෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, July 18, 2010

හා පැටික්කිට ලැබුනු බෝනස්.........


කොහොමද කට්ටියට.......
බනින්න එපෝ...... විභාගෙට මාසයක් වත් නැතුව පෝස්ට් ලියනව කියල. අද ඉතින් කාලෙකින් බැනුමක් අහන්නත් බැරි උන නිසා ලිව්ව එහෙම නෙවෙයි ඔන්න. ඊයෙත් හවස් වරුවෙම ඇඳේ....... බෝනස් ලැබුනනේ හා පැටික්කිට......... ඉතින් මේ ඒක විදින ගමන් ඇඳේ........ (මේ වෙලාවට තමා හිතෙන්නේ කැම්පස් ආපු එකට ගියා නම් ඉවරයි කියල...... ෂිහ්..... දුක තමා.......)

කට්ටිය බලනව ඇති මට ලැබුන බෝනස් මොකක්ද කියල..... වෙන මොකක්ද ලී බංකු වල අවුරුදු ගානක් තිස්සේ බංකු බංකු උනාට බෝනස් ලෙස කොන්දේ අමාරුවක් හම්බුනා.....
කාලයක් තිස්සේ ටික ටික තිබුනත් ගනන් ගත්තේ නෑ. අද උග්‍ර උන නිසා ගිහින් බෙයියන් අරන් ආවා...... ඇදේ ඉඳල එපා වගේ නිසා ඔන්න ඔහේ අකුරු ටිකක් කොටල දැම්ම.

විභාගෙට නම් ඉතින් තව දින 20ක් වගේ තමා තියෙන්නේ.... අගෝස්තු 9 වෙනිදම Bio වලින් පටන් ගන්නවනේ ඉතින්....... ඉවර වෙන්නේ 19 Chemistry වලින්...... මවු බාසාව මේපාර ලියන්නැති නිසා ආයේ 28 පොදු පරීක්ෂනේ........ :D :D :D :D

අම්මෝ දැන් නම් බලන් ඉන්නේ මේක ලියල ඉවරයක් වෙනකම්.......... ෆූ අප්පිරියයි මේ විභාග කෙරුවාව................

බනින්න ආපු අය බැනල ගියාට ඉතින් හා පැටික්කි තරහ නෑ......

මං ඉතින් පුංචිවෙලාවක් අරන් post එකක් නිකමට දැම්මේ........

ආහ් තව දෙය හා පැටික්කිගේ පැත්තට පැන්න ගානත් 100 පහු කරලනේ......... හා පැටික්කිට හරිම සතුටුයි ඒ ගැන. මොකද හා පැටික්කි බ්ලොග් ලියන්න පටන් අරගත්තේ මාර්තු මාසේ 15 වෙනිද...... තාම මාස 4ක වගේ කාලයක් නිසා හා පැටික්කිට ඒ ගැන බොහොම සතුටුයි........ ඔය හැමෝටම බොහොම ස්තූතියි ඒ ගැන........


එහෙනම් ආයේ හමුවෙන්න එනකම් මාව මතක තියා ගන්නකෝ........

55 comments:

  1. විභාගය හොඳින් කිරීමට මගෙන් සුභ පැතුම් බොක්කෙන්ම... :b

    ReplyDelete
  2. හා පැටික්කිටත් දොස්තර හොඳහිත වගේ හොඳ Veterinary Surgeon කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  3. කොන්දෙ අමාරුව ඉක්මනින් සනීප වෙලා විභාගය සාර්ථකව කිරීමට හැකිවේවායි පතනවා මුලු හදින්ම.

    ReplyDelete
  4. මම ඔයාට සුබපතව, පලමුව කොන්දෙ අමාරුව ඉක්මනින්ම හොඳ වෙන්න කියල. දෙවනුව විභාගයට සාර්තකව මුහුන දෙන්න ලැබෙන්න කියල. තුන්වෙනුව විභාගය හොදින් පාස් වෙන්න කියල. නංගි මුහුනු පොතේ ඉන්නවද?

    ReplyDelete
  5. හා පැටික්කිට නිදුක් නීරෝගීබාවය ලැබිලා උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා :b

    ReplyDelete
  6. බෙස්ට් ඔෆ් ලක් විත් එව්රිතිං... ජය!

    ReplyDelete
  7. මෙච්චර කල් ඇදන් ආපු එකේ මේ ඩිංගත් උනන්දුවෙන් කරල දාන්න හා පැටික්කි.ජයෙන් ජය!!:e:e:e

    ReplyDelete
  8. ආහ්හ්..බයෝ කරපු එක හොදයි.මොකද මං නම් හතුරෙකුටවත් මැත්ස් නම් කරන්න කියන්නේ නෑ.. :(.. එල එල...ඔන්න ගැන්ස්ටර් ගෙනුත් විභාගයට සුභ පැතුම්...ඒ 3ක් ගන්නම වැඩේ දෙන්න ඕන.. :)

    ReplyDelete
  9. ඉක්මනට හොන්ද වෙලා විභාගය හොඳින් කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....

    ජය හා පැටික්කි.

    ReplyDelete
  10. all the best ha patikkiyooo,hodata exm liyala enna apiwa balanna.....

    ReplyDelete
  11. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න වාසනාව හා ධෛර්යය ලැබෙන්න කියලා පතනවා! :b

    ReplyDelete
  12. ඔන්න මම නම් බනින්නේ නෑ...
    .හෆ්ෆේ ඔය බොනස් නම් මටත් හම්වුනා.හෑබෑයි දෙන්නම් හිතෙන්නෙ විභාගය ලන් වෙනකොට හෑදුන ලෙඩක් කියලයි.ඉක්මනටම කොන්දෙ අමරුව සනීපවෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.ඒ වගේම විභාගය හොදට කරන්න ශක්තිය ධයිර්යය ලැබෙන්න කියලත් මුලු හදවතින්ම හා පැටික්කිට.
    මෙන්න මගෙන් කැරට් කිලො 5ක්ම.

    ReplyDelete
  13. කොන්දත් හරි ගොහින්, විභාගෙත් ගොඩ දා ගන්න ලැබේවා කියලා සුභ පතනවා එහෙනම්.

    ReplyDelete
  14. @ සිරකරුවොත් මනුෂ්‍යයෝ ය
    බොහොම ස්තූතියි අයියා.......
    අයිය අද වෙන්න ඕනෙ මේ පැත්තේ ආවේ සතුටුයි ඒ ගැන..........:c :c

    @ Chanaka
    බොහොම ස්තූතියි මකර අධිරාජ්‍යයානනි...........:d

    @ Praසන්ன
    බොහොමත්ම ස්තූතියි අයියා.....

    @ පීටර්
    ප්‍රාර්ථනා තුනටම බොහොම ස්තූතියි.......
    බෙහෙත් ටික නම් බිව්ව ගමන් හරි ගියා කොහොම වෙයිද දන්නැහැ.:j

    නැහැ අයියා. මුහුණු පොතේ නැහැ.

    @ Hasitha
    බොහොමත්ම ස්තූතියි හසිත.......

    @ Shadow/හේමලයා
    Thank U very much ayiyaa.....

    අයියත් මේ පැත්තේ ආවේ අද නේද...... හා පැටික්කිට හරිම සතුටුයි ඒ ගැන.:c :c

    @ වැම්පයර්
    Thanks alot ayiyaa........

    @ Blog Gadol
    ඒක තමා අමාරුම.......:j
    බොහොම ස්තූතියි පූස් අයියේ..... :d

    @ ♠GaŋGster♠™
    අනේ ඇයි අයියා ඒ????:r
    මැත්ස් වල Z ලකුණු රිසල්ස් අඩු උනත් උඩයි. අපිට වඩා කැම්පස් චාන්ස් වැඩියි අයියා. මොකද මැත්ස් කරන ප්‍රමානය සාපේක්ෂව අඩුයිනේ.

    ඔච්චර ලොකු හීන නම් නෑ.... බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට.

    අද නේද මුලින්ම ආවේ සතුටුයි ඒ ගැන. :c :c

    @ පිස්සා පලාමල්ල
    බොහොම ස්තූතියි අයියා....

    @ nasha
    Thank U yaar.....

    ම්ම්ම්ම්ම්ම් ඔයාවනම් මේ අවකාශේ අදමයි දැක්කේ.......:r r

    හා පැටික්කිට සතුටුයි මේ පැත්තට ආපු එක ගැන. :c :c

    ReplyDelete
  15. @ නිර්මල
    බොහොම ස්තූතියි......

    අද නේද මේ පැත්තේ ආවේ සතුටුයි ඒ ගැන........ :c :c

    @ හසියා
    මගේ හොඳ අයියා.... :d
    මට නම් ඉතින් ටික කාලෙක ඉඳන් තිබුන අයියා ගනන් ගත්තේ නැහැ.

    බොහෝම ස්තූතියි මගේ අයියේ.....

    බරවැඩිකමට උස්ස ගන්නත් බෑ වගේ....... ඊටත් නිකන්යැ මගේ හොඳ අයියා කියන්නේ කැරට් ගනන් කාලෙටත් අයියා මට කිලෝ ගනන් වලින් කැරට් දෙනව. :g :d

    @ Ansh Lucky Sri Jay
    බොහොම ස්තූතියි අක්කියෝ......
    ඒ වගේම මාව පේන්න නැති උනාම හොයල බැලුවටත් බොහොම පින් අක්කියෝ...... :i :i

    ReplyDelete
  16. අසනීපය සුව අතර හැරිලා, විභාගය හිතන පතන අයුරින්ම කරගන්න අවස්ථාව ලැබෙන්න කියලා මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා...!

    බය නැතුව කරන්න නංගියා. තෙරැවන් සරණයි.

    ReplyDelete
  17. අහම්බෙන් ආපහු සැරයක් බ්ලොග් එක බලන්න හිතුනේ.. එතකොටයි කමෙන්ට් එක දැක්කේ..
    මම බ්ලොග් එක කියවල තියෙනවා නංගි.කමෙන්ට් කලේ නම් අද තමයි.
    හොඳට පාඩම් කරලා විභාගය කරන්න නංගි.. ජය වේවා..!!

    ReplyDelete
  18. විභාගයට සාර්ථකව මුහුණදිලා මේ පැත්තට එන්නකෝ ... අනිවා A3 තමා ඉතින් අපේ හා පැටික්කිට ... , ජය !!!

    ReplyDelete
  19. ඔන්න හා පැටික්කිට විභාගෙන් ජයෙන් ජයම ලැබෙන්න කියල මගෙනුත් සුභ පැතුම්!!!!
    ඔය කොන්ද පොඩ්ඩක් ගලවල පැත්තකින් තියල පාඩම් කරනවානම් තවත් හොඳයි හා පැටික්කී...
    මොකද ලෙඩ ගණන් ගත්තොත් හැමදා ලෙඩින් තමා...
    ආ එහෙම කියල ලෙඩේ ගණන් නොගෙන ඉන්නත් එපා...හික්zzzzzzzz
    ඔන්න එන නොවැම්බරය කිට්ටුවේ හා පැටික්කි A 3ක් ගත්තෙ කොහොමද කියලා අළුත් Post එකක් දානකන් අපි බලන් ඉන්නවා.........
    :t :t :t :t :t :t

    ReplyDelete
  20. ඉක්මනට සනීප වෙලා, ඉක්මනට විභාගෙ ලියලා, ඉක්මනට results ඇවිල්ලා, ඉක්මනට කැම්පස් ගිහින්, ඉක්මනට out වෙලා, ඉක්මනටම ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියෝ... :b

    ReplyDelete
  21. @ හෙළයා
    බොහෝම ස්තූතියි මගේ අයියේ...........

    බය තියනව......... :n :n මොකටද කියල මගෙ අයිය දන්නවනේ.........:s

    @ සිරකරුවොත් මනුෂ්‍යයෝ ය

    මං දන්නේ ඉතින් අයියල මොනව හරි ලියල ගියාමනේ....... :c

    ආයෙමත් බොහොම ස්තූතියි කියනව අයියා....

    @ හිඟන්නා

    මල්ලියේ මට ආයේ මේ පැත්තට එන්න බැරිවෙයි ඔහොම කිව්වොත් නම්....... :s :s

    බොහොම ස්තූතියි මගේ මල්ලියෝ.......

    @ කැන්ඩි
    බොහොම ස්තූතියි.......
    තියන්න බැරි එක තමා ප්‍රශ්නේ........ :j :j

    අනේ අම්මේ..... මං කොරගත්තු මෝඩකමක්..... :s :s

    මේ පැත්තට ඉසිසෙල්ලම ආපු එක ගැන ගොඩක් සතුටුයි........ :c :c

    @ නිශාචරයා
    අයියේ අයියගේ ලෝකබෝලේ මාර වේගෙන් කැරකෙනව වගේ......... :j :j

    බොහොම ස්තූතියි මගේ අයියේ..........

    ReplyDelete
  22. මේක පොඩි පොස්ට් එකක්නේ. පාඩම් කරන වෙලාවට පොඩි වෙනසකුත් ඕන. ඒ නිසා මේවගේ එකක් දැමීම හොඳයි. ඔය විභාගෙ ලංවෙනකොට ඔය ඉක්මනට ඉවරවෙනවනම් හොඳයි කියන එක හුඟක් අයට හිතෙනවවා. ඉක්මනින් සුවය ලබා විභාගය සාර්ථකව ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නයි මේ පැතුම.

    ReplyDelete
  23. අනේ මගේ පුංචි කෙලී...
    හා..හා.. ඔන් මම බැන්නේ නැහැ.

    ඉක්මනට විභාගේ ලියලා වරෙන් නගේ උඹ නැතිව මෙ පැත්ත හෙන පාළුයි.
    පාඩම් කරහන් කියලා බැන්නට මොකද..?පැත්ත පළාතේ නැතිවාම තියෙන පාළුව ඉහටත් උඩින්.
    කොන්දේ අමාරුව හොඳ නොවුනොත් කියලා එවනවා හොඳයි..ඛෙහෙතක් හේතක් කියලා එවන්ට.
    පරිස්සමින් ඉන්ට..

    ReplyDelete
  24. මේ පොඩි එකාට බේතක් කාරිය ගන්න ඕන.....ඩොක්ට හාවිගෙන් :m

    ReplyDelete
  25. මේ කොට කොට ඉදල කොන්දෙ අමාරුව වැඩි කරගෙන විභාගෙ අනාගන්නව එහෙම නෙමෙයි අක්කන්ඩි.... බැටේ දෙන්නම්කෝ :n

    ReplyDelete
  26. විභාගේ හොඳින් කරන්න ශක්තිය ලැබෙන්න කියලායි, ඉක්මනින් සුව වෙන්න කියලායි ප්‍රාර්ථනා කරනවා.. :b

    ReplyDelete
  27. විභාගේ ඉහලින්ම සමත් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා . බයෝ කරපු එක හොදයි මැත්ස් නොකර .

    ReplyDelete
  28. හා පැටියෝ හොඳට විභාගෙ කරල කැම්පස් යන්න බලන්න. හොඳට විභාගෙ ලියන්න ශක්තිය දහිරිය ලැබේවා. හැම ප්‍රශ්න පත්තරක් ලියන දවසටම කලින් දවසේ රෑට ප්‍රශ්න ටික හීනෙන් පෙනේවා.

    ReplyDelete
  29. @ Priyantha
    අනේ ඔව් පොඩි පෝස්ට් එකක් අයියා.......
    බොහොම ස්තූතියි අයියා.......

    @ මාරයාගේ හෝරාව
    හොඳ මාරයියා.......... :d

    අනේ ඉතින් අයිය මට බොරු කියනව නේද.......... මං නැතුවට මොකද ඕනිතරම් අය ඉන්නේ.......

    දැනට නම් හොඳයි අයියා..... ඒත් තාම ක්ලාස් වල ගියාම ටිකක් තියනව. :s බෙහෙතුත් හෙටින් ඉවරයි.....

    හොඳමයි...... :c

    @ Hasitha ජයසූරිය
    මේ මගේ මලේ විහිළු එපා........ :n

    නෑ නෑ මගේ මළයෝ..... පණ ගියත් ඒක ලියන්න එපැයි......

    @ හසී
    බොහොම ස්තූතියි අක්කියෝ.......

    @ සමීර
    බොහොම ස්තූතියි.......

    අනේ මංද මැස්සොන්ට බයෝ හොඳයි කියනව ඇහුවමත් පුදුමයි....... :j

    ඔයා අද වෙන්න ඕනි මුලින්ම ආවේ...... සතුටුයි ඒ ගැන.... :c :c

    @ විහඟිගේ සිතුවිලි
    අක්කිව දැක්කේ කාලෙකින්.......

    කැම්පස් නම් ඉතින් මේ පාරත් ආවේ ඔය...... ආස එකක් නොවෙන නිසයි නොගියේ..... :s :s
    බොහෝම ස්තූතියි මගේ අක්කියෝ....... :c

    ReplyDelete
  30. විබාගේ හොන්දට කරන්න හා පෑටියෝ..අනික ඉක්මනට සනීප වෙන්න

    ReplyDelete
  31. අපොයි මම බොරුවට කිවුවා නෙවී...
    ඇත්තටම නංගා නැති පාළුව දැනෙනවා.
    පෝස්ට් එකක් දාලා වෙනදා මම ආපහු විනාඩි පහකින් විතර බලනවා.
    අනිවාර්යයෙන්ම ඔයා මොනවා හරි ලියනවානේ.
    දැන් එහෙම නැහැ.
    ලියලා දාලා අනිත් වැඩ කරලා තමයි ආපහු ඇවිත් බලන්නේ.
    ඉස්සර වගේ ක්ෂණික ප්‍රතිචාර වලට ඔයා නැහැ කියලා දන්නවනේ.

    ReplyDelete
  32. මැස්සන්ට කවදාවත් බයෝ හොද වෙන්නේ නැ තමයි. ඒ උනාට මැත්ස් කරනකොට තිබුන ප්‍රේසර් එක දන්නා නිසා තමයි එහෙම කියවෙන්නේ නංගියෝ. ආ මම පලවෙනි පාර තමයි කොමෙන්ට්ස් කලේ .

    ReplyDelete
  33. මුලින්ම හා පැටික්කිගෙන් සමාව ඉල්ලනවා කමෙන්ටුවක් දාන්න පරක්කු වුනාට...ඉතින් හොදින් පාඩම් කරල මේ පාර ඉහලින්ම ගොඩයන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඒ ‍වගේම මේ පැත්තට පැනපු අය 100 උන ‍එකටත් මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  34. හොඳට විභාගෙ කරල පේරාදෙණි මෙඩිකල් එකට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම නංගො.. :b

    ReplyDelete
  35. අක්කන්ඩිය බිය නොවන්න! ඔබ මෙය ගොඩ දාන බව මට 100% ශුවර්....කොහොමද මගෙ ටිකිරි මොලේ :m

    ReplyDelete
  36. @ Kandulu Binduwa
    බොහොම ස්තූතියි..............

    @ මාරයාගේ හෝරාව
    අනේ අයියා.... මම එනවෙලාවටම ඔයා ලිපියක් ලියල තිබුනොත් එනව. ගොඩක් දවසට මම එනකොටමයි ඔයා ලියල තියෙන්නේ........

    තව හරියටම දවස් 36කට පස්සේ මම එනව........... :c :c

    @ සමීර
    බයෝ කියලත් වෙනසක් නැහැ අයියා........ :j

    එහෙනම් මගේ මතකේ තාම හොඳයි.......

    @ ~RaසිකyA~
    පරක්කුවක් නැහැ.......

    බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට............ :c

    @ රන්
    බොහොම ස්තූතියි එච්චර ලොකු බලාපොරොත්තුවක් නම් නැහැ. ඊට චුට්ටක් පොඩි එකක් තියෙන්නේ........ කොහොම උනත් බොහොම ස්තූතියි.....:c :c

    ඔයා අද නේද හා පැටික්කිව බලන්න මුලින්ම ආවේ ඒ ගැන ගොඩක් සතුටුයි මට....... :c :c

    @ Hasitha ජයසූරිය
    ටිකිරි මොලේ අනේ මංද ඔයා මාව තව බය කරවනව මගේ මල්ලියෝ............ :n :n :s :s

    ReplyDelete
  37. දවස් 36..මගෙ අම්මෝ..
    කමක් නැහැ ඉතින් මක්කොරන්නද..නේද..?
    පරිස්සමට වැඩ ටික කරගෙන ඉන්ටකෝ..
    ඔන්න මාරයියා හා පැටික්කිට මුළු හදවතින්ම සුභ පතනවා..හොඳේ...

    ReplyDelete
  38. ඔයාගේ සියල් බලාපොරොත්තු සපල වේවායි පතනවා

    ඉරක් වී නැගෙන්න
    ලොව අදුර මකාලන්න
    මලක් වී පිපෙන්න
    ගුණ සුවද විහිදුවාලන්න
    දොලක් වී ගලන්න
    සයුර හා සැනසෙන්න
    වැස්ස වී වහින්න
    අන් දුක සෝදා හරින්න
    විභාගෙන් ජය වෙන්න
    පතමි මම සුභ ඔන්න :m :m :m

    ReplyDelete
  39. අයියො හා පැටික්කී ඕව ගනන් ගන්න එපා...ඕවද මිනිස්සුන්ට වෙන්නේ...මේ ටිකේ ඩින්ගක් මහන්සි වෙලා ඉවසා දරාගෙන පාඩම් කරල Dr.හා පැටික්කි වෙන්නකෝ...හී...හී...හී...මගේ උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  40. Dr.හා පැටික්කි :e අක්කෙ මේක ඔයාට නියමෙට ගැලපෙනවා :f අමුනල කරල ඉකෙන්ම ගොඩයන්නකෝ :b අර කිව්ව වගේ ප්‍රශ්න ටික හීනෙන් පෙනේවා :k :r :f

    ReplyDelete
  41. @ මාරයාගේ හෝරාව
    මක් කොරන්නද අයිය පෙර කල කරුම........... :s :s

    බොහොම ස්තූතියි මාරයියේ........

    @ හසී රන්

    බොහොම ස්තූතියි......

    හරිම ලස්සනයි.....

    මේ පැත්තට ආපු එක ගැනත් බොහොම සතුටුයි..... :c :c

    @ නදුන්
    බොහොම ස්තූතියි.......

    මතක හැටියට මේ ඔයාගෙත් පළමු වතාව මාව බලන්න ආපු.... හා පැටික්කිට සතුටුයි ඒ ගැන...... :c :c

    @ Hasitha ජයසූරිය
    මල්ලියේ මම යනව යන්න....... ඔයත් එක්ක බෑ මාව ඔහොමත් නෝන්ඩි කරනවද මම අහන්නේ............ :s :s :s :s

    ReplyDelete
  42. මං කලිනුත් ඇවිත්තියෙනවා හා පැටික්කියෝ...

    ReplyDelete
  43. @ නදුන් නොහොත් Nadsa මල්ලි
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............... :j :j
    අනේ මට මතක නැහැ. සමාවෙන්න ඒ ගැන......

    ReplyDelete
  44. හා පැටික්කි බලන්න මමනම් ආවෙ අද. පිළගනීද මන්ද කැරට් අලයක් එහෙම දීලා. මට ආස හිතුනා දිගටම හා පැටික්කිව බලලා යන්න එන්න. විභාගෙත් කරනවා කිව්ව නිසා හා පැටික්කිට සුභ පතනවා ගොඩ ගිහින් අපිවත් ගොඩ දාන්න ලැබේවා කියලා. හා පැටික්කිගේ බෝනස් එක වගේ තමයි මං කරපු විෂයන්ට අනුව ලියලා ලියලා මගේ ලියන අතට බෝනස් එකක් ලැබුනා ඒ කාලේ. දැන්නම් මැල්ලුම් විතරයි ඉඳලා හිටලා ලියන්නේ.

    ReplyDelete
  45. @ Naදී
    ම්ම්ම්ම්ම්ම්............
    මං ඔයාව කොහේදි හරි දැක්ක මතක නෑනේ........ :r :r ම්ම්ම්..... බ්ලොගී අක්කිගේ ගෙදරදි වෙන්න ඕනි......... :r :r
    අපොයි ඕන කෙනෙක් ආදරෙන් පිලිගන්නව හැබැයි කන්න දෙන්නේ අමු කැරට්, කංකුං තමා......... :c :c මට තියෙන හැටියටනේ......

    බොහොම ස්තූතියි අක්කියෝ....... බලමුකො ගොඩටම යාගන්න......

    අක්කි කලේ සිංහලද????? :r

    බොහොම සතුටුයි හා පැටික්කිව බලන්න ආපු එක ගැන........ :c :c

    ReplyDelete
  46. ඉතුරු ටිකත් හොදට පාඩම් කරල A 3 අරන් කැම්පස් යන්න ඕනි හොදද හා පැටික්කියො
    සුභ පතනවා ඔයාගේ ව්භාගයට මුලු හදවතින්ම

    ReplyDelete
  47. @ PuBBa
    මට ඉන්න හිටින්න තැන් නැතිවෙයි වගේ....... :n :n

    බොහොම ස්තූතියි මල්ලියෝ............

    ReplyDelete
  48. හික්ස් බයවෙන්න එපා අලුත් හා ගුහාවක් අපි හදමු අක්කා :e

    ReplyDelete
  49. @ PuBBa
    ඔව් ඉතින් හාරන් යන්න තමා මට වෙන්නේ............... :j :j :d

    ReplyDelete
  50. එල එල හාරමු හාරමු.අපේ පැත්තේ highway හදන නිසා උදවුවට ඕනි නම් JCB එකක් එවන්නම් :e :e :e :e :e :e :e

    ReplyDelete
  51. @ පුබුදුවා

    ඕනි උනොත් මං කියන්නම්කෝ......... :a :a

    ReplyDelete
  52. හම්මේ අපටත් 8 වෙනිදයින් විබාගෙ ඊරයි... හාපැටික්කිට ඔන්න මගෙනුත් සුබ පැතුම් විබාගේ එලට ලියන්න...
    කොහොමත් මගේ ජීවිතේ වැදගත් අවස්තා වලදි මට සුබ පතපු ඔයාට සුබ පතන්නේ නැතුව ඉන්න බෑ නේ ............ !!!!!!!!!!

    ReplyDelete
  53. @ පුබුදුවා
    :n :n

    @ ලහිරු චානක
    බොහොම ස්තූතියි අයියා.......

    මේ පැත්තේ මේ මුලින්ම ආව නේද?????????
    සතුටුයි ඒ ගැන...... :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)