෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, May 21, 2010

පූසන් දායද ලද්දේ කාගෙන්ද??????

ඔන්න ඉතින් පොරොන්දු කඩන්න හොඳ නැති නිසාත් හැමදාම පසුවට කල් දැමීම හොඳ නැති නිසාත් නිදි මතේම කොටන්න ගත්ත..... කෝ තාම කතාව කොහෙද.......

මොකද්ද මං දැන් කියන්න ආවේ....... වැස්ස ගැන කතාවකුත් තියෙනව ඒක පෝලිමේ අගට........

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



පටන් ගන්නම් කෝ මේක කියන්න හිතුන කාරනාවත් කියලම.... අපේ ලඟදි Eකේක් බෙදපු මකර අයියගේ (බොරද් ඩේ එකට පුන්චි තෑග්ගක් ඕන් මගෙන්..... :D :D ) මේන් මේ ලිපිය දැක්කම තමා මට මේක කියන්න මතක් උනේ..... ( පූසො දන්නැති අය ඉන්නවනම් මකර අයියගේ කලෙක්ෂන් එකට රවුමක් දාල එන්නකෝ මුලින්ම...... හිහ්.......)

ඔන්න ඉතින් කවුරුත් දන්නවනේ සූපෝ..... ඒ කිව්වේ පූසෝ.... මයේ නම් ඒ අය ගැන කිශි පැහැදීමක් නැහැ.....
ඔය කට්ටියගෙ පූසගේ ගති ගුණ ටිකක් අධ්‍යනය කලොත් මෙහෙමද බලන්න.

බඩගිනි වෙලාවට පුරුපුරුවේ ලඟ දැවටෙනව හැබැයි බඩ පිරුනම හොයාගන්න නැහැ කොහේට හරි යනව . එතකොට තියෙන ආත්තමාත්ත කම ආදරේ ඕන උනාම ලඟ දැවටෙනව අපිට හුරතල් කරන්න ඕන උනාට එයාට ඕන නැත්නම් පැත්තවත් බලන්නැහැ. බොරුද මං අහන්නේ????? ඇයි ඒ විතරක්ද අපි එයාගේ යටතේ ඉන්න ගානට එයා ඉන්නේ, තව අපි එයාගේ වැඩට ඉන්න අය ගානයි,ඇයි එයා නෙමේ ඇඟේ කුණු පොදක් ගෑවෙන්න වැඩක් කරන්නේ.......

හැබැයි බව්වො ඔය අතින් හරිම වෙනස් ඒ අය කැමති හැම වෙලේම ආදරේ කරන ස්වාමිය ඒකිව්වේ ඇතිකරන අපි ගාවම ඉන්න. බොහොම හොඳට කියනදේ එහෙම අහගෙන බොරු ආඩම්බර පූසෝ වගේ නැහැ......

ඇයි දැන් මෙහෙම උනේ.....?????

මේන් උත්තරේ......

කවුරුත් දන්නව දඩයම් යුගය ගැන. ඔය කාලේ ස්වාමිපුරුෂයන් දඩයමේ යාමත් බිරින්දෑවරුන් ගෙදර වැඩ ටික බලා කියා ගැනීමත්නේ කරේ..... ඔය කාලේ මේ දෙන්න ඒ කිව්වෙ පූස් හාමිලා සහ බලු හාමිලා බෙදුනේ කොහොමද.....??? මේන් මෙහෙම....

බව්වො වැඩිපුරම පිරිමි උදවියත් එක්ක තමා හිටියේ. හැබැයි පූසො ගෙවල් වල ඉන්න කාන්තා පාර්සවේ එක්ක තමා හැදුනේ. ඉතින් ඒ ගොල්ලොත් පුරුදු උනේ ගෑණු ගතිය (වචනෙ නරකද මම දන්නෑ...) බලන්න බොරුද කියල මේන් සමාන ගති සුවල්පයක්.....

1)කවුද දැන් ඕන උනාම ඇලවි ඇලවි ඉඳල තමන්ගේ කාරිය කොරගත්තම අනිත් එකාට මොක උනත් නොදැක්ක වගේ ඉන්නේ.....???

2) ඇයි ඕන උනාම හුරතල් වෙනව හැබැයි තමන්ට ඕන නැත්නම් පැත්ත පලාතක් බලන්නෑ.....

3)ඇයි ආත්තමාත්ත ගතිය සූ ගාල තමංගේ වැඩේ කෙරුනට පස්සේ අනෙකට හෙන ගැහුවත් පරව ඉල්ලෛ.......

4)ඇයි අනිත් අයට මඩ තල්ලි පිටින් ගැහුවත් තමන් සුදෝ සුදට ඉන්න බව තමා පෙන්නන්නේ..... (මංද මං නම් කොහොම උනත් කිලුටුවට ඉන්න පූසො දකිනව හරිම අඩුයි. පාරේ ඉන්න සුදු පූසො උනත් හැමදාම කිරි පාටට සුදුයි.....)

5)ඇයි වටේම ඉන්න අයව තමංගේ අනසකට යටත් කරගන්නමයි පුල් ට්‍රයි එක......

6)එතකොට වටේ ඉන්න අයත් එක්ක කෙහෙවලු සැරටම පටල ගන්නව......

පූසො ලඟත් තියෙන්නේ ඔය ගති ටිකම තමයි කියල ටිකක් හිතල බැලුවොත් තේරෙයි........

අනේ ඉතින් බව් මහත්තය දඩයමේ ගියානෙ ඉතින් හොඳ ගුණගරුකව පිරිමි පාර්සවෙත් එක්ක තමා හැදුනේ.......ඒකනේ ඔය කිෂි කරදරයක් නැත්තේ.......

මං කිව්වෙ බොරුද කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ...... පූස කියන්නේ සම්පූර්ණ කාන්තාවන්ගෙන් හැමදේම දායද වශයෙන් ලබාගත්තු කට්ටියක්......

ඔන්න ඔහොමයි හා පැටික්කිගේ සිතුවිළි අනුව මුල් අවධියෙදි පූසො දායාද ලැබුවේ....... හැබැයි තාමත් දෙගොල්ලන්ගේ ඇයි හොඳැයිය බරටම තියෙනව. ඒකනේ කට්ටිය පූසොන්ගෙන් අහගෙන කකුල ලතාවට තිය තිය කැට් වෝක් යන්නේ.........





යනගමන් ඔය හිතුන දෙයක් කොටල පහල දාලම යන්නකෝ.........
ඔන්න මං ලිව්ව ඔක්කොම සිංහල වචන කට්ටියට වෙන වෙන තේරුම් පෙනුනොත් මං දන්නැහැ.......

Thursday, May 13, 2010

කොහොමද ඔය කට්ටියගේ කපාල ධාරිතාව එහෙම..........???? :D :D


කතන්දර අයියගේ කතා සීරිස් එක කියවන වෙලාවෙ මගේ මතකෙට ආපු කතාවක් තමයි මේ....
අනේ ඉතින් මගේ පාසල ගැන දැන් නොදන්න කෙනෙක් නැහැනේ.... අපි ඉතින් සෙට් එකක් කියල නැහැ පන්තියම එකට තමා විහිළු උනත් කරගත්තේ. පන්තියට දොරවල් 4ක් තිබුන 4ම වහ ගත්තම අපේ ලෝකෙ තමා......
අනේ ඉතින් අපි මවපු හීන...... විශ්වාස කරයිද මංද....... පස්සේ දවසක කියන්නම් ඒ කතා.....

දැන් අද කතාව.......
ආහ් ඊට කලින් කියන්න ඕන චානක අයියට කියන්නම් කියපු පූස් කතාව පහු වෙනව..... ඒකට සොරි හොඳද... හැබැයි චන්ද පොරොන්දුවක් නෙමෙයි ඔන්න....... :) :)

ම්ම්ම් දැන් කතාව.....
A\L කාලෙ කතාවක්..... කතානායිකාව මැස්සෙක්.... (දන්නවනේ ඉතින්...) අපේ පන්තියේ අපියි මැස්සොයි එකට තමා හිටියේ... (ඔක්කොම 55යි නේ ඉතින්...) කතා නායිකාව අපේ පංතියෙ කවටය කිව්වත් වැරදි නැහැ..... කරොත් මරාලයක්..... කිව්වොත් බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් මැටි කතාවක්.... (එයා මේ පාර කැම්පස් යන්න ඉන්නේ...)

ඔන්න ඉතින් එදත් පුරුදු පරිදි හිනාවෙන්ම දවස ගෙවිල පාසල අරින(ඒ කිව්වෙ වහන..)වෙලාව ලං උනා.... එදා බුරහස්පතින්දාවක්. ඔන්න ඉතින් අර ළමයයි, යාළුවො සෙට් එකයි හවස ඉස්කෝලෙ ඇරිල එහෙම්මම පන්ති යන හින්ද ගියා ජොබ් එකට.... ඒ කිව්වෙ ටොයිලට් එකට....(හැමදාම බෙල් එක ගහපු ගමන් දුවන නිසා මං කියන්නේ කට්ටිය ජොබ් එකට යනව කියල අත්සන දාල එන්න...... හිකිස්....) ගිහිල්ල ඉතින් ඒ කාලේ පන්ති වලට ටොයිලට් බෙදල දීල තිබුන නිසා එකා පස්සෙ එකා තමා... (කිව්වට මොකද අපි ඒක වස්තුව වගේ රැකගත්තේ දොරට ඉබ්බෙකුත් දමල.... හිහ්...හිහ්... :D :D :D :D ) ඔන්න ඉතින් කට්ටියම එතනත් සුහද සාකච්චා දාගෙන ඉතින් හදිස්සි කාරියො කලින් යවල අනෙක් අය යන්න බලන් ඉන්නව.... එතනත් ඉතින් හිකි හිකිය..... ඔන්න ඉතින් අර ළමයගේ වාරේ..... ඔන්න ගිහින් ආව කියමුකෝ.... ආපු ගමන් කාපි යකා කිව්වලු....
මෙන්න මෙහෙම කියපි......

"ඒ මේ දන්නවද මං මෙච්චර වෙලා කොහොමද හිටියේ ඔයගොල්ලන්ට යන්න දීල....."

"නෑ මොකෝ...????"

"එහෙනම් අදම දැනගන්න....."

"හරි හරි කියනවකො බලන්න....."

"ඔය ගොල්ලන්ට වඩා මගේ කපාල ධාරිතාව හොඳයි....... අන්න ඒකයි....."

(තේරුනාද මංද....)
හපොයි මැස්සෙක් කිව්වත් අපිට හිනා වෙලාම පන නැති උනා..... කපාල ධාරිතාව හොඳ හන්ද ටොයිලට් එකට අනිත් අය ගිහින් එනකම් දරන් ඉන්න පුළුවන් කිව්වම අපි හැමෝම හිනා කාල මැරුන........ පස්සේ තමා එයාටත් මීටර් උනේ වැරදි ධාරිතාව කිව්වේ කියල..... මොනව කරන්නද එයත් අපිත් එක්ක හිනා උනා මිසක්..... පන්තියට ඇවිල්ල වෙච්චිදේ කිව්වම අපේ Chemistry ටීචත් Maths කරන ටීචත් අපි එක්කම පන යනකම් හිනා උනා......


හිනා නොගියත් යන ගමන් මොනව හරි කොටල දමලම යන්න.........

Saturday, May 8, 2010

අහිතක් නොසිතමි.........

මුලින්ම කියන්න ඕන මං පද වැල් අමුනන්න නම් දක්ෂයෙක් නෙමෙයි....... ඒත් නිකමට පද දෙක තුනක් හසී අක්කගේ නිවහනේදි ඇමිනුව...... මට ඒ පදවැල් දෙක තුන මගේ නිවහනටත් එක් කරන්න හිතුන........





මා ලොව නුඹට
නුඹේ ලොව නොවූවද,
ඔබේ මුලු ලොවම
මගේ කරගතිමි මම...
මා ලොවෙන් නුඹ,
පියමං කලද මා හැර....
අහිතක් නොසිතමි
ඔබ ගැන කිසිදිනෙක........


මේ පද වල් වල අරුත මගේ හිතේ ඇතිවූ මන්ඃකල්පිතයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.......

කියවල හිතෙන දෙයක් කොටලම යන්න.......

Friday, May 7, 2010

සියල්ලට පෙර.....




නොසිතු මොහොතක
ඔබෙන්
සෙනෙහස ලදිමි
මඟ බලා සිටියෙමි
සිහිනයන් ඔබ මා සිත පුරා ඇඳි
විඳින්නට මා නෙත් පුරා

බලා සිටියෙමි
රැදෙන්නට ඔය දෑතේ
සිහින මැව්වෙමි
නිදන්නට ඔය පපු තුරුලේ
රැදෙන්නට සිතා සිටියෙමි
ඔබේ හදවතේ......



සියල්ලට පෙර...........
ගිලිහුනෙමි මා ඔබේ ලෝකයෙන්......



....~~ඔබේ මතකයෙන් ගිලිහුන හා පැටික්කි~~....


බිඳ වැටුනද සිහින සිහිවුනෙමි මට ගෙවුන වසරේ ( 2009.05.07 03.44am ) ඔබේ මතකයෙන් ගිලිහුන මගේ මතකයේ හැමදාමත් සැරිසරන, මතකයක් එකතු වු සිහිනයන් දකින්නට ඇරඹූ මොහොත .....



හා පැටික්කිය අතින් ඊයේ සිදුව තිබූ අත් වැරැද්ද නිවරදි කිරීම සිදුකර නැවත පල කිරීමට සිදුවූ බැවින් අපහසුතාවක් වූයේ නම් සමාව දෙන මෙන් ඉල්ල සිටිමි...........

Sunday, May 2, 2010

මතක වෙසඟ.....


හා පැටික්කිට වැඩක් කරන්න තරම් හිතට හරි මදි හන්ද හා පැටික්කිගේ පාසල් කාලෙ මතකයෙන් ටිකක් අහුලන්න ආවා..... මංමනේ ඉතින් හිත උවමනාවෙන්ම පාර ගත්තේ....... ඉතින් කොහෙද වැඩක් කරන්න හිතක්....... :( :(

මේ ඉතින් වෙසක් මාසේ නේ....
හා පැටික්කිට පාසල් කාලේ වෙසක් සැමරුම ගැන කොටල දාන්න හිතුන..............

ම්ම්ම්ම්..... හා පැටික්කිගේ පාසල කියන්නැතුවත් බෑ... ම්ම්ම් කමක් නෑ වැරදි වැඩ කරල නැහැනොවැ මං........ හා පැටික්කි පාසල් ගියේ කන්‍යාරාමයකට...... දැන් ඉතින් දන්නෝ දනිති පාසල මොකක්ද කියල..... හ්ම්ම්ම් ඒකට මොකද...

ආයේ කතාවට..... ඔය ඉතින් සමහරු ආගම් බේද ඇති අය උනාට හා පැටික්කිගේ පාසලෙන් හා පැටික්කිට ලැබුන ලොකුම දේ තමා හැම ආගමක් ගැනම එක විදියට හිතන්න.... අපේ පාසල කන්‍යාරාමයක් නිසා අපිට හැමදේම තිබුන... වෙසක්, පොසොන්, වගේම නත්තල්, මුස්ලිම් ආගමික වැඩසටහනුත් තිබුනා. (ඒව පස්සේ කියන්නම්...)

වෙසක් මාසෙට වෙනම වැඩ සටහනක් සංවිධානය වෙනව. භක්ති ගීත, කූඩු සැරසිලි, කූඩු තරඟ, වගේම හැම බෞද්ධ ලමයෙක්ම සිල් ගැනීමත් අනිවාර්යයි. (එදාට ආපු නැති අය ඊලඟ දවසේ principal ලඟ හේතු කියන්න ඕන....)

ඔන්න ඉතින් භක්ති ගීත පුරුදු වීම් එහෙම කලින් පටන් අරන් කරනව... ඒත් ඉතින් කූඩු හදන්නේ සිල් ගන්න යන දවසට කලින් දවසේ. එදාට මුළු පාසලටම period 4ක් වගේ කාලයක් දෙනව කූඩු හදන්න. ඒ වෙලාවෙ ඉතින් අපි ගෙනියන ඉරටු අරව මේව යොදාගෙන කූඩු හදල පංතියේ එල්ලනවා.

සුනාමියට කලින් නම් වත්තේ ලොකූ මාර ගහක් තිබුන. හැම පංතියකින්ම එක කූඩුව ගානේ විතර ඒ ගහේ එල්ලන්න ඕන..... මුහුද ලඟ නිසා හුළඟත් එක්ක සිලි සිලි හඬ මුළු පාසල් වත්ත පුරාම...... ඒත් සුනාමියට ඒ ගහ මැරුන....

හැමෝටම තමන් කැමති පරිදි ඔය දේවල් කරන්න පුළුවන්.... එදාට ගෙදර යන්නේ මුළු පාසලම වෙසක් අසිරියෙන් පුරවල....

ඊලඟ දවසේ උදේ 8 වෙද්දි හැමෝම (6වසර සිට ඉහල ළමයි) ළමා සාරි හරි සුදු ගවුමට උඩින් සුදු පිරුවටයක් හරි ඇදගෙන අවශ්‍ය හැමදේම අරගෙන තෙල්, මල්, හදුන්කූරු, ඔක්කොම අරගෙන පේලි වශයෙන් යනව පන්සලට.... පාසල ලඟම පයින් විනාඩි 2ට පන්සලට යන්න පුලුවන්. බෞද්ධ ගුරුවරු හැමෝමත් සිල් ගන්නව. හැමෝම ගිහින් මල් වට්ටි පහන් එහෙම හදල ඒ කටයුතු ඉවරකරනව.එදට සාමන්යෙන් සිල් ගන්න දවසකට කෙරෙන හැම කටයුත්තක්ම අපි ගුරුවරු එක්ක එකතුවෙලා කරනව.... ඒක සාමාන්යෙන් පුංචි පන්සලක් ඉතින් මුළු පන්සල් වත්ත පුරාම ළමයි.....

අපිට විෂේශයක් තියෙනව ඔය හැමෝටම වඩා.....(මං හිතනව එහෙම...) ඒ දවල්ට සිල් අරන් ඉන්න අපිට දානේ සූදානම් කරන් ගේන්නේ පාසලේ ඉන්න කතෝලික ළමයි ඇතුළු අනිත් ළමයි..... උදේට දානෙට ගේන්න බාරගත්තු දෙයක් තියෙනවනම් ඒ කටයුතු බාරව ඉන්න අපේ දෙමළ මිස්ට දීල තමා එන්නේ. මිස් කතෝලික ළමයි එක්ක තමා අපිට දානේ ගේන්නේ...... ඒ ගොල්ලන්ම තමා අපිට දානේ බෙදන්නෙත්.... අපි ඒ අයට පිං දෙන්නත් ඕනේ නේ ඉතින්..... :) :) හිතාගන්න පුළුවන්ද අපේ හිත්වල ඇති වෙන හැඟීම......ඒ වගේම බැඳීම.....

පාසලේ වෙසක් උත්සවය ඊලඟ දවසේ උදේ තමා තියන්නේ.... හොඳම පහන් කූඩුව තෝරන වැඩ, භක්තිගීත, ගුරුවරුන්ගෙන් පුංචි පුංචි දහම් කතා වගේ දේවල් ආදිය ඇතුලත්වූ පෙළගැස්මක් තමා තියෙන්නේ......

ඇත්තටම අපි මුළු පාසලේම පුදුම බැදීමක් තියෙනව. වචනෙට පමනක් සීමා උන බැදීමක් නෙමෙයි.... ඇත්තටම එක පවුලක්....

හා පැටික්කි නම් හිතන්නේ හා පැටික්කිට හා පැටික්කිගේ පාසලට යන්න ලැබුන එක හරිම වාසනාවක් කියලයි.... ඔය අයගේ පාසල් වලත් මෙහෙමද දන්නැහැ හැබැයි හා පැටික්කි දන්න ගොඩක් පාසල් වල නම් මෙහෙම නැහැ....... ඇත්තටම අපි හරිම වාසනාවන්තයි කියලයි මටනම් හිතෙන්නේ..... එහෙම නේද..... ????

ඔයාලගේ මතකයන් ගැන කියල යන්නත් අමතක කරන්න එපා......