෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, June 2, 2010

ඉතින් පියවර මැනිමි.........



සතුට සොයමින් ගලා ගිය
මා දිවිය සැනෙකින්
ගොලු වෙමින් නතර විය
ඔබ කිවූ වදනින්.......

ඔබ සිහින මල් බරව
මා සිහින බොඳ වෙමින්
ඔබ පැතූ ලොව ඉතින්
ඔබ සොයා ආ සඳ
එක් සිත්ව සුභ පැතිමි
හදින් මා වැලපුනද.....

නේක මා මැවු සිහින
තුරුලු කර කඳුලැල්ද
ඔබ වටා මැවු ලොවෙන්
ඉතින් පියවර මැනිමි ඉවතට.........



....~~ඔබේ මතකයෙන් ගිලිහුන හා පැටික්කි~~....

සිතට වද දෙන දින මතකයන් වෙනුවෙන් 02.06.2010 ලිවූයෙමි.....

18 comments:

  1. නිසදැස නම් හොඳා හා පැටික්කි. මේ ඇත්ත සිද්ධියක් නිසා ලිව්ව කියලයි මට හිතෙන්නේ.

    එහෙමනම් කියන්න තියෙන්නේ සිතට වද දෙන මතකයන් අමතක කරලා ඉදිරියේදී මුහුණ දෙන්න තියෙන අභියෝගේ ගැන හිතන්න කියලා.

    ඒ වගේම ජීවීතේ කවදාවත් ආපස්සට යන්නේ නැහැ. යන්නත් බැහැ. ඒ හින්දා අද කළ යුතු දේ අද අදම කරනවා ඇරෙන්න කරන්න බැරිවුණු දෙයක් ගැන හරි අතපසු වුණු දෙයක් ගැන හරි පස්සේ පසුතැවිලා වැඩක් නැහැ.

    ඔබට සදා ජය. ඕන් මාත් උඳුපියලිය ටිකක් දැම්මා. කැරට් දාන්න විදිහක් නැහැ. දැන් කැරට් ගිනි ගණන් නේ :) :) :)

    ReplyDelete
  2. හ්ම්ම්..
    වෙලා තියෙන දේ ගැන හිතා ගත්තැකි..
    නංගියේ උඹෙ අයියා නොවුනට මං උඹට එකක් කියන්නම්..
    පින් සිද්දවෙයි..
    ඔය ඔක්කෝම චුට්ට දවසකට හිතේ කොනක තියෙන්න ඇරලා විභාගේ ගැන විතරක් ටිකක් හිතපං..
    විභාගේ ලියලා ඉවර උන ගමන්ම ආයේ ඇදලා අරන් ඔන දෙයක් කර ගනින්...
    පොඩි එකීට දෙයියන්නේ පිහිටයි..

    ReplyDelete
  3. කාට අමතක වුණත් මකර අයියටනම් හා පැටික්කිව අමතක වෙන්නෙ නෑ.මට පූස් කතන්දරයක් කියල දුන්නනෙ

    ReplyDelete
  4. ජීවන මගේ එන ගැටලු වලට උපේක්ෂාවෙන් මුහුණ දී ඉදිරි දිවිය සාර්ථක කරගන්න.

    ReplyDelete
  5. හ්ම්ම්.... මාරය්යා කියපු දේ තමා මටත් කියන්න තියෙන්නේ. විභාගේ ගැන හිතන්න මුලින්ම... මමත් කාලයක් ඔහොම දුක් උනා. එත් එකෙන් උනේ මගේ හිත තවත් දුර්වල වෙච්ච එක විතරයි... කාලයට ඉඩ දීලා ඔයා විභාගේට පාඩම් කරන්න නංගියෝ..

    ReplyDelete
  6. දුක හිතුන හා පැටික්කි ගැන‍‍‍.....අනේ මන්ද....මාත් මේවගේ අත්දැකීමකින් තාමත් බැට කනවා....දුක අමාරුවෙන් වුනත් දරාගෙන ඉන්නවා....
    මොන දේ වුනත්...කවුරු අමතක කලත් අපි හැමදාමත් හා පැටික්කි එක්ක ඔන්න....
    විභාගයක් ලියනවා කියල දැනගන්න හම්බවුණා....ඒ ගැන සිත යොමුකරල පුංචි සිතට ධෛර්යය අරන් මහන්සිවෙලා පාඩම් කරන්න...විභාගය හොදට කරගන්න ශක්තිය ධෛර්ය ලැ‍බෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා......
    මම නම් සල්ලි සල්ලි කියල බැලුවේ නෑ හොද කැරට් අල කිලො 2ක්ම දාන්නම්.....
    :DDDDDDDDDDDDDD

    ReplyDelete
  7. අඩන්න එපා පැටික්කියේ.... අපි ඉන්නව නේ.

    ReplyDelete
  8. හ්ම්ම් හ්ම්ම් හොද ලමයා වගේ දැන් විභාගෙට පාඩම් කරන්න..නැත්තම් මට උනු දේම වෙයි...මං කැමති නෑ වෙන කාටවත් එහෙම වෙනවට

    "මම"

    ReplyDelete
  9. ජීවිතේ ඔහොම තමයි නගේ . . . හැමදේම සතුටින් බාර ගන්න උත්සාහ කරන්න . . .

    ReplyDelete
  10. නෑව ගිලුනත් මO ඔයත් එක්ක අක්කේ :D

    ReplyDelete
  11. දුක් වෙන්න එප හා පෙටියෝ..විබගෙ ගෑන හිතන්න දෑන්..

    ReplyDelete
  12. දුක් නොවී ඉන්න හා පෑටියො..

    ReplyDelete
  13. අක්කේ විභාගෙ හොදට ගොඩ දැම්මෙ නැත්තම් මේ මල්ලිගෙන් අම්බානට කන්න වෙනවා...හරිද?

    දැන් ඉතින්...
    පොත අතට
    හිත පොතට
    ...ගත්තොත් හොදයි...නැත්තම් අපි වසයි හරි:D:D:D

    ReplyDelete
  14. හා පැටික්කිත් මම කියනදෙ අහනවා නෙද.. විභාගෙනම් බන් ඉලඟ අවුරුද්දෙත් එනවා... එ වගෙද ඔලුවට ආපු කවිය. මම නම් කියන්නෙ දුක හිතෙන වෙලාවට හයියෙන් අඬන්න... අයෙ බයවෙන්න දෙයක් නැහැ.. අම්මගෙ පපුවෙ ඔලුව ඔබා ගෙන අඩන්න හයියෙන් කෑගහලා.. කොච්චර ඇඟපතින් කොච්චර ලොකු උනත් කමක් නැහැ.. එක ලොකෙට ඇහෙන එකක් නැහැ.. හැබැයි හදවතෙ තියන දුක ඔක්කොම අම්මාගෙ පපුව උඩම දියවෙයි.. ඔන්න ඉට පස්සෙ පාඩම් කරන්න. විභාගෙ පාස් උනොත් ඉතාම හොදයි... නැතත්ම් ඉටත් වැඩිය හොදයි...


    බය වෙන්න, විතරක් එපා විභාගෙදි.. එවා බලලා ලකුණු දාන්න ඉන්නෙත් මිනිස්සු. ඔයා මුකුත්ම දන්නෙ නැති කෙනෙක් උනත් ඔයාට පුලුවන්නම් ඔයා දන්න කෙනෙක් කියලා එ බලන මනුස්සයට එත්තු ගන්වන්න ඔයා දිනුම්.. ඔං... මං.. කිව්වා. මෙං.. මං.. ගියා...

    ReplyDelete
  15. හ්ම්...... ඔව්ව ඔහොමතමා හා පැටික්කියෝ.......

    හා හා ඒකෙන් කමක් නෑ දුවන්නයි කිව්වේ පාඩම් කොලන්න. කැම්පස් පදුරට රිංගන්න බැරිඋනොත් ඉතින් කැරට සහනාධාරෙ කපල දාන්න වෙයි හොඳේ..... :)

    දැන් හොඳ හාපටික්කිවගේ පොත් අලන් පාඩම් කොලන්නකෝ.......

    ReplyDelete
  16. හා හා ගුටි නොකා පොත අතට ගන්නවා හොදයි...අපි හරි වසයි හොදේ....! :-D

    ReplyDelete
  17. කෙල්ලට කොල්ලො ගොඩාක් ආදරෙයි වගේ..... කොහොමත් ආදරේ කියන්නෙ ජීවිතේ පාට් එකක්.. හැබැයි ජීවිතේ කියන්නෙ ආදරේ පාට් එකක් නෙමෙයි හා පැටික්කියේ.............

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)