෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, May 2, 2010

මතක වෙසඟ.....


හා පැටික්කිට වැඩක් කරන්න තරම් හිතට හරි මදි හන්ද හා පැටික්කිගේ පාසල් කාලෙ මතකයෙන් ටිකක් අහුලන්න ආවා..... මංමනේ ඉතින් හිත උවමනාවෙන්ම පාර ගත්තේ....... ඉතින් කොහෙද වැඩක් කරන්න හිතක්....... :( :(

මේ ඉතින් වෙසක් මාසේ නේ....
හා පැටික්කිට පාසල් කාලේ වෙසක් සැමරුම ගැන කොටල දාන්න හිතුන..............

ම්ම්ම්ම්..... හා පැටික්කිගේ පාසල කියන්නැතුවත් බෑ... ම්ම්ම් කමක් නෑ වැරදි වැඩ කරල නැහැනොවැ මං........ හා පැටික්කි පාසල් ගියේ කන්‍යාරාමයකට...... දැන් ඉතින් දන්නෝ දනිති පාසල මොකක්ද කියල..... හ්ම්ම්ම් ඒකට මොකද...

ආයේ කතාවට..... ඔය ඉතින් සමහරු ආගම් බේද ඇති අය උනාට හා පැටික්කිගේ පාසලෙන් හා පැටික්කිට ලැබුන ලොකුම දේ තමා හැම ආගමක් ගැනම එක විදියට හිතන්න.... අපේ පාසල කන්‍යාරාමයක් නිසා අපිට හැමදේම තිබුන... වෙසක්, පොසොන්, වගේම නත්තල්, මුස්ලිම් ආගමික වැඩසටහනුත් තිබුනා. (ඒව පස්සේ කියන්නම්...)

වෙසක් මාසෙට වෙනම වැඩ සටහනක් සංවිධානය වෙනව. භක්ති ගීත, කූඩු සැරසිලි, කූඩු තරඟ, වගේම හැම බෞද්ධ ලමයෙක්ම සිල් ගැනීමත් අනිවාර්යයි. (එදාට ආපු නැති අය ඊලඟ දවසේ principal ලඟ හේතු කියන්න ඕන....)

ඔන්න ඉතින් භක්ති ගීත පුරුදු වීම් එහෙම කලින් පටන් අරන් කරනව... ඒත් ඉතින් කූඩු හදන්නේ සිල් ගන්න යන දවසට කලින් දවසේ. එදාට මුළු පාසලටම period 4ක් වගේ කාලයක් දෙනව කූඩු හදන්න. ඒ වෙලාවෙ ඉතින් අපි ගෙනියන ඉරටු අරව මේව යොදාගෙන කූඩු හදල පංතියේ එල්ලනවා.

සුනාමියට කලින් නම් වත්තේ ලොකූ මාර ගහක් තිබුන. හැම පංතියකින්ම එක කූඩුව ගානේ විතර ඒ ගහේ එල්ලන්න ඕන..... මුහුද ලඟ නිසා හුළඟත් එක්ක සිලි සිලි හඬ මුළු පාසල් වත්ත පුරාම...... ඒත් සුනාමියට ඒ ගහ මැරුන....

හැමෝටම තමන් කැමති පරිදි ඔය දේවල් කරන්න පුළුවන්.... එදාට ගෙදර යන්නේ මුළු පාසලම වෙසක් අසිරියෙන් පුරවල....

ඊලඟ දවසේ උදේ 8 වෙද්දි හැමෝම (6වසර සිට ඉහල ළමයි) ළමා සාරි හරි සුදු ගවුමට උඩින් සුදු පිරුවටයක් හරි ඇදගෙන අවශ්‍ය හැමදේම අරගෙන තෙල්, මල්, හදුන්කූරු, ඔක්කොම අරගෙන පේලි වශයෙන් යනව පන්සලට.... පාසල ලඟම පයින් විනාඩි 2ට පන්සලට යන්න පුලුවන්. බෞද්ධ ගුරුවරු හැමෝමත් සිල් ගන්නව. හැමෝම ගිහින් මල් වට්ටි පහන් එහෙම හදල ඒ කටයුතු ඉවරකරනව.එදට සාමන්යෙන් සිල් ගන්න දවසකට කෙරෙන හැම කටයුත්තක්ම අපි ගුරුවරු එක්ක එකතුවෙලා කරනව.... ඒක සාමාන්යෙන් පුංචි පන්සලක් ඉතින් මුළු පන්සල් වත්ත පුරාම ළමයි.....

අපිට විෂේශයක් තියෙනව ඔය හැමෝටම වඩා.....(මං හිතනව එහෙම...) ඒ දවල්ට සිල් අරන් ඉන්න අපිට දානේ සූදානම් කරන් ගේන්නේ පාසලේ ඉන්න කතෝලික ළමයි ඇතුළු අනිත් ළමයි..... උදේට දානෙට ගේන්න බාරගත්තු දෙයක් තියෙනවනම් ඒ කටයුතු බාරව ඉන්න අපේ දෙමළ මිස්ට දීල තමා එන්නේ. මිස් කතෝලික ළමයි එක්ක තමා අපිට දානේ ගේන්නේ...... ඒ ගොල්ලන්ම තමා අපිට දානේ බෙදන්නෙත්.... අපි ඒ අයට පිං දෙන්නත් ඕනේ නේ ඉතින්..... :) :) හිතාගන්න පුළුවන්ද අපේ හිත්වල ඇති වෙන හැඟීම......ඒ වගේම බැඳීම.....

පාසලේ වෙසක් උත්සවය ඊලඟ දවසේ උදේ තමා තියන්නේ.... හොඳම පහන් කූඩුව තෝරන වැඩ, භක්තිගීත, ගුරුවරුන්ගෙන් පුංචි පුංචි දහම් කතා වගේ දේවල් ආදිය ඇතුලත්වූ පෙළගැස්මක් තමා තියෙන්නේ......

ඇත්තටම අපි මුළු පාසලේම පුදුම බැදීමක් තියෙනව. වචනෙට පමනක් සීමා උන බැදීමක් නෙමෙයි.... ඇත්තටම එක පවුලක්....

හා පැටික්කි නම් හිතන්නේ හා පැටික්කිට හා පැටික්කිගේ පාසලට යන්න ලැබුන එක හරිම වාසනාවක් කියලයි.... ඔය අයගේ පාසල් වලත් මෙහෙමද දන්නැහැ හැබැයි හා පැටික්කි දන්න ගොඩක් පාසල් වල නම් මෙහෙම නැහැ....... ඇත්තටම අපි හරිම වාසනාවන්තයි කියලයි මටනම් හිතෙන්නේ..... එහෙම නේද..... ????

ඔයාලගේ මතකයන් ගැන කියල යන්නත් අමතක කරන්න එපා......

24 comments:

  1. "හා පැටික්කි නම් හිතන්නේ හා පැටික්කිට හා පැටික්කිගේ පාසලට යන්න ලැබුන එක හරිම වාසනාවක් කියලයි...."

    අනිවාර්යයෙන්ම.
    ආගමික සහජීවනය දරුවන්ට හුරුකිරීම සඳහා ගත් කදිම උත්සාහයක්. ඔබ පාසලේ, විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙත මාගේ ප්‍රණාමය.

    ReplyDelete
  2. හරි සිල්වත් ලමයෙක් වගේ. ඇත්තටම පාසැල් කාලය තමයි අපි හැමෝගෙම ජීවිතවල ලස්සනම කාලය. හරිම මිහිරියි.
    ඔන්න මමත් ඔයාගෙ ත්ප්පොලට පැනල, ගාන 60 ක් කෙරුව.

    ReplyDelete
  3. පාසල මට අනුමාන කරන්න පුලුවන්, මමත් ගියේ ඔය වගේම කන්‍යාරාමෙකට හැබැයි ඔයාගේ පාසැල නම් නෙමෙයි. මම ඉතින් කරලා තියෙන වැඩ හැටියට පාසලේ නම කියන්නත් බැහැ නෙව. . හික් හික්.. :D
    අපේ පාසැල් වලින් අපිට ලැබිච්ච වටිනාම දේ ඔන්න ඕක. හැම ආගමක්ම, ජාතියක්ම එක හා සමාන ලෙස සැලකීම. අපේ Tamil medium classes 3ක් තිබ්බා, සිංහල පන්ති 4 කට හැම ශ්‍රේණියකම, සහ හැම ආගමක ළමුන් උන්නා, සිංහල පන්ති වල.

    ReplyDelete
  4. හැම ආගමක්ම නියම විදියට දකින්න , තමන් අදහන ආගම/ධර්මයට වගේම අනෙක් ආගම් වලටත් ගෞරව කරන්න පුරුදු වෙන එක ඉතා හොඳ දෙයක්...

    ReplyDelete
  5. 1. මම නම් දන්නවා හා පැටික්කිගේ ඉස්කෝලේ මොකක්ද කියලා :P
    2. මමත් දවසක් සිල් ගත්තා. ඒ මීට අවුරැදු 10කට විතර කලින්. මඟදී පැන්න නිසා සිල් පවාරණය කරන්න බැරි වුණා. හාමුදුරැවෝ තවමත් මාව හොයනවා සිල් පවාරණය කරවන්න.

    ReplyDelete
  6. හැම ආගමකටම, හැම ජාතියකටම එක හා සමාන ලෙස සැලකීම තමයි විය යුත්තේ කියල තමයි මම හිතන්නේ..

    ReplyDelete
  7. හා පැටික්කිට වෙග් පාසලක් මට ෙනාතිබීම ගැන අවංකවම දුක් ෙවනවා.

    ReplyDelete
  8. අපිත් පාසලේ සිල් ගත්ත විධිය මතක් උනා. මීගොඩ පඥාලෝක හාමුදුරුවන්ගෙ බණ අහපු විධිය තාමත් මතකයි. අවාසනාවට සුනාමිය ඒ වටින ජීවිතයත් අරන් ගියා.

    ReplyDelete
  9. අම්මෝ... මං පාසලෙයි දහම් පාසලෙයි ඕන තරම් සිල් අරන් තියෙනවා..හැබැයි උසස් පෙල කාලෙදි නම් ඕව අඩු උනා. මොකද පාසලේ බෞද්ධ සමිතියෙ වැඩ හින්දා සිල් දවසෙත් වැඩ. දහම් පාසලෙත් ප්‍රධාන සංවිධායක මම. ඒක හින්දා එක තැනක ඉන්න බෑ නේ. වාඩි වෙලා සිල් ගන්න ඒ වෙලාවල් වල බැරි උනාට අහගෙන හිටපු එකත් ලොකු දෙයක් කියලා මට හිතෙනවා.

    ඇත්තටම හාපැටික්කිගේ post එක දැක්කම තමයි හිතුනෙ ඔය කාරණය. අපේ පාසලේ උනත් ඔය ඉස්ලාම් දින වගේ ඒවට කලින් දවස් වල විතරයි අපි sup එක දෙන්නේ.උත්සවේ තියෙන දවසට අපිට නිවාඩු.මටත් හිතෙනව වෙසක් දවසට උනත් ඔය වගේ අනික් ආගම් වල ලමයිනුත් සහභාගි කරගන්න එක ගොඩක් හොඳ දෙයක් කියල. ඒ අතින් හාපැටික්කිට හාපැටික්කිගෙ පාසල ගැන ආඩම්බර වෙන්න පුලුවන්.

    ReplyDelete
  10. මගේ පාසල කතෝලික පාසලක් නොවුනත් හැම ආගමකම වගේ ළමයි එකට ඉගෙන ගත්තා. ආගම් භේදයක් කියලා දෙයක් කොහෙත්ම තිබුනෙ නෑ. වෙසක් එකට කූඩු හදලා සැරසිළි කරනවා.. හැබැයි අපේ ශීල ව්‍යාපාරය නම් තියෙන්නේ ඇසළ පෝයට. දානෙ බෙදීමේ වැඩ වලට කතෝලික, ඉස්ලාම් භක්තික සහෝදර ශිෂ්‍යයන් විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී ඔවුන්ගේ දෙමව්පියනුත් සහභාගී වුනා.
    හා පැටික්කිගෙ කතාවෙන් මට ආයෙත් ඒ කාලෙ මතක් වුනා....

    ReplyDelete
  11. මගේ පාසැලත් කතෝලික පාසැලක් නෙ.ඒත් ඉතින් අපිට වෙනසක් උනේ නෑ.වෙසක් කාලෙට බිම පෙරළිගෙන බට පතුරුලට අත් කපාගෙන කූඩු හැදුවා. මතක් වෙද්දී ආසාවේ බෑ..

    ස්තුතියි අපිව ඒ කාලයට අරන් ගියාට

    ReplyDelete
  12. ජිවිතයට නව අරුතක් ලබාදෙන්න , අපි සෑම ආගමකටම ගෞරවකල යුතුයි , මෙවැනි පාසලක් ලැබිමට නම් ඔයා මාර වාසනාවන්ත වෙන්න ඕනේ .

    ReplyDelete
  13. නියම සටහන..මමත් අතීතයට ගියා..හා නංගි හරිම හොඳ ළමයෙක් නොවැ..

    ReplyDelete
  14. හරිම සුන්දර මිහිරි මතකයක්...... හා පැටික්කි අපිවත් පාසලේ වෙසක් කාලෙට එක්කරන් ගියා..... සමනලීටත් තියෙනවා යාලුවෝ එක්ක සිල් ගත්ත ඔය වගේ මතකයන්..... වැඩියෙන්ද ආසා දානෙන් පස්සේ ලැබෙන අයිස් ක්‍රීම් එකට තමයි, ගෙදරදි කොච්චර කෑවත් අර වෙලාවට කන එක වාගේ දැනෙන්නේ නෑ නෙව....

    ReplyDelete
  15. හප්පේයි මේ හා පැටික්කි වගේ සිල්වත් උපාසිකාවක්.
    කන් ඇහෙන්නෙත් නැහැ කිව්වනේ එදා මම කියපු දේට..
    ආයිත් ඉතින් කියලා යන්නවත් කියලයි මම මේ ආවෙ දැකලා ඇහුනද..???දැන් යනවද..???
    ගිහිං පොතක් ගන්නවද??? කරුණාකරලා

    ReplyDelete
  16. @ තර්ඩ් මෑන්
    මං හිතන්නේ තර්ඩ් මෑන් පළමු වතාවට හා පැටික්කිගේ ගුලට රිංගුවේ........
    ඇත්තටම ඔව්...... අපි පාසලෙන් ඉගෙන ගත්තු දේ බොහොමයි.....
    බොහෝම ස්තූතියි......

    @ peter bernard dolahamunage
    ඔව් අයියේ ලස්සනම කාලේ....
    ඔයාට උත්තරයක් දැම්මේ නෑ කාලෙකින්...... :( :(

    ඇත්ත නේන්නම්.....

    @ Ansh Lucky Sri Jay
    මොන අනුමානද අක්කේ මුළු දිස්තිරික්කෙටම එකක් වෙච්චි කොට....... :D :D :D :D
    අපෝ ඔයා කරල තියෙන එව්ව මම කියෙව්ව......
    හප්පේ දඟය ඔයිට හොඳා මං හිතන්නේ....... ;) ;)

    අපිට නම් තව වටින දේවල් බොහෝයි නේද.......

    @ මිත්‍රයා

    හ්ම්ම්ම් ඔව් මිත්‍රයා..... මට නම් ඒක වැඩිත් එක්ක තියෙනව....
    ඒක සමහරු ගැටළුවක් කරගෙනත් තියෙනව.....

    @ හෙළයා

    1) කොහොමටත් එකයි තියෙන්නේ දිස්තිරික්කෙටම.... :P :P

    2)හ්ප්පේ ඒ කියන්නේ තාමත් ඔයා සීලෙ පිටින්ද..... හිහ් හිහ්...... ;) ;)

    3) ම්ම්ම්ම්ම්ම්..... අයියේ මට හිතුන ඔයා මේ දකුණෙ අහල පහලක වෙන්න ඇති කියල.....????????

    @ Praසන්ன
    හ්ම්ම්ම්..... ඒක හරි.....

    @ දයියා

    ඒ ගැනනම් දුකයි....
    හා පැටික්කි හා පැටික්කිගේ පාසලට ගොඩා...........ක් ආදරෙයි...... :D

    @ ගීතික
    සුනාමිය වැඩි හරියක් ගෙනිහින් තියෙන්නේ රටට ඕන කරන ජීවිත.....

    @ සීසර්
    ෆූ..... දැහැමෙන් සෙමෙන් වගේ වැඩ.....

    අපිට කොයි උත්සවෙත් එකයි.....
    ඔව් ගොඩක් ආඩම්බරයි.....

    @ නිශාචරයා
    අයියටත් මේ ගැන ලොකු මතකයක් තියෙනව වගේ.....
    මං කරපු වැඩ ඇහුවොත් අයිය හිනාවෙයි....

    @ දිල්
    අපේ පාසලත් ඒ වගේ තමා.....
    පාප්ප නැතත් බයින්ඩර් ගම් නාගෙන.... අපිම එකතුවෙලා මහන්සි වෙලා කොල කපල අලවද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑ නේද අක්කේ........ :)

    ආවට ස්තූතියි අක්කේ....

    @ හිගන්නා
    හ්ම්ම්ම්...... ජීවිතේ ලබපු වාසනාවන්තම දේවල් වලින් එකක්....

    @ Naya
    හා නංගි හොඳයි තමා..... :D :D
    සතුටුයි අතීතෙට එක්කන් යන්න ලැබුනට......

    @ punchi samanalee
    හප්පොච්චියේ මෙයා සිල් ගත්තේ ඕක හන්දම නෙමෙයි වෙන්නැතිනේ....???? ;)

    සතුටුයි ඔයාගේ අතීතෙට එක්කන් යන්න ලැබුනට....

    @ nimanthi
    හප්පේ.... කාගෙන් බේරුනත් අක්කගෙන් බේරෙනව බොරු වගේ....

    හා පැටික්කිට පාඩම් කරන්න හිත එකලාසයක් නැති හඳයි මේ වැඩ කරන්නේ..... පොතක් ගත්තට හිත පොතට ගන්න බැරි තරමයි අක්කේ..... :(.

    ගැත්තාට සමාව දුන මැනවි....... :( :(

    ReplyDelete
  17. ඔයාගේ ඉස්කෝලෙ දැනගත්තේ වෙන තැනකින් :P

    ම්ම්...ඇත්තම කිව්වොත් මම ඔය පැත්තේ කෙනෙක් නෙවෙයි නංගී

    ReplyDelete
  18. @ හෙළයා
    වෙන තැනකින්????? බයත් හිතෙනව.....
    කොහෙන්ද?????

    ReplyDelete
  19. අපේ ඉස්කෝලෙ නම් බුද්දාගම විතරයි. ඉතින් අපිට දුක තමා

    ReplyDelete
  20. ඒක නෙමේ අක්කෙ විභාගෙ ලගයි නේද?

    මාස තුනයි
    කාලෙ ටිකයි
    වැඩ නොකලොත්
    ගෙදර තමයි....:D:D:D

    ReplyDelete
  21. කවුද කින්ද මන්ද කියලා පස්සේ කියන්නම්..:P

    ReplyDelete
  22. @ හසිත කොල්ල
    එහෙම හිතන්න එපා මලයෝ...... වෙන ආගම් වල ළමයි නැතුව නෙමෙයිනේ.....

    මලයටත් මාව දක්කත් මතක් වෙන්නේ ඕක නේ.....

    @ හෙළයා
    :D :D :D :D

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)