෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, June 11, 2010

හා පැටික්කිගේ වරදක් නොකල අහිංසකී.........



දවස් දෙක තුනක්ම මේ පැත්තකවත් එන්න හැකියාවක් තිබුනේ නැති නිසයි පේන්න නොහිටියේ.....

කලු නංගි මැරුන කියල දැන ගත්තෙ ඊයෙයි මමත්.... මැරිල දවස් දෙකක් වෙනවලු.... ඒත් මෙච්චර දවස ගානේ හොයපු මටවත් අම්මටවත් කවුරුවත් එයා ඉන්න තැනක් කිව්වේ නැහැ.
එයාට බෙහෙත් බොන්න ලැබුනේ දවස් 2ක් විතරයි...... එයා මැරුණට පස්සේ නම් හැමෝම උන සිද්ධිය එයා හිටි තැන් දන්නව මං හොයද්දි මට කියන්න තරම් දන්නැති උනාට.....

එදා රෑ 7ට විතර වෑන් එකකට හැපිල තියෙන්නේ. කෑ ගහද්දි මං අම්මට කලූද කොහෙද කියල කිව්වත් අම්ම එයා පාර අයිනේ තියන මෙට්ටයක් උඩ (එයාට නිදාගන්න විසික් කරපු කොහු මෙට්ටයක් තිබුන )ඉන්නෙ නිසා ඒ ගැන තැකුවේ නැහැ.....

ඒත් වාහනේ හප්පගෙන ගිහින් තියෙන්නේ එයාව. එයා හැප්පිල කාණුවට වැටිල නැගිට ගන්න බැරුව ඉඳල. පස්සේ කොහෙ ගියාද කියල කවුරුත් දැකල නැහැ.

එයා ගැන හොයන කාලේ දන්නැහැ කියපු අයම තමා අම්මට මේ ගැන කියල තියෙන්නේ.... වචනයක් වත් කලින් කිව්වේ නැත්තේ ඇයි කියල හිතාගන්න නම් බැහැ මට.......

බෙහෙත් ගෙනල්ල වේල් දෙකක් විතරයි එයා බොන්න හිටියේ පස්සේ ආයෙමත් කොහෙ ගියාද නැති උනා..... ඊයේ අපිට එහා ගෙදර ඇන්ටිගෙන් මම ඇහුවම තමා ඔන්න කිව්වේ පෙරේද අපේ පාරට එහා පාරේ මැරිල හිටිය කියල.....

මං එයාට කන්න දෙනවගත් එයා ගැන හොයන වගත් හොඳටම දන්න අයගෙන් කලින් ඇහුවම දන්නැහැ කියන්නත් දැක්කේ නැහැ කියන්නත් පස්සේ විස්තරේ කියන්නත් හේතුව මම දන්නැහැ. නොකා නොබී නැගිට ගන්න පන නැතුව හිටි සතාටත් හිතක් පපුවක් නැතුව ගහල පැන්නුවේ පස්ස පණ නැති වෙන ලෙඩේ හැදිල කියල. එයාව පණ පිටින් නොමරා මැරීම තමයි වැඩි දෙනෙක් කලේ......

ආයේ කවදාවත් එයාටවත් වෙන සතෙකුටවත් මෙහෙම දුකක් නම් වෙන්න එපා......!!!!

එයාට ලබන ආත්මෙවත් හොඳ තැනක උපදින්න ලැබෙන්න ඕන.......!!!!
මේ හිත් පිත් නැති මනුස්සයන් ලඟ නම් ඉපදෙන්න එපා කවදාවත්....

මං මේ ගැන හෙවිල්ලෙන් හිටපු නිසයි මේ දේවල් කියන්න දන්නේ ඒත් අපි හැමෝටම නොපෙනෙන්න වරදක් නොකර මේ වගේ විඳවන සත්තු කොච්චර නම් ඇත්ද....... සමහර විට අපි කරපු වැරදි වලින්ම විදවන සත්තුත්....... ඒ කාටවත් ඔය කවුරුවත් අනෙක් හිත් පිත් නැති අය සළකන විදියට සළකන්න නම් එපා...... මේ මගේ පුංචි ඉල්ලීමක් මේක කියවන හැමෝගෙන්ම කරන පුංචිම පුංචි ආයාචනයක්...................

39 comments:

  1. ලෝකෙ ඔහොම තමයි නංගි!! ඒත් ඔයාගෙ පැත්තෙන් වෙන්න ඕනෙ ඒව ඔයා කළානෙ!!

    ReplyDelete
  2. අයාලෙ යන බල්ලො දැන් මරන්නෙ නෑ..ඒක උන්ටත් අපිටත් මහ කරදරයක්..මරනවනම් උන් විඳවන්නෙ අඩු වේදනාවක්...මම හිතන්නෙ උන් නිකම් ගුටිකකා විඳවනවට වඩා ආන්ඩුවෙන් මරණ එක හොඳා...එතකොට ඉතිරිවෙන උන්ට සැපෙන් ඉන්න පුලුවනි....

    ReplyDelete
  3. සත්තුන්ට ‍විතරක් නෙවෙයි මේ මිනිස්සු කරන වැඩ දිහා බැලුවම කවදහරි අපිටත් ඔය ටිකම සිද්ද වෙයි කියල හිතෙනවා. ඒත් කටක් ඇරල තමන්ගෙ දුක කියාගන්න බැරි අසරණ සත්තු හරිම පව්!

    ReplyDelete
  4. පංසල ලඟ විසික් කරලා ගිය බැල්ලියො 5 දෙනෙක් මල්ලි අරන් ඇවිල්ලා ගෙදර තියන් විටමින් අරවා මෙව්වා පොවනවා..

    මම සිල්ලර බඩු ගෙන්න යද්දි අම්මාගෙ අම්මා කියනවා මට ඇන්කර් පැකට් එකකුත් ගෙන්න කියලා...
    මම ඇන්කර් කාටද කියලා අහද්දි අම්මා කියපි අර මල්ලි ගෙනාපු බැල්ලියො 5 දෙනා අතරෙ දෙන්නෙක් බත් කන්නෙ නැහැ කියලා..
    ඔක අහන් හිටපු මගෙ යහලුවෙක් කියනවා.. මචන් මම ඉලඟ අත්මෙ උබලැ ගෙදර බල්ලෙක් වෙලා ඉපදෙන්වා කියලා..

    බ්ලොග් එකට ආපුහාම හා පැටික්කි තමුන්ගෙ සතා වෙනුවෙන් දුක් වෙනවා දැක්කා..

    හා පැටික්කි හොදටම දන්නවා ඇති ඔය සත්තුන්ට කතා කරන්න බැරි ටික විතරයි කියලා..මිනිස්සුන්ට වැඩිය මනුස්සකම් ඔය සත්තු ලඟ මම මගෙ ඇස් දෙකෙන්ම දැකලා තියනවා.. හා පැටික්කි අපි මෙ දැලෙ නුල් පොටක් විතරයි.. අපි නෙමෙ මෙදැල වියුවෙ.. එහෙමයි සියැටල් කිව්වෙ.

    ReplyDelete
  5. ගොඩක් සත්තුන්ට වෙන්නෙ ඔය ඉරණම තමයි. පහළ තියෙන වීඩියෝ එක බැලුවොත් තේරෙයි. මේ Earthlings කියන වාර්ථාමය චිත්‍රපටියෙ පූර්ව දර්ශනයක්

    http://www.youtube.com/watch?v=BdZff24FJ0E

    ReplyDelete
  6. පවු හොද පෙලපත් නාමයක් තිබුනා නම් ප්‍රයිවට් රෝහලකට දාලා ගොඩ දානවා, නැත්නම් හොද අවමගුල් උත්සවයක් අරගෙන දානෙකුත් දෙනවා,,,පාරෙ ඉපදුනාට මොනා කරන්නද, ඔහොම තමා පාරේ ඉපදුනාම වෙන්නේ හැමකෙනාගෙන්ම ගුටි කාලා,වහන වලට හැප්පිලා අවසන් ගමන් යනවා

    ReplyDelete
  7. කියන්න දෙයක් නෑ නංගෝ....ගොඩාක් දුකයි.......
    ඔයාගේ අහිංසක ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉටුවේවා කියලා හදවතින්ම මමත් ප්‍රාර්ථනා කරනවා.......
    :' (:' (:' (:' (:' (:' (:' (:' (:' (:'

    ReplyDelete
  8. @ Blog Gadol
    ලෝකෙ නපුරුයි කියල දන්නව......
    ඒත් මගේ හිතට මදි අයියේ........

    @ indi
    අයිය අයියගේ ජීවිතේට අයියගේ පවුලෙ අයට කොතරම් ආදරෙයිද???? සමාවෙන්න මෙහෙම අහනවට අයියේ අයිය කැමතිද අපි හැමෝමත් කවද හරි විඳවල මැරෙනව කියල කවුරු හරි අපිව මරල දානවට?????? නෑ නේද????
    සත්තුත් ඒ වගේම තමන්ගේ ජීවිතේට ආදරෙයි අයියේ..... ටිකක් නතර වෙලා පාරෙ ඉන්න බල්ලෙක් දිහා බලන්න තමන්ගේ ජීවිතේ රැකගන්න දරන මහන්සිය කොතරම්ද කියල......

    ඒ අය තමන්ගේ වරදින් අයාලෙ යන්නන් උන අය නෙමෙයි... ගෙදරක හදන බැල්ලියක් පැටවු දැම්මම කීයක් දෙනා ඒ පැටවු පාරට ගෙනත් දාල යනවද????? ඒත් අන්තිමට වැරදිත් ඒ අහින්සකයොම නේද????

    ඒ නැතත් කෙනෙක් ගේ ජීවිතේ උදුර ගන්න අපිට තියන අයිතිය මොකක්ද අයියේ???????

    @ (ෆොක්ස් Creationz)
    ඒක ඇත්ත අයියේ........ ඒත් ඒ අයගේ අසරණ බව දකින්නෙ කීදෙනාද????

    @ රවා
    මගේ යාළුවොත් ගෙදර හදන බල්ලට තියන සැප දැක්කම කියන්නේ අපේ ගෙදර බල්ලෙක් වෙලා හිටියත් සැපයි කියල........

    මං තාමත් කියන්නේ මං වැඩියෙන් ආදරේ සත්තුන්ට.... ඒ අය මගේම උනත් නැතත් මං ආදරෙයි.....

    සත්තුන්ට තියන ගුණය මිනිස්සු ලඟ දැන් ඇත්තෙම නැහැ අයියේ.......බල්ලොවත් නොකරන වැඩ මිනිස්සු කරන්නේ...... සමාජ චර්යාව,උසස් මානසික හැඟීම්, ආචාරශීලි බව, වගේ කියන දේවල් නිසාලුනේ මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ ඒත් ඔය කියන ඒව නැති බව හොඳටම පේනව මේලෝකේ......

    @ කොඩි
    සමාවෙන්න තියෙන්නේ මොකක්ද දන්නැතුව මට බලන්න බය හිතුන...... සත්තුන්ට දෙන වද වල හැටියට මට ඒ බය ඇතිවීම සාධාරණයි කියල හිතනව........

    @ Italy Dilan
    ඒක ඇත්ත.... ඒත් පෙළපත තිබුනත් වෙන දේ ඔයාට මං එදා කිව්ව......

    පවු කාට එකතු වෙනවද දන්නැහැ.......

    @ හසියා
    බොහොම ස්තූතියි මගේ අයියේ.......
    අහිංසක සත්තු නොකල වැරදි වලට දඩුවම් විදිනව වගේම ඒ ගැන වරදත් ඒ අයටම එකතු වෙලා........

    ReplyDelete
  9. දුකයි.

    ඒත් ජීවිතය අනිත්‍යයි කියල බුදු හාමුදුරුවො දේශනා කරපු දේ ඇත්තම නේද ?

    ReplyDelete
  10. එයා අරන් ආපු විදිහට තමා ඔක්කොම වෙන්න ඇත්තේ හා පැටික්කි. ඉතින් එයාව සිහිපත් කරලා ඔයා පින් වැඩක් කරලා පින් අනුමෝදන් කිරීමක් කරන්න එයාට ඊළග ආත්ම භාවයේදී හොඳ තැනක උපදින්න ලැබෙන්න කියලා.

    බෞද්ධයෝ හැටියට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඒක තමා.

    ReplyDelete
  11. @ චානු
    ඔව්.....
    බොහොම ස්තූතියි අද වෙන්න ඕන හා පැටික්කිව බලන්න මුලින්ම ආවේ........ සතුටුයි ඒ ගැන.....

    @ Hasitha
    හ්ම්ම්.....
    එහෙමවත් කරනව හසිත වෙන මොනව කරන්නද.....

    ReplyDelete
  12. මමත් ගොඩාක් සංවේදී කෙනෙක්, මම වාහනේ එලවන අවසාන දවස තමයි මගේ වාහනේට සතෙක් යටවෙන පලවෙනි දවස, අවුරුදු 3ක් වාහනේ එලවනව, එත් තවම නම් දැනුවත්ව කිස්ම සතෙක්ට අනතුරක් වෙල නෑ මගෙන්,සත්තුන්ට තියන මනුස්සකම ගැන කියනවානම් පොතක් ලියන්න පුලුවන්,
    ඔයා නොබලපු 1ක හොඳයි වගේ සහෝ, සත්තුන් ගැන ගොඩාක් සංවේදී මට බලපු මෝඩකම කියල හිතුනා,

    ReplyDelete
  13. @ Mahesh
    අනේ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ අපි ඉවසීමෙන් වාහන පදවනව නම්...........

    මනුස්සකම දැන් වැඩිපුරම තියෙන්නේ සත්තු ලඟ.......

    මට හිතුන ඒකමයි මම බැලුවේ නැත්තෙත්......

    ඔයත් මාව බලන්න ආපු මුල්ම දවස වෙන්න ඕන බොහොම සතුටුයි ඒ ගැන..........

    ReplyDelete
  14. ;(

    සත්තුන්ට කතා කරන්න බැරි එක සත්තුන් ගේ අඩුවක් වෙන්න බැහැ. මට හිතෙන්නේ සතුන්ගේ අදහස් තේරුම් ගන්න බැරි එක, එහෙමත් නැත්නම් තේරුම් ගන්නේ නැති එක, මිනිස්සුන් ගේ අඩුවක්.

    ReplyDelete
  15. ඔය වගේ සිද්ධි ගොඩක් නම් දැකල තියනව. මොනව කරන්නද ඉතින්???

    ReplyDelete
  16. @ Kalani.Ruwanpathirana
    ඔව් ඒක ඇත්ත....... තේරුම් ගන්න පුළුවන් උනත් බැරි විදියට ඉන්න එකත් මිනිසුන් කරන වැඩක්.......

    අක්කත් අද නේද මුලින්ම ආවේ සතුටුයි ඒ ගැන..........

    @ Thariya
    මේ වැරැද්ද අපි තමන්ගෙ අතින් නොවෙන්න වගබලා ගමු නේද?????? එතකොට ටිකක් හරි හොඳයි කියල හිතෙනව......

    ReplyDelete
  17. හා පැටික්කී,

    නංගී ඔයාගෙ ඔය සිතිවිල්ලම ඇති ආයෙත් ඒ සතා මේ වගේ ආත්මයක නොඉපදී හොඳ ආත්ම භවයක් ලබන්න. ඒ වගේම ඔයා පෙන්නපු සත්ව කරුණාවම ප්‍රමාණවත් හා පැටික්කී සසර සරණා තුරාවටම ඒ වගේ දුක්ඛ දොම්නාසයන්ට ලක් නොවී ඉන්න.

    ReplyDelete
  18. @ ගීත්
    hmm...... :( :( :( :(

    @ දුමී

    බොහොම ස්තූතියි අයියේ.........

    ඒ වගේම මාව බලන්න මුලින්ම නේද ආවේ ඒ ගැනත් සතුටුයි අයියේ...........

    ReplyDelete
  19. අනේ අක්කෙ ඒ අහින්සකීට වෙච්ච අවනඩුව ගැනනම් හරිම දුකයි....

    අපේ මිනිස්සුන්ට ඒ ගිය ආත්මෙකවත් තමන්ගෙ හිත මිතුරෙක් කියල හිතන්න බැරි ඇයිදෙයියනේ....මිනිස්සුන්ට බොරු ආටෝප වලට නම් අම්බානකට සල්ලි තියෙනවා...නිකරුනේ වියදම් කරන්න ඕන තරම් සල්ලි තියෙන්නවා...ඒත් ඒ බඩිගින්නෙ ඉන්න සතෙක්ට බනිස් ගෙඩියක් අරන් දෙන්න රු.20ක් වියදම් කරන්න මේ මිනිස්සුන්ට බෑ...කොටින්ම තමන්ට කරදරයක් නැති ආහක යන බල්ලෙකුටවත් ඉන්න දෙන්නෑ(මුන්ට මොන අමාරුවක්ද මන්දා

    අක්කෙ මේ මොනවද අපේ සමහර එවුන් පන්තිව්ල ඉන්න කලු කැත ලමයිට කොච්චර බලු විදියට ද සලකන්නෙ....එයාලව කොච්චර බයිට් කරනවද.... අපේ මිනිස්සු ආගම් අදහන්න කියල පල්ලි පන්සල් යන්නෙ මොකටද කියල හිතෙනව මේව දකිද්දි

    අනේ අක්කි මගෙ කමෙන්ට් එකෙන් ඔයාගෙ පෝස්ට් ඒක් කැත උනානම් මට සමාවෙන්න.... අක්කි ඔයා මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න.....මන් එදා කිව්ව වගේ මගෙ අක්කිට කවදාවත් වරදින්නෑ

    ReplyDelete
  20. මිනිස් අපිට උනත් මේ ලෝකෙ සලකන්නේ ඔහොම තමා නන්ගි... මහ කාලකන්නි ලෝකෙක අපි ජීවත් වෙන්නේ....
    ඔයා ඒ අතින් හුඟක් ඉහල උතුම් කෙනෙක්... ඔයා කරන්න පුලුවන් දේ කලානේ....

    ReplyDelete
  21. @ Hasitha ජයසූරිය
    ඒක ඇත්ත මල්ලි වැඩකට නැති දේකට අත දිග ඇරල වියදම් කරන අය තමා අසරණයෙක් කීයක් හරි ඉල්ලුවම ලෝකෙම නැති ඒව කියන්නේ.......

    කොල්ලො ගැන නම් මම නොදනී..... ඒව දන්නේ ඉතින් ඔයාලමනේ.....

    අනේ මගේ මල්ලියෝ ඇයි එහෙම හිතුවේ???? උනේ මේක කියවන අයට හිතන්න තව දෙයක් එකතු උන එකනේ......

    නම සිංග්ලිශ් වෙලා මොකද?????

    @ පිස්සා පලාමල්ල
    අනේ මංද දැන්නම් මේ පිරිහෙන විදියට හිතෙන්නේ ලෝක විනාසේ එන්න කාලය හරි වගේ කියල.......

    @ Chanaka
    හ්ම්ම්...... :( :( :( :(

    (කිටියෙක්ගේ මකර කටේ ෆොටෝ එකක් තිබ්බ දැක්කෙ නැද්ද අයියා????)

    ReplyDelete
  22. ඔයා අහන ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම්
    1.මම මගේ පවුලෙ අයට ආදරෙයි..
    2.මම උනත් තව සුලු කාලෙකින් නැතිවෙනව නම් ඒ ඉන්න පුලුවන් කාලෙත් ඉතාම දුකින් ඉන්න වෙන ලෙඩක් හරි අනතුරක් හරි උනොත් මමනම් මැරෙන්න කැමතියි..උදාහරන දරුනු පිලිකාවක් වාගෙ එකක්....
    මගේ පවුලෙ ඉතාම සමීප කෙනෙක් පිලිකාවකින් නැති උනා මම ඇඬුවෙ නෑ..ඒකට හේතුව ඉතාම දුකින් හිටපු එයාට මරණය සතුටක්...සමහර රටවල තවදුරටත් ජීවත් කරන්න බැරි රෝගීන් මරණයට පත් කිරීම නීතිගත කරල තියනවා..

    නමගිය පාතාල සාමාජිකයා අතඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ සිද්දියකින් පොලිස් වෙඩිපහරින් ඔහු මරණයට පත් විය...ඒ අය උප්පත්තියෙන්ම නවසීලන්තෙ ඉපදුනානම් පාතාලයො වෙන්නෙ නෑ නේද??ඒත් උන් පාතාල උනාම අපිට නවත්තන්නත් බෑ මරන්නෙ නැතිව...මේක සංකීර්ණයි..අයාලෙ ගිය මිනිස්සු මානසිකව දරුණු උනාම බිහිවෙන්නෙ ඒ වාගෙ පාතාල සමාජයක්..අයාලෙ ගිය බල්ලො බෝ කරන ජලභීතිකාවට වඩා ඒක ප්‍රබලයි..

    කෙනෙකුගෙ ජීවිත්යේ කෙලවර මරණය නොවේ..එහෙත් කිසිවෙකුට කිසිවෙකු මරණයට පත් කල නොහැක..ඒක හරි..ඒත් බහුතර බලු හා මහජන හිතසුව වෙනුවෙන් අපිට සමහර සදාචාර නීති කඩන්න වෙනවා....
    සමහරවිට අපිට කැපකිරීම් කරන්න වෙනව....
    (මීට පස්සෙ ඔයාගෙ පෝස්ට් වලට මම කමෙන්ට් දාන එක අවුල් නම් පොඩි මැසේජ් 1ක් එවන්න,,මට කියනවනම් මට හිතෙන දේම කියන්න ඕනි..ඔයා සතුටු වෙන ඒව කියන එක මම කරන්නෙ නැති වෙන්න පුලුවනි )

    ReplyDelete
  23. @ indi
    අයියට උනත් ඔය කියන දේ ලේසියි ඒත් ඒ වෙනකොට තමන්ගෙන් වෙන්න තියන වෙන්න ඕන වගකීම් යුතුකම් මතක් වෙද්දි කවුරු උනත් ජීවිතයෙන් දවසක් හරි ලබා ගන්න කැමතියි......... මම අයිය තරම් රට ලෝකය ගැන දන්නැහැ. ඒත් මං දැකපු දේවල් වලින් මං දන්න දේවල් කියන්නේ.......

    තව දුරටත් ජීවත් කරවන්න බැරි අය මරණයට පත් කිරීමත් පාරේ ඉන්න සමහරවිට ලෝකය දැකල දවසක් වත් නැති සත්තුන් මිනිස්සුන්ට කරදරයක් කියල මරා දැමීමත් සමානද අයියේ????

    ඇත්ත ඒත් මිනිස්සු කියන්නේ බුද්ධියක් තියන තමන්ගේ ජීවිතය යහ මඟට මෙන්ම නොමගට ගෙන යාම තීරනය කල හැකි කොට්ටාෂයක්. පාතාල අයට උනත් මුල් අවදි වලදි නැවත යහපත් වෙන්න පුලුවන්.

    ඒත් මිනිසුන් විසින් අයාලයට යවන සත්තුන්ට එවැනි හැකියාවක් නැහැ නේද අයියේ?????නොමගට යන අයව යහමගට ගන්න කොතරම් විදි තියනවද ඒත් මිනිසුන් නිසාම අසරණ වන මේ අයට කාගෙ පිහිටක්ද අයියේ?????

    සදාචාර නීති දැමීමත් කැඩීමත් දෙකම කරන්නේ මිනිසුන්. ඇත්තම කියනව නම් කරන්නේ මිනිසාගේ අවශ්‍යතාව පරිදි නීති ගෙන ඒමත් ඒවා ලිහිල් කිරීමත් අවශ්‍ය විටක පිලිනොපැදීමත් නේද????? නැතුව වෙන කිසිම ජීවියකුගේ හිතසුව පිනිසද????? මම දන්න තරමින් නම් මිනිස්සු තමන්ගේ කාර්ය‍ය කර ග්නීමට අනෙක් සියළුම ජීවීන්ගේ ජීවිත උදුරා ගන්නව. අමරනීය වෙන්න බෙහෙත් සොයන, ලෝක විනාසෙන් බේරෙන්න යනාදියට ක්‍රම සොයන මිනිසුන් අනෙක් ජීවීන්ව විනාශ කරනව එච්චරයි....... අවසානයේ ඔවුන් කැපකිරීම් කරා කියන එක හරිද අයියේ????

    අනේ කිසිම අවුලක් නැහැ අයියේ මම එසේ පටු ලෙසට සිතන කෙනෙක් නෙමෙයි. මම මගේ අදහස් කියනවා වගේම අනෙක් අයට අදහස් කිමට නිදහස තියනව. අයිය මම සතුටු වෙන ඒව කියන්න ඕන නැහැ. ඒ වගේම මං මෙහි අදහස් දමන කිසිවෙකුට මට සතුටු විය හැකි අදහස් පමනක් දමන්න කියලත් නැහැ. ඒ අය කියන්නෙත් තමංගේ අදහස මිසක් මං ඔවුන්ගෙන් කල ඉල්ලීමක් නෙමෙයි.......

    ReplyDelete
  24. @ Chanaka
    http://www.srilankalive.info/2010/06/my-kitty.html & http://www.srilankalive.info/2010/06/mothers-love.html
    see these.....

    @ indi
    K... පිළිතුරු සැපයීමට පමා වූවාට සමාවෙන්න.......

    ReplyDelete
  25. ඔයා වගේ කෙනෙකුගේ කරැණාව ලබන්න තරම් ඒ අහිංසක සතා පින් කරලා තියනවා නංගො. එයි ගෙනාපු ආයුෂ එච්චරයි කියලා හිතල හිත හදා ගන්න. කොහොමටත් අපි ආදරේ කරන හැම කෙනෙක්වම අපිට කැමති විදිහට හැමදාමත් ලගින් තියාගන්න බෑ නේද මගෙ නංගියෝ... තාම විභාගෙ ඉවර නෑ නංගො. අගෝස්තු මාසෙ ඉවර වෙනකම් තියේවි.. :(

    @INDI
    මෙතනදි මමනම් ඔයාගෙ කතාවට කොහෙත්ම එකග වෙන්නෙ නෑ. මේ වගේ අහිංසක සත්තු මරලා දාන එක සාධාරණීකරනය කරන්න හදන එකනම් පුදුමයි. මිනිහට කරදරයක් කියල හිතල සතෙකුගෙ ජීවත් වීමේ අයිතිය නැති කරන්න කවුද මිනිහට ඒ අයිතිය දුන්නෙ. සමහර විට ඔයා බෞද්ධයෙක් නොවෙන්න පුලුවන්. නමුත් මේ හැම සතෙකුටම මේ මහ පොලොවෙ ජීවත් වෙන්න අයිතිය තියනවා.
    කවුරැහරි කෙනෙක් තීරණය කරනවා INDI ඔයා මේ ජීවත් වෙන එක එයාට කරදරයක් ඒ නිසා ඔයාව මරා දැමිය යුතුයි කියලා. ඔයා ඒ තීරණේට එකග වෙනවද?
    හොද කරන්න බැරි ලෙඩෙක් මරා දැමීමයි, අපරාදකාරයෙක් මරා දැමීමයි මේ වගේ අසරණ සතුන් මරා දැමීමයි සමාන වෙන්නෙ කොහොමද කියල මටනම් තේරැම් ගන්න අමාරැයි. මෙහෙම හිතන්න හොදයි ඔයාට දොස්තරල කියනව ඔයාගෙ බිරිද හරි දරැවෙක් හරි එක්කො අම්ම තාත්ත හරි කවුරැ හරි කෙනෙක්ව තව දුරටත් ජීවත් කරවන්න බෑ ඒනිසා මැරෙන්න ඉඩ දෙන්න කියලා. ඔයාට පුලුවන්ද ඒ තීරණය ගන්න?? ඇත්තටම කිවුවොත් තව කෙනෙකුගේ ජීවත් වීමේ හෝ නොවීමේ අයිතිය තීරණය කරන්න තවත් කෙනෙකුට කිසිම අයිතියක් කොහෙත්ම නෑ. කවුරැහරි එහෙම තියනව කියල කියනවනම් ඉතින් ඒ කුහකකමට තමතමන්ගෙ වාසිය වෙනුවෙන් ආත්මාර්ථකාමීව කියන දෙයක් විතරයි.
    ඔය අසරණ සත්තු මරල දාන තැනට එන්නෙ නැතුව කරන්න පුලුවන් තව වැඩ කොතරම් තියනවද?

    ReplyDelete
  26. @ Chandika
    හ්ම්ම්.... අයිය කියන එකත් ඇත්ත අපිට ඕන අය අපි ලඟ ඉන්නෑනේ.......

    හිහ්..... මට විභාගේ ඉවරවෙනකම්ම අයියටත් විභාග......

    (බොහොම ස්තූතියි මගේ අයියේ.......)

    ReplyDelete
  27. @ ජේ.ඩී
    අහ්.... ඔයා චූටිවට ලියල ගිහින් දැක්කේ නෑනේ..... සමාවෙන්න අයියේ.....

    හ්ම්ම්..... දුක තමා......

    ReplyDelete
  28. කල් ගිහින් ප්‍රතිචාර දානවට සමාවෙන්න ඕනෙ ඔන්න.
    කණගාටුදායක සිදුවීමක් වෙලා වගේ. හැබැයි ඉතින් වෑන් එකට සම්පූර්ණ වැරැද්දම කියන්න අපි දන්නේ නෑ. මොකද සත්තුත් සමහර විට ලඟට එනකම් ඉඳලා පාර පැන්නහම වාහනේ නවත්තගන්න බැරිවෙන අවස්ථාත් තියෙන නිසා. ඒ විදිහට සතෙක් අහුවුනාම සාමන්‍යයෙන් බැහැලා ගිහින් බලන්න හිතෙන්නේ නෑ. මොකද ඒක ගොඩක් දුක හිතෙන දෙයක් නිසා...
    කොහොම වුනත් අයාලේ යන්න බලු පැටව් පාරට ගෙනත් දාන එකයි වැරදි.
    ඒ වගේම හිතක් පපුවක් නැතිවිදිහට සත්තුන්ට කරදර කරන්නේ පෞරැෂත්වයක් නැති nobody ලා කියලයි මම නම් විශ්වාස කරන්නේ.

    ReplyDelete
  29. දීන කුලේ ඉපදී දුක් වින්දාට..
    නෙක සැපත් මතු ලැබියන් හැමදාක..
    නොවී විදි නොයෙක් කරදර පෙරදාක...
    සසරෙන් එතෙර වීයන් උඹ මතු දාක...

    මගේ පැතුම අහිංසකයෙකුගේ ආත්ම‍යකට.

    ReplyDelete
  30. @ හෙළයා
    කාලයක් කොහෙද මගේ අයියේ...... මේක පෝස්ට් කරල තාම දවස් 4යි.... මං සමහර තැන් වල සති ගනන් පමාවෙලා ගිහින් තියනව......

    එහෙම වෙන්නත් පුලුවන් තමා අයියේ. ඒත් මෙයා එච්චර දාන්ගල කෙනෙක් නෙමේ දවසෙම නිදියන එක තම වැඩි හරියක් කලේ..........

    හ්ම්ම්..... ඒක ඇත්ත මගේ අයියේ.....

    @ නිපුන චාමින්ද

    මාව බලන්න මුලින්ම ආවේ අද නේද සතුටුයි ඒ ගැන මට......

    පතුමට බොහොම ස්තූතියි අයියේ.......

    ReplyDelete
  31. බරි වෙනකොට, එහෙම නැත්නම් අසරණ වෙනකොට, වයසට යනකොට මිනිස්සු ඔහොම කරනවා‍. අපේ පැත්තෙ බලු අනාථාගාරයක් තිබුනා. එකෙ හිටියා වයසට ගිහින් ගෙදරින් එලවපු ජර්මන් ෂෙපර්ඩ් නෙනෙකුත්. වයසට ගිය තමන්ගේ දෙමාපියන්ටත් නොසලකන මිනිසුන් පවා ඉන්න රටක සතෙකුට ඔහොම කරන එක පුදුම වෙන්න දෙයකුත් නෙවේ. බැලුවාම සයිබර් ස්පේස් එකේ මෙහෙම කරැණාවන්ත අය සිටීම ලොකු සතුටක්. මේවා කතා කරන එක ගැන හා පැටික්කිටත් පිනක්.

    ReplyDelete
  32. @ priyantha.ඒබී

    ඒකනම් ඇත්ත අයියේ....
    අපි යන එන පාරෙත් ගෙදරක හිටපු බල්ලෙක්ගේ උෂ්නෙට අර හැම බල්ලගෙම වගේ තියන රෑශ් එක ඇවිත් එයාට බෙහෙත් දාන්නැතුව එලියට දමල තිබුන...... පවු එයා ඒත් එලියෙ ඉඳන් ගේ මුර කරා...... මං නම් අයිතිකාරය දැක්කම මූණැ දිහා බැලුවෙ හරි අප්පිරියාවෙන්.......

    මං ඩිලාන් අයියටත් කිව්වේ ඒකනේ..... පෙළපත හොඳ උනත් ඒ අයට සළකන්නේ ලස්සන තියනකම් විතරයි........ නාකි උනාම එලියට.......

    බොහොම ස්තූතියි අයියේ.......

    ReplyDelete
  33. <<<<<මට හිතෙන හැටියට >>>>>>

    පහුකර මහ උසාවිය
    ආවෙමි විසික්කර සිතාසිය
    කරගන්නට හැමදාම සීතා සිය
    සාවියෙ වෙනවද මගෙ අග්‍ර සාවිය

    <<<<<මට හිතෙන හැටියට >>>>>>

    ReplyDelete
  34. @ නිපුන
    මට නිකන් තේරුන්නෑ නෑ වගේ........ :( :(

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)