෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, May 7, 2010

සියල්ලට පෙර.....




නොසිතු මොහොතක
ඔබෙන්
සෙනෙහස ලදිමි
මඟ බලා සිටියෙමි
සිහිනයන් ඔබ මා සිත පුරා ඇඳි
විඳින්නට මා නෙත් පුරා

බලා සිටියෙමි
රැදෙන්නට ඔය දෑතේ
සිහින මැව්වෙමි
නිදන්නට ඔය පපු තුරුලේ
රැදෙන්නට සිතා සිටියෙමි
ඔබේ හදවතේ......



සියල්ලට පෙර...........
ගිලිහුනෙමි මා ඔබේ ලෝකයෙන්......



....~~ඔබේ මතකයෙන් ගිලිහුන හා පැටික්කි~~....


බිඳ වැටුනද සිහින සිහිවුනෙමි මට ගෙවුන වසරේ ( 2009.05.07 03.44am ) ඔබේ මතකයෙන් ගිලිහුන මගේ මතකයේ හැමදාමත් සැරිසරන, මතකයක් එකතු වු සිහිනයන් දකින්නට ඇරඹූ මොහොත .....



හා පැටික්කිය අතින් ඊයේ සිදුව තිබූ අත් වැරැද්ද නිවරදි කිරීම සිදුකර නැවත පල කිරීමට සිදුවූ බැවින් අපහසුතාවක් වූයේ නම් සමාව දෙන මෙන් ඉල්ල සිටිමි...........

22 comments:

  1. කෝ අර පූසලගෙ කතාව. ආයෙ ආපු දවසක ලියනව කිවුව නේද ???

    ReplyDelete
  2. ඒ.....මොකද්ද මේ...

    ReplyDelete
  3. කාලා වරෙංකෝ නගාට මම කිවුව අනාවැකි ඔක්කෝම ගෙඩිය පිටින්ම හරියයි වගේ...
    කෙල්ලේ හරි පාරට වරෙන්...
    නැත්නං උඹටත් වෙන්නේ මාරයා අයියට උන දේමයි...

    මොකද දුකට කියලා හා පැටික්කිට මීවිතක රස කියා දෙන්න කියලද..?

    පද පෙළ නම් අපූරුයි..
    පොඩි එකී ලොකුවෙලා..
    හැබැයි දැන් දිගටම වත් අක්කණ්ඩිව කොපි කරන්න යන එක නම්...ම්හ්..

    ReplyDelete
  4. පදපෙළ අපූරුයි නංගි.

    සමහර මතකයන්ගෙන් මිදෙන තරමටම හොඳයි. නැත්නම් අපි නිතරම ඒවා දුකෙන් සමරන්න හුරු උනාම ගොඩ ඒමක් නැහැ.

    නංගිට ජය පතනවා.

    ReplyDelete
  5. කෙලිය නේද.....

    /බිඟුවා...!

    ReplyDelete
  6. හ්ම්....අනේ මන්ද මොනවා කියන්නද කියලා....

    ReplyDelete
  7. අපූරු පද පෙලක්......... ඉදිරියට යන්න නංඟි...... හැරි හැරී බලලා හිත රිදෝ ගන්නවට වඩා ඔය වගේ මතකයන්ගෙන් මිදෙන එක හොඳයි....... සතුටින් ඉන්න.......

    ReplyDelete
  8. Aal izz wel කිවුවලු..

    අමතක කරලා දාන්න කියලා ඔක්කලාම කිවුවට මොකද ඒකනේ අමාරුම දේ... කරන්න‍ තියෙන්නේ හිත හදා ගෙන සතුටින් ඉන්න එක....

    ReplyDelete
  9. මමත් ඔහොම හිත රිද්දව ගත්තා, එත් මට තේරුනා වැඩක් නෑ කියලා, ඉදිරියට යන්න හා පැටික්කියේ, මගේ යාලුවෙක් කියපු දේකුත් කියන්නම්,
    "Don't let your past to destroy your future"

    ReplyDelete
  10. සියල්ලට පෙර...........
    ගිලිහුනෙමි මා ඔබේ ලෝකයෙන්......

    ඔයාට ඔනේ අමතක කරන්නන්ම් ..අතිතය.....මත්ක් නොකර ඉන්න එක තමා හොදම බෙහෙත....මත්කයත් එක්ක සැරිසරනවාට වඩා.....ජිවිත්ය ජයගන්න ඉදිරියට යන්න......

    ReplyDelete
  11. ඇයි මේ හැමෝම විරහවෙන් ..
    "
    සියල්ලට පෙර...........
    ගිලිහුනෙමි මා ඔබේ ලෝකයෙන්...... "
    ඒ කියන්නේ ඔයා තමයි ta taa කියල තියෙන්නේ ..

    ReplyDelete
  12. මේ මොකෝ මේ ?.පද පෙලනම් ලස්සනයි.මොනවා කරන්නද ඉතින්.

    ReplyDelete
  13. ලං වෙන්න බැ කියල දැනුනම දුකින් වුනත් ඈත් වෙන්න වෙනවා.නැතිනම් ඒ ලංවීමම දුකක් ගේන නිසා.
    හා පැටික්කි , දුක කිව්වම දුක අඩු වෙනවා කියල හිතෙනව නම් දුක කියන්න.
    දිගටම ලියන්න.අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා.

    ReplyDelete
  14. ඔව් පබළු කියනව වගේ දුක අකුරු කරන්න.... ළඟ ඉන්න අයට කියන්න... පුළුවන් තරම් අඩන්න.. (ඒක ඉතින් බැරි කමක් නැහැළුනෙ) ටික ටික තුනීවේවි ඔයාගෙ දුක...

    තුවාලයක් හැදෙන්න තත්ත්පරයක් ඇති වුනත් ඒක සුවවෙන්න ගත වෙන කාලය නිශ්චිතව කියන්න බැහැනෙ... ඔන්න හා පැටික්කිට කැරට්, උදුපියලිය, කන්කුන් ඔක්කොම දුන්නා.. කන්න ඕනි....

    ඉක්මනටම අනවශ්‍ය මතකයන් දුරු වේවා කියල හදවතින්ම පතනවා පැටික්කියේ!!!

    ReplyDelete
  15. පරණ තුවාල ආයෙ ආයෙ පාරගන්න යන්න එපා හා පැටියො. එව කාලයත් එක්කම සුව වේවි... අත්දැකීමෙන් කියන්නේ. දැන් තියෙන්නෙ විභාගෙ මිසක් ඕව නෙමෙයි. හ්ම් හ්ම් ... දුවන්නයි කිවුවෙ...

    ReplyDelete
  16. අනේ පුංචි හා පැටික්කියෝ....
    ඔයත් කෙටියෙන් ලස්සනට ලියනව...

    නිවන්නට එපා මම
    දැල් වූයේද දැන් දැන් ය
    ලොවක් එළිය කරන්නට ආසයි මටත්
    පිච්චෙයි නු‍ඹෙ අතැගැලි
    පිචිචෙයි මා හද
    ඉතින්
    පරිස්මින්
    ගින්දර සැරයි හාපැටික්කියේ.......

    ReplyDelete
  17. අනේ මන්ද පැටික්කියෙ. ඇයි මෙහෙම වෙන්නෙ කියල. ලං වෙලා ඉඳල ඈත් වුනාම තියෙන වේදනාව මම දැන් විඳිමින් ඉන්නවා. ඔයාගෙ දුක අඩු වෙයි කියල හිතෙනවා නම් අපිට කියන්න. ඒත් ඔක්කොටම කලින් විභාගෙට පාඩම් කරන්න. ජීවිතේ දිනන්න.

    ReplyDelete
  18. අනේ මන්ද මෙලෝ දෙයක් තේරෙන් නෑනෙ....:P කවිය නම් පට්ට....:D

    ReplyDelete
  19. මටත් මුලින්ම කුණුහරුප වගේ , ආයේ කියෙව්වාම තමා තේරුනේ !!!! (මොකද මට ඔය ආදර කවි දිරවන්නේ නෑ නොවැ !!!) , මොනා උනත් වේදනාවක් නම් එය නැවත නැවත මතක් කරනාවට වඩා හොඳ ඒක අමතක කරලා දාන එක !!! ; මමත් මගේ මුල්ම කවි පෙළ ලියුවා නොවැ අද ...... :P , හා පැටික්කි තරම් නම් expert නෑ මම , ඒ වුනත් මගේ ආරම්භය හොදයි කියලා හිතනවා.
    මෙන්න ලින්ක් එක : http://ashan-blog.blogspot.com/2010/05/blog-post.html , බලලා හොද නරක කියන්න හොදේ !!!

    ReplyDelete
  20. ඈ බොලේ හා පැටික්කි වෙඩි වගේ නේ , කොමෙන්ට් දාන්නේ !!! :P

    ReplyDelete
  21. හා පැටික්කිට අදහස්,නිවරදි මඟ කියාදීමට පැමිණි මාගේ සහෝදර සහෝදරියින් සැමටම බොහෝම ස්තූතියි.......

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)