෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, October 17, 2010

මගේම ඔබ.........



දුර තියාම මාදුටු ඇය මුහුණ රකුසු කර ගන්නට දරන වෑයම මම දුටිමි. ඇයට 8ට පැමිණෙන බවට ඊයේ පැවසුවද මදක් ප්‍රමාද වූයේ උදේ නින්ද ගිය බැවිනි.
ඇගේ ආරූඩ කර ගත් නපුරු මුහුණ දුටු වන මට සිනා ආවද එය ආයාසයෙන් මැඩ ගත්තෙම්.
“යුශ්මතා කිමැද පමාවට කාරණාව......"

“අවසර දේවියනි......"
පශ්චාත් භාගයට රවි මාමණ්ඩිය තට්ටු කිරීමට පමා විය.......

ඇයට තද කරගෙන සිටීමට අපහසු වූ සිනහව ඇයටත් නොදැනීම මුවින් ගිලිහුනි. සිනහවෙන් පිරුණු ඇගේ මුහුණ දෙස මා වඩාත් ආසාවෙන් බලා සිටියෙමි. උදේම දුටු ඇයගේ සුනුදර මුව පුරා ඇඳුණු සිනහව මාගේ දවස තවත් ප්‍රබෝධමත් කරන්නක් විය.

හිටිවනම ඇයට යමක් මතක් වූවාක් මෙන් කලබලෙන් වටපිට බැලීය.

“ නිසල මම හයියෙන් හිනා උනානේ......"

නැවතත් බිය වූ මුවැත්තියක මෙන් වටපිට බැලූ ඇය මාදෙස නොරුස්සන සුලු බැල්මක් මවා පෑවාය.

“ හරි නරකයි ඔයා මට කිව්වෙත් නෑ........"

මම දිව දික් කර ඇයට ඇද කලෙමි.. ඇය මදක් උස් හඬින් සිනාසුනද මා එය නොකීවේ මා ඇගේ සිනහව රිසිසේ විදීමට ආස කල නිසාවෙනි.

“කොහෙද ඉතින් උදේ පාන්දර කිව්වේ පමාවට ලස්සන කාරණාවක්......."
ඇය නෝක්කාඩු ස්වරයෙන් විහිළුවට කීයමින්ම ඇගේ අත මිට මොලවා සිහින් පහරක් මාගේ වම් බාහුවට ගසා නැවතත් සිනහ විය.

“හ්ම් ඒකට කමක් නෑ අද යුශ්මතාට දඬුවමක් තියනවා...."
ඇය කටහඬ මදක් බර කර පැවසුවාය.

“කිමෙක්ද දේවියනි...."
මම ඇසක් වසමින්ම ඇසීමි.

ඇය මට ඈ ළඟින් වාඩි වන ලෙස සන් කලාය. මම සෙමෙන් ඇය අසලින් වාඩි උනෙමි. මාගේ වම් බාහුවට හේත්තු වූ ඇය
“ම්ම්ම්ම්ම් වැඩිය ලොකු ඒවා කියන්න ලෝබයි....."

“ම්ම්ම් මගේ ඔළුව අත ගාන්නකෝ......"
සුරතල් ළදැරියකගේ මෙන් ඇගේ දිදුළන දෙනෙත් දෙස මදවේලාවක් බලා උන් මා ඇගේ නාසයෙන් අල්ලා මදක් මිරිකුවෙමි.

“නාකි හුරතලේ....."
මම ඇයට පවසමින්ම මට හේත්තු වී උන් ඇගේ හිස සෙමෙන් පිරිමැද්දෙමි.

“නිසල"
මම ගැස්සී ගියෙමි

“ අපි යමුද දැන් කළුවර වැටීගෙනත් එනවා...."

මම පියවි සිහියට පැමිණියෙමි. හිතෙහි වූ හිස් බව මුදා හරින්නට මෙන් මම දිග සුසුමක් හෙලුවෙමි.
“අපි යමු දැන්...."
මාගේ සහෝදරයෙකු සම වූ සහන් නැවතත් කටහඬ අවදිකරවීය.
මම අවසන් වතාවට නැවතත් ඇය දෙස බැලුවෙමි. ඇය තවමත් මා දෙස බලා සිටිනු මට දැනුනි.
නැවතත් මාගේ දෑසට මට නොදැනීම කඳුළු පිරුණි. ඇය හුරතල් වන්නට නැවතත් මා ළඟට නොඑන්නටම ගියාය....... මට විටක මවක මෙන් සැර වූ ඇය විටක සොයුරියක මෙන් ළඟ වූ ඇය මාගේ පුංචි කුමාරිය දෙවියන් මාගෙන් උඳුරා ගත්තේ සියල්ලට සොරාය. හදිස්සියේ දරුණු හිස කැක්කුමක් සෑදුනු ඇය රෝහල් ගත කල පසු අප සියල්ලන්ටම රහසේ අපව හැර ගියාය. වෛද්‍ය වාර්ථාවේ සඳහන්වූයේ ඇයට මොළයෙහි රුධිර කැටියක් සිර වීම නිසා ඇය මෙලෙස අප හැර ගිය බවය.

නැවතත් මා දිග සුසුමක් පිට කලෙමි........

“මං අහල තිබුනා හොඳ හිත් තියන අයව දෙවියෝ ඉක්මනටම ළඟට ගන්න බව..... ඒත් මගේ පුංචි කුමාරිවත්........."
මම හැඬුමක් සමඟම මාගේ බිඳුණු කටහඬින් ළඟ උන් සහන්ට මිමිණීමි.
මාදෙස බලා උන් සහන් නිහඬවම මා අසලට පැමිණ මේ සැදෑවේ ඇය නිදිගත් සොහොන ළඟින් මා නැගිටුවා ගත්තේය.

නැවත වරක් කඳුළු පිරි දෙනෙතින් මගේ පුංචි කුමාරිය දෙස බැලූ මා අඳුර ගලාගෙන ආ පාළු නිසසල මාවත ඔස්සේ සොහොන් මැදින් ඇවිද ගියෙමි..........
ඉඩොරයට වට එකම
පිණි වැස්සසේ....
මා දිවියට පැමිණි
ඔබ......
රළු සුළඟ හමා විත්
වැහි වළා ගෙන ගියාසේ....
මගෙන් ඈතට ගිය
ඔබ......
මා දිවිය නතර කර සැනෙන්
ගතින් සඳහට ගියද.....
සිතින් මා ළඟය
ඔබ.....

...............................................................................................................................................................

සැ යු -
ප ලි නෙමෙයි...... :P උක්කුන් බොරු චෝදනා යටතේ නඩු දැමීම නිසා නෙට් සහනාධාරය ප්‍රතික්ෂේප කරන ලදී........ හා පැටික්කිට ඉතින් ආයේ කවදා එන්න වෙයිද දන්නෑ..... එතකම් මතක තියේවිනේ කට්ටියට මාව........
යන්නම්...... ආයේ පුලුවන් උන දිනක එන්නම්........ :D :D :D :D එතකම් හා පැටික්කිට කාවවත් බලන්නවත් එන්න වෙන්නෑ...... ඒ ගැන ඉතින් සමාවෙන්න......

Wednesday, October 6, 2010

අද දිනේ කවද්ද???? මතකද???? බලන්න මතකය හරිද කියලා........



මේ මාසේ පටන් ගත්තෙම කට්ටිය අපේ දිනේ සමරමු කියාගෙන..... හා පැටික්කිටත් ඉතින් 18‍ පහුවෙලා හෙන කාලයක් නැති අවුරුදු 3ක විතර පුංචි කාලයක් නිසා ඉතින් සැමරුමට එකතු උනා........ බබාලා වගේ සමරපු ඔක්කොම ඉතින් 18 පහු උන අයනේ............

දැන් බලනව ඇති හා පැටික්කි මේ මොකක් කියන්නද එන්න හදන්නේ කියලා....... මේ අපි දින වෙන් කරන් සමරන හැම දෙයක්ම දින නියමයක් නැති සංකේතාත්මකව දිනයක් යොදා ගත්තත් ඒ බොහෝමයක් සැමරුම් අපි හැමදාමත් භක්තියෙන් කල යුතු දේවල්...... ඕන් ඉතින් කට්ටියකගේ ස්ටාටර් හරි ගිහින් බල්බ් එක පත්තු වෙනවා...... ඔව් ඔව් ඒ ගැන තමා ලියන්න හිතුවේ අද.......

කවුරුත් ‍ ගෙදර අය නෑයන් (වේයන්ද ඇතුලත්ව) ඇසුරේ ඉඳලා ඉස්ඉස්සෙල්ලම පාසල්/ පෙර පාසල් ගිය දවස මතකද?????
ගොඩක් අයට අමතකම නොවන දෙයක් තමා එදාට මුහුණ පිරෙන්න ලස්සනට හිනා වෙලා කතා කරන ඇය.......
අපි හැමොගෙම ජීවිත වලට දෙමව්පියන්ට පස්සේ බෙහෙවින්ම ළං වෙන ඔවුන් ගැන පුංචි දෙයක් ලියන්න ආවේ....... කෝ අනිත් අයටත් මතක් උනාද????

ඊයේ ලෝක ගුරු දිනේ..... ලංකාවේ ඒක සමරන්නේ අද...... ඒ කියන්නේ ලංකාවේ අපිට ගුරු දිනේ යෙදෙන්නේ ඔක්තොබර් 6 වෙනිදට........ මං කලිනුත් කිව්වා වගේ අපි දින යොදාගෙන සැමරුවත් අපි සැමදාම වගේ බොහොම ආදරෙන් ගුරුමව්පියන් වෙනුවෙන් ඉන්නවා......

මිහිපිට දෙවිවරු ලෙස දෙමව්පියන් වගේම ඒ තරමටම අපිට සමීප ගුරු මව්පිය වරු ගැන පුංචි ලිපියකින් කියන්න බැරි තරම් මතකයන් අපි හැමෝම ළඟ තියනවා........

ඔවුන් අපි වෙනුවෙන් කරන බොහෝ කැපකිරීම් අපිට බොහෝවිට නොපෙනුනත් අපේ දෙමව්පියන් තරමටම අපට හදවතට ළං වෙලා අපි ගැන හොයනවා........
පාසලේ දිනකට විනාඩි 45ක් වැනි ඉතා කෙටි කාලයක් තුල හමුවෙලා එකට ඉන්නව උනත් අපිට ඔවුන් ළං වෙලා......... ඇතැම් විටක ගෙදර වෙන පුංචිදේ උනත් ලද සැනෙන් කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා......... අපේ හිත් වලට ඒ විදියට බොහෝමයක් ළං වුන ගුරු මාපියන් වෙනුවෙන් එක් දවසක් වෙන් කරලා උපහාර දක්වන්න අපි කිසිම කොනෙකුට බැහැ.......

ඔවුන් වෙනුවෙන් දිනයක් වෙන් කරන් උපහාර දක්වන පිරිසක් හැදෙයිද කියලත් කියන්න බෑ මේ යන තාලයට...... බොහෝමයක් ළමයි වගේම දෙමව්පියන් උනත් අද කාලේ බලන්නේ ගුරුවරයත් දෙන මුදලට අපට උගන්නනව අපි ණය නෑ කියන හැඟීමෙන්...... ඒත් ඔවුන් දෙන දැනුම උපදෙස් වගේම ඔවුන් හා බෙදා ගන්න ජීවිත අත්දැකීම් සමාජයේදි අපේ ඉඳිරි ගමනට කොච්චර වැදගත් වෙනවද කියන එක අපි මිල කරන්නේ කොහොමද....???? ඒ වගේම අපට උගන්නපු ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි හොඳ පුද්ගලයන් වෙලා සමාජයේ හොඳින් ඉන්නව දකින්නයි........ ඔවුන් ඉන් ලබන සතුට අපිට වුනත් ගුරුවරු හමු උන වෙලාවක දැනෙනවා........ එහෙම අපි ගැන හිතන ඔවුන්ව පාසල් දිවියෙන් පසුව අමතක කරන්නේ කොහොමද.......????

ඕනම කෙනෙක් සමාජයේදි යම් තැනකට පැමිණ ඉන්නවනම් ඒ හැම දෙයකටම පිටුපසින් දෙමව්පියන් වගේම සිප්සතර දුන් ගුරුවරුත් ඉන්නවා කියන එක අවිවාදයෙන්ම පිළි ගත යුත්තක්. ඒ වගේම ඒ බවක් අමතක කරලා සමාජයේ ඉන්න අය පිරිහෙන බවටත් ඕන තරම් උදාහරණ සමාජයෙන් දකින්න පුලුවන්.......

පාසලෙන් ඉවත් වූ පසුත් අපට සිප් සතර දුන් ගුරුවරුන් බලන්න අවුරුද්දකට එක දවසක් වත් යොදා ගන්න පුලුවන්නම් ඒක වටිනවා....... පාසලට එක දවසකටවත් ගිහිල්ලා ඔවුන් සමඟ කතා බහ කරලා එන්න පුලුවන්නම්......... එහෙම නැත්තම් පුලුවන් වෙලාවක් ඔවුන්ව බලන්න යන්න පුලුවන්නම්...... ඔවුන් උනත් බොහොම සතුටු වන බවට විශ්වාසයි...

හ්ම් දිග වැඩි උනාද මංදා......
ගුරු දිනය වෙනුවෙන් පුංචි ලිපියක් ලියන්නයි ඕන උනේ.......

ලිපිය අවසන් කරන්නම් මගේ මිතුරියක් ගුරු දිනයකට ලියූ පද පෙලක කොටසකින්.......

"ගුණ දම් ගොතලා ගෙලවට පළදා
යන මඟ එකලු කලා.....
නැණ මල් වනලලා දෝතට දීලා
ලෝකය සුවඳ කලා.......
ඔබෙ සිත පතලා ලොව ගොඩ නගලා
තුටු මල් පොකුරු නෙලා.........
පා යුග තබලා නමදිමි පතලා
නු‍ඹෙ සිත සතුට සදා.............."

ගුරු මව් පියණි ඔබ අප වෙනුවෙන් කල මෙහෙවර කිසිදා මිල කල නොහැකිය.......