෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, September 26, 2010

දඟ කරන සඳ එළිය.....



මොනවද සුදු මහත්තයෝ ඔහොම බලන් ඉන්නේ........

දොල දියේ හඬම පමණක් වූ නිහඬතාව මම බිදීමි......... ඔහුගේ මුවේ සිනහ රැල්ලක් මැවෙනු මගේ කම්මුලට දැනුනි........ වල ගැසෙන කම්මුල් මම හිතින් මවා ගත්තෙමි..........

දන්නවද....???

මම දොල දිය පහර දෙස යොමා සිටි නෙත් දෙක ඔහු වෙත යොමු කලෙමි......... පුංචි සිනා රැල්ලක් ඇඳුන මුව, දිලිසෙන නෙත් දෙක........ එය මට අම්මා එනතුරු මඟ බලා උන් දරුවකුගේ මුවෙහි අම්මා දුටුවන ඇති වන සතුට සිහි කරවීය.

මම ඔහු හඬ අවදි කරන තුරු බලා උන්නෙමි.......
ඔහුට පිටුපා වාඩි වී සිටි මාගේ බඳ වටා දෑත යැවූ ඔහු මාව ඔහුගේ පපුවට තවත් ලං කර ගත්තේය.

ඉතින් කියන්නකෝ......

ඔහු තවත් මා දෙසම බලා උන් බැවින් මා කීවෙමි......

සඳ එළිය වැටුනම ලස්සනයි.....

හ්ම්......

මම සිහින් සිනාවක් පා නැවතත් පෙරසේම ඔහුගේ පපුවට හේත්තු උනෙමි.

සඳ එළිය දඟ කරන දිය දහර දෙස ගලක් උඩ වාඩි වී නිදහසේ බලා සිටිමින් විඳීම මමත් ඔහුත් ආසම කරන්නකි..... සැබැවින්ම දඟ කරන දිය දහරේ සද එළිය මවන රටා අපේ සිත් තුලද දහසකුත් සිතුම් මවයි...... ඒවාද දඟ කරන දිය රැලි මෙන් සිත් පුරා දඟ කරයි.

මා කල්පනාවෙන් මිදුනේ ඔහුගේ මුහුණේ උණුසුම කොපුලට දැනුනු හෙයිනි. මාගේ උරහිස උඩින් මුව තියා ගත් ඔහු නැවතත් දොල දිය දෙස බලා ඉන්නා හැටි මම මැවීමි. ඔහුගේ හුස්ම මාගේ කොපුලේ වැදෙන විට කොපුලට සිහින් උණුසුමක් දැනේ.... මම දෙනෙත් පියාන එය වින්දෙමි.......

සුදු මැණිකේ.... මගේ කොපුලත සිහින් හාදුවක් තබමින්ම ඔහු හඬ අවදි කලේය.

ම්ම්ම්ම්ම්........

අහගෙනද ඉන්නේ ඔයා.....

හ්ම්..... ඔව්...... කියන්නකෝ ඉතින්..... මා තවත් ඔහුට තුරුල් උනෙමි.සිහින් හඬින් හඬ අවදි කල ඔහු දොල දියෙහි තාලය පරයමින් මාගේ සවනට ගීතයක් මුමුණන්නට විය........

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ.....
මා ඇස් පියාන නොදැනීම ඔහුගේ ගීතයට සමවැදී වින්දෙමි.....

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයී
නොවී නිදි දැහැන්......

සුදු මැණිකේ.....

මා සෙමෙන් දෑස් හැරිමි.......

නිදිද.......

ම්හු..... නෑ.....

මං හිතුවේ නිදි කියලා........
මා සිහින් මදහසක් ඔහුට පෑවෙමි.....

නින්ද යන්න තමා හැදුවේ......

ඔහුටද එයට හිනා ගියේය......

පිස්සු කෙල්ල.....
නැවතත් මා කොපුලත හිමින් සීරුවේ සිප ගත්තේය.....

කෝ මගේ රහස....... මම සෙමෙන් ඇසීමි.

මුව තව තවත් මා‍ සවනතට ලං කල ඔහු මා අහන්නට ආසම රහස සෙමෙන් කීය......

මං මගේ රත්තරන් සුදු මැණිකෙට මේ මුළු විශ්වයටත් වඩා මගේ පණටත් වඩා ආදරෙයි.........

දෑස පියාන එය විද ගත් මා මාගේ සුදු මහත්තයාගේ පපුතුරෙහිම සැඟවුනෙමි......

සඳ එළිය වැටුනු
නිහඬ නිසසල රැයක......
දඟ කරන දොල දියක
ඔබ හා තනිව.....

ඔබ සමඟ දොඩමලු ව
ඔබේ මුව සිබින්නෙමි...........
පපුතුරෙහි සැඟවීම
ඔබ තුරුලෙ නිදන්නෙමි.......

අසීමිත ඔබේ ඔය
ආදරය තුරුලු කර......
සෙනෙහෙ සුව
විඳිම් මම...


Saturday, September 18, 2010

කිසිත් කල නොහැකිව අසරණ වූ මම........



අහිංසක වු මලානික දෙනෙතින්
ජීවිතය ඉල්ලා කරනා අයාචනය
දෙනෙත් තිබුනද
නොදකිනා මිනිසුන්.....

තැවුනු ඔබ සිත හඬමින්
මුවින් නගනා විලාපය
සවන් තිබුනද
නොඇසෙනා මිනිසුන්.......

දැලෙන් වට කර සිටිමින්
සිතා මහ ජයක් ලැබූ බව
මිනිස් යයි කීවද
හදක් නැති නොමිනිසුන්.......

අකුලා ගෙන දැලින් ඔබ
මරණයට ගෙන යෑමට
ඔබ කල එකම වරද
මහ මඟ උරුමව සිටීමම පමණකි..........


කිසිත් කිරීමට කොහැකිව
අසරණ වූ මම
සිතින් තැවෙනු මිස කඳුළු සලමින්
කරන්නට හැකි එකම දෙය
පතන්නම් යලි බවයක
මෙවන් දුකක් නැවත උරුම නොවනට..........


Thursday, September 9, 2010

සභාවෙන් අවසරයි........


ආහ්.....
හා හා ඔය රණ්ඩු වෙන්නේ....... කෝ කෝ..... ඔය පෙරලන් කරන් මොකද???? අයියෝ....... හපොයි මගේ හා ගෙදර මෙතනවත් ඉන්නකො පොඩ්ඩක් හරියකට............

සභාවෙන් අවසරයි........
මා මෙතන්ට පැමිණියේ ගීතයක් කීමටයි.............
නෑ නෑ වැරදි තැටිය....... සමාවෙන්න ඕනි......

ඔන්න හරි තැටිය.......

මාව බලන්න තකහනියේ ආපු හැමෝවම ආදරෙන් පිළිගන්නව මුලින්ම........


අද කතාව මේකයි ඉතින්.......

මං මේ දැහැමෙන් සෙමෙන් පෝස්ටුවක් දෙකක් ලියාගෙන අහිංසකව ජීවත් උන හා පැටික්කි වෙච්චි.......... මාව ඉතින් කවුරුත් දන්නේ ඔය නමින්නේ........

කට්ටියවම ආදරෙන් මෙතන්ට එන්න වැඩ සිද්ද උන විදිය කෙටියෙන් කියන්නම් කෝ දැනගන්නත් එක්ක........

ඊයේ රෑ 12කුත් ගානකට මගේ බිත්තියට පරමාණු බෝම්බයක් වැටුනටත් පස්සෙ පුපුරන්න කලින් යන්තම් ඇහින්ද........ ඒක දැම්ම කෙනා ඉතින් ඔය ඉන්නේ ඔය ඔය..... මගේ වම් අත පැත්තෙන්ම.........
උදේ පාන්දරමත් අහිංසක බිත්තියට පරමාණු බෝම්බයක් දැම්මට ඒකත් පුපුරන්න කලින්ම ඇහින්ද...... ඒක කරේ ඔය එහා පැත්තෙන් ඉන්න කෙනා..... ආහ් ඔව් ඔව්...... එයා තමා.......
යන්තම් බේරුනා කියල හිතන් හිටිය ඔන්න ඉතින් සැනසුමේ....... මොන මෙන්න බොල බෝම්බ තුනක්ම එක පාරට පිපිරිල.....

කොහෙද මං දන්නෙත් මේ ළමය මල්ලි ඇවිත් ලින්ක් එක දුන්නම තමා ඒක දැක්කේ........
හසියා අයියා තමා අයියා කියල එහෙ බලල මෙහෙ බලන කොට අක්කියි අයියයි පොඩ්ඩයි තුන්දෙනාම ඒ පෝස්ට් එක දාල කියල දැක්කේ..........
මදෑ ඉතින් බිත්ති පරිස්සම් කොරා.......

වත් අක්කිත් මට උදේම (උදේ කිව්වට දවල්....) හිනා කටකුත් එක්ක සුභ පැතුවා....... බොහොම ස්තූතියි අක්කියෝ.......

ඔය ඔක්කොටම ඉතින් මගේ උපන් දිනේ අද කියල කිව්වේ අපේ ආදරණීය හසියා අයියා............

පොඩ්ඩ , හසී අක්කිය වත් අක්කිය ඇතුලු ඔය ආපු හැමදෙනාටම මේ බ්ලොග් අවකාශේ මාව බලන්න එන හැම දෙනාටමත් ගොඩ්ඩා..........................ක් ස්තූතියි.............

කට්ටියට කැරට් දෙන්න බැරි නිසා ඔන්න මං කේක් එකක් හැදුව........
අමාරුවෙන් පොතක් බලන් හැදුවෙ......
කොහෙද අපි දන්නවද ඔය කේක් බේක් කිව්වලු.......
රස පරික්ෂාව කරපු අයිය නම් කිව්ව ගානට කියල.........

එහෙනම් ඔන්න මගේ ගානේ හැමෝටම කේක්...... කාල බලල ගුණ දොස් කියලම යන්නකෝ ඉතින්........

තව ටිකෙන් අමතක වෙනව...... ජේ ඩී අයියා කේක් කපන්න මන්නයක් ඇන්න එනව කිව්ව ඒක ඉල්ල ගෙන කපා ගන්න.........

පොඩ්ඩෝ....... වැඩියෙන් කන්න බෑ......
හැමෝටම සමානව තමා..... හසී අක්කිය බෙදයි ගානට........



එහෙනම් හැමෝටම ගොඩා............ක් ස්තූතියි....... හසී පවුලටත් වත් අක්කිටත් ඔය හැමදෙනාටමත් බොහෝම ස්තූතියි............ මට කවදාවත් අමතක නොවෙන උපන් දිනයක් දුන්නට බොහෝම ස්තූතියි........