෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, October 6, 2010

අද දිනේ කවද්ද???? මතකද???? බලන්න මතකය හරිද කියලා........



මේ මාසේ පටන් ගත්තෙම කට්ටිය අපේ දිනේ සමරමු කියාගෙන..... හා පැටික්කිටත් ඉතින් 18‍ පහුවෙලා හෙන කාලයක් නැති අවුරුදු 3ක විතර පුංචි කාලයක් නිසා ඉතින් සැමරුමට එකතු උනා........ බබාලා වගේ සමරපු ඔක්කොම ඉතින් 18 පහු උන අයනේ............

දැන් බලනව ඇති හා පැටික්කි මේ මොකක් කියන්නද එන්න හදන්නේ කියලා....... මේ අපි දින වෙන් කරන් සමරන හැම දෙයක්ම දින නියමයක් නැති සංකේතාත්මකව දිනයක් යොදා ගත්තත් ඒ බොහෝමයක් සැමරුම් අපි හැමදාමත් භක්තියෙන් කල යුතු දේවල්...... ඕන් ඉතින් කට්ටියකගේ ස්ටාටර් හරි ගිහින් බල්බ් එක පත්තු වෙනවා...... ඔව් ඔව් ඒ ගැන තමා ලියන්න හිතුවේ අද.......

කවුරුත් ‍ ගෙදර අය නෑයන් (වේයන්ද ඇතුලත්ව) ඇසුරේ ඉඳලා ඉස්ඉස්සෙල්ලම පාසල්/ පෙර පාසල් ගිය දවස මතකද?????
ගොඩක් අයට අමතකම නොවන දෙයක් තමා එදාට මුහුණ පිරෙන්න ලස්සනට හිනා වෙලා කතා කරන ඇය.......
අපි හැමොගෙම ජීවිත වලට දෙමව්පියන්ට පස්සේ බෙහෙවින්ම ළං වෙන ඔවුන් ගැන පුංචි දෙයක් ලියන්න ආවේ....... කෝ අනිත් අයටත් මතක් උනාද????

ඊයේ ලෝක ගුරු දිනේ..... ලංකාවේ ඒක සමරන්නේ අද...... ඒ කියන්නේ ලංකාවේ අපිට ගුරු දිනේ යෙදෙන්නේ ඔක්තොබර් 6 වෙනිදට........ මං කලිනුත් කිව්වා වගේ අපි දින යොදාගෙන සැමරුවත් අපි සැමදාම වගේ බොහොම ආදරෙන් ගුරුමව්පියන් වෙනුවෙන් ඉන්නවා......

මිහිපිට දෙවිවරු ලෙස දෙමව්පියන් වගේම ඒ තරමටම අපිට සමීප ගුරු මව්පිය වරු ගැන පුංචි ලිපියකින් කියන්න බැරි තරම් මතකයන් අපි හැමෝම ළඟ තියනවා........

ඔවුන් අපි වෙනුවෙන් කරන බොහෝ කැපකිරීම් අපිට බොහෝවිට නොපෙනුනත් අපේ දෙමව්පියන් තරමටම අපට හදවතට ළං වෙලා අපි ගැන හොයනවා........
පාසලේ දිනකට විනාඩි 45ක් වැනි ඉතා කෙටි කාලයක් තුල හමුවෙලා එකට ඉන්නව උනත් අපිට ඔවුන් ළං වෙලා......... ඇතැම් විටක ගෙදර වෙන පුංචිදේ උනත් ලද සැනෙන් කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා......... අපේ හිත් වලට ඒ විදියට බොහෝමයක් ළං වුන ගුරු මාපියන් වෙනුවෙන් එක් දවසක් වෙන් කරලා උපහාර දක්වන්න අපි කිසිම කොනෙකුට බැහැ.......

ඔවුන් වෙනුවෙන් දිනයක් වෙන් කරන් උපහාර දක්වන පිරිසක් හැදෙයිද කියලත් කියන්න බෑ මේ යන තාලයට...... බොහෝමයක් ළමයි වගේම දෙමව්පියන් උනත් අද කාලේ බලන්නේ ගුරුවරයත් දෙන මුදලට අපට උගන්නනව අපි ණය නෑ කියන හැඟීමෙන්...... ඒත් ඔවුන් දෙන දැනුම උපදෙස් වගේම ඔවුන් හා බෙදා ගන්න ජීවිත අත්දැකීම් සමාජයේදි අපේ ඉඳිරි ගමනට කොච්චර වැදගත් වෙනවද කියන එක අපි මිල කරන්නේ කොහොමද....???? ඒ වගේම අපට උගන්නපු ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි හොඳ පුද්ගලයන් වෙලා සමාජයේ හොඳින් ඉන්නව දකින්නයි........ ඔවුන් ඉන් ලබන සතුට අපිට වුනත් ගුරුවරු හමු උන වෙලාවක දැනෙනවා........ එහෙම අපි ගැන හිතන ඔවුන්ව පාසල් දිවියෙන් පසුව අමතක කරන්නේ කොහොමද.......????

ඕනම කෙනෙක් සමාජයේදි යම් තැනකට පැමිණ ඉන්නවනම් ඒ හැම දෙයකටම පිටුපසින් දෙමව්පියන් වගේම සිප්සතර දුන් ගුරුවරුත් ඉන්නවා කියන එක අවිවාදයෙන්ම පිළි ගත යුත්තක්. ඒ වගේම ඒ බවක් අමතක කරලා සමාජයේ ඉන්න අය පිරිහෙන බවටත් ඕන තරම් උදාහරණ සමාජයෙන් දකින්න පුලුවන්.......

පාසලෙන් ඉවත් වූ පසුත් අපට සිප් සතර දුන් ගුරුවරුන් බලන්න අවුරුද්දකට එක දවසක් වත් යොදා ගන්න පුලුවන්නම් ඒක වටිනවා....... පාසලට එක දවසකටවත් ගිහිල්ලා ඔවුන් සමඟ කතා බහ කරලා එන්න පුලුවන්නම්......... එහෙම නැත්තම් පුලුවන් වෙලාවක් ඔවුන්ව බලන්න යන්න පුලුවන්නම්...... ඔවුන් උනත් බොහොම සතුටු වන බවට විශ්වාසයි...

හ්ම් දිග වැඩි උනාද මංදා......
ගුරු දිනය වෙනුවෙන් පුංචි ලිපියක් ලියන්නයි ඕන උනේ.......

ලිපිය අවසන් කරන්නම් මගේ මිතුරියක් ගුරු දිනයකට ලියූ පද පෙලක කොටසකින්.......

"ගුණ දම් ගොතලා ගෙලවට පළදා
යන මඟ එකලු කලා.....
නැණ මල් වනලලා දෝතට දීලා
ලෝකය සුවඳ කලා.......
ඔබෙ සිත පතලා ලොව ගොඩ නගලා
තුටු මල් පොකුරු නෙලා.........
පා යුග තබලා නමදිමි පතලා
නු‍ඹෙ සිත සතුට සදා.............."

ගුරු මව් පියණි ඔබ අප වෙනුවෙන් කල මෙහෙවර කිසිදා මිල කල නොහැකිය.......


20 comments:

  1. හා අක්කාගේ පෝස්ට් එක කියවද්දි රත්ගමයටත් ඉස්කෝලෙ මතක් උනා...ගුරුවරුන්ට එක එක එව්වා මෙව්වා කොරා තමා...ඒත් හැමදාම ගුරුවරුන්ට ගරු කරා...අද රත්ගමය යම් තැනක ඉන්නව නම් රත්ගමයගේ ආදරණීය අම්මා..තාත්තා වගේම ගුරුවරුනුත් ඒකට ලොකු සහයෝගයක් දුන්නා...ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ......

    ReplyDelete
  2. ඇත්තමයි අක්කේ....ගුරුවරු කියන්නේ දෙවිවරු තමා.බහුතරයක්ම කියන්න බැරිතරම් හොඳයි....ගොඩක් විට අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රශ්න විසදන්නේ ඒ අයනේ..අපේ ඉස්කෝලේ principal සර්ත් ඔය list එකේ උඩින්ම ඉන්න කෙනෙක්..ගුරුවරු ගැන ලිවුවට ඔයාට gඔඩක් ස්තූතියි...මොකද මට එහෙම ලියන්න හිතුන්නෑනේ.....:c

    ReplyDelete
  3. පැන්ඩ වල් වැදුනේ නැත්තෙත් ඔය ගුරු මව් පියො හින්ද තමයි, නැත්තං මේ වෙන කොට පැන්ඩ රතු දත්ත පොතෙනුත් වඳ වෙලා..

    ReplyDelete
  4. කාලයත් එක්ක අපි කාටත් අමතක වෙන දෙයක් හා පැටික්කි මතක් කරලා.........
    :b
    ඇත්තටම එයාල නැත්තම් අද ජේ.ඩී කොලුවගෙ තත්වෙ මීට හාත්පසින්ම වෙනස්වෙන්න තිබ්බා........

    ReplyDelete
  5. පාසලේදි මව්පියන් තමා ගුරුවර් කියන්නේ ....

    ReplyDelete
  6. අපට අම්ම තාත්ත ජීවිතය දුන්නා. ඒ ජීවිතය ජීවත් කෙරෙව්වෙ අපේ ගුරු දෙවිවරු.
    අද ඉස්සෙල්ලම කලේ මට මෙතෙන්ට එන්න පාර පෙන්නල දීපු ගුරු දේවතාවිය නමදින්න ඇයගේ ගෙදරට ගිය එක. ගොඩාක් වයස්ගත වෙලා උනත් තාමත් එදා තිබුණ හදවත ඒ විදිහටම තරුණයි. පාසලට ගිය පළමු දවසෙ මගේ අතින් අල්ලගෙන ගිහිල්ල පන්තියෙ වාඩිකරවපු ඒ දෑතේ පහස අදත් මට ඒ විදිහටම දැනුණා. පුංචිම කා‍ලෙ එක දවසක් මට කොටු පාරක් ගහල මම අඬද්දි ඇයත් හොඳටෝම ඇඬුව. ඒ දේවතාවිය අද එදාටත් වඩා ඇඬුව. ඇගේ එදා කඳුලුයි අද කඳුලුයි අතරෙ වෙනසක් මම දැක්කෙ නෑ. ලියාගන්න අපහසුයි මට. හා පැටික්කි උඹට පින්.

    ReplyDelete
  7. මම පරක්කු උනාද මන්දා.. තව විනාඩි කීපයයි තියෙන්නේ ගුරුදිනේ ඉවර වෙන්න.. දැන්නම් අපේ ඉස්කෝලේ අපේ කාලෙ ගුරුවරු ඇත්තේ නැති තරම්.. ඒත් ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා සමහරු අමතර පන්ති ගුරුවරු, ඇත්තටම අපි අද තැනක ඉන්නවනම් ඒ අයට පිං සිද්ද වෙන්න තමයි.. ඒ අයට උපහාර කරන එක දවසකට සීමා කරන්න බෑ.. ඒක හරි.. (අද මේක මතක් වුනේ හා පැටික්කිට විතරද මන්දා...)
    (මම නම් පුද්ගලිකව ඔය එක එක දින වලට කැමති නෑ. අම්මලගෙ දිනේ තාත්තලගෙ දිනේ.. සුද්දොන්ට අම්මල තාත්තලට සලකන්න බැරි වුනාම දිනයක් දාගෙන එදාට මල් පොකුරක් අම්මට තාත්තට යවනවා.. අනිත් දිනත් ඒ වගේ තමයි අපේ රටේ මිනිස්සුන්ට එහෙම අහේනියක් නෑනේ.. එක පැත්තකින් ඕක බිස්නස් එකක්. අපේ රටෙත් ඔය බිස්නස් එකෙන් යැපෙන්නෝ පිරිසක් බිහිවේගෙන නෙඑනවාම නෙවෙයි)

    ReplyDelete
  8. කැන්ඩිටත් ඉන්නවා අමතක කරන්නම බැරිම ගුරු මව්පියවරු බොහෝම දෙනෙක්..ඒ අතරිනුත් විශේෂම කෙනා තමයි එක වසරේ ගුරුතුමිය...
    අදටත් එතුමියට මාව මුන ගැහුනමා හරිම සන්තෝෂයක් තියෙන්නේ කැන්ඩිටත් එහෙමයි.ඒක මව්පියන් එක්ක තියෙන බැඳීම විතරම ලොකු එකක් නොවුනත් ඒක වචනයෙන් කියන්න බැරි තරම් වටින හිත ඇතුලෙන්ම දැනෙන හැඟෙන බැඳීමක්,හැඟීමක්...
    මේ ගැන මතක් කලාට තුති...

    ReplyDelete
  9. ගුරුවරු ගැන නම් හොඳ අනුස්මරණ තියෙනවා. ඔළුවේ, කකුල් පිටිපස්සේ, දණහිස් දෙකේ එහෙම තාමත් ‍තියෙන සලකුණු හින්ඳා අපි ඉගෙන ගත්තා කියන්ඩ පුළුවන්...
    ම්ම්ම්.. කාගෙද කියන්ඩ බලන්න ඔය වගේ සළකුණු එකක්වත් නැත්තේ....?

    ReplyDelete
  10. ඇත්ත. අද පාසල් නොයන අපි ඔවුන්ගේ වටිනාකම හොඳින්ම දන්නවා. එත් ඇතැම් පාසල් දරුවන්ට එය මතක නෑ. මතක්කරන්න බලන්නේත් නෑ. ඇතැම් දෙමාපියනුත් මෙය මුදලට කෙරෙන දෙයකට සීමා කරලා. එත් මේගැන මීට වඩා ගොඩක් හිතන්න ඇති බවක් නගා අපට මතක් කරනවා. උදේම ආදර්ශමත් සටහනක් නංගියේ.

    ReplyDelete
  11. හ්ම්ම්.. ඉස්කෝලේ කාලේ මතක් උනා... ඇත්තටම එයාලා අපි වෙනුවෙන් කැප වෙනවා... එකෙන් එයාලා ලබන්නේ ආත්ම තෘප්තියක්... :c

    ReplyDelete
  12. දරුවන්ගේ ජීවිත යහ මගට ගන්නා ගුරුවරුන් ගැන සටහනක් තැබූ ඔබට තුති.

    ReplyDelete
  13. ගොඩක් වැදගත් ලිපියක් නඟේ . . .

    ආ මමත් කාලයකට පෙර ගුරුවරු ගැන ලියපු ලිපියක් තියෙනවා. වෙලාවක් ලබුනොත් කියවන්න්කෝ.

    http://dukaa.blogspot.com/2009/07/blog-post_05.html

    ReplyDelete
  14. හපොයි ඒ කාලේ... මතක් වෙද්දි ඇඩෙනවා... ඒ තරම් සුන්දරයි... ගුරුවරු ගැන අමුතුවෙන් මොනා කියන්නද... දෙවිවරු තමයි...

    ReplyDelete
  15. @ ර ත් ග ම යා

    ගොඩක් දෙනෙක්ට එහෙම තමා මල්ලි........ කොච්චර දඟ කරත් ගුරුවරු අපිට කවදත් ආදරෙයි........ ඒවා අමතක කරන්නේ ඉතින් කොහොම අයද දන්නවනේ........

    @ ප්‍රාර්ථනා

    අපිට ඉතින් ඒ කාලේනේ ප්‍රශ්න..... යාළුවෙක් තරහයි කිව්වත් නවතින්නේ ගුරුවරයෙක් ළඟ..........

    බොහොම ස්තූතියි නංගෝ...... ඉතින් ඔයාට ලියන්න හිතෙන ඒවා මට හිතෙන්නෑනේ....... :C

    @ පැන්da

    පැන්ඩා අධිඅනුවර්තනයිනේ ඉතින්........ :C
    වල් වැදුනත් ගොඩ ගන්න ගුරු දෙවිවරු ඕන තරම් නේද අයියා......

    @ ජේ.ඩී

    හ්ම්......... දෑස තිබුනට ඉතින් මඟ දකින්න හරියට කියලා දෙන්නේ ගුරුවරුනේ...........

    @ Unknown_User/හිඟන්නා

    හිතලා බැලුවොත් ඇතැම් විට පාසලේදි විතරක්ම නෙමෙයි.......

    @ දයියා

    දයියා අයියා කාලෙකින් ඇවිත්..........
    ඔවුන් වයසට යන්නෑ අයියා....... කාලෙකින් අපිව දැක්කම දිලිසෙන ඇස් කාටද අමතක කරන්න පුලුවන්.......

    බොහොම ස්තූතියි අයියා........:c

    @ කාංචන දිනූක

    මොන පරක්කුද අයියා......... එක දිනයකට සීමාවක් නැති එකේ මං මේ ලිපිය ලිව්වේත් අද සැමරුමක් කරන නිසා මිස දිනේකට සීමා වෙලා නෙමේ අයියා.......... :c

    අයියා කියලා තියන කතාව නම් සම්පූර්ණ ඇත්ත.......

    ReplyDelete
  16. @ කැන්ඩි

    අපි හැමෝටම එහෙම තමා අයියා....... මගෙ නම් ඉතින් එක වසරේ ගුරුතුමී ගෙදරම ඉන්නවා....... :b
    බොහොම ස්තූතියි සහෝ...... :c

    @ Jeew
    මගේ නෑ....... :P
    අපි දඟ නෑනේ හා පැටියනේ...... :d
    හිහ් ඒව නම් ඉතින් ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවේනේ තියෙන්නේ.......

    @ priyantha.ඒබී

    අද කාලෙනම් ගොඩ දෙනෙක්ට ඒ වටිනාකම මතක නෑ අයියා........
    බොහෝම ස්තූතියි අයියා........ :c

    @ හසී
    අනිවාර්යෙන්ම අක්කියා....... ඔවුන් ලබන්නේ ආත්ම තෘප්තියක්..........

    @ Praසන්ன

    බොහොම ස්තූතියි අයියා........ :c

    @ දුකා

    බොහොම ස්තූතියි අයියා.......

    හ්ම් කියෙව්වා අයියා...... මං අයියාගේ පරණ ලිපි සියල්ලම වගේ කියෙව්වා.... ඒත් මඟ ඇරුණු ඒවා තියනවා වගේ...... ආයේ බලන්න ඕන......
    බොහොම ස්තූතියි අයියා....... :c

    @ පිස්සා පලාමල්ල

    ඒකනේ අයියා...... :c :c

    ReplyDelete
  17. හ්ම්....මම අන්තිම නේද?‍ කමක් නෑ ඒත් කියලා තියෙන්නේ ඇත්ත කතාවක්....
    මටත් අපි වෙනුවෙන් කැපුවුණු ගුරු උතුමන් වගේම අපි වෙනුවෙන් පිස්සු කෙලපු ගුරු හොරු යන දෙගො‍ල්ලො‍ම මතක් වුනා......

    ReplyDelete
  18. අඩේ දැන්නෙ බොලේ මේක දැක්කෙ.... :o

    අයියෝ මට ඇඩෙන්න වගේ :s

    ReplyDelete
  19. අයහපත් දේ කරන,
    නොමගටම යන දරුවන් විවේචනය කිරීම,
    ඔවුන්ට ගැරහීම ඉතා පහසුය.

    අවිද්‍යාවේ ගිලී අන්ධව,
    තම දිවි මග අඳුරු කරගන්නා දරුවන්,
    නිසි මගට යොමු කිරීම ඉතා අපහසුය.

    පෙන්වා මග,
    නොමග නොවැටී යන සැටි කියා දෙන්නේ,
    සැබෑම ගුරු උතුමෙකි,
    උත්තම මනුෂ්‍යයෙකි,
    හෙතෙම ගුරු තරුවකි.

    ReplyDelete
  20. @ හසියා
    කෝ අන්තිම නෙමෙයි අයියා........ තව හසීලා දෙන්නෙක් ඉන්නවා පිටුපසින්...... :b

    හ්ම්...... මට නම් ගුරු හොරු මුණගැහිලම නැති තරමයි.......

    @ Hasitha ජයසූරිය
    මොකද පොඩ්ඩෝ අඬන්නේ....... :j
    ආ පාසල් නොගියට ඉතින් ගිහින් එන්න තහනමක් නෑනේ......... (මං හිතනවා ඇඬුවේ ඒකට කියලා)

    @ Hasitha
    හරියටම කියලා තියනවා හසිත...........
    බොහොම ස්තූතියි....... :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)