෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, December 29, 2010

සිහින් හිරි පොඳ......


මොකද කුඩේ තියන් අපි තෙමෙන්නේ????

"මොකද කුඩෙත් තියන් අපි තෙමෙන්නේ????"


"ම්ම්ම්ම් ඔයා ආස කුඩේ දානවටද මෙහෙම යන්නද?????"
මම උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක්ම ඇහුවා......
සිහින් හිරිකඩ වැටෙන පොද වැස්සේ යන්තම් තෙමි තෙමි යන්න තිබුන ආසාව නිසාම කුඩේ දිග ඇරියේ නැතුවම හිටියා...... තෙමෙන්න තරම් වැස්ස වැටුනේ නැති නිසා ටිකක් ආස හිතුනා........

"මමත් කැමති මෙහෙම තෙමි තෙමි යන්න තමා.........
ඒත් ඉතින් ලෙඩක් නිකමටවත් හැදුනනම් මගේ ලොකු ඉස්කොළෙ හාමිනේගෙන් බැනුම් අහන්න තමා බැරි......"


පාර කියලවත් බලන්නැතුව මට සමාන්තරව ගමන් කරමින් සිටි ඔහුට වැලමිටෙන් පහරක් ගැසීමි.

"මොකද හිනා වෙන්නේ?????"
"කව්ද දැන් ඔයාගේ ලොකු ඉස්කෝළ හාමිනේ????"


"වෙන කවුද ඉතින් මට හෙම්බිරිස්සාවක් හැදුනත් බැන බැන උපදෙස් දෙන මගේ මේ කුමාරිහාමි මිසක්......"


"ඉන්නකෝ මීට පස්සේ කියන්න එපා මට ඔළුව රිදෙනවා ඇඟ රිදෙනවා කියලා...... මම බලන්නෙවත් නෑ......."


නෝක්කාඩුවක් කියා මා මදක් ඔහුට ඉස්සර වීමි......

"නිෂි..."


නෝක්කාඩුවෙන්ම බව අඟවමින් මා හැරුනෙමි.....

"මගේ ඔළුව රිදෙනවා වගේ....."


"ඕකනේ කියන්නේ පණ්ඩිතයට....... කෝ එන්න කුඩේ දාමු........"
"මං ලග පැනඩෝල් ඇති ඉන්න දෙන්නම්........"

ඔහු සියල්ල බලා සිටිමින් සිනාසෙයි...... මතක් වූයේ දැන්ය මා මින් පසු නොබලනවා කීවේ විනාඩි කීපයකට පෙරය....

"ඕකනේ ඉස්කෝළ හාමිනේට කට තිබ්බට වැඩෙන් එහෙම නෑ......."

මටද සිනා ගියේ ඔහු එය තරමක් ඇද කී ලතාවටය......

"හරි හරි ඉතින් ඉස්කෝළ හාමිනේට කෝකටත් ඉන්නේ ඔය පුංචි දරුවා විතරනේ........"
හැබෑවටම ඔහු ඇතැම් විට පුංචි දරුවෙකි. හුරතල් වන්නට ගත් විට නිමක් නැත.......
ඇතැම් හමුවුන දවසට ඟං තෙර අයිනට වී බොහෝ වෙලා ගත කරන්නට පුරුදු වීමු.
එදාට ඔහු ගෙනා කෑම එක කවන තුරුම කට ඇරගෙන සිටී.

"කෝ ඉතින්......"


"අතක් තියෙන්නේ කන්නකෝ......"


"එතකොට රහ නෑ......."


"ඇයි ඒ????"


"ඒවට අඩුයි....."


"මොනවද????"


"ඔයා බත් කට කවද්දි දාන ආදරේ......."


සිනාවක් නැගුනද තරහක් පෙන්නන මා
"ඔව් ඉතින් හැමදාම බබා පැටියට කවන්න එපැයි......."
කියන්නේ සතුටින් බව ඔහුද දනී.......
"මං ඇරෙන්න කව්ද පුංචි පැටියා........"


"ඔව් ඔව් අලි පුංචි පැටියා......."
කවන තුරාවටම මා හා හුරතල් වීම දැන් පුරුද්දකි. එය මා සිතටද ඇති කරනුයේ කියා ගත නොහැකි වූ ආදරයකි........ ඇතැම් විට මටද සිතෙන්නේ ඒ බත් කට වැඩියෙන් රස ඇති කියාය.
------------------------------------------------------------------------------------------------

"අක්කා......."
මා ගැස්සී ගියෙමි.
"ඇයි මල්ලී....."

"ඔයා දැන් කීයේ ඉඳන්ද වැස්ස දිහා බලාගෙන අපි යමුද?????"
මට ඔර‍ලෝසුව දිහා බැලුනේ නිරායාසයෙනි.......
පැය භාගයක්ම මෙතන සිට ඇති බව දුටු වට මට ලැජ්ජාවක්ද ඇතිවුනි.......

තෙමෙන්න නොදී පුංචි ළමයෙක් වගේ පරිස්සම් කරන්න.........
හිතුනම සිහින් මල් පොද වැටෙන වැස්සේ තෙමි තෙමි යන්න..............
පොඩ්ඩක් සැර දාලා තරහා වෙන්න........
රහට අනලා ආදරෙත් එක්ක කවන්න...... ඟං තෙරට වෙලා පැය ගනන් කතා කරන්න.........
අතීතය කඳුළුත් එක්ක එකතු වෙලා කඩා වැටුනත්.......... වැහි බිංදු එක්කම ගලාගෙන යාවි........
වෙනසක් නැතුවම.......
"හ්ම්....... අපි යමු මල්ලී......."
දිග සුසුමක් පිට වූයේ මටද රහසිනි.






සැ.යු:- මේ සිංදුව හිතේ තියන්ම ලීව ලිපියක් නම් නෙමෙයි. ඒත් ලියද්දි මේ සිංදුව මතකෙට ආවා. මං බොහොම ආස ගීතයක්. ඒකයි දාන්න හිතුනේ.........

නැ.සැ.යු:- හා පැටික්කිට තාවකාලිකව කකුළ් 2ක් ලැබුනා..... මේ ඒකෙන් පැන යන ගමන් තමා...... ලැබුන කකුල් දෙකේ හැටියට පැන යන්න තමා කල්පනාව. බලමුකෝ නේද.........

23 comments:

  1. අනේ අක්කේ ඔයා පොතක් ලියන්නඛො.. මම ගොඩාක් අසාධාරණ ඉල්ලීමක්ද දන්නෙ නෑ ඉල්ලන්නේ.. ඒත් ඇත්තමයි හරිම ලස්සනයි ඔයා ලියන විදිහ.. ඒ වගේම මම මේ සිංදුව අහපු පලමු වතාව.. පුදුම ලස්සන කටහඬවල් දෙකක්.. ගීතයේ තේරුමත් ලස්සනයි..

    ReplyDelete
  2. දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා....

    බ්ලොග් පෝස්ට් එකටම හරියන සිංදුව :c

    ReplyDelete
  3. මාත් ඒකම තමා කියන්න ගියේ......... ( කුමාරි කියපු එක ) මොකො කියනේ පොතක් ලියමුද හාවියේ ( ගැෆික්ස් මා ගානේ හික්xxxx ;) :b

    නැ නැ සිරාවට පොතක් ඔනෙ නැ ඔන්ලයින් කියවන්න මෙගා කතා සීරීස් එකක් වගේ ලියන්ටකෝ.... එළට තීයෙනවා අෆ්ෆා :e

    එහෙනම් ලියනව නේද ?..............
    ජයවේවාzzzzzzzz

    ReplyDelete
  4. නියමයි නේ හාවිගේ අදහස් ටික

    ReplyDelete
  5. මේකටනම් මොනව කියනවද කියන්න තේරෙන්නේ නෑ හා පැටික්කියේ..
    ඒත් ලස්සනට ලියල තියනවා..

    ReplyDelete
  6. ඔයතරම් ලස්සනට ගැලපුවේ කොහොමද ? සින්දුවත් ඇහුවම ලියලා තියන දේ හිතට නියමෙට වදිනවා ..

    ඔය ලියලා තියෙන්නේ සිතුවිල්ලක් විතරද ?
    අනේ මන්දා ...

    ජයවේවා !!

    ReplyDelete
  7. මේ සිංදුව නම් හරිම ලස්සනයි නේ...
    ඔයා ලියන විදිහත් හොදයි ,කියවන්න කම්මැලි නෑ.. :t

    ReplyDelete
  8. පශ්ට ආ...... අතීතය... වැඩක් නෑ ඉතින් මතක් වෙද්දි..... මමයි අපේ හාමිනෙයි නම් තවමත් වැස්සට ආසයි....

    ReplyDelete
  9. ලස්සනට ලියල තියෙනවා. පළවෙනි වතාවට ඇහුව උණත් සිංදුවත් ලස්සනයි. :t

    ReplyDelete
  10. අඩේ අක්කෙ නියමයි.. යට ටිකේ හැටියට මට නන් මීටර් වෙන්නෙ වෙන සීන් එකක්.. ඒත් උඩ ටික කියවද්දි පාවුනා වගේ... සුපිරි :t :m

    අමුනල කරල අන්න වැඩේ.. ගහමු පොතක් :o

    ReplyDelete
  11. අතීත මතක ගොඩ අවුස්සලා මාව ඒක මැද්දට දාලා තනිකරා වගේ. නියමයි, මටත් මායි... තවකෙනෙකුයි තෙමිච්ච හැටි මතක් වෙනවා අප්පා. අපෝ ඒ දවස් වල වහිනකම් බලන් ඉන්නේ. වැස්සේ තෙමෙන්නයි, කඩදාසි ඔරු හදලා තරඟෙට යවන්නයි.

    ඔයාට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. කතාවට හරියන සිංදුව..:i නැ සිංදුවට හරියන කතාව..:kකොහොම හරි කාරි නැ..:b :b හා කුමාරි ලස්සනට ලියල තියනවා.. :t :t :t :t

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්ම්....
    නැවතත් කිසිදිනක නොලබන සුන්දර අතීතයක් මතක් කරලා දුන්නා ඔයාගේ පෝස්ට් එක මගේ නංගියෝ....

    සිංදුවත් හරිම ලස්සනයි.....

    :s :s :s :s :s :s :s :s :s :s :s :s :s

    ReplyDelete
  14. ඉස්සෙල්ලාම කියවගෙන යද්දී තේරුම් ගත්තෙ වෙනස් දෙයක්නේ.. කමෙන්ට් බලනකොට තමයි ආපහු බලන්න හිතුනේ... තව පොඩ්ඩෙන් වයර් කමෙන්ට් එකක් දානව ආපහු බැලුවෙ නැත්තම්.. හික්ස්.
    එළ එළ.. ලස්සනයි.. වෙනස් පෝස්ට් එකක් නියමට ලියල තියෙනවා..
    හසීගේ පොස්ට් එක බලල පොඩ්ඩක් අවුලෙන් හිටියේ.. මේක කියව්ව නිසා අවුලක් නෑ වගේ.. මැක්සා...

    ReplyDelete
  15. @ රුවන් කුමාරි
    ම්ම්ම්ම අදමද මම ඔයාව දැක්කේ???? අනේ මට මතක නැහැ....... :J
    කොහොම හරි අනේ අක්කා/ නංගී මට ඔය කියන තරම් ලස්සනට නම් ලියන්න බැහැ.....
    බොහොම ස්තූතියි.........:C :C

    @ පූසා
    බොහොම ස්තූතියි සුදු පූසෝ....... :c :c

    @ ජේ ඩී
    ලියමු???? බහු වචනෙන් මොකද?????? :p

    අනේ මට ඔය බැරි වැඩ කරලා අනා ගන්න බැරියෝ........... :n

    @ මධුරංග
    බොහොම සුතූතියි සහෝ........ :c :c

    @ priyantha.ඒබී
    ඇයි ඒ අයියා??????:j

    බොහොම ස්තූතියි අයියා..........:c :c

    ReplyDelete
  16. @ Mr Lonely
    බොහොම ස්තූතියි.........

    @ හිස් අහස
    මං දන්නෑ සඳරු........ මට හිතුනම ලියනවා විතරයි........... :i

    සිතුවිල්ලක් විතරම තමා...... අත්දැකීමක් නම් නොවේ.......... :n

    @ මම
    අම්මෝ ගොඩ කාලෙකින්........... :g
    බොහොම ස්තූතියි අනේ........ :c

    @ කැන්ඩි
    බොහොම ස්තූතියි අයියා......... :c

    @ අභීත
    එහෙමද???? හා හා........ වැස්සට කවුද අයියා ආස නැත්තේ......... :a

    @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියා.........:c :c

    ReplyDelete
  17. @ Hasitha ජයසූරිය
    මීටර් උනේ මොනවද?????????
    පාවෙන්න ගිහින් බිම වැටෙයි බලාගෙන...........

    ගහමු ගහමු....... කෝ කාටද දැන්???? :p

    @ prasanna86k
    හෙහ් හෙහ්...... ලස්සන අතීතයක් තියන කෙනෙක් වගේ......... :r

    අනේ මම ලෙඩ වෙලා නෑ අයියා..... මම කිව්වේ මේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව ගැන.....

    @ ෴හසියා෴
    කිසිදිනක නොලබන නොවෙන්නත් පුළුවන්......... බලන්නකෝ ඉවසලා මගේ අයියේ........ :c

    අපොයි අඬන්න අපා............ නලවන්න කෙනෙක් නෑ මෙහේ....... මේක හා ගුලක්...... :n :n :n :n

    @ සිරකරුවා
    අනේ මංදා මට වයර් අයියට වයර් උනේ කොහොමද හිතන්න ගිහින්.......... :j

    බොහොම ස්තූතියි අයියා....... :c :c
    හසී අක්කිගේ පෝස්ට් එක මාත් බැලුවා...... :s

    ReplyDelete
  18. හරිම ලස්සනයි ඇත්තටම පොතක් ගහමුද? :b :b ඔන්න මේ අවුරුද්දේ මගේ අන්තිම කමෙන්ට් එක ජය වේවා...! :m :m

    ReplyDelete
  19. හැමදාමත් වගේ......පට්ටයිලු කතාව!! අර රුවන් කුමාරි ඉල්ලපු ඉල්ලීම අසාධාරණ එකක් කියල අපිටනම් හිතෙන්න නෑ නංගා..

    ReplyDelete
  20. @ හසී
    එහෙනම් ඔන්න මගේ බ්ලොග් එකේ මේ අවුරුද්දෙ මං දාන මුල්ම කමෙන්ට් එක...... :g

    බොහොම ස්තූතියි..... :c :c ඒක නෙමේ පොත් වලට ගහලා පව් පිරෙයිනේ අක්කියෝ...... :P

    @ විත්ති
    බොහොම ස්තූතියි........ :c

    @ blog gadol
    නව වසරේ මට ලැබුන මුල්ම කමෙන්ට් එක........ :g

    බොහොම ස්තූතියි.......
    දැන් ඔය කවුරුත් මාව මුරුංග අත්තට නැග්ගුවම වැටෙයිනේ..... මං පවුනේ...... :s :s

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)