෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Saturday, December 18, 2010

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 04

ඉතිහාස පොතේ හතර වෙනි පිටුව තමා පෙරලන්න හදන්නේ. තාමත් අපි ඉන්නේ අනුරාධපුරේනේ. මේත් අනුරාධපුරේ තිබෙන වැදගත් ස්ථාන කීපයක් ගැන. හෝව් හෝව් සම්බන්ධයක් එකිනෙකට නැති උනත් බලලා එන්නකෝ මේවා බලපු නැති අය........

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 01
මෙව්වා කියවන්න කම්මැලියොද?????? 02
මෙව්වා කියවන්න කම්මැලියොද?????? 03

එතකොට අද ලිපිය කොතනින් පටන් ගන්නද..... ම්ම්ම්ම්ම්ම් අභයගිරියෙන් පටන් ගනිමු එහෙනම්.....

අභයගිරිය වළගම්බා රජු විසින් කරන ලද්දක්.මහා පැරකුම්භා රජු සමයේ මෙය ප්‍රතිසංස්කරණය කල විට උසින් අඩි 350ක් විතර වූ බව සඳහන් වෙනවා. දැනට කැඩී ගිය කොත් කැරැල්ල මුදුනට මෙහි උස අඩි 245ක් පමණ වේ. මෙහි වන සමචතුරස්‍රාකාර සලපතල මළුවෙහි පැත්තක දිග අඩි 587ක්. මෙම මළුවේ සමහර ගල් මහජනයා විසින් පූජා කරන ලද ඒවා. දායකයින්ගේ නම් ඒ ගල් වල කොටා තිබෙනු දැකිය හැක. ඉතිරි ගල් සඳහා තුන්වන සේන රජු විසින් කහවණු වැය කර ඇත.



මේකත් ඉතින් දැක්ක ගමන් මතක් වෙනවනේ මොකක්ද කියලා. ජේතවන දාගැබ. දෙනා වෙහෙර කියලත් කියනවා මේකට..... මෙය මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක්. මෙය ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දාගැබ් අතරින් වීශාලතම දා ගැබක්. එකල අඩි 400ක් උස් වූ බවට සළකනවා. දැන් උස අඩි 232ක්.අක්කර 8ක් වූ දාගැබ් මළුවෙහි පැත්තක දිග අඩි 576ක්.



මෙය සම්පූර්ණයෙන්ම ගඩොලින් නිම වූවක්. පසුගිය සියවස තුලදි කැඩී ගිය උඩ කොටස ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙහි අත්තිවාරම පඩිපෙළක අයුරින් අඩි25ක් ගැඹුරට තිබීමත් මෙය මෙතරම් කාලයක් සුරැකිව තියෙන්නට හේතුවක් වෙලා තියනවා. පුරාණ පද්මාසනයේ කොටසක් එය තිබුන තැනම දකින්නට පුළුවන්. එහි සෙසු කොටස් විනාශ වෙලා තිබුනත් පද්මාසනයේ ප්‍රමාණය අනුව විශාල හිටි පිළිමයක් වැඩ සිට ඇති බවට විශ්වාස කරනවා.



ඊළඟට මොකක්ද කියලා බලමු. පොතේ හැටියට තියෙන්නේ ලංකාරාම දාගැබ. මෙයත් වලගම්බා රජුගේ නිර්මාණයක්. මෙහි පුරාණ නාමය සිලාසොබ්භකණ්ඩක චෛත්‍ය ලෙස විශ්වාස කරනවා. පුරාණයේ මෙය වහලයකින් ආවරණය වූවක්. ඒ කියන්නේ වටදාගෙයක් සහිතයි.දැන් එම ආවරණ වහල පේන්න නැතත් එහි වූ ගල් කුළුණු පේලි තුන දකින්න පුලුවන්. අඩි 45ක විශ්කම්භයකින් යුතු මේ දාගැබ අඩි 132ක විශ්කම්භයක් ඇති වටකුරු මළුවක පිහිටා තිබෙනවා.



ථූපාරාමය තමා ඊළඟට තියෙන්නේ. මෙය දෙවන පෑතිස් රජු ඒ කියන්නේ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් බුදුරදුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිධාන කොට තනන ලද්දක්.මෙය ලංකාවේ ඇති පැරණිතම චෛත්‍ය ලෙස සළකනු ලබනවා.මෙහිද චෛත්‍ය වටේ පිහිටි වහලයක් සහිත ගොඩනැගිල්ලක් තුල තිබුනකි.මෙහිද වහල රදා පැවති ගල්ටැම් පේලි 4 ආරක්ෂිතව පවතී.



දැනට චෛත්‍ය යේ උස අඩි 63කි. විශ්කම්භය අඩි 59කි. එය අඩි 11ක් උසැති විශ්කම්භය අඩි 164ක් වූ වටමළුවක පිහිටා ඇත.


සැ.යු:- කලින් ලිපි වලදි ඉල්ලුවා මෙන්ම මේ ගැන වැරදි අඩුපාඩු සහ තමන් දන්න කියන තොරතුරුද එකතු කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඡායාරූප වල ඇති අඩුපාඩු ගැනත් සමා වෙන්න හා පැටික්කි තාම පුංචි එකීනේ.

තව එක ලිපියකින් අනුරාධපුර චාරිකාව ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. පොළොන්නරුව ගැන ටිකක් ඉඳලම ලියමු නේද???? කස්ටිය මොකද කියන්නේ?????

10 comments:

  1. අපේ හාවි නෙවැ‍‍‍ අපිට මේවා කියලා දෙන්නේ....හාවිට පිංසිද්ධ වෙන්න අමතකවුනු කරනු නැවතත් මතක් වෙනවා....
    නියමයි හාවියේ..... :e

    ReplyDelete
  2. අෆ්ෆේ හාවිව කාලෙකින් නොවැ දැක්කේ :c මොකැ හා ගුලට වතුර දැම්මද?

    මේ හාවි දැන් ඔයා ඔය ලියන ඉතිහාස පාඩම් වලින් කවුරුහරි ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න ඔයාට මතකද? :j

    ReplyDelete
  3. අර අභයගිරියෙ තිබ්බ ගල්වලින් එකක හා පැටික්කිගෙ නමත් ගහල තිබ්බ කියල ආරංචියි.
    ලස්සන ලිපියක්... :t

    ReplyDelete
  4. දිගටම ලියන්න. කොහොමත් අපේ දේවල් අපි‍ට වටිනව නේද?. මටත් මොනා හරි අමතර විස්තරයක් ලැබුනොත් දෙන්නම්....:D

    ReplyDelete
  5. ඉස්කෝලෙ යනව දවස් වලටනම් ඉතිහාසයට ආසම නැහැ. දැන්නම් මම වැඩිපුරම කියවන්නේ ඉතිහාසය ගැන. හොඳට ලියලා තියෙනවා. දිගටම ලියන්න. :e

    ReplyDelete
  6. @ ෴ හසියා ෴

    අපොයි අහ ගන්නකෝ ඔයාලගේ මද්දු මලයගෙන්. මම මේ කියන හිච්චි කරුණු වෙනුවට කියයි මුලු ඉතිහාසයම......... :b

    බොහොම ස්තූතියි මගේ අයියා.......... :c :c

    @ පූසා

    හාවිගේ කකුල් දෙක කොර වෙලා...... යූස්ඒජ් පැනලා...... ඒ නිසා මේ ඉන්නවා දුක සේ පැත්තකට වෙලා............. :s :s

    බොරු මොකටද උස පළල දිග වගේ ඒවා නම් මතක නැහැ. ඒත් සාමාන්‍ය ප්‍රමාණයක් මතකයි........... :r

    @ Praසන්ன

    අයියා අයියාගේ නම තියන ගල හොයද්දිද ඒක දැක්කේ????? :p හික්ස්........

    බොහොම ස්තූතියි අයියා............ :c

    @ ශාමින්ද

    මෙන්න මේ පැත්තේ ඇවිල්ලා........... :a

    බොහොම ආදරෙන් පිලිගන්නවා හා ගුලට............. :c :c
    ඔව් ඔව් මිසරේ පිරමිඩ වලට සළකන හැටියට මේවා ගැන අපි උනත් බලනවා හොඳටම මදි අයියා.........

    හාකෝ...... දෙන්නකෝ............ :d

    @ කොට ජීවිතේ

    අද වෙන්න ඕනි හා ගුල පැත්තේ ආවේ...... ආදරෙන් පිලි ගන්නවා.......... :c :c

    මාත් එහෙම තමා..... හැබැයි ඉතිහාසේ තියන කතා වලට නම් හරිම ආසයි.
    බොහොම ස්තූතියි............ :c

    ReplyDelete
  7. අප්පොච්චියේ.. මේක කතා සීරීස් එකක් කියල දන්නෙ දැන්නෙ :o

    ReplyDelete
  8. අපේ වර්තමානය ගොඩනැගුනේ ඉතිහාසය මතින්. ඉතිහාසය හැදෑරීමෙන් ඉතිහාසයේ වුන වැරදි නොවෙන ලෙස අනාගතය හැඩගස්වගන්න පුළුවන් වෙනවා. හැමදේම සුපර්මාර්කට් එකෙයි ඊබේ එකෙයි තියවනවා කියල හිතන අයට නම් මේවා වැඩක් වෙයිද මන්දා.
    ඒක නෙවි හාවියේ රොමෑන්ටික් කතා සැට් එක නැවැත්තුවැයි???
    -කාංචන

    ReplyDelete
  9. @ සිරකරුවා

    මොකද සිකා අයියා........... :j :j

    @ Hasitha ජයසූරිය

    දැන් ඉතින් ලොකු ලොකු අයනේ.....:n හා ගුලට එන්නේ අවාරෙටනේ........... :h ඉතින් කොහේ දැන ගන්නද......... :p

    @ කාංචන

    ඒකනම් ඇත්ත තමා අයියණ්ඩි. ඒ අයට මේවා නිකම් ගඩොල් ගොඩවල් විතරයි........ :h :h

    රොමෑන්ටික් එකක් ඊළඟට ඒවි. කියන්න බැ. එව්වා ලියනවා කියන එක ලේසි නැ අප්පා..... නිමිත්තක් නැතුව කොහොමද නිර්මාණාත්මක රචනා ලියන්නේ නැද්ද අයියණ්ඩි....... :d :d :d :d

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)