උනා......

    @ රවා
    ඒක නෙවෙන්නම් අයියේ....
    කට්ටිය එකක් සත්තු බලන්න එහෙම යනවනම් මෙහේ ආවත් එකයි....

    @ Sansarasidu
    ඒ උනාට අයියේ ලෝකේ මිනිස්සුන්ගෙන් 0.000000001% ක් සත්තු ගැන බැලුවට වැඩක් තියේවිද????? (කොහොමටත් මගේ ආගම ගැන ගෙදර අයටත් ප්‍රශ්නයක් තිබුනා..) පින් බලාගෙන කරන වැඩක් නම් නෙමෙයි ඕන්..... :)

    @ විහඟිගේ සිතුවිලි
    හිහ් එයා හුලඟටත් බයයි අක්කේ.... පුදුම බයක් තියෙන්නේ....

    බොහෝම ස්තූත්යි අක්කේ....

    @ Nishacharaya
    ඇයි ලේන්නු කොහෙත් ඉන්නවා රූපෙන් ටිකක් වෙනස් හැබැයි රට ලේන්නු ලස්සනයි....

    බොහෝම ස්තූතියි මගේ අයියේ...

    @ Hasitha
    U R Carrot..... :) :)

    ReplyDelete
  17. ඔය කට්ටිය අතරෙ ඔයාව හොයාගන්න පුළුවන්ද මන්දා..?

    ReplyDelete
  18. මාව මොකට හොයනවද අයියේ.......
    ඔය ඕනතරම් අය ඉන්නේ හොයන්න....

    ReplyDelete
  19. අනේ හා පැටික්කි අක්කෙ සිරාවටම දෙනවද ?
    දෙනවනම් සිරාවටම බලාගන්නවා !!

    ඇස්දෙක වාගේ රැකගන්නම් රජෙකුට වාගේ සලකන්නම් :-D

    ReplyDelete
  20. @ Bunny!
    ඔයා තව සතියක් කලින් කිව්වනම්..... අර අංතිමට ඉන්න පැංචව දෙනවනේ මං......
    ම් ම් ම් ගෙනියන්න එනවනම් මට පැංචෙක් කොහෙන් හරි ලැබුනම දෙන්නම්....

    හැබැයි මලේ කියන තරම් ලේසි නෑ බලා ගන්න......

    ReplyDelete
  21. කරැණාවන්ත හා පැටික්කියට මගේ ප්‍රණාමය......මම නම් බල්ලොයි , පූසොයි තමයි ඇති කරල තියෙන්නෙ....සමහර වෙලාවට මිනිස්සුන්ට වඩා ඒ අය ජීවිතයට සමීපයි කියල හිතෙනව...ආ..තව මාලුත් ඇති කරල තියෙනව.

    ReplyDelete
  22. මටත් හිතෙනව හා පැටික්කිගෙ ස්කෝලෙ මම දැකල තියෙනව කියල........කිට්ටුව තව ස්කෝල තියෙනව නේද? my sister also studied there........It's a nice place ah...........

    ReplyDelete
  23. එකනෙ මම කිවුවෙ. ඔය මාලන් අවිත් තියෙන්නෙ..පාට වෙනස්වෙලා විතරයි

    ReplyDelete
  24. @ ඔජායෙ....
    ඔව් සමීපයි ගොඩක්......

    @ කස්සා
    ඔයා නිකම් නේ එහෙම කිව්වේ????

    අපේ ගෙදර අය මගේ විරුද්ධත්වය මැද මෙයාටත් මාලන් කියල නම දැම්මා... ඒත් මෙයා එයා තරම් හොඳ නෑ.....

    ReplyDelete
  25. කන වෙලාව ආවම පොඩ්ඩක් එහෙන් මෙහෙන් සද්ද දානව,එච්චරම තමයි .....

    ReplyDelete
  26. @ m
    ඇයි????? මේ පාඩම් කරල බලන්න කරන්න පුලුවන්.....

    මට දැන් ඔයාට ඕක කියල ඇතිවෙලා...... :(:(:(:(

    ReplyDelete
  27. @ m
    හ්ම්ම්.....

    ආහ්... ඒ මනුස්සයට තේත් එපා කරන්නද කල්පනාව......????? ;P ;P
    පොතේ නම?????
    කොරවද????? :( :(

    ඇයි අද උදෙත් අන්කල් ආවද????? :P :P :P :P

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)