෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, November 2, 2010

ඔබට පෙම් කරන පෙම්වතිය මම........



උදා හිරු කිරණ ලොව
මුදුව සෙනෙහසින් සිප
මල් කැකුළු නෙතු විවර වන සඳ
මා සිතට නිතැතින්ම එන ඔබ........

ළබැඳි මා මිතුර වී ළඟින් සිට
සිත පෙලන පාළුවට
ළං නොවන්නට මා සිතට
මා හා නිබඳ සිටි ඔබ....

මාද නොසිතූ ලෙසක
මා සිත සොරා ගත් ඔබට
ඔබද නොපැතූ තරම්
පෙම් බඳින්නෙමි අසීමිත ලෙස.....

ඉතින් මා පෙම්වතියක්........

මා හැරදා නොයන
"තනිකමට"
අසීමිත ලෙස පෙම් බඳින
පෙමිවතිය මම....



සැ.යු
මෙය හොරෙන් පැමිණි ගමනකි... (කාටවත් කියන්න එපා ඕන්... ) කලින් කමෙන්ට් වලට පිළිතුරු නොදැමීම ගැන සමාවෙන්න......

21 comments:

  1. මම නම් දන්නවා කවුද කියලා....... :p
    සුදූ නේද? අර අර අරයා.....
    -කාංචන

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ හාවි පැනල තියෙන්නෙ. :b
    කවි පද ටික ලස්සනට ලියල තියෙනව....

    ReplyDelete
  3. අප්පා.......... මෙයාටත් හරි වගේ :r :t :e :k :m

    ReplyDelete
  4. @ කාංචන
    ඔව් ඔව් කොර කොරයා....... :p

    @ Praසන්ன
    හොරෙන් පැන්නේ...... :a මේ පැත්තේ නෑවිත් හිටියට මොකද හිත සිංඩි වල...... :s
    බොහොම ස්තූතියි අයියා......

    @ Hasitha ජයසූරිය
    හරි නේන්නම්.... :k
    පේන්නැත්ද එයාගේ නමත් දාලා තියනවා.... :q :q

    ReplyDelete
  5. අම්මෙ හාවි දැකපු කල්..කොච්චර අගේ ට දුව පැන පැන හිටපු හාවිද මේ දැන් තහනමට ලක් වෙලා ඉන්නෙ

    ReplyDelete
  6. වංචාව. බොරුවට අපිව නොමග යවන්න අන්තිමට වචනයක් දාලා....

    ReplyDelete
  7. ෂා චෝයී....එහෙනම් පුළුන් නැට්ටිත් ගොඩ ගියා එහෙනම්....
    හම්බවුන දවසක අපිට පාටි එකක් ඕනමයි ඕන්....
    මේ හැබෑටම අර හම්බවුන හාවා කවුද? එයත් පුළුන් නැට්ටෙක්ද?

    ReplyDelete
  8. දැන් එත්යකොට අපිට හාවිගෙන් හම්බවෙන්නේ කේක්ද ? කැරට්ද ??? =සමරන්න ??? :j හික්ස් ...

    ReplyDelete
  9. @ පැන්da
    ඒකනේ අයියේ කියන්නේ........ පනින්න තියා දැන් වට පිට බලන්නවත් නෑනේ මේ පැත්තේ ඇවිත්...... :s

    @ කාංචන
    අනේ නෑ.... ඒ අන්තිම පද 2 හිතේ තියන් තමා ඉතුරුවා ලිව්වේ..... කිසිම වංචාවක් නෑ..... :h

    @ හසියා
    අනේ මංදා මේ ගොල්ලෝ දැන් ලිපි කියවන්නේ භාගෙටද කොහෙද....... :t :t
    ඔක්කොම කියෙව්වොත් එයාගේ නමත් පෙනෙයි........ :i

    @ Unknown_User/හිඟන්නා
    අනේ ඇත්තට මේ කට්ටිය...... සමරන්නත් ලෑස්ති..... කේක් ඉල්ලනවා...... :h :h

    @ All
    මට ඇඬෙනවා........ අයියේ මල්ලි කියලා කට පුරා කතා කරපු අය සමරන්නත් ලෑස්තිය......... :s :s

    ReplyDelete
  10. අහ් දැන්නේ තේරුනේ.....:r
    හේ හේ හේ "තනිකම" ගැනනේ කියලා තියෙන්නේ.... :b
    මාත් එයාවනේ මගේ පෙම්වතිය කරන් ඉන්නේ....:a හරිම හොදයි අනේ එයා...:q අනිත් අය වගේ නෙවේ කරදර ලස්...කුරු කුරු ලස්.... :o

    ReplyDelete
  11. මේක නම් පැහැදිලිම වංචාව...අපි නොදන්න හා හොරේ... :p :p
    ලස්සනයි හාවියේ පද පේළි ටික.. :t :t :T

    @ හසියෝ හා නැට්ටෙක් ගැන තමයි ලු මේ ලියල තියෙන්නේ...:m :m

    ReplyDelete
  12. ඔන්න අපිත් හොරෙන්ම කොමෙන්ටුවක් දැම්මා. නංගිට විතරක් නෙවේ තව ගොඩක් අයට ඔය කියන පෙම්වතා හරි පෙම්වතිය හරි ඉන්නවා...

    ReplyDelete
  13. ඔය ලියලා තියෙන්නේ අන්වර්ත නාමයකින් හදුන්වන හාවෙක් ගැනම තමා.. :a නියමයි :t

    ReplyDelete
  14. හා පැටික්කිට මාර සිතුවිලි නේ තියෙන්නේ !!!

    ReplyDelete
  15. හානේ.. එකම නම තියන ගොඩක් අය ඉන්නවා වගේ sureඑකටම "තනිකම" කියන්නේ surname එක.. මොකද මගේ "..."ත් නම ඕකමයි.... :g
    හරිම ලස්සනයි හා පැටික්කියේ..

    ReplyDelete
  16. තනිකමට පෙම් බඳින්න එපා ! ඒ පෙම්වතා හාවිට හරියන්නේ නෑ .

    හාවිට හරියන්නේ රට හාවෙක් !

    ජයවේවා !!

    ReplyDelete
  17. @ ෴හසියා෴

    ඕකනේ භාගෙට කියවන්න එපා කියන්නේ........ :p
    ආ එහෙමද..... :a හා හා......... :q

    @ පබලු

    ආ මේ ඇවිත් ඉන්නේ මට මාතෘකාව දුන්න කෙනා......:i :i
    ඔන්න අක්කණ්ඩි පෙරේදා දුන්න මාතෘකාවට මම ලිව්වා.........
    බොහොම ස්තූතියි අක්කා........

    @ හසියා
    අයියේ අක්කා ඔය අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා වලින් ලියපු වාක්‍ය බොරු ඒවා......... :h

    @ priyantha.ඒබී
    අන්න හොඳ අයියා...... මේ දවස් වල හොර ගමන් තමා මේ පැත්තේ එන්නේ....... :n :n
    හ්ම් හ්ම්.......ඒක හැබෑව....... :r

    ReplyDelete
  18. @ හසී

    අප්පා ඔහොමත් අන්වර්ථ නාම තියේද........:j :j
    බොහොම ස්තූතියි අක්කියා....... :c

    @ මධුරංග
    මුලින්ම නේද මේ පැත්තට පැන්නේ....... හා පැටික්කි ආදරයෙන් පිළිගන්නවා....... :c :c
    ම්ම්ම් අයියෙක් වෙන්න ඕන..... :r
    හා සිතුවිලි නේ ඉතින්.......... :d

    @ ප්‍රාර්ථනා
    එහෙම වෙන්නැති නේද නංගෝ........ බලන් ගියාම අපි හිතනවටත් වඩා නෑයෝ නේ........ :q :q
    බොහොම ස්තූතියි නංගියෝ........

    @ හිස් අහස
    එහෙමද.......
    ලෝකල් හාවෙක් වත් නැති අපිට කොයින්ද රට හාවො කිව්වලු......:s :q :q
    (අයියෙක් වෙන්න ඕන අර ප්‍රොෆයිල් එකේ ඉන්ටරෙස්ට් එක දැක්කම නම් මගේ ඇගේ මාළු ගඟේ නටනවා....... :h :h )

    ReplyDelete
  19. කාලෙකට පස්සේ හා පැටික්කි පැන පැන ඇවිත් තියෙන්නේ. සතුටුයි ඒක ගැන.

    ReplyDelete
  20. @ Hasitha
    බොහොම ස්තූතියි හසිත......
    හිටි ගමන් පනිනවා පුරුද්ද ලොකුයිනේ අර මොකක්ද එකට වඩා....... :d

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)