෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, December 29, 2010

සිහින් හිරි පොඳ......


මොකද කුඩේ තියන් අපි තෙමෙන්නේ????

"මොකද කුඩෙත් තියන් අපි තෙමෙන්නේ????"


"ම්ම්ම්ම් ඔයා ආස කුඩේ දානවටද මෙහෙම යන්නද?????"
මම උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක්ම ඇහුවා......
සිහින් හිරිකඩ වැටෙන පොද වැස්සේ යන්තම් තෙමි තෙමි යන්න තිබුන ආසාව නිසාම කුඩේ දිග ඇරියේ නැතුවම හිටියා...... තෙමෙන්න තරම් වැස්ස වැටුනේ නැති නිසා ටිකක් ආස හිතුනා........

"මමත් කැමති මෙහෙම තෙමි තෙමි යන්න තමා.........
ඒත් ඉතින් ලෙඩක් නිකමටවත් හැදුනනම් මගේ ලොකු ඉස්කොළෙ හාමිනේගෙන් බැනුම් අහන්න තමා බැරි......"


පාර කියලවත් බලන්නැතුව මට සමාන්තරව ගමන් කරමින් සිටි ඔහුට වැලමිටෙන් පහරක් ගැසීමි.

"මොකද හිනා වෙන්නේ?????"
"කව්ද දැන් ඔයාගේ ලොකු ඉස්කෝළ හාමිනේ????"


"වෙන කවුද ඉතින් මට හෙම්බිරිස්සාවක් හැදුනත් බැන බැන උපදෙස් දෙන මගේ මේ කුමාරිහාමි මිසක්......"


"ඉන්නකෝ මීට පස්සේ කියන්න එපා මට ඔළුව රිදෙනවා ඇඟ රිදෙනවා කියලා...... මම බලන්නෙවත් නෑ......."


නෝක්කාඩුවක් කියා මා මදක් ඔහුට ඉස්සර වීමි......

"නිෂි..."


නෝක්කාඩුවෙන්ම බව අඟවමින් මා හැරුනෙමි.....

"මගේ ඔළුව රිදෙනවා වගේ....."


"ඕකනේ කියන්නේ පණ්ඩිතයට....... කෝ එන්න කුඩේ දාමු........"
"මං ලග පැනඩෝල් ඇති ඉන්න දෙන්නම්........"

ඔහු සියල්ල බලා සිටිමින් සිනාසෙයි...... මතක් වූයේ දැන්ය මා මින් පසු නොබලනවා කීවේ විනාඩි කීපයකට පෙරය....

"ඕකනේ ඉස්කෝළ හාමිනේට කට තිබ්බට වැඩෙන් එහෙම නෑ......."

මටද සිනා ගියේ ඔහු එය තරමක් ඇද කී ලතාවටය......

"හරි හරි ඉතින් ඉස්කෝළ හාමිනේට කෝකටත් ඉන්නේ ඔය පුංචි දරුවා විතරනේ........"
හැබෑවටම ඔහු ඇතැම් විට පුංචි දරුවෙකි. හුරතල් වන්නට ගත් විට නිමක් නැත.......
ඇතැම් හමුවුන දවසට ඟං තෙර අයිනට වී බොහෝ වෙලා ගත කරන්නට පුරුදු වීමු.
එදාට ඔහු ගෙනා කෑම එක කවන තුරුම කට ඇරගෙන සිටී.

"කෝ ඉතින්......"


"අතක් තියෙන්නේ කන්නකෝ......"


"එතකොට රහ නෑ......."


"ඇයි ඒ????"


"ඒවට අඩුයි....."


"මොනවද????"


"ඔයා බත් කට කවද්දි දාන ආදරේ......."


සිනාවක් නැගුනද තරහක් පෙන්නන මා
"ඔව් ඉතින් හැමදාම බබා පැටියට කවන්න එපැයි......."
කියන්නේ සතුටින් බව ඔහුද දනී.......
"මං ඇරෙන්න කව්ද පුංචි පැටියා........"


"ඔව් ඔව් අලි පුංචි පැටියා......."
කවන තුරාවටම මා හා හුරතල් වීම දැන් පුරුද්දකි. එය මා සිතටද ඇති කරනුයේ කියා ගත නොහැකි වූ ආදරයකි........ ඇතැම් විට මටද සිතෙන්නේ ඒ බත් කට වැඩියෙන් රස ඇති කියාය.
------------------------------------------------------------------------------------------------

"අක්කා......."
මා ගැස්සී ගියෙමි.
"ඇයි මල්ලී....."

"ඔයා දැන් කීයේ ඉඳන්ද වැස්ස දිහා බලාගෙන අපි යමුද?????"
මට ඔර‍ලෝසුව දිහා බැලුනේ නිරායාසයෙනි.......
පැය භාගයක්ම මෙතන සිට ඇති බව දුටු වට මට ලැජ්ජාවක්ද ඇතිවුනි.......

තෙමෙන්න නොදී පුංචි ළමයෙක් වගේ පරිස්සම් කරන්න.........
හිතුනම සිහින් මල් පොද වැටෙන වැස්සේ තෙමි තෙමි යන්න..............
පොඩ්ඩක් සැර දාලා තරහා වෙන්න........
රහට අනලා ආදරෙත් එක්ක කවන්න...... ඟං තෙරට වෙලා පැය ගනන් කතා කරන්න.........
අතීතය කඳුළුත් එක්ක එකතු වෙලා කඩා වැටුනත්.......... වැහි බිංදු එක්කම ගලාගෙන යාවි........
වෙනසක් නැතුවම.......
"හ්ම්....... අපි යමු මල්ලී......."
දිග සුසුමක් පිට වූයේ මටද රහසිනි.






සැ.යු:- මේ සිංදුව හිතේ තියන්ම ලීව ලිපියක් නම් නෙමෙයි. ඒත් ලියද්දි මේ සිංදුව මතකෙට ආවා. මං බොහොම ආස ගීතයක්. ඒකයි දාන්න හිතුනේ.........

නැ.සැ.යු:- හා පැටික්කිට තාවකාලිකව කකුළ් 2ක් ලැබුනා..... මේ ඒකෙන් පැන යන ගමන් තමා...... ලැබුන කකුල් දෙකේ හැටියට පැන යන්න තමා කල්පනාව. බලමුකෝ නේද.........

Saturday, December 18, 2010

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 04

ඉතිහාස පොතේ හතර වෙනි පිටුව තමා පෙරලන්න හදන්නේ. තාමත් අපි ඉන්නේ අනුරාධපුරේනේ. මේත් අනුරාධපුරේ තිබෙන වැදගත් ස්ථාන කීපයක් ගැන. හෝව් හෝව් සම්බන්ධයක් එකිනෙකට නැති උනත් බලලා එන්නකෝ මේවා බලපු නැති අය........

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 01
මෙව්වා කියවන්න කම්මැලියොද?????? 02
මෙව්වා කියවන්න කම්මැලියොද?????? 03

එතකොට අද ලිපිය කොතනින් පටන් ගන්නද..... ම්ම්ම්ම්ම්ම් අභයගිරියෙන් පටන් ගනිමු එහෙනම්.....

අභයගිරිය වළගම්බා රජු විසින් කරන ලද්දක්.මහා පැරකුම්භා රජු සමයේ මෙය ප්‍රතිසංස්කරණය කල විට උසින් අඩි 350ක් විතර වූ බව සඳහන් වෙනවා. දැනට කැඩී ගිය කොත් කැරැල්ල මුදුනට මෙහි උස අඩි 245ක් පමණ වේ. මෙහි වන සමචතුරස්‍රාකාර සලපතල මළුවෙහි පැත්තක දිග අඩි 587ක්. මෙම මළුවේ සමහර ගල් මහජනයා විසින් පූජා කරන ලද ඒවා. දායකයින්ගේ නම් ඒ ගල් වල කොටා තිබෙනු දැකිය හැක. ඉතිරි ගල් සඳහා තුන්වන සේන රජු විසින් කහවණු වැය කර ඇත.



මේකත් ඉතින් දැක්ක ගමන් මතක් වෙනවනේ මොකක්ද කියලා. ජේතවන දාගැබ. දෙනා වෙහෙර කියලත් කියනවා මේකට..... මෙය මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක්. මෙය ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දාගැබ් අතරින් වීශාලතම දා ගැබක්. එකල අඩි 400ක් උස් වූ බවට සළකනවා. දැන් උස අඩි 232ක්.අක්කර 8ක් වූ දාගැබ් මළුවෙහි පැත්තක දිග අඩි 576ක්.



මෙය සම්පූර්ණයෙන්ම ගඩොලින් නිම වූවක්. පසුගිය සියවස තුලදි කැඩී ගිය උඩ කොටස ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙහි අත්තිවාරම පඩිපෙළක අයුරින් අඩි25ක් ගැඹුරට තිබීමත් මෙය මෙතරම් කාලයක් සුරැකිව තියෙන්නට හේතුවක් වෙලා තියනවා. පුරාණ පද්මාසනයේ කොටසක් එය තිබුන තැනම දකින්නට පුළුවන්. එහි සෙසු කොටස් විනාශ වෙලා තිබුනත් පද්මාසනයේ ප්‍රමාණය අනුව විශාල හිටි පිළිමයක් වැඩ සිට ඇති බවට විශ්වාස කරනවා.



ඊළඟට මොකක්ද කියලා බලමු. පොතේ හැටියට තියෙන්නේ ලංකාරාම දාගැබ. මෙයත් වලගම්බා රජුගේ නිර්මාණයක්. මෙහි පුරාණ නාමය සිලාසොබ්භකණ්ඩක චෛත්‍ය ලෙස විශ්වාස කරනවා. පුරාණයේ මෙය වහලයකින් ආවරණය වූවක්. ඒ කියන්නේ වටදාගෙයක් සහිතයි.දැන් එම ආවරණ වහල පේන්න නැතත් එහි වූ ගල් කුළුණු පේලි තුන දකින්න පුලුවන්. අඩි 45ක විශ්කම්භයකින් යුතු මේ දාගැබ අඩි 132ක විශ්කම්භයක් ඇති වටකුරු මළුවක පිහිටා තිබෙනවා.



ථූපාරාමය තමා ඊළඟට තියෙන්නේ. මෙය දෙවන පෑතිස් රජු ඒ කියන්නේ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් බුදුරදුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිධාන කොට තනන ලද්දක්.මෙය ලංකාවේ ඇති පැරණිතම චෛත්‍ය ලෙස සළකනු ලබනවා.මෙහිද චෛත්‍ය වටේ පිහිටි වහලයක් සහිත ගොඩනැගිල්ලක් තුල තිබුනකි.මෙහිද වහල රදා පැවති ගල්ටැම් පේලි 4 ආරක්ෂිතව පවතී.



දැනට චෛත්‍ය යේ උස අඩි 63කි. විශ්කම්භය අඩි 59කි. එය අඩි 11ක් උසැති විශ්කම්භය අඩි 164ක් වූ වටමළුවක පිහිටා ඇත.


සැ.යු:- කලින් ලිපි වලදි ඉල්ලුවා මෙන්ම මේ ගැන වැරදි අඩුපාඩු සහ තමන් දන්න කියන තොරතුරුද එකතු කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඡායාරූප වල ඇති අඩුපාඩු ගැනත් සමා වෙන්න හා පැටික්කි තාම පුංචි එකීනේ.

තව එක ලිපියකින් අනුරාධපුර චාරිකාව ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. පොළොන්නරුව ගැන ටිකක් ඉඳලම ලියමු නේද???? කස්ටිය මොකද කියන්නේ?????

Wednesday, December 15, 2010

හා පැටික්කිට උදව්වක් ඕන වෙලාලු.............



උදව්වක් ඕනවෙලාලු????? "ලු" මොකක්ද ඕනවෙලා.......
කෝ බලන්න හා පැටික්කි හොඳින් හොඳින්....... අනේ ඉතින් අතුරු ආන්තරාවක් එහෙම නෙමෙයි ඕන්.... හාවිට ආයෙමත් නිදහසේ පැන පැන යන්න කට්ටියගෙන් උදව්වක් ඉල්ලන්නයි ආවේ....... ඔව් ඔව් උක්කුන් මගේ කකුල් 4ම ඇවිදින්න බැරි වෙන විදියට සහනාධාරේ කපලා දැම්මනේ...... පස්සේ ඉතින් මම මේ එන්නේ උක්කුන් ගෙදර නැති වෙලේනේ........
අභාගේ ප්‍රථිඵල ආවම මට කකුල් හතරක් කැරට් බෙද බෙද පැන පැන යන්න අරන් ඕන කියලා මම අම්මට කියලා තිබුනේ. රිසල්ස් බලපු කෙනාගේ හොඳ කමද මංදා රිසල්ස් හොඳ උනානේ..... (බලපු කෙනාගේ වාසනාව.... ) ඉතින් ඉල්ලීම අනුව කකුල් හතරක් ලැබෙන්නයි යන්නේ........
කෝ කට්ටියගේ මොළේ කොලොප්පන් වගේද????
මං මේ කිව්වේ අම්මා මට ජංජාල සම්බන්ධතාවක් ඒ කිව්වේ දන්න සිංහලෙන් ක්‍රිස්මස් එකට ඩිං ඩොං බෙල් ඩොංගලයක් අරන් දෙන්නම් කිව් එක ගැන අනේ. ලොකු දෙයක් නෙමෙයි....... හැබැයි මට ලො කූ............. දෙයක්. කොච්චර අමාරුවෙන්ද මේ ඉන්නේ....... :'( :'(

කවුද කවුද අර පම්පෝරි නැතුව කාරණාව කියන්න කිව්වේ???? (හැබෑව තමා හා පැටික්කි වෙනදට වඩා හෙන පම්පෝරියක් කියවලනේ. කවුද මට ඒක පුරුදු කරේ???? )
දැන් කාරණාව මෙහෙමයි....... ජංජාල සම්බන්ධතාවක් අරන් දෙන්නම් කිව්වට ගන්න හොඳ සම්බන්ධතාවක් ගැන අදහසක් නෑ මේ අහිංසක හාවිට......... ගිය පාරත් බිල වැඩිවෙලානේ උක්කුන් බෙල්ලෙන්ම අල්ලලා විසික් කරේ. ඉතින් මෙදා පාර බෙල්ල කඩාගෙන කකුල් කඩාගෙන වින්නැහියක් නොවෙන්න සහෝදර සහෝදරියන්ගෙන් උපදෙස් පතන්න තමා මේක ලියන්නේ. මං දන්නවා මට කට්ටි උදව් කරනවා..... (නැතත් එහෙම කියන්න එපැයි...... ;) )

තම තමන් භාවිතා කරන නිසා ඉතින් ඔය දේවල් ගැන ඇක්ස් පීරියන්ස් ඇතුවම හොඳට දන්නවනේ. අනේ ඒ නිසා හා පැටීට උදව්වක් වශයෙන් මේ ගැන දන්න දේවල් සහ හොඳයි කියලා හිතන ජංජාල සම්බන්ධතා ගැන අදහස් කියන්න ආ නෑ ලියන්න කියලා ඉල්ලනවා...........

බෝම ඉස්තූතියි එහෙනම් සමුළුවට සහභාගී උනාට. ඌප්ස් සොරි මං මේ කිව්වේ ලිපිය කියෙව්වට..... :D :D

Tuesday, December 14, 2010

තවමත්........


පිණි පිපුනු
රාත්‍රිය
කඳුළු නෙත් මායිමේ
තනියට
පිණි වියැකුණද
හිරු දැක
කඳුළු තවමත් හිදියි
තනියට
ඔබ නිසාවෙන් මා
සිත් රිදුනු වග‍
ඔබ නොදනමුත්
සිතේ දුක සඟවාන
රිදුම් දෙන හදවතින්

තවමත්

මඟ බලමි
මම

Friday, December 10, 2010

ඉතින් කෝමද අභාගේ????



පෝස්ට් එකක් ලියන්න උවමනාව හොඳටම තිබුනත් ලියන්න තරම් සැනසීමක් නැති නිසා නොලිය උන්නේ. ඒත් ඉතින් කට්ටිය වෙනුවෙන් එකම ලිපියක් වත් නොලිව්වොත් මං නරක හා පැටියා වෙනවනේ. මුල අමතක කරලා කොහොමද........ දැන් ඉතින් මොකටද මේ හා පැටික්කි සැරසෙන්නේ කියලා ගොඩක් අය දන්නවා. ඔව් ඔව් ඒකට තමා. මට කියන්න දෙයක් අක්කණ්ඩිය ඉතුරු කලේ නෑනේ. මං කියන පරක්කුවට බස් එකේ දාලා ඉවරයි........

ඔව් ඉතින් අභාගේ අභාගේ කිය කිය හිටි එක ගැන තමා මේ කියන්නේ. හා පැටියා ගැන ගුරුවරු හිතන් හිටියට වඩා අඩුවෙන් උනත් ඉතින් හොඳට පාස් උනානේ. බයෝ වලටයි කෙමෙස්ට්‍රි වලටයි ඒ අකුරුත් පණ බයෙන් උන්නු පිකිස් වලට බී අකුරකුත් ගත්තාලුනේ. මව් බාසාව නම් ලීවේ නෑ කියලා කලින්ම කිව්වනේ මම. දිස්තිරික්කෙන් 70 වෙනියා (ඉස්තිරික්ක කරලා ගන්න වටිනවානේ???). යන්න ලැබෙන්නේ මොනවටද කියලා නම් තාම කියන්න දන්නෑ. විස්තර කීවා වැඩිද මංදා...... ඔය ඇති නැත්තම් මං ඉවරයි........ (දැනටත් ටිකක් ඉවරයි.... )

ඉතින් උඩදාගෙන ඕක ලියන්නද මේ ලිපියක් ලිව්වේ.
මොකද මොකද හා පැටියට බනින්නේ..... මං ආවේ පුරාජේරුව කියලා යන්න නෙමෙයි. මේ වෙනුවෙන් මගේ දෙමව්පියන්ට ගූරුවරුන්ට වගේම මගේ සහෝදර සහෝදරියන්ටත් ස්තූති කරන්න. මුලින්ම ඉතින් මාව උනන්දු කරපු ඔය හැමෝටම බොහෝම ස්තූතියි.

ඒ අතරිනුත් මාව දැක්ක දැක්ක තැන අම්මට කියනවා කියලා සැර දම දම එළවපු බිඟුවා අයියා ,එතකොට ඇයි මට එයා හරි සැරයි කියලා පවර් රැස්පොට් පෙන්නපු මගේ පොඩ්ඩා , ඒ වගේම බනියයි , හිඟන්නා මලයයි (බලන් ගියාම මං බැනුම් දෙවනියට වැඩිපුරම අහලා තියෙන්නේ මේ තුන් දෙනාගෙන් ) , එතකොට මං ගැන හොයලා බලපු නිශාචරයා අයියා (මේ දවස් වල පේන් නෑ මොකද මංදා),ඒ වගේම පිකිස් ගොඩදාගන්නත් උදව් කරපු අපේ හෙළයා අයියා , ලැබුන ඇසිල්ලෙන් ඇවිත් මාව බලල දුක සැප වැඩ ගැන අහපු රවා අයියා , ඇයි හා නඟාව මයික්‍රොසොෆ්ට් කරපු අපේ සන්සරසිඳු අයියා , ඒ වගේම පස්සෙන්ම හිටපු නිමන්ති අක්කි .

එතකොට කාලෙකින් දැක්කෙ නැති චන්දික අයියා , දුකට සැපට හොයලා පාඩම් කරනවද හොයලා බලපු මාරයා අයියා , ඇයි එයාගේ විභාගෙත් තියාගෙන මා ගැනත් හොයලා බලපු සමනලී අක්කි (මේ දවස් වල කකුළක් උයියන් කරගෙනලුනේ ඉක්මනටම සනීප වෙන්න), ඇයි ජීවිතේ මල් මල් කරන්න දිරිය දීපු දිල් අක්කි , එතකොට ඒබීසීඩී ප්‍රියන්ත අයියා ආ වැරදුනා ඒබී විතරයි , හැමදැමත් නොවරදවාම මාව බලන්න එන ප්‍රසන්න අයියා , ඇයි තව කැන්ඩි ......

හෝව් හෝව් තව ඉන්නවා කොච්චර මහන්සි උනත් කියන්නම ඕන හැමෝම ගැන.
පුරු පුරු අයියා ඇතුලු බ්ලොග් ගඩොල් පූස් අයියලා ටික, මැරතන් එකේ වතුර ගහන්න ගිහින් හමු වුන මා ගැන හොයලා බලන මගේ හසියා අයියා , හසිත , හසී අක්කියා ඇතුළු අපේ හසී ෆැමළි එකම, ජයම කටේ තියන වැම්පයර් අයියායි , පිස්සා අයියයි , ඇයි මාව බ්ලොග් අවකාශෙට පිළිගත්ත මකරා අයියා , ලද ඇසිල්ලෙන් ආවා ගියා වන අන්ශ් අක්කා , හැමෝවම බලන්න යන හේමලයා අයියා , තව කොච්චරක් කියලද වත් අක්කි , විහඟි අක්කි (කාලෙකින් දැක්කේ නෑ) කඳුළු බිඳුවේ ජනී , මම , නඳුන් පික්සු බස් ජුන්ඩා , දුකා අයියා එතකොට අපේ පප්පා ආ නෑ පුබ්බා , එකී මෙකී නොකී සියළුම දෙනා හැමෝටම බොහෝමත්ම ස්තූතියි.........

පිස්සුද නැගිට්ටේ කොහේ යන්නද???? ඉවරයි කිව්වට ඉවර නෑ තව ඉන්නවා..... පැන්ඩා අයියා පැන්ඩි අක්කියි, එතකොට කාංචන අයියණ්ඩි බුබුලු පබලු අක්කණ්ඩි , ළමයා මල්ලි , ටික ටික හිනා ගස්සන අභීත අයියා , පසන් අයියා , නිපුන අයියා , වැප් අයියා , ඉළංදාරියා අයියා , පීටර් අයියා ............. ඉවරයක් නෑ මේ බ්ලොග් අවකාශේ හැමෝටම බොහොමත්ම ස්තූතියි......

කවුරුවත් අඩු උනා නම් සමාවෙන්න හාවි ඉතින් හැකි උපරිමෙන් මතක් කර කර ලිව්වේ. අමතක උන නමක් එහෙම තියනවනම් යන්න කලින් ලියලා යන්නත් අමතක කරන්න එපා....... කට්ටියම පාන් වාටි ඉල්ලුවට ඒවා දෙන්න බැරි නිසා ඔන්න කේක් කෑල්ලක් කාලා යන්න.


නොවැලැක්විය හැකි හේතූන් නිසා මෙදාපාර බඩජහරි අයට වෙනම කේක් එකක් ආ මෙන්න. කෝ මගේ පොඩ්ඩයි ලොකු අයියයි ඔන්න මෙන්නෝ....... හිඟන්නටයි බනියටයිත් තියන්නෝ.......

එහෙනම් ඉතින් මගේ කතාව මින් අවසානයි කියවපු සැමට ඉස්තූතියි. පහළ කොටුවෙන් අකුරු ටිකක් දීලා යන්නකෝ වෙනදා වගේම.

සැ.යු- මෙච්චර කරලත් තාම නෙට් සහනාධාරේ ලැබුන්නෑනේ මට....... තාමත් හොර ගමන් තමා....... දුක තමා කිව්වලු.