෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, August 24, 2010

අපි දෙන්නත් බ්ලොග් අවකාශෙට..........

මං ගැන ඉතින් ඔය කවුරු කවුරුත් දන්නවනේ........ මේත් ආසාවට කරපු පුංචිම පුංචි වැඩක්.......

අභාගේ තිබුන කාලේ තමා මගේ කාමරේ ලඟ තියන පුවක් ගහේ මයින අම්ම බිත්තර දමල පැටවු ආවේ...... අනේ ඉතින් ඔන්න මටත් පැත්තකට වෙලා ඉන්න බැරි නිසා ඒ වගේ එකක් දැක්කම මගේ පැපරාසි වැඩේට බැස්ස.........
කලින් තරම් ලේසි උන්නෑ මොකද පුවක් ගහක උඩ හරියේ කියන්නේ පොඩි උසක්යැ....... ඒ උනාට මේක දැකල අහක බලන් ඉන්නයැ....... කොහොම හරි ජනෙල් උඩ නැගගෙන ෆොටෝ ටිකක් ගත්ත.......... බලන්නකෝ ඒ අය ලස්සනයිද කියල..........

ඔය මුලින්ම ඉන්නේ වැඩිමලා........ හරිම චන්ඩියා....... අනිත් කෙනාට කන්න නොදී අම්ම ගේන ඔක්කොම මුලදි කෑවේ මෙයා තමා........

මෙයා මුලින්ම වැටි වැටි පියාඹපු දවසේ මං පොඩ්ඩක් කතා කරල අතට අරන් ආදරේ කරා................ ඒත් ඉතින් ෆොටෝ එකක් ගන්න තරම් කාලයක් එයාව මං ලඟ තියා ගත්තේ නෑ...... :( :( මොකද අම්මයි තාත්තයි එහෙම උනා නම් මෙයාව ඉක්මනටම ගෙනියන හන්ද........





මේ ඉන්නේ අනිත් පැටිය...... පෙනුමෙන්ම පේනවනේ අරයගේ කෑමේ ප්‍රථිපල........

මෙයා ටිකක් ලැජ්ජ කාරය........ මාව දැක්කම ගුල ඇතුලට රිංගනව....... ඒ උනාට මං ගනන් ගනීද එව්ව........ හුහ්......




ඕන් බලමුකෝ අම්ම කෑම ගේන වෙලාවට ලොකූ පොඩීව පස්සට දාල කන්න ලේස්තිවෙන හැටි............
(අම්ම කවන එකක් ගත්ත ඒක මයේ අතින් හදිස්සියට මැකුන ආයේ ගන්න කොච්චර ට්‍රයි කරත් බැරි උනා සොරි වෙන්න ඕන.......)



මේ දෙන්නම කෑම පරක්කු මොකද කියල මඟ බලන් ඉන්න වෙලාවක මගේ පැපරාසි නෙතට අහු උන හැටි........

මෙහෙම ඉන්නකොට කෑම ගෙනල්ල අම්මයි තාත්තයි බනිනව කියන්නේ මාර බැනිල්ලක්......... සමහරවිට ඒ දෙන්න අම්ම තාත්ත නැතිව තනියම ඉන්න වෙලේ එලියට ඇවිත් හිටිය කියල වෙන්නැති බනින්නේ..........


පැටවු දෙන්නෙක් තාමත් වත්තට එනව....... මේ දෙන්නමද කියල නම් හොයා ගන්න බෑනේ...... ඒ උනාට මෙයාල වෙන්නැති කියල හිතුන මොකද අපිට බය නැහැ........

තව මයින ජෝඩුවක් ආයේ කූඩුව අලුත්වැඩියා කරනව මේ දවස් වල......... ගිරා පවුලක් ගේ බලන්න ආවත් මේ ගොල්ලෝ කොහොම හරි ඒ අයව එලවනව....... අපරාදේ මට ගිරා පවුලක් බලන්න තිබුන චාන්ස් එක නැති කරනව ඒ ගොල්ලෝ............


අහ්...... නැන්දල මාමල කට්ටියම අපිව බැලුවනම් අපි ගැනත් හිතුන දේ කියල යන්නකෝ තරහ නැතුව........
එහෙනම් නැන්දල මාමල හැමෝටම බායි කියනව ඔන්න අපි........









ප/ලි
ෆොටෝ නම් හොඳ තත්වයෙන් නෑ....... ජනෙල් උඩ එල්ලිගෙන මල් ලීයේ තියෙන පුංචි හිලක් අස්සෙන් ෆොටෝ එකක් ගන්නව කියන එක සෙල්ලම් නෑනේ........ ඒක නිසා ඒ ගැන සමා වුව මැන.......

83 comments:

  1. හ්ම් මමත් ඔය වගේ වැඩක් කරල 4tos තුන් පාරක් අරන් තියනවා. පළවෙනි පාර සුඛාන්තයක්. ඒකෙ පෙන්තූර මගේ fb එකේ දාල තියනවා. දෙවෙනි එක ඛේදාන්තයක්. එකෙ පින්තූර මගේ blog එකේ දාලා තියනවා. තුන් වෙනි එක දෙවෙනි එකටත් වඩා ඛේදාන්තයක්. ඒකෙ පින්තූර මගේ blog එකේ ඉදිරියට දැමීමට නියමිතයි. මොනව කරන්නද? සොබාදහමේ හැටි.

    ReplyDelete
  2. අමා‍‍රූ උනත් පැපරාසි වැඩේ නියමෙට කරල තියෙනවා. පොටෝ ටික ලස්සනයි.

    ReplyDelete
  3. නියම පැපරාසි වැඩේ.. :e

    ReplyDelete
  4. @ කාංචන දිනූක
    මං ඔයා බ්ලොග් එකේ දාල තිබුන එක නම් කියෙව්වා.......
    මේක නම් සුඛාන්ත...... ඉස්සරම එකක් උනා දුඛ්කාන්ත ඒත් එතකොට මං ගත්තු ෆොටෝ ටික අයිය කොම්පීතරේ ෆෝර්මැට් කරද්දි මැකුන.........

    ඊලඟ එකත් දාන්නකෝ........

    හ්ම්ම්....... පරිසරය රසවිදිනව නම් ඉතින් ඔය වගේ ඒවා ඕන තරම් හොයා ගන්න පුලුවන්............

    @ Ansh Lucky Sri Jay
    Thanx akkiyaa...... :c

    @ Praසන්ன
    ලස්සන උනාට හරියට ෆ්‍රේම් එකට නැහැනේ අයියා.......
    බොහොම ස්තූතියි....... :c :c

    @ ගීත්
    කවුද???? :j :j

    @ Anonymous
    ඔයා මෙච්චර කල් දාපු කමෙන්ට් මං ගණන් ගත්තේ නෑ...... ඒ ඔය වගේ වැඩ කරන අයට තියෙන්නේ මානසික අපහසුතාවක් කියල මම දන්න නිසා........

    ඒත් ඉතින් තමන් ගැන තේරුම් ගන්න. ඇනෝ කෙනෙක් විදියට මේ තැන් වල පෙනී හිටියත් හැබෑ ජීවිතේදිත් ඔය ගතිය මතු වෙනකොට ඇනෝනිමස් කෙනෙක් වෙන්න බෑනේද?????

    ඔයත් එක්ක රංඩු වෙන්න වත් ඔයාට පලු යනකම් බනින්න වත් මට උවමනාවක් නෑ..... මේ ටික කිව්වෙත් මොකද ඔයත් මනුස්සයෙක් නිසා ඉදිරියට මේ වගේ වැඩ කරන්න කලින් ටිකක් හිතයි කියල.......

    @ හසී
    බොහොම ස්තූතියි අක්කියා...... :c :c

    ReplyDelete
  5. අඩේ අක්කෙ ඔයා කිව්වමයි මටත් මීටර් උනේ...මගෙ ජනේලෙ ගාව තියෙන වෙරලු ගහේ ඔය විදියට මයින්නු පැටව් දාල තියෙනව..දැන් හත් අට පාරක් විතර..දැනුත් අලුත් පැටව්.....මාත් පොඩි පහේ පැරරාසි වැඩ කෑල්ලක් දාන්න ඕනෙ :b

    ReplyDelete
  6. @ Hasitha ජයසූරිය
    පරිස්සමෙන් මගේ මල්ලියේ...... කරදරයි කියල හිතුනොත් ඉතින් ඔක්කොම හබක්........

    එහෙනම් පැපරාසි වැඩේ කරල බලන්නකෝ තියෙන අමාරුව.....
    එක ශොට් එකක් ගන්නත් පැය භාගයක් විතර බලන් ඉන්න ඕන ලේස්ති පිට.................. :b :b

    ReplyDelete
  7. පැපරාසී වැඩේ නම් හොදටකරලා තියනවා..පරිසමෙන් ඔය උඩ නගින්නේ...

    ReplyDelete
  8. නියමයි නගෝ, හැබැයි පරිස්සමෙන් ඔය අවදානන් වැඩ කරනකොට, බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට ඕං . . . !

    ReplyDelete
  9. පළපුරුදු පැපරාසියෙක් වුවමනා කර තිබේ!
    සුදුසුකම් ඇති අය වහාම විමසන්න...
    හාවන්ට මුල් තැනක් දෙනු ලැබේ.


    (අප්පොච්චියෝ හා නගා ඒ පාර පැපරාසි වැඩේට සෙට් වෙල....
    අනේ නගෙ ඔය මක්ක කළත් කමක් නෑ... පරිස්සමට හොඳේ... පින්තූර ටිකයි විසතරෙයි නම් පංකාදු පහයි.. )

    ReplyDelete
  10. නියම පින්තූර ටිකක් නොවැ හා පැටික්කියෙ! ඩිස්කවරි වගේ චැනල් එකකට යැව්වනං හොද ජොබ් කට්ටකුත් ගොඩදාගන්න තිබුනා...:o:o:o

    ReplyDelete
  11. ලස්සණ වෑඩෙ හා පෑටික්කි.කාමරෙ ගාව ඔයවගේ කුරුලු කුඩුවක් තියනවනම් ඒක හිතට සෑහෑල්ලුවක්.හරි බොරුද මම කියන්නෙ?

    ReplyDelete
  12. අපොයි මේ හා පැටික්කගෙ තියෙන දාංගලේ. ජනේලෙ කඩාගෙන වැටුනනම්? එහෙම නැත්තන් ජනෙල් පොළු අස්සෙ කන් දෙක හිර වුණානම්?

    ඒක නෙවෙයි අර මයින පැටියට කතා කරලා අතේ තියං හිටියා කිවුව නේද ? එයාට කතා කළේ කොහොමද?

    ReplyDelete
  13. @ ඉළංදාරියා
    බොහොම ස්තූතියි අයියා........ :c
    ප්‍රශ්නයක් නෑ........

    @ දුමී
    හලි හලි පලිස්සමෙන් තමා.......... :c
    අනේ මංද මේ අයියල.........
    බොහෝම ස්තූතියි ඇවිත් යන්න ආවට.......

    @ Sansarasidu
    අයිය නම් ජොබ් එක දෙන්නේ මං එනව......... :b

    ඉස්සර ඉඳන් සත්තුන්ගේ පැපරාසි වැඩේ කරා..... හැබැයි සුළුපරිමානෙන්.....
    හා පලිස්සමෙන් තමා...... :c

    බොහොම ස්තූතියි මගේ අයියේ.......

    ReplyDelete
  14. @ blog gadol
    තන්කූ කිව්ව ඕන්........
    මේ ඩිස්කවරි චැනල් එක අයියගේ බාප්පගෙවත්ද?????

    @ පුබුදුවා
    ඔව් ඔව් හිතට නම් සැහැල්ලුයි........
    ඒ උනාට උදේ 5.30ට විතර ඒ කට්ටිය පටන් ගන්න එලාම් එක තමා ඉවසන්න අමාරු............

    ස්තූතියි මගේ මල්ලියෝ.......

    @Chanaka
    1)ජනේලේ වහල...... උඩ තට්ටුවේ ජනේලේනිසා සහ ජනේලේඇරල තිබුනම ඒගොල්ලෝ එන්නෑ........
    මයින අම්ම අපිට බනිනව එතකොට..........

    2)ජනේලේ පොලු නෑ...... :p :p

    ඒක ඉතින් මං දන්න බාසාවක්....... මං සත්තු එක්ක කතා කරන බාසාවක්.......... :c

    ReplyDelete
  15. කුරුලු ලෝකෙටම උරුම සුන්දරත්වය.ගොඩක් ලස්සනයි...
    හැබැයි ඇසින් දැකලා තෙවෙනි ඇසේ සගවා ගැනීමට පමණයි...උන්ගේ ලෝකයට හානි කරන්න අපිට අයිති නෑ...
    :m

    ReplyDelete
  16. අනේ මන්ද මේ කුරුල්ලෙක් ආසාවටවත් ඔලුවක් එලියට දාන්නෑනෙ :h

    ReplyDelete
  17. @ Tikirimalee
    Thank U.....
    අදනේද මේ පැත්තේ ආවේ ආදරෙන් පිළිගන්නවා....... :c :c

    @ .::| පොජ්ජේ |::..
    අපොයි ඔව්........ ඒක එහෙමම තමා......

    අදනේද මේ පැත්තේ ආවේ සතුටුයි ඒ ගැන හා පැටික්කිට....... :c :c

    @ Hasitha ජයසූරිය
    අයියෝ මගේ මලේ මිනිස්සුන්ගේ ෆොටෝ ගන්නව වගේ බෑ...... :a :a
    පැය ගානක් බලන් ඉඳල එලියට එන වෙලාවල් නෝට් කරගන්න.....(අම්ම කෑම ගේන වෙලාව තමා හොඳම.....)
    ඊට පස්සේ ෆුල් රෙඩි පිට ඉන්න ඕනි හැබැයි ඒ ගොල්ලන්ට කරදරයක් කියල නොදැනෙන්න..... නැත්නම් වැඩේ හබක්.... අම්ම ළමයි ටිකත් අරන් යයි යන්න........ :d

    ReplyDelete
  18. වැඩේ අතාරිනව අක්කෙ...මේක ගන්න හෙනම කට්ටක් කන්න වෙනව...අනික මන් පිස්සු කෙලින්න් ගිහිල්ල අම්මල පැටව් අරන් ගියොත්.......අනික අපේ අම්ම කිව්ව ඔහොම මිනිස්සු ලන් උනාම පැටවුන්ට වහ ගෙනත් දෙනව කියල.......අම්බෝ :s

    ReplyDelete
  19. @ Hasitha ජයසූරිය
    හ්ම්ම්...... ටිකක් පුරුදු වෙනකම් ලඟපාතම හිටියොත් නම් ඒ අයට ඔයාව ගානක් නැතුව යනව....... මගේ සිස්ටම් වලින් එකක් ඒක......... :b

    කෝකටත් හොඳයි අපි ඊලඟ පාර බලමුකෝ මගේ මල්ලියෝ......... :g නාඩ ඉන්න දැන්..... :d

    මං දන්න වහ කතාවනම් මිනිස්සු ලඟ කූඩු වල හැදෙන මයිනොන්ට පිට අය වහ ගෙනත් කවනව කියල........ :r

    ReplyDelete
  20. උත්සහය අගය කරනවා...
    ලකුණු 99% (අත් වැරදීමකින් ඡායාරූපයක් මකා දැමීම නිසා ලකුණු 1 ක් කපා හරින ලදී).
    ඇත්තටම හොඳ ඡායාරූප පෙළක් සහ සටහනක්...
    හැබැයි බෙල්ල කඩා ගන්නේ නැතුව ඕන දෙයක්...
    (අපිට බැහැ කැරට්, උඳුපියලිය, කංකුං උස්සගෙන පශු වෛද්‍යවරු හොයන්ඩ යන්න)

    ReplyDelete
  21. sorry.ආයෙ එහෙම වෙන්නෙ නෑ.

    ReplyDelete
  22. @ jeew
    බොහොම ස්තූතියි........ :c :c
    මටත් ඒ ගැන හරියට දුක හිතුන...... මොනව කරන්නද කැමර එකේදිම මැකුනනේ....... :s :s

    හලි හලි......... මේ මං ඉන්නේ හොඳට...... ;b :b

    @ Anonymous
    මේ ඇත්තටම කලින් කෙනාම නම් , මේක කිව්වේ ඇත්තටම නම් ඔයා හරිම හොඳ කෙනෙක්........ :r

    ReplyDelete
  23. හා පැටික්කි දක්‍ෂ පැපරාසියෙන් නොවැ. අදනේ දන්නේ. ඔන්න අපිට බේරගන්න කියන්න එපා මයින ප්‍රහාරයක් එල්ල උනොත්.
    හා නගා ගොඩක් මහන්සි වෙලා ෆොටො ටික අරන් මේ පොස්ට් එක දාල තියෙන්නේ. හොඳ උත්සාහයක් ගොඩක් සාර්ථකයි.

    ReplyDelete
  24. වැඩේ නම් නියමයි.හැබැයි ආයෙ එහෙම අර ජනෙල් උඩ නගින්න යන්න එපා.ජනේලෙන් බිමට ඉර්දි වුනොත් එහෙම අපට කියවන්න බ්ලොග් ලියන්න හා පැටික්කියෙක් හොයන්න වෙනවනේ.......හික්zzzzzzzzzzz
    නියමයි......
    :t :t :t :t :t :t :t :t :t :t :t

    ReplyDelete
  25. පැපරාසි ජොබ් එක නියමෙටම කොරල නේ... හි හි මේ දවස් වල ඒ ලෙවලුත් ඉවර නිසා ෆුල් ටයිම් ජොබ එකට බැහල වගේ...

    තව මේවගේ අහු වෙන ඒවා දාමු නේ

    ReplyDelete
  26. හරිම අසාධාරණයි..මම දන්නෙත් නෑ මේ ලිපිය.අනේ මන්ද ලිපි හුගක් මට මඟ ඇරුනා මේ දවස් ටිකේම. :j :j :j :j :j

    ම්ම්ම්ම්මම් කමක් නෑ කියමුකෝ.
    හ්ම්...ඇති කොන්ද නොකඩන් බේරුණා.මොනාවුනත් ලක්ෂණ පිංතුර ටික.කොයි රූප පොතෙන්ද කැපුවේ හැබැටම.... :e :e

    ReplyDelete
  27. එල!!!!!! ලමයට හොද ඉවසීමක් තියෙනව වගේ........

    ReplyDelete
  28. @හසියා
    අඩේ බන් අයියෙ මටත් ඔය ටික වෙනවනෙ බන් :s

    ReplyDelete
  29. හා පැටික්කියෙ, කැරට්, උඳුපියලිය, කන්කුන් නම් නෑ මං ලඟ දෙන්න... ඒත් නියම ජොබ් එක... මම කවද හරි පටන්ගන්න ගජබින්න ටයිම්ස් පත්තරෙන් තීරුවක් අනිවා දෙන්නම්කො....

    ReplyDelete
  30. @ Priyantha
    හී.......... :e
    මයිනො එහෙම නරක නෑ.......
    බොහොම ස්තූතියි අයියා.........

    @ කැන්ඩි
    ආහ් මේ මං ඉර්දි උනොත් ඇතිවන ප්‍රශ්නේ මරු........ :h
    බොහොම ස්තූතියි සහෝ....... :c

    @ පිස්සා පලාමල්ල
    තැන්කූ අයියා....... :c
    නෑ මේ ටිකේ අත් හැරුනු ලිපි කියෙව්ව...........

    @ හසියා
    කවුද දැන් ඇස් හතරක් දාලත් නොපෙනෙන එකට වග කියන්න ඕනේ????? :j :j

    බොහොම ස්තූතියි අයියා.....
    ශ් ශ්......... මගේ රූප පොතෙන් කැපුවේ..... පරිස්සමෙන් අම්මට ඇහෙයි...... :i

    ReplyDelete
  31. @ nish
    බොහෝ දුරට........ :e :e

    @ Hasitha
    ආයේ කියන්නත් දෙයක්යැ ඒක......... :d

    @ ඉසුරු
    ඒකත් ඉතින් කතෘ මහතාගේ ගජබින්නයක් නේ........ :p :p
    අපි අහුවෙයි ඔව්වට........

    මුලින්ම ආවේ අද නේද සතුටුයි ඒ ගැන...... :c :c

    ReplyDelete
  32. අනේ මේ... මේක සිරාම පත්තරයක්.... ඔන්න මං මයිනගෙ අතේම එවන්නම්කො ඇප්ලිකේෂන් එකක්... :d :d

    ඔව් අනේ, අදමයි මේ හා පැටික්කිව දැක්කෙ, (මං කිව්වෙ බ්ලොග් එක හොඳේ...) දිගටම කියවන්නම්... හොඳ හොඳ පෝස්ට් එලි වෙන ජාමෙට කියල බ්ලොගර් අයිය කියල තියෙනවලුනේ.... :p :p :p :p

    ReplyDelete
  33. @ ඉසුරු
    මෙයා නම් ගජබින්න ලෝකයක්............ :k :k
    හා හා එවන්නකෝ.......
    :p
    ඔව් ඔව් මං එලිවෙනජාමෙට දාපුව බැලුවොත් තේරෙයි හොඳේ......... :a :a

    ReplyDelete
  34. ඒ භාෂාව අපිටත් කියල දියෝ

    ReplyDelete
  35. හෙ හේ.... දිගටම බලන් ඉන්නකො.... ඊලඟට කියයි, ගජබින්න විශ්වයක් කියලා... හික්ස්!! :b

    කෝ ඉතින් එලිවෙන ජාමෙ දාපු පෝස්ට් නෑනෙ? :f

    ReplyDelete
  36. @ Chanaka
    හොඳට හිටී........ :h :h

    @ ඉසුරු
    ඔව් ඔව් එහෙම තමා ඔය කොලුවා....... :p :p

    ඇති ඉස්සෝ............. (ඕකනේ ඉතින් කෙටි නම....) :d :d

    ReplyDelete
  37. මං දන්නෙ නෑනෙ හාවොන්ට දිවැස් තියෙනව කියලා?? කෝමද ඒ නම දැනගත්තෙ? :b :b

    හාකො හාකො... පෝස්ට් එකක් හොයාගන්න බැරි වුනොත් එකක් ලියල හරි තිබ්බ කියන්නම්කො!! :r :r

    ReplyDelete
  38. @ ඉසුරු
    ඕක ඉතින් ඕන ඉසුරු කෙනෙක්ට පොදුයිනේ........ :b :b

    හ්ම්ම් හ්ම්ම්....... පුලුවන් නම් කරන්නකෝ...... :q

    ReplyDelete
  39. ඇත්තට ඔවු නෙ? ඒක තමයි ඕනම ඉසුරු කෙනෙක් අනිත් අයට වඩා විෂේශ වෙන්නේ... :b :b

    කොරන්න පුලුවන්... ඒත් ඔයාගෙ බොලොග් එකේ මට පෝස්ට් දාන්න විදියක් නෑනෙ අප්පා... :s

    ReplyDelete
  40. @ ඉසුරු
    හරි හරි ඉස්සො........ :p :p

    ඒකතමා පුලුවන්නම් කරන්න කිව්වේ පිස්සෝ........ :q :q

    ReplyDelete
  41. අපේ ගෙදර ගරේජ් එකේ පොල්කිච්චචො නං කූඩු හැදුව ඒ දවස්වල කැමරාවක් තිබුනෙ නෑනෙ. ඊළඟ පාර බලමු.
    ඒ නෙවෙයි හාවියේ ඔයාගේ කැමරාව මොකද්ද?

    ReplyDelete
  42. ඔයාගෙ කලින් පෝස්ට් එකට කමෙන්ට් එකක් විදිහට ඔයාට දැනගන්න ඕන දේවල් දැම්මා. ඒක දැක්කෙ නැත්තං කියලයි මෙතනත් ලිව්වෙ. ජය...

    ReplyDelete
  43. හාකො හාකො... මේ හා පැටික්කි එක්ක කතා කරලනම් දිනන්න බෑ වගේ... මං කියන්නද? අපි දෙන්න රේස් එකක් තියමු... හාවො රේස් වලින් පරදිනවලුනෙ? මේ පාර එහෙනම් ඉස්සෙක් එක්ක රේස් එක යමු නේ?

    ReplyDelete
  44. එළ ෆොටෝස් ටික... හැම බ්ලොග් එකේම වගේ ගොං කතා දාන්නෙ නැතුව තමන්ගෙම දෙයක් දැම්ම එකට මම ගෞරව කරනවා... තවත් හොද පෝස්ට් දාන්න වාසනාව හා ශක්තිය ලැබේවා

    ReplyDelete
  45. @ කුම්භකර්ණයා
    FUJIFILM, FinePix A500
    තව විස්තර ඕනිද මංද.......

    කට්ටියම ෆොටෝ ගන්න හිතනව හලි අපූරුයි......
    හරි අයියා මම ඒක බැලුවා.
    බොහොම ස්තූතියි......... :c :c

    @ ඉසුරු
    ප්‍රශ්නයක් ඉස්සට ගොඩ ඉඳල පුරුදුද????? :j
    හික්......හික්.... :P

    ReplyDelete
  46. @Hero තමුසෙට හිතක් පපුවක් නැත්ද ඕයි? අම්මෙක් අප්පෙක් නැත්ද? අනුන්ගෙ බ්ලොග් වල මේ වගේ දේවල් දාන්නෙ? ඇනෝ ආවත් බොරු නමකින් ආවත් තමුසෙගෙ ඔය වචන සෙට් එකෙන් තමුසෙට කොන්දක් නෑ කියලා අඳුරගන්න පුලුවන්.

    @හා පැටික්කි, ඔය මනුස්සයව ස්පෑම් මාක් කරන්න. මුලින්ම මගේ බ්ලොග් එකේ ඔය වගේ දෙයක් දාල තිබුණ ඊලඟට කණියගෙ... දැන් ඔයාගෙ බ්ලොග් එකෙත් ඇනෝ කෙනෙක් විදියට දාල තියෙන්නෙ ඔය උඩින් ඉන්න Heroම තමා...

    ReplyDelete
  47. අපිට ඉතින් ගොඩ මඩ දෙකම ඔට්ටුයිලුනෙ.... මේක නිකන් ඉස්සෙකුත් නෙවෙයිලුනෙ!! හික්ස්!! කවද්ද රේස් එක තියන්නෙ?

    ReplyDelete
  48. @ ඉසුරු
    මංද මල්ලියේ........

    ඒක කරන විදිය කියනවද මගේ මල්ලියෝ.........

    ReplyDelete
  49. @ ඉසුරු
    කිරි ඉස්සෙක් කුරුටු ඉස්සෙක්????? :q :q
    ඉස්සොන්ට දුවන්න පුලුවන් උන දවසක තියමු....... කොහොමද මගේ අදහස..... :b

    ReplyDelete
  50. ඔන්න එහෙනම් අක්කියෝ, http://blogger.com ගිහින්, එතන තියෙන Comments කියන ලින්ක් එකට යන්න. ගිහින් එතන තියෙන ලිස්ට් එකේ ඒ මනුස්සයෙගෙ කමෙන්ට් එක තෝරල Spam කියන එක කරන්න, ඔන්න කණිය අයියෙ, ඔයා කියල දුන්නු මෙතඩ් එකෙන් මම තවත් බ්ලොග් කරුවෙක්ව මේ අධමයගෙන් බේරගත්තා....

    මේකෙන් හම්බෙන පින් වලින් බාගයක්ම කණිය අයියගෙ එකවුන්ට් එකට බැර වේවෝ.....:b :b

    ReplyDelete
  51. හි හී.... මොන ඉස්ස වුණත් මට හොඳට දුවන්න පුලුවන්ලු... :f "f හික්ස්!!! මේ, මගේම ජාතියෙ වුනත් ඔය ඉස්සො කැටගරීස් ටික මමවත් අහල නෑනෙ? කට්ටියට දැනගන්නත් එක්කම කියමුකො බලන්න?? ඉස්සො වර්ග ටිකක්? :q :q

    ReplyDelete
  52. @ ඉසුරු
    දෙන්නටම පින්........

    මං කිව්වේ ඉස්සෙක් දුවන දවසට බලමු කියලා....... ඔයා දුවන දවසට නෙමෙයි......

    අපි ඉගෙන ගත්තේ ඔය වරිග දෙක විතරෝ........

    ReplyDelete
  53. පිං සියල්ල ගිණුමට බැර කරගන්නා ලදී... :c :c

    හාකො හාකො... මොකටද ඉතින් වැඩිය අහගන්න ගිහින් වරිගෙ නහගන්නෙ? කමක් නෑ කමක් නෑ... බූවල්ලො සාස්තර කියපු එකේ ඉස්සොන්ට දුවන්න බැරි වෙන එකකුත් නෑ.... හික්ස්!! :p :p

    ReplyDelete
  54. තනියම??????

    ඒකත් ඇත්ත...... හැබැයි ඉස්සෝ දුවන දවසට මට මතක් කරන්න මල්ලියෝ....... :k :k :p :p

    ReplyDelete
  55. නෑ නෑ... කණිය අයියටත් බාගයක්ම දුන්නා... :e :e

    ඉස්සො දැනටමත් දුවනෝ.... හැබැයි ගොඩ නම් නෙවෙයි... දියේ...
    :m :m

    ReplyDelete
  56. හෙ හේ... ඔන්න මම කාර්යාලයීය මට්ටමෙන් මගේ ඊලඟ පෝස්ට් එකෙන් ඒ පින් ටික කණියගෙ ගිණුමට බැර කරනවා හොඳේ... නැත්නම් හා පැටික්කි තරහ වුණොත්...

    ReplyDelete
  57. මොකද්ද කිව්වේ????
    මං නැතෝ ඕවට....... :a :a

    ReplyDelete
  58. අයියෝ... මම ඒ පෝස්ට් එක ලියලත් ඉවරයි... තව ටිකකින් දාන්නම්... අපේ එළ මැක්සා ට්‍රිප් එකක් ගැන...

    ReplyDelete
  59. අම්මෝ මල්ලිනම් එද්දි ටිකක් වෙලා ගියා සොරි වෙන්න ඕනි... හා පැටික්කිගෙ වැඩේනමි නියමයි.. ඒක කවුරුහරි නොකියා ගියානම්
    පොර වැඩක්නෑ...(හීරෝ වගේ කිව්වට වැඩකුත් නැහැ).. හා පැටික්කිට මේ පොඩ්ඩා මල්ලි සුභ පතනවා හද පතුලෙන්ම.. ආ... ගිරා පවුලටත් අහල පහලින්ම ගේ පොඩ්ඩක් ලැබෙන්න කියලත් මම ප්‍රර්ථනා කරනවා...!!!

    ReplyDelete
  60. @ ඉසුරු
    :b :b :b :b

    @ පොඩ්ඩ මල්ලි
    ඒකට මොකද මල්ලියෝ........

    බොහොම ස්තූතියි මල්ලි......
    ගේ පොඩ්ඩක් ලඟපාත නෑනේ......:s :s :s :s

    ReplyDelete
  61. හාවොත් පැපරාසි වෙලා නොවැ අබුද්දස්ස කාලේ. හැබැයි දක්ස හා පැපෙක්. හොද අනාගතයක් තියනවා. බලන් ඉන්ට පොඩි පොඩි පැටව් කන්ට කුරුලු ගොයි, සරපයි එහෙමත් එන්ට ඉඩ තියෙනවා.... :c

    ReplyDelete
  62. @ ඉසුරු
    :q :q

    @ හිරුප්‍රභා
    බොහොම ස්තූතියි.....
    ඒ ගොල්ලො කිසිම කරදරයක් නැතුව ගියා........

    මේ පැත්තේ හා හා පුරා කියල ආපු එක ගැන සතුටුයි මට........ :C :C

    ReplyDelete
  63. ඇයි බය වුනාද ඒ භාෂාවෙන් හා පැටික්කිටත් කතා කරලා හා පැටික්කිව රවට්ට ගනියි කියලා :k

    අනේ ඒ භාෂාව කියල දියෝ.

    ReplyDelete
  64. @Chanaka
    වැඩිදෙයක් නැහැ......
    අපි ඒගොල්ලන්ට පෙන්වන විශ්වාසයයි, ආදරයයි........
    එතකොට ඒ අම්මල උනත් අපි එයාලව ඇල්ලුවට මුකුත් කියන්නැහැ........ :d :d

    ReplyDelete
  65. විස්තර නං ඇති හා නගේ ඉතුරු ටික ජංජාලෙන් හොයා ගත්තා. ඕක ගත්තෙ කීයකටද, කොහෙන්ද, කොයි කාලෙද කියල කියන්න පුළුවන්ද?

    ReplyDelete
  66. ගාන නම් මතක නැහැ......
    ගත්තේ මං O/L කර අවුරුද්දේ..... ඒ කියන්නේ2005ද කොහෙද......
    ගෙන්න ගත්තෙ නම් දන්න අන්කල් කෙනෙක් ජපන් ගිය වෙලාවක්.....

    ReplyDelete
  67. නියමයි... ඇත්තටම ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
  68. කිවුවහම මොකෝ මමත් හරිම ආසයි සත්ව ලෝකයෙ අසිරිය විදින්න. 75GB විතර HD වීඩියෝ එකතුවක් තියෙනව. රට රට වල සත්වයින්, මුහුද යට අසිරිය ........ "ටොරන්ට්" ඩ්වුන්ලෝඩ් කරන්න දන්නවනම් දෙන්නම් ලින්ක් ඕන තරම්......

    ReplyDelete
  69. ලංකාවෙ සත්තු ගැන තමයි හරි හැටි විඳින්න පුලුවන් වැඩසටහන්ක් නැත්තෙ. ඉස්සර ගස් ගල් ගානෙ ඇවිද ඇවිද ලේන්නුන්ට වහ වැටිල හිටිය කාලෙකුත් තිබුන.
    ඒත් දැන් ඒ නිදහස "යහපත් ආර්තික තත්වයක් සහ පවුල" යන කරුණු වලින් ඇහිරිලා ගිහින්...

    ReplyDelete
  70. @ හා පැටික්කි: :( වෙන්න එපා. අවස්ථාවක් ලැබෙයි.:)

    ReplyDelete
  71. පරිස්සමින් හොදද ඔය ටාසන් ද අපේ ග‍ර්ල් සීන් රග පාන්නෙ ජනෙල් වල එහෙම එල්ලි ලා...:b

    ReplyDelete
  72. ‍‍@ කැළණිතිස්ස
    බො‍හොම ස්තූතියි.....

    ‍මේ පැත්‍ ‍තේ ආ එක ගැනත් සතුටුයි....... :c

    @ කංචු
    දැන ගන්නට ලැබීම සතුටකි.....
    මම ඒ ගැන දන් ‍නේ නෑ අයියා....... :s

    මම නම් වහ වැටුන ගමන්මයි.....
    ‍මේ පැත්‍ ‍තේ ආ එක ගැනත් සතුටුයි....... :c :c

    @ පොඩ්ඩ මල්ලි
    හ්ම්..... බලමු ‍නේ...... :r

    @ පැන්da
    හා හා....... :c :c

    ReplyDelete
  73. ආරංචියක් ආවා අද නගාගේ උපන් දිනේ කියලා.
    ඒක එහෙමනං ඔන්න මාත් සුභ පතනවා නගාට කැරට් උඳුපියළිය කංකුං වලින් පිරුණු සුභම සුභ අනාගතයකට..
    සුභ උපන් දිනක් නගේ..!

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)