෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, July 27, 2010

අපිත් අර කියන විදියෙ සිංහලයොද???????


කොහොමද කට්ටියට......
මාතෘකාව දැක්කම මොනවද හිතුනේ???????????

බොහොම කෙටි ලිපියක් ලියන්නයි හිතන් ආවේ. සාමාන්‍යයෙන් කියන්නේ සිංහලයට ඕනම දෙයක් උපරිම මතක දවස් 7යි කියලනේ. ඒත් ඉතින් අපි එහෙම වෙන්නේ මොකටද. කට්ටියත් එහෙම නෑ නේද????

කියන්න ආවේ ඔය ගැන නම් නෙමෙයි. මේ ඉතින් රඹුටන් ,මැන්ගුස් එහෙම හැදෙන කාලේනේ...... (චී චී ඔහොම කෙළ ගිලිනවද මං අහන්නේ....... ඔය ඔය ශිහ් පොඩ්ඩක් අහල ඉන්නකෝ මේක.......)කට්ටියම හොඳ රසට දමන් ඔව්ව කන කාලෙනේ.

හැබැයි ගොඩ දෙනෙක්ට යමක් අමතක වෙලා අර සමහරු කියන සිංහල ගතියට. හා පැටික්කි මේ ගහන බයිලේ මොකක් කියලද හිතන්නේ??????

පාරේ යනකොට වටපිට බිම බැලුවොත් පෙනෙයි කට්ටියට මේ ගැන........ මොනවද "මාරයාට නව නිවාස........" (මේ අපේ අහිංසක මාරයියට එහෙම නෙමෙයි ඕන්....)

කට්ටියට මතක රඹුටන් මැන්ගුස් කන්න විතරයි. කාපු තැනම ලෙල්ල බිම දමල යනව. ආන් එව්ව තමා ඩෙංගි මාරයාට ලැබෙන නවතම නිවාස..... මං අද පයින් එද්දි තැන් දෙක තුනකම විසික් කරල දමපු රඹුටන් ලෙලි දැක්ක නිස අපේ කට්ටියටත් මතක් කරොත් හොදා කියල හිතුන......... ඔව්වයෙත් වතුර පිරෙන බව අමතක වෙලා ගොඩ දෙනෙක්ට.( පාරවල් අපිරිසිදු වෙන එක කොහොමටත් ගනන් ගන්නේ මේ රටේ කීයෙන් කීදෙනාද.)

ඒත් ඉතින් ඔව්ව රස කර කර කෑවා වගේ නෙමෙයි කට්ටිය මතක තියා ගන්න මාරයාට නිවහනක් නොවන විදිහට ඒවායේ ලෙලි බැහැර කරන්න......... තමං නොකර ඉන්නව වගේම ලඟ ඉන්න කෙනෙක් උනත් ඒ වරද කරනව නම් ඒ ගැන කියන්න......... වත්ත පිටිය පිරිසිදු කරනව වගේම මේ වගේ පොඩි දේවලුත් වැදගත් බොහොම...............



මතකයි නේද?????
රස කර කර කාල විතරක් බෑ.................
.......................................................................................................................................................................
[ප.ලි
මං මේ කම්පනා කරේ මේ යන විදියට මගේ මේ බ්ලොග් කෙරුවාව සැප්තැම්බර් මාසෙන් ඉවරයිනේ............ තේරුන්නැත්නම් බලන්නකෝ "මගේ එකතු කල කැරට්" ලිස්ට් එක...........]

45 comments:

  1. වටිනා උපදෙසක්...
    විභාගයට ලෑස්තිවෙන ගමන් මෙවැනි පණිවිඩ මගින් දැනුවත් කිරීම ගැන සතුටුයි..
    ජයෙන් ජයම පතමි...

    ReplyDelete
  2. ඇත්ත.......ස්තුතියි මතක් කරලා දුන්නට....අපි කොයිතරම් නම් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටක පුරවැසියන් වුනත් කියන කනගාටුයි විනය අතින් නම් අපි අන්තිමයි....:(....

    ReplyDelete
  3. ඒක ඇත්ත. ඩෙංගි මරන්න කියුබාවට බෑ. :P

    ReplyDelete
  4. පුංචි වුණත් හරි කචල් රඹුටන් ලෙල්ල
    ඌයි ඌයි කෑවා නේද ඩෙංගු මදුරුවා :)

    ReplyDelete
  5. කාටවත් මීටර් වෙන්නෙ නැති දෙයක් හා පැටික්කි ඔයා මතක් කලේ.
    බොහොම තැන්කු

    ReplyDelete
  6. මට නං මීටර් උනේම එක දෙයයි..
    අර මට අහිංසක කියලා කියපු එක විතරමයි...
    කවුරු හරි ඔය මට ඔහොම කිවුවමයි..
    නගේ කට ඇරහං මැංගුස් ගෙඩියක් ගිල්ලවන්න...

    ReplyDelete
  7. රඹුටන් ගස්වලට බී ටී අයි බැක්ටීරියාව ගහල බලමු,,
    රඹුටන් ලෙලි නැතිව හදන්න පුලුවනිද කියල බලමු,,,
    මෙම ස්තානයේ රඹුටන් ලෙලි ගැසීම තහනම් කියල බෝඩ් ගහමු,,,,
    තව ලස්සනට "රසට රඹුටන් කෑවට ලෙලි දැම්මොත් රසට ගුටි "කියලත් දමමු බෝඩ් එකක්,,,
    තව ජෑම් බෝතල් වාගෙ ඒවයෙ රඹුටන් දමල විකුනමු...

    ReplyDelete
  8. @ සිරකරුවොත් මනුෂ්‍යයෝ ය
    බොහොම ස්තූතියි අයියා.......
    අමතක වෙලා වැඩේ අනාගන්න කලින් කියල තිබුනම කාටවත් දොස් කියන්න ඕන නෑනේ අයියා.......... :r

    @ Shadow/හේමලයා
    ඒකනම් ඇත්ත අයියා.......... ඔක්කොටම කලින් මිනිස්සුන්ගේ බ්‍රේන් වොශ් කරන්න වෙනව........:j

    @ හෙළයා
    ඔව් ඔව් ඒ උනාට ඩෙන්ගි මරන්න අපිට පුලුවන්.............. :d නේද මගේ අයියේ?????????

    @ Hasitha
    ශහ් මරුනේ....... :t :t
    ඔතන පුංචි උනත් හරි"ම" කචල් කියමුද????? :r
    බොහොම ස්තූතියි හසිත......

    @ PuBBa
    මගේ මීටරේ තාම හොඳා ඒ කියන්නේ......:c

    බොහොම සතුටුයි හා හා පුරා කියල මේ පැත්තේ ඇවිත් යන්න ආපු එක ගැන......... :c :c

    @ නිපු
    හ්ම්ම්....

    ඔයත් අද නේද මේ පැත්තට ආවේ බොහොම සතුටුයි ඒ ගැන........ :c :c

    @ මාරයාගේ හෝරාව
    පොත්තත් එක්කද?????? :r හිකිස්....... :d

    අනේ ඉතින් අයියා දැහැමෙන් සෙමෙන් ඉන්න මාරයෙක්නේ....... ඉතින් අහින්සකයි නොකිය කොහොමෙයි.......... :c

    @ indi
    අයියා කාලෙකින් ඇවිත්.......
    ගහට ගහල වැඩක් නෑ....
    ඒක ප්‍රායෝගික මදි.....
    ඊලඟ දෙක නම් නාකම නෑ......
    හැබැයි පිළිපදින්න කවුරුත් ඉඳීද මංද........
    අන්තිම එක නම් ඉතින් කරනවනම් කරන්න පුලුවන් හොඳ අදහසක්................. :b

    ReplyDelete
  9. මම බ්ලොග් කලාවට අලුත්.ඒත් ඉතින් හා පැටික්කිව නොදන්න කෙනෙක් ඉන්නවද?එල කිරි සහ ජලය වගේ හැමදාම ඉන්නම් ඔයාගේ බ්ලොගිය එක්ක...... :b

    ReplyDelete
  10. බොලේ.. මේ හාවුන්ට තියෙන ඇස් අපිට නෑනෙ. තෑන්ක්ස් මතක් කලාට. අදම ඇක්ෂන් එකක් ගන්නවා.

    ReplyDelete
  11. එල කිරි අයිඩියා පාර ඒත් වෙලාවට අපේ ගහේ රබුටන් ටිකට වැඩේ දීල ඉවරයි. මාත් ඉතින් ගොනා හින්ද ඕක හිතුවෙ නෑනෙ අක්කෙ. හෙට බලන්න ඕන ලෙලිටිකට මොනවද වෙලා තියෙන්නෙ කියල :k

    බලන් ගියාම අක්කගෙ ටිකිරි මොලේටත් මරු මරු අයිඩියාස් එනවනෙ...එල එල ඔහොම යන් :e

    ReplyDelete
  12. ඔව් කතාව සම්පූර්ණයෙන් ඇත්ත !
    :b
    මම කාපුවගේ ලෙලි ටිකනම් තාම dustbin එකේ
    :r hiks

    ReplyDelete
  13. අනේ මට මීටර් වුනේ රඹුටන්වල foto එක විතරයි, ලෙලි නම් පරෙස්සමට අස් කරන්න බැරියැ, එක රඹුටන් ගෙඩියක්වත් ලැබෙනව නම්... :(
    ( නංගා, Good message anyway)

    ReplyDelete
  14. වැදගත් පණිවිඩයක්. හැබැයි අපේ මිනිස්සුන්ට කන්න ගියාම ඕව මතක නෑ.
    අනිත් එක අර සැප්තැම්බර් කතාව. සැප්තැම්බර් වල ඉඳල Count down එක Count up කරමු.

    ReplyDelete
  15. රහා වැටුනම මොන ලෙලිද ??? :k , මොනා උනත් මතක් කරපු එක නම් ලොකු දෙයක් ....

    සැප්තැම්බරේ කතාව වෙනස් කරන්න පුලුවන්නේ අක්කෝ ....

    ReplyDelete
  16. කාලේකට එන රඹුටන්, මැංගුස් වලින් කරනවට වඩා හැමදාම උයන්න ගන්න පොල් කට්ටෙන් පටන් ගත්තා නම් මීට වඩා හොඳයි නේද....

    ReplyDelete
  17. මැංගුස්, රඹුටන් පොතු ඇරලා විකුනන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නියෝගයක් පනවනවා නම් හොඳයි නේද හාවෝ....

    ReplyDelete
  18. නියම උපදෙසක්.. ඕවා මතක් වෙනවයැයි කනකොට.. දැන්නම් මතක තියාගන්නවා..

    ReplyDelete
  19. මම ඊයෙත් රඹුටන් කිලෝ එකක් කෑවා

    ReplyDelete
  20. මට ඉරිසියයි... රබුටන් නැහනේ මෙහේ....

    හා පැටික්කි කිව්ව දේ නම් වටිනවා... අර මාර අයියට අහිංසකයි කිව්ව එක ඇරෙන්න හික් හික් ( එයිද දන්නේ නැහ මාරය මේ පැත්තෙ ආයෙත් හික් හික් )...

    ReplyDelete
  21. @ PuBBa
    මාත් ඉතින අලුත් තමා මාස 5කටත් අඩුයි තාම....... මාව දන්න කෙනෙක් ඉන්නවද මල්ලියෝ??????? :j

    බොහොම ස්තූතියි මල්ලියෝ........

    @ charmi
    ඕක තමා ඩොට්ටර් අංකල්ල කැරට් කන්න කියන්නේ........ :d
    බොහොම ස්තූතියි සහෝ(අයිය /මල්ලි ).......

    @ Hasitha ජයසූරිය
    තනියම කෑවනේද අපිටවත් නොදී......... :s :s
    හ්ම්ම්... ඕක තමා ඉතින් මතක ඇතුව බැලුවද????? :h

    නෑ නෑ ටිකිරි නෙමෙයි හා මොළේට මල්ලියේ........ :c

    @ Shenya de Silva
    හ්ම්ම්........... හොඳ ලමයෙක්........... :t :t

    @ චේජනා
    අක්කිට කොයින්ද රඹුටන් නේද........
    මටත් තාම කන්න තහනම් විභාගෙලුනේ ඉතින් ඔව්ව හොඳ නෑලු....... :s

    අක්කි අද නේද මේ පැත්තේ ආවේ????? බොහොම සතුටුයි ඒ ගැන............. :c :c

    @ Praසන්ன
    ඔව් අයියේ........ අඩුගානේ දෙතුන් දෙනෙක්ට හරි මතක් වෙයි කියල හිතලයි මේ කෙටි මතක් කිරීම කලේ....

    බලමු නේද........ කොහොමටත් ඔයාලව දාල යන්න බෑ දැන්....... :j :j

    ReplyDelete
  22. @ හිඟන්න
    රහ වැඩි වෙන්නේ ඉතින් ඩෙංගිය බෝවෙල ජීවිත අරන් ගියාම. :h

    හ්ම්..... බලමු මල්ලියෝ......... :r

    @ Saman
    එව්ව ගන දැන් කාගෙත් අවදානේ තියන නිසයි මේ ගැන මතක් කලේ.......

    නියෝගේ කිරියාත්මක වෙයි ලබන රඹුටන් වාරෙට......... හුහ්... ලංකාව දන්නැත්ද.......

    @ හසී
    හොඳ අක්කි..... යාළුවොන්ටත් මතක් කලොත් තමා හොඳ........... :c :c

    @ Chanaka
    ෆූ මකරෝ............
    තනියම කන එක නලකයි..... මහ ලොකුවට සත්තු හැමෝම ගැන බලනවලු ඒ උනාට අපිට ලෙල්ලක්වත් නෑ......... :s :s :s :s


    @ පිස්සා පලාමල්ල
    ඒකනේ........ මොනව කරන්නද අයියා........

    මාරයිය සමහර දාට නම් ඇවිත් යනව. ඔය ඉතින් නාක පුරුදු තිබුනට මාරයියා අහිංසකයි නේ........ ඒකයි එහෙම කිව්වේ........ :k

    ReplyDelete
  23. ලොකූඌෟෟෟෟෟ අයියෙක්.

    ReplyDelete
  24. මට මතක හැටියට අද තමා මේ පැත්තට ආපු පළමුවැනි දවස..
    මේ දවස්වල කට්ටියට ඒ ගැන මතක් කරලාදීපු එක වටිනවා..
    ජයවේවා!!!

    ReplyDelete
  25. ඔයාව දන්නෙ නැත්තෙ කවුද අප්පෙ?????

    ReplyDelete
  26. @ Chanaka
    :h :h :h :h

    @ Charmi
    ෆූඌඌඌ............ ඔච්චර ඇද්ද.............ල ලොකු අයිය කියන්න අමාරුයි මට....... :r :r
    මං අන්කල් කියන්නම් එහෙනම්........ :m :m
    හිහ්...... (විහිලුවට කිව්වේ ලොකු අයියේ...... :d)

    @ sampathjt
    බොහොම ස්තූතියි..........
    බොහොම සතුටුයි මේ පැත්තේ ඇවිත් යන්න ආපු එක ගැන........... :c :c

    @ පුබුදුවා
    ඒ මල්ලි මේ මලු පොටෝ එක.............:b :b
    නම වෙනස් කරන් මොකද?????

    මාව දන්න අය නෑ පප්පේ........ හිකිස්...... :e

    ReplyDelete
  27. පොඩ්ඩක් වෙනස් වුනා.හොදයි නේද නමයි ෆොටෝ එකයි.පප්පා ඒකත් මලු හික්ස් :o

    ReplyDelete
  28. හා පැටික්කි දස්සි.....බොහොමත්ම ස්තූතියි නංගියෝ අඩුපාඩුව පෙන්වල දුන්නට....මාත් ඔය වැරැද්දම කරලාතියේ....ඉදිරියට වෙන්න දෙන්නේ නෑ නෑමයි....
    (පොස්ට් එක දැක්කේ දැන්.....)
    හොදට පාඩම් කරන්න නංගියෝ.....

    ReplyDelete
  29. @ පුබුදුවා
    හොඳයි හොඳයි පප්පේ........ :q :q හිකිස්......

    @ හසියා
    මේ ප්‍රශ්නයක්....... මම මොනවටද දස්සි?????? :j :j

    ආයේ කරන්න හදන හැම වෙලේම මාවත් මතක් වෙලා මට බනීද දන්නෑ නිදහසේ ලෙල්ලක් විසික් කරන්නවත් මේ කෙල්ල හන්ද දැන් විදියක් නෑ කියල........... :d :d

    හ්ම්ම්ම්ම්ම්ම්..........

    @ කැන්ඩි...
    හ්ම්ම්.....

    ReplyDelete
  30. රහ දැනුනම මොන ලෙලිද?
    ඒත්...........
    මරණයද...? ලෙලිද....?

    නොහිතපු පැත්තක් මතක් කලාට බොහොම ස්තුතියි!!!

    ReplyDelete
  31. පොටෝ ටික දැක්කම පෙරේතකමේ බෑ.ආයි කවද රබුටන් කන්න හම්බ වෙයිද කවුද දන්නෙ. කවද හරි කන දවසට මතක් කරල ලෙලි විසික් කරන්නෙ නෑ ඕන්. විභාගෙට ජය.:r

    ReplyDelete
  32. ගොඩක් වටින උවදෙසක් මයේ නගෙ..

    (නගා දැන් පාඩම් වැඩ හොඳින් කරනව ද? නගාට ඔය කඩුල්ල ඉහළින්ම පැන ගන්න ලැබේවා කියල ඉත සිතින් පතනවා. ගොඩ කාලෙකින් කිසිම බ්ලොග් එකකට ගොඩවෙන්න බැරිවුණා නෙව. අර සැප්තැම්බරයෙ කතාව මොකක්ද කියල හිමිහිට කියවල බලන්න ඕනෑ. දැන් ඉතින් රාජකාරියට දුවන්න වේලාව හරි වගෙ...ඔන්න එහෙනම් අයිය දිව්වා........................>)

    ReplyDelete
  33. මේ මොකක්ද මේ මම හිතන්නේ මම දැකපු ජරාම බ්ලොග් එක.

    ReplyDelete
  34. hmmmmmmmmm ape anagatha paramparawa gana sathutui me wage blog dakkama....

    Para pura kunu nathi parawal heenayak wena ekak ne anagathayedi bahutharaya mehema hithanawa nam..

    Nish

    ReplyDelete
  35. @ jeewani
    ඒක ඉතින් මරණයද ලෙලිද කියල තීරණය කරන්න තිබුන අපි දමන ලෙල්ලේ හැදෙන මදුරුව අපිට විතරක් විදිනව නම්.......:j

    බොහෝම සතුටුයි මේ පැත්තේ ඇවිත් යන්න ආවට...... :c:c

    @ නෙලාන් දයාරත්න
    මතක තියෙවිනේ ආයේ කන දිනකට........:d

    බොහොම ස්තූතියි....

    @ sansarasidu
    මගේ අයියා දැක්ක කල්........
    බොහෝම ස්තූතියි මගේ අයියේ....
    පරිස්සමෙන් කල්පනාවෙන් දුවන්නේ. මඟ දිගට දන්නවනේ....... :c

    @ Anonymous
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට......
    මේක ජරා නම් ඔයා ආයේ මේක නොබල ඉන්නකෝ එහෙනම්...... :c

    @ Nish
    අනේ මංද එක්කෙනෙක් එකක් කියනකොට අනිත් කෙනා තව එකක් කියනව............:j :j
    කැමති දෙයක් ලියන්න පුලුවන්නම් ඇනෝ කෙනෙක් උනත් හිතෙන දේ ලියපුවාවේ නේද........

    බහුතරය ඔව්ව ක්‍රියාත්මක කලොත් හොඳා....... නේද......?????
    මේ පැත්තේ ආපු එක ගැන බොහොම සතුටුයි......:c :c

    ReplyDelete
  36. හා පැටික්කියො විභාගෙ නේද?හොදට ලියන්න ඕන හොදද?සුභ පතනවා ඔයාට මම විභාගෙ හොදට කරන්න

    ReplyDelete
  37. ඉස්සෙල්ලත්කිව්ව වගේ හා නගාට මේ කඩඉම ඉහළින්ම පැන ගන්න ලැබෙන්න කියල මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය !

    ReplyDelete
  38. අද විභාගේ නේද? හා නගාට මේ කඩුල්ල ඉහලින්ම පැන ගන්න වාසනාව හා ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  39. අද තමයි මේ පැත්තෙ ආවෙ... වැදගත් පණිවිඩයක් දීල තියෙන්නෙ...
    විභාගෙටත් සුබ පතනව... ජය වේවා!!!

    ReplyDelete
  40. A/L විභාගෙ නේද හා පැටියො? හදිසියෙම දුවගෙන ආවෙ සුභ පතල යන්න. එහෙනම් ඔන්න සුභ පැතුම්..... හොදට ලියන්න.. :)

    ReplyDelete
  41. හාවිට මගෙනුත් විභාගෙට සුබ පැතුම් !!!!

    ReplyDelete
  42. @ පුබුදුවා
    බොහෝම ස්තූතියි මල්ලියෝ........ :c

    @ Sansarasidu
    බොහෝම ස්තූතියි මගේ අයියේ....... :c

    @ Priyantha
    අයියත් ආවද.....
    අනේ බොහෝම ස්තූතියි අයියේ....... :c

    @ indik
    ආදරෙන් පිළිගන්නව ඔයාව........ :i

    බොහෝම ස්තූතියි අයියා......:c

    @ චන්දික
    මගේ අයියත් දුවන් ආවද?????????
    ඔයාට තාමත් විභාගද??????

    බොහෝම ස්තූතියි මගේ අයියේ........ :c

    නිපුන
    ස්තූතියි අයියා...... :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)