෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, December 10, 2010

ඉතින් කෝමද අභාගේ????



පෝස්ට් එකක් ලියන්න උවමනාව හොඳටම තිබුනත් ලියන්න තරම් සැනසීමක් නැති නිසා නොලිය උන්නේ. ඒත් ඉතින් කට්ටිය වෙනුවෙන් එකම ලිපියක් වත් නොලිව්වොත් මං නරක හා පැටියා වෙනවනේ. මුල අමතක කරලා කොහොමද........ දැන් ඉතින් මොකටද මේ හා පැටික්කි සැරසෙන්නේ කියලා ගොඩක් අය දන්නවා. ඔව් ඔව් ඒකට තමා. මට කියන්න දෙයක් අක්කණ්ඩිය ඉතුරු කලේ නෑනේ. මං කියන පරක්කුවට බස් එකේ දාලා ඉවරයි........

ඔව් ඉතින් අභාගේ අභාගේ කිය කිය හිටි එක ගැන තමා මේ කියන්නේ. හා පැටියා ගැන ගුරුවරු හිතන් හිටියට වඩා අඩුවෙන් උනත් ඉතින් හොඳට පාස් උනානේ. බයෝ වලටයි කෙමෙස්ට්‍රි වලටයි ඒ අකුරුත් පණ බයෙන් උන්නු පිකිස් වලට බී අකුරකුත් ගත්තාලුනේ. මව් බාසාව නම් ලීවේ නෑ කියලා කලින්ම කිව්වනේ මම. දිස්තිරික්කෙන් 70 වෙනියා (ඉස්තිරික්ක කරලා ගන්න වටිනවානේ???). යන්න ලැබෙන්නේ මොනවටද කියලා නම් තාම කියන්න දන්නෑ. විස්තර කීවා වැඩිද මංදා...... ඔය ඇති නැත්තම් මං ඉවරයි........ (දැනටත් ටිකක් ඉවරයි.... )

ඉතින් උඩදාගෙන ඕක ලියන්නද මේ ලිපියක් ලිව්වේ.
මොකද මොකද හා පැටියට බනින්නේ..... මං ආවේ පුරාජේරුව කියලා යන්න නෙමෙයි. මේ වෙනුවෙන් මගේ දෙමව්පියන්ට ගූරුවරුන්ට වගේම මගේ සහෝදර සහෝදරියන්ටත් ස්තූති කරන්න. මුලින්ම ඉතින් මාව උනන්දු කරපු ඔය හැමෝටම බොහෝම ස්තූතියි.

ඒ අතරිනුත් මාව දැක්ක දැක්ක තැන අම්මට කියනවා කියලා සැර දම දම එළවපු බිඟුවා අයියා ,එතකොට ඇයි මට එයා හරි සැරයි කියලා පවර් රැස්පොට් පෙන්නපු මගේ පොඩ්ඩා , ඒ වගේම බනියයි , හිඟන්නා මලයයි (බලන් ගියාම මං බැනුම් දෙවනියට වැඩිපුරම අහලා තියෙන්නේ මේ තුන් දෙනාගෙන් ) , එතකොට මං ගැන හොයලා බලපු නිශාචරයා අයියා (මේ දවස් වල පේන් නෑ මොකද මංදා),ඒ වගේම පිකිස් ගොඩදාගන්නත් උදව් කරපු අපේ හෙළයා අයියා , ලැබුන ඇසිල්ලෙන් ඇවිත් මාව බලල දුක සැප වැඩ ගැන අහපු රවා අයියා , ඇයි හා නඟාව මයික්‍රොසොෆ්ට් කරපු අපේ සන්සරසිඳු අයියා , ඒ වගේම පස්සෙන්ම හිටපු නිමන්ති අක්කි .

එතකොට කාලෙකින් දැක්කෙ නැති චන්දික අයියා , දුකට සැපට හොයලා පාඩම් කරනවද හොයලා බලපු මාරයා අයියා , ඇයි එයාගේ විභාගෙත් තියාගෙන මා ගැනත් හොයලා බලපු සමනලී අක්කි (මේ දවස් වල කකුළක් උයියන් කරගෙනලුනේ ඉක්මනටම සනීප වෙන්න), ඇයි ජීවිතේ මල් මල් කරන්න දිරිය දීපු දිල් අක්කි , එතකොට ඒබීසීඩී ප්‍රියන්ත අයියා ආ වැරදුනා ඒබී විතරයි , හැමදැමත් නොවරදවාම මාව බලන්න එන ප්‍රසන්න අයියා , ඇයි තව කැන්ඩි ......

හෝව් හෝව් තව ඉන්නවා කොච්චර මහන්සි උනත් කියන්නම ඕන හැමෝම ගැන.
පුරු පුරු අයියා ඇතුලු බ්ලොග් ගඩොල් පූස් අයියලා ටික, මැරතන් එකේ වතුර ගහන්න ගිහින් හමු වුන මා ගැන හොයලා බලන මගේ හසියා අයියා , හසිත , හසී අක්කියා ඇතුළු අපේ හසී ෆැමළි එකම, ජයම කටේ තියන වැම්පයර් අයියායි , පිස්සා අයියයි , ඇයි මාව බ්ලොග් අවකාශෙට පිළිගත්ත මකරා අයියා , ලද ඇසිල්ලෙන් ආවා ගියා වන අන්ශ් අක්කා , හැමෝවම බලන්න යන හේමලයා අයියා , තව කොච්චරක් කියලද වත් අක්කි , විහඟි අක්කි (කාලෙකින් දැක්කේ නෑ) කඳුළු බිඳුවේ ජනී , මම , නඳුන් පික්සු බස් ජුන්ඩා , දුකා අයියා එතකොට අපේ පප්පා ආ නෑ පුබ්බා , එකී මෙකී නොකී සියළුම දෙනා හැමෝටම බොහෝමත්ම ස්තූතියි.........

පිස්සුද නැගිට්ටේ කොහේ යන්නද???? ඉවරයි කිව්වට ඉවර නෑ තව ඉන්නවා..... පැන්ඩා අයියා පැන්ඩි අක්කියි, එතකොට කාංචන අයියණ්ඩි බුබුලු පබලු අක්කණ්ඩි , ළමයා මල්ලි , ටික ටික හිනා ගස්සන අභීත අයියා , පසන් අයියා , නිපුන අයියා , වැප් අයියා , ඉළංදාරියා අයියා , පීටර් අයියා ............. ඉවරයක් නෑ මේ බ්ලොග් අවකාශේ හැමෝටම බොහොමත්ම ස්තූතියි......

කවුරුවත් අඩු උනා නම් සමාවෙන්න හාවි ඉතින් හැකි උපරිමෙන් මතක් කර කර ලිව්වේ. අමතක උන නමක් එහෙම තියනවනම් යන්න කලින් ලියලා යන්නත් අමතක කරන්න එපා....... කට්ටියම පාන් වාටි ඉල්ලුවට ඒවා දෙන්න බැරි නිසා ඔන්න කේක් කෑල්ලක් කාලා යන්න.


නොවැලැක්විය හැකි හේතූන් නිසා මෙදාපාර බඩජහරි අයට වෙනම කේක් එකක් ආ මෙන්න. කෝ මගේ පොඩ්ඩයි ලොකු අයියයි ඔන්න මෙන්නෝ....... හිඟන්නටයි බනියටයිත් තියන්නෝ.......

එහෙනම් ඉතින් මගේ කතාව මින් අවසානයි කියවපු සැමට ඉස්තූතියි. පහළ කොටුවෙන් අකුරු ටිකක් දීලා යන්නකෝ වෙනදා වගේම.

සැ.යු- මෙච්චර කරලත් තාම නෙට් සහනාධාරේ ලැබුන්නෑනේ මට....... තාමත් හොර ගමන් තමා....... දුක තමා කිව්වලු.

45 comments:

  1. Brawo...!
    CongragZ....හා පැටික්කි
    :t

    ReplyDelete
  2. මගෙන් උණුසුම් සුභ පැතුම්... හොඳ විශ්වවිද්‍යාලයක් ලැබෙයි.. ඉස්සරහට කර්න්න ගොඩක් දේවල් තියේවි.. ඔබට ජයෙන් ජයම පතමි... :t :t :t :t :t

    ReplyDelete
  3. අපේ හාවීට හිත තුටින් බරවෙන පැතු පැතුම් ඉටුවන ඉසුරුබර අනාගතයක්ම වේවා.... :m :m :m

    ReplyDelete
  4. හා පැටික්කිගෙ විභාග ප්‍රතිඵල ගැන බොහොම සන්තෝසයි. :t
    ඉදිරි අධ්‍යාපන කටයුතුත් මේ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    අර කැරට් කේක් එකනං මාර රහයි. :b

    ReplyDelete
  5. හෙහ් හෙහ් හෙහ් ඔන්න දෙලක්ෂ විසිපන්දාස් පාරට ආයෙ එකක් එකතු කොරමින් :k
    උණුම උණු ( උණුකිව්වට දැන් එව්වා නිමිලද කොහිද හික්xxxx ;) සුබ පැතුම්zzzzzzzzz :f :b :e :m

    අපි හැමෝම මෙයා පාස් වෙනවා කියලා දැනන් ඉටියට කොහෙද මේ මැටි හාවි බයවෙලානෙ හිටියෙ....... :p

    කේක් දෙඩි දෙකක් මේ ඔක්කොටොම කන්ට .........
    බැ බැ එහෙම ඔට්ටු නැ :s :o

    එහෙනම් ඉතින් ජයෙන් ජයම වේවාzzzzz :t :m

    ReplyDelete
  6. හෙහ් හේ..... නියමයි අක්කේ ... ජය ජය :t :m

    හැබැයි..මේ කේක් එක නන් මදි වගේ :h

    ReplyDelete
  7. සුබපැතුම් ! ඔයගෙ කැමැත්ත පරිදි සත්තුන්ට බෙහෙත් දෙන දොස්තර හොඳහිත වගේ කෙනෙක් වෙන්න ලැබේවා !

    ReplyDelete
  8. දන්නවද පැන්ඩ වත් මුල් අවධියේ දී කමෙන්ට් එකක් දාල දිරි ගන්නල සාදරයෙන් බ්ලොග් අවකාෂෙට පිළිගත්තෙ අපේ හා පැටික්කි තමයි...මාත් දකින් හැම වෙලෙම එ කාලෙ විභාගෙ ගැන විමසුව..බොහොම හොදයි නංගි..ඔයාගෙ ජිවිතෙ ඉදිරි කටයුතු හොදින් සාර්ථක වෙන්න කියල පැන්ඩි සහ පැන්ඩ හදවතිනම සුභ පතනව.

    ReplyDelete
  9. බොහෝම සන්තෝසයි.. ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා.

    ReplyDelete
  10. ඔන්න මම ආයෙත් සුභ පතනවා....

    ReplyDelete
  11. හා පැටික්කිට අපේ උණුසුම් සුභපැතුම්! කියලා තියන විදිහට අනිවා ඔයාගෙ ටාගට් එකට යන්න පුලුවන් වෙයි.දැන් ඉතිං රිලැක්ස් එකේ හොද බ්ලොග් පෝස්ට් කීපයක් ලියන්න පුලුවන් නොවැ!

    ReplyDelete
  12. හා කුමාරි..:e :e
    බුබුලුගෙනුත් සුභ පැතුම් ( ආ.. බුබුලු නෙවෙයි මම පබලු හික්z :n :n )
    හෙට අනිද්දට නෙට් සහනාධාරෙත් ලැබෙයි.. :m
    මෙහෙම කේක් දීලා අපෙන් බේරෙන්න බැ හාවියේ..

    ReplyDelete
  13. නියමයිනේ... දැක්ක නේද මහන්සි වෙලා වැඩ කරාම ලැබෙන ප්‍රතිථල කොච්චර හොදද කියල. මුළු හදවතින්ම සුභ පතනව විශ්ව විද්‍යාල අධ්‍යාපනයටත් සාර්ථකව මූනදෙන්න ලැබෙන්න කියල. සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලත් පතනව.

    සමාවෙන්න ඕනෙ මම ඉතින් මේ Blog වලට අළුත්නෙ. අපේ හා පැටිය AL කරනව කියල දන්නෙ නෑ. සුභ පතන්නවත් වුනේ නැත්තෙ ඒකයි.

    දිගටම ලියන්න. ලියන එක නම් නවත්තන්න එපා. Campus ගිහිල්ලත් ලියන්න හොදේ... බුදු සරණයි..

    ReplyDelete
  14. සිංහල බොලොග් වල ඉන්න "පොර" මම නිසා. මට කියන්න තියෙන්නේ කතාව හොදයි කියලා...

    ReplyDelete
  15. CongragZ....හා පැටික්කි

    ReplyDelete
  16. හප්පේ.. අක්කව දැක්ක කල්... ඒනම් ඔන්න මගෙන් සුබම සුබපැතුම් හොදේ.... නියමායි..ගොඩක් සතුටුයි අක්කාගේ මේ එලකිරි රිසල්ට් ගැන... :t :t :t

    ReplyDelete
  17. අපෝ මෙන්න මෙයා පාස්වෙලා ......ෆට්ටම ආතල්....ඉතින් ඊලඟට තියෙන විභාග සෙට් එකත් ගේමක් නැතිව අදින්න වාසනාව ලැබේවා...ඔයා මෙඩිකල් නැතුව කැම්පස් යනවට නම් ආස නෑ,,,අපේ කැම්පස් තියෙන්නෙ 18 වෙනි සියවසේ....ඒත් ඉතින් ඩොකියක් වෙන්න පුලුවන්නම් ගියාට අවුලක් නෑ....

    ReplyDelete
  18. හාවිට නම් කොච්චර සුබ පැතුවත් මදි වගේ... මම හිතුවේ result ආව කියල අහපු ගමන් මෙයාට හාට් ඇටෑක් හැදෙයි කියලා හිකිස්..
    හාවිගේ වෙටෙක් වීමේ සිහිනය එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වේවා... වෙටාල වෙන්න හිතන් ඉන්න අය අඩුයිනේ.. ඉතින් ඒක නිසා පරම පිවිතුරු පවිත්‍ර චේතනාව ඉටු වේවි. ජය වේවා හාවියේ..
    -කාංචන

    ReplyDelete
  19. හා පැටික්කිගේ ඊළඟ හීනයත් ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    සුභ පැතුම් නංගියේ. !!!

    ReplyDelete
  20. හාපැටිකී මම පරක්කු උනා ...

    ඔයාට තිස්තුං කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !

    මට ආරාධනා නෑ :s නෙව මම බලෙන් කඩා පැන්නේ ! සුබ පතලා යන්න

    ඔයාට ජයවේවා !!

    ReplyDelete
  21. මම කිව්වනේ පේපර් එක බැලුවේ මං කියලා...කෝ ඇහුවයේ....
    :s :s
    අනිත් එක මං දුන්නු A-Z විටමින් තියෙන කැරට් කාලා තමා හොර හාවි විභාගේ පාස් වුනේ....නැද්ද මං අහන්නේ... :o :o

    කරන කියන හැමදේම හිතනව‍ටත් වඩා හොදින් ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

    අහ් කේක් එකනම් පට්ට....චෝයී චෝයි....
    ඈ...එක කේක් එකට හතර පස්දෙනෙක්...අවාසියි අවාසියි....මට එපා..... :s :s :s

    ReplyDelete
  22. හප්පච්චියේ...මේක ඇවිල්ලා හා සිංඩිකෙටර් එකක් වගේනේ :D මම හිතන්නෙ වැඩිම ලිංක් ප්‍රමාණයක් තියෙන බ්ලොග් එකද කොහෙද :D

    මේ ඔය කේක් ගෙඩිය කාපල්ලා.. කැරට් අල ටික මට තියාපල්ලා..

    ReplyDelete
  23. හා පැටික්කිට මගෙනුත් උණුසුම් සුභ පැතුම්......

    ReplyDelete
  24. සුබ පැතුම්... සුබ පැතුම් හා අක්කියො,,, ඉස්සරහටත් ඔහොම්ම යන්න,,,, අපිට කියවන්න පොස්ට් එකක් දාන්න ඉතින්... :b

    ReplyDelete
  25. හා පැටික්කිට උණුසුම් සුභ පැතුම්!...

    ReplyDelete
  26. හම්මෙ නගේ..උඹ ඔය කොරලා තියෙන්නේ මටනං මෙ ආත්මෙට කොරන්න අමාරු වැඩක්..විභාගෙද..නෑ..නෑ...
    ඔය ඔක්කෝගේම නං ගං වත ගොත කියලා ඒ මදිවට ලින්ක් එහෙමත් දමලා.. ලිපිය ලියපු එක..මගේ අප්පච්චියේ..මගෙනං පණ යයි.
    මෙ දවස්වල මෙ බ්ලොග් බැළිල්ලයි ලිවිල්ලයි අතඇරලා දාලා ඉන්ට කියලා තීරණය කොරගෙන උන්නට උඹට අකුරු දෙකක් ලියලා යන්නේ නැතිව බැහැනේ...

    අභාගේ පොරොතිපලේ නගා මට කළියෙන්ම කීවා නෙව..
    නගා ඉතිං අපිට ඛෙහෙත් කොරන්ට සූදානමක් නැති වග දන්නලා තියෙද්දිත් විශේෂ අනුගරහා යටතේ මංතුමාටත් ඛෙත් කොරන්න බාර ගත්තා නෙව.
    ඉතිං ඉක්මනටම ඉතිරි අධ්‍යාපන වැඩ කටයුතුත් සාර්ථක කොරගෙන..
    අපිටත් ඛෙහෙතක් හේතක් කොරගෙන..රටට සමාජයට වැඩක් ඇති ගැහැණු දැරිවියක් වෙවා කියලා මාත් නිතරම ප්‍රාර්ථනා කොරනවා..
    උක්කුංගෙන් මොනවැයි තෑගි බෝග වශයෙන් ලැබුනේ..ඒ ලිස්ට් එකටම ජාලගතවීමේ පහසුකොමත් එකතු කොර ගන්ට බැරි වෙයිද..?

    ReplyDelete
  27. මම ඉතින් කමෙන්ටු නොඑව්වට ඔයාගේ බ්ලොග් එක නිතරම බලනවා.විද්‍යා විෂයන් කරලා ඉහලින් පාස් වෙනව කියන්නේ ලොකු හපන්කමක්.වැඩියෙන්ම සතුටඑ වෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි.අපිටත් සතුටුයි.යහපතක්ම වේවා!

    ReplyDelete
  28. සන්තෝෂයි හා පැටික්කිත් ඉහළින් සමත් වෙලා නොවැ. ප්‍රාර්ථනා නඟාත් ඉහලින් සමත් වෙලා නොවැ. අපිත් එක්ක අපේ සහෝදරියෝ වගේම ලෙංගතුකමින් හිටිය දෙන්නා සමත් වීම ගැන ඇත්තටම සතුටුයි. දිස්ත්‍රික්කෙන් 70 වෙලා තියෙන නිසා හොඳ විශ්වවිද්‍යාලයකට යන්න පුලුවන් වෙයි මට හිතෙන විදිහට [පශු වෛද්‍ය හම්බෙන පාටක් නේද තියෙන්නේ].

    තව එක් කඩයිමක් ඔබ අද ජයගත්තා
    ඉන් අපි සැවොම හොඳ සතුටට පත්වූවා
    තව කඩයිම් රැසක් ඔබ හට හමුවෙනවා
    ඒ හැම එකම ජයගන්නට හැකිවේවා

    ReplyDelete
  29. මගෙනුත් සුභ පැතුම්. දැන් නිකං නිවන් දැක්කා වගේ ඇති නේද?

    ReplyDelete
  30. හ්ම් මෙන්න කාලෙකින් දැක්කෙ නැති අයියා ආවා... ඔන්න මගේ නගාට එහෙනම් මේ අයියගෙන් උණුසුම් සුභ පැතුම්........ දැන් ඉතින් දොස්තර නෝනා කෙනෙක් වෙනකම් අපි බලා ඉන්නවා... සුභම සුභ අනාගතයක්!!!!!!

    (පහුගිය ටිකේ වැඩ ගොඩායි.. දැන් අයේ ලියනවා :) )

    ReplyDelete
  31. මෙන්න බොලේ අපිව අමතක කරලා...සිංහලයාට මතක සති දෙකයිනේ....හොඳයි හොඳයි බලමුකෝ...අපේ නඟා 71 වෙනියා...හැබැයි ඔය දිස්තිරික්කෙ නෙවෙයි.....ආයිත් කරනවා කියන්නේ....

    මාව අමතක කරපු නිසා කේක් කෑවේ නැත. මේ හාවිත් එක්ක නං හොඳටම තරහයි..විහිළුවට නෙවෙයි ඇත්තටම...

    ReplyDelete
  32. @ ..::| පොජ්ජේ |::..
    Thanx ayiyaa..... :c

    @ සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය
    හප්පේ සිකා අයියවත් හැලිලා නේද මගේ අතින්...... :s
    අනේ සමාවෙනසේක්වා.......!!!!!
    බොහොම ස්තූතියි අයියා........ :c

    @ හසී
    එසේම වේවා සහ බොහොම ස්තූති වේවා........ :c :c

    @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියා........ :c
    හැබෑද..... තැන්කූ තැන්කූ...... :d

    @ ජේ.ඩී
    බෙදාගෙන කන්න පුරුදු වෙන්න බදාගෙන කන්නැතුව............:h
    අර දෙලක්ෂ කතාව තාම හිතා ගන්න බැරි උනා මට නම්.......... :j
    බොහොම ස්තූතියි අයියා.......:c

    ReplyDelete
  33. @ Hasitha ජයසූරිය
    මතකනේ මම කියපුවා...... මට බැන්නා වගේම රිටන්........... :q

    මොකක් කිව්වා????? හතර දෙනාට ගෙඩියක් දීලත් මදිද????? :h :h

    @ Chanaka Aruna Munasinghe
    බොහොම ස්තූතියි මකරා අයියා......... :c

    @ පැන්da
    එහෙමද???? ඔය කියනකම් දන්නෑනොවැ මම..........:d
    ඒකනේ අයියටයි අක්කිටයි දෙන්නටම බොහෝම ස්තූතියි......... :c

    @ sameerausa
    බොහෝම ස්තූතියි අයියා........ :c

    @ අභීත
    මේ කීවෙනි පාරද ඇත්තටම........???
    බොහෝම ස්තූතියි අයියා............. :c :c

    @ blog gadol
    අන්තිමට කියපු එක ඇහුනා මදි වගේ...... :d
    හ්ම් හ්ම් බලමුකෝ ලියන්න හොඳ නැතත් බ්ලොග් පෝස්ට් ටිකක්........
    බොහොම ස්තූතියි අයියලා............ :c

    ReplyDelete
  34. @ පබලු
    බොහොම ස්තූතියි අක්කියා........ :c
    ලැබෙනවා ලැබෙනවා........... මගේම එකක් ලැබෙනවා.......... :a
    ඔයාට මං එවන්නම්කෝ කේක් කුඩු ටිකක් හරි.....
    හිකිස්..... :p

    @ කේෂාන් De சில்வா
    මහන්සි වෙලා කියන වචනේ හරිද මංදා...... :j කමක්නෑ තිබුනාවේ.......
    බොහෝම ස්තූතියි අයියා......:c :c

    අයියෝ ඒක මොකක්ද ඒති ඉතින් ඔය හැමෝමත් මට උදවු කරපු අය තමා.............
    අපොයි ලියන එක නවත්තන්න නම් ලැබෙන එකක් නෑ..... අවසර නැත මට තමා...... හිකිස්.... :d

    @ සෑම්
    පොර හොඳ නරක බලනවද?????

    @ mahima
    බොහොම ස්තූතියි සහෝ......... :c :c

    @ ළමයා
    මට මල්ලිව දකින්න ලැබුනේ බොහොම කාලෙකින්. හෙව්වත් ඉතින් හොයා ගන්නම නැති වෙලානේ........ :s
    බොහොම ස්තූතියි මල්ලියෝ..... :c :c
    ඔයාව හොයා ගන්නත් උවමනාවක් තියනවාමට.....
    බලමු.......

    ReplyDelete
  35. @ indi
    නංගියට කොහොමද අයියා??????
    ම්ම්ම්ම බලමුකෝ නේද අයියා.........
    බොහෝම ස්තූතියි අයියා...... :c

    @ කාංචන
    අපිට දැන් ඇනෝ වෙසින් නේ???? :s
    මේ මං හිතන්නේ විසි වෙනිවත් වතාව........ ඔයා තමා හැදුනනම් වග කියන්න ඕන..... :q :q

    බොහෝම ස්තූතියි අයියණ්ඩි............ :c

    @ priyantha.ඒබී
    බොහෝම ස්තූතියි අයියා.......... :c :c

    @ හිස් අහස
    අපොයි මොන පරක්කුද යට බලන්නකෝ.........
    කලින්ම ඇවිත්........

    බොහෝම ස්තූතියි සහෝ......... :c :c

    අපොයි ඇයි නැත්තේ හැමෝටම කීවා මිසක් නම් තියන අයටයි කේක් කියලා මම කීවේ නෑ........ :s :s

    @ හිරු ප්‍රභා
    Thanx Dear........ :c

    ReplyDelete
  36. @ ෴ හසියා ෴
    අඬන්නෙපා අඬන්නෙපා අයියානේ ඉතින් බැලුවේ.......... :g
    ඔව් ඔව්...... ඉස්සරහටත් ඒ කැරට් ඕනා ඔන්න..... ඒ සහනාධාරේ නම් කපන්ට එපා මගේ........ :n :n
    බොහෝම ස්තූතියි මගේ අයියා........ :c

    හෆොයි....... ඕක බඩක්ද????? :j :j
    ඔහොම කන්න ගියොත් මධුමේහය හැදෙයි බලාගෙන...... :q :q :q :q

    @ Bunny !
    මාත් මලයා කීවම ගණන් කරලා බැලුවේ..... 43ක් තියනවා..... තව දෙක තුනක් අඩුවෙලාත් තියනවා....... :s
    මේ මටත් කැරට් අලයක් තියන්න ඈ.......... මගේ සුදු මලයනේ....... :g

    @ නිර්මල
    බොහොම ස්තූතියි අයියා........ :c

    @ නිම්ශා
    බොහෝම ස්තූතියි නංගෝ...... :c
    හා හා ලියන්නම් ලියන්නම්..... (කිව්වට මොකද දැන් ගියන්න දේවල් තමා නැත්තේ.....:j)

    @ සාතන්
    බොහෝම ස්තූතියි අයියා..........:c

    ReplyDelete
  37. @ මාරයාගේ හෝරාව
    ඒ කරලත් නම් දෙක තුනක් හැලිලානේ අයියේ........ :s :s බලන්නකෝ........
    ඒ මොකද අප්පේ ඒ???? මට නම් ඒ පැත්තේ එන්නත් බැරි උනා....... :s

    අප්පේ මං දැන්නේ අයියාගේ රිප්ලයි එක දැක්කේ........ බය වෙන්ට එපා අපි ඉන්නවනේ අයියට කවුරු නැතත්...... :d :d

    බොහෝම ස්තූතියි අයියා..........:c

    මොන තෑගිද........ ඔන්න නෙට් ආවාට ඉස්සර වගේ බනින්නෑ. හැබැයි මගේ මේල් එකවුන්ට් එකට රිංගන්න තමයි බලන් ඉන්නේ. ඒ නිසා ඒවාට යන්නෑ එයා ඉන්න වෙලාවට..... :s :s

    @ JHOTHISHALANKA
    අදමයි මමනම් ඔයාව දැක්කේ ආදරයෙන් පිළිගන්නවා......:c :c

    බොහෝම ස්තූතියි සහෝ........:c

    @ Hasitha
    හ්ම් හ්ම් නංගත් හොදට පාස් කියලා දැන ගන්න ලැබුනා මටත් අයියා..... ආ පුරුද්දට කියවුනා සොරි.......
    ඒ වාගේ තත්වයක් වගේ තමා ඒත් හරියට කියන්න අමාරුයි හසිත.:n

    කතා හසී දැන් කවි හසීම වෙලා වගේ......
    ඒ පැත්තේ කාලෙකින් එන්නත් බැරි උනා මට.........
    බොහෝම ස්තූතියි හසිත.........:c :c

    @ prasanna86k
    බොහොම ස්තූතියි සහෝ........ :c
    ඒත් තාම නෑ අනේ......:s
    @ චන්දික
    ඒකනේ මං මේ අයියව දකින්නේ ගොඩ කාලෙකින්........ :r
    ඔයාගේ විභාගේ කොහොමද?????
    බොහෝම ස්තූතියි අයියා බලමුකෝ කවුරු වෙයිද කියලා...... මම කියන්නම්කෝ...... :c :c
    මං වෙලාවක් ලැබුනම එන්නම් ඒ පැත්තේ අයියා.....

    @ කුම්භකර්ණයා
    අනේ සමාවෙනසේක්වා......... මම අමතක කලා නෙමේ අයියා. අනේ වෙන්න සමා මේ ගැත්තිට අනුකම්පා........ :s :s
    නඟා ආයේ කරනවද???? හා හා මාත් සුභ පැතුවා කියන්න.
    අනේ අයියේ අමතක කලා නෙමේ අයියෝ කේක් කෑල්ලක් කාලා යන්නෝ............ :s :s :s :s :s :s :s
    අනේ සමාවෙන්නෝ............:s :s :s :s :s :s

    ReplyDelete
  38. නියමායි!!! ආඩම්බරයි සහෝදරී!!

    ReplyDelete
  39. සමාවෙන්න දැක්කේ අද නොවැ...
    මගේ හදපිරි උණුසුම් සුභපැතුම්............................!!!!!!!
    හා පැටික්කිට ජයෙන් ජය.............
    කේක් ගෙඩියනම් මම එනකොට ඉතුරුවෙලා තිබ්බේ නෑ...ඒක නිසා අළුත් එකක් දෙන්න පුළුවන්නම් තමයි හොඳ......
    කට්ටියම මගේ කෑල්ලත් එක්කම කාල ගෙහුං........
    දැන් ඉතින් මේ දවස් ටිකේ රිලැක්ස් එකේ ඉන්න නිසා මොනවා හරි ලියන්න...
    ආ නිකන් ඉන්නේ නැතුව මව් භාෂාව වගේ පන්තියකට යන්න එහෙමත් නැත්නම් අර රොටරියේ තියෙන MED පන්තිය ඒකත් හොඳයි...
    :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  40. හසි මලයා කියුවා වගේ කේක් එකක් මදි ....

    අක්කට බොක්කෙන්ම සුභ පතනවා .... , ඉදිරියටත් සාර්ථකව , ඉතිරිවෑඩ කටයුතු කරගන්න ලෑබේවා කියලා පතනවා .... :b

    19 වෙනිදා එනවෑයි .... :C

    ReplyDelete
  41. @ ජංජාල චාමර
    බොහොම ස්තූතියි සහෝ........ :c

    @ කැන්ඩි
    බොහොම ස්තූතියි අයියා......... :c :c
    මව් භාෂාව නම් යන්න ඕන තමා. දැන් මෙලෝ දෙයක් මතක නෑ.......... ඇල්පොබට් එකවත් මතක නෑ වගේ......
    ලියන්නත් බලමුකෝ............. :c

    @ Unknown_User/හිඟන්නා
    හෆොයි....... මුන්ට බඩවල් නෙමෙයිනේ තියෙන්නේ බලන් ගියාම.......... :h :h
    බොහෝම ස්තූතියි මල්ලියෝ........ :c

    නෑ පැටියෝ...... මට එන්ට අවසර නෑනේ...... :s :s :s :s

    ReplyDelete
  42. ෂා නියමයි නෙ බොලේ අපේ හාවිත්.ඔන්න මගෙනුත් ඉදිරි අනාගතේට සුභ පැතුම් යාළු...http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5Erq8lDI/AAAAAAAAAes/QbTAttDFClA/saamgeadaviya.blogspot%20%283%29.gif

    ReplyDelete
  43. @ මම
    අනේ සමා වෙන්න මම අදයි මේ කමෙන්ට් එක දැක්කේ. බොහොම ස්තූතියි ඩියර්........ :g

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)