෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, June 18, 2010

පතන්නෙමි මුළු හදින් සොඳුරු වූ හෙට දිනක්......



නොසිතු ලෙසින් ඇරඹි
මිතු දම,
මටත් නොදැනිම
මසිතට ලංව....,
හස කැන් මා මුව මවමින්,
කඳුල වියැකූ මිතුර නුඹ.....

යලි සිනාසෙන්නට මට,
එකදු පුංචි හසරැල්ලක්,
මා ලඟ ඉතුරු නොම වන ලෙසට....
දුර ඈතට පියමැන්නද,
අහිතක් නොසිතන්නෙමි කිසිදින.....
මන්ද.....
මතකයේ සදා සරමින්,
මා ලොවෙහි කවදත්,
මා ලබැඳි මිතුර නුඹ....

ඉතින් මා නුදුටු මිතුර......
දිවියෙහි නව වසරකට,
පියනගන ඔබහට,
පත්න්නෙමි මුළු හදින්ම....
දුක් කඳුළ ලං නොවුන,
සතුට සොම්නස ඉතිරෙන,
සොඳුරු අනාගතයක්.......


මිතුර නුඹට සුභම සුභ උපන්දිනයක් ......


~~ඔබේ මතකයෙන් ගිලිහුන හා පැටික්කි~~
06-18-2010


මෙය මා විසින් ලියූවද පල කරනවාද නැද්ද යන්න පිළිබද බොහෝසෙයින් සිතුවෙමි. අවසානයේ මෙය පවසාම පල කිරීමට හිත සමග ගිවිසුමක් ගතිමි.

මෙය කියවීමෙන් පසු ඔබට යම් පැනයක් හිතට නැගුනද ඒවාට පිළිතුරු දෙන්නට තරම් මට හැකියාවක් නැති බැවින් පිළිතුරු නොදී ඉන්නට සිදු වුවහොත් දස දහස් වාරයක් සමාවෙන්න..........

48 comments:

  1. කුංකුං ගාන්නේ කංකුං නැටි හින්දා..
    කිං කිං ගාන්නේ උඩුපියලිය තෙත හින්දා..
    කර කර ගාන්නේ කැරට් මෝරල හන්දා..
    නුඹ් ඉකි නොගසා ඉනු සාවිය කැරට් පුඩිම කංකුං සැලඩ් එක මග එන හින්දා..

    හාවි ජීවිතය පට්ට විදිහට විදින්න..
    ඒත් විදවන්න එපා..

    ReplyDelete
  2. මගෙ හැම ලිපියකටම වගේ කමෙන්ට් දාන ඔයාගෙ මේ ලිපිය කියෙව්වහම මට ගොඩක් කනගාටු හිතුන. ඔයාගෙන් මේ සම්බන්දව මම අහන්නෙත් නෑ. කෙසේ වෙතත් ගොඩක් කනගාටුයි.

    ReplyDelete
  3. ම්ම්ම්...මේක නම් හරි බරපතලයි වගේ

    ReplyDelete
  4. නුදුටු මිතුරාට මගේ සුභ පැතුමත් එක් කරන්න නගේ . . .

    ReplyDelete
  5. අසන්නේ කෙලෙසින්ද
    කවුරුන්ද ඒ කියා..
    කියන්නට නොහැකි බව
    සිතට දැනෙනා නිසා..
    පුංචි හා පැංචියේ
    නුඹ තවම පොඩි නිසා..
    නොහිතාම ආදරෙ
    හිටියනං තව හොඳා..

    ළපටි සිත්මල තැළී
    දුක දෝර ගියාදෝ..
    කියන්නට නොහැකි පෙම
    බොඳ වෙලා ගියාදෝ..
    පතන්නේ හෙට දවස
    සුභ වෙන්න කියාදෝ..
    නුඹ නැතිව ඔහුගෙ ලොව
    කෙලෙස හැඩ වෙවිදෝ..


    අනේ කෙල්ලේ උඹත් ලෑස්ති වෙයං මං වගේම විඳව විඳව ඉන්න. කොච්චර කිවුවත් උඹ යන්නේ විභාගේ පැත්තට නෙවෙයි කියලයි මට හිතෙන්නේ..
    කමක් නැහැ..වරෙං අපායට..

    ReplyDelete
  6. හ්ම්.... මගේ නංගෝ.. කලිනුත් කිවුව වගේ අපිට කවදාවත් අපි පතන හැමදෙයක්ම ලැබෙන්නෙ නෑත එහෙම නේද? අතීතය ගැන දුක් වෙවී හිටියොත් හැමදාමත් දුකම තමයි. මතකද ඔයාම නේද මට දවසක් එහෙම කිවුවෙ.. ;) දුර ගමනක් යන්න තියෙනවා. ඒ නිසා ඔවට හිතට එන්න දෙන්න එපා. දැන් කොහොමද විභාගෙට ලෑස්තිද? Exam first!!!

    ReplyDelete
  7. @ නිපුන චාමින්ද
    බොහොම ස්තූතියි අයියේ.....

    @ පීටර්
    කාලෙකින් මේ පැත්තෙ දැක්කේ......
    බොහොම ස්තූතියි අයියේ....

    @ නිපුන
    හ්ම්ම්.... තේනම් රුනා......

    @ හසිත ජයසූරිය
    මට අද බනින්නැද්ද...... :)

    @ දුකා
    බොහොම ස්තූතියි අයියේ....

    @ මාරයාගේ හෝරාව
    ඔයාට උත්තරයක් දෙන්න ඕන ඒත් මෙතන බැහැ....

    මොනදේ උනත් මට විභාගේ ඇනගන්න උවමනාවක් නැහැ.....

    @ චන්දික
    හ්ම්ම්...... කිසි දෙයක් ලැබෙන්නෑ.... :)
    හ්ම්ම්.... ගොඩක් දුරට ඔව්.....

    ReplyDelete
  8. ආ මග කෙටියි. යා යුතු මග දුරයි....

    ReplyDelete
  9. නොදුටු මිතුරාට මගෙනුත් සුබ පැතුම් එක් කරන්න . අක්කේ විභාගය අත ලඟ නේද , පාඩම් ක්ලොත් නරකද , පොඩ්ඩක් බ්ලොග් කිරිල්ල අතඇරලා !!!

    ReplyDelete
  10. හා පැටික්කියේ මට කියන්න තියෙන්නේ "හිමිවීම ම ආදරය නොවේ" කියලා තමා, මතක තියාගන්න නංගියෝ (නංගියෙක් කියලා හිතන්නේ) සමහර අහිමීවීම් එක්ක එන හිමිවීම හිතාගන්නවත් බැරි තරම් ආශිර්වාදයක්... මගේ අත්දැකීමෙන් මම මේක කියන්නේ..... සතුටින් ඉන්න බලන්න පැටියෝ.....

    ReplyDelete
  11. අහ් මේ මොකද මේ....හා හා දුවනවා දුවනවා පාඩම් කරන්න...
    නැත්නම් විදිනවා ඊ තලයක්....
    අහ් ඔන්න නොදුටු යාළුවට මමත් යැව්වා සුභ පැතුම් හීයක්....

    @ හසී....
    මේ නරකද උපදේශන සේවාවක් පටන්ගත්තොත්‍‍‍....වැඩේ එලට නැගල යයි වගේ...දැම්මෙත් මම තමා පළවෙනි කස්ටමර්.....(පළවෙනි එක්කෙනාට නොමිලේ)

    ReplyDelete
  12. අපි කැමති දේවල් ඒ විදියටම වෙන්නෙ නැහ හා පැටික්කි... ඔයාගෙ ඒ මිතුරාට මමත් සුබ පතනවා....

    ReplyDelete
  13. @ Praසන්ன
    අයියත් හැමදාම මාව බලන්න එනව....
    බොහොම ස්තූතියි අයියේ......

    @ හිඟන්නා
    එක් කරන්නම්.......
    නරකමත් නෑ....... :P
    බොහොම ස්තූතියි මගේ මල්ලියෝ....

    @ හසී
    නංගෙක් තමා....
    මට හැමදාමත් ඔයා හිතන්න දෙයක් ඉතුරු කරල යනව.... ඔයාල ඔහොම කියන කොට මට මොකක්දෝ සතුටක් දැනෙනව...... යාළුවන් එක්කත් වැඩි ආශ්‍රයක් නැති නිහඬ (උඩින් හැමෝම එක්ක හිනා වෙලා සතුටින් ඉන්න...)මට අකුරු වලින් ඔයාල එක්ක කතා කරාම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනව අක්කේ....... ඒ ඔයාලගෙන් දැනෙන සහෝදර බැදීම වෙන්න ඇති......

    @ හසියා
    අයියට ඉලක්කෙට විදීන්න පුලුවන්ද මගේ අයියේ....
    නැත්නම් විද්දෙ හාවිට වැදුනේ පඳුරට වෙයිද.....???? :P :P :P :P
    බොහොම ස්තූතියි මගේ අයියේ.....
    මන් යවපු මැසේජ් එකට එව්ව වගේම වචන දෙකක් එවයි...... :)

    පේන්නැද්ද පළවෙනි කස්ටමර් මම...... මම පර..............න කස්ටමර් කෙනෙක් හසී අක්කගේ......
    එක්කො කමක් නෑ මගේ අයියනේ....... ඔන්න ඔහේ නොමිළේ චාන්ස් එකට අයිය යන්න...... :D

    @ පිස්ස පලාමල්ල
    හ්ම්ම්.....
    බොහොම ස්තූතියි අයියේ......

    ReplyDelete
  14. බනින්න නෙමේ වටින්නෙ හම ගහන්න...ඒත් ඉතින් පව්වේ අක්කගෙ මොකක්ද එකක්නේ මේ... අපි ඉතින් පොඩි එව්වොනේ ඕව දන්නෑනේ:D

    ReplyDelete
  15. ඔන්න ඉතින් ජේ.ඩී ත් සුභ පතනවා ඔයාගේ නොදුටු මිතුරාට....... හාපැටික්කියෝ ලැබීම නොලැබීම කියන්නෙ හරියට දුක සැපවගේ දෙයක්නේ...... හසී කිව්ව වගේ සතුටින් ඉන්න්ම බලන්න :)

    ReplyDelete
  16. ඉර හද නැතත් නුඹ මා ලග සිටියා
    තරු වැල් නැතත් නුඹෙ මට මිතුරෙක් වූවා
    අද ලග නැතත් නුඹ හට මම සුභ පැතුවා
    මතු අත් බවෙත් නුඹ මට මිතුරෙක් වේවා

    අනේ මන්ද මෙහෙම හොදද කියල වැඩි විස්තර නන් දන්නෑ ඒ නිසා වැරද්දකි කිව්ව නන් තරහ ගන්න එපා......:D

    ReplyDelete
  17. නොදුටු මිතුදම්
    සිතට සැනසුම්
    ගෙනෙන යුරු නම්
    හරිම පුදුමයි...
    මතක මල් නම්
    තවම එහෙමයි
    මිතුර නුබ නම්
    හුගක් ඇතයි....
    නමුදු කම් නැ
    සිතට එලියයි...

    නොදුටු මිතුර ට මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  18. එයාට සුභ අනාගතයක් පතනවා ඇරෙන්න, මට කියන්න දෙයක් නෑ නංගා....

    ReplyDelete
  19. යන්න යන්න! පාඩම් කරන්න!! මොනව උනත් දුක හිතෙන ලස්සන නිසදැසක්

    ReplyDelete
  20. කීප පාරක්ම මේක කියවලා මම බැලුවේ මොකක් කියන්නද කියලා. මට නම් කියන්න තියෙන්නේ "හැමදේම වෙන්නේ හොඳටයි" කියලා හිතන්න කියලා තමා.

    ඒක කියන්න ලේසි බව ඇත්ත. කරන එක තමා අමාරු කියන එකත් මම පිලිගන්නවා.

    මොනවා වුනත් ජීවිතේ ලොකු කඩයිමකට තුන්වෙනි පාරටත් මුහුණ දෙන ඔයා ඒක ගැන අවධානය යොමු කළොත් වඩාත් හොඳයි. ඒත් නැත්නම් ඔයාගේ අම්මා තාත්තා වඩාත් කනගාටු වෙයි...........

    ReplyDelete
  21. @ හසිත ජයසූරිය
    හිහ්..... ඒකනම් ඇත්ත හම ගහන්නම තමා වටින්නේ........
    මගේ මොකද්ද එක කිව්වේ.........
    ෆූ........ පොඩි....... මල්ලියේ මල්ලිට අක්සි දෝස එහෙම තියද?????? :P :P

    @ ජේ.ඩී
    ඔයත් දැන් නොවරදවාම මාව බලන්න එනව නේද.......
    බොහොම ස්තූතියි අයියේ.....
    හ්ම්ම්ම්.......

    @ Pasan
    ඉර හඳ නැතත් ලඟ ඉන්නා බව කීවා
    තරු වැල් නැතත් මඟ පෙන්වන බව කීවා
    ඒ සැම ඇතත් නුබ අද මා ලඟ නැතුවා
    මිතුරේ යලිත් මෙලෙසින් නොම යනු මා හැරදා.....

    අනේ නෑ අයියේ......හොඳටම හොඳයි......

    @ පබලු
    ලස්සනයි.....
    "නොදුටු මිතුදම්
    සිතට සැනසුම්
    ගෙනෙන යුරු නම්
    හරිම පුදුමයි..."
    ඇත්තටම ඔව්.....

    බොහොම ස්තූතියි.......

    @ නිශාචරයා
    හ්ම්ම්....
    කාලෙකට පස්සෙ.....
    අනේ මංද මගේ අයියේ......

    @ Blog Gadol
    බොහොම ස්තූතියි අයියේ.....

    @ Hasitha
    හ්ම්ම්.......
    බොහොම ස්තූතියි.........

    ReplyDelete
  22. නුදුටු මිතුරාට මගේ සුභ පැතුමත් එක් කරන්න dear

    ReplyDelete
  23. අක්කියො දුක් වෙන්න එපා,,, ඔයාගේ ලගට එ සතුට ඉක්මන්ට එන්න ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්,,,
    නොදුටු මිතුරාට මගෙන් සුබ පැතුම්,,,,,

    ReplyDelete
  24. @ Kandulu Binduwa
    බොහොම ස්තූතියි.........

    හිතුවක්කාර සිත.....
    බොහොම ස්තූතියි නංගියෝ........

    ReplyDelete
  25. සතුටයි හිනාවයි කවදාවත් අමතක නොකළයුතු මිතුරන්!මොන ප්‍රශ්ණේ ආවත් , මොන දුකක් දැනුණත් , ජීවිතේ අරමුණු යටකරන්න ඒවට ඉඩ දෙන්න එපා!

    ReplyDelete
  26. වචන කිපයක් වුනාට ලොකු කතාවක්. දුර ගමන්ක් තව යන්න තියනවානේ. හැමදාම මේ පැත්තෙ එන එක ටිකක් අඩු කරල Exam එක ගැන හිතන්න. මම මෙහෙම කියන්නේ ඔය comment කර කර ගියාට Exam නැති මටවත් post එකක් දාන්න වෙලාවක් නැති කොට Exam ලඟ තියාගෙන නිතරම post දාන නිසා. ලෝකය යන්නේ අපට ඕන තැනට නෙවේ. අතීත අත්දැකීම් (දුක සතුට දෙකම) අනාගතයට ආශීර්වාදයක් කර ගන්න. හා පැටික්කිගෙ නොදුටු මිතුරාට මගෙනුත් සුභ උපන් දිනයකට ආසිරි!!!

    ReplyDelete
  27. කවුද හප්පේ ඔච්චර හිතට කතා කල නුදුටු මිතුරා :a
    ලස්සන පද පෙල

    ReplyDelete
  28. @ ජංජාල චාමර
    බොහොම ස්තූතියි අයියේ.....

    @ Priyantha ඒ බී
    බොහොම ස්තූතියි අයියේ....
    මං කෙටි ලිපි ලියන නිසා එච්චරම ගැටළුවක් උනේ නැහැ.......

    @ හෙළයා
    ඔන්න ඉතින් මගේ අයියත් ඇහුව උත්තර නැති පෘස්නයක්..... :s
    බොහොම ස්තූතියි මගේ අයියේ......

    ReplyDelete
  29. යාළුවා සෑහෙන්න හිතට සමීපයි වගේ...මොනා වුණත් අපි දෙන්නගෙනුත් සුබපැතුම්!

    ReplyDelete
  30. මුල ඉදන් පැන්ඩ ලියපු හැමදෙටම කැරට් දැම්මෙ ඔයා...හැම දාම උණ කාපු මට කැරට් වල සෑහෙන වටිනා කමක් දැනුනා..

    එත් හිතුවෙ නැ හා පැටික්කිට පැන්ඩට වගෙ කටුක ජීවිතයකුත් තියෙන්න ඇති කියල..කොහොම වුනත් කාලෙට ඉඩ දෙන්න එතකොට ආයෙත් ඔයාගෙ ජීවන උයනෙත් හාවෙක් කැරට් වවයී හරියට පැන්ඩියෙක් මගෙ ජීවන උයනෙ ලා පාට ලපටි රසම රස උණ වැව්වා වගෙ,...

    සුභ අනාගතයක් හා පැටියො

    ReplyDelete
  31. @ බොස්
    බොහොම ස්තූතියි බොස් අයියටයි, ජබොස් අක්කටයි දෙන්නටම.....

    මේ පැත්තට මුලින්ම ආවේ අද නේද හා පැටික්කිට සතුටුයි ඒ ගැන...... :c :c

    @ පැන්da
    හා පැටික්කිට මුල්ම ලිපියෙන් නොහිතපු තරම් කැරට් ලැබුනම හිතට දැනුන සතුට දන්න නිසා පුළුවන් හැම විටම කියවන ලිපි වලට කැරට් දානව අයියේ එච්චරයි....... ලියන කාට උනත් ජීව පානය කමෙන්ට් දැක්කම සතුටුයි අයියේ......

    අයියගේ ටික් ටික් කාලය නම් යනව...... :j :j

    බොහෝම ස්තූතියි අයියේ.....

    ආහ්..... හා පැටික්කිව හා හා පුරා කියල බලන්න ආපු එක ගැනත් බොහොම සතුටුයි......... :c :c

    ReplyDelete
  32. අක්කේ....පාඩම් නොකලොත් අම්මට කියනවා

    ReplyDelete
  33. ඔබනොදු‍ටු යාලුවට මමත් සුබ පතන්නම්........

    හාපටික්කියේ මේ හැමදෙම අමතක කරන්න අමාරු උනාට...විබහගේ අතලගනම්,,,, ඒගන හිතන් එක හොදයි නෙද...? නගේ....

    ReplyDelete
  34. නංගි..... මම ඔයාගෙ බ්ලොග් එකට නිතරම කමෙන්ට් කරන්නේ නම් නැහැ..... අද මගේ නියම නමින් එන්න විදිහක් නැති නිසා මෙහෙම ඇනො කෙනෙක් විදිහට කමෙන්ට් කරනවට සමාවෙන්න.....

    දුටුවත් නොදුටුවත් හිතට දැනෙන හැඟීම් වල අඩුවක් වෙන්නෙ නෑ... ඒත් නංගියේ විභාගයක් අත ලඟ තියෙන එක ඒ ගැන වැඩි අවදානයක් යොමුකරන්න...... දුක් වෙන්න එපා කියල කියන්නෙ නෑ..... මොකද එහෙම කරන්න බැරි බව දන්න නිසා....

    ReplyDelete
  35. @ ඉලංදාරියා
    බොහොම ස්තූතියි අයියේ......

    ඒ ගැන හිතනව අයියේ ඉඳල හිටල ඉතින් සර්කිට් අවුල් වෙනව.......... ඒකයි......

    @ Anonymous
    ඒකට කමක් නැහැ අයියා.... ඒත් ඔයාගේ නම ලියන්න තිබුනනේ මං ඔයා කවුද කියල දන්නවනේ එතකොට.......

    විභාගෙට පාඩම් කරනව අයියේ.....

    අයිය හරි......
    බොහොම ස්තූතියි අයියේ.....

    ReplyDelete
  36. ලස්සනයි හා පෑටියෝ පද පෙල

    ReplyDelete
  37. නංගි අපි හැමොටම ජිවිතෙ එක එක ලැබිම් නොලැබීම් තියනවා, අපෙ ඉස්සරා කරන්න ගොඩාක් වැඩ තියන, අපි දැන් අපි කරන්න ඔනා වැඩ දාලා දුක් වෙවී හිටියොත් අපිට තවත් දුක් වෙන්න සිද්ද වෙවී. නෙද..? නංගි පාඩම් කරන්න. ඉක්මන් කරන්න, පරක්කුවෙලා තවත්දුක් වෙන්න එපා. ගිය දෙ ගියා එන දෙ බදාගන්න.

    ReplyDelete
  38. ම්ම්....
    හොරයක් අහු වෙන්නයි යන්නේ...
    අම්මට කියන්න වටිනවා

    ReplyDelete
  39. @ NUWAN"s lane
    බොහොම ස්තූතියි අයියේ.......

    @ රවා
    හ්ම්ම්.......
    එන දේ බදාගන්න හිතාගත්ත මාත්........

    @ Ansh Lucky Sri Jay
    අක්ක කාලෙකින්......
    බොහොම ස්තූතියි.....

    @ බිඟුවා!
    හොරයක් උනත් කිව්වට පස්සේ ඔහොම කරන සිරිතක් තියද මං අහන්නේ........ :s :s

    ReplyDelete
  40. හාවො !!! කැරට් ගනං කාලෙ වවා ගන්න විභාග කොලා කියලා මොන අලයක්ද නේද? :h
    ඕනි නම් හා අම්මටයි හා තාත්තටයි ටිකක් දුක හිතෙයි. :c

    ඒත් මොකෝ කැරට් පාත්තියක් වැව්ව නේ. :m :e
    අනේ අම්මපා මේ කෙලීගෙ මොලේ :b :t

    කියන්න වචන නෑ ඕං... :j

    ReplyDelete
  41. ඔයාගෙ බ්ලොග් එකට මං නම් අලුත්.ගොඩක් ලස්සනයි.දිගටම ලියන්න.

    ReplyDelete
  42. අලුතින් මුකුත් නොලියන්නෙ ඇයි?
    විභාගෙට පාඩම් කරනවා නේද?
    මහන්සි වෙලා විභාගෙ ලියලා ගොඩ දා ගන්න ඕනේ ඔන්න.

    ReplyDelete
  43. @ නිපුන
    "හාවො !!! කැරට් ගනං කාලෙ වවා ගන්න විභාග කොලා කියලා මොන අලයක්ද නේද?" :j :j
    අනේ........................ තේරුන්නෑ..........

    @ නදුන්
    බොහොම ස්තූතියි........
    මේ පත්තට ආපු එක ගැනත් සතුටුයි.........:c :c

    @ Ansh Lucky Sri Jay

    ලියන්න කම්මැලියි අක්කේ........ :j :j
    අනේ මංද........ :h :h
    හාකෝ........ :c

    ReplyDelete
  44. 'අනේ මංද..හාකෝ..'
    හරි කතාවක් නේ ඒක.
    එහෙම කියලා හරි යන්නේ නැහැ. පාඩම් කරන්න :t

    ReplyDelete
  45. @ Nimanthi
    අම්මේ මංද අක්කිනම් මා දිහායින් ඇස් අයින් කරගන්නෙම නැතුව හොයල බලනව වගේ............

    හොඳමයි මගේ අක්කියෝ පාඩම් කරන්නම්..........

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)