෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Saturday, September 18, 2010

කිසිත් කල නොහැකිව අසරණ වූ මම........



අහිංසක වු මලානික දෙනෙතින්
ජීවිතය ඉල්ලා කරනා අයාචනය
දෙනෙත් තිබුනද
නොදකිනා මිනිසුන්.....

තැවුනු ඔබ සිත හඬමින්
මුවින් නගනා විලාපය
සවන් තිබුනද
නොඇසෙනා මිනිසුන්.......

දැලෙන් වට කර සිටිමින්
සිතා මහ ජයක් ලැබූ බව
මිනිස් යයි කීවද
හදක් නැති නොමිනිසුන්.......

අකුලා ගෙන දැලින් ඔබ
මරණයට ගෙන යෑමට
ඔබ කල එකම වරද
මහ මඟ උරුමව සිටීමම පමණකි..........


කිසිත් කිරීමට කොහැකිව
අසරණ වූ මම
සිතින් තැවෙනු මිස කඳුළු සලමින්
කරන්නට හැකි එකම දෙය
පතන්නම් යලි බවයක
මෙවන් දුකක් නැවත උරුම නොවනට..........


23 comments:

  1. අපිට ඔහොම දෙයක් වෙනවා බලාගන ඉන්න බැරි උනාට මේක බලු මසුත් කන ලෝකයක් අක්කේ

    ReplyDelete
  2. හේතුවට නැතුව ඵලයට වෙදකම් කරනකම් ඔහොම තමයි ඉතින්
    දුක තමයි රංජනී කිව්වලු

    ReplyDelete
  3. මොනවා කරන්නද හා පැටික්කියේ? දුක තමයි

    ReplyDelete
  4. මට මුකුත්ම කියන්න බැහැ නංගියේ..
    මම දැන් මස් මාළු කන මිනිහෙක් හින්දා..
    ඔන්න මට අවුරුදු දහ හතරක් වෙනකල්..ඒ කියන්නේ මම ඒ දේවල් නොකාපු කාලේ මෙක දැක්කනං මම මොනවා හරි කියන්න තිබුණා.
    ඒත් දැන් බැහැ.මට කුහකයෙක් වෙන්න බැහැ.

    ReplyDelete
  5. හැමදාම අපව හිනස්සන හා නගා..... අද.....

    කවි සටහන නම් හරිම සංවේදියි...
    ඒත් නගේ ඔය ප්‍රශ්නෙට ඇත්තටම උත්තරයක් තියෙනවද...
    ඔය බලු පැටවුන් පුස් පැටවුන් පාරට ගෙනත් දාන්නෙත් අපිම නේද???

    ඊට පස්සෙ අර භීතිකාවට, මේ භීතිකාවට බයේ ඒ අහිංසක සත්තු ටික මරල දානවා...

    මනසින් උසස් කියන මිනිස්සු මේ වගේ තිරිසන් වැඩ කරන්නෙ ඇයිද මන්දා....

    නගාගෙ සංවේදි සිතට මගේ ආචාරය....
    අද කාලේ ඔය වගේ සංවේදි හිත් තියෙන අය අඩුයි නගේ....

    ReplyDelete
  6. අනේ මන්ද අක්කෙ..........ඔය වගේ වෙලාවට අපි කොච්චර අසරණද :S

    ReplyDelete
  7. සංවේදී සටහනක්...
    ලියන්න දේවල් ගොඩාක් හිතට ආවා...ඒත් ලියන්න ගත්තොත් ඒක ලිපියක් වේවි...ඔලුවට ආව සිතුවිළි ටික ලඟදීම පෝස්ට්කරන්නම්...
    සංවේදී හදවතට මගේ ස්තූතිය!!!
    ජයවේවා!!!

    ReplyDelete
  8. හ්ම්....තවත් සත්‍ය දුක්බර කතාවක්....මොනා කරන්නද හා පැටික්කියේ ඉතිං....හැමොම හා පැටික්කිලා වගේ හිතන්නේ නෑ නේ....

    ReplyDelete
  9. සමාවෙන්න හා පැටික්කි මෙහෙම කියනවට. මටත් ඔය ගැන මුකුත් කියන්ඩ බැහැ. බල්ලො අල්ලන්නේ මරලා කන්ඩ ගන්න නං ඒක ඒ රටවල සම්ප්‍රදාය. ලංකාවේ අපි හරක් මරන්ඩ පව් හින්දා කුකුල් මස් කනවා වාගේ. මටත් පිලිපීන් යාළුවෝ ඉන්නවා බලු මස් කන. හැබැයි මං තාම එවුන්ගේ නවාතැන් වලට ගිහින් නැහැ. ගියොත් අපිටත් කන්ඩ වෙයි... ඉස්තරම් බලු මස්...

    ReplyDelete
  10. ඒත් එක්කම කියන්ඩ ඔනේ.. අද මගේ ගෙදර රජ කරන්නේ රෑ දොළහට විතර මහ වැස්සකට අහු වෙලා හොඳටම තෙ‍මි තෙමි, මැක්කෝ කිනිතුල්ලෝ තුවාල ඇඟ පුරාම පුරෝලා තියෙද්දි මං උස්සන් ආපු චූටි ම චූටි බැල්ලි පැටියා 'බට්ටි' යි, එයාගේ දුව 'චූටි බට්ටි' යි, එයාගෙත් දුවයි පුතයි 'විස්කි' යි 'බ්‍රැන්ඩි' යි තමයි. පොඩි නැහැ... බලු පරම්පරා තුනට දවසට හාල් කිලෝ එකයි....

    ReplyDelete
  11. හා නගාට මේව පෙනුනට බොහොමයක් අපේ අය මේවගේ වෙලාවට අන්ධයෝ. මේ නම් ලංකාවේ වෙන්න බෑ. එත් ඉතිං මෙහේ වෙන්නේත් ඕකම තමයි. දැන් නම් මරන්නේ නෑ මම හිතන්නේ. එත් මේ සතුන් මේ වගේ පාරට එන්න හේතු වෙලා තියෙන්නේත් අපේම ක්‍රියාවන් නේද? දැන් මේ සතුන් බෝවීම වලක්වන්න ඔන තරම් අවස්ථාව තියනවා. එත් කවුරුත් ඒ ගැන් උන්නදු වෙනවා අඩුයි. අවසානයේ කාගේත් වැරදි වලට අහිංසකයෙක් වන්දි ගෙවනවා. නගා මීට කලිනුත් මේ කරුණ ගැන කියලා තිබුනා මතකයි. නැවත් නැවත කියන්න වෙලා ඇත්තේ මේවා නවතින බවක් නැති නිසානේ. ගොඩක් සංවේදී සටහනක්. අපිත් පුළුවන් ආකාරයට මේ සතුන්ට වන හිංසා අඩු කරන්න දායක වෙමු. අවම වශයෙන් අප දන්න අය දැනුවත් කිරීමෙන් වත්.

    ReplyDelete
  12. හ්ම්........ අවාසනාවට තවත් එක් සත්‍ය කතාවක් :s

    ReplyDelete
  13. @ පුබුදුවා
    ඒක නම් ඇත්ත මල්ලියෝ..........

    @ Sithuwilimandiya
    ඔව් ඒත් දැන් නම් ටිකක් සැත්කම් කරන එක කරනවා.....

    @ Blog gadol
    අනේ මංදා අයියා....

    @ මාරයාගේ හෝරාව
    එහෙම උනාට අයියා අපි මේව ගෙන හිතන එක වැරදිද????
    ඊටත් ලංකාවේ ඔය මාංශ අනුබවය නවත් වන්න නම් ඉතින් බැරි වෙයි.........

    @ Sansarasidu
    බොහොම ස්තූතියි මගේ අයියා.....
    ඒක තමා අයියා.....
    මිනිස්සුම තමා එයාලව අසරණ කරන්නේ...... :h
    මිනිස්සු ලංග දැන් මනුස්ස කම් නෑ අයියා.......

    @ Hasitha ජයසූරිය
    ඔව් මල්ලියෝ.....

    ReplyDelete
  14. හොදට ලියාලා නෙව සහෝදරී...ඕන් රත්ගමයා මේ පැත්තට ඔලුව දානවා අද ඉදලා..........:b

    ReplyDelete
  15. උපරිමයි නගෝ කවිය නම්, :t :t
    සවන් තිබුනද
    නොඇසෙනා මිනිසුන්...

    පෙනුනත් නොපෙනුනා වගේ යන ඇහුනත් නො ඇසුනා වගේ අය මිනිස්සු අතරේ අපිත් අතරමං වෙනවා.මේ වගේ සටහනක් ලියන්න හිතුව ඔයාට මගේ ආචාරය.

    ReplyDelete
  16. @ සම්පත්
    බොහොම ස්තූතියි අයියා......

    ලියන්න අයියා.....
    ම්ම්ම් බලන්න මගඇරුනොත් තරහ නැතුව මතක් කරන්න අයියා......

    @ හසියා
    හ්ම්.......
    ඒත් හිතන්න බැරිකමක් නෑ නේද මගේ අයියා????

    පැන්da
    හ්ම්ම්........

    @ Jeew
    හ්ම්ම්...... ඒ ගැන නම් ඉතින් අපිට මුකුත් කියන්න බෑ තමා අයියා........
    අක්කිගේ තනියට ගොඩක් අය ඉන්නවනේ.....
    එයාල තමා විශ්වාස වන්තම අය......

    @ priyantha ඒ බී
    හ්ම්ම්.....
    මං දැක්කෙ නම් මේ අපේ ලඟ පාරකදි අයියා......
    මරන්නැත් නම් ඉතින් හොඳයි.........
    ඔව් අයියා කවුරුවත් පොඩ්ඩක් හරි මේ ගැන හිතනව නම් මෙහෙම වෙන්නෑ කියලයි මටත් හිතෙන්නේ......

    බොහොම ස්තූතියි අයියා......

    @ ජේ.ඩී
    හ්ම්ම්ම්............... :s

    ReplyDelete
  17. @ Ansh Lucky Sri Jay
    ඔව් අක්කියා......
    මටත් කියවුනේ ඕකම තමා......

    @ - ර ත් ග ම යා --(IRu ලියනගේ)
    බොහොම ස්තූතියි සහෝ......

    ආදරයෙන් පිළිගන්නවා හා නිවහනට....... :c :c

    @ පබලු
    බොහොම ස්තූතියි අක්කි.......
    අපි අවට ඉන්න බොහොමයක් අය ඔය කිව්වා වගේ අය තමා....
    හැබැයි මේ බ්ලොග් අවකාශෙ නම් මට ඔහෙම අය මුණගැහිල නෑ........

    ReplyDelete
  18. නෑ නංගියේ මම ඇහුවේ උඩ තියෙන පින්තූරය ගැන. අර දෙන්නෙක් බල්ලෙක් නෙට් එකකින් අල්ලන එක.

    ReplyDelete
  19. මිනිස්සුත් බල්ලො ගානට ගනන් ගන්න රටේ මේ වගේ දෙයක් ගැන හිතන සංවේදී හදවතට මාත් සුබ පතනව.

    ReplyDelete
  20. පස්සෙනෙ දැක්කෙ ගිය පෝස්ට් එක.
    පරක්කු වෙලා හරි වෙරි හැපි බ' ඩේ එකක් කියනව ඕං.
    (පහුගිය දවස්වල මගේ නෙට් අප්සෙට් එකක් තිබුණ. ඒකයි අවුල උණේ.)

    ReplyDelete
  21. @ priyantha.ඒබී
    ආ ඒක නෙට් එකෙන් හොයා ගත්තු එකක් තමයි අයියා......

    @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියා.......

    අනේ පරක්කු උනාට කමක් නෑ අයියා....... අපි නොදන්නවද නෙට් වල හැටි......
    බොහොම ස්තූතියි අයියා...... :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)