෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, October 17, 2010

මගේම ඔබ.........



දුර තියාම මාදුටු ඇය මුහුණ රකුසු කර ගන්නට දරන වෑයම මම දුටිමි. ඇයට 8ට පැමිණෙන බවට ඊයේ පැවසුවද මදක් ප්‍රමාද වූයේ උදේ නින්ද ගිය බැවිනි.
ඇගේ ආරූඩ කර ගත් නපුරු මුහුණ දුටු වන මට සිනා ආවද එය ආයාසයෙන් මැඩ ගත්තෙම්.
“යුශ්මතා කිමැද පමාවට කාරණාව......"

“අවසර දේවියනි......"
පශ්චාත් භාගයට රවි මාමණ්ඩිය තට්ටු කිරීමට පමා විය.......

ඇයට තද කරගෙන සිටීමට අපහසු වූ සිනහව ඇයටත් නොදැනීම මුවින් ගිලිහුනි. සිනහවෙන් පිරුණු ඇගේ මුහුණ දෙස මා වඩාත් ආසාවෙන් බලා සිටියෙමි. උදේම දුටු ඇයගේ සුනුදර මුව පුරා ඇඳුණු සිනහව මාගේ දවස තවත් ප්‍රබෝධමත් කරන්නක් විය.

හිටිවනම ඇයට යමක් මතක් වූවාක් මෙන් කලබලෙන් වටපිට බැලීය.

“ නිසල මම හයියෙන් හිනා උනානේ......"

නැවතත් බිය වූ මුවැත්තියක මෙන් වටපිට බැලූ ඇය මාදෙස නොරුස්සන සුලු බැල්මක් මවා පෑවාය.

“ හරි නරකයි ඔයා මට කිව්වෙත් නෑ........"

මම දිව දික් කර ඇයට ඇද කලෙමි.. ඇය මදක් උස් හඬින් සිනාසුනද මා එය නොකීවේ මා ඇගේ සිනහව රිසිසේ විදීමට ආස කල නිසාවෙනි.

“කොහෙද ඉතින් උදේ පාන්දර කිව්වේ පමාවට ලස්සන කාරණාවක්......."
ඇය නෝක්කාඩු ස්වරයෙන් විහිළුවට කීයමින්ම ඇගේ අත මිට මොලවා සිහින් පහරක් මාගේ වම් බාහුවට ගසා නැවතත් සිනහ විය.

“හ්ම් ඒකට කමක් නෑ අද යුශ්මතාට දඬුවමක් තියනවා...."
ඇය කටහඬ මදක් බර කර පැවසුවාය.

“කිමෙක්ද දේවියනි...."
මම ඇසක් වසමින්ම ඇසීමි.

ඇය මට ඈ ළඟින් වාඩි වන ලෙස සන් කලාය. මම සෙමෙන් ඇය අසලින් වාඩි උනෙමි. මාගේ වම් බාහුවට හේත්තු වූ ඇය
“ම්ම්ම්ම්ම් වැඩිය ලොකු ඒවා කියන්න ලෝබයි....."

“ම්ම්ම් මගේ ඔළුව අත ගාන්නකෝ......"
සුරතල් ළදැරියකගේ මෙන් ඇගේ දිදුළන දෙනෙත් දෙස මදවේලාවක් බලා උන් මා ඇගේ නාසයෙන් අල්ලා මදක් මිරිකුවෙමි.

“නාකි හුරතලේ....."
මම ඇයට පවසමින්ම මට හේත්තු වී උන් ඇගේ හිස සෙමෙන් පිරිමැද්දෙමි.

“නිසල"
මම ගැස්සී ගියෙමි

“ අපි යමුද දැන් කළුවර වැටීගෙනත් එනවා...."

මම පියවි සිහියට පැමිණියෙමි. හිතෙහි වූ හිස් බව මුදා හරින්නට මෙන් මම දිග සුසුමක් හෙලුවෙමි.
“අපි යමු දැන්...."
මාගේ සහෝදරයෙකු සම වූ සහන් නැවතත් කටහඬ අවදිකරවීය.
මම අවසන් වතාවට නැවතත් ඇය දෙස බැලුවෙමි. ඇය තවමත් මා දෙස බලා සිටිනු මට දැනුනි.
නැවතත් මාගේ දෑසට මට නොදැනීම කඳුළු පිරුණි. ඇය හුරතල් වන්නට නැවතත් මා ළඟට නොඑන්නටම ගියාය....... මට විටක මවක මෙන් සැර වූ ඇය විටක සොයුරියක මෙන් ළඟ වූ ඇය මාගේ පුංචි කුමාරිය දෙවියන් මාගෙන් උඳුරා ගත්තේ සියල්ලට සොරාය. හදිස්සියේ දරුණු හිස කැක්කුමක් සෑදුනු ඇය රෝහල් ගත කල පසු අප සියල්ලන්ටම රහසේ අපව හැර ගියාය. වෛද්‍ය වාර්ථාවේ සඳහන්වූයේ ඇයට මොළයෙහි රුධිර කැටියක් සිර වීම නිසා ඇය මෙලෙස අප හැර ගිය බවය.

නැවතත් මා දිග සුසුමක් පිට කලෙමි........

“මං අහල තිබුනා හොඳ හිත් තියන අයව දෙවියෝ ඉක්මනටම ළඟට ගන්න බව..... ඒත් මගේ පුංචි කුමාරිවත්........."
මම හැඬුමක් සමඟම මාගේ බිඳුණු කටහඬින් ළඟ උන් සහන්ට මිමිණීමි.
මාදෙස බලා උන් සහන් නිහඬවම මා අසලට පැමිණ මේ සැදෑවේ ඇය නිදිගත් සොහොන ළඟින් මා නැගිටුවා ගත්තේය.

නැවත වරක් කඳුළු පිරි දෙනෙතින් මගේ පුංචි කුමාරිය දෙස බැලූ මා අඳුර ගලාගෙන ආ පාළු නිසසල මාවත ඔස්සේ සොහොන් මැදින් ඇවිද ගියෙමි..........
ඉඩොරයට වට එකම
පිණි වැස්සසේ....
මා දිවියට පැමිණි
ඔබ......
රළු සුළඟ හමා විත්
වැහි වළා ගෙන ගියාසේ....
මගෙන් ඈතට ගිය
ඔබ......
මා දිවිය නතර කර සැනෙන්
ගතින් සඳහට ගියද.....
සිතින් මා ළඟය
ඔබ.....

...............................................................................................................................................................

සැ යු -
ප ලි නෙමෙයි...... :P උක්කුන් බොරු චෝදනා යටතේ නඩු දැමීම නිසා නෙට් සහනාධාරය ප්‍රතික්ෂේප කරන ලදී........ හා පැටික්කිට ඉතින් ආයේ කවදා එන්න වෙයිද දන්නෑ..... එතකම් මතක තියේවිනේ කට්ටියට මාව........
යන්නම්...... ආයේ පුලුවන් උන දිනක එන්නම්........ :D :D :D :D එතකම් හා පැටික්කිට කාවවත් බලන්නවත් එන්න වෙන්නෑ...... ඒ ගැන ඉතින් සමාවෙන්න......

20 comments:

  1. හොද අයව දෙවියො ඉක්මනට ලගට ගන්නවා..ඒක නම් ඇත්ත.....

    හා අක්කා එනකල් අපි බලන් ඉන්නවා.......

    :q

    ReplyDelete
  2. නිකමට ලියවිලි නම් හොදට ලියල තියෙනව.
    මොකද්ද ඔය නෙට් සහනාධාරය කියන්නෙ සමෘද්ධි වගේ එකක්ද? :p

    ReplyDelete
  3. හාවියේ ඔයා නැතුව නම් පට්ට පාලුයි..හා පැටික්කිට ඉක්මනටම එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    හාවියේ කතාව නම් ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
  4. අයියෝ හා පැටික්කීයෝ..යන්න එපා... මම විත්තියට කතා කරන්නම්... කතාව හරි දුක්බරයි.ඒත් ලස්සනයි...ලස්සනම ලස්සනයි...හොදේ... ඔයා එනකොට මම බ්ලොක් එකේ ඉදීද දන්නෑ..

    ReplyDelete
  5. ආපොයි අපේ දුකට සැපට උන්න පැටික්කී..?

    ReplyDelete
  6. ඌප්ස්...නාකී හුරතලේ...පට්ට වචනේ හා දේවියනි.
    හා දේවියනි කතාවනම් මැක්සා විත් රොක්ස්‍‍‍‍....
    දිගටම කතා ලියමුකෝ හා දේවියනි......අහ් එක තමා නාකි හා පැටික්කි දැක්කේ නැත්තේ ටික දොහොක ඉදන්...

    ReplyDelete
  7. හප්පොච්චියේ මොකෑ වෙන්නේ හා පැටික්කියේ...?

    ReplyDelete
  8. ලස්සනට ලියනවා නංගියේ. නෙට් සහනාධාරය ඉක්මනින් ලැබේවා කියා පතනවා. හා පැටික්කි ආවේ නැත්නම් සිංහල බ්ලොග් අවකාශයට ලොකු අඩුවක් වේවි.

    ReplyDelete
  9. හාක්කා (හා + අක්කා :P) මාර කතා කාරයෙක්නෙ....... :e

    ReplyDelete
  10. මෙන්න ආව මනුස්ස වී ගෙන එනො......

    ReplyDelete
  11. මේ දවස්වල වෙන දුක හිතෙන සිද්ධිත් එක්ක මේ කතාව කියවද්දී ඒකත් හදවතට දැනෙනවා වැඩියි................

    ReplyDelete
  12. ලස්සනයි හා අක්කේ....

    ReplyDelete
  13. "උක්කුන් බොරු චෝදනා යටතේ නඩු දැමීම නිසා නෙට් සහනාධාරය ප්‍රතික්ෂේප කරන ලදී"

    උක්කුවට ඉත්තෑවාව ඉව වැටිලවත්ද ?

    =============

    @ Everyone

    කට්ටියම එකතු වෙලා හා පැටික්කිටයි නෙට් සහනාධාර නැති අනිත් සත්තුන්ටයි පිහිට වෙන්න අරමුදලක් හැදුවනම්

    ReplyDelete
  14. සිත නිවෙන අඩවියක් මේක මම දිගටම එන්නම්

    ReplyDelete
  15. @ රත්ගමයා
    හ්ම් හ්ම්........ :c :c

    @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියා.....
    සමෘද්ධිය වගේ තමා.... මම නෙට් යනවා උක්කුන් බිල ගෙවනවා.... :m :c

    @ පබලු
    මටත් එසේමය....... :s
    බොහොම ස්තූතියි අක්කණ්ඩි.....

    @ ප්‍රාර්ථනා
    විත්තිය නපුරුයි....... :s
    බොහොම ස්තූතියි නංගෝ....
    මේ මේ කොහෙ යන්නද නගේ......
    මම කමෙන්ට් නොදැම්මට ඉඩක් ලැබුන වෙලාවට කියවනවා........ :c

    @මාරයාගේ හෝරාව
    මොනවා කොරන්නද අයියේ....... :s

    @ හසියා
    බොහොම ස්තූතියි මගේ අයියා........
    දිගටම කතා???? මුරුංගා අත්ත හයියද අයියේ????? :t
    හේහේ මම නාකි නම් ඉතින් ඊට වඩා අවුරුද්දක් ඔයා කෝමටත් නාකිනේ.... :p :p

    ReplyDelete
  16. @ ..::| පොජ්ජේ |::..
    කවුද දන්නේ අයියේ....... :t

    @ priyantha.ඒබී
    බොහොම ස්තූතියි අයියා.......
    ඒක ලැබෙන පාටක් නෑ.... හොර ගමන් තමා......
    කට්ටිය මාව මුරුංගා අතු වල නග්ගලා කොන්ද කඩයි වගේ.......... :n :n

    @ Hasitha ජයසූරිය
    හැබෑට..... මං කිව්වේ කොන්දට බඩුම තමා...... :n :n

    @ පැන්da
    ඒ මොන අපරාදයක්ද..... අපොයි නෑ....... :d

    @ Hasitha
    අනේ මංදා..........

    ReplyDelete
  17. @ නිම්ශා
    ස්තූතියි නංගියෝ.... :c
    ඔයා නම් අළුත්ද මංදා...... :t

    @ Chanaka Aruna Munasinghe
    ඒ මොකාද ඒ.....?????
    මොන ඉත්තෑවොද අනේ........ :s

    @ හිස් අහස
    බොහොම ස්තූතියි.....
    හා පැටික්කිගේ හා ගුලට ආදරෙන් පිළිගන්නවා....... :c :c

    ReplyDelete
  18. ගොඩක් හැගිම් බර කතාවක් . හ්ම්ම්... කතාව ලස්සන නම් නෑ . ඒත් හැගුම්බරයි. කියව ගෙන යද්දි හිත එක පාරටම නවතුනා වගේ... මෙ කතාව ඔයගෙම නිර්මාණයක් නම් දිගටම ලියන්න..

    ReplyDelete
  19. @ Anonymous
    බොහොම ස්තූතියි....... :c
    කවුද කියලත් කිව්වනම් තවත් සතුටුයි මට........
    ම්ම්ම් මගේම නිර්මාණයක් නම් තමයි....

    ReplyDelete
  20. ඔයා මාව ඇඩෙව්වා නන්ගො, කොහෙන්ඩ ඔයාට මෙහෙම අදහස් එන්නේ

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)