෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Saturday, June 5, 2010

හා පැටික්කිගේ වරදක් නොකල අහිංසකී.........




"දූ අන්න කලූ ඉන්නවා......"
අම්ම මේක කියද්දි මගේ හිතට ආවේ පුදුම සතුටක්....... ඒත් ගියාම දැකපු දේ නිසා හිතට ආපු දුක නම් කියල නිම කරන්න බැහැ. ඒකයි මේ ගැන ලියන්න හිතුවේ...........

..................................................................................................................

කලූ....... ඒ වෙන කවුරුත් නෙමෙයි වංගුවේ කඩේ අක්ක කිව්වේ දවසක් උදේක පෙට්ටියක දමල පෙට්ටියත් වහල ගෙනත් දමල ගිය බලු පැටවු දෙන්න ගෙන් එක්කෙනෙක්.......

හරියටම ගියවර උසස්පෙළ ප්‍රථිඵල ආපු දවසට පස්සෙන්ද මං Chemistry ක්ලාස් ගිය සර් එන්න කිව්ව ඒ මං ආයේ විභාගේ කරන්නෑ කිව්ව නිසා.... ගිහින් එද්දි අම්මගෙන් රුපියල් 30ක් ඉල්ලන් මන්චි චොක්ලට් මාරි එකක් ගත්ත මට කන්න නම් නෙමෙයි. පාරේ මුණ ගැහුන හැම බල්ලටම බිස්කට් 1ක් ගානේ විතර දුන්න...
එදා අන්තිමට ගෙදර ලඟට එද්දි ඉතුරු වෙලා තිබුන බිස්කට් 2යි. ඒත් හන්දියේ හිටි කලු බල්ලව දැක්කම ගෙදර බල්ලට 1ක් තියන් අනිත් එක එයාට දුන්න. ඒත් වෙන එක බල්ලෙක් වගේ වත් නෙමෙයි එයා තවත් ඉල්ලන් පස්සෙන් ආවේ නෑ......

ඒක නිසාමද මංද එදා ඉඳන් මම එයාට හැමදාම අපේ බල්ලට දෙන කෑම එකෙන් ටිකක් වේල් 2ක් වත් ගෙනිහින් දුන්න. අම්ම මුකුත් නොකිව්වත් තාත්ත මුලදි ටිකක් බැන්න ඒත් පස්සේ මං සත්තුන්ට කරන දේවල් නවත්වන්නැති බව දන්න නිසාද කොහෙද තාත්තත් මුකුත්ම කිව්වේ නැහැ.
..........................................................................................................................

එයා කලු නිසා මං එයාට කතා කරේ කලු නංගි කියල. එයා නංගියෙක් ....

එදා ඉඳන් හැමදාමත් එයා කතාකරාම ගේට්ටුව ලඟට ඇවිත් දෙන බත් ටික කෑවා..... ගෙදර දඩෝරිය වගේ නෙමෙයි එක කරපිංච කොලයක්වත් ඉතිරි නොවෙන්න කනව. එක බත් ඇටයක් කන්න දෙන කොලෙන් බිමට හලන්නැහැ. කොනෙන් කොනෙන් හරිම පිළිවෙලකට කනව. මට බැරි උනොත් අම්ම හරි එයාට බත් ගෙනිහින් දෙනව. අහල පහල අයට මුලදි මේක රිස්සුවේ නැහැ. අනුන්ගේ වැරදිවලටත් මගේ අහිංසකීව පැටලුවා. ඒත් මං වත් අම්මවත් එයාට කන්න දෙන එක නැවැත්තුවේ නැති නිසා අනෙක් අයත් පුලුවන් දවසට පාරේ ඉන්න බල්ලන්ට පුලුවන් විදියට ඉතුරු උන කෑම ටික හරි අනල දෙන්න පටන්ගත්ත.

කලූට පැටවු හම්බුනාම එයා ටික දවසක් ආවේ නැතත් ආපු පළවෙනිදවසේ මගේ සායෙන් අදිනව දැකල ඉස්සරහ ගෙදර ඇන්ටි කිව්ව" ඔන්න සබන් පවුඩර් අරන් යන්න වෙයි" කියල. එයාට ලස්සන බලු පැටවු 4ක් හම්බවෙලා තිබුන. ඒත් ඒ ඔක්කොම බලු පැටවු නිසා එක එක්කෙනා ගෙනිච්ච. අන්තිමට එයා ආයෙත් තනියම........

ඒත් එයා හැමදාමත් කන්න කතාකරාම ඇවිත් කාල යනව. ඒත් සති 3කින් විතර එයා පේන්න නොහිටි නිසා අම්මයි මායි දන්න හැමෝගෙන්ම අහ අහ හෙව්ව ඒත් කවුරුවත් දැකල තිබුනේ නැහැ. කෙනෙක් කිව්ව බල්ලෙක් කෝච්චියට හැපිල හිටිය කියල ඒත් පස්සේ කිව්ව ඒ බල්ලෙක් කියල.

කොච්චර හෙව්වත් ආවේ නැති නිසා අපි හිතුවේ වෙන කොහේදි හරි මැරිලවත්ද දන්නෑ කියල. බල්ලෝ කන්න දීපු අයට පේන්න මැරෙන්නෑ කියන නිසයි එහෙම හිතුවේ.

ඒත් අම්ම අද පාසල් ගිහින් ආපු ගමන් කලූ ඉන්නව කිව්ව නිසා පන්ති යන්න ලේස්තිවෙලා හිටපු මමයි අම්මයි ගියා කලූව බලන්න...... අනේ ඇට පෑදිල හොඳටම. අම්ම ලඟ ඒ වෙලේ පාසලේදි උපන්දිනයකට දුන්න කේක් කෑල්ලක් තිබුන නිසා ඒක දුන්න. එක කටට ගිලදැම්ම. අනේ පවු........

ඒත් මේ අහිංසකය මෙච්චරකල් කොහෙද ගියේ මං ටිකක් ලං වෙල බලද්දියි දැක්කේ....... අනේ අපොයි නීතිගරුක රියදුරු මහත්මයෙක් කල හදියක් අතේ ගැඹුරට ගියපු තුවාලයක්. පස්සේ කකුල් දෙකටත් පනක් නැහැ. තුවාලෙන් ලේ ගලනව තාම.(මං හිතන්නේ ඇවිදින්න පුලුවන් උන ගමන් එයා ඇවිත් තියෙන්නේ......)

අනේ දවල්ටයි රෑටයි කන්න දුන්න කන්න හිටගෙන ඉන්නතරම්වත් බැහැ. ඇවිදින්නේ අඩි දෙකක් ගිහින් ටිකක් වාඩි වෙනව ආයේ යනවා..... බලන් ඉන්න පුලුවන්ද මෙච්චර දවස් වත්ත ඇතුලෙ නොවුනත් කන්න බොන්න දීල හුරතල් කරපු අහිංසකී......

මනුස්සයෙක්ගේ අතක් හීරුනත් රියදුරාට අල්ලන් ගහන ලංකාවේ මේ සත්තු කොච්චර නම් හප්පන් යනවද..... ඒ අයත් වැරදි කරනව තමයි ඒත් ඒ අය සත්තු හන්දද පැත්තවත් නොබලන්නේ?????

මට මේක කියන්න ඕන උනේ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි අනේ මේක කියවන ඔයාලවත් වාහන එලවද්දි ටිකක් මනුස්ස ජීවිත ගැන වගේම සත්ව ජීවිත් ගැනත් හිතන්න. ඒ අය පාරවල් ගානේ ගෙනත් දානෙත් මිනිස්සුමයි නැතුව පාරට බල්ලො නිකන් බෝවෙන්නැහැ.

ටිකක් හිතල බලන්න කීදෙනෙක් ගෙදර ඉතුරුවෙන බත් කටක් උනත් විසික් කරන හැටි. ඒක මේ අහිංසක සතෙක්ට දුන්න නම් ඒ අයගේ කුසගින්නෙන් ටිකක් හරි නිවෙනව. ඔයගොල්ලො කියයි කන්න නැති මිනිස්සු කොච්චරනම් ඉන්නවද කියල. ඒත් ඒ අයට අපි කාල ඉතුරු කරපුව දෙන්න බැහැනේ. ඒත් මේ අයට ඒකත් රාජ බෝජන වගෙයි නේද?????? කාටවත් නැතිවෙන්න කුනු බාල්දියකක දමනවට වඩා කාගෙම හරි බඩ පිරෙනව නේද??????

ඒ වගේම ටිකක් පරිස්සමෙන් රියපදවන්න සත්තු කියල අයින් නොවුනම හප්පන් යන්න, දැක්කේ නෑ වගේ හප්පන් යන්න එපා....... තමන්ගේ ජීවිතේටත් මරු කැඳවන වේගෙන් ඉගිලෙන්න එපා......

ඒ සතෙක්ගේ දෑසෙන් බේරෙන දුකත්, වේදනාවත් ටිකක් වෙලා ඒ අය දිහා බලන් හිටියොත් ඔයාලටත් පෙනේවි.අඩන්නේ මිනිස්සු විතරක් නෙමෙයි හිනාවෙන්න දන්නේත් මිනිස්සු විතරක්ම නෙමෙයි........ දඩාවතේ යන බල්ලො කියල ගහල පන්න ගන්න කලින් මේ ගැනත් ටිකක් හිතන්න. මනුස්සයෙක්ගේ දුකට පිහිට වෙනව වගේම ඒ අයටත් උදවු වෙන්න. එක ජීවිතයක් හරි බේරගන්න. මේ දේවල් පින් බලාගෙන නොකරත් හැමදාටම ඒ පිනත් ඔයාල ලඟ ඉතුරු වේවි.........


58 comments:

  1. ඇත්තම කතාවක් නංගි, ඔය වැඩ පිළිවෙල ඔයාට දිගටම කරගෙන යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. බොහොම හරි.. මමත් ඔය වැඩේ කරලා තියනවා සෑහෙන්න.. බැනුම් අහලත් තියනවා නොසෑහෙන්න ගෙදරින් & වටේ පිටේ ගෙවල් වලින්...

    කීප් අප් ගුඩ් වර්ක්!



    AL කියන්නේ පටන් ගැන්ම විතරයි.. තාම මම ඉන්නෙත් මැද.. ඒත් පටන් ගන්නත් ඕන නේ..
    මොකද දිගු ගමනක් පටන් ගන්නේ එක පියවරකින්..

    ජය..

    වැම්පයර් අයියා..

    ReplyDelete
  3. @ blog gadol
    hmm.... ayiyaa bt can't remmber way to get some medicine 4 her. m n amma thought to ask from our wet surjn today.

    Thanks 4 de commnt.

    @ නිශාචරය
    බොහොම ස්තූතියි මගේ අයියේ.......

    කාලෙකින් මේ පැත්තෙ ඇවිත්.....

    @ වැම්පයර්
    මට ගෙදරින් නම් බැනුම් අහන්න වෙන්නේ බොහොම කලාතුරකින් මං ගැන කට්ටිය දන්න නිසා.

    තැන්ක් යූ අයියා

    බොහොමත්ම ස්තූතියි අයියේ. ඒ උනාට ගුරුවරු අපිව අන්දන්නේ ඊට පස්සේ කරදර නෑ නිදාගන්න පුලුවන්...... ඒව මේව කියල. ඒව ඉස්සර විශ්වාස කරත් මේ පැත්තට ආවම අයියල ගෙවන ජීවිත දැක්කම මොන බොරු කතාද කියල හිතෙනව.

    අයියේ සමාවෙන්න මෙතනම කියනවට මං අයියගේ ලිපි කීපයක්ම කියවන්න යන්න ඉස්සර උත්සාහ කරත් මාතෘකාවට පස්සේ ලිපිය බලන්න බැරි උනා. ඒක දැනටත් එහෙමයි. එකම එක ලිපියයි බලන්න පුලුවන් උනේ...... ඒ ඇයි කියන්න පුලුවන්ද??????

    ReplyDelete
  4. ඒ මොකෝ බොලේ ඒ.. නෝ අයිඩියා!

    මෙහෙමයි සීන් එක..

    මුකුත් අවුලක් ගන්න දෙයක් නෑ.. AL උගන්නන සර් ලා ඔයාලව අන්දන්නේත් නෑ.. මෙහෙමනේ..

    මම ගුරුවරුන්ට අපහාස කරන්න නෙවේ මේක කියන්නේ..

    ඔයාලට පොඩ්ඩක් හිතුනේ නැද්ද.. උදාහරණයක් විදියට..
    ඉංජිනියරින්, මෙඩිසින් යන්න ළමයින්ට උගන්නන්නේ ඒ දෙකටම යන්න බැරුව (බොහෝ අවස්තාවලදී) , පිසිකල් බයෝ ගියපු අය නේද සර්ලා ටීචර් ලා විදියට ඇවිත්!

    ඒ නිසා එයාලා කියන දේඇත්ත....

    ඕකට දුක් වෙලා වැඩක් නැත.. තමා කරන දේ ගැන සතු‍ටු වෙන්න උත්සාහ කරන්න..මොකද අපි කැමති ගෙදරට වෙලා පාඩුවේ කාලා බීලා ඉන්න.. ඒත් පවතින ක්‍රමයේ ඒකට ඉඩක් නෑ..ඒකෙ නරකක් මම දකින්නේ නෑ.. එහෙම නැත්නම් අපිට දියුණු වෙන්න බැරි නිසා!!

    ඒ නිසා තමන්ගේ චැඩේ ගැන ආසාවක් ඇති කරගෙන ඉස්සරහට යන්න...

    මම එහෙමයි..

    මට නම් තවත් විභාග නෑ පේන තෙක් මානේ...
    ඒත් මම තාම ඉගෙන ගන්නවා.. !

    මම ඉන්න තැන ගැන මට ගොඩක් සතු‍ටුයි.. එහෙම උණේ මම විසින්ම මම කරන දේ ගැන සතු‍ටු වීමට ඉගෙන ගැනීමෙන්.. ඒත් වෙන අයට ඒක මහ ඔඩ් විදියට පේන්න පුළුවන්...

    උදාහරණයක් විදියට මහාචාර්ය වරයෙක් ගන්න.. ගොඩක් අයට හිතෙන්නේ "එයා මොනවද කරන්නේ,,, පොත් එක්ක ම මුලු ජීවිතේම ගෙවන්න පුලුවන්ද ඔහොම ?".. ඔන්න ඔය වගේ දේවල්.....ඒත් කරන කෙනා ඒ ගැන් සතුටින් ඉන්නවා නම්.. එච්චරයි...

    ජය..
    වැම්පයර්

    ReplyDelete
  5. හා පැටික්කිගේ සත්ව කරුනාව නම් ඉහළයි. මේ රටේ හුඟක් වෙලාවට සත්ව කරුණාවට ලක් වෙන්නේ ලොකු සත්තු ඒත් නැත්නම් දුර්ලභ සත්තු.

    බල්ලෝ වගේ කට්ටිය හැම තැනම ඉන්න නිසා කට්ටියට ගාණක් නැහැ.

    ඒත් මේ මහ පොලොවේ ඉන්න හැමෝටම ජීවත්වීමේ අයිතියක් තියෙනවා. අනිත් කෙනෙක්ගේ ඒ අයිතිය නැති කරන වැරදි වැඩක්. මිහිඳු හාමුදුරුවෝ මුව දඩයමේ ගිය තිස්ස රජතුමාට කිව්වේත් ඒකනේ. ඉ

    තින් මේ විදිහට අසරණ වෙලා ඉන්න සතුන්ට මොකක් හරි පිලිසරණක් වෙන වැඩක් ජාතික මට්ටමෙන් කරන්න පුලුවන් නම් හොඳයි. ඒත් ලංකාවේ මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙන නිසා තියෙන නිසා ඒ ප්‍රශ්න විසදුනු දවසට තමා අනෙක් ප්‍රශ්නවලට අවදානය යොමු වෙන්නේ.

    එතකම් අපිට කරන්න පුලුවන් මට්ටමෙන් බල්ලන්ට විතරක් නෙමෙයි අනෙක් හැම සතෙක්ටමත් කරුණාව දක්වලා පිහිටක් වෙනවා නම් මනු සතා ගෙන වෙන්න ඕනදේ ඒකයි :)

    ReplyDelete
  6. හා පැටික්කි කරල තියෙන්නෙ හොඳ වැඩක්. ඔයාට ගොඩක් පින්.

    ReplyDelete
  7. A Hotel For Dogs ‍ෆිල්ම් එකේ වගේ වැඩක් කරා නම් හරි

    ReplyDelete
  8. නංගියේ උඹ ගැන කියන්න මට වචන නැහැ.
    අපේ වැඩ පොලෙත් බලු කස්ටිය ගොඩාක් ඉන්නවා.
    මම දැන් මතකයෙන් ගැනලා බැළුවා හරියටම දොළොස් දෙනෙක්.
    උන්ටත් කන්න දෙන කට්ටිය අඩුයි..
    දවල්ට නම් අවුලක් නැහැ..ඒත් රෑට අපි හතර දෙනා දෙන දෙයක් තමයි උන් ඔක්කෝටම..
    අපේ එක හාදයෙක් ඉන්නවා මිනිහා ගිහින් කුනු භාජන වලට අත දාලා දවල් කට්ටිය කාලා දාලා ගිය ඉතිරි කෑම හොයාගෙන ඇවිත් කොහොම හරි උන්ගේ බඩ පුරෝනවා.
    බල්ලෝ ටිකත් පුදුම ගුණයක් තියෙන උන් ටිකක්.
    එළි වෙනකල් පැයෙන් පැයට අපේ කවුරු හරි ආයතනය වටෙ යනවා..
    සම්පූර්ණ වටය කිලෝ මීටරයකට ටිකක් අඩු වෙන්න තියෙනවා.
    මෙ බල්ලෝ ටික එළි වෙන කල් අර වටෙ යන මනුස්සයා එක්ක යන එකමයි වැඩෙ..
    එකම එක බල්ලෙක් මාව පේන හරියට වෙලා ඉන්නවා ඌ වෙන කොහේවත් යන්නේ නැහැ.

    බල්ලෝ ගැන කියන්න දේවල් බොහෝමයි..

    ආ මට තව එක ඉල්ලීමක් කරන්න තියෙනවා බල්ලන්ට කෑම ටිකක් හරි දෙන්න හිතන අයගෙන්..
    කරුණාකරලා දෙන දේ හොදට අනලා දෙන්න උන්ට අනා ගෙන කන්න බැහැ.

    ReplyDelete
  9. ඇස් දෙකට කදුලු ආවා නංගෝ....මම ආදරෙන් හදපු මගේ බව්වත් මගේ ඇස් ඉදිරිපිටම වාහනයක හැප්පුනා....එතන වැරැදිදත් රියදුරාගේ....තාමත් එයා ගැන මතක් වෙන ගානේ ඇඩෙනවා....මට ඒ තරම්ම ආදරෙයි.... :'(

    මේ වගේ ලිපියක් ලියපු එක පිං ඔයාට නංගෝ......
    ඔයාගේ කලු නංගිට ඉක්මනටම හොදටම සුව වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ළුනා කරනවා......!!!

    ReplyDelete
  10. මේ මහ පොලොවේ ඉන්න හැමෝටම ජීවත්වීමේ අයිතියක් තියෙනවා. අනිත් කෙනෙක්ගේ ඒ අයිතිය නැති කරන වැරදි වැඩක් කියල හසිත කියල තියෙන එකට මාත් එකගයි. නමුත් මිනිස්සු ඒ ගැන තැකීමක් කරන්නේ නැති එක තමයි වරද. හා පැටික්කිගෙ ඔය වැඩසටහන දිගටම කරගෙන යන්න ලැබේවා කියල පතනවා.

    ReplyDelete
  11. @ වැම්පයර්
    සමහර වෙලාවට මැසේජ් එකක් එනව.
    ගොඩක් වෙලාවට කොච්චර ට්‍රයි කරත් ටොපික් එක ක්ලික් කරත් පෝස්ට් එක පෙන්නන්නැහැ.
    ඉතින් දමල ගහල ඔයාටත් බැන බැන එනව...... හිහ්......
    මගේ අවුලක්ද නම් දන්නේ නැහැ අයියේ.......

    ඒකත් ඇත්ත ඒත් මාව සයන්ස් කරන්න යොමුකල මගේ විද්‍යාව සර් හැමදෙයක්ම ඇත්ත කියල දුන්න මට. ඒ සර් විද්‍යාපීට විතරයි ගියේ. O/L උගන්නන්නේ. ඒ කාලෙම මට හැම දෙයක්ම කිව්වත් ඒව ගැන ඒ කාලේ හිතන්න ගියේ නැහැ.

    බොහොම ස්තූතියි අයියේ ඔයා කියපු දේ ගැන ගොඩක් හිතන්න තියනව. බොහොම ස්තූතියි.........

    @ Hasitha
    ඔව් හැම සතාටම කරුණාව දක්වන්න ඕන. ඒත් කැරපොත්තො මීයො වගේ වදක කියල සළකන සතුන් පොදි පිටින් මරල දමද්දි මුකුත් කියන්නේ කොහොමද අයියේ.......?????? (ඔයාට අයිය කිව්වට තරහ වෙන්න එපා... වෙන ආමන්ත්‍රණයක් දන්නැහැ ඒකයි...)
    ( අපේ ගෙදරනම් මම අම්මට බනිනව ඒක නිසා කැරපොත්තොන්ට ගොඩක් වෙලාවට කුණුමල්ලත් සමග කුණු ටැට්ටරේට යන්න වීස දෙනව.)

    2 මහසෙන්
    බොහොම ස්තූතියි අයියේ. ඒත් මං බලාපොරොත්තු උනේ පිනට වඩා තව දෙතුන් දෙනෙක්වත් ගෙදර විසික් කරන බත් කටක් හරි අසරණ සතෙක්ට දෙයි කියල.

    @ thariya
    අද වෙන්න ඕන හා පැටික්කිගේ ගෙවල් පැත්තෙ ආවේ. බොහොම සතුටුයි ඒ ගැන....
    ඒ ගැන දන්නේ නම් නැහැ. සමාවෙන්න.
    ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

    @ මාරයාගේ හෝරාව
    මම පන්ති යන ආයතනයක නැවතිල ඉන්න සීය කෙනෙකුත් ළමයි කාල ඉතුරු කරල කුණු බාල්දියට දමන බත් කොල දිග ඇරල තාච්චියකට බත් ටික එකතු කරල බල්ලෝ දෙන්නෙක්ට කන්න දෙනව.

    එයාලගේ ගුණේ ගැන නම් කියන්න දෙයක් නැහැ අයියේ. මේ බලු නංගිත් මං ගෙදර ලඟම තියන ක්ලාස් ඇරිල රෑට එනවනම් එතනට ඇවිල්ල ඉන්නව. ඒත් සර් දවසක් ගැහුව නිසා එයා දන් වංගුවට වෙලා බලන් ඉන්නව. ගෙදර බල්ලට වඩා ගුණේ එයාගේ........

    අපේ පුංචිලගේ තාත්තට හිටිය බොහොම ආදරණීයන් දෙන්නෙක් සීයගේ මළගෙදර දවස් වල ජිනපාල පෙට්ටිය යටින් හෙල උනේ නැහැ. පෙට්ටිය වහල එලියට ගෙනාවමත් ඒක යටට වෙලා හිටිය. අන්තිමට එයා නොකා නොබී මැරුණ. සීය ඒ දෙන්නට කතා කරෙත් දරුවෝ කියල.
    සීය හැමදාම හවසට වැනි වැනි එන කෙනෙක් මේ ජිනපාල හැමදාම මගට යනව සීය එක්ක එන්න. බල්ලෝ හරිම ගුණයක් තියන සත්තු .........

    ඒක ඇත්ත අයියේ මට කියන්න අමතක වෙලා..... බත් කැට පිටින් දමල කන්නේ නෑ ගගා බනින අයවත් දැකල තියනව මමත්......

    @ හසියා
    අනේ...... මොනව කරන්නද අයියේ නීති ගරුක රියදුරු මහත්තුරුනේ ලංකාවේ වැඩිම.......
    අපේ පාරෙ ටිකක් එහයින් හිටි බල්ලෙක් ස්කූටිපෙප්ට් බයික් වලට විතරක් පනිනව හමෝම පිස්සු කිය කිය බැන බැන ගියා. ඒත් මං ටිකක් හොයල බැලුව. එයාගේ පැටිය ස්කූටිපෙප්ට් එකකට අහුවෙල මරිල. අනේ ඉතින් අහිංසකය මතකෙ තියන් ඉඳල තෝරගත්තු බයිසිකල් වගේකට පනිනව.......

    බොහොම ස්තූතියි මගේ අයියේ........ එයාව එක්කන් යන්න බැරි නිසා සල්ලි දීල ගෙන්න ගෙනවත් බෙහෙත් දෙන්න කෙනෙක් නැති එකයි ගැටළුව......

    ReplyDelete
  12. @ Praසන්ன
    ඒත් මිනිස්සු ඒ හැමෝගෙම අයිතිය අරන් ඉන්න බව උසස් තැන සිටම පේනව නේද අයියේ?????? විද්‍යාත්මක කටයුතු වලටත් මස් පිණිස වලටත් වඩා සත්තු අති කරල වද දෙනව. මර්ණයට වඩා ඒ වද කොච්චර දරුණුද?????

    බොහොම ස්තූතියි අයියේ..... ඒත් මේක කියවන අයත් පුලුවන්නම් බිස්කට් එකක් හරි සතෙක්ට දෙන්න......... මං බලාපොරොත්තු වෙනදේ ඒකයි.......

    ReplyDelete
  13. ඔයාගෙ බ්‍රවුසරේ අවුලක් වෙන්න පුලුවන්.. ගූග්ල් ක්‍රෝම් හෝ මොසිලා ෆයර්ෆොක්ස් වලින් බලන්න!

    ඒත් අවුල් නම් මට කියන්න.. හැබැයි දැන් පාඩම් කරන්න!

    ReplyDelete
  14. නංගියා
    මම ඔයාගෙ බ්ලොග් එකේ නිතරම කමෙන්ට් දැම්මෙ නැතත් ඔයා අලුතෙන් මොනා හරි ලියල තියනවා දැක්කොත් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම ඇවිත් බලල යන කෙනෙක්.
    හරිම සංවේදී කතාවක්. ගොඩක් හදවතට දැනුනා.
    නංගි ඔයා කරන්නේ maths ද bio ද? මගෙන් ඉල්ලීමක්... ඔයා කරන්නේ bio නම්, veterinary ‍තෝරගන්න ඉගෙන ගන්නේ නැත්තේ ඇයි? ඔයා වගේ සත්තුන්ට ආදරේ කරන අයව රටේ මේ ගැන ඉගෙන ගන්න උගන්වන තැන් වලට අවශ්‍යයි.. ඒ ගැන හිතල බලන්න.... පශු වෛද්‍ය අංශය ඔයාට හරියටම හරි යාවි....

    ReplyDelete
  15. අයියා කිව්වාට තරහ වෙන්න ඕනේ නැහැනේ :) මම හිතන්නේ හ පැටික්කි 1990 උපන් කෙනෙක් වෙන්න ඕනේ. මම උපන්නේ 1989 එතකොට ඉතින් කොහොමත් අයියානේ.

    සත්ව කරුණාව ගැන කියද්දී මිනිසුන්ට කරදරයක් වෙන සතුන්ට නම් ඉතින් ඒ කරුණාව දක්වන්න අමාරුයි තමා. මොකද කරදර කරන සතුන්ට කරුනාව දක්වන්න පුලුවනෑ. එහෙම කරුනාව දක්වන්න ඉතින් මේ මට්ටමේ ඉන්න අපිට බැහැනේ.

    බුදුහාමුදුරුවෝ නම් තමන්ට සතුරුකම් කරපු දේවදත්තටත් තම පුත් රාහුලටත් එක හා සමාන කරුනාවක් දැක්වුවාලු. අපිට ඉතින් එහෙම බැහැනේ :)

    ReplyDelete
  16. @ වැම්පයර්
    හරි මම පස්සේ බලන්නම් අයියේ....... :)

    @ ජීවිතේ මල්
    මම Bio කරන්නේ අක්කේ මගේ Bio කිරීමේ අරමුනත් ඒක තමා...... මට තේරෙන වයසක ඉඳන් කවුරු ඇහුවත් මම කිව්වේ බලුදොස්තර (පශු වෛද්‍ය )කෙනෙක් වෙනව කියල. ඒත් ගියපාරත් Z ලකුණු මට ඒතරම් ගන්න බැරි උනා....... මේ පාරත් බලනව..... බැරි උනොත් ඉතින් මොනව කරන්නද..........

    @ Hasitha
    ඒකතමා අයිය කිව්වට තරහ වෙන්න එපා කිව්වේ මමත් 89යේ...... එතකොට ඔයගෙ වයසෙමනේ......

    ඒකනම් ඇත්ත....... මදුරුවන්ට කරුණාව දක්වන්න කිව්වොත් හිතන්නේ අපිට පිස්සු කියල......

    හ්ම්ම්.......

    ReplyDelete
  17. හාපැටික්කියෝ............. කියන්න නම් වචන නෑ අනේ... ඒතරම්ම උතුම් දෙයක් නොවෑ ඔයා කොරල තියෙන්නෙ. අනේ මාත් හලි ආසවෙන් ඉටියෙ බලුතඩියෙක් ඇති කොරන්න කොහෙද ඉතින් අපේ ගෙදරින් බල බලේ දානවනේ :) කොහොමහරි කමක් නෑ ඔයාට ගොඩක් පිංලැබෙනව මේ කරන දේවල් වලට :)

    මගෙත් පොඩ්ඩක් ඇස්පෑදුනා නොවෑ ඔයාකියපු කතාටික හින්දා. ඇත්තටම මට ඔව්ව හිතන්න වෙලාවක් සෙට්වෙලා තිබ්බෙනෑ. මිනිස්සු ගැනමතම හැමවෙලේම හිතන්න සෙට් වෙන්නේ ( සත්තුගැන හිතපු අවස්ථාත් තියෙනව හොඳේ :) )

    ඉගෙන ගත්ත පොඩි හොඳ දෙයක් හරි ක්‍රියාවට නංවන එක හොඳයිලුනේ...... මාත් ඉතින් හිතාගත්ත පොඩි පොඩි දේවල් ටිකක් කොලන්න ( කලින් නොකල ). තෑන්ක්ස් හොඳේ පොස්ට් එකට. මම හිතපු දේවල්ටික මම හිතේම තියගෙන කරන්නම්. නොකිය කරනකොට තම අගේ තියෙන්නේ වෙලාවක් එහෙම සෙට් උනොත් ප්‍රතිඵල කියන්නම්කෝ.......... ඔබට සුභ :)

    ReplyDelete
  18. හප්පෝ හා පැටික්කි දැන් නාකි එක්කෙනෙක්නේ බලන් ගියාම. හික්ස් :) මම 89 ඔක්තෝබර් උපන්නේ. සමහර විට හා පැටික්කි මට වඩා මාස ගාණක් වැඩිමල් ඇති :)

    එතකොට මේ තුන් වැනි පාරටද උ.පෙ ට ලියන්න යන්නේ ??? එහෙමනම් ඉතින් මේ පාර බලු දොස්තර කෙනෙක් වෙන්නම හිතාගෙන උ.පෙ ලිව්වා නම් එලම එල :)

    ReplyDelete
  19. අනේ හරි දුකයි..පුළුවන් නම් බෙහෙත් ටිකක් දාන්න...කථා කරන්න පුළුවන් නම් කියයි මට රිදෙනවා හා අක්කේ කියලා. පවු අනේ

    ReplyDelete
  20. අනේ මටත් හරි දුකයි හා පැටික්කියේ...

    ReplyDelete
  21. පැටික්කී එයා ල0න්කාවෙත් හොද ඉන්ග්‍රීසි පෙලපත් නමක් අරගෙන ඉපදුනා නම් ඒ වගේ වෙන එකක් නෑ, පවු ගමේ ගොඩේ ඉපදෙන ගොඩක් අයට ඒ වගේ දේවල් තමා වෙන්නේ.....

    ReplyDelete
  22. @ ItalyDilan
    ඔයා ටයිප් කරන්නේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html නම් බිංදුව ටයිප් කරන්නේ "\n" වලින්

    ReplyDelete
  23. පෙරලි කොමා දැම්මේ පේන්න ඒවා ඕනේ නැහැ නිකම් \n ඇති

    ReplyDelete
  24. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  25. කතාව අහල මගෙත් ඇස් ටිකක් විතර තෙත් වුනා. අපට නම් ලෙඩක්, අමාරුවක්, බඩගින්න, පිපාසය කාටහරි කියන්න පුලුවන් ඒත් සතෙකුට. මං දන්නෑ මම නම් පුංචි කාලෙ ඉඳලම සතුන් ගැන සිතුවේ මිනිසුන්ට වඩා අනුකම්පාවෙන්. ඇත්තම කිව්වොත් අපි හිඟන්නෙකුට යමක් දුන්නම (හැමෝම නෙවේ) මෙච්චරද, මේ ඇත්ද කියල අහනවා. ඔයාලටත් අත්දැකීම් ඇති. බලන්න බල්ලෙක්, පූසෙක් එහෙමද කියල. දිගටම මේව කරගෙන යන්න. ගොඩක් හොඳ වැඩ.

    ReplyDelete
  26. හරිම හොද වෑඩක්, දිගටම කරන්න ශක්තිය ලෑබෙන්න ඕන, අපේ ගෙදරත් හිටිය මිකිය කියල බල්ලෙක්, හරියටම අවුරුද්දක් විතර වෙනකොටම ඔය වගේ රියදුරෙක් හප්පප්ගෙන ගියා, මොනව කරන්නද එදා ඉදල මම බල්ල්න් හදන එක නතර කරා, මට තවමත් දුකයි මිකියව මතක් වෙනකොට

    ReplyDelete
  27. ඇස් දෙකට කඳුලක් ආවා.... ඇත්තටම හා පැටික්කි ඔයා කරන වැඩේ හුඟාක් උතුම්. මම ලැජ්ජ වෙනවා මම ඔහොම දෙවල් කරල නැහ...

    ReplyDelete
  28. අනෙ මට කියන්න දෙයක් නැ..මගෙ ඇස් දෙකේ කදුලු...! :-( මාත් මේ දවස් වල ඔය වගේ ගෙනත් දාපු බලු නංගි පැටියෙක් හදනවා...මට ඌ මතක් උනා මෙක අහලා...!!

    ReplyDelete
  29. බුදු අම්මෝ මට ඇඩුනා අඬිල්ල !!! කඳුළු පැන්නා අර උඩම පිංතුරය දැක්කාම !!! , අපේ ගෙදරත් සත්තුන්ට කන්ඩ හදලා දාලා තියනවා (අපේ සීයා තමා ඕක පටන්ගත්තේ !!) . ගිරව් , ලේන්නු එහෙම එනවා පොකුරු පිටින් , ලේන්නුන්ට නම් කන්න කියලා ටයිම් එකක් නෑ , ඕන වෙලාවක බැලුවොත් හිටගෙන බත්ගුලියක් කටේ ලොවගෙන පැයගාණක් එකම අඹර අඹර ඉන්නවා !! (මට නම් බලන් ඉන්න හරි ආසාවේ බෑ , හැබැයි දවල්ට පොඩි ඇලට් එකක් දාලා මුං ටික ටිං ටිං ගානකොට මට නම් මාර මල!!)
    :P

    ReplyDelete
  30. @ ජේ.ඩී
    බල්ලො හදන එකත් ලේසි කාරියක් නෙමෙයි.

    බොහොම සතුටුයි ඒ ගැන කාටවත් නොකිව්වට කමක්නැහැ ඔයාගේ හිතේ තියනවනේ ඒ ගැන. ඒ ඇති........

    බොහෝම ස්තූතියි.....

    @ Hasitha
    ඔයාත් ඒ තරම්ම නාකියි කියල අමතක උනා වත්ද????? :P මම සැප්තැම්බර්.....

    ඔව්. බලමු.......

    @ ගීත්
    බොහෝම ස්තූතියි අයියේ......

    @ හසී
    අනේ මංද අක්කේ එයා හුලඟටත් ඇදගෙන වැටෙන තරමට දුර්වල වෙලා.... තුවාල ඇවිදිද්දි රිද්දිල ලේ එනව. මට හිතෙන්නේ හප්පපු කෙනා හැප්පිල මැරෙන්න කියල පතන්නමයි එතකොට තව කාගේ හරි ජීවිතයක් වත් බේරෙයි........

    @Italy Dilan
    පෙලපත හොඳ අයත් දැන් ලෙඩ උනාම, වයසට යනකොට ඉහල පැලැන්ති වල මිනිස්සු පාරට දමල තියනව මං දැකල තියනව..... මිනිස්සුන්ගේ පව් වඩ වලින් දුක් විදින්නේ අසරණැ අහිංසක සත්තු.......

    @ Priyantha ඒ බී
    ඒක ඇත්ත ඒ අය දෙන දේ කාල ඉන්නව.
    බොහොම ස්තූතියි අයියේ.....

    @ BEAUTIFUL SRI LANKA
    බොහොම ස්තූතියි අයියේ....
    නොසැලකිල්ලට මොනව කරන්නද අයියේ......

    @ පිස්සා පලාමල්ල
    කරල නැති උනාට කමක් නැහැ අයියේ එහෙම ඉදිරියට අවස්තාවක් ලැබුනොත් කරන්න........

    @ Bunny!
    අනේ මංද මල්ලියේ...... එයාව දකින හැමපාරම පපුව පිච්චිලා යනව. පාරේ හිටිය අහිංසකම බල්ලා...... මොනව කරන්නද තේරෙන්නැහැ.

    එයාව පරිස්සමෙන් බලාගෙන හදන්න. නැත්නම් මගේ නංගිට උනදේ කරන් යන විනීත රියදුරන් ඉන්න බැරි නැහැ.........

    ReplyDelete
  31. @ හිඟන්නා
    ඒ පින්තූරේ නම් මම නෙට් එකෙන් හොයාගතපු එකක්.
    අපේ ගෙදර වෙනම එහෙම නැතත් දවස පුරාම කුරුල්ලො ලේන්නු වත්තෙ තියන ඒව අහුලන් කනව.

    ලේන කනව වගේ කියන්නේ ඒකනේ.... එයාල බයේ ගිලදමනව මිසක් කොයි වෙලාවකවත් බඩ පිරෙන්න කන්නෑ... ඉතින් පුලුවන් හැම වෙලේම ටික ටික කනව.......
    හිහ්..... එයාල හොඳ එලාම් ඔරලෝසු ඔහොම හිටියට..........

    ReplyDelete
  32. හික්ස් :) මම හිතුවා ඔය ප්‍රශ්නේ අහයි කියලා :)

    කොහොමවුණත් හා පැටික්කි මට වඩා මාසයක් නාකියි නේ :).

    ReplyDelete
  33. අනේ පවු. පුළුවන්නම් දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න.

    හා පැටික්කිට සත්තු දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    අපේ අක්කත් සත්තු දොස්තර කෙනෙක්. එයත් ඔය වගේම තමයි. මමත් ටිකක් ඒ වගේ.

    ReplyDelete
  34. @ Hasitha
    ලියන්න කලින් හිතුන්නැත්ද???? මාසේ මොකක්ද........ :) :) දින 30නේ වැඩිමල්..... :)
    මදෑ අයිය කියන්න ගිහින් අන්තිමට මට අක්ක වෙන්න උනා.......;)

    @ Chanaka
    එයා වාහනයක් බයිසිකලයක් දැක්කත් නොන්ඩි ගගහ දුවනව අයියේ....... ගෙනියන්න ක්‍රමයක් නැති එකයි ගැටළුව.......

    බොහෝම ස්තූතියි අයියේ.....

    අයිය මට දාපු පළවෙනි කමෙන්ට් එක කියවද්දි මං හිතුව ඔයත් සත්තුන්ට ගොඩක් ආදරේ කෙනෙක් කියල. අක්කත් ඔයා වගේම ඇති........

    ReplyDelete
  35. අක්කෙ ඔයාටනම් කවදාවත් වරදින් නැ

    ReplyDelete
  36. ඉස්සෙල්ල එයාව අල්ලගෙන ඊට පස්සෙ වාහනේ ගේන්න.

    සත්තුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් ....

    ReplyDelete
  37. @ හසිත ජයසූරිය
    අනේ මං දන්නෑ මල්ලියේ.....
    බොහොම ස්තූතියි මගේ මල්ලියේ........

    @ Chanaka
    පාරේ ඉන්න බල්ලෙක් නිසා එයාව අල්ලන්නේ කොහොමද????? දන්නවනේ ලෙඩ....

    මායි අම්මයි අද ඩොක්ටර් ලඟට ගිහින් විස්තරේ කියල තුවාල වලට ස්ප්‍රේ එකකුයි ඇන්ටිබයොටික් කරල් වගයකුයි අරන් ආවා.......
    එයාට දවල් කරල බොන්න දීල බෙහෙත් ස්ප්‍රේ කරා..... කඩේ අන්කල් තමා ස්ප්‍රේ කරේ. ආයේ රෑට..... ඒ අන්කල් හවසට එන්නම් කිව්වා....... :) :)

    ඒ ගැන සතුටුයි.... මං නම් වැඩිපුරම ආදරේ සත්තුන්ට තමයි..... මිනිස්සුන්ට ටිකක් අකමැතියි..... :)

    ReplyDelete
  38. වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඉන්නවා හා පැටික්කි :)

    ReplyDelete
  39. @ Hasitha
    හ්ම්ම්...... ඒත් හොයාගන්න අමාරු එක තමා ප්‍රශ්නේ......

    ReplyDelete
  40. @Hasitha
    අන්න අයියට තේරුනා :D:D

    ReplyDelete
  41. හරිම ලස්සනයි හා පෑටියො..මටත් නමෙක කියවල හරිම දුකයි..

    ReplyDelete
  42. @ Kandulu Binduwa
    බොහොම ස්තූතියි.......
    දුකම තමා මාත් මේක ලියන්න හේතුව...........

    ReplyDelete
  43. මමත් ඉස්කෝලේ යන කාලේ මට ගෙදරින් ඔතල දෙන කෑම එක මඟ දිගට ඉන්න හිඟන මිනිස්සුන්ටයි බල්ලන්ටයි දීල තියනවා. ඒකෙන් මගේ බඩ පිරෙනවා වගේ ඒ දවස් වල දැනුනා. සතු‍ටු හිතුනා ඔයාගේ ලිපිය කියවලා.

    ReplyDelete
  44. ඔන්න මම ඔයා වෙනුවෙන් තවත් සමාජ සත්කාර්යයක් කලා.......

    ReplyDelete
  45. ම්ම්ම්... හරිම දුක හිතෙන ලිපියක් නංගා.. ඇත්තටම ගෙදර හදන සත්තුන්ට විතරක් නෙමෙයි පාරෙ තොටේ පීවත් වෙන මේ වගේ සත්තුන්ටත් අදරෙන් සලකන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්.. මේ ලිපිය ගොඩක් සංවේදීව හිතට දැනුනා නංගෝ....

    ReplyDelete
  46. very touching story. u have a great ability to move hearts harder than rocks.

    ReplyDelete
  47. හානේ , හා පැටික්කිට පළවෙනිම පළවෙනි කැරට් අලේ දීල තියෙන්නෙ මමනෙ. මම පළවෙනියට දාපු කොමෙන්ට් එක මොකක්ද කියල හොයල බලනකොට දැක්කෙ

    ReplyDelete
  48. @ මැණික්(සුළඟ )
    මාත් ඉස්කෝලෙ ඉන්න බව්වන්ට නම් දුන්න. ඒත් ඉස්කෝලෙට යද්දි එච්චර දෙයක් කරන්න තරම් වෙලාවක් නැහැ. සතුටුයි ඔයත් ඒවගේ දේවල් කරන එක ගැන......

    @ අභීත උදය එදිරිසිංහ
    ඒ මොකක්ද අයියේ??????

    @ (ෆොක්ස් Creationz)
    Thanks ayiyaa......

    @ චන්දික
    ඔව් අයියේ.....
    පිනකටත් වඩා හිතට සතුට ඒ අයගේ අහින්සක ඇස් දිළිසෙනව දකිද්දියි.......

    මගේ අයියට දැන් විභාග වැඩ ඉවරද?????

    @ ndm1989
    Thank you Very much.......

    @ Chanaka
    හ්ම්ම්...... හා පැටික්කිට එදා වගේම හැමදාටම ඒක වටිනව. මුලින්ම මාව බලන්න කියල ආවේ ඔයා........
    ඒ කැරට් අලේ දැක්කම මට ඇති උන සතුට කියන්න බැරි තරම්........

    ReplyDelete
  49. මේක් කියවද්දි ගොඩක් දුක හිතුන නංගි...
    ඇත්තටම ගොඩක් දෙනෙක් සත්තුන්ට සලකන්නෙ කොච්චර නරක විදියටද? පාරෙ ඉන්න බල්ලන්ට ගහන්නෙ විනෝදෙට. ඒ සත්තු වේදනාවෙන් විඳවන දිහා බලාගෙන තිරිසන් සතුටක් ලබනව...
    ඇත්තටම මිනිස්සුන්ගෙ මිනිස් ගතිගුණ ගොඩක් පිරිහිලා දැන්. පාරක බල්ලෙක් හැප්පිලා හිටියොත් අයිනටවත් කරන්න කවුරුත් නැහැ. ඌ පාරෙම තැලිල යනව. ඉස්සර කාලෙ මෙයිට වඩා කොච්චර වෙනස්ද? මේකට හේතුව මොකක්ද? මටනම් හිතෙන්නෙ මිනිස්සු හැමදෙයක්ම අමතක කරල සල්ලි පස්සෙම දුවන නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ...

    ReplyDelete
  50. @ indik
    ඔව් අයියා...... ඒක නම් ඇත්ත. දැන් මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද කියලත් හිතෙනව. ඉස්සර සත්තුන්ටත් අපේ සමාජයේ කොච්චර පිළිගැනීමක් තිබුනද......
    ගොයම් කැපුවත් කොටසක් ඒ අයට දෙන තරමටම........

    දැන් නම් ඉතින් වැඩක්ම නැහැ. මිනිස්සු අමනුස්සයො වෙන්න පටන් අරන්........ :h

    ReplyDelete
  51. ඇත්තටම දුක හිතෙනව නංගෝ, පව් එයාලටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා අපිට වගේම...

    ReplyDelete
  52. අනේ අක්කා මේ කතාව කියවද්දි මගේ ඇස් වලටත් කඳුලු ආවා..මාත් ගොඩාක් ආදරේ සත්තුන්ට..එයාල ගැන ආදරෙන් බලන්න මේ රටේ ගොඩ දෙනෙක් පුරුදු වෙලා නැහනෙ..මගෙ පුංචි යාලුවො ටික ගැනත් බ්ලොග් සටහනක් දාන්න හිතුනා මේක දැක්කම

    ReplyDelete
  53. නන්ගි මම මෙ කතාව කියවල ඇඩුවා...මමත් සතුන්ට ගොඩක් ආඩරේ කරන කෙනෙක්....අපේ තාත්තත් ඒ වගේ...මම පොඩි කාලෙ අපේ ආච්චි මට කියන්නෙ බලු අම්මා කියලා....මට ලෛශන් තිබුනත් මම වහන එලවන්නෙ නැත්තෙ බල්ලො නිසා..බල්ලෙක් ඩැක්කම හැතැම්මක් තියා බ්‍රෙක් ගහනව කියල හස්බන්ඩ් වාහන එලවන්න ඩෙන්නේ නැහැ.

    ReplyDelete
  54. ahamben meke lipiya kiyewwe. godak sathutui. apit kolle set ekak minithale pansalata gihin eddi hawasa 7.00 witara, dan wahana udata yanna puluwan anna e hariye idala punchi balu petiyek ape passenma awa pahalatama.udahata elewwat giye ne. bahutharayakage erawili medde api 3 denek balu petiya apahu pansalata aran giya. eka nisa amara kattakut kanna una. eth api karapu wede gena sathutui. api galle. Ishan

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)