෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, March 29, 2010

හා පැටික්කිගෙ ආදරේ.....

අදනම් හා පැටික්කි ගෙනාවෙ වෙනස්ම දෙයක්....
මේ මගේ ජීවිතේ...
මං වැඩියෙන්ම ආදරේ කරන අය.... ඇත්තම කිව්වොත් මගේ පවුලේ කට්ටිය....




මේ මගේ බලු මල්ලියා.. එයා නම් මාවදාල යන්නම ගියා..... ලෙඩ වුනා හිටපු ගමන් බේරගන්න බැරි උනා......(වටේ පිටේ පේන ඒව ගැන හිතන්න එපා... මං තනියම එපැයි ඔක්කොම කරන්න....).





















මේ ඉන්නෙ මං හදපු එකම ලේන් මල්ලියා චූටි කාලේ....(හදපු අනිත් ඔක්කොමල ලේන් නංගිලා....)







එයාට හුඟක් ආදරෙන් වගේම බයෙන් හැදුවෙ... ඇත්තම කියනවනම් හිතේ ගින්දරෙන්... මෙයා ලෙඩ ගොඩක් මට ලැබෙද්දි...(දුන්නෙ කවුද නම් මතකයක් නෑ..) බෙහෙත් දීල විටමින් දීල තමා ඔය තත්වෙට ගෙනාවෙ. එයා ලොකු උනාම මාව දාල ගියා ටික දවසක් මං කතා කරාම ආව පස්සෙ අවෙම නෑ......



මේ ඉන්නෙත් ඒ මල්ලියම තමා ලොකු වෙලා... පේනවනෙ කරන වැඩේ..... දඟ දාස....




මේ අපේ ගෙදර දැන් ඉන්න බලු මලයා චූටි කාලේ... ඉස්සර නම් හරි හුරතල් දැන් අලි හුරතල්....හිහ්..හිහ්...

ඉතුරුව පස්සෙ දවසක දාන්නම්.... හා පැටික්කිට මේ ටික upload කරන්නත් සෑහෙන වෙලාවක් ගියා..... දැන් මහන්සියි... ඒමදිවට 4tos upload වෙන්නෙත් නෑ... මොකද මන්දා....

මේ දෙවල් ගැන හිතෙන දේ කියල යන්න අමතක කරන්න එපා....



Wednesday, March 24, 2010

එක්ස්පීරියන්ස් නැතුව හා පැටික්කි ආදරේ අන්ධ කර හැටි.....


මදෑ හා පැටික්කි ආදරයක් ගැන කියන්න ගිහින් උන දෙයක්. මට නැති එක්ස්පීරියන්ස් මගේ කරනව මෙහෙම ගියොත්... Bunny මලයයි හෙළය අයියයි පෙරමුනේ රාල තනතුරට.... ඒක නිසා හා පැටික්කි මේ පෝස්ට් එක දාන්න හිතුව......

හා පැටික්කිගෙ ආදරණීය පාසල තියෙන්නෙ මුහුද -> පාර -> පාසල කියන පිලිවෙලට..... ඒ බීච් එක පැත්තට වෙන්න වැරැන්ඩ එකකුත් තියෙනව. හැබැයි ළමයිට ඒ පැත්තෙ ගුරුවරයෙක් නැතුව ඉදීම තහනම්. (ඒ උනාට ගුරුවරුන්ට රස විදින්න හොඳයි...සමහර විට ඒව හොඳ වැඩිහිටියන්ට විතර වෙන්නැ...)

ඒ උනාට ඉතින් දන්නැද්ද..... කට්ටිය වැඩක් නැති මිස්ල නැති වෙලාවට, ඔය ගුරුවරුන් හැමෝටම මොකක් හරි තියෙන වෙලාවක ඒ පැත්තෙන් රවුමක් දානව... අනේ ඉතින් නරලොව හොල්මන් වගේ තමා.... කට්ටිය බීච් එකේ ගිනි කාස්ටක අවුවෙත් අවුව නැති ගානට ....(අපරාදෙ කියන්න බෑ ගිනි දවල් 12ට අවුව තපිනව හෙන තොගයක්... කුඩ ඇතුව හෝ නැතුව....)
වෙන වැඩකුත් නැති එකෙ ඔය කට්ටියගෙ ගැලපීම් හොයනව..ඔන්න ඉතින් කට්ටිය පටන් ගන්නව ගලපන්න. ඉක්මන්ට ගැලපුවෙ නැත්නම් office එකේ තමා නතර වෙන්න වෙන්නෙ... උත්තර ගලපන්න... හිහ්... ;D

හැබැයි පුංචි කාලෙනම් නිකන්ම වීස ලැබෙනව...හා පැටික්කිල පුංචි කාලෙ ගණන් පාඩමට වාහන ගනින්න අර ඉරටු මිටි අඳින්න කියල පාර අයිනට යැව්වම වැඩිදෙනෙක් ගණන් දානේ ඈතින් පේන කකුල් හතරෙ වාහන.... හිහ් හිහ්.... කවුද ඉතින් දන්නෙ ... අපි විතරනේ ගණන් කරේ මොනවද කියලා දන්නේ.....
ඒකාලෙ ගලපන්න තරම් දැනුමක් තිබුනෑනෙ ඉතින් කොලේ ගණින එක... (පෙබරවාරි 14 වගේ අහුනොත් ඉරටු ඇඳලම පනයයි...)

"අයිය කැතයි" අක්ක මිටි වැඩියි" "දෙන්නම ලස්සනයි" "නැවයි බෝට්ටුවයි වගේ.."හතර රියන් සහ දෙරියන් වගේ" "ලොරිබාගෙයි බයිසිකලෙයි" තව එක එක විදියට ගැලපුවා... හා පැටික්කිල A/L කරපු පාසල් ගිය අන්තිම අවුරුද්දෙ... ඒ කිව්වෙ ඉඳල හිටල වැස්සට ඉස්කෝලෙ ගිය කාලෙ හරියට තැනක් නෑ ඕන තැනක ඉන්න පුලුවන්.. ඉතින් කට්ටිය ගියේ බීච් වැරැන්ඩ එකට... මේසයක් එහෙම දාල හදල ගත්තා.. හැබැයි අපි හොඳ ළමයිනෙ බීච් එක පේන්නැතිවෙන්න Black Board එකකින් වැහුව... ඒ උනාට ඒක හිලක් තියෙන එකක්.... ඉතුරු ටික කියන්න ඕන්නෑනෙ.....
ඉතින් හා පැටික්කිට මොකටද එක්ස්පීරියන්ස්..... ඇස් දෙකත් හොඳනම්... දුරත් හොඳ හැටි පෙනේ නම් කිම වදවෙන්නේ... නොමිලේම හම්බෙන්නෙ... . මං කරේ ඉගෙන ගත්ත පුංචි දෙයක් ඒකට ගැලපුව එක විතරයි....

ඔන්න හා පැටික්කි එක්ස්පීරියන්ස් නැතුව ආදරේ අන්ධ කර හැටි....

Friday, March 19, 2010

හා පැටික්කිගෙ සිතුවිලි අනුව අන්ධ ආදරේ....



කට්ටියම ඇවිල්ල තියෙන්නෙ....උක්කුන් බෝලෙ හදිස්සියෙම ගියා... ඔන්න මං එදා අහපු ආදරේ අන්ධ ප්‍රශ්නෙට හා පැටික්කිගෙ උත්තරේ දෙන්න යන්නෙ......

කට්ටියම සාමන්‍ය පෙලට විජ්ජාව කරන්නැතිනෙ???? නොකරත් ප්‍රශ්නයක් නෑ සරලව කියන්න බල්න්නම්......
තියෙන්නෙ ඔය ඇස, කාච, කණ්නාඩි, අක්ෂි දෝශ කියල කොටසක්. ආන් ඒ කොටසට තමා මේක අයිති..... ඔය මෙලෝ රහක් නැති අම්මය රසය කාචරසය ගගා ඉගෙනගන්නෙ....

ඕකෙ ඇස කරන කොට එනව වචනයක් විෂද දෘෂ්ටියේ අවම දුර කියල... තෙරුන්නැති අයට සිංහලෙන් කියනවනම් ඇසේ අවිදුර ලක්ෂය කියනව. ඒත් තෙරුන්නැත්නම් අපිට පේන ලඟම තැන කියල හිතා ගන්නකෝ...

ඉතින් ඕක සාමන්‍ය නිරෝගී කෙනෙක්ගෙ නම් සෙන්ටිමීටර 25ක් වෙනව.... ඔය තරුණ කාලෙ දුර පේන්නතුවට වැඩියෙන් කණ්නාඩි දෑවට (වයසෙ වැරද්දනෙ දුර පෙනුනත් බලන එකක්යැ.. ) වයසට යනකොට ලඟ බලන්න පොත් කියවන්න කණ්නාඩි දාන අයට ඕක 25ට වඩා වැඩ්යි.....
ආයෙ ට්‍රැක් එකට... ඉතින් අපි කාටවත් අපේ ඇසේ ඉඳන් සෙන්ටිමීටර 25ක් දුර යනකම් ඒව පේන්නෙ නෑ.

ඉතින් ඔය ගොඩක් අය ආදරේ කරද්දි පරතරේට සෙන්ටිමීටර 25හේ කෑලිත් නෑ නොවැ.. (දන්නෝ දනිති., නොදන්නෝ කවදහරි දැන ගනිත්වා..) ඉතින් කොහෙද පේන්නෙ.. ඊටත් කෙල්ල කතා කරන්නෙ ඈම්ප් එකකට දීල ඇහුවත් ඇහෙන්නැති තරම් හිමින්නෙ...වැඩකට ඇති දෙයක් කියන්නැති උනත් කොල්ල කන් දෙක ඈම්ප් කරන් හරි ඕක අහගන්නත් එපැයි...නැත්නම් ඊලඟට අහන් හිටියෙ නෑ කියල, අහන ඒවට උත්තර නෑ කියල මල ජංජාලයයිනෙ.. රංඩු රංඩු රංඩු... ඉතින් කොහොමදෑ සෙන්ටි මීටර තියා මිලිමීටර 25ක් වත් තියන්..... ඒ උනාට බැන්දට පස්සෙ ඔය කුරු කුරු ගාපු අය නෑ.. දෙපිටින් යන්න නෙ ඉතින් කතාකරන්නෙ.. ඔය සද්ද පූජාව ..එතකොට නම් අනෙක් පාර්ශවේ අහන් ඉන්න එක විතරමනෙ කරන්නෙ...

ඕන් ඕක නිසා තමයි හා පැටික්කි නම් ආදරේ අන්ධයි කියන්නේ....

ඇත්තටම අන්ධයි නෙ??????

ඇත්තටමද????? බොරුවටද???????


මෙහෙම ගියොත් හා පැටික්කිටත් මේ පාර කියන්න වෙන්නෙ සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලුයි කියල තමා........ අද මං පිස්සුවක් දාලම යන්නම්කො....
මේක මං class ගිය සර් කෙනෙක් කිව්ව එකක්..... අහ් තව එකක් මතක් උනා ඒක අන්තිමට දාන්නම්කෝ....

මාත් කෙල්ලෙක් උනත් ඇත්තට තැන.....
කතාව මෙහෙමයි..... ඕනම ගෑණු ළමයෙක් විවාහ වෙන දවසට කඳුලු හලල නෙ යන්නෙ.... එදාට තියෙන තරමක් ජාති උලල කොල්ලවත් අන්දනව......
ඔය දැරිවිම මඟුල කෙරෙනකම් මේ මඟුල කරල නොදුන්නොත් කියල........ අම්ම අප්ප බය කරනව. ඊට පස්සෙ දාල යන්න බෑ කියල අඬනව... දැන් ඔය ඇත්තටද බොරුවටද අඬන්නෙ?????
සර් ගෙ ප්‍රශ්නෙ මං ඔයාලගෙන් අහනව.... මොකද හිතන්නෙ?????



තව ප්‍රශ්නයක් තියෙනව කිව්වෙ ඒ මේක.... ආදරෙ අන්ධයි කියන්නේ මන්ද????? මේකටත් උත්තර කියන්න හා පැටික්කි පස්සෙ හා පැටික්කිගෙ උත්තරේ කියන්නම්...

දැනුම්දීමයි...උක්කුන් බෝලෙ අද ගෙදර එන බැවින් හා පැටික්කි ඉරිදා හවස වනතුරු missing.... :D සෙවීමෙන් පලක් නැත...

Thursday, March 18, 2010

හුරතලේ.....


හා පැටික්කිට අදත් යමක් ලියන්න හිතුන....ඉතින් මේ ලියනව. නැ නැ කොටනව.....

මේ අමුතු සිතුවිල්ල හා පැටික්කිට ආවෙ හා පැටික්කි වෙන්න කලින් මේ පැත්තෙන් පනිද්දි. මං දැක්ක බොහෝ දුර රටවල ඉඳන් ලියන අය බොහෝමයක්. මං හරිනෙ??? ඒ හැමොගෙම පෝස්ට් එකේ කොතැනක හරි අම්ම ඉන්නව.
අපි කාට උනත් තනියම ඉද්දි අම්ම තමා වැඩිපුර මතක් වෙන්නෙ. කොච්චර ලොකු උනත් අම්මගෙ උකුලෙ ඔලුව තියන් ඉන්න තියෙනවනම් ඊට වඩා සනීපයක් මේ ලෝකෙ නැති තරම්.

කොච්චර ලොකු උනත් අම්ම ලඟ හුරතලේ. කෝ අත උස්සන්න බලන්න අම්ම බලන්න ගියාම කෑම කටක් කවා ගන්නෙ නැතුව එන කෙනෙක් ඉන්නවනම්.... අඩකුඹු බෑ හොඳට උස්සන්න....

ඔය අතරිනුත් පුතාලගෙ හුරතලේ වැඩියි නෙ අම්ම ලඟ. ඉර්සියා හිතුනත් අම්මලත් එහෙම තමා. අපේ ගෙදර ඉන්න අම්මගෙ උක්කුන් බෝලෙ (වයස 23යි ) ගැන මම දන්නවනෙ. ගෙදර එන්න බස් එකට නැග්ග කිව්ව වෙලේ ඉඳන් අම්ම උයනව.. ඇයි උක්කුන් ට කිරි එකක් හදන්නත් ඕනනෙ අනිවාරෙන්ම.(ඒකනෙ මං උක්කුන් බෝලෙ කියන්නෙ ) ආපු වෙලේ ඉඳන් අම්මටත් වෙන වැඩක් නෑ කවනවා පොවනවා. අතපය අලියෙක්ගෙ ගානයි ඒත් තනියම කන්න බෑ.... මොකට කියනවද?? ඔය හැමෝමත් එහෙම තමා මං දන්නැද්ද..... මේ සිංදුවනම් ගැලපෙනව නේ හැමෝටම....



කාගෙවත් හිත රිද්දන්න නෙමෙයි කියන්නෙ හැමෝම පොඩ්ඩක් හිතල බලන්න තමන්ට මේ තරම් ආදරේ කරන අම්මට මොකක් හෝ දුකක් දීල තියෙද කියල???

එහෙම වරදක් නොදැනුවත්ව හරි වෙලා තියෙනවනම් මොහොතක් වත් නොහිත අම්මගෙන් ඒ ගැන සමාව ඉල්ලන්න... ඇයට හැමදාමත් අපි පොඩ්යි. ඇය අපේ ඕනම වරදකට සමාව දෙනව... ඔබ සමාව ඉල්ලුවත් නැතත් සමාව දෙනව.. ඒත් සමාව ඉල්ලුවම අම්මට අපි නිසා දැනුන දුක හිතෙන් අමතකම කරල දස දහස් ගුණයක ආදරෙන් අපි දිහා බලාවි... ඒ ආදරේ අපිට දැනේවි වෙනදටත් වඩා....

Wednesday, March 17, 2010

ප්‍රාණ භීතිය නැතුවවත්ද??????




හා පැටික්කිව බලන්න ගොඩක් අය ඇවිත්නෙ....
මේකත් හා පැටික්කිට ඇති වුන අමුතු සිතුවිල්ලක්...
ටික කාලයක් බොහොම බරපතල ලෙස සත්ත්ව මාංශ කන එක ගැන කතා උනා මතක ඇති... ටීවි එකේ ඒ ගැන වීඩියෝත් පෙන්නුව මතකද?????

මේ හා පැටික්කිට ඒ කාලෙ ඇති උන සිතුවිල්ලක්.....
ඇත්තටම ප්‍රාන භීතිය තියෙන්නෙ ඔය පෙන්නපු සත්තුන්ට විතරද???? එතකොට අහිංසක මාළුවන්ට, දැල්ලන්ට, ඉස්ස්සන්ට එහෙම ඔය භීතිය නැද්ද????
හා පැටික්කි ඒත් කල්පනා කරේ පව් පිරෙන්නෙ කකුල් තියෙන සත්තුන්ගෙ මස් කෑවම විතරද කියලා.. ඒ කාලෙ හා පැටික්කි වීඩියෝ බැලුවෙ නැතත් ඒ කතාවන්ට ඇහුම්කන් දුන්නා.හා පැටික්කිට නම් මාළු ගැන එහෙම කතා කරනව ඇහුන්නැහැ....(හා පැටික්කි වැරදි නම් නිවරදි කරන්නෝ)සත්තුන් මරන වෙලවට ඒ අයගෙ හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය වෙනස් වෙනව ඒකෙන් මස් කන අයට බලපෑමක් වෙනව එතකොට අර අහිංසකයන්ට මේව සිද්ධ වෙන්නැතුවද?????

ඔය ගොල්ලො මොකද මේ ගැන හිත්න්නෙ????

Tuesday, March 16, 2010

අලුත උපන් හා පැටික්කි....


ඔන්න ඉතින් හා පැටික්කිටත් හිතුන සින්ඩිය පැත්තෙ එන්න.... මේ පැත්තෙ නවක වද එහෙම නෑනෙ???? d;)
සින්ඩියට අලුත උපන් හා පැටික්කි බලන්න එන කට්ටිය සබන් පව්ඩර් ගෙනාවෙ නැතුවට කමක් නෑ.... මං මෙ වැඩේට අලුත් නිසා මගෙ අඩුපාඩු පෙන්නල දෙනවනම් මට වටිනව ගොඩා..............රියක්......... d:)

එන්න හිතන් හිටියෙ Bunny නමින් උනාට කතන්දරල දෙන්නෙක් වගෙ bunnylath දෙන්නෙක් වෙන නිසා මං සිංහලට පරිවර්තනය උනා හා පැටික්කි විදියට..... Bunny මල්ලියත් පව්නෙ......(අයියෙක් වෙන්නැති කියල හිතුවා.... වැරදිනම් හා පැටික්කිට කියන්න....වැරදියි කියලා Bunny මල්ලිය මට කිව්ව) ඇත්තටම Bunny ට ඉංගිරීසියෙන් ස්ත්‍රී ලිංග පදයක් නැද්ද්?????

ලියන්න නම් කිසි දෙයක් මේ ඔලුවට එන්නෑ දැන්...හා පැටික්කි බලන්න ආපු හැමෝම වචනෙකින් හරි comment එකක් දාල යනවනම් හා පැටික්කිට සතුටුයි.....:D

ආh.... තවටිකෙන් අමතක වෙනව කලින් සින්ඩිය පැත්තෙ ආගිය වෙලාවල MS කියල comments දෑවෙ මේ පිස්සු හා පැටික්කිය තමා....
අදට මේ ඇති තාම ආධුනිකයිනෙ ඉතින්...><