෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, December 14, 2010

තවමත්........


පිණි පිපුනු
රාත්‍රිය
කඳුළු නෙත් මායිමේ
තනියට
පිණි වියැකුණද
හිරු දැක
කඳුළු තවමත් හිදියි
තනියට
ඔබ නිසාවෙන් මා
සිත් රිදුනු වග‍
ඔබ නොදනමුත්
සිතේ දුක සඟවාන
රිදුම් දෙන හදවතින්

තවමත්

මඟ බලමි
මම

17 comments:

  1. ලස්සන පද පෙළක් නංගියේ. බලා පොරොත්තුවෙන් මග බලා සිටින්න. කවුරු නැතත් සැනසුම ඔබ සොයා එනු ඇත..
    සුභ දවසක්...

    ReplyDelete
  2. හපොයි මොකෝ මේ අභාගේ ඉවරවුන ගමන... ?? :d :d

    කවුද මේ ඔබ? :r :r

    ReplyDelete
  3. හාවිට මේ මොකද වුනේ...:p :P ඔබ කවුරුවුනත් කාරි නැ..රැට අඩලා මට අහුවෙනවා එහෙම නෙවෙයි...:h :h :h
    හා කුමාරි,,,
    හිනාවෙලා ඉන්නව හොදයි..:e :e දන්නවනේ මේ අක්කගේ සැර.. :h :h :h
    හාවියේ ලස්සනයි මේ පද ගැලපිල්ල.. :b :b :b

    ReplyDelete
  4. @ priyantha.ඒබී
    බොහෝම ස්තූතියි අයියා..........
    ඒකවත් එයිද මංදා........
    ඔබටත් සුභ දවසක්.......:c

    @ සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය
    නෑ නිකන් අයියා...... හිතට ආවා ලිව්වා.............

    @ Praසන්ன
    ස්තූතියි අයියා........

    @ පබලු
    ඔයාට අහුවෙන්නැති නිසා මම බය නෑ......... :k
    බලමුකෝ...... නේද......
    බොහොම ස්තූතියි අක්කියා.........

    ReplyDelete
  5. හේ..මේ මොකද මේ..හා පැටික්කි....

    ReplyDelete
  6. අක්කා.. ප්‍රශ්නයක්.. " හිතට ආවා ලිව්වා"ලු.. මේ වගේ ඒවත් නිකම්ම හිතට එනවද?? මගේ හිත‍ට මේවගේ ලස්සනට ලියන්න තියා නිකං ඉන්න වෙලාවට හිත හිතා ඉන්නවත් හිතට එන්නේ නෑනේ.. :s :s

    මොනා වුනත් ලස්සනයි හොදේ.... :t :t

    ReplyDelete
  7. ඔන්න ව්භාගෙ ඉවර වුන ගමන් ආයෙත් පරණ දේ මතක් කර කර අඬන්න ගත්ත...දැන් ඉතින් අනාගතේට සුදානම් වෙන්න නංගො..හැමදෙම හරි යයි..තෙරුවන් සරණයි

    ReplyDelete
  8. හ්ම්ම්ම් ලස්සන පද පේලි

    හැබෑට මොකක්ද හේතුව ඕකට..........?

    ReplyDelete
  9. අහ් මේ මොකෝ මේ....කවුද දැන් මේ පුළුන් නැට්ටිගේ හා හදවත බින්දේ... :h
    හොරෙක්වත්ද? :n

    ReplyDelete
  10. අමුත්තක් පේන්නේ මට විතරද ?

    ගොඩක් ලස්සනයි ..

    ජයවේවා !!

    ReplyDelete
  11. වැරිදිකාරයා මම.මට සමාවෙන්න....!!!
    මමයි අපේ අහිංසක හාවිගේ අහිංසක හිත තැලුවේ...
    මට සමාවෙන්න...!!!
    :s :s :s :s :s :s :s :s

    (හාවියේ මම කවුද කියලා කාටවත් කියන්න එපා....)

    ReplyDelete
  12. ලස්සනයි. ඒත් කට්ටිය ඇහුවා වගේ මටත් අහන්න තියෙන්නේ මොකද මේ කියලා තමා

    ReplyDelete
  13. @ තරු අහස
    මුකුත් නෑ........ :c

    @ ළමයා
    හිතලා බලන්න එතකොට එයි..........

    බොහොම සතූතියි මල්ලියෝ....... :c

    @ පැන්ඩා
    මම නෑ...... කෝ කවුද එහෙම කිව්වේ??????
    හ්ම් අයියා.........:n

    @ කැන්ඩි
    බොහොම ස්තූතියි අයියා.......
    අනේ මංදා............. :c

    ReplyDelete
  14. @ ෴ හසියා ෴
    බින්දා????? හ්ම් හ්ම්.........
    හොරෙක්ද????? :n

    @ හිස් අහස
    මොකක්ද අමුත්ත???????

    බොහොම ස්තූතියි...... :c

    @ Hasitha
    බොහොම ස්තූතියි......
    මංදා........ :n

    ReplyDelete
  15. මේ හාවිගේ ප්‍රෝඩාව.. :P මෙව්වා නිකංම හිතට එන්න බැ :D

    ReplyDelete
  16. @ Bunny !
    එතකොට ලියන හැමෝම ලියන්නේ අත්දැකීම්ද???? නවල් එහෙම ලියන අයත්????? :p

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)