෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Saturday, May 8, 2010

අහිතක් නොසිතමි.........

මුලින්ම කියන්න ඕන මං පද වැල් අමුනන්න නම් දක්ෂයෙක් නෙමෙයි....... ඒත් නිකමට පද දෙක තුනක් හසී අක්කගේ නිවහනේදි ඇමිනුව...... මට ඒ පදවැල් දෙක තුන මගේ නිවහනටත් එක් කරන්න හිතුන........





මා ලොව නුඹට
නුඹේ ලොව නොවූවද,
ඔබේ මුලු ලොවම
මගේ කරගතිමි මම...
මා ලොවෙන් නුඹ,
පියමං කලද මා හැර....
අහිතක් නොසිතමි
ඔබ ගැන කිසිදිනෙක........


මේ පද වල් වල අරුත මගේ හිතේ ඇතිවූ මන්ඃකල්පිතයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.......

කියවල හිතෙන දෙයක් කොටලම යන්න.......

24 comments:

  1. අදින් පස්සේ එහෙමට කියල පද අමුනන්න අදහසක් නෑ ඔන්න.....

    මාරයියේ හා පැටික්කිය වන මම වත් අක්කව කොපි නොකලෙමි.............

    ReplyDelete
  2. එයි පුංචි කෙල්ලෙ... (හා පැටික්කියෙක් හින්දා) උඹ පාඩම් කරන්නෙ නැද්ද මොනවද කරන විෂයන්.. ලියන්න බැරිද පුළුවන්ද කියන එක තිරණය කරන්නෙ අපි .. ඔයා ලියන්න නංගි ගොඩ දවසකට පස්සෙ නිදහසෙ නෙට් එන්න චාන්ස් එකක් දැනුයි හම්බ උනෙ...

    ReplyDelete
  3. හප්පා ඔය තියෙන්නේ එලකීරියට

    ReplyDelete
  4. පිටසක්වල ජීවියෙක් ගැන වගෙයි. හොදා. හොදා.

    ReplyDelete
  5. ම් ම්...

    හොදයි..
    ලියලා ඉවර වෙලා ටිකක් මුමුණලා බලන්න..
    එතකොට තමන්ටම තේරුම් ගතහැකි මොකද තත්වෙ කියලා...

    කියන්න උවමනා කළ දේ කියවිලාද..
    රිද්මයක් තියෙනවද..
    පද ගැලපීම..
    රසය..
    මෙ හැම දෙයක්ම තියෙනවද කියලා තමනුයි මුළින්ම තේරුම් ගන්න ඔනේ..

    ඔයාට මොකද දැනෙන්නේ මෙ කවිය ගැන..?
    ආන්න ඒ දේම මටත් දැනෙනවා...

    මම කිවුවෙ වත් අක්කා කරන අන්තිම හදුන්වා දීම ඔයත් කරන්න ගිය නිසයි..
    එහෙම නැතිව කවි අනුකරණයක් ගැන නෙවෙයි හොදද නගේ..
    දැන් හරි..

    ReplyDelete
  6. ඔය ලස්සනට ලියලා තියෙන්නේ, දිගටම ලියන්න...

    ReplyDelete
  7. කවි ලියන්න හපනියක් වගේ පුංචි හා පැටික්කි !!!!

    ReplyDelete
  8. දැනෙන දේ නිදහසේ ගලාගෙන යන්න දෙන්න. එතකොට ඒක ඒ විදිහටම අපිටත් දැනේවි.

    ReplyDelete
  9. @ රවා
    ඇයි අයියේ මට තීරණය කරන්න බැරිද මට ලියන්න පුලුවන්ද බැරිද කියල........
    දිල් අක්ක ඔයාව හෙව්ව.......

    @ වැප්
    අදනේද මුලින්ම මාව බලන්න ආවේ බොහොම සතුටුයි මට.....

    ඇත්තටමද......??
    බොහොම ස්තූතියි අදහසට......

    @ Ansh Lucky Sri Jay
    බොහොම ස්තූතියි අක්කියෝ.....

    @ වළාකුළු
    ඔයත් මුලින්ම වෙන්න ඕන මේ පැත්තේ ආවේ බොහොම සතුටුයි මට ඒගැන....

    හ්ම්ම්ම්ම්ම්........ :) :) :) :)

    @ මාරයාගේ හෝරාව
    සමහර වෙලාවට මට හිතෙන්නෙ ඔය එකක්වත් නැහැ කියලනේ අයියේ.....
    මං පාසල් යන කාලෙ නම් කාටවත් පේන්න ආසාවට ඔහොම නිර්මාණ කරල නැහැ.. හැබැයි ඕනතරම් සිංදු මොඩිෆයි කරල තියෙනව.... ඒකට නම් මම උපන් හපන්..... :D :D :D :D

    කියපුදේ තේරුන්නෑනේ මට..... :( :( :( :(

    @ Praසන්ன
    බොහොම ස්තූතියි.....

    @ හසී
    ඔයාගේ ගෙදරින්ම තමා රෑපානේ ගිහින් උස්සන් ආවේ.....:D :D
    බොහොම ස්තූතියි අක්කේ.....

    @ හිඟන්නා
    අපොයි නැහැ කියලයි මං නම් දන්නේ...... :)

    @ දයියා
    බොහෝම ස්තූතියි අයියේ......

    ReplyDelete
  10. අන්න අන්න හා පැටික්ක මිනිස්සුන්ගේ නරක පුරුදු පුරුදු වෙලා

    මෙන්න මෙදා මං අවා
    වැප් අපු දවස

    ReplyDelete
  11. @ වැප්
    සමාවෙන්න අයියේ මට ඒගැන මතක තිබුනේ නැහැ.......
    සමාවෙන්න.........

    ReplyDelete
  12. ඔක මොකකද්
    සමාව දෙන එක දේව ගතියක්

    [ හා පැටික්කි හින්දා මට දෙවියෙක් වෙන්න පුලුවන් උනා හප්පා ලැබෙන සහනයක්]

    ReplyDelete
  13. ඔයා තිරණය කරන්නෙ ලියනවද ... ලියන්නෙ නැද්ද කියලා විතරයි...
    අපි සෙට් එක තමයි තිරනය කරන්නෙ ඔයාට ලියන්න පුළුවන්ද බැරිද කියන එක.. මාරයා.. ඇවිල්ලා.. බොරු තොගයක්ම ලියලා ගිහිල්ලා.. මමත් බොරු කියන්න පුරුදු වෙලා.. දැන්.. ඇත්ත කියන්නද..

    ReplyDelete
  14. @ වැප්
    :D :D :D :D

    @ රවා
    අනේ හා කියන්න ඉතින්.......

    ReplyDelete
  15. මමත් කියෙව්වා. දාන්න හිටපු කොමෙන්ට්ස් වෙන අය කලින්ම දාලා. ඇත්තටම ඕවා හිතන්නේ පොතේ පතේ වැඩ නැතිවෙලවලටද ??

    ReplyDelete
  16. කවිය නම් හොදා....:)

    ඒක නේමේ අක්කි මන් මේ නිකමට වගේ අහන්නෙ,
    සාමාන්‍යයෙන් ඔය වගේ කවි ලියවෙන්නෙ අබ්ලික් වෙච්ච ලව් සීන් ගැන හිතත්දි නේද? :P හික්ස්.......:)

    අක්කගෙ පොත අතේ උනාට සිත සින්ඩියෙ වගේ..:D:D:D

    ReplyDelete
  17. මේ ආදරය හරිම අමුතු දෙයක් නේද..හා පටික්කි.

    ReplyDelete
  18. @ මහසෙන්
    මං අයියට උත්තරයක් නොදී ඉන්න තරමට හොඳයි....... :)

    @ හසිත ජයසූරිය
    තෑන්ක්ස්......

    අහුවෙයිනේ කවදක හරි මට ඔයාව..... :O
    මේ ඒකනෙමෙයි ඔයා කොහොමද දන්නේ ඕව හිතෙන වෙලාව මගේ මල්ලියේ.......???? :P :P :P :P

    ඔය තේරුනේ මගේ මල්ලිට.....

    @ ලියන මහත්තය
    හ්ම්ම්ම්.....

    ලබන්නා හිටු කියා ලබයි.....
    බලාහිඳින්නා හැමදාමත් බලා හිඳී....... :)

    හා හාපුරා අද නේද මාව බලන්න ගොඩ උනේ..... බොහොම සතුටුයි ඒ ගැන......

    ReplyDelete
  19. හහ්
    හා පැටික්කියේ මේ ඉස්සෙල්ල post එක කියවලා නම් ඔන්න මොනවත්ම නොකියා ගියා දුක නිසාම මම ..
    අදත් ඉතිං මොනවා කියන්නද??
    කවිය නම් ලස්සනයි ඇත්තටම ..
    පාඩම් වැඩත් කරගන්න හොඳද..???? :-)

    ReplyDelete
  20. මගේ ජීවිතේ තහනම් වචනය කියල අපිට බොරු කියල...
    මෙයා දැන් එයා ගැන කවිත් ලියනව...
    හිහ් හී...
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නෙ ඕකට තමා...

    මොනව වුණත් ලස්සන පද ටිකක් ! ඇත්තටම...

    (හා පැටික්කි (MS) ට රහසින්...
    හා නඟාට තරහ ගියාද ? මං විහිළුවක් කළේ... )

    ReplyDelete
  21. @ sansarasidu
    මගේ අයියේ දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි........

    නැහැ අයියේ මං තහනම් වචනේ කරගත්තේ පස්සෙයි....
    කවි ලියන්නවත් කවි කියන්නවත් මට එයා කෙනෙක් නහැ මගේ අයියේ....... (http://haapatikki.blogspot.com/2010/05/blog-post_07.html)

    තරහ ගියේ නෑ මට........ :)

    ReplyDelete
  22. @ nIMANTHI
    සන්සරසිඳු අයිය දැක්ක පාර මට ඔයාව අමතක උනා නේ.....

    බොහොම ස්තූතියි අක්කේ......

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)