෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Thursday, May 13, 2010

කොහොමද ඔය කට්ටියගේ කපාල ධාරිතාව එහෙම..........???? :D :D


කතන්දර අයියගේ කතා සීරිස් එක කියවන වෙලාවෙ මගේ මතකෙට ආපු කතාවක් තමයි මේ....
අනේ ඉතින් මගේ පාසල ගැන දැන් නොදන්න කෙනෙක් නැහැනේ.... අපි ඉතින් සෙට් එකක් කියල නැහැ පන්තියම එකට තමා විහිළු උනත් කරගත්තේ. පන්තියට දොරවල් 4ක් තිබුන 4ම වහ ගත්තම අපේ ලෝකෙ තමා......
අනේ ඉතින් අපි මවපු හීන...... විශ්වාස කරයිද මංද....... පස්සේ දවසක කියන්නම් ඒ කතා.....

දැන් අද කතාව.......
ආහ් ඊට කලින් කියන්න ඕන චානක අයියට කියන්නම් කියපු පූස් කතාව පහු වෙනව..... ඒකට සොරි හොඳද... හැබැයි චන්ද පොරොන්දුවක් නෙමෙයි ඔන්න....... :) :)

ම්ම්ම් දැන් කතාව.....
A\L කාලෙ කතාවක්..... කතානායිකාව මැස්සෙක්.... (දන්නවනේ ඉතින්...) අපේ පන්තියේ අපියි මැස්සොයි එකට තමා හිටියේ... (ඔක්කොම 55යි නේ ඉතින්...) කතා නායිකාව අපේ පංතියෙ කවටය කිව්වත් වැරදි නැහැ..... කරොත් මරාලයක්..... කිව්වොත් බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් මැටි කතාවක්.... (එයා මේ පාර කැම්පස් යන්න ඉන්නේ...)

ඔන්න ඉතින් එදත් පුරුදු පරිදි හිනාවෙන්ම දවස ගෙවිල පාසල අරින(ඒ කිව්වෙ වහන..)වෙලාව ලං උනා.... එදා බුරහස්පතින්දාවක්. ඔන්න ඉතින් අර ළමයයි, යාළුවො සෙට් එකයි හවස ඉස්කෝලෙ ඇරිල එහෙම්මම පන්ති යන හින්ද ගියා ජොබ් එකට.... ඒ කිව්වෙ ටොයිලට් එකට....(හැමදාම බෙල් එක ගහපු ගමන් දුවන නිසා මං කියන්නේ කට්ටිය ජොබ් එකට යනව කියල අත්සන දාල එන්න...... හිකිස්....) ගිහිල්ල ඉතින් ඒ කාලේ පන්ති වලට ටොයිලට් බෙදල දීල තිබුන නිසා එකා පස්සෙ එකා තමා... (කිව්වට මොකද අපි ඒක වස්තුව වගේ රැකගත්තේ දොරට ඉබ්බෙකුත් දමල.... හිහ්...හිහ්... :D :D :D :D ) ඔන්න ඉතින් කට්ටියම එතනත් සුහද සාකච්චා දාගෙන ඉතින් හදිස්සි කාරියො කලින් යවල අනෙක් අය යන්න බලන් ඉන්නව.... එතනත් ඉතින් හිකි හිකිය..... ඔන්න ඉතින් අර ළමයගේ වාරේ..... ඔන්න ගිහින් ආව කියමුකෝ.... ආපු ගමන් කාපි යකා කිව්වලු....
මෙන්න මෙහෙම කියපි......

"ඒ මේ දන්නවද මං මෙච්චර වෙලා කොහොමද හිටියේ ඔයගොල්ලන්ට යන්න දීල....."

"නෑ මොකෝ...????"

"එහෙනම් අදම දැනගන්න....."

"හරි හරි කියනවකො බලන්න....."

"ඔය ගොල්ලන්ට වඩා මගේ කපාල ධාරිතාව හොඳයි....... අන්න ඒකයි....."

(තේරුනාද මංද....)
හපොයි මැස්සෙක් කිව්වත් අපිට හිනා වෙලාම පන නැති උනා..... කපාල ධාරිතාව හොඳ හන්ද ටොයිලට් එකට අනිත් අය ගිහින් එනකම් දරන් ඉන්න පුළුවන් කිව්වම අපි හැමෝම හිනා කාල මැරුන........ පස්සේ තමා එයාටත් මීටර් උනේ වැරදි ධාරිතාව කිව්වේ කියල..... මොනව කරන්නද එයත් අපිත් එක්ක හිනා උනා මිසක්..... පන්තියට ඇවිල්ල වෙච්චිදේ කිව්වම අපේ Chemistry ටීචත් Maths කරන ටීචත් අපි එක්කම පන යනකම් හිනා උනා......


හිනා නොගියත් යන ගමන් මොනව හරි කොටල දමලම යන්න.........

32 comments:

  1. හක් හක් හා..
    මරු කතාව..!!!!!!
    :D

    ReplyDelete
  2. එයාගෙනම් ඇත්තටම කපාල ධාරිතාව ලොකුයි වගේ තමා.
    ෆන් කතානේ කියන්නේ

    ReplyDelete
  3. @ Gray
    Thanks ayiyaa....

    @ Ansh Lucky Sri Jay
    බොහොම ස්තූතියි අක්කා....

    @ හෙළයා
    :D :D :D :D

    හපොයි අයියේ අපි පන්තියෙ වැඩි හරියක් කලේ හිනාවෙන එකතමා.....
    අවුරුදු උත්සවේට එයාව පිස්සියෙකුට අන්දල යැවුව කට්ටියම එකතු වෙලා..... උඩින්ම දින්නෙ නැද්ද......
    අයියෝ එදා නම් එයාව සෑහෙන්න බයිට් උනා........

    ReplyDelete
  4. ඔන්න හාවියේ මාත් ආවා බලලා යන්න.පාසල් කාලේ තමානේ හැමෝගෙම සුන්දරම කාලේ...

    ReplyDelete
  5. @ මම
    බොහොම සතුටුයි.......
    හ්ම්ම්....... ඒකනම් එහෙම තමා.....

    ReplyDelete
  6. හි හි හි මෙයත් මරු කතානෙ ඉදල ඉදල කියන්නෙ! මරු මරු

    ඔන්න ඔයාල දැනගන්න ඔයාලට වඩා මගෙ කපාල දාරිතාව හොදයි ඕන් :P

    ReplyDelete
  7. ඒක නෙමේ අක්කෙ මන් කමෙන්ට් කරන්න එද්දි 6ක් ඇවිත් දීල ගිහින් (දැන් 7යි මේකත් එක්ක 8යි)කියල තිබ්බ මට ඒක දැකල හිනාව වැඩි උනා :P

    ReplyDelete
  8. අනේ අපෙත් මැස්සෙක්ට ඔය වගේ වැඩක් උනා.හැබැයි ටියුෂන් පන්තියකදි. ගෑණු ලමයෙක් එක්ක මොකක්දෝ විෂය කාරණාවකට විවාදයක් ගිහින් මූ දින්නා. අනික් කෙල්ලෝ ඉතිං මැස්සට සුභ පතනවා.දන්නවනේ එතකොට ප්‍රීතිය overflow වෙනවනේ. අර මූන එල්ලගෙන හිටපු කෙල්ල ලගට ගිහින් කිව්වලු " ඕක තමා නංගි කියන්නේ නාස්පුඩු දෙකෙන්ම හුස්ම ගත්තත් යන්නෙ සුෂුම්නාවට " කියලා කිව්වලු. මෙයාට පෙනහළුයි සුෂුම්නාවයි මාරු වෙලා. අර wish කරපු කෙල්ලෝ ටිකම ඊලඟට හූ කියපු හැටි හිතාගන්න පුලුවන් නේද?

    ReplyDelete
  9. හහ් හහ් හා :D කාලෙකට පස්සෙ ආවා හාවො බලල යන්න. පට්ට කතාව. හැබෑට ඉතිං එයාගෙ කපාල ධාරිතාව කොච්චර ලොකුද? :P

    ReplyDelete
  10. ඔන්න ඉතින් සුපුරුදු විදියටම මම පමාවෙලා ආවා... මගේ අන්තර්ජාලෙට කෙළවෙලා තිබුනනේ.. දැන් තමයි miss වුන posts කියවගෙන යන්නේ. නංගියා සෑහෙන දියුණු වෙලානේ මේ ටිකට... :D :D නියමයි ඔහොම යන්....

    ReplyDelete
  11. හපොයි , හිනා වෙන්න ගිහින් කපාල ධාරිතාව අඩු කට්ටිය මොනවා කර ගත්තඩ මන්දා. හිනා යනකොට කපාල ධාරිතාව තවත් අඩු වෙනවලුනෙ

    ReplyDelete
  12. කපාල ධාරිතාව කෙසේවෙතත් ධාරිතාව කපාල යනකං හිනා..

    ReplyDelete
  13. එහෙනම් හැමදාම අන්තිමට යන එක්කෙනාගේ කපාල ධාරිතාව කොච්චරද දන්නේ නෑ ??? :P

    ReplyDelete
  14. @ හසිත ජයසූරිය
    කොච්චරක් හොඳද දන්නෑ...... :P

    අනේ මල්ලියෝ ඔයා කිව් දේ නම් මට තේරුනේම නැහැ........ ඇයි හිනාව වැඩි උනේ????? :(

    @ සීසර්
    ඒකත් මරු...... :D :D මැස්සො උනා කියල අවයව මාරු වෙන්නැහැනේ ටිකක් දැන ගත්තම මොකද වෙන්නේ....... :D

    @ චන්දික
    අපෝ එච්චර නෑ...........;)
    හාවො කිව්වට මං විතරයිනේ ඉන්නේ...... :(

    @ නිශාචරයා
    හ්ම්ම්ම්..... අයියා අවේ නැති හන්ද මං ගියා බලන්න මං දැක්ක කියල තියෙනව.......

    අනේ මගේ කිසි දියුණුවක් නෑ මගේ අයියේ...... :(

    @ Chanaka Aruna Munasinghe
    ඒකත් ඇත්ත තමා..... :D :D :D :D
    පූස් කතාව ඉක්මනටම දෙන්නම් අයියේ.....

    @ ගයාන් තරක
    හිහ්..... හිහ්..... :D

    මං ඒත් බයේ හිටියේ කතාව චාටර්ද දන්නෑ කියල..... :(

    @ හිඟන්න
    ඊට හොඳ නැද්ද නොයා ඉන්න කෙනාගේ කපාල ධාරිතාව හෙව්වනම්..... :P :P :P :P

    ReplyDelete
  15. අම්මෙ නගො මං පරක්කුය..?
    හුහ් හුහ් කපාල ධාරිතාවෙ..
    ටොප් හොඳේ

    ReplyDelete
  16. _ ක් ඇවිත් දීලා ගිහින් කියන එකටනම් මටත් හිනා යනවා සමහර වෙලාවට :P

    ReplyDelete
  17. @ මාරයාගේ හෝරාව
    අනේ අපොයි පරක්කු නෑ අයියේ.......
    හිහ්..... හිහ්........ හ්ම්ම්ම්.......

    @ හෙළයා
    ඉතින් ඒකට හිනායන්නේ ඇයි කියල මට කියන්නකෝ මගේ අයියේ.........

    ReplyDelete
  18. Lolzz. ROTFWL
    Deeela gihin kaalla dakke danne
    Ane manda me haa patikkinammm......
    Onna mamath deela giyooooooo

    ReplyDelete
  19. මං අඬනව ඔය පාර හිනා වෙන්නේ ඇයි කියන්නකෝ.......... මට නොපෙනෙන මුකුත් ඔයගොල්ලන්ට පේනවද????????

    ReplyDelete
  20. Eka haa patawunta penenne naa.
    Loku haawiyek wela kan deka dik wunaata passe peneyi.

    Onna thawa paaarak deela giyoooo

    ReplyDelete
  21. හැමෝම ඕන දෙයක් කරගන්න......

    ReplyDelete
  22. මමත් කියන්නමයි හිටියේ, අමතක වුනානේ... හිකිස්.. කොහොම හරි "දීලා" කෑල්ල අයින් කල එකනම් හොඳයි... ඒක දකිද්දි මොකද්ද මොකද්ද වගේ... :D :D :D

    ReplyDelete
  23. "@ හිඟන්න
    ඊට හොඳ නැද්ද නොයා ඉන්න කෙනාගේ කපාල ධාරිතාව හෙව්වනම්..... :P :P :P :P "
    ~මම අහන්නමයි හිටියේ , කෝ ඉතින් ඔයා පැනලා දිලා ඉවරයි නේ !!! මට නම් දුකත් හිතෙනවා එයා ගැන (නොයා ඉන්න කෙනා ; හපොයි දැන් කට්ටියම මට කියයිද දන්නේ නෑ ලැජ්ජාවක්වත් නැති කොල්ලෙක් කියලා මෙහෙම අහපු නිසා) . ~

    ReplyDelete
  24. මදැයි කපාල ධාරිතාව වැඩියි කියලා කියන්න ගිහින් වෙච්ච සන්තෑසිය. එල එල ඔහොම යන්. ළමයා විභාගෙට පාඩම් කරන කටයුතු කරලා හමාරද දැන් ?

    ReplyDelete
  25. හික් හික් හී...
    කාලෙකට පස්සෙ හොඳටම හිනා වුණා...
    මරු කතාව නගේ...

    හා පරපුරේ කපාල ධාරිතාව ගැන අපි නාහා ඉඳිමු, නේ ?
    හිකිස්...

    ReplyDelete
  26. හ්ම්ම්....... සිංහල වචනයක් වත් නිදහසේ භාවිතා කරන්න බැරි හැටි.... කොහොම වෙතත් මගේ නොදන්න කමට කට්ටිය හිනා වෙලා ඉවර ඇතිනේ දැන්........

    @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියේ.
    අයියත් හැමදාම වගේ මාව බලන්න එනවනේ.

    @ හිඟන්න
    ඇත්තම කිව්වොත් කිසි දෙයක් තේරුන්නැහැ..... :( :(

    @ Hasitha
    බොහොම ස්තූතියි.......
    මොන පිස්සුද........

    @ sansarasidu
    අම්මෝ හිනා උනානම් ඒ මදෑ මට....... :) :)

    හ්ම්ම්ම්....... නාහ ඉමු.......

    ReplyDelete
  27. "පස්සේ තමා එයාටත් මීටර් උනේ වැරදි ධාරිතාව කිව්වේ කියල"

    මෙ අහන්න අමතක වුනා
    ඕකට හරබර විද්‍යාත්මක වචනයක් තියෙනවද ?
    හරි ධාරිතාව මොකක්ද ?

    ReplyDelete
  28. @ Chanaka Aruna Munasinghe
    මංද මට හිතෙන්නේ ඒකට එහෙම නිශ්චිත ධාරිතාවක් නැති නිසා එහෙම කියන්න වචනයක් නැතුව ඇති කියලයි........

    ReplyDelete
  29. කිවුවෙ වැරදි ධාරිතාව කියල තිබ්බ හින්දා හරි ධාරිතාවකුත් ඇති කියලා හිතුනා

    ReplyDelete
  30. ඔයා මාරයි නේ...... මං යන්නත් කලින් ඇවිත් ගිහින්........
    මං ඒක හොයල බලල කියන්නම්.

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)