෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, December 15, 2010

හා පැටික්කිට උදව්වක් ඕන වෙලාලු.............



උදව්වක් ඕනවෙලාලු????? "ලු" මොකක්ද ඕනවෙලා.......
කෝ බලන්න හා පැටික්කි හොඳින් හොඳින්....... අනේ ඉතින් අතුරු ආන්තරාවක් එහෙම නෙමෙයි ඕන්.... හාවිට ආයෙමත් නිදහසේ පැන පැන යන්න කට්ටියගෙන් උදව්වක් ඉල්ලන්නයි ආවේ....... ඔව් ඔව් උක්කුන් මගේ කකුල් 4ම ඇවිදින්න බැරි වෙන විදියට සහනාධාරේ කපලා දැම්මනේ...... පස්සේ ඉතින් මම මේ එන්නේ උක්කුන් ගෙදර නැති වෙලේනේ........
අභාගේ ප්‍රථිඵල ආවම මට කකුල් හතරක් කැරට් බෙද බෙද පැන පැන යන්න අරන් ඕන කියලා මම අම්මට කියලා තිබුනේ. රිසල්ස් බලපු කෙනාගේ හොඳ කමද මංදා රිසල්ස් හොඳ උනානේ..... (බලපු කෙනාගේ වාසනාව.... ) ඉතින් ඉල්ලීම අනුව කකුල් හතරක් ලැබෙන්නයි යන්නේ........
කෝ කට්ටියගේ මොළේ කොලොප්පන් වගේද????
මං මේ කිව්වේ අම්මා මට ජංජාල සම්බන්ධතාවක් ඒ කිව්වේ දන්න සිංහලෙන් ක්‍රිස්මස් එකට ඩිං ඩොං බෙල් ඩොංගලයක් අරන් දෙන්නම් කිව් එක ගැන අනේ. ලොකු දෙයක් නෙමෙයි....... හැබැයි මට ලො කූ............. දෙයක්. කොච්චර අමාරුවෙන්ද මේ ඉන්නේ....... :'( :'(

කවුද කවුද අර පම්පෝරි නැතුව කාරණාව කියන්න කිව්වේ???? (හැබෑව තමා හා පැටික්කි වෙනදට වඩා හෙන පම්පෝරියක් කියවලනේ. කවුද මට ඒක පුරුදු කරේ???? )
දැන් කාරණාව මෙහෙමයි....... ජංජාල සම්බන්ධතාවක් අරන් දෙන්නම් කිව්වට ගන්න හොඳ සම්බන්ධතාවක් ගැන අදහසක් නෑ මේ අහිංසක හාවිට......... ගිය පාරත් බිල වැඩිවෙලානේ උක්කුන් බෙල්ලෙන්ම අල්ලලා විසික් කරේ. ඉතින් මෙදා පාර බෙල්ල කඩාගෙන කකුල් කඩාගෙන වින්නැහියක් නොවෙන්න සහෝදර සහෝදරියන්ගෙන් උපදෙස් පතන්න තමා මේක ලියන්නේ. මං දන්නවා මට කට්ටි උදව් කරනවා..... (නැතත් එහෙම කියන්න එපැයි...... ;) )

තම තමන් භාවිතා කරන නිසා ඉතින් ඔය දේවල් ගැන ඇක්ස් පීරියන්ස් ඇතුවම හොඳට දන්නවනේ. අනේ ඒ නිසා හා පැටීට උදව්වක් වශයෙන් මේ ගැන දන්න දේවල් සහ හොඳයි කියලා හිතන ජංජාල සම්බන්ධතා ගැන අදහස් කියන්න ආ නෑ ලියන්න කියලා ඉල්ලනවා...........

බෝම ඉස්තූතියි එහෙනම් සමුළුවට සහභාගී උනාට. ඌප්ස් සොරි මං මේ කිව්වේ ලිපිය කියෙව්වට..... :D :D

31 comments:

  1. මමනං පාවිච්චි කරන්නෙ ඩයලොග් Wimax කනෙක්ෂන් එකක්. ගාන තමයි ප්‍රශ්නෙ.
    ඩොංගල් වලින්නං මං අහල තියෙන විදියට Dialog, Airtel තමයි හොද

    ReplyDelete
  2. ඒක ලැබුනට පස්සේ වැඩි වැඩියෙන් ලියන්නකෝ

    ReplyDelete
  3. හකෝ හකෝ..ජයවේවා!!
    මම නම් පාවිච්චි කරන්නේ ඩයලොග් බ්‍රොඩ්බැන්ඩ් කනෙක්ෂන් එකක්..අන්ලිමිටඩ්..මාසෙටම 1950/- යි..

    ReplyDelete
  4. මොබිටෙල් එකෙන් හා පැටික්කි වගේ ස්ත්‍රී පාර්ශවයට විතරක් දෙනව උපහාර අන්තර්ජාල සම්බන්ධය..1 GB හින්ද ලොකු ලොකු වැඩ බැ..බ්ලොග් බලන්න බ්ලොග් කියවන්න මුනු පොතෙ ඇවිදින්න නොට් එකක් හොයාගන්න පුලුවන්..දැනට තියෙන ලාභම එක ඕක තමා..නැත්තං ඉතින් මාසෙට 92ඔ ක් විතර දීල ඩයලොග් 2 GB එක පැන්නම ස්ලො එකෙ අන්ලිමිටඩ් දෙන පැකේජ් එක තමා වාසි..
    මොඩම් එකක් නං උක්කුන්ට කියන ගෙන්න ගන්න..අන්ලොක් එකක් ගන්න..දැන් නං 5000 ට අඩුවෙන් අන්ලොක් එකක් හොයා ගන්න පුලුවන් වෙයි යුනිටි එක පැත්තෙන්..එහෙනං ඔයාගෙම කනෙක්ෂන් එකෙන් ලඟදිම බ්ලොග් ලියන්න ලැබේවා

    ReplyDelete
  5. මමනම් එස් එල් ටී එඩි එස් එල්.අම්මා තාත්තා හරි රජයේ සේවකයෙක් නම් මොබිටෙල් උපහාර පැකේජ් එකේ දෙන ඒක නරකම නැ.මම මගේ බැකප් එක විදියට තියන්නේ ඉන්නේ එකක්.අනිත් ඒවා ගැනනම් දන්නේ නැ.

    ReplyDelete
  6. ඩොංගැල ගැන නම් මා නොදනී....
    ඈස්.ඈල්.ටී බ්‍රෝඩිබෑන්ඩ් හෝම් පැකේජය මා සතුවැ ඈත..

    ReplyDelete
  7. ඩොන්ගල් එකක් ගන්නවා නම් Huawei E156G වගේ එකක් ගන්න (මම පාවිච්චි කරන්නෙ ඒක)

    පැකෙජ් එකට මොබිටෙල් zoom පැකෙජ් එකක් ගන්න මම අරං තියෙන්නෙ zoom 1250 ද කොහෙද කියන පැකෙජ් එක ඒකට මාසෙට 8GB ප්‍රමාණයක් පැබෙනවා.. මාසික ගාන 1600 වගේ :D ඊට අඩු ඒවත් තියෙනවා.. සිග්නල් තියෙනවා නම් "හුලංටෙල්" උනත් නරකක් නැ :D (කෝලෝගාඩ් නම් මදි :P)

    පා.ලී: උපහාර පැකේජය පිලිබදවනම් මාගෙ එතරම් මනාපයක් නැත.. මම එකෙන් අවුරුද්දක් විතර කට්ට කැවා.. 1GB කොහෙත්ම මදි..
    හැබැයි දැන් උපහාර දෙන එක නවත්තලා :D

    නැ.පා.ලි.
    හැබැට ගෙදර තියෙන්නෙ ADSL ලයින් එකක් නම් රවුටර් එක මාරු කරලා වයර් එකක් ඇදගන්ටකෝ :D

    ReplyDelete
  8. ඩොංගල් එක ගන්න කලින් බලන්න ඕනා කොයි සේවාදායකයා ගේ ද 3G සිග්නල් තියෙන්නෙ කියලා.සේවාදායකයො ගොඩක් ඉන්නවා නම් හොදම සිග්නල් තියන අය කවුද කියලා දැනගන්න ඔන.මෙකට කාගෙහරි ඩොංග්ල් එකක් දවසට 2ක්ට ඉල්ලන් ඇවිත් ටැස් කරලා බලන්න.විශේෂයෙන් ‍රැ 7 ත් 12ත් අතර අවුලක් නැතුව වෙබ් පි‍ටු ලෝඩ් වෙනවද කියලා බලන්න ඔනෙ.(මෙවා කරන්න ඔන 3G සිග්නල් කියන එවා ප්‍රදේශය අනුව වෙනස් වෙන නිසා)

    ඊට පස්සේ ජංජාලේ කොච්චර පාවිච්චි කරනවාද(මාසෙකට ජංජාලෙ ඉන්න කොච්චර GB යනවාද)කියන එක මත ලාබම පැකෙජෙ තොරාගන්න.

    පැකෙජ විස්තර
    AirTel
    -prepaid
    රු 99 රී ලෝඩ් කරාම දෙන පැකෙජෙ පරන සිම් වලට විතරයි. අලුත් සිම් වලට ගන්න පුලුවන් රු45 රී ලෝඩ් කරාම දෙන දවසක් ඇතුලත ඉවර කරන්න ඔන ගිගාබයිට් 1.5 විතරයි.

    -postpaid
    http://www.airtel.lk/AirtelSL/broadband/packages.html


    Dialog
    -prepaid
    http://www.dialog.lk/personal/broadband/hspa/packages/prepaid-broadband/
    -postpaid
    http://www.dialog.lk/personal/broadband/hspa/packages/unlimited-postpaid-broadband/

    Mobitel

    -prepaid
    http://mobitel.lk/broadband/3g_delight.html
    -postpaid
    http://mobitel.lk/broadband/postpaid_internet.html


    ඊටපස්සෙ තියෙන්නෙ සල්ලි ගෙවලා අදාල සේවාදායකයාගෙ ඩොන්ගල් එක ගන්න තමයි.

    mobile broadband වල රු 1500 වගේ පැකෙජ තොරගන්න වෙනවා නම් ADSL හෝ Wi-Max ගන්න එක තම්යි වඩා හොද.

    නිකමට මෙවත් කියෙව්වොත් හොදයි
    http://staryblogger.blogspot.com/2010/12/blog-post.html

    ReplyDelete
  9. Airtel 5gb 299/= ta ganna.

    ReplyDelete
  10. මමත් ඉතින් ඔව්වා ගැන දන්නේ නැහැනේ හා පැටික්කියේ. අපේ වයිෆ් නම් පාවිච්චි කරන්නේ SLT ADSL අන්ලිමිටඩ් එකක්. ගාන නම් මමවත් දන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ලෙඩ.
    මම නම් පාවිච්චි කරන්නේ Q-tel. ඒක ලංකාවේ නැහැ නෙව....

    ReplyDelete
  11. පෝස්ට් එක කියෙව්වා.. සිරාවට මෙලෝ දෙයක් තේරුන්නැ.. mobile broadband ගන්නවනං උඩිං තියෙන an0nymous කමෙන්ට් එක බලන්න. කියන්න ඕන දේ හරියටම කියලා තියෙනවා.

    ReplyDelete
  12. SLT ADSL Home Package එකක් තමා මම නම් පාවිච්චි කරන්නේ. Speed එක 512 kbps. Unlimited download. මගේ හැටියට නම් මේක හොඳටම හොඳයි

    ReplyDelete
  13. හා පැටික්කීගේ අවශ්‍යතා, සිටින තැන, උක්කුංගේ කරදර යනාදී සියලු කරුණු කාරණා සලකා බලා ADSL අන්ලිමිටඩ් පැකේජයක් යෝජනා කරමි. ඕනම නම් අල්ලපු ගෙදරත් එක්ක ඇග්‍රිමන්ට් පාරක් දාලා ෂෙයා කරගන්න. මම යනවෝ....
    -කාංචන

    ReplyDelete
  14. mamath slt adsl mata 2900 maseta xlite pacage dan nam denne na. dialog hodai mama hithanne


    PCW

    ReplyDelete
  15. අත්දැකීමෙන් කියන්නෙ. මට නම් මොබිටෙල් තමා හොඳම. ඒත් ඔය පැත්තට කොහොමද කියල දන්නේ නෑ.

    ReplyDelete
  16. මා ලගත් තියෙන්නෙ slt අන්ලිමිටඩ්. ෆෝන් බිලත් එක්ක 2200 විතර මාසෙට වියදම යයි. ඕනැතරං ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්නේ. සීමාවන් මුකුත් නැ. වේගයත් අවුලක්නැනේ.....

    ReplyDelete
  17. මම නම් ඉස්සර වී කෙයාර් ඕල්වෙයිස් තමා.ඒ කාලෙනම් ඉතිං රොක්ස් තමා...:e
    දැන්නම් කොහොමද දන්නේ නෑ... :n

    අර උඩ ඇනෝකාරයා කියපුදේ තමා මටත් කියන්න තියෙන්නේ...කරන්න ඕනි දේ තියේ ඒකේ...ඒ විදිහට බැලුවනම්...:r
    අපරාදේ ඒකා නම දාලා ගිහින් නෑනේ.නැතිනම් තැන්කූ පාටියක් දෙන්න තිබ්බා... :m

    ම්ම්ම්ම්ම් පේපර් එකනම් බැලුවේ මං...:r එතකොට කවුද රිස්ල්ස් බැලුවේ....:n ඇයි ඌ පොරක්ද? :p

    ReplyDelete
  18. මම නම් මේව දන්නේ නැහැ.ඒත් හාවි එක්ක කඩේ යන්න තනියට එන්නම් ... බිම අරන් දෙන්නම් කෑම අරන් දෙන්නම්... හාවි මොකද කියන්නේ ...

    ReplyDelete
  19. කතන්දරෙ තියෙන්නෙ ඔක තැනින් තැනට වෙනස් වෙනවා.ඩොන්ගල් ගන්නව නම් කාගෙ හරි ඩොන්ගල් එකක් ඉල්ලගෙන ටෙස්ට් පාරක් දාන්න වෙනවා.අපේ ගෙදරට නම් මොබිටෙල් විතරයි හොඳට වැඩ කරන්නෙ.ADSL/WiMAx ගන්නවා නම් ෆීල්ඩ් ටෙස්ට් එකක් කරලා එහෙම ස්පීඩ් කොහොමද කියලා බලන්න.නැත්නම් අහල පහල ගෙවල් වල පාවිච්චි කරන අයගෙන් අහන්න.හොඳ සේවාවක් දන්න විදිහට කවුරුත් දෙන්නෙ නෑ.සමහර වෙලාවට අවුල්.එකක් ඔයාගෙ අවශ්යතාවය අනුව තොරා ගන්න.ISP ලාගෙ website වලට ගිහින් බලන්න.

    ReplyDelete
  20. ""Anonymous said...
    හා පැටික්කීගේ අවශ්‍යතා, සිටින තැන, උක්කුංගේ කරදර යනාදී සියලු කරුණු කාරණා සලකා බලා ADSL අන්ලිමිටඩ් පැකේජයක් යෝජනා කරමි. ඕනම නම් අල්ලපු ගෙදරත් එක්ක ඇග්‍රිමන්ට් පාරක් දාලා ෂෙයා කරගන්න. මම යනවෝ....
    -කාංචන
    Wednesday, December 15, 2010 4:25:00 PM ""

    සම්පූර්ණයෙන්ම එකඟයි
    අපේ ගෙදර තියෙන්නෙත් ගෙවල් දෙකක් හවුලේ පාවිච්චි කරන රවුටර් 2 ක් දාල කොම්පියුටර් 4 කට (5 ක් ද මන්ද ) යවන ADSL Unlimited Package එකක්. හැබැයි මේ දවස් වල ඔය කොයි නෙට්වර්ක් එකත් ටිකක් ස්ලෝ. ඇයි කියල නම් දන්නේ නෑ

    ReplyDelete
  21. මම දෙන්නම් ඔයාට නියමෙට හරියන පැකේජ සෙට් එකක්ම

    ඔයා උදේට ජාල ගතවෙනවානම් = SLT
    දවාලට නම් = Mobitel
    දිවා ආහාරයෙන් පසු = Aritel
    රාත්‍රී ආහාරවේලට ප්‍රථමයෙන් = Dialog
    රාත්‍රී ආහාරවේලට පසු = Lankabel

    ඉහත විදිහට ඔය සේරම එක එක වෙලාවට එක එක හැකියාවන් දක්වනවා ..ඉතින් මං කියන්නේ ඔය ඉහත විදිහට ඔයා පාවිච්චි කරන්න ඔය සේරම මම දාපු වෙලාවන් වලට ..

    ජයවේවා !!

    ReplyDelete
  22. හා පැටික්කියේ පළමුව හොඳට සිග්නල් තියෙන්නේ මොනවද කියල බලන්න. හුලංටෙල් නම් තවම නිසි ලෙස ක්‍රියා කරන තත්වයක් නෑ. ඩයලොග් මොබිටෙල් ඊට වඩා හොඳයි. නංගිට මාසෙකට අවශ්‍ය දත්ත ප්‍රමාණය අනුව පැකේජ් එකක් තෝරගන්න වෙනවා. SLT ADSL එකත් හොඳයි. නමුත් නංගිගේ අවශ්‍යතාවය පඳහන් කරනවානම් උත්තරයක් දෙන්න පහසුයි. අදාළ සමාගමේ වෙබ් එකෙන් පැකේජ් පිළිබඳ විස්තර සොයන්න.
    මම නම් මොබිටෙල් භාවිතා කරන්නේ. ඒමට වෙනත් සේවා නැති නිසා. Zoom490 මට ඇති මාසිකව 1.5GB පවතිනවානේ.

    ReplyDelete
  23. @ All
    හැමෝටම බොහෝම ස්තූතියි කියපු දේවල් හිතලා බලලා මම එන්නම්කෝ හැමදාටම පැන පැන ඉන්න.......... :c :c

    ReplyDelete
  24. අඩේ මේක දැක්කෙත් අදයිනේ මටනම් ඉතින් SLT ම තමා ...........

    ReplyDelete
  25. SLT ADSL eka thama hodama..... Ita passe dialog BB eka hodai... mokada unlimited ne.... Sathan gawa thiyenne dialog 2 GB line eka....

    ReplyDelete
  26. මන් වගේ ගාටන්න එයාටෙල් ගන්න :D:D

    ReplyDelete
  27. අපිනං මොබිටෙල්! හැබැයි බිල තමයි ඉවසන්න අමාරු

    ReplyDelete
  28. මම නම් දන්නෙ නැහ හා පැටික්කි... මම ඉතින් මේ සීත රටේ නොවැ... හොඳට බලල ඉක්මනට කකුල් 4ක් අරන් ආවනම් ලියන්න ආයෙ...

    ReplyDelete
  29. මම නම් කනෙක්ෂන් දෙකක් පාවිච්චි කරනවා. මුලින්ම ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් ඉල්ලුවත් දෙන්න පරක්කු වුන නිසා මොබිටෙල් උපහාර එකක් ගත්තා. පස්සෙ ටෙලිකොම් එකත් හම්බ වුනා. දෙකේම 1GB ගානෙ තමයි තියෙන්නෙ. ඒත් නිතරම ඒ ගාන නම් පනිනවා.

    ඩොංගල් එකක් ගන්නව නම් මම හිතන්නෙ හරි යන පැකේජ් එක ඩයලොග් හරි මොබිටෙල් හරි තමයි. ඩයලොග් නම් ටිකක් ගාන වැඩිද මන්දා. කොහොම වුනත් හොඳටම 3G තියෙන පැත්තක වුනත් එයාටෙල් නම් සෑහෙන්න slow.

    තවත් දෙයක්. ඊළඟ ජනවාරි ඉඳලා සියලුම නෙට්වර්ක් වලට අවම බ්‍රෝඩ්බෑන්ඩ් වේගයක් නියම කරන්නයි යන්නේ (දෙසැම්බර් 19 Sunday Times). ඒක නිසා බොහෝ විට දැනට තියෙන පැකේජ් වෙනස් වෙන්න පුලුවන්. ඒකත් ටිකක් හිතල බලන්න. ඒ කියන්නෙ ටික දවසක් ඉඳලම බලන්න කියන එකයි...

    ReplyDelete
  30. අනේ මං තාවකාලිකව මොබිටෙල් පැකේජ් එකක් ගත්තා. ඇත්තම කියනවනම් ගැලපෙන එකක් නෙමෙයි. ටෙස්ටින් එකක් වගේ. මොකද මගේ ගෙදර ඉන්න බලාපොරොත්තුවක් නෑනේ තව මාස කීපයකට පසු. ඒ නිසා ගත්තා තාවකාලික එකක්.
    හැමෝටම බොහොම ස්තූතියි.
    මං හරියන එකක් ගත්තම කියන්නම්කෝ හැමෝටම....... :g :g :g :g

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)