෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Saturday, July 24, 2010

බවු බබාලටත් උණක්.......... :( :(


ඩෙංගු ව්‍යාපෘති යන අතරේ හා පැටික්කි මෝඩ ජෝක් දානව කියල හිතනව නෙමෙයි ඔන්න කට්ටිය.........කට්ටියගේ හුරතල් බවු බබාව පරිස්සම් කර ගත්තොත් හොඳයි....කට්ටියත් මං වගේම ගෙදර බවුවොන්ට ආදරේ බව දන්න නිසය ඉතින් දැන ගන්න ලැබුන දේ කියන්න හිතුවේ.........

ඊයේ කවදාවත් නැතුව හා පැටික්කිට උක්කුන්බෝලෙගෙන් කෝල් එකක් තිබුන. දවසෙම පන්ති නිසා අමතක උනත් රෑ පංති ඇරිල ආපු ගමන් අම්මට කිව්ව උක්කුන්ට කෝල් එකක් අරන් මොකද බලන්න කියල. එතකොට තමා උක්කුන් මේ බවු බබාලට ලෙඩක් තියනව පොඩ්ඩක් දොස්තර අන්කල්ගෙන් අහල බලන්න කිව්වේ.

මේ දවස් වල බවුබබාලට හුළගෙන් බෝවෙන උනක් තියනවලු. උණ හැදිල පස්ස පන නැති වෙලා දවස් තුනකින් මැරෙනව කියල තමා අපේ පවුලේ (ඒ කිව්වේ අපේ මල්ලිගේ )දොස්තර අන්කල්ගෙන් දැන ගන්න ලැබුනේ. සමහරුන්ට නම් බඩේ අමාරුවකුත් හැදෙනවලු.

හැබැයි වාර්ෂිකව ඒ ගොල්ලන්ට නිසියාකාරව බෙහෙත් විදල තියනව නම් බයක් වෙන්න ඕනි නැහැලු. එහෙම නැත්නම් දොස්තර අන්කල්ට කියල ලෙඩේ හැදෙන්න කලින් විදින බෙහෙතක් තියනව ඉක්මනටම බවු බබාට එන්නත් කරගන්න.

ඔන්න ඔහොමයි හා පැටික්කිට මේ ගැන දැනගන්න ලැබුනේ....... කට්ටියගේ බවු වවු බබාල ගැනත් ටිකක් සෝදිසියෙන් හිටියොත් හොඳයි කියල හිතුන නිසයි හා පැටික්කි මේ ගැන කෙටි සටහන තබන්න හිතුවේ.......

මේ ගැන පොඩ්ඩක් හොයල බලන්නකෝ එහෙනම්........

20 comments:

  1. දැනුවත් කළාට බොහොම ස්තුතියි...

    ReplyDelete
  2. අනේ චෝයි බවුවෝ ටිකක්..........

    ReplyDelete
  3. බොහෝමත්ම ස්තූතියි හා පැටික්කියේ....දන්න කියන අයට අපිත් කියන්නම් කෝ....හා හා දැන් ‍ගොහින් පාඩම් කොලන්නකෝ......

    ReplyDelete
  4. සමස්ත ලංකාවාසී බව්වනි, ප්‍රවේසම් වන්න. අනතුරක් අත ලඟයි

    ReplyDelete
  5. අපේ බල්ලට නම් දොස්තර කියපු හැටියට ඉන්ජෙක්සන් සීරීස් එකම විදලා තියෙන්නේ...එව්වට ගිය ගානයි, ත්‍රීවීල් ගස්තුයි සේරම බලද්දි අපේ වල් බල්ලා රුපියක් විසි දාහකට වඩා දැන් වටිනවා....

    ReplyDelete
  6. අම්මෝ අක්කෙ වෙලාවට කිව්වෙ නැත්තන් මගෙ මල්ලිට මොකක් හරි උනොත් මම ඉවරයි :s වෙලාවට බේත් විදල තියන නිසා බය නෑ :b

    විභාගෙ අස්සෙ මේක කිව්වට තෑන්ක්ස් වෙන්න ඕන...ඒත් ඉතින් විභාගේ අත ලග අත පොත ලග :f

    ReplyDelete
  7. ආ තව එකක් අක්කේ දැන් වැඩිය පාඩම් කරන්න එපා :a පාස් පේපර්ස් කරන්න .....ඒතකොට සේරම කවර් වෙයි :m

    ඔන්න Dr.හා පැටික්කි වෙන්න බොක්කෙන්ම විශ් කරනවා :b

    ReplyDelete
  8. අර උඩම පින්තූරෙ ඉන්න බවුව නම් මරු අප්ප

    ReplyDelete
  9. @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියා.....

    @ ගීත්(සහෘදයා)
    කියල වැඩක් නෑ....... චෝයිම චෝයි........ :b :b

    @ Shadow/හේමලයා
    Its ma plesure...... :c

    @ හසියා
    හා හා මගේ අයියේ........:c
    කියන්න කියන්න.....

    @ Hasitha
    හිහ්...... ඔයා නිවේදන කටයුතු කරන්නත් පටන් ගත්තද????..... හා හා අපිට නිවේදක හසී කියලත් කියන්න බැරියැ..... :t :t

    @ Saman
    හලි හලි එයාව ඊට වඩා වටින්නැද්ද කොච්චර වල් බල්ලෙක් උනත් ලඟ තියන් හදද්දි???? :r :c

    @ Hasitha ජයසූරිය
    හ්ම්ම්...... මල්ලිව හොඳට බලාගත්තනම්........
    අනේ මංද මේ මල්ලි නම්....... :n :n :n :n

    හරියෝ....... ඒ මං ගැන ඔච්චර හොයනවට පින් මගේ මලේ....... :c :c

    අපරාදේ බොක්ක....... :d (වීලුවට)
    බොහොම ස්තූතියි..... :c

    මොකද මේ අද එක එක පාරට කමෙන්ට් ලියල???? තව මුකුත් මතක් උන්නැද්ද අතරමගදි ආයේ ලියන්න????? :d :d

    මේ එයගේ මූන ඔයාගේ මල්ලිගේ වගේමයි නේ????? මට දැක්කම එයාව මතක් උනා......... :r :r

    ReplyDelete
  10. ටිකක් ඒ වගේ :b හැබැයි මගෙ මලයගෙ පාට නම් කලුයි අලුයි :o

    ReplyDelete
  11. දැනුවත් කිරීමට නම් ස්තූතියි.. විභාගයට ලෑස්තිවෙන්න දැන්... :a
    ජය වේවා... :t

    ReplyDelete
  12. දැනුවත් කිරිම ගොඩක් වටිනවා ...

    ReplyDelete
  13. Doctors couldn't diagnose the disease. my dog died of the same symptoms :( :( :

    ReplyDelete
  14. @ Hasitha ජයසූරිය
    හ්ම්ම්...... හැබැයි මූණ නම් ඒ වගේමයි.......

    @ සිරකරුවොත් මනුෂ්‍යයෝ ය
    හරි අයියා......... මේ ලෑස්ති වෙනව........

    @ Unknown_User/හිඟන්නා
    බොහොම ස්තූතියි මල්ලියෝ......

    @pj
    oops...... m sad about dat.
    Dnt Worry. He wil Cme to U again.......

    ReplyDelete
  15. @ pj
    sorry for asking this......
    Is Ur died dog Dat dog in "Brunoe Da Doggy"????

    ReplyDelete
  16. දැනුවත් කිරිම ගොඩක් වටිනවා ...

    ReplyDelete
  17. දැන්වත් කිරීම ගැන හාපැටික්කිට තෑන්ක්ස්. මොකක්ද දන්නෑ ඔය ලෙඩේට දෙන ඉන්ජෙක්ෂන් එක. අපේ බවු පැටියටත් ඩොක්ටර් කියන හැම එකම දුන්නා. ඔය ලෙඩේට වෙනම බෙහෙතක් තියනවද?

    ReplyDelete
  18. හා හා හා පැටික්කි දැන්මම පශුවෛද්‍ය වැඩේ පටන් අරන්නේ.........

    මම අහල තියෙන හැටියට ඕකට කියන්නේ Canine distemper කියලා......
    කට්ටිය දැනුවත් කිරීම වටිනවා....
    ඕකෙ හැටියට පශ්චාත් භාගය අප්‍රාණික වීම ,සෙම තත්වය වැඩි වෙලා නිව්මෝනියාව බවට පත් වීම,ඔය බඩේ අමාරු අතුරු ආබාධ බොහොමයයි.
    තව රෝග ලක්ෂණ විදියට උණ කෑම නොකා සිටීම කියන්න පුළුවන්...
    අවාසනාව කියන්නේ කැන්ඩිගේ ලොකුම ලොකු බලුරාලට ඔය එන්නත විදල තිබුනත් ඕක හැදිල නැති වුනා............
    කැන්ඩිගේ පශු වෛද්‍යතුමී කිව්ව විදියට ඔය බෙහෙත විද්දට බොහෝම සුළු ප්‍රතිශතයකට ඔය ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැහැලු...
    මොකද ඉතින් බෙහෙත විද්දෙත් එයාමනේ...
    එයාට කියන්න බැහැනේ බෙහෙත විද්දේ නැහැයි කියලා...
    මොනවා කරන්නද දුක තමා...
    හොඳම දේ තමා පාරේ ඇවිදින බලුරාලලා එක්ක ගෙදර ඉන්න බලුරාලට බජනෙට යන්න නොදී සිටීම.
    මොකද ඕක බෝ වෙන්නෙ බිඳිති ආසාදනය,තව ආසාදිතයෙක් ස්පර්ශ වීමෙන් ,අදාල විෂබීජය අඩංගු ආහාර ජලය ශරීර ගත වීමෙන්ලු.
    කැන්ඩි හිතන විදියට කවදාවත් ඇවිදින්න ගියේ නැතත් කැන්ඩිගේ බලුරාලට ඕක වැලඳෙන්න ඇත්තේ කැන්ඩිගේ බලු රාලගේ කූඩුව ළඟ එලියෙ තියෙන එයාගේ කෑම එක කන්න ආපු පාරේ යන බලුරාල කෙනෙක්ගෙන් වෙන්න ඇති කියලා.....
    තවත් කිව්වොත් ඕක වෛරසයක් නිසා ඇති වෙන රෝගයක්ලු..
    ඒක නිසා හැදුනාම ටිකක් සුව කරන්න අපහසුයිලු...

    ReplyDelete
  19. @ Ansh Lucky Sri Jay
    බොහොම ස්තූතියි අක්කි.....

    @ Priyantha
    ඩොක්ටර් නම් කිව්වේ අයියා බෙහෙත් අඛන්ඩව එන්නත් කරල තියනවනම් අවුලක් නෑ නැත්නම් තමා වෙනමම බෙහෙතක් තියනව එන්නත් කරගන්න කිව්වේ........

    @ කැන්ඩි
    හපොයි නෑ දැනගත්තුදේ කියන එක හොඳයි කියල හිතුන ඒකයි.

    මගේ ලිපිය වගේ දෙගුනයක් දැනුවත් කලාට ස්තූතියි........ ඔයාගේ බලුරාල ගැනනම් දුකයි........

    දොස්තර අන්කල් කිව්වේ බජනේ නිසාම කියල නෙමෙයි..... අනේ මංද මට ඒ ගැන හොයන්න තරම් වෙලාවක් නැති නිසයි මෙහෙම ලිපිය ලිව්වේ........

    බොහෝම ස්තූතියි අපිව තවත් දැනුවත් කරාට. :c :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)