෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, April 25, 2010

වතුර ගහන්න ගියපු මට වෙච්චිදේ.....

කවුරුත් දන්න පරිදි ඊයේ මැරතන් එක තිබුනනෙ.... මං හිතන්න දුවපු අයට වඩා වතුර බාල්දි ඇදපු අපිට අමාරුයි......

හා පැටික්කිට බිඟු රාජයා තමන්ගෙ නමත් අමතක කරල පරන ගතියක්ද කොහෙද ඉස්මතු කොරල හා පැටික්කි අන්තිමට දාපු post එකට කොමෙන්ටුවක් දාල ගියානෙවැ. ඉතින් හා පැටික්කි හිතාගත්ත මැරතන් එක පැත්ත පලාතක එන්නෑ කියල..... ඒක නිසාම ඔන්න හා පැටික්කි කාමරේ හිටියොත් ඔය මැරතන් එක බලන්න රිංගන හන්ද ගියා රූප පෙට්ටිය ඉස්සරහට. ඊයෙ වෙනකම් එහෙන් මෙහෙන් කෑලි බලපු යවු වනේට තරු පෙන්නන ගිය මොකක්ද එකේ ගැරෑන්ඩ් ෆිනාලෙ තිබුන...... :D
හා පැටික්කි එහෙන් මෙහෙන් බැලුවට ඔය ටික ටික අන්තිම හත් අට දෙනා ගැන දන්න නිසා හරි බරි ගැහිල වාඩි උනා..... :)
හා පැටික්කි ආස කට හඬ ඊට කලින් සතියෙ එලියට විසික් වෙලා තිබුන හන්ද ආසවෙන් නෙමෙයි උනත් මැරතන් එක මඟ අරීන්න නියම වැඩේනෙ.....

හා පැටික්කි තට්ට තනියම.... ගෙදර හැමෝම නිදි.... සිංදු ටිකත් අහල රෑ 1යි ගානකට චන්ඩිය වගේ තනියම දොරවල් වහල ආව කාමරේට...... (හොඳ වෙලාවට හොල්මන් විශ්වාස නොකරන්නෙ මං.....)

දැන් ඉතින් නලියනව ජීවිතේට බ්ලොග් මැරතන් බලලත් නැති නිසා ඔන්න ඔහේ රිංගුව සින්ඩියට..... :D

ස්කූබිට බල්ලො පැනපි කිව්වලු මෙන්න බොලේ කට්ටිය හති දාගෙන දුවනව..... ඒ අස්සෙ අපේ බිඟු රාජයත් දුවනව...... වතුර කාගෙන පන කඩාගෙන හති දාගෙන දුවනව...... :D :D :D :D අනේ ඉතින් මට මොනව කිව්වත් අපෙ අයියනේ... හා පැටික්කිගෙ හිත උණු වෙලා වැක්කෙරෙන්න හදද්දිම හිටු කියල ගැහුව වතුර බාල්දියක් නෑවිලම යන්න......

ඕන් හා පැටික්කිත් Set උනා වතුර ගහන වැඩේට........ හා පැටික්කි ඔක්කොම පැත්තකට දාල ඇඳට වෙලා සැප පහසුවට වතුර ඇද්දා..... ටිකකින් නවත්වන්න කියල හිතන් ගියාට මොකද දාල යන්න හිතෙන්නෙම නෑ ඒ තරම් හිත උණු වෙලා..... :( :( :( :(

ඒ අස්සෙ හා පැටික්කි නරක පැටික්කිත් උනා කට්ටියට ඒ ඉතින් කට්ටිය බඩගිනි කිය කිය ඉද්දි මං බිස්කට් වගයක් කාපු නිසානෙ...... දෙන්න කතා කොරාට ආවෙත් නෑ..... මේන් මෙතන ඒක.....
ඒ අස්සෙ මට සෙත් කවියකුත් ලිව්ව බිඟු අයිය.....
ඒ ඉතින් තනියම කාපු එකට සෙත් පතල මෙතනින් යන්න පුලුවන් එතන්ට......

ඒ අස්සෙ හා පැටික්කිව හොරෙක් කරානෙ හසී.......

කොහොමින් කොහොමහරි හා පැටික්කිත් වැඩේ අත අරින්නෙම නැතුව වතුර ඇද්ද. තව දන්න කීප දෙනෙක් දුවනව කිව්වට හොයාගන්නවත් නෑ......බිඟු අයියට වතුර අදින ගමන් එහෙන් මෙහෙන් තව කීප දෙනෙක්ට වතුර ගැහුව......

කට්ටිය දුවනව කියමුකෝ ඉතින් ඒත් දෙයියනේ කියල හා පැටික්කි එක තප්පරයක් ඇහැ පියා ගත්තෙ නෑ මුළු රෑම.... උදේ වෙනකොට ඇස් වලින් කඳුලු ගලනව හෝ ගාල...... ඒ මදිවට උදේ 8-12 පන්ති.... දැන් තමා ඔන්න හා පැටික්කිට සනීපෙ දනුනෙ..... :D

පන්ති නොගියෙ ඇයි ඇහුවම අම්මට වතුර ගැහුව කියන්නයැ.... සීතලත් පැත්තක දාල වෙවුල වෙවුල නෑව..... ඒ පන්තියෙදි නින්ද ගියොත් කියල බයට..... :(
ඕන් ඉතින් යනව කියල පන්ති ගියා කියමුකො....

අපෝ ෆුල් දාපු ෆෑන් එකක් යට වාඩිවෙන්න ලැබුනෙ නාල ගිය මට එතනම පොරවගෙන නිදාගන්න තිබුන...... :O ඒ මදිවට හැමෝම රෑ තරු ගැනලද කොහෙද මේස වලට ඔලුව ගහන් ඉන්නව කලාස් පටන් ගන්නකන්.... දන්නවනේ ඉතින් දැක්කොත් අපිටත් බෝවෙන ලෙඩක්නෙ නින්ද.... හප්පෝ මං ඒක කරන්න ගියේ නෑ අමාරුවෙන් උනත් ඔළුව උස්සන් හිටිය..... මොකද මම තප්පරයෙන් දාහෙන් පංගුවක් වත් ඊයෙ නිදාගත්තෙ නැති නිසා....

සර් ඇවිල්ල පටන් ගත්ත Organic ( මගේ Favorite..)දෙයියනේ කියල කලින් Tute එක කරන් ගිය නිසා හිටියා, දෙපැත්තෙ හිටි දෙන්න කවුද මංද බාගෙට නිදි මට ඉතින් ******......... :)

කොහොම හරි අම්මාරුවෙන් ඇස් දෙක ඇරන් ඉඳල වැඩ ටික කොරගත්ත...... interval එකෙත් ගිහින් ආයෙත් මූණ හොඳට හෝද ගත්ත...... :D
කෙල්ල දස්සි නිකන් දවසටත් නිදිමත ගේන ගණන් ටිකත් කොහොමහරි හැදුව......

ගෙදර ආපු ගමන් බැලුවෙ බිඟු අයියගෙ තත්වෙ.... නිදි මරන් වතුර ඇද්දට පාඩු වෙලා නේ කොල්ල රුං ගාල පියාඹල.......

හම්මේ එහෙම්මම ඇඳට වැටිල නිදාගත්ත......

Friday, April 23, 2010

දැඩි දඬුවම් දියයුතු හිත........


අනේ ඉතින් කට්ටිය හා පැටික්කි ගන මොනව හිතයිද දන්නෑ යනව කිව්වට තාම හොල්මන් කරනව සින්ඩිය පුරාම...... බිඟු අයිය කිව්ව වගේ කට්ටිය හිතයි මං නයා අරිනව කියල. ඒත් ඉතින් මොනව කරන්නද.......

හදිස්සියෙම ලියන්න හිතුනේ හිත කලබල නිසා. මට ඉතින් කියන්න ඉන්නෙ කවුද කියල මාව දන්න හැමෝම දන්නවනේ. ඒත් ඉතින් ඒගොල්ලන්ට කියලත් හිත ෂේප් කරගන්න බැරි උන නිසා ඔන්න ඔහේ කොටල දාන හිතුන......

අද උක්කුන් එන හන්ද මං සති 2ක් පුරාවට නෙට් එකේ ගියපු තැන් ඔක්කොම ෆුල් සුද්දයක් දාල හොඳ ලමය වගේ ඉන්න හිතන් උදේ මොබිටෙල් එකෙ පිහිටෙන් රිංගුව ඇතුලට. සින්ඩියටත් ගොඩවෙලා හෙළය අයියගේ මියුsick විතරයි එකෙ අලුත් සිංදුවත් අහල කරන්න ආපු වැඩේට බහින්න හිතන් ඔන්න පටන් ගත්ත. මොකක්දෝ එකක් හින්ද ඇඟිල්ල වැඩි වැඩ කරලද කොහෙද මාස ගානකින් පැත්තවත් බලපු නැති, මට පෙන්නන්නම බැරි මූණු පොතේ ඇතුල් වීමෙ පෝරමේ දිග ඇරුන....... :( :( :( :(

හෙළය අයිය ඊයෙ කියපුදේ මං අද අමතක කරල යටිහිත කියපු දේ අහන්නැතුව රිංගුව එකට.... රිංගල ගිහින් මං හොයන එකම නම ගහල Search කර......
යම්දෝ නොයම්දේ කියල හිතල ආයෙත් යටි හිතට ඕන කුදයක් ගහගන්න කියල ගියා.......
වෙනදට ඉතින් ගිහින් වරු ගානක් ඇසිපිය නොහෙලා බලන් ඉන්න දෙයක් තිබුනත් අද ඒක තිබ්බෙත් නැති හන්ද යටි හිතටත් කින්ඩියක් දාල බිත්තිය පැත්තට ගියා......

හත් දෙයියනේ හෙළය අයිය ඊයෙ කියපු දේ එක මොහොතකට අමතක කර එකේ පලවිපාකෙ.......
කොහේදෝ හංගල තිබුණු බලාපොරොත්තුවක් මුලු හිත පුරාම පිරුන..... හැබැයි කවදාවත් වෙන්නැති බව මං හොඳටම දන්න දෙයක්.... ඉතින් මං ඉවරයි.....
ඉස්සර නම් පුදුම පාලනයකට යටත්ව තියාගෙන හිටපු මගේ හිත බොහොම අකීකරු වෙලා..... කියන කිසිම දෙයක් අහන්නෑ..... ඉටුනොවෙන බලාපොරොත්තුවක් ගැන මං කියන කිසි දෙයක් කනකට ගන්නැතුව හිතනව.....

මොනව කරන්නද...... හා පැටික්කි අමාරුවෙන් හංගපු දේවල් හිතේ පිනුම් ගහනව..... හා පැටික්කිගේ හිත ටිකක වත් සැහැල්ලු කර ගන්න හිතන් කෙටුවෙ.... දැන්නම් වාරන නීති දාන්න තමා වෙන්නෙ.......


විභාගෙ අත ලඟ,
අත පොත ලඟ,
පොත හිත ලඟ,
හිත රස්තියාදුවේ......... :( :( :( :(

Wednesday, April 14, 2010

සුභ පතමින්ම හා පැටික්කිගේ තාවකාලික සමුගැන්ම.....



මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල හා පැටික්කිත් ප්‍රාර්ථනා කරනවා.....!!!!!!

හා පැටික්කි බලන්න එන වැඩිහරියක් හා පැටික්කිට වඩා වැඩිමල් නිසා බුලත් අතක් දෑව හා පැටික්කිට වඳින්න විදියක් නැති නිසා.......හා පැටික්කි හොඳ හැදිච්ච දැරිවිනේ ඉතින් මේවත් කරන්න එපැයි...... :) :)

හා පැටික්කි මේ කෙරුවාව පටන් අරන් හෙටට මාසයක් වෙනවා.ඉතින් මේ පුංචි කාලේදි මට කොමෙන්ටු (හා පැටික්කි කිව් විදියට කංකුං, කැරට්, etc. ) දාපු ඔය හැමෝටම බොහෝම ස්තූතියි..... Bt මාසෙන් වැඩේ නවත්වන්න වෙනව.... :( :( :(
දුක උනත් ඉතින් නවත්වන්න එපැයි. විභාගේ තමයි අපේ අභාගේ..... පාස් උනාට මදි හොඳ results ඕන හොඳ results තිබුනට මදි හොඳ z-score ඕන....... :( :( :(

ඉතින් හා පැටික්කිට කරන්න අමාරු උනත් මේ පැත්තෙ නෑවිදින් ඉන්න හිත හදාගන්න වෙනවා... ඉස්සර වගේ හැමදාම නාවත් සතියට දවසක්වත් ඇවිල්ල ඔය තියෙන දෙයක් කියවල පුලුවන් විදියට කොමෙන්ටුවක් දෙකක් දාල යන්න තමා හිතන් ඉන්නේ....

හා පැටික්කිව කට්ටියට අමතක වෙලා තියේවිද දන්නෑ ආයේ හා පැටික්කි මේ පැත්තේ එනකොට.... මගෙ පුංචිකාලෙ ඉඳන් හිටපු මිතුරියන්ට දවස් දෙක තුනට එහෙම අමතක උනාට මේ සින්ඩියේ මගේ අයියල, අක්කිල, මල්ලිල, නංගිලට ( නංගියෙක් නම් මං දැක්කෙම නෑ......) මාව මතක තියේවිනේ......??? :D හා පැටික්කි එහෙම හිතනවා.....

එහෙනම් ඔන්න හැමෝටම හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන දුක්ක දෝමනස්සයන් වියැකිලා යන සාර්ථක නව වසරක් වේවා කියලා මට තියෙන එකම හා හදින් ප්‍රාර්ථනා කරනවා.......!!!!
හඳ මාමගේ කිරියි පැණියි ඉල්ලල හා පැටික්කි හැම අවුරුද්දෙම බැනුම් ඇහුවත් ඔයගොල්ලන් හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලත් පතනව ....!!!

හා පැටික්කි කාලෙකට පස්සේ බැරි වැඩකුත් කරා. කියවන්න අමාරුනම් කියවන්නෙපා.....( හැබයි කියනදේ අහන්නැතුව කියවල මට බනින්නෙ එහෙම නෑ ඕන්......)


අරුත් බර පද වැලක,
මියුරු තණුවක් විලස..,
සයුරු ඉම වෙත නිබඳ,
ගලා යන දිවි ගඟෙහි,
කඳුළු පොඩි වියැකී....,
සිනහ මුව ඉතිරී....
පැතුම් මල් විකසිත වන...,
සුභම සුභ නව වසරක් වේවා!!!!!!

Saturday, April 10, 2010

අමුතු ආදරය.....



කලින් දාපු පෝස්ට් එක හින්ද ගොඩක් අය මං ගැන වැරදියට හිතුවද මන්ද...... හා පැටික්කිට අයියා පෙන්නන්න බැරුව ගියේ එයා 5වසරේ ඉඳන් රැකියාවට යනකන් තිබුන සංක්‍රාන්ති සමයෙදියි...... ඒකාලේ නම් එයා සමඟ වාසය හා පැටික්කිට මරුවා සමඟ වාසය වුනා. එයාගේ ඇඟේ මගේ ඇඟිල්ලක් වැදුනත් මං ගුටි කන්නේ උපරිමෙන්..... film
වල එයා දකින හැමදේම මට කරා මං හිතන්නේ.... කොට්ට මූණට තියලා තද කරන් ඉදීම, කොන්දට දණහිස තබා තද කිරීම, කොන්ඩෙන් ඇදීම, තව ගොඩක් දේවල්.....ඒවා ආදරේට කරත් ( ගොඩක් අයියලා කලින් post එකේදි මට කියපු විදියට ) හා පැටික්කිට ගොඩක් රිදුන නිසා හිතේ තරහක් ඇති උනේ.....ඒත් ඒ කාලේ හා පැටික්කි කරපු දේගුටි කකාත් එයා එක්කම ඇලෙන්න යාම නිසා තව වැඩියෙන් ගුටි කෑවා.......

මේ හා පැටික්කිගේ පුංචිම කාලේ මතකයන්.....

ඒයි කළු නංගි.....
අම්මේ.... අයියා මට කළුයිලූ... මහලොකු සුද්දා... (කිව්වට මොකද මට වඩා සුදුයි තමා...)
අපේ ගෙදර රංඩු පටන් ගන්න තැන....
හිතුනම ගහගන්නව පුලුවන්නම් මරා ගන්නවා ඒක මගෙයි මගෙ උක්කුන් බෝලෙගෙයි සිරිත.....
මේ හා පැටික්කිගෙ පුංචිම කාලෙ මතකයන් ටිකක්
අපේ අම්මා ගුරුවරියක්... ඉස්කෝලෙ ගිහින් ආවම පුරුද්දක් වශයෙන් නිදාගන්නව... මායි, අයියයිත් දෙපැත්තෙන් හාන්සි වෙනව... අම්මා නීති හැටක් දානවා....
මැතිවරණ කොමසාරිස් දාන ඒව වගේ තමා ඉතින්...

අම්මට යන්තම් ඇහැ පියවෙනව...

"ඌයි..."

මොකද???

අයියා කොන්ඩෙන් අදිනවා...

දෙන්නටම බැනුම්...
" උදේ 4ට ඇහැරපු ගමන් ඩිංගක් ඇහැපියාගන්න නෑ නිදහසේ... යනව දෙන්නම එලියට..."
අපි නෑ ඕවට පූස් පැටව් දෙන්න වගෙ නිදි දෙන්නම...
ආයෙ ටිකකින් කකුළෙන් ගසයි...
බැරිමනම් කොට්ට පියාඹයි...

අම්මට මොන නින්දක්ද... හිහ්....

එපා උනාම අම්මා යනවා අපි දෙන්න අපි නෙමෙයි වගේ නිදි...
ටිකකින් මරාගන්න පටන් ගන්නව ඔන්න ඉතින්...
නංගි මං ඊයෙ බැලුව මරු ෆිල්ම් එක...

මොකද්ද???

මං විහින් කට වරද්දාගනී...
කුම්බලා මාලු කෑවනම් විදවපන් බළළෝ කිව්වලු...

ඒකෙ අරූ මූට ගැහුවෙ මෙහෙමයි... "චටාස්...." පිට හරහා වදියි.... ඇහුවෙ මමනෙ ඉතින්... wat 2 dooo කොස් කටූ....
ඊටපස්සෙ අත මෙහෙම කරකවල අරන් නැගිටින්න බැරිවෙන්න පිටෙන් දණහිස තිව්වා.... එයා රඟපානව තියෙන වැඩ කිඩ ඔක්කොම දාල....

අම්මේ... මාව මරණෝ...

අම්ම කෝට්ටත් එක්ක එන්නෙ... දෙන්නම නෝ හෙල්ලුම් පොල්මැල්ලුම්....

නඩුව විභාග කරන්න පටන් ගනී...

මොකද කෑ ගැහුවෙ???

කවුද අම්මේ????

ඇයි දැන් කෑ ගැහුවෙ....

අයියා ගැහුව...

මොකටද????

ඒ මොකටද හලෝ ගැහුවෙ...???

අම්මට යකානගී... ආයේ කෑගැහුවොත් දෙන්නටම ගහනව මං...

හා... :D :D

අම්මට මගට යන්නට නැත...
අම්මේ....

ඒපාර මොකද...

නෑ මුකුත් නෑ.... නිකන්....

කිව්වොත් අයියා ගුටිකනව අම්ම ගියාට පස්සෙ තරහ වෙනව....
ආපෝ නිකං විදේශාදාර නැති උනා වගෙ එතකොට... ඒක නිසා ටිකක් කෑ ගහල බය කරනව විතරයි...හිහ්..හිහ්... ;D

ඒ අයියම තව ටිකකින් ආදරේ වපුරයි...

මෙහෙ එන්න වැඩක් කරන්න....

මොකද්ද???

වාඩිවෙනවකො පඬියා නොවී....

මං ලඟින් ඉඳ ගන්නව...
අතේ පනාව...
කොන්ඩෙ පීරයි...
මගක් ගොතයි...(මොනව නැතත් පිලිවෙලට ගොතනව ලස්සනට...)
ආයෙ ලිහයි... එක එක විකාර.... මට එපා වෙනකම් උක්කුන්ට හිතෙන හිතෙන ඒවා කරයි...
අයියෙ...

මොකෝ....

ඇති දැන්...

යනව එහෙනම්....

හැබැයි මාව අවුස්සන්න වෙලාවක් ලැබුනම මඟ අරින්නෑ කවදාවත්...

ඒ මාව බයිසිකලෙන් පන්ති එක්කන් යනවකෝ.....

එන්න....

අම්මේ ආදරේ...හරියට නිකන් මගේ කකුල් රිදෙනවට වගේ පයින් ගිහින්...
හැබැයි ආපු මෝඩකම දැනෙන්නෙ මඟදි ..... පාරේ තියෙන හැම වලකම දානව... උක්කුන් නැගිටල පදිනව....මට මාර සනීපේ..... කොන්ද නිකන් නෑ නෑ වගේ.... මොනව කරන්නද.....?????? අම්මට කිව්වොත් ඊළඟ දවසෙ පයින්... ඊට හොඳයි මේක... තව මඟ දිගට උක්කුන් තියෙන වැඩ ඔක්කොම දානවා... (මං කියන්නෑ ඔය අයියලත් දන්නැතෑ ඒවා....) මං වැටෙනව උක්කුන් මොන විදියට හරි කෙලින්.... අපෝ මතක් වෙනකොටත් සනීපයි... දවසක් මාව මඩ වලක් මැදම අත ඇරියා...මගේ ඇඟ පුරාම මඩ..... එදානම් උක්කුන් ගුටි කෑවා...

ඒත් අපේ උක්කුන් ගෙ ආදරේ..... හා පැටික්කිට තේරුම් ගන්න බැරිම දෙයක්.......

මේ ලඟදි ඉඳන් මගෙ අයියා....(දැන් මාස දෙක තුනකට උඩදි ඉඳන්....)

ඉස්සර වැලි ඇටයක්වත් ගෙනාවෙ නැති කෙනා දැන් ගෙදර එන්නෙ... "අන්න මං කෑමක් ගෙනාව කියාගෙන...."
ගෙදරින් එලියට බහින්නෙ " මුකුත් ගෙනත් ඕනද අහලා...."
ඉල්ලන්නෙ මොනවද ගෙනත් දෙනව.... හැබැයි පව්නේ මං මුකුත් ඉල්ලන්නෑ.... :D
හැබැයි තාමත් වටිනා අවස්තා ම්ඟ අරින්නෑ දෙන්නම...අහු උනාම ගහ ගන්නවා... d;D ඒත් ඉස්සර වගේ හැම වෙලේම රංඩු වෙන්න ලඟ නැති හන්ද හා පැටික්කිට හරි පාලුයි... සති අන්තෙ එනකම් මඟ බලන් ඉන්නෙ අයියා එනකන්.... හා පැටික්කි සතිය පුරා කාපුවයින් තියන්න පුලුවන් හැම දෙයකින්ම භාගයක් තියන් ඉන්නව නැත්නම් නොකා තියන් ඉන්නව....හා පැටික්කි උක්කුන් කන්න ආස මොනවම හරි හදලත් තියනව...( හා පැටික්කි තව පාරක් විභාගෙ කරන්නෙත් අයියට ඕන කිව්ව නිසයි... නැත්නම් හා පැටික්කිගෙ හීනෙ අමතක කරල ගොඩක් කල්.....)
ලඟ ඉන්නකම් රංඩු කරන... ලඟ නැත්නම් අඩුවක් දැනෙන අමුතු ආදරය.......
ඉතින්....
කොහොම තේරුම් ගන්නද මේ ආදරේ.....
අයියලා ආදරේ කරන්නේ එහෙම වෙන්නැති කියල හා පැටික්කි හිතා ගත්තා.... අමුතු තාලේ ආදරේ.....අවුස්සනව... ආදරේ කරනවා.....අවුස්සනව... ආදරේ කරනවා....ඉවරයක් නැති අහස වගේ....

"ආදරේ එපා වෙනකම් ආදරේ දෙන නංගිලව අවුස්සන්න කැමති අයියලා "හා පැටික්කිට දැනුනෙ එහෙමයි..........

ප/ලි - සත්තුන්ට හා පැටික්කිට තියෙන ආදරේ හා පැටික්කිට වත් හිතාගන්න බැරි දෙයක්.... ඒක දෙවියෝ හා පැටික්කිට දීපු තෑග්ගක් කියලයි හිතෙන්නේ..... පාරේ දකින ඕනම සතෙක් එක්ක කතා කිරීම...(ආහ් මල්ලි කොහොමද?? වගේ පුංචි වාක්‍ය....) ඕනම සතෙක් සහෝදරයෙක් ලෙස සැලකීම, හා පැටික්කි පුංචි කාලේ ඉඳන් කරා..... ඉතින් හා පැටික්කිට පවුලේ අයටත් වඩා සත්තුන්ට ආදරේ කිරීම වැරැද්දක් විදියට දැනෙන්නැහැ.........

Wednesday, April 7, 2010

හා පැටික්කිගේ ආදරේ ...II

එදා හා පැටික්කිට ඔක්කොම ටික බැරි උනා කියලා කිව්වනේ මේ ඒකේ ඉතුරු ටික.... මගේ ආදරේ part II.....හිහ් හිහ්.... :D ;D



ඔය උඩින්ම ඉන්න කෙනා තමා එදා අන්තිමටම හිටියේ මං කිව්වේ අලි හුරතලේ කියලා.... පුංචි කාලේ නම් හරි හුරතල්.... ඒක ඉතින් මේවා දැක්කමත් පේනවානේ.....




ඔය උජාරුවට කකුල් තියන් ඉන්නේ අපේ අම්මගේ බඩ උඩට......





මේ ඉන්නෙත් එයාම තමා දැන් තේරුම් ගත හැකිනේ අලි හුරතලේ කිව්වේ මොකද කියලා.... මං පුටුවෙන් වාඩිඋනොත් එයා අනෙක් පුටුවේ... සම අයිතිවාසිකම් සහිතයි... ඉස්සර ඇඳටත් නැග්ගා දැන් තහනම්..... මෙයා එක්ක නිදාගන්න කොහෙද ඉඩක්..... මෙයාට මම අපේ අම්මගේ පරණ සාරි බ්ලවුස්ත්ත් ඇන්දුව ටික කාලයක්.....
ඒකේ 4tos හොයාගන්න බැරි උනා සොරිවෙන්න ඕන ඒකට......


මේ මගේ තව ලේන් පැංචියෙක්... මෙයා පාරමැද වාහනේකට අඩයක් වෙන්න ඉඳිද්දි මගේ බාප්පා ගෙනත් දුන්නේ....
එයා රෙදි වනන වෙලාවේ ගත්ත එකක් ඔය...

අනිත් එක lunch එක ගන්න වෙලේ මගේ පැපරාසි camera නෙතට අහුකරගත්ත එකක්.....හිහ්...... :) :) :)

ඇගේ හැටියට නෙමෙයි වැඩ කියලනම් කියන්න එපා... දන්නවනේ කතාවට ලේනා කනව වගේ කියන්නේ ඒ විදියට තමයි මෙයාගේ කෑමත්... ඔය අපේ සමහරු මඟුල් ගෙවල් වල ගියාම කොත ගහල ගන්නව වගේ ගත්තට වැඩිහරියක් බිමට තමා ගෙවල් අතුගාල ඉවරයක් නෑ....... :) :D











මේ අලුත්ම පැංච... හැබැයි මං මෙයාව ගියසතියේ යැව්වා.... පොඩි උනාට ඉස්සෙල්ලම කියෙව්වේ මගේ physics පොතක්.....




හා පැටික්කිගේ හුරතලුන්ගේ 4tos තවත් දාන්න නම් හාපැටික්කිට අදහසක් නෑ.... ඕන් ඉතින් හා පැටික්කිගේ හුරතලුන් ටික කොහොමින් කොහොම හරි post 1ට මූණ දාගත්තා.....

ඔය ගොල්ලන්ට මේ අය ගැන හිතෙන දේවල් කොටලා යන්න අමතක කරන්න නම් එපා......

Sunday, April 4, 2010

හා පැටික්කිගේ ආදරණීය මල්ලියා......


හා පැටික්කිට වෙලාවක් නැති උනත් මේක දාන්න හිතුනා. නැත්නම් පව් අපේ බිඟුවා අයියා...... ඉතින් හා පැටික්කි මේක කියන්න හිතුවා.....
මං ගෙදර අයට වඩා සත්තුන්ට ආදරෙයි කියන එක මං ගැන දන්න කෙනෙක්ට නම් පුදුමයක් නෑ... ඔයාල මාව දන්නැති නිසා ඒක කියන්න එපැයි....

දැන් සහෝදරයාගේ කතාව....

පුංචි කාලෙ ඉඳන් අපේ ගෙදර ලේන්නු නම් හැදුවා. අම්ම, අයියා මම හැමෝම හැදුවා....ඒත් අපේම කියල බව්වෙක් හැදුවේ මේන් මෙයාව...



(මාර photogenic නේ ..) එදා මෙයාව දැක්කනේ..... මෙයාගේ නම මාලන් (බෙහෙත් විදින පොතේ නම් මම අපේ surname එකත් ලිව්වා. දැන් ඒක කියන්න බෑනේ ඉතින්...) මං මෙයාට ගොඩක් ආදරේ කරා.. (මං ලඟ නැතත් දැනටත් ඒ ආදරේ එහෙම්මමයි.)

මේන් කතාව...

අයියල නංගිලා ඉන්න ගෙදරක් ගැන කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ..... අපේ ගෙදරත් ඉතින් අයියයි මායි හන්ද රංඬුවක් නැති දවසක් තිබ්බොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ගෙදර නැති දවසක්..... මං ඉතින් නංගිනේ ගුටි කමින් තමා... අඩුවක් නැතුව ගුටි කෑවා.... අම්ම ඕවා බේරන්නෙත් නෑ උක්කුන්ට සැර චුට්ටක් දානව විතරයි... තාත්තට කිව්වොත් නම් ටිකක් බනිනවා ඒත් වැඩක් උන්නෑ මට....(දන්නවනේ ඉතින් මට වෙන්න ඕන දේ....) කොහොමටත් අපේ ගෙදර වැඩි ආදරේ උක්කුන්ට ඒක පස්සෙ දවසක කියන්නම්....

දැන් කොහෙද නැවැත්තුවේ... ආහ් රංඬු ඕක ඉතින් ඉවරයක් ඇති දෙයක් නෙමෙයි නේ.... අපේ ගෙදරට ඔය බව්වා ආවම හැමෝම එයාට ආදරේ කරා... අයිය ඉතින් ඒ කාලේ නාහෙට අහන්නැති වයසෙනේ එයාට එච්චරම ඇල්ලුවේ නෑ මෙයාව. මගේ නම් පණ.. අම්මයි තාත්තයිත් (තාත්ත විශේෂයෙන්) ගොඩක් ආදරෙයි.

පැටියා ලොකු උනා. ගෙදර චන්ඩියා... නයි රෝස්පාන් කෑවත් ඉතින් දන්නවනේ එක වැයික්කියේ දෙන්නෙක් බෑ කියල.... :D අපේ ගෙදරත් ඕකම තමා උනේ. බව්ව මලයත් නාහෙට අහන්නෑ මාර සැරයි... කිව්වට පිලිගනීද මංද බව්වගේ ඇස් දිහා අයියා බලන් හිටියොත් බව්ව ගොරවනවා බව්ව අයියාගේ ඇස් දිහා බලන් හිටියොත් අයියා ගොරවනවා.(අහුවෙන දේකින් ගහනවා)

ඕන් ඉතින් මට චාන්ස්....
ඕන දේටයි එපා දේටයි හැමදේටම ගුටි කාපු මට ආදරණීය ආරක්ෂකයෙක් ලැබුනා... අයියා අතක් හරි ඉස්සුවොත් මට කරන්න තියෙන්නේ "අම්මේ" කියල හයියෙන් කෑගහන්න විතරයි... මල්ලි ආවා අයියට බුරාගෙන බුරාගෙන පනිනව.... අයියත් බයයි බව්වා සැරයි විකනව... (මාව ඇරෙන්න ගෙදර හැමෝවම විකල තියෙනව අම්මත් ඇතුලුව...) ඕන් හා පැටික්කිට සහෝදරයෙක් ලැබුන හා පැටික්කිව බේරගන්න... අයියා සැරෙන් මට වචනයක් කිව්වත් මං "මාලන් මෙන්නෝ" කිව්වොත් අයියට පනිනවා... ඉතින් අයියට මට ගහද්දි ගුටි කාපු මට අම්මා තාත්තා බැලුවේ නැතත් බලන්න කෙනෙක් හිටියා.... මං පනින්න කිව්වොත් ආයේ දෙපාරක් නෑ පනිනවා... ඕන් ඔහොමයි හා පැටික්කි ගුටි කන එක නැවතුනේ.... :D
අයියට කොන්ඩෙන් අදින්න බෑ... පුටුවෙන් මාව බිමට ඇදලා දාන්න බෑ... ඇදෙන් මාව එලවන්න බෑ... මගේ පිට හරහා ගහන්න බෑ... එයාගෙ රෙස්ලින් වැඩ කිඩ පෙන්නන්න බෑ... හැම තැනකම මල්ලියා පෙරමුනේ මං වෙනුවෙන්....

මං ආදරේ කරා ගොඩ....ක්. එයා මගේ ඇදේ නිදාගන්නවා මං උදේට ඇහැරල නැත්නම්.. බලන් ඉඳල ඉඳලා නැගිට්ටේ නැත්නම් අතින් අදිනවා.... මං කොහේ හරි ගිහින්නම් නොකා බලන් ඉන්නවා.. ආවගමන් කෙලින්ම උකුලට...
මාත් කොන්ඩෙ පීරුවා,(ලෝම ගොඩයි නේ..) කන්නැති දවසට කැව්වා ,උකුලේ තියන් දවසේ උන හැමදේම කිව්ව...,ඉස්කෝල උන දේවල් හැම දෙයක්ම...මගේ ජීවිතේ මං ආදරේ කරා ගොඩා.....ක්......

හා පැටික්කි පණ වගේ ආදරේ කරන අය ඉක්මනටම හා පැටික්කිව දාල යනවා.... එයා ලෙඩ උනා හොඳටම... හා පැටික්කි අන්තිම දවස් වල සිරින්ජරෙන් කිරි පෙව්වා... කෑවේ නෑ මුකුත්ම.. ග්ලූකෝස් ගෙනත් කැව්වා...
ඒත් එයා 2008-05-21 මං ඉස්කෝලෙ ගිහින් එනකොට මාව දාල ගිහිල්ලා....
එයාව මතක් වෙන්න මං ලඟ තියෙන්නේ ඔය පින්තූරයි... එයා වගේම රූපේ තියෙන මැටි කැටයක් එයා ඉන්න කාලේ ගත්ත හා පැටික්කි ඒකයි විතරයි......ඇඩුවා හොඳටම හැබැයි කාමරේට වෙලා... (හොඳ වෙලාවට මේ අකුරු බොඳ වෙන්නැත්තේ...)

ඉතින් ඔයගොල්ලන්ටම කියන්න පුලුවන් කවුද ඒ කාලේ මගේ සහෝදරයා... මට ඇතිවෙනකම් ගහපු අයියාද??????? මගේ බලු මල්ලිද????????????



ප/ලි- දැන්නම් අයියා මට ගහන්නෑ ඒත් තාම හිත රිදෙන කතා කියනවා... හා පැටික්කිටත් පොඩ්ඩ ඇත්නම් ඇතිනේ ඉතින්....