෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, September 26, 2010

දඟ කරන සඳ එළිය.....



මොනවද සුදු මහත්තයෝ ඔහොම බලන් ඉන්නේ........

දොල දියේ හඬම පමණක් වූ නිහඬතාව මම බිදීමි......... ඔහුගේ මුවේ සිනහ රැල්ලක් මැවෙනු මගේ කම්මුලට දැනුනි........ වල ගැසෙන කම්මුල් මම හිතින් මවා ගත්තෙමි..........

දන්නවද....???

මම දොල දිය පහර දෙස යොමා සිටි නෙත් දෙක ඔහු වෙත යොමු කලෙමි......... පුංචි සිනා රැල්ලක් ඇඳුන මුව, දිලිසෙන නෙත් දෙක........ එය මට අම්මා එනතුරු මඟ බලා උන් දරුවකුගේ මුවෙහි අම්මා දුටුවන ඇති වන සතුට සිහි කරවීය.

මම ඔහු හඬ අවදි කරන තුරු බලා උන්නෙමි.......
ඔහුට පිටුපා වාඩි වී සිටි මාගේ බඳ වටා දෑත යැවූ ඔහු මාව ඔහුගේ පපුවට තවත් ලං කර ගත්තේය.

ඉතින් කියන්නකෝ......

ඔහු තවත් මා දෙසම බලා උන් බැවින් මා කීවෙමි......

සඳ එළිය වැටුනම ලස්සනයි.....

හ්ම්......

මම සිහින් සිනාවක් පා නැවතත් පෙරසේම ඔහුගේ පපුවට හේත්තු උනෙමි.

සඳ එළිය දඟ කරන දිය දහර දෙස ගලක් උඩ වාඩි වී නිදහසේ බලා සිටිමින් විඳීම මමත් ඔහුත් ආසම කරන්නකි..... සැබැවින්ම දඟ කරන දිය දහරේ සද එළිය මවන රටා අපේ සිත් තුලද දහසකුත් සිතුම් මවයි...... ඒවාද දඟ කරන දිය රැලි මෙන් සිත් පුරා දඟ කරයි.

මා කල්පනාවෙන් මිදුනේ ඔහුගේ මුහුණේ උණුසුම කොපුලට දැනුනු හෙයිනි. මාගේ උරහිස උඩින් මුව තියා ගත් ඔහු නැවතත් දොල දිය දෙස බලා ඉන්නා හැටි මම මැවීමි. ඔහුගේ හුස්ම මාගේ කොපුලේ වැදෙන විට කොපුලට සිහින් උණුසුමක් දැනේ.... මම දෙනෙත් පියාන එය වින්දෙමි.......

සුදු මැණිකේ.... මගේ කොපුලත සිහින් හාදුවක් තබමින්ම ඔහු හඬ අවදි කලේය.

ම්ම්ම්ම්ම්........

අහගෙනද ඉන්නේ ඔයා.....

හ්ම්..... ඔව්...... කියන්නකෝ ඉතින්..... මා තවත් ඔහුට තුරුල් උනෙමි.සිහින් හඬින් හඬ අවදි කල ඔහු දොල දියෙහි තාලය පරයමින් මාගේ සවනට ගීතයක් මුමුණන්නට විය........

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ.....
මා ඇස් පියාන නොදැනීම ඔහුගේ ගීතයට සමවැදී වින්දෙමි.....

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයී
නොවී නිදි දැහැන්......

සුදු මැණිකේ.....

මා සෙමෙන් දෑස් හැරිමි.......

නිදිද.......

ම්හු..... නෑ.....

මං හිතුවේ නිදි කියලා........
මා සිහින් මදහසක් ඔහුට පෑවෙමි.....

නින්ද යන්න තමා හැදුවේ......

ඔහුටද එයට හිනා ගියේය......

පිස්සු කෙල්ල.....
නැවතත් මා කොපුලත හිමින් සීරුවේ සිප ගත්තේය.....

කෝ මගේ රහස....... මම සෙමෙන් ඇසීමි.

මුව තව තවත් මා‍ සවනතට ලං කල ඔහු මා අහන්නට ආසම රහස සෙමෙන් කීය......

මං මගේ රත්තරන් සුදු මැණිකෙට මේ මුළු විශ්වයටත් වඩා මගේ පණටත් වඩා ආදරෙයි.........

දෑස පියාන එය විද ගත් මා මාගේ සුදු මහත්තයාගේ පපුතුරෙහිම සැඟවුනෙමි......

සඳ එළිය වැටුනු
නිහඬ නිසසල රැයක......
දඟ කරන දොල දියක
ඔබ හා තනිව.....

ඔබ සමඟ දොඩමලු ව
ඔබේ මුව සිබින්නෙමි...........
පපුතුරෙහි සැඟවීම
ඔබ තුරුලෙ නිදන්නෙමි.......

අසීමිත ඔබේ ඔය
ආදරය තුරුලු කර......
සෙනෙහෙ සුව
විඳිම් මම...


27 comments:

  1. අඩේ අප්පා හා පැටික්කි දැන් කතන්දර ලියන්නත් පටන් ගත්තාද ? නියමයි නියමයි:t අපි එන්නම්කෝ කියවන්න

    ReplyDelete
  2. ෂා මාරම මාරම ලස්සනයි.හදවතට දැනෙන්නම ලියලා තියෙනවා... :t :t :t
    මගේ හිත කියෙව්වද මන්ද....මගේ හිත අතීතයට ගියා. :n :n :n
    කවුදෑ දන්නේ හා පැටික්කිට මෙච්චර ලස්සන හා හදවතක් තියෙනවා කියලා... :g :g :g
    අහ් මේ ඒක නෙවේ...කවුද හැබෑටම අර සුදු මහත්තයා...අපිටත් පෙන්වන්නකෝ..... :r :r :r
    මොනා නැතත් ඒ සුදු මහත්තයා නම් මාර ලකී කොල්ලෙක් ආ.... :p :P :P

    ReplyDelete
  3. ලස්සනයි.. ගොඩක් ලස්සනයි.. මම නම් කවියට වඩා ආස රචනාවට..... :)
    -කාංචන

    ReplyDelete
  4. දඟ කරන සඳ දියට
    ඉගි කරන ඔය නෙතට
    සම වැදුනි මොහොතකට....
    උදාවුන වසන්තය
    නොනිද ගෙවු හැම රැයක
    නුබ ආවා මගේ හිතට....
    සඳ දකින විට රැයක
    සිහිවුනිය ඔය නෙතග
    ගෙවුන හැම තත්පරය
    මම උන්නේ නුබේ ලඟ...

    හා පැටික්කි..ලස්සනට ලියල තියනවා,,,චිත්ත රූප මැවුනා කියවගෙන යද්දි..ලස්සනයි!!! ලස්සනයි!!!

    ReplyDelete
  5. ආවු ආවු හාවි දෑන් කතන්දරත් ලියනවද?හරිම ලස්සනට ලියලා තියෙනවා..හරිම සංවේදියි...ම්ම්ම්..හරිම ලස්සනයි.දිගින් දිගටම ලියන්න අපි එනවා බලන්න..

    ReplyDelete
  6. අර ඉත්තෑවගෙ කතන්දරේමයි මට මතක් වෙන්නෙ මේක කියෙවුවම :p

    ReplyDelete
  7. නැගීඑන කතාකාරියකගේ ලක්ෂන පහලවෙමෙන් පවතී :b

    අප්පේ අක්කෙ මරුනෙ...ඔහොම යන් ඔහොම යන් :e

    මෙහ් ඒකනෙමේ අක්කෙ මේක මේ ඇත්ත අද්දැකීමක්ද?? හික්

    ReplyDelete
  8. අඩේ මරු අහ්.......... :e ඔය ත්යෙන්නේ......... මරුවට ලියලා.......... ඔහොම යාං :b

    ReplyDelete
  9. නියමයි හා පැටික්කියො,ලස්සණට ලියලා තියෙනවා.මටත් අතීත සිදුවීම් ටිකක් මතක් වුනා :t :t :t

    ReplyDelete
  10. හා පැටික්කි...
    මේක ‍කතාවක්ද ..? එහෙම නැත්නම් ඇත්තක්ද...?

    ReplyDelete
  11. නියමයි. ලස්සනට ලියල තියෙනවා... :b

    ReplyDelete
  12. නියමයි! නියමයි! නියමයි.....! :b මට මැවිලා පෙනුනා... :c මගේ හිතට ගොඩාක් දැනුනා ඒ කතන්දරේ... :t :e

    ReplyDelete
  13. ජීවිතේ විඳින්න පටන් අරන් වගේ...

    ReplyDelete
  14. මේක මට වෙන්න යන දේ ද?. සුදුමැණිකේ කෙනෙක් මේ දවස්වල මගේ වටෙත් කැරකෙනවා....
    ලස්සනට ලියල තියනවා. හාපැටික්කිගේ කලා හැකියාව මම අදනේ දැක්කේ. සුභ පැතුම්!!!!!

    ReplyDelete
  15. post එක කියෙව්වේ ඊයේ රෑ කලබලේට.....
    තිරිකුණාමල අහසේ වළාකුළු අස්සෙන් හඳ එබිකම් කරනව...chinabay runway එකේ පැත්තකින් තඹලගමු කළපුවට හඳ රැස් වැටිල දිලිසෙන ලස්සන....ඒ වෙලාවෙ මට හිතුනේ මගේ ආදරෙත් මං ළඟ හිටියනම් කියලා....ඒත් මං ගව් ගානක් ඈතයි....!!!

    හා නංගියේ....නියමයි....!!!

    ReplyDelete
  16. හරි ලස්සනයි හා පැටික්කී...ඉදලා ඉදලා අහින්සක හා පැටික්කෙකුට කැරට් කවන්නද හදන්නේ....කියන්න වචන නෑ...."නියමම නියමයි"

    ReplyDelete
  17. @ Hasitha
    නෑ මේ නිකන් ලිව්වා........ :c
    බොහොම ස්තූතියි හසිත....

    @ හසියා
    බොහොම ස්තූතියි මගේ අයියා.....:c

    හිහ් බොහොම ස්තූතියි අයියා...... :i :i ඒත් ඉතින් මට තියෙන එකත් ඔයාගේ හදවත වගේම තමා..... ආයේ ඉතින් වෙනස්වෙන්න මම පිටසක්වලයැ...... :P

    පෙන්නන්නද???? :h
    නෑ නෑ එයා ලකී නෙමෙයි..... :d

    @ කාංචන
    බොහොම ස්තූතියි අයියා.........
    නිර්මාණාත්මක රචනය..... :b

    @ පබලු
    ලස්සනයි අක්කියා..... :t

    බොහොම ස්තූතියි අක්කියා...... ගුටි කන්න වෙයි හිතුවට වුන්නෑනේ.... :d :d

    @ Kandulu binduwa
    නෑ අනේ නිකම් ලිව්වේ.......
    බොහොම ස්තූතියි ජනී......
    කතාද දිගටම ලියන්න කිව්වේ????? :j

    @ Chanaka
    අනේ මේ මකරා අයියාගේ ඉත්තෑවා........ :h :d

    ReplyDelete
  18. ඉත්තෑවගෙ කතාව මගෙ නෙවෙයි. ඒක කිවුවෙ වත් අක්කි. මම දන්නෙ බනිස් ගෙඩි කතන්දරේ විතරයි

    ReplyDelete
  19. @ Nishy
    Thanx Dear....... :c

    @ Hasitha ජයසූරිය
    මම මේ බහින්න කියලා.........

    ඔව්නේ මල්ලියේ......
    කාටවත් කියන්න එපා ඔන්න...... :a :a
    මල්ලි නිසා කිව්වේ..... හික් හික්....... :p

    @ ජේ.ඩී
    තෑන්ක්ස් අයියා........ :c

    @ පුබුදුවා
    බොහොම ස්තූතියි මල්ලියෝ......:c
    රෑපානේ ඔහොම යන එක හොඳද???? හික්..... :d

    @ Jeew
    ඇත්තක් වෙන්නැති ඒත් මට නෙමෙයි......... :c

    @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියා...... :c

    @ හසී
    අවුස් අප්පා කට්ටියම මවලනේ බැලුවම........ :d :d

    බොහොම ස්තූතියි අක්කියා..... :c

    @ මාරයාගේ හෝරාව
    මාරයියටත් හිතෙන දේවල්...... :j

    @ priyantha.ඒබී
    ආ එහෙනම් ඉතුරු ටික අයියට ලියන්න පුලුවන්.... :d
    මේ ටික ලියලත් පේනවනේ මගෙන් අහන ඒවා...... :s

    බොහොම ස්තූතියි අයියා....... (හැබැයි මේක නිර්මාණාත්මක රචනයක්....) :c

    @ චතුර
    (නම කොට කරාට තරහා වෙන්න එපා....)
    කවද හරි ළඟට ආවම පුලුවන්නේ විඳින්න......... :c

    @ ප්‍රාර්ථනා
    බොහොම ස්තූතියි නංගියා.......
    කාට කවන්නද අනේ මම........ :s :d

    බොහෝම ස්තූතියි නංගෝ..... :c

    @ Chanaka
    වත් අක්කි ඒක බලේන් කිව්වද ඔයාට??? මං අහන්නම් බලන්න.......
    හා හා කට කට...... :a

    ReplyDelete
  20. @ හැ පැටික්කි‍‍....

    නෑ ඉතිං ඔයාට තියෙන්නේ හා හදවතක්නේ...අපිට තියෙන්නේ මනුස්ස හදවතක්නේ.ඒකයි කිව්වේ....

    ReplyDelete
  21. අහ් හා... ඒ කියන්නෙ මේක අත්දැකීමක් :k
    අද අහුවුනා හොරේ නෑ කියන්න එපා...හික් :m

    ReplyDelete
  22. @ Anonymous
    Thanx :c

    @ හසියා
    ඒකත් එහෙමද හ්ම් හ්ම්.......
    මට තව ටික දවසකින් මේ නම නිසා පැන පැනම යන්න වෙයි වගේ....... :s

    @ Hasitha ජයසූරිය
    ඕකනේ ඉතින් කාටවත් කියන්න එපා කියලා එයාට විතරක් කිව්වම එයා ඒක මහ හයියෙන් කියනවා....... :s :s

    ReplyDelete
  23. ලස්සනයි....................
    හරිම අපූරුයි.........

    ReplyDelete
  24. පිස්සු හැදෙනවා මාරයි... මට කියන්න වදන් නැහැ හා පැටික්කි....
    මන් ඒකට ගොඩාක් ආසයි....ඔයාට සුභ පැතුම්....!!!!!!!!!!!!!!

    ReplyDelete
  25. @ කැන්ඩි
    බොහොම කාලෙකින් දැක්කේ.......
    බොහෝම ස්තූතියි අයියා......:c

    @ පොඩ්ඩා මල්ලි
    බොහොම ස්තූතියි මල්ලියා....... :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)