෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, November 17, 2010

තනි කකුළෙන් ඉන්න උනාම.........






හා පැටික්කිට නෙට් සහනාධාරේ ආයෙමත් ලැබිලද???? මොකද කට්ටියගේ කසුකුසුව..... නෑ නෑ එහෙම නෙමෙයි..... ඊයේ රෑ හා පැටික්කිට යම් දෙයක් නිසා හිතට ආපු දෙයක් ගැන ලියන්න හිතුනා.
උක්කුනුත් ගෙදර නැති නිසා ලියන්න ගත්තා. කට්ටිය බලනවා ඇති දැන් මේ මොකක්ද හා පැටික්කිගේ කකුළ් කතාව කියලා...... නෑ නෑ කුකුල් කතාවක් නෙමෙයි......
කට්ටියට කකුළ් කීයක් තියද???? කියනවා එහෙම නෙමෙයි ඔන්න මට නේ 4 කියලා...... :@ හා හා දැන් ඇති කෙලින්ම ආපු කාරණාවට.

ම්ම්ම් කාරණාව මේකයි මේ අඳුරන නාඳුනන අපි හැමෝම මිනිස්සු විදියට දුක් වෙනවා පසුතැවෙනවා......
හිතලා බලන්න ඒ මොනවා නිසාද කියලා. අපි ගොඩක් දෙනෙක් (ඒ කිව්වේ මාත් ඇතුළුව) වැඩි පුරම ඒ විදියට දුක් වෙන්නේ මොනවා ගැන හිතලද???? හොඳට හිතන්න...... මොනවා නිසාද???? ඔව් ඔව් ඔය කියන්නේ...... වෙන මොනවද අපිට මේ ජීවිතේදි නොලැබුන දේවල් ගැන. ඒක එහෙම නෙමෙයිද??? හිතට එකඟව හිතලා බලන්න....


අපි දුක් වෙන ඒ අපිට නොලැබුන දේවල් ඒ ඒ පුද්ගලයා අනුව ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒත් පොදුවේ ගත්තොත් අපි හැමෝම අපිට නොලැබුන බොහෝ ප්‍රථිඵල ගැන (ඒ මේ දවස්වල ඇහුනමත් බය වචනේ නොවැ හාවිට... ) ඒ වගේම රැකියාවෙදි නොලැබුන දේවල් ගැන. සමහරවිට විට අපේ නෑදෑයන් මිතුරන්ගෙන් නොලැබුන දේවල් ගැන. ඒ වගේම බොහෝ දෙනෙක් නොලැබුන ආදරය ගැන නොලැබුන ඔහු/ඇය ගැන පසු තැවෙනවා.

ඒත් හිතලා බලන්න මොහොතකටවත් අපි අපිට ලැබෙන ලැබුන දේවල් ගැන හිතනවද කියලා???? හිතුවත් ඒ ගැන හිතන්නේ කොච්චර සීමිත දෙනෙක්ද??? අපි ලඟ අපි ලද දේවල් කොතරම් තිබුනත් අපි හැමදාමත් කරන්නේ අනේ අපිට අරක තිබුනනම්‍ මට මේක ලැබුනනම් කියලා හිතන එක නේද??? ඒ වගේම අපිට අරදේ ලබන්න වාසනාව නෑ මේදේ ලබන්න වාසනාව නෑ කියලා නේද????

ඒත් අපි ලඟ තිබෙන දේවල් අපි ලබපු දේවල් ගැන හිතුවනම්. අපිට දැනෙයි අපි කොයි තරම් වාසනාවන්තද කියලා..... සමහර විට අපි නොලැබුනා කියලා පසුතැවෙන දේටත් වඩා වටින දේවල් අපි ලබල තියනවා. ඇයි අපි ඒ ගැන හිතන්නැත්තේ???? ඒ වගේම නොලද දේවල් ගැන දුක් වෙත්දි අපි ලබා තිබෙන දේත් අපෙන් ඈතට යන්න පුළුවන්. අපිට ඒතකොට ඒ ලඟ තිබුන දේ වටිනාකම දැනෙනවා එතකොට අපිට දේ රැක ගන්න බැරි වීම ගැනත් හිත හිත දුක් වෙනවා. ඒත් අපි නොලැබුන දේවල් ගැන හිත හිත පසුතැවිලි උන කාලයේදි අපි ලඟ තිබුන දේවල් ගැන හිතලා ඒ දේවල් අපෙන් ඈතට නොයන විදියට කටයුතු කලා නම්????? ඔව් එහෙම කලා නම්.........

හ්ම් ටිකක් තනියමම හිතන්න. අපේ ජීවිත වල අපිට නොලද දේවල් ගැන හිතලා පසුතැවිලා අපේ ජීවිතේ ලද දේත් අපිට නැති කර ගන්නවද කියලා හිතන්න...... මොකද මිනිස්සු උන අපිට තනි කකුළෙන් ඉන්න උත්සාහ කරත්දි තමා අපිට කකුළ් දෙකක් තිබෙන එකේ වටිනාකම දැනෙන්නේ...... ඒ වගේ ලඟ තිබුන දේ වටිනාකම දැනෙන්නේ ඒ දේ කවදහරි අපෙන් ඈත් උනාම.

ඉතින් නොලද දේවල් ගැන හිතලා ලඟ තිබෙන දේත් නැති කරන් දුක් වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න........
.


31 comments:

  1. ඔය කියන්නේ හා පැටික්කිගෙ නෙට් සහනාධාරෙ නැතිවිච්ච එක ගැන වෙන්න ඇති. :h
    කොහොම උනත් කියල තියෙන කතාවනං ඇත්ත තමයි.

    ReplyDelete
  2. අර සින්දුවකුත් තියෙන්නෙ "මිරිවැඬි සඟලක් ඉල්ලා ඇඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා....." කියලා.

    ඒක නෙවෙයි දන්නවද කොක්කු එක කකුලක් උස්සන් ඉන්නෙ ඇයි කියලා ??????????????

    ReplyDelete
  3. මකරත් අහන්නෙ මාර ප්‍රශ්ණ...... ඕවට ප්‍රසිද්ධියේ උත්තර දෙන්න පුළුවන්ද අම්මපා.....

    ReplyDelete
  4. ෂා සනීපෙට නින්ද ගියා...මේ වගේ දෙශනාවක් මං අහලම නෑ....

    ReplyDelete
  5. @ මකරා....
    එක කකුලක් කැඩුනොත් අනිත් කකුල තියෙනවනේ....ඒකයි...තියෙන දේ ආරක්ෂා කරගන්න අරපරිස්සම් කරගන්න එපායෑ....

    ReplyDelete
  6. @ Praසන්ன
    අපොයි නෑ..... මේ වෙන කෙනෙක්ගේ වෙන කාරණාවක් නිසා ලියපු දෙයක්........
    :c

    @ Chanaka Aruna Munasinghe
    හ්ම්..... ඒ සිංදුව මතක් උනේ නෑ මට..... :s

    අනේ මංදා....... :j
    සමහර විට ගලන ජල කදෙන් ඇතිවන පීඩනය අඩුකර ගන්න වෙන්නැති.

    @ අභීත
    මකර පැණ....... :d

    @ ෴ හසියා ෴
    අයියට නිදිය ගන්නම කියලා මම වෙනම හාන්සි පුටුවකුත් තිව්වා....... ඒකෙනේ උන්නේ????? :h :h

    ReplyDelete
  7. සාදු සාදු සාදු!!! හොද ලිපියක් හා පැටික්කි :t:t:t

    ReplyDelete
  8. හා කුමාරි උපදේශන සේවාවක් පටන් අරගෙන වගේ,,නියමයි නියමයි...ජයවේවා

    ReplyDelete
  9. ඒක මනුස්සයාගේ හැටිනේ හාවියේ ! කොච්චර ලැබුනත් මදි .
    මමත් එහෙම තමයි ..සමහර දවසට මට කොච්චර බීවත් මදි !

    මොනවා උනත් කියලා තියන කතාව සහතික ඇත්ත ..

    ජයවේවා !!!

    ReplyDelete
  10. :e :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  11. @ blog gadol
    කටද දැන් වැන්‍ ‍දේ????? :d :d
    ‍බො‍හොම ස්තූතියි අයියා......:c

    @ පබලු
    කවුද අක්කණ්ඩි????? ඒ කිව්‍වේ මම ගැන නම් ‍නෙ‍මේ කියලා සුවර්....
    ‍බො‍හොම ස්තූතියි අක්කියා.... :c

    @ හිස් අහස
    හ්ම් හ්ම්.........
    ඒක නම් ඉතින් නරකයි........... :h

    ‍බො‍හොම ස්තූතියි.

    @ Anonymous
    කවුද අ‍නේ ‍මේ ඇ‍නෝ????? :j

    ReplyDelete
  12. රෑට බොන ටැබ්ලට් එක වැරදුනාද හා පැටික්කියේ ? :P

    ReplyDelete
  13. ම්ම්.. ඕක මට නම් අදාලයි ගොඩක්.. මට හිතෙන්නෙම නොලැබුන දේවල් ගැන.. මට මේ දේ ලැබුනේ නෑ.. අර දේ ලැබුනේ නෑ..
    ඒත් මම උත්සාහා කරලා බලනවා... මට ලැබුණ දේවල් ගැන හිතලා සෑහීමකට පත් වෙන්න.. සමහර වෙලාවට බොහොම සාර්ථකයි.. සමහර වෙලාවට බොහොම අසාර්ථකයි..

    ReplyDelete
  14. හිහ් හිහ් හිහ් මම නම් ඔය විදියට හිතන්න පටන් අරන් ගොඩක් කල් :)
    අනික් කස්ටියටත් ඒක මතක් කොරල දුන එකනම් හොඳා :)

    ජයවේවාzzzzzzzzzz

    ReplyDelete
  15. හාවි ආයෙත් ට්‍රැක් එකෙ..පළුවෙලා තිබ්බෙ බ්ලොග් අවකාෂෙ...පැන්ඩට කමෙන්ට් දාල දිරි ගන්නල පොස්ට් 50ක් දක්වා එන්න ඔයා හුගාක් දායක වුනා.බොම ස්තූති එව ට... හරි එහෙනං ව්දුරුවෙ පිරිල තියෙන වතුර ටික ගැන සතුටු වෙලා අඩු වෙලා තියෙන භාගෙ ගැන දුක් වෙන එක අපි නවත්තමු

    ReplyDelete
  16. හා පැටික්කිට හිතෙන දේවල් අපිට තේරෙන්නෙ නැහැනේ. ඒකනේ හැමදාම මිනිසුසු මේ තරම් දුකෙන් ඉන්නෙ. මම දැක්කා කොහේදෝ ලියල තියෙනව මිනිස්සු මැරෙන්නෙ නෑ වගේ ජීවත් වෙලා. ජීවත් උනේ නෑ වගේ මැරිල යනව කියල. සහතික ඇත්ත හා පැටික්කි කියපුව.(මටත් නිකං කොච්චර කමේන්ට්ස් දැම්මත් දාන්න බැරිවෙච්ච එක ගැනමයි හිතෙන්නෙ අනේ මන්ද හා පැටික්කි කියනවනං ඉතිං තවත් නොදා ඉන්නං)

    ReplyDelete
  17. නංගි බබෝ.......කොක්කු තනි කකුලෙන් ඉන්නෙ ඇයි කියල හරියටම මම කියන්නද? නෑ...එක්කො ඕනෙ නෑ.

    ReplyDelete
  18. හප්පා පාංදරම කියෙව්වෙ මේක.හැබෑටම කොකා මොටෝ තනිකුංඩෙං ඉන්නේ.

    ReplyDelete
  19. ඇත්ත කථාව හා පැටික්කියේ... :t ලැබුන දේ ගැන හිතලා සන්තෝස වෙන මිනිස්සු අඩුයි..

    ReplyDelete
  20. මට ඊයේ එන්න බැරි උනානේ මේ පැත්තට හා පැටික්කියේ. අපිට අතපය ඇස් කන් සියලු ඉන්ද්‍රියන් ලැබිල තිබියදී නැති දේවල් ගැන දුක් වෙනවා. එත් ඒවා නැති අයත් මේ ගෝකේ ඉන්නවා නේද. අළුතින් හිතන්න දෙයක් දීල තියනවා.
    හා පැටික්කි බණත් දන්නවා වගේ.
    සුභ දවසක්...

    ReplyDelete
  21. @ Princess Thushy
    :c :c

    @ Bunny !
    මල්ලි දන්නවනේ...... එස්පීරියැන්ස් තියන හැඩයි...... :P

    @ ප්‍රාර්ථනා
    උත්සාහය වටිනවා නගේ..... උත්සාහ කරන්න.... බැරි නෑ.....

    @ ජේ ඩී
    කාලෙකින් නේද මේ පැත්තේ???? :r
    හ්ම් එහෙනම් හොඳයිනේ........

    @ පැන්da
    නෑ ඉඳලා හිටලා ට්‍රැක් එකේ.......
    කැරට් බෙදන එක හාවිගේ සිරිතනේ..... :d
    හ්ම් හ්ම්......... :c :c

    ReplyDelete
  22. @ දයියා
    හා පැටික්කිටත් ඉතින් ඇහෙන දකින අහන දේවල් නිසා හිතෙන දේවල් තමා අයියේ.....
    මිනිස්සු කවද්ද තෘප්තිමත් වෙන්නේ...... හැමදාමත් මදි මදි මදි........ :h :h
    (හපොයි එහෙම කරන්නෙපා..... )

    @ dinesh
    දන්න කෙනෙක් කියලා ගියානම් මොකද වෙන්නේ.....
    ඔන්න කියන්න අයියේ...... :f

    @ ගයාන් තාරක
    පාන්දරට හොඳ මදිද අයියේ???? :j
    කෙකාගෙන් තමා අහන්ඩ වෙන්නේ...... මම නම් නොදනී....... :j :j

    @ හසී
    ඔව් අක්කියේ....... මදි බණේ තමා කටේ තියෙන්නෙම........:h

    @ priyantha.ඒබී
    ඒකනේ අයියේ....... අපිට අපේ වාසනාවන්ත කම දකින්න බැරි එක තමා වැරැද්ද.....
    හාවි දන්න බණ..... :k :k
    කාටවත් ඇහෙන්න කියන්න එපා අයියට හිනා වෙයි කට්ටිය......:a :a
    සුභම සුභ දවසක්.......

    ReplyDelete
  23. පැන්ඩගෙන් තමයි මේ blog එක ගැන දැන ගත්තෙ.

    හම් හා පැටියගෙ අදහසට මම 100% ක්ම එකගයි. ඈත්ත තමයි. අපි හැමෝම එහෙමයි. සමහර විට අපි හැදිල තියෙන්නෙ ඒවිදියට හිතන්න වෙන්න ඈති. අපි ලග කොච්චර දේවත් තිබුනත් අපි හැම දාම දුක්වෙනව අපිට ලැබුනු නැති දේවල් ගැන හිතල.

    ඈත්තටම ඒ දේවල් ලැබුනනම් හොදයි තමයි. ඒත් දැන් ඒව නොලැබී ගිහින් ඉවරයි නේද?? ඉතින් ඒව ගැන දුක් වෙව එකෙන් වැඩක් නෑ. එයින් සමහර විට තමට තියන දෙයත් නැති වෙලා යන්න පුලුවන්.

    ඈත්තටම අපි පොඩ්ඩක් හිතුවොත් අපිට ලැබිල තියන දේවල් ගැන සමහර දේවල් අපිට නැතිවුන දේවලට වඩා වටිනව නේද?? ඉතින් ඈයි අපිට බැරි ඒ දේවල් ගැන හිතල සතුටු වෙන්න.

    හාවි ආදරේ ගැනත් කියල තිබුනනේ, ඈත්ත ගොඩක් දෙනා ආදරේදි මේ විදියට හිතල තමන්ට ගොඩක් ආදරේ කරන අය නැතිකරගන්නව.

    ගොඩාක් හොද post එකක්.

    ReplyDelete
  24. @ අභීත

    කකුලට සමාන වචන දාගෙන අනන් මනන් හිතා ගත්තට මට කරන්න දෙයක් නෑ. මම ඇහුවෙ කොකාගෙ කකුල ගැන. මුල්ම කාලේ ඉස්සර සිරස අහපු අයනම් උත්තරේ දන්නවා.
    =========
    @ හා පැටික්කි (MS)

    වර්ගඵලය අඩු වුණාම පීඩනයත් අඩු වෙනවද ? කොක්කුයි හාවොයි හොඳට Physics දන්නවා වගේ :D

    සැර වතුර පාරක තනි කකුලෙන් ඉඳල බලන්නකො ගහගෙන යන එක නවතියිද කියලා ?

    ReplyDelete
  25. හා කෙල්ල දැකපු කල්..
    හා ඉතින් හැමදාම නැතත් අද උක්කුංට හොරෙන් ජාලගත උන එකගැනවත් සතුටු වෙමුකේ..

    අර කොක්කුන්ගේ කතාවටනං කියන්න තියෙන්නේ මෙ අර ගෙම්බන්ගේ කරදරෙ කියලා තමයි..ඊට වඩා ඔන නැහැ...

    ReplyDelete
  26. හප්පේ හා පැටික්කිට තේරෙන දේවල්. ඇත්ත ඇත්ත සහතික ඇත්ත කතාව.............

    ReplyDelete
  27. @ කේෂාන් De சில்வா
    මුලින්ම හා හා පුරා කියලා ආපු අයියව ආදරයෙන් පිළිගන්නවා හා ගෙදරට......... :c :c
    පැන්ඩා අයියා ප්‍රොමෝට් කරන වැඩත් කරනවද???? මම දැනන් උන්නේ නෑනේ..... :k :k

    අපි හිතන විදියයි වෙනස් කර ගන්න ඕන අයියා. අපිට එහෙම වෙනස් වෙන්න පුළුවන් නම් අපිටමයි හොඳ ඒත් කරන්න අමාරු නිසා අපි හැමදාමත් කරන්නේ නොලැබුන දේවල් ගැන දුක් වෙන එක......
    බොහොම ස්තූතියි අයියා...... :c

    @ Chanaka Aruna Munasinghe
    බොරු මොටද මං නම් පිකිස් දන්නෑ.... :b
    මටත් පස්සේ මතක් උනේ කීව ගොන් කතාව.... මට එවෙලේ හිතුනේ කකුළ් අතරින් ගලද්දි අමාරුයි වගේ දෙයක්.
    උත්තරේ කීවනම්... මම නම් දන්නෑ....... :s :s

    @ මාරයාගේ හෝරාව
    ඒක ගැන ඉතින් සතුටක් කොයින්ද....... :n :n

    ගෙම්බො කකුල් දෙකේ ඔන්චිලි බැදගෙන පදින සීන් එකක් නම් මං ළමා කතා පොතක කියෙව්වා.... ඒකද??? හිකිස්.... :q :q

    @ Hasitha
    හිහ්...... නරක නෑනේ......
    ඒක නේ හසිත...... කතාව ඇත්ත...... :c

    ReplyDelete
  28. එහෙ මෙහේ ඇවිදින කොට තමා කැරට් සුවඳ දැනුනෙ.ජීවිතේ අට ලෝ දහමින් කම්පා නොවී ඉන්න තමයි බලන්නෙ.ඒත් හැමදෙයක්ම නෙවී සමහර දෙවල් නම් මට කොච්චර තිබුණත් මදි...ඒ වුනාට හා පැටික්කිගෙ අදහසට මමත් එකඟයි...

    ReplyDelete
  29. @ තරු අහස
    ‍බො‍හෝම ආදර‍යෙන් පිළිගන්නවා හා පැටික්කි‍ගේ පුංචි නිවහනට......... :c :c

    හ්ම් හ්ම් අපි හැ‍මෝම එ‍හෙම තමා.... ඒත් උත්සාහය වටිනවා.......
    ‍බො‍හෝම ස්තූතියි.....

    ReplyDelete
  30. කොකා තනි කකුලෙන් හිටගෙන ඉන්නේ ඇයි?

    http://gamindablog.blogspot.com/2011/02/blog-post_06.html

    ඔන්න තියෙනව විද්‍යාත්මක හේතුව. හැබැයි ඇත්තම හේතුවනම් විද්‍යාත්මක හේතුවට වඩා වෙනස් :f

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)