෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, September 13, 2011

පුංචි කිටියා රැවටිලා..........


පුංචි දිනිති උදේම නැගිටලා එයා ළඟ හිනා කටක් පුරවන් ඉන්න අම්මා දිහා බැලුවා. අම්මත් ආදරෙන් දිනිතිගේ ඔළුව අතගාලා දිනිතිව ආදරෙන් සිපගෙන වඩා ගත්තා.

දිනිති තාම මොන්ටිසෝරි යන ගෑණු ළමයෙක්. දිනිති හැමදාම උදේම නැගිටිනවා. එයා කවදාවත් අම්මටයි තාත්තටයි කරදර කලේ නෑ. දිනිති තමා දිනිතිගේ අම්මටයි තාත්තටයි තිබුන වටිනම වස්තුව.

අදත් දිනිති උදේම නැගිටලා අම්මාගේ උරට හේත්තු වෙලා ලස්සන මුතු ඇට දසන් දෙපල පෙන්නලා තාත්තා එක්ක හිනා වෙලා මූණ සෝදන්න ගියා.

දිනිති මූණ සෝදන්න යද්දි කිටියත් දිනිති එක්කම හිනා වෙවී ගියා. කිටියා තමා දිනිතිලගේ ගෙදර ඉන්න පුංචි පූස් පැටියා. එයා තාම පුංචියි.

අම්මා දිනිති‍‍ගේ පුංචි මුතු ඇට වගේ කිරිදත් ටික මදින්න උදව් උනා. මූණත් සොදවලා දිනිතිට මොන්ටිසෝරි යන්න තාත්තා අයන් කරලා තිබුන ඇඳුම ඇන්දුවා. කිටියත් ඒ පස්සෙන්මයි. දිනිති උදේ අම්මා හදලා දීපු කිරි එක්ක බොද්දි කිටියත් අම්මා පීරිසියට දාපු කිරි ටික හනි හනිකට ගුඩුස් ගුඩුස් කියලා බිව්වා.

සුදු දුව අපි යමුද........ දිනිතිගේ තාත්තා ඇහුවා.

යන්න කලින් අම්මා ළඟ දණගහලා දිනිති අම්මට වැන්දා. තාත්තටත් වැන්දා. පුංචි කිටියා මේ ඔක්කොම බලන් උන්නා.

දිනිති අම්මා දීපු වතුර බෝතලෙත් කරේ දාන් තාත්තගේ අතේ එල්ලුනා. දිනිති ඉස්කෝලේ යන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ. උදේ නැඟිටිද්දි අම්මට කරදර කරන්නෙත් නෑ.

දිනිතිලා එක්ක අම්මත් ගේට්ටුව ළඟට ආවා. ඇයි පුංචි කිටියත් ආවා. ඒත් ඉතින් කිටියා ඉස්‍කෝලේ යන්නෑනේ. ඉතින් අම්මත් එක්ක කිටියා නැවතුනා දිනිතිට ටටා කියන්න. දිනිති අම්මටයි කිටියටයි අත වැනුවා.

ඔන්න ඉතින් දිනිති එදා ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක ගෙදර ආවා. ඇවිල්ලා මූණ සෝදලා ඇදුම් මාරු කරලා දිනිති කන්න වාඩි උනා. ඒත් අඩුවක්........

කෝ කිටියා....... වටපිට බැලුවා. කිටියා පේන්න නෑ.

හැමදාම දිනිති ඉස්කො‍්ලේ ඇරිලා ඇවිත් දවල්ට කද්දි කිටියත් කනවා. ඒත් අද කිටියා නෑ.

පුංචි කිටියා කෝ කියලා ඉතින් දිනිති අම්මගෙන් ඇහුවා. අම්මත් දිනිති එක්ක කිටියව හොයන්න පටන් ගත්තා.

කිටී කිටී......... පුංචි කීටී...... දිනිතිගේ අම්මා කිටියට කතා කරා. ගේ පුරාම බැලුවා. කිටියා හිටියේ නෑ. ඇයි ඇඳ යට මේස යට හැම තැනම කිටියව හෙව්වා. ඒත් කිටියා හිටියේ නෑ.

කොහෙද මේ කිටියා ගියේ..... දිනිතිගේ අම්මා හිතුවා.

ඔන්න අම්මා දිනිතිත් එක්ක වත්තේ කිටියා හොයන්න ගත්තා. අඹ ගහ උඩත් කිටියා නෑ. පුංචි පඳුර යටත් කිටියා නෑ. දිනිතිට දුක හිතුනා. දිනිති අඬන්න ගත්තා.

ඒත් ඉතින් කිටියා නෑනේ........ අම්මා දිනිතිවත් වඩාගෙන වත්ත පුරාම කිටියව හොයනවා. කිටියා නෑ. පාරට ගිහින්ද බැලුවා ඒත් නෑ.

දිනිතිගේ අම්මා දිනිතිවත් එක්කන් කාලා ගිහින් හොයමු කියලා ආවා. දිනිතිගේ පුංචි තාරුකා වගේ ඇස් වලින් මුතු ඇට වගේ කඳුළු බිංදු වැටෙනවා.

අනේ කිටියා කොහේ ගිහින්ද....... දිනිති අම්මා කවපු බත් කටවල් දෙකමයි කෑවේ. අම්මටත් දුකයි.

දිනිති වෙනදා වගේ සෙල්ලම් පෙට්ටියෙන් බඩු අරන් සෙල්ලම් කලෙත් නැහැ. කිටියා එනකම් මග බලන් හිටියා. අම්මා දිනිතිට කිරි එකකුත් හදලා දුන්නා. ඒත් කොහොමද බොන්නේ........ කිරි ඉල්ල ඉල්ල වටේ කැරකෙන කිටියා නෑනේ.
ඉතින් දිනිති කිරි එකත් ඉතුරු කලා.

දිනිතිගේ තාත්තා ගෙදර ආපු ගමන් අම්මා ගිහින් තාත්තට විස්තරේ කිව්වා. තාත්තත් කිටියව හෙව්වා. වහල උඩත් බැලුවා. එහා ගෙදර අක්කගෙනුත් ඇහුවා. ඒත් කිටියා නෑනේ. ඉතින් තාත්තාත් හවස ඇඟ සෝදන් දිනිතිත් තුරුළු කරන් වාඩි උනා.
දිනිතිට සෙල්ලම් බඩු පෙට්ටියෙන් සද්දයක් ඇහුනා....

දිනිති දුවලා දුවලා සෙල්ලම් බඩු පෙට්ටිය ළඟට ගියා.

හරි පුදුමයි මෙන්න අපේ කිටියා......... දිනිති හයියෙන් කෑ ගැහුවා. අම්මයි තාත්තයි දුවගෙන ආවා.

කිටියා මොකද මේකේ කරේ...... අම්මත් ඇහුවා.

තාත්තා හිනා වෙවී කිටියව එළියට ගත්තා. කිටී දිනිතිගේ සෙල්ලම් මීයව බදාගෙන හිටියා. හැමෝටම වුන දේ තේරුනා.

කිටියා සෙල්ලම් මීයට රැවටිලා. එයා ගන්න ගිහින් පෙට්ටියට වැටිලා. තාත්තා හිනා වෙවී කිව්වා. සෙල්ලම් මීයා බදන් ඉන්න කිටියා දිහා බලලා තුන් දෙනාම හයියෙන් හිනා වුනා...... කිටියත් ලැජ්ජාවෙන් දිනිතිලා දිහා බැලුවා.



සැ:යු :- ප්‍රථම කතාව ඕන්............ හරි නෑ නෑ වගේ.... කෝමද මංදා........

Saturday, September 10, 2011

කේක් කේක් කේක්........... ඉස්තූති කේක්.......... :D



හපොයි මෙදා පාරත් කට්ටිය රණ්ඩු වෙනවද මංදා........ ගියපාර දාපු තැටියම මේ පාර දාන්න බෑ නොවැ, ඉතින් මගේ සුදු හාවා ඇතුළු කට්ටියගෙන්ම අවසරයි......

අනේ මංදා අද නම් කොහෙන් පටන් ගන්නද කියලා.... ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඊයේ දවස ගැන දැනන් හිටියේ තුන් දෙනයි. ඒ අයියයි, අක්කණ්ඩියි,අයියණ්ඩියි. ඒ තුන් දෙනා ඉබ්බියි,හසාරි නංගියි එක්ක එකතු වෙලා කරපු දේ පුංචි වෙනසක් විතරයි අර අයියා ලියපු පෝස්ට් එකේ තියෙන්නේ.

දවසේ හැටියට මට කියලා තිබ්බේ අයියට උදේම සෙමිනා එකක් කියලා. ඉතින් වෙනදට 4ට නැඟිටින කෙනා 3ට නැඟිටලා 4 වෙද්දි එන්නත් පිටත් වෙලා ඉවරයි. අක්කණ්ඩියි, අයියණ්ඩියි කලින්ම පාටියක් ඉල්ලලා තිබුනා. මට එදා උදේ 11ටත් එන්න කියලා මං අදි මදි කරත් ඉතින් දැඩි බලකීරීම හා තර්ජන ගර්ජන මැද පාටිය දුන්නැත්නම් මරණ තර්ජන සයිස් එකෙන් හිටියේ. අනේ ඉතින් සුදු අයියත් කීවේ නැතෑ එයත් දවසෙම සෙමිනා කියලා තනියම ඉන්නැතුව යන්න කියලා.

අනේ ඉතින් අසරණ හාවි උන මම නාකියාගෙන ඇඳපැළඳගෙන 11ට එන්න කියපු එක 11.30ට විතර කියපු තැනට ගියා. අනේ මගේ අසරණ පෝන් එකත් කැඩුනනේ. එතන ඉන්නවා කිව්ව අක්කණ්ඩිවයි,අයියණ්ඩියි පේන තෙක්මානෙක නෑ. යාන්තම් හොයලා හොයලා තාත්තගෙන් බැනුනුත් අහලා අක්කණ්ඩිට අත වනලා අඬගහන් නමට හරියක් දාගෙන තාත්තවත් යවලා ගියේ නැතෑ. අනේ මම අර හරකා පිටිපස්සේ යන කරත්තේ වගේ (දැන් අහන්නෙපා අර දෙන්නගෙන් කවුද හරකා කියලා හික්ස්.....) යන පස්සෙන් අවුවේ කරවෙවී ගැහි ගැහි ගියේ නැතෑ. ගිහින් ගිහින් අන්තිමට ආපු තැනේ හැටියට සැකේ ආවට ඔන්න ඔහේ ගියා.

එළවළු කොටුවට හාවෝ පැනපි........ මෙන්න බොලේ පාන්දර 4ට සෙමිනා සෙමිනා කියලා ගෙදරින් එළියට බැහැපු කෙනා ඉන්නවා. අනේ ඉතිං මංම නිසා හොඳයි............ එතනින් එහාට ඉතින් ඕනි නෑනේ. අපිට පාටිය ලැබෙන ලදී තමා..... හික්ස්....

ඇත්තටම ඊයේ දවස ගැන ලොකු පුදුමයක් දුන්නා. යාන්තමට හොර වැඩේ දැනිලා තිබුනත් මං යනකම්ම දකිනකම්ම විශවාස කලේ නම් නෑ. ජීවිතේ සමරපු ලස්සනම උපන්දිනේ සහ මට ලැබුන ලස්සනම තෑග්ග. ගතකලේ පුංචි වෙලාවක් උනාට සුදු අයියයි, අයියණ්ඩියි, අක්කණ්ඩියි එක්ක ගතකරපු ඒ වෙලාව නම් ජීවිත කාලේ පුරාවටම මතකයි. ඔව් මතක තියේවි නෙමෙයි මතකයි.

ඉතින් මං වෙනුවෙන් පෝස්ට් එකක් දාලා සුභ පතපු මගේම ආදර සුදු හාවට ගොඩාඩාඩාඩාක් ස්තූතියි කියනවා. ඒ වගේම මගේ දවස ලස්සන කරන්න කරපු දඟ වැඩේටත් හරිම ආදරෙයි.හැමදාම කියනවා වගේ ජීවිතේ හාමදාමත් ආදරෙයි කියලා තමා කියන්නේ...... ගොඩාඩාඩාක් ආදරෙයි......
ආ මේ තියෙන්නේ සියල්ලේ එකතුව............




ඒ වගේම මගේ දවස ලස්සන කරන්න හෙන ගේමක් දීපු මගේම අක්කණ්ඩිටත්, අයියණ්ඩිටත් බොහොම ස්තූතිවන්ත වෙනවා. ඒ දෙන්නා නැත්නම් එහෙම දවසක් නෑ තමයි. මේ ඒ දෙන්නා දීපුවා තමා.......




ඒත් එක්කම ළඟ නැති අඩුව දැණුන මගේ ආදර යෙහෙළිය ඉබ්බිටත් ළඟ හිටියේ නැතත් දෙපැත්තම පරිස්සන් කරන් ප්ලෑන් හෙල්ප් දීපු එක ගැන ස්තූතිවන්ත වෙනවා. එයා නැති අඩුව නම් දැනුනා ටිකක්. වෙනදට මං මුළු දවසම ඉබ්බි එක්ක තමා. ඒත් කමක් නෑ මේ පාර විතරනේ....... ආ යන්න කලින් තෑගි ටික දීලා ගියේ.....




ඒ වගේම හසාරිටත් ගොඩක් ස්තූතියි. හසාරිගෙන් ඉතිං අයියට ලැබුන සහයට ගොඩක් ස්තූතියි. ඇයි අයියා අතේ එවපු කාඩ් එක. ඒකටත් ගොඩාඩාක් ස්තූතියි.





ඒ වගේම දැනගත් වහාම ඉඳන් ක්‍රියාත්මක වුන චන්දික අයිය (කෝච්චි අයියා) ටත් මාරයා අයියටත් ඒ වගේම සුභ පතපු හැමෝටමත් ගොඩාඩාඩාක් ස්තූතියි. මං මේ බ්ලොග් අවකාශේ සමරණ දෙවන උපන්දිනය. ඒත් එදා වගේම එදාටත් වඩා ආදරෙන් ඔය හැමෝම මා එක්ක ඉන්න එක ගැන හදවතින්ම සතුටු වෙනවා ඒ වගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.........

ආ කාට නැතත් ඉතිං පොඩ්ඩට කේක් එපැයි. ඒ නිසා ඕන් මගේ සුදු හාවා ගානේ කේක් එකක්.




සැයු:
කාට හරි මතකනම් කියමු බලන්න මේ කෙක් එක දැකපු තව තැනක්....... හික්ස්........


.

Wednesday, September 7, 2011

පැපරාසි කැමරාවෙන් ගුටි නොකා........

අනේ මංදා හා පැටික්කි නම් කවදා හරි ගුටි කනවා මේ පැපරාසි වැඩේ කරන්න ගිහිල්ලා....... අදත් ඕන් පැපරාසි නෙතට අහු උන සුට්ටං කස්ටියගේ පින්තූර දෙක තුනක් තමා අදත් ඉතින්........... මේ නිකම් ඉන්න බැරුවට ඉතින් කරපු වාඩ තමා ඒ කාලේ......

මේ ඇවිල්ලා ජුරාසික්ලාගේ ඉස්මෝල් සයිස් කෙනෙක්. මෙයාලා ඉතින් ගස් වල ඉඳන් ඔළුව වන වන ඉන්න එක තමා රාජකාරිය. පෙන්සුයි කලාවෙදි වත්තට කටුස්සෙක් එන එක වාසනාවක්ද මොකක්දලු. හැබැයි හැමදාම වත්තේ ඉන්න කසුට්ටා ඒකට අයිති නෑලු............ මේත් ඉතින් පාන්දරක කතුරුමුරුංගා අත්තක හිටි කසුට්ටෙක් තමා.........

අර ගැලපෙන වේස නිරූපණය හොඳ හැටිම දකින්න පුලුවන්නේ ඉතින්.......... පේනවනේ ..........



ඊළඟට පැපරාසි නෙතට අසු උනේ දිවා ආහාරය ගනිමින් සිටින ටිං ටිං කෙනෙක්ව...... මේ ඇවිල්ලා කොකෝවා ඇට වල රසය විඳිනා තුන් ඉරි අප්පුවෙක්. පේනවනේ..... කොච්චර හයිය ‍ආවරණයක් තිබ්බත් යන්තම් කහ ගැහුන ගමන් කොකෝවා ගෙඩි හැම එකම හිල් කරලා යන එක තමා මෙයාලගේ වැඩේ. සැරින් සැරේ කට්ටිය ඇවිල්ලා කනවා ඊට පස්සේ. ගෙදර ලේනට දෙන්නවත් ගෙඩියක් ඉතුරු කරන්නැහැ මේ තුන් ඉරි අප්පුලා..........




















එතකොට මේ........ අපිට අනුව නම් රාත්තිරි භොජනය හැබැයි ඒ ගොල්ලන්ට මං හිතන්නේ උදැසන භොජනය. මොකක් හරි භෝජනයක් ගන්නා වැම්පයරයෙක්.එල්ලිලා ඉන්න පුරුද්දනේ ඉතින්. අර වව්ලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනා වගේ තමා. කිසි භයක් නැතුව කනවා. මෙයාලගෙනුත් ගහක ගෙඩියක් බේර ගන්න විදියක් ලැ. තියන ඔක්කොම කාලා දානවා....... මේත් රෑ 10ට විතර ආපු එහෙම කෙනෙක්ව යන්තම් බේරලා කරලා පොටෝවකට අර ගත්තා..........





















එතකොට මෙයා........ මෙයාලා නම් අපරාදකාරයෝ........ ඇත්තම කියනවනම් අත් අඩංගු වට ගන්න ඕනා...... හැමදාම කාඹරංකා (බස් වල යන අයට සාමරංගන් මතකනේ ) අමු ගැට කඩ කඩ ඒ ඇතුලේ ඇට ටික කාලා ගෙඩිය විසික් කරන වැඩේ තමා කරන්නේ....... දැන් බලන්න රට ආහාර අර්බුදේකට යන්න මේවත් බලපානවනේ...... (කවුද එහෙම කීවේ???? )






















සැ.යු:- අනේ ඉතින් මම ඔය දන්න විදියට තමා සත්තු පස්සේ පන්නලා රැකගෙන ඉඳලා ඡායාරූප ගන්නේ. සත්තුන්ගේ ඡායාරූප ගන්න උත්සාහ කල කෙනෙක් දන්නවා ඒකට තියෙන්න ඕන ඉවසීම. ඇයි ඉතින් අපිට ඕනි ඕනි හැටියට ඉන්න කියලා ගන්නයැ. ඒ නිසා අඩු පාඩුත් පෙන්නලා දීලාම යනවනම් හරිම සතුටින් භාර ගන්නවා.......... විචාර කියලා මේවට කරන්න තරම් දෙයක් නැහැනේ ඉතින්...........

Monday, August 29, 2011

හා චීචගේ මොන්ටිසෝරියේ ඊළඟ දවස............. (ළමා ගී)

ගිය සඳුදාවක ළමා කවි කට්ටියම එකතු වෙලා කිව්වට පස්සේ ළමා ගීත දෙන්නම් කිව්වට මොකද තාම එකක්වත් කිව්වේ නෑනේ....... ඔන්න අද හා චීච කට්ටියටම පරණම පරණ සිංදු ටිකක් මතක් කරන්න යන්නේ.......... මේ ටික අපි හැමෝම පුංචි කාලේ ආසාවෙන් කියපු ඒවා. බලන්න බබාලටත් මතකද කියලා........


වලාකුලින් බැස
සමන්කුලත් වැඳ
එලෝ බලා යනවා....
අනේ මගෙන් වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා.......

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

බෝවිටියා දං පලුකන් වාරේමේ නොවැ පොඩි නංගෝ.......
කුරුළු කැලේ සුදු වැල්ලේ මාදං
වැහි වැහැලා නංගෝ......
සිහිවෙනකොට තොල කටද තෙමෙයි මේ
මා යනවා නංගෝ.....

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

ඕළු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ........
ඕළු නෙලාලා
දෙන්නද සුදු නංගෝ......
එන්න දියේ බැස මාහා
දෙන්න ඔබේ අත මාලා.....
ඕළු නෙලාලා
මාල ගොතාලා
පළදිමු අපි මාලා........

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ.......//

කිරි පැණි මට ගෙනැවිත් දෙන්කෝ.....//
හිමින් සැරේ හඳ මාමේ.....
ගී කියා ඔබටයි අමතන්නේ//
මේ පුංචි නංගා ඔබගේ හඳ මාමේ

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

අම්බිලිමාමේ ඔබ මොකද කරන්නේ//
පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

මිහිකත නළවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙල ගුරුලිය සැරදේ

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

හඳපානේ හඳපානේ....
හඳපානේ.... රෑ යාමේ......

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැළවෙන්නේ
බැබලෙන හඳ පානේ......

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ දාලා.....

යූ ටියුබ් වීඩියෝව

බාගත කරන්න

දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ....
එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා.... ලංකා....

ඉපදුන අප හට ලක් පොළවේ
සුරු විරුකම් උපතින් හුරුවේ....
දක්වමු දස්කම් දස්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ........



බාගත කරන්න


අද දාපු වැඩි හරියක් සිංදු සුනිත් ශාන්තයන්නේ. ඔය ටික හොයාගෙන හොයාගෙන යද්දි මට වටිනා කියන මැණික් ගොඩක් මුණගැහුනා. ඔන්න මං දැන් ඒ මැණික් ගොඩ ඔය හැමෝටමත් පෙන්නන්නයි හදන්නේ........ කවුරුත් මැණික් ගොඩට ගොඩවෙලා බලලා එන්නකෝ එහෙනම්.......... එහෙනම් ඔන්න හා පැටික්කි ලේසියෙන්ම ලමා ගී කියන ලොකු මාතෘකාවෙන් ගොඩ ගියා...... හැබැයි ඉතින් ඔය අඩවියේ නැති වෙනත් සිංදු එකතු කරලා සැරින් සැරේට ලිපි පෙලක් දාන්නම් ඒ වගේම ඒ අඩවිය අප්ඩේට් වෙලා නැති නිසා ගොඩ කාලෙකින් ඒ අයිතිකාරයා අප්ඩේට් කරනවනම් ඒ අදහසත් අතඇරලම දාන්නම්. -කොහොමද සිම්පල් ප්ලෑන් එක හාවිගේ......-

සැ:යු :- මං ඒ බ්ලොග් පිටුවේ සබැඳිය දාන්න අවසර ඉල්ලලා ඊයක් යැව්වත් තවමත් පිළිතුරු ලැබුන්නැහැ. ඒ නිසා අයිතිකාරයා ඉවත් කරන්න කිව්වොත් ඉවත් කරනවා කිසිම වලියක් නැහැ.

සැ:සැ:යු:- හෝව් හෝව් මේක වහලා දාලා එහේ යන්න නෙමෙයි ඔය පහලින් තියන පෙට්ටියට මොනවා හරි ලියලා යන්ට ආ කැමති නම් පුලුවන් අර මැණික්ගොඩේ නැති සිංදු ටිකක් මට මතක් කරලා දෙන්ට.


ඔය බාගත කරන ඒවා ඇම් පී තිරි ඈ..............

Tuesday, August 23, 2011

පුංචි කුමාරි..........


සුපුරුදු ලෙසින් දවස ගෙවිලා ගිහින් සවස් යාමයේ මාද බිමින් වාඩි වී ඇයගේ සුරතල් වැඩ දෙස ආදරයෙන් නෙත් යොමා සිටියෙමි. පුංචි කමට දැන් කරනා දඟ වැඩ සිතා ගත නොහැකි තරමටය.

"තාතී තාතී........." සුදු දෝණි මං බලන්නටත් කලින් ඇසිල්ලෙන් ඉඟිල්ලිලා ගියා. ඇවිදින අපිටත් වඩා වේගෙන් එයා දැන් දණගාන දිහා මං බලන් උන්නේ සතුටත් පිරි ආදරයෙන්. තාත්තා දැක්කම ඉස්පාසුවක් නැතුව නලියන දෝණි ගිහිල්ලා නැවතුනේ තාත්තගේ දෙපතුල ළඟ. මා දිහා ආදරෙන් බලා සිනාවක් පෑ ඔහු අත තිබූ බෑගය මා ගන්නාතුරුවත් නොඉඳ එය බිමින් තබා සුදු දෝණිව දෝතින් ගෙන මුහුණට තබා සිප ගත්තේ උතුරා යන සෙනෙහසිනි.

"තාතී තාතී......." ඇයට එකතු කරගත හැකි වූ අකුරු කිහිපය කියමින් ඇය ඔහුගේ මුළු මුහුනම සිඟිති දෝතින් පිරිමදිමින් අතොරක් නැතිව සිප ගත්තාය.

"හා හා මගේ පැටියෝ..... තාත්ති තුරුලේ දූවිළිනේ වස්තුවේ....... කෝ කෝ මගේ සුදු බණ්ඩියා......." කියමින් ඔහු ඇයව දෙතුන් පාරක් ඉහලට ඔසවමින් ඇයගේ බඩෙහි නිකට අතුල්ලන්නට විය. ඒ පහසින් කිති කැවී ඇකිලෙන දෝණි සුපුරුදු ලෙසින් තාත්තාගේ උරහිස මතට දෙපා තබා තාත්තාගේ අත් වාරුවෙන් සිට ගනී.

"දැක්කද අම්මි අපේ රාජධානියේ පුංචි කුමාරි......." ඔහුගේ බෑගය පපුවට තුරුළ් කරගෙන තාත්තාගෙත් දොණියැන්දාගෙත් සුරතලය රසකර කර විඳිම්න් උන් මාදෙස බලා ඔහු කීය.

"හැමදාම දැන් නවතින්නේ තාත්තගේ කරේ චූටි කුමාරි........" මා සිනාවක් පා කීමි.

ඔහු සිනා සෙමින් ප්‍රවේසමෙන් ඇයත් රැගෙන කාමරයට පැමිණියේය. මාද ඔවුන් දෙදෙනා පසින් විත් කාමරයට පිවිසියේ දවස පුරාම දඟවැඩ කර තාත්තා තුරුලේ සුරතල් වන ඇය දෙසය. උරහිස මතින් යන ගමන් කුඩා දෙපා පොඩි එය මත ගසමින් ඇතැම් විටක ඔහුකේ කෙහෙරැළි එක මිටට අල්ලා ගනිමින්ද. තවත් විටක මහා හඩින් සිනාසෙමින් එක එක ශබ්ද මුවින් පිට කරමින්ද ඇය සතුට ප්‍රකාශ කරයි. මිණිකැට වන් දෙනෙත් යුවලෙහි කාන්තිය මුළු නිවස පුරාම විහිඳුවමින් තාත්තීගෙත් මගෙත් පුංචි කුමාරි ඇඳ උඩට තාතාගේ කර මතින් පැමිණ සැපත් විය.

මොහොතක් එක විඳිහකින් සිටි නොහැකි ඇය තාත්තාට යන්නට නොදී අත බදා ගත්තාය....... ඔහු මා දෙස බැලීය.

දවස පුරාම අම්මි අල්ලන් සෙල්ලම් කල ඇය දැන් තාත්තාව අල්ලා ගැනීමට සැරසෙන බව පුරුද්දට අපි දෙදෙනාම දැන උන් බැවින් දෙදෙනාටම එක විට සිනහා නැඟින. ඇය දීප්තිමත් වූ දෑස් අප දෙස යොමු කර ඇයද සිනාසෙන්නට විය.

"මගේ හොර චූටි මැණික......... මේ මේ මගේ හොර චූටි මැණික......" කියමින් ඔහුද ඇය තුරුළු කර කිතිකවමින් ඇදෙහි හාංසි විය.

"අම්මි එන්නැද්ද????" ඔහු මා දෙස බලා ඇසිය. දවස පුරාම වූ මහන්සිය නැති කරමින් ඇරඹෙනා මේ පුංචි සුරතල් යුද්ධය මා සිතට ආශ්වාදයක් විය. මා ආසා වූයේ එය මා හට රිසි සේ විඳින්නටය. ඔහුටද එලෙසින්ම බව මා දනිමි. දිනයෙහි කෙතරම් මහන්සි වී මොන ගැටළුව හිතේ තිබුනද ඔහු ඒවා ගේට්ටුවෙන් ඇතුළට ගෙන එන්නේ නැත.

"ආ දැන් චූටි මැණික අම්මි එක්ක ගීන් තාත්තියට තේ හඳන් එන්නකෝ...... තාත්ති නාගෙන එන්නම්කෝ......." කී ඔහු ඇයගේ බඩ සිපගත්තේය.

මදක් බලා උන් දෝණි කී සියල්ල තේරුනාක් මෙන් මා අතට පැන්නාය. මා ඇයද ගෙන ඔහුට තේ සෑදිමට ආවෙමි.

නාගෙන පැමිණි ඔහු මා අසලින් ඉස්පාසුවක් නැතුව දණගාමින් ප්ලාස්ටික් හැදි කෝප්ප පිඟන් ගෙන සද්ද දාමින් යම් යම් වැඩෙහි නිරත ඇය දෙස බලා උන්නේ අපිරිමිත වූ පිය සෙනෙහස දෑසින් දෝරේ ගලායද්දීය.

"මගේ චූටි මැණික තාත්තිට තේ හදනවද ඔය????" ඇය අත දුටු කෝප්පය දුටු ඔහු ඇසීය. යන්තමින් මෝදු වූ කිරි දත් පාමින් ඇය සිනහා වී ඔහුට දෑත පෑවාය. ඔහු ඇයව දෑතට ගෙන පපුවට තුරුළු කර ගනිද්දී පපුවෙහි වූ දිය බිඳු වල සීතලට ඇය මදක් ඇකිලී ගියාය.

"සීතලයි නේද තාත්තියා ළඟ..... තාත්තී නෑවනේ........" ඇය සීතලෙන් ඇකිලෙණු දුටු ඔහු කම්මුලක් සිප ඇයට ඇස් ලොකු කරමින් කීවාය. ඇයද කී දෙය තේරුණාක් මෙන් තාත්තාගේ මුව දෙස බලා ඉඳ ඔහුගේ සිසිල් කම්මුලට මුහුණ තබා මා දෙස බැලුවාය.

"තාත්තිටයි දෝණිටයි මං සාලේ පැදුර දාලා ඇති...... යන්කෝ මං එන්නම්......." මා කීවේ සුපුරුදු ලෙසින් එය දන්නා නිසාවෙනි.

"අපි අම්මි එක්කම යමු නේද දෝණි......" ඔහු මා අසලට ඇයව තුරුළු කරගෙනම පැමිණ කීවේය.

හ්ම්ම්ම්ම් යමුකෝ එහෙනම්. කියමින් මා ඔහුගේ තේ එකද ගෙන හැරුනෙමි. තේ එක ඔහු අතට දි දෝණිව මා තුරුළට ගත් මා ඔහු එය බොන තුරු ඇය හා බලා උන්නෙමි.

"හරි තාත්ති කුක්කු බිව්වා. අපියමු........" කියමින් ඔහු දෝණිව වඩා උන් මා බඳ වටා සුරත යැවීය. ඔහුගේ බඳට ඇයත් අතැතිව තුරුළු වූ මා ඔහු සමඟම පැමිණ පැඳුරෙහි වාඩි වීමි.

වාඩි වූ ඇසිල්ලෙහි බිමට පැනගත් දෝණිට රජකාරී දහසකි. තාත්තා වටේ යමින් දෙදෙනා අතරින් යමින් මොන මොනවදෝ කියයි.
"තාතී අම්මී..... තාතී අම්මී......" ලෙසින් අතරින් පතර අකුරු අහුලමින් කියයි.

එලෙසින් කිහිප විටක් දඟ කල ඇය මහන්සි වූ විට තාත්තාගේ උකුළෙහි නතර විය.

"චූටි දෝණිට මහන්සියි නේද........????"

ඇය කෙතරම් මහන්සි වුවද දීප්තිය අඩු නොවූ කුඩා මිණි කැට දෙක ඔහු වෙත දල්වා බලා උන්නාය. ඔහු ඇය උකුලෙහි සිටියදීම පැදුරෙහි හාන්සි විය. පුංචි සිතට මහා වස්තුවක් ලද්දාක් මෙන් සිනාසී ඇය තාත්තාගේ උස් පහත් වන බඩ උඩින් හාන්සි විය. ඔහුගේ සුරත ඇයගේ කෙස් මත දඟ කරද්දී වමතින් මා ඔහුගේ පපුවට තුරුළු කර ගත්තේ මා නලලත හා හිසද සිඹිමිනි.


සැ:යු:- මේක ඇවිල්ලා කාලෙකට පෙර ලියන ලද ඩ්‍රාෆ්ට් වලම දැකුළු මල් අසිරිය විඳිමින් තිබූ එකකි. පුංචි කවි ටික බලන්න ආවේ නැත්නම් ගිහින් බලලා කවියක් ලියලම එන්නකෝ.ඒකේ ළමා ගීත පෝස්ට් එක ලියන්න කලින් තව කවි අඩුයි වගේ. ඒවත් දන්න දන්න ඒවා ලියලා එවන්නකෝ කස්ටිය.

Monday, August 15, 2011

දිග......... නිවාඩුවට පස්සේ හා චීච‍ගෙන් තවත් ළමා වැඩක්..............

ආ ළමාමාමාමායි.......... ‍කෝ බලන්න අද හැ‍මෝම ආවද........ දිග......... නිවාඩුවකට පස්සේ තමා හා චීච‍ගෙන් ලිපියක් ලිය ‍වෙන් ‍නේ. අ‍පෝ ‍මේ පැත්තේ ඇවිත් යන දඟකාර ළමයි අඩු ‍වෙලාද මංදා......... චීචව අමතකත් ‍වෙන තරමට අන්තරස්දාන උනා‍නේ.

ඇයි ඉතින් කීයක්ද....... දවස් 21ක් සැප ගන්න ගියා. (ඒක නම් නියම සැප හාවා දන්නවා ඇත්ත කතාව.හාවා‍ගේ කන් ‍දෙක යහතින් තියන එකත් පුදුමද මංදා. ) කියලා ‍නොගිය එකද..... ආ මං ‍පෝස්ට් එකක් ලියලත් ගි‍යේ..... ඒත් හාවත් ‍ගෙදර ‍දො‍රේ ‍නොහිටි නිසා පබිලිස් ‍කො‍ලේ නෑ. ඒත් ඉතින් දන්‍ ‍නෝ දනිති මං ගිය වග. ඒ පාර ගිහින් ඇවිත් ‍නොකිව්ව එක. ඒකනම් ඉතින් කම්මැලි කමටම තමා. ගිහින් එද්දි ලැප් රාජයාත් ටිකක් ‍ලෙඩ ‍වෙලා.(තාමත් ‍ලෙඩින් තමා)

එ‍හේ ඉද්දි දුක සැප ‍හොයලා බලපු හාවට ඉතින් සුවි‍ශේෂ ඉස්තූතිය. ඊට පස්සේ කාංචන අයියණ්ඩිත් පබලු අක්කණ්ඩිත් ඒ දෙන්නත් හැම වෙලේම අකුරක් හරි කොටලා එව්වා. ඊටත් පස්සේ ඉස්වීට් මාර ‍වොයිස් එකකින් මාර ‍ටෝක් දීපු අ‍පේ මාර අයියණ්ඩි. මාරයා කතා කරා කිව්වම සුලුපටුයැ.(‍මොකක් උනත් මාර අයියා ඉරිදා හවස 4ට විතර කතා කරා හවස 6ට මට එකසිය ගානට උණ. සඳුදා සියල්ල අත්හැර ‍බෙ‍හෙතුත් අරගන්න ‍වෙලා තමා නැවතු‍නේ) ආ‍යේ ඉතින් අම්මා අප්පා කතා කරා ව‍ගේ තමා පු‍තේ කියලා කතා කරාම මාරයා ‍කෙ‍සේ ‍වෙතත් වැරදිලා සුර‍ලෝ‍කේ සක්කරයා අමතලද කියලත් හිතුනා. ඔයිට වැඩිය කියන්න ගිහින් මට මඩ වැදු‍නොත් කවුද වග කියන් ‍නේ.....???? ඊළගට ‍ජේ ඩී අයියයි, ශානු අක්කයි. දවස් කීපයක්ම කට්ටකාලා ශානු අක්කා මට කතා ක‍රේ සමා‍වෙන්ට ඔනි ඉතින් කතා ‍කොරපු හැටි හාවා දනී. විනාඩියයි, ‍දෙකයි, තත්පර කීපයයි ඔය ව‍ගේ තමා. අනික ඒ දෙන්නා කොන්පරන්ස් දාලා කතා කරලා මං ඒ දෙන්නගේ කතා අහන් හිටි එක තමා වැඩි හරියක් වුනේ. හික්ස්........ අනික හාවා අ‍තේ පණිවිඩ එවපු හැ‍මෝටමත් ස්තූතිවන්ත ‍වෙනවා. හැමදාම ආන් අරයා මතක් කලා මෙයා මතක් කලා පණිවිඩයක් තිබුනමයි.

ඇස් බී මාම‍ගේ පුහුණුවට ගිහිල්ලා ආවට පස්සේ මං පල් හෑලි කියවනවා වැඩිද මංදා........... කමක් නෑ. අහන් හිටියට ඉස් තූතියි.



දැන් අද කතාවට...............



මුලින්ම මාව ‍මේ වැ‍ඩේට උනන්දු කරපු (ම‍ගේ ළමා ගී අහන් ඉන්න බැරි තැනද මංදා ) ‍මෙ‍හෙම වැඩක් ‍යෝජනා කරපු මගේ හාවට ‍ගොඩාඩාඩාක්ම ස්තූතියි.....!!!! තව මා එක්ක තර‍ගෙට ළමා කවි කියන්න ඇවිත් කවි ටික මතක් කරගන්න උදව් දීපු ‍ලේන් කණියා මල්ලිටත් ස්තූතියි.........!!!!


ආ ‍කෝ ‍මේ චූචි බබාලා ටික හා චීච‍ගේ ‍මොට්ටසෝරි‍යේ........ හා චීච කා‍ලෙකට ඉස්සර චිත්තර පන්තියක් කරා මතක ඇති‍නේ. අද ‍මේ කා‍ලයක් ඉඳලා කරන්න හිතන් හිටි වැඩක් තමා චීච ළමයි ටික‍ගේ උපකා‍රෙත් ඇතුව කරන්න හදන් ‍නේ.

ඔය බබාලා කවුරු කවුරුත් පුංචිම කා‍ලේ කියපු කවි පද මතක ඇති‍නේ...... අද කියන් ‍නේ ‍සුට්ටං කවි ගී. ඒ කියන් ‍නේ ඔය පද පහ හයකට වඩා නැති පුංචි ගීත, කවි ව‍ගේ ඒවා.......

පුංචිම කා‍ලේ ‍දොයි ‍දොයි ‍දොයි ‍දොයිය බබා...... වලින් පටන් ගත්තට ඉතින් අපි මුලින්ම කියන් ‍නේ ඕක ‍නෙ‍මෙයි‍නේ. අද නම් බබාල‍ගේ මත‍කෙත් එක්ක චීච‍ගේ මත‍කේ ‍ගෙනියන්න ‍වෙන් ‍නේ.

‍‍‍ගොඩක් අය ඔය චූටි කා‍ලේ වාඩි කරන් පද්දන ගමන් කියනවා ‍මේන් ‍මේක.....

වැ‍නෙන්න කලු වැ‍නෙන්න.......
එලි ‍වෙනකන් වැ‍නෙන්න.....
රෑට බතට වැ‍නෙන්න.....
වැ‍නෙන්න කලු වැ‍නෙන්න............

බත් කවන්න බබා‍ගේ අම්මා බබාට ‍මේක කියනවා.......

චුට්ටන් බට්ටිත්තා
දං ‍ගෙඩියක් දැක්කා
චූටි ‍හො‍ටෙන් ඇන්නා
ඩිංග ඩිංග කෑවා.........

ඊට පස් ‍සේ ටිකක් ‍ලොකු උනාම උකු‍ලේ ක‍ලේ තියා ගන්නවා.......

ටිකිරි ටිකිරි ටිකිරි ලියා
ක‍ලෙත් අරන් ලිදට ගියා.....
ලිද වට කර කඹර ‍ගොයා
කකුළ කාපි දියබරියා..........

ක‍ලෙත් අරන් එද්දි අර පියාඹන සමනලයා දැක්කම.........


රන් වන් පාටයි සමනළයා
‍රෝස ම‍ලේ පැණි බීලා ගියා....
ආ‍යෙත් ඒවිද ඒ සමනළයා
මල් වල පැණි ‍බොන්ටා........

ඒ අතර මඟදි දකිනවා අ‍පේ පිනා මාමව......

අම්බල‍මේ පිනා පිනා
වළං කඳක් ‍ගෙනා ‍ගෙනා......
ඒක බින්දා ‍ගොනා ‍ගොනා
ඒකට මට හිනා හිනා........

ඔය හිනා ‍වෙවී ඉන්න අත‍රේ තමා බබා දකින් ‍නේ ‍කොරටුවට ආපු හාවා........

කිරි සුදු හාවා
පැන පැන ආවා
එළවළු ‍කොටු‍වේ
දළු ‍කොළ කෑවා.......
දැක ම‍ගේ පඹයා
බය වී ‍වෙව්ලා
වැටට උඩින් ඌ
පැනලා දිව්වා............

සුදු හාවා යද්දි‍නේ අර තාරාවා දැක් ‍කේ..........

ම‍ගේ ‍පොඩි තාරා
පී පී ගෑවා
‍හොට රතු පාටයි
ඇඟ සුදු පාටයි
අර අර ‍පේනා
සීතල වතු‍රේ
පීන පීන නෑවා...........

පී පී තාරා පාඩු‍වේ නෑවට බලු හාමි දඟයා‍නේ.........

මා ‍ගෙදර නැති ‍වේ‍‍‍ලේ
කවුද ම‍ගේ ‍බෝ‍ලේ
‍පෙරලා ‍‍පෙරලා
මිදු‍ලේ හිටි‍යේ........

ඊට පස්සේ තාත්තා එක්ක රවුමක් යද්දි දකින අය......

අ‍පේ ගිරවා ‍කොළ පාටයි
උ‍ගේ ‍හො‍ටේ කහ පාටයි
‍වෙ‍ලේ ‍‍කොකා සුදු පාටයි
කපුටු හාමි කලු පාටයි............

ඇයි දකින පලතුරු......

ජම්බු ජම්බු රතු පාටයි
ඉඳුනු ඉම්බු රතු පාටයි
පැණි වරකා හරිම රසයි
පැණි වරකා හරි සුවඳයි (අන්තිම ප‍ද 2 සුවර්ම නැ)

දන්න ‍කෙ‍නෙක් ‍මේකත් මට පුරවලා ‍දෙන්න.....

අන්න අතන කූඹි ‍පෙළක්.......මේ‍කේ ඉතිරි පද ටික මත‍කනෑ චීචට.

තව කළු කූමි‍යෝ පස් ‍දෙනයි
‍තෙල් කූඹි‍යෝ පස් ‍දෙනයි......මේකත් මතක නෑ.........

ටි‍ක ටික ‍ලොකු ‍වෙද්දි වත්‍ ‍‍තේ පිපුණ ලස්සන මලක් දකිනවා......

රෝස ම‍ලේ
නටු‍වේ කටූ
වන බඹ‍රෝ
ඔ‍හොම හිටූ.......
නටුව ‍නො‍වේ
මල සිඹිමි
මම ළම‍යෝ
පැණි උරමි.........

ඔ‍හොම කිව්වට ‍රොස මලත් පරදිනවා......



බෙල්‍ ‍ලේ කිරි පබලු වැළයි
දෑ‍තේ ‍පොඩි වළලු ‍පෙළයි
‍පොඩි නංගී දුටු තැනදී‍
පරදින් ‍නේ ‍රෝස මලයි.......

ඇයි රෑට දකින ඒවා........

බැබළි බැබළි ආකා‍‍සේ දිලි‍හෙන මල් තාරකා
දිලිහි දිලිහි ආකා‍සේ බැබ‍ලෙන මල් තාරකා
---------------------------------------------------- ඕන් ප‍දේ අමතක උනා.......
ගන්නත් බෑ ‍දෙන්නත් බෑ පුංචි රුවන් තාරකා

එතනින් අපි ටිකක් ‍ලොකු ‍වෙන‍කොට අපි චුට්ටක් ‍ලොකු කවියක් කියමු.........

කෙ‍හෙල් ‍ගෙඩිය ‍ලෙලි ගහලා පාරට දැම්මා
‍මේ බලන්න මට උන‍දේ ලිස්සලා වැටුනා......
දණිස් ‍දෙකම හම ගිහිල්ලා ‍ලේත් ගලනවා
‍නොන්ඩි කකුල බිම තිය තිය ‍බෙ‍හෙත් ‍හොයනවා........

ඒ වැටුනට අපි නවතීද........

ඔංචිලි චිලි චිල්ල ම‍ලේ
වැල්ල දිගට ‍නෙල්ලි කැ‍ලේ......
කඩා....න්ට බැරි කටු අකු‍ලේ
කඩා ‍දෙන්න ම‍ගේ ම‍ලේ........

ඊටත් පස්‍ ‍සේ කියන්‍න යන් නේ යුග‍යේ ජනප්‍රියම ගීය ව‍ගේ කා‍ගෙත් ක‍ටේ තියන එකක්......


වත්තට යන්නම්
මලක් කඩන්නම්
අම්මට ‍දෙන්නම්
දීලා වඳින්නම්
‍පොත් ටික ගන්නම්
පාසල් යන්නම්
අකුරු ලියන්නම්
ජයක් ලබන්නම්.........

ඊටත් පස් ‍සේ ඔය ආදර්ස කවි පන්ති එ‍හෙම.....

සිරිමත් ම‍ගේ සකි
යහපත් ළම‍යෙකි
වැඩටත් හප‍නෙකි
නුවනත් ඇත් ‍තෙකි.......

උදයෙම පිබිදී
මුහුණට දිය දී
කුළ දෙවි නමදී
ගේ දොර අමදී......

පාඩම් කරනට
පත පොත ගෙන සිට
සිත වෙන දෙයකට
නොහරී කිසිවිට......

එත‍කොට සු‍දෝ සුදු කවි පන්ති‍‍යේ කවි.........

මුල්ම කවිය උන
ගොඩ මඩ ‍දෙකම සරුසාරය පල බරය
කටු‍රොද ගම්මාන තරමක් පිටි සරය
ඒ ගම මැදින් ගලනා ගඟ මන හරය
කඩ මංඩිය පිහිටි‍යේ ගම ‍කෙල වරය

ආ‍යේ මැදදි හමුවන ‍මේ කවි ටික.......

මල් ලස්සනයි ‍හොඳ ‍හොඳ පාටයි කීවා
‍පෙ‍නෙනවා දකිනවා කියනා ඒවා
‍මොනවද අම් ‍මේ මම අහගන්නට ආවා
‍තෝරා ‍දෙන්න මම දන් ‍නේ නැහැ ‍ මේවා

මල්වල ‍හොඳ සුවද මිස පාටක් ‍කොහි ද
ඒවා ‍මො‍ලොක් බව ‍තේ‍රෙනවා මට ද
එළියක් කියා ‍මොකවත් ‍හෙම තියනව ද
මට ‍තේරුම් ගන්න අම් ‍මේ බැරි ‍මොක ද

‍ඊළඟට
උණුසුම දැ‍නේ දහවල මට රැයට වඩා ............ ,
ඇඟිළි තුඩට මට දැ‍නෙනවා............ ,
ලස්සන කියන ‍දේ.........,
ඇයි අම් ‍මේ අඬන් ‍නේ....... ,
මේ ව‍ගේ මතකම හිටින කවි කීපයක් තියනවා...............


ඊටත් පස්‍‍ ‍සේ එන අ‍පේ අඳුර දුක නිවාවි කවි පන්ති‍යේ

යමං කළු‍වෝ ‍ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව
උඹට ව‍ගේ ම‍ගේ ඇඟටත් හරිම මහන්සිය දැ‍නෙනව
අඳුර තමයි අ‍පේ ඇඟපත නිවන්න ‍දෙවි‍යෝ එව් ‍වේ
හනික යමං ගාල් ‍වෙන්න පිඳුරු ‍ගො‍ඩේ ‍ගෙයි මුල් ‍ලේ

චීච දන්න කවි ඔය ඇති.හිතුවට වඩා ‍මේ වැ‍ඩේ බරපතලයි. වක්කඩ ගැලුවා ව‍ගේ ම‍ගේ නන්ස්‍ටොප් සිංදු සැට් එක කටට එනවා. ඔය හාවා නම් කන් ‍දෙක වහන්ද මංදා ම‍ගේ නන්ස්‍ටොප් ළමා ගී කැසට් පටිය අහන් ඉන්නවා අමාරු‍වෙන් හරි. ‍මේ සංරක්ෂණ කතාව දැම්‍ ‍මෙත් ‍මෙව්වා සුමිහිරි හඬින් තා‍ලෙට ගැ‍යෙද්දි අහන් ඉන්න ආසකමට ‍වෙන්නැ........ හික්ස්........

දැන් කට්ටියම චීචට අමතක උන කවියි බබාලා දන්න කවිත් චීචටයි අනික් ළමයිටයිත් ඇ‍හෙන්න හයි‍යෙන් කියමු එ‍හෙනම් බලන්න..............

සැ.යු:- සමා‍වෙන්ට ඕනෑ ‍මෙච්චර දිගට ලියන්න හිතු‍වේ නැහැ. හැබැයි අපි කවුරුත් දන්න කවි නිසා නීරස ‍වෙන එකක් නෑ කියලා හිතලයි දැම් ‍මේ. කාට හරි ‍මේ මාගල අපහසුවක් උනා නම් සමා‍වෙන්ට ඕනා...........

සැ.සැ.යු:- අද ලියලා යන්න අවසර ති‍යෙන් ‍නේ ළමා ගී ‍නොවන කවි වශ‍යෙන් භාවිතා කරන ඒවා විතරයි ඔන්න ළමා ගී සැට් එකකුත් ‍මේකට ලැ‍බෙන චාරය අනුව දාන්න හිතන් ඉන්නවා.......... එ‍හෙනම් පහල ‍පෙට්ටියට අද පන්තියටම ඇ‍හෙන්න කවියක් ලියලා යන්ට‍කෝ.............................. බලා‍පො‍රොත්තු ‍වෙනවා හැ‍මෝම අළු‍තෙන් එක කවියක් හරි ලියලා යයි කියලා................

Monday, May 30, 2011

සදාදර මිතුරියේ.......




දෙවෙනි මව් තුරුලෙහි හමුව
එකට හිදිමින් අකුරු කර
සහෝදරියන් ලෙසට
කඳුළ සිනහව බෙදාගන්නට
සඳා රැදි මිතුරියේ........

ඔබට
සුවහසක් පැතුම් මල් විකසිතව
දුක් කඳුළු නොපෙනෙනා ඉම සැඟව
ආදරෙන් සිනහවන් තුරුළුවූ
සොඳුරු දිවියක්
පතන්නෙමි
මුළු හදින්.....!!!!



ඔබට සුභම සුභ උපන්දිනයක් ආදර ඉබ්බි........!!!!!


උසස් පෙළ කඩයිමත් ඉහලින්ම සමත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!! ඔයාගේ හාවියි...... හා අයියයි , තව ඉතින් මේ ඉන්න හැමෝමයි....

සැ.යු:- අතීත කතාව එහෙම්මම තියෙන හාවිගේ යාළුවා ඉබ්බි...... හැබැයි අපි රේස් දිව්වේ නෑ ඔන්න.

ආ තව ටිකෙන් අමතක වෙනවා. අද කැරට් එපා..කස්ටියම එකතුවෙලා ගෙනාපු තෑගි ටික තියලා යන්න. හික්ස්......

Friday, May 6, 2011

සිනමා අඹරේ පායන නවක තරු.............. 02

ඕන් අද කාලෙකට කලින් හදුන්වා දුන් නළු නිළි කැලේ ඉතිරි කට්ටිය........ මතකද මංදා...... ඇයි ඉතින් එව්වා අස්සේ මෙව්වා කියලා කීයක් නම් ජාති උනාද....... හික්ස්...... හා හා අමතක සහ නොබලපු අය දුවලා ගිහින් ඒක බලලා පුංචි කැරට් අලයක් හෙම දාලා එන්න පෙට්ටියට.

හරි දැන් කස්ටියම ආවද........... මෙන්න පිළිගන්න අද තරු පිරි වර ආ නැ පිරිවර................

අදමුලින්ම හඳුන්‍වා දෙන්නේ ඉසුරුමුණියේ නෙත් කළු ආකර්සණීය දත සුදු මාමා........... අර කියන්නේ දත සුදු මාමේ මා අර ගන් ගහ උඩට....... ආන් ඒ සිංදුවේ රගපාන්නේ මෙයා තමා........... ඔය ඉන්නේ අපූරුවට වාඩිවෙලා ජැන්ටැල් මැන් විදියට..............




එතකොට මේ ඇවිල්ලා තම නිවහන සෑදීමට ගොම පස් බෝල එකතු කරන් යන කුරුමිණි මහත්තයෙක්. මෙයා හමුවුනේ ජේතවනාරාමේදි. මහ කාස්ටක අවුවේ ගෙයක් හදන්න මහන්සි ‍වෙන දර්සනයක් තමා කලේ.......... මහන්සිය බලන්නකෝ ඉතින්.......... කා වෙනුවෙන්ද පේස්සක ජනතාව වෙනුවෙන් මිස..........





මෙයා ඇවිල්ලා මිහින්තලේ ගල උඩදි තමා ඇක්සන් එක රඟපෑවේ........ අනේ මංදා පොටෝ එකක් ගන්නකම් පස්සෙන්ම උඩට නැග්ගා. පවු නිසා ඔන්න ඔහේ පොටෝ කෑල්ලක් අරන් දැම්මා........... පේනවනේ තරාස ජනක ජවනිකාවකට සූදානම් වෙමින්. මිහින්තලේ ගල උඩ ඉඳන් තරාසජනක ඒවා රඟපාන එකත් ලේසි නෑ නොවැ......






මේ ගල් ඉබ්බා ආ සමාවෙන්න මේ ගල් ඉබි මහත්තයා පැපරාසි නෙතට අසු උනේ නෙල්ලිකුලමේ තිබුන දිය පොකුණක රඟපාන අතරේ තමා. ගල් ඉබ්බා....... සොරි නෑ මං මේ කීවේ ඉබි මහත්තයා......... අව්ව තපින දර්සනයක්ද කොහෙද කලේ මතක නෑ අප්පා කොච්චර නම් කියලා කල්ද...... සමාව භාජනයක දාලා දෙනවා ඈ...........




මේ දුක්ක දායක සීන් එක රගපාමින් උන්නේ දඹුළු විහාරය අසලදි. හැබෑටම දුක්ක දායකම සීන එක කියන්නේ වැරදිලාවත් මලක් පූජා කරන්න බෑ දඹුළු ගල උඩට නැගලා. සීන් එක මේ දුක් සීන් රඟපාන අය එව්වා උදුරන් කනවනේ...... මේ මං නිකමට කියන්නේ හොර පාට් වලට කියාපු නළුවෝ............... කාටවත් කියන්න එපා ඔන්න.......

මං පුංචි පෝස් එකක් ඉල්ලුව නිසා තමා ඔය මූඩ් පික්ස් කරලා සෝක මූඩ් එකක් දුන්නේ..............



ආ හැබෑටම මේ තියෙන්නේ සිනමා ගම්මානයක පින්තූරයක්....... හැබැයි ගම්මානේ ඇවිස්සුනොත් අර කවුද කියනවා වගේ බඩුම තමා....... හික්ස්......... මේ සිනමා ගම්මානය මුණ නෙමේ ඇස ගැටුනේ පොළොන්නරුවේදී.........



ආ මේ අන්තිම පින්තූරේ ගැන කිසිම විග්‍රහයක් නැ. ඕක මං පොළොන්නරුවෙදි ගත්ත පුංචි පොටෝවක්. නිකම් ලස්සනක් දැක්ක නිසා අප්ලෝඩ් කලා. කැතදත් මංදා කමක් නෑ තිබුනාවේ...........





හරිනේ ඔන්න නළු නිළි රොත්ත හඳුන්වා දී අවසානයි. මං කිව්වේ කැමති අයට කනටැට් නම්බර දෙන්නම් පිලුම් වලට ගන්න..........

පියාසැරි පුහුණුව ලඟදීම බලාපොරොත්තු වන්න........... හික්ස්...........

සැ.යු:- යන ගමන් අර පෙට්ටියට කැරට් මතකනේ කස්ටියට...... හී...... දැන් දෙන්නෙක්ට ඇති වෙන්න දාන්න ඈ...... හික්ස්...........

Tuesday, April 5, 2011

බඩු වෙන්දේසි නොකෙරේ සහ මගේ හාවා.............




හරි හරි හාවි අද වෙන්දේසියක් එහෙම දාලා නෙමෙයි. මම මේ ගුලත් අරන් යන්න කියලා. බඩු පැක් කරනවා........
හා හා ඇස් ලොකු කරන් බලන්න ඕනි නෑ. මේ පුංචි නැති ලොකු ස්ථාන මාරුවක්............ කතාව කොහෙන් පටන් ගන්නද මංදා..........

කොයින්ද..........

කොයින්ද.........

හරි පටන් ගන්නම්කෝ. ම්ම්ම්ම්ම් කොහෙන්ද.......... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............

හරි හරි බනින්න එපා ඇඹරුනේ සැජ්ජාවට. අනේ වචනත් නෑ වගේ.........

මං මේ කියන්න ආවේ පොඩිම පොඩි රහසක්. ම්ම්ම්ම් ගොඩක් අය නැතත් ටිකක් අය දන්නවා. මං හිතන්නේ මං හිතනවට වඩා පිරිසක් මේ ගැන දන්නවා. ඒ වගේම මේ ගැන අපි පුංචි බයිට් එකක් දීලා ආපේ ආදරණීය පබලු අක්කණ්ඩිය මා එක්කත් අයියණ්ඩි එක්කත් ටිකක් අමනාපෙන් ඉන්නෙත්.

අනේ ඉතින් මේක මටම කියන්න උනානේ.........
බැ බැ දැන් කෝම හරි කියනවා.......

අද රචනය. මාත්තුකාව

‍මගේ ආදර පෙම්බර දයාබර තව බර බර හාවා............

මාගේ හාවා......... හාවාට මට වඩා වේගෙන් පණින්න පුලුවන්. මා පළමු වරට හාවා අඳුනා ගත්දාම හාවා මට වඩා පැන තිබුනි. එදා බ්ලොග් මැරතන් තරඟයයි. රෑ නිදි මරාන හාවා බිඟු ලන්තයේ කමෙන්ට් 97කින් ප්‍රථමයා වෙද්දි මම 72කින් දෙවෙනියා වුනෙමි. එදා මා පෙන් ඩයිවරයක් නැති වූවාට හොරෙකු කල හාවා බිඟු ලන්තයේ උකුස්සා ඩිලීට් කරන්නට යෝජනා කලේය.

ඉන් දවස් කීපයකට පසු මාගේ පූසන් දායාද ලද ආකාරය පිළිබඳ ලිපියට හා ගුලෙහි මුලින්ම පුතිචාර දැක්වූ හාවා. ඊයක් එවා තිබුනි. එදා සිට ඇති නැති සියළු කාරණා කියමින් හාවාට නංගෙකු නැති හෙයින් මාගේම අයියකු ලෙසින් සිටි හාවා මාගේ දුකට සැපට විභාගයට සියල්ලට උදවු කරන ලදී. මාද හැකි අයුරින් හාවාගේ දුකට සැපට හිටියෙමි. (හැබැයි අයියාගේ භාන්ඩ ඇල්ලීම මට තහනම් කල අතර අයියාට නංගීගේ ඕනෑම භාන්ඩයක් ඇල්ලීමට අවසර ඇතැයි කීය.)

එදා සිට හැමදාමත් ඉඳ හිට බනිමින් සැර දමමින් නංගීව බලා ගන්නා ලදී. අභාගය කල පසු අයියා පාඩම් කරන තුරු රෑ දෙගොඩහරි ජාමයක් වන තුරු මෙලෝ වැඩකට නැති වාක්‍ය කියවමින් සිටිම මට පුරුද්දට යන ලදී.

ඔහොම බැනුම් අසමින් වටේ කැරකෙමින් සිටි මා අයියාගේ ආදරය දිනාගත් විස්වාසවන්ත නැගණියක් වීමෙන් ඔහු පිළිබඳ සියළු දෑ (එකක් හැර. ඒක නොකිව්ව බව කීවේ පස්සේ) දැන සිටියෙමි. මෙලෙසින් ලං වූ අයියා මා සිතට ඇතුළු වන බවක් දැනුනද මා සඟවා සිටියෙමි. (ඒක හරි ගිය වැඩක් නෙමෙයිලු. පස්සේ එහෙම කිව්වා.)

මාගේ අභාග ප්‍රථිපලද මුලින් බැලූ අයියා මාව ටිකක් විතර භය කර ප්‍රථිඵල පවසන ලදී. ආයේ ඉතින් මාගේ පේපර් බැලුවේ ඔහු බව හා පැටික්කි බලන්න එන කවුරුත් දන්නා රහසකි.

ඔහොම ගිහින් අයියාට හිත ගිය කුමාරියක් ඇති බව මා හට පවසන ලදී. ඒ හරහා ඇති වූ වේදනාවන් නිසාවෙන් අයියා අමුතු වන්නට විය. ඔහේ කියනා දෙයක් අසමින් ඕනි දෙයක් කියන තුරු බැනුම් අසමින්ද ලඟ කැරකී කැරකී සිටි නිසා අනේ මංදාය. පසුව අයියා නොසිතූ වෙලාවක හාවා විය.

මා අත්හැර දමා තිබූ අදහස නොසිතූ ලෙසකින් ලැබූවෙකි. උතුරන්නාවූ ආදරය නැගණියක් ලෙසින් ලැබූවද ඊටත් නොදෙවෙනි සෙනෙහසක් හා ආදරයක් අද මාගේ දයාබර හාවා ලෙසින් ඔහු මා හට දෙයි. ‍පැන්ඩා අයියා පැන්ඩි අක්කී ගැන ආඩම්බරයෙන් කියන්නාක් මෙන්ම මටද කියන්නට ඇත්තේ කාට නොවටිනා වුවත් මගේ සුදු හාවා මට කියාගත නොහැකි තරමින් වටින බවය. ම්ම්ම්ම් ටිකක් විතර සැරය. හැබැයි ඒ මොහොතකටය. ජීවිතයේ ලද මිල කල නොහැකි ආදරයක් හිමි වූයේ ඔහු නිසාවෙනි.

‍මාගේ කෙටි කතාවල හැමදාමත් අන්තිමට කියනවා වාගේම ආදරෙයි ගොඩාඩාරියක් මගේම සුදු මහත්තයට............

‍ඉතින් අද සිට මා මාගේ දුප්පත් හා ගුල මාගේ සුදු හාවාගේ නවාතැන වන හසියාගේ නවාතැන වෙතට රැගෙන යමි.............


Sunday, April 3, 2011

බිඳුණු සිහින.........


ආසයි මටත් ඉගිල යන්නට
ක්ෂිතිජයට
අනික් අය වාගේම
විහිදාලා අත් තටු
සිහිල් සුළං රැළි අතරින්
පාවෙලා ඔහේ........
විදින්නට ලොව ලස්සන
දකින්නට
නොදුටු ලොව
ආසයි මමත්
අනෙක් අය වාගේම........
ඒත්......
යන්නට
අවසර නැත්තේ
ඇයිද මට අම්මේ.....

Friday, April 1, 2011

සිනමා අඹරේ පායන නවක තරු..............

කස්ටියට මතකද මංදා හා පැටික්කි කියලා කෙනෙක් ඒ කාලේ බ්ලොග් ලිව්වා......... කාට හරි මතකද????? කොහොම හරි මැහුම් ගෙතුම් ඒවා මේවට ආයෙමත් යොමු උන නිසා ජංජාලේ කියන තැන කම්මැලිම කම්මැලි තැනක් උනා....... ඔය ඉඳලා හිටලා මේල්ලුව පැත්තේ රේල්ලුවෙන් ඇවිත් රවුමක් දාලා දන්න දෙතුන්දෙනෙකුට පුංචි කතාවක් කරලා බස් දිහාවේ පොඩියක් බලන් ඉඳලා ගියා විතරමයි. සැහ් බොහොම නාකයි බොහෝම නාකයි....... කවුරුවත් නිකමට හාවි උන්නද මලාද බැලුවේ නෑ...... බොහෝම නාකයි..........

හරි කවුරු නාක උනත් මං නාක නැති නිසා ආවා මේ පැත්තේ පිපිලා කියලා ආරංචියක් ආව දැකුළු මල් ටික කඩන්න. අපරාදෙනේ. ඒ නිසා........ ආ තව සුට්ටෙන් අමතක වෙනවා......

ඔබ සැමට හැපි බර්ත් ඩේර්........!!!!!

හරි හැමෝටම ආවඩා ආයුබෝවේවා පාන්දරම.......!!!! (මරණෙ අයියට හැර හැබැයි )අද නම් ආවේ මාසගානක් තිස්සේ ඩරාෆ්ට් වල දුක් විඳින මේ බ්ලොග් අවකාශෙට මූණ ඔබාගන්න ඕන උන කට්ටියක්ව හා හා පුරා කියලා හදුන්වා දෙන්න....... අර මතකනම් මෙව්වා කියවන්න කම්මැලියොද කියන ලිපි පෙළට ඡායාරූප ගනිද්දිම අතරමඟදි හමු උන පිරිසක්. ඇත්තම කියනව නම් නවක නළු නිලි පිරිසක් හඳුන්වා දීමට ලැබීම ගැන මං වෙනම කියන්නම් ඒ ගැන.දැන් ඔන්න පිළිගන්න ඔබ සැමගේ නෑදෑ හිතවතුන් වන නවක තරු පිරිවර.......

මෙයා ඇවිල්ලා පොටෝ එකක් ගන්න හොඳ ඇක්සන් පාරක් දුන්නේ ඉසුරුමුණියෙදි. ඇත්තම කියනවනම් ගහ උඩ අභිරහසේ රඟපාන නළුවෙක්. අර සෝබනේට ආඩම්බරෙන් චන්ඩි කාලා ඉවර වෙලා බන්ඩි අතගාන අවස්ථාව තමා මේ. නම නම් අහගන්න බැරි උනා දන්න කියන නෑයෙක් අඳුර ගත්තොත් නම කියලා යන්න කිෂි අවුලක් නෑ..........





මේක ඇවිල්ලා බෝම ජැන්ටල්මන් ලුක් එකක්. පේනවනේ. හොඳ ලස්සනට ආසනාරූඩ වෙලා සිටිනා ආකාරය. පොඩ්ඩක් මූණ පේනවා මදි. ඒක මේ අර කප් ආර්ටිස්ට් අයියගේ වැරැද්ද මිසක් වෙන වැරැද්දක් නෙමෙයි. බොහොම ආකර්ෂණීය දැකුම් කළු නළුවෙක් බව බැලු බැල්මට පේනවනේ........... හෙයාස්ටයිල් එක එහෙම පේනවනේ...... බෙකම් කොණ්ඩේ හදන්න අහගත්තෙත් මෙයාලගෙන්ලුනේ......... ආ තව ටිකෙන් අමතක වෙනවා මෙයත් ඉසුරු මුණියෙදි තමා කැමරා ඇසට මාට්ටු නැ නැ සමා වෙන්න හසු උනේ.......



මෙයා නම් බෝම අහිංසකයා........ මේ කොටු නොදැම්මා කියලා ෂිංඩි වලින් අවුලක් වෙයිද මංදා. දුම් වැටි වලට ප්‍රචාරයක් නෙමෙයි ඇත්තම කියනවනම් මේ බෝබු කෝටුවකින් දත් මදින ගමන්. ( ආ දැන් නඟරං බට්ටෝ අහන්න එපා බෝබු කෝටු මොනාද කියලා. ) නළුවෝ උනාම හොද හැන්ඩ් සම් විදියට ඒකත් කරන්න එපායැ.......

‍ඇත්තම කියනවනම් මෙයාව දැක්කම මට මතක් උනේ මගේ නැති උන කළු නංගිව. මතකද එයාව???? බොහොම අපූරුවට මං කතාකරනකම් කන්දෙක හරව හරව අහන් හිටියා. දාලා එන්න දුක හිතුනත් ඉතින් ගෙදර ඉන්න බරැක් ඔබාමාගෙන් කොහෙද ඒවට ඉඩ........ ඒකා මුළු ලෝකෙම පාලනය කරනවා. (ඒකිව්වේ අපේ අම්මා තාත්තත් ඒකට පිටින් යන්නෑනේ.) අභයගිරිය සෑ මළුවෙදි තමා මට මේ පුංචි නළු බට්ටව මුණ ගැහුනේ. කොච්චර බැළුවත් එපාවෙන්නැති බොහොම අහිංසක බැල්මක්.



මේ ආදර පෙම්බර යුවල මුණගැහුනේ මිහින්තලේදි. මෙච්චර අපූරුවට ආදර ජවනිකා රඟපාන මේ දෙන්නව දැක්කම කස්ටිය වටෙන් දුවනවා. ඔය කිව්වේ පේමයෙන් උමතු වෙලා කොටනවා කියලා. මං නම් ඔව්වා දන්නැ. අධ්‍යක්ෂක මිස්ටර්ගෙන් තමා පිටපතේ එහෙම තියද අහන්න ඕනා. මොකද මං ළඟටම ගිහින් පොටෝ ගත්තා ඔය ඉන්නේ අපූරුවට. හැබැයි දකින දකින හැමෝම ළඟට යන්නවත් එපා කොටනවා කිව්වා. මොන මේ අනුන්ගේ ඔපාදූප හොයනකම් ඒ දෙන්නට ස්කිරිප්ට් එක ඉවර කරලා ඊළඟ ලොකේසැන් එකට යන්න ඇති.



හොඳයි ඊළඟට බොහොම ත්‍රසයෙන් භීතියෙන් ඇලලී යන දර්ෂනයක්.

සමාවෙන්න කුඩා දරුවන් දුරුවල හදවත් ඇත්තන් මෙය බැලීමෙන් වළකින්න.

ඇත්තම කියනවනම් මේක ටිකක් අමාරු උනා. මොකද බොහොම තදේට ඇවිලුණ සටනක් ඡායාරූපගතකරන්නන්ටද පහරවදින්න පුලුවන් නිසා. ඇත්තටම මේක ලංකාව නිසා තවත් බය හිතුනා. මොකද ලව් ඇට් ඇයිට් එකේ කැමතිම මතක වල දාන්න හදන කතාවක් මං හිතන්නේ මෙතන රූගත කලේ. කොහොම උනත් බොහොම නිර්භීතව හාවි එහි ඡායාරූප දෙකක් ගත්තා. තව ටිකෙන් අමතක වෙනවා. මෙම දර්ශනය රූගත වුනේ රුවන්මැලි මහා සෑය අභියසදී.






























දිග වැඩියි වගේ අදට නළු නිළියන් හදුන්වා දීම මෙතනින් කොමාවක් දානවා......... ආයේ දෙවෙනි කොටසින් තව නළුනිලියන් කීප දෙනෙක්ව ඔබ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ආ මම මේ මතක් කරලම කියන්න හිටියේ දන්න කියන කාව හරි ඉන්නවනම් නම පොඩ්ඩක් රූපේ අංකෙත් එක්ක සටහන් කරලා යන්න.:D මොකද මට නම් ටික අහගන්න බැරි උනා........... එහෙනම් අදට ඉවරයි. :D

‍සැ.යු:- මේ කාට හරි මේ කස්ටියව දාලා පිලුම් එකක් කරන්න ඕනි නම් මං කොන් ටැට් නම්බර දෙන්නම්. මගෙන් විමසන්නකෝ......... :P :P මතක ඇතුව යන ගමන් ගෙනාපු කැරට් කංකුං අර පෙට්ටියට දාගෙන යන්න. මාත් ජීවත් වෙන්න එපායැ. :D :D

Wednesday, March 16, 2011

ඉතින් ඔයාට මතකද........???? 02 සමඟ ටු‍ඩේස් ඉස්පෙසල්.......


අද කොටස දාන්න කලින් 14 වෙනිදා ලිව්ව කතාවේ මුල් කොටසේ අන්තිම ටික මතක් කරලම ඉන්නම්.........
...............................................................................................................................
...............................................................................................................................

වෙනදාට එන්නට දවස් 2කට පෙර සිටම කියනා ඔහුගේ අද උදෑසන ලද හදිස්සි කැඳවුම අනුව මා ඔහු එනතුරු සුපුරුදු ස්ථානයට වී මඟ බලා උන්නෙමි. තොළඟ රැදි සුපුරුදු සිනහව සමඟින් ඔහු මා වෙත පැමිණියේය.

‍"ම්ම්ම්ම් ගොඩක් වෙලා බලන් හිටියේ නෑනේද මැණික.....??" යැයි අසමින් ඔහු පා එසවීය. මාද ඔහු හා සෙමෙන් ඔහුගේ අතෙහි දැවටෙමින් වෙරළ දෙසට ඇදෙන්නට වුනෙමි.

වෙරළෙහි වූ ගල් බැම්මෙහි ගලක් මතින් මා හිඳවූ ඔහු ඊට ආසන්න ගලක් මතින් වාවි විය.

මොහොතක් දෙදෙනාම දෙනෙත් කලකින් දුටුවෙකුගේ වෙනස්කම් සොයන්නට මෙන් නිල්වන් සයුර දෙස යොමා සිටියෙමු. මොහොතකින් මා ගෙල වටා සීතලට යමක් දැවටෙනු දැනී මා ගැස්සී ගියෙමි. මා හට දෙනෙත් අදහාගත නොහැකි විය. ලස්සන සිහින් වූ රන්දමක් මා ගෙල වටා එතී තිබුනි.

‍"සුදු මැණිකට අද දවස මතකද????"

‍"ම්ම්ම්ම් නැහැ මං හිතන්නේ........." අසන්නේ මා සිතෙහි වූ කාරණාව නිසාමදැයි යන සැකයෙන් මා පැවසුවෙමි.

‍"හ්ම්ම්ම්........ මතකම නැද්ද?????"

මා හිස දෙපසට සන්කරමින් නැතැයි කීමි.

ඔහු ලද ඇසිල්ලකින් තවත් පුංචි පෙට්ටියක් මා වෙත යොමු කරන්නට විය. කුඩා මල් වැටුනු කොළයකින් ආවරණය කර තිබූ පෙට්ටිය දෙසත් ඔහු දෙසත් මා මාරුවෙන් මාරුවට බැලීමි.

‍"මේකත් බලන්නකෝ?????"

‍"ඇයි කියන්නකෝ මේ????" මා එය නොගෙනම ඔහු හමුවේ මා සිත්හි වූ පැණය තැබීමි.


‍"අද වගේ දවසක ඇරඹුන දෙයක් නිසා මට ජීවිතේට වටින මැණිකක් ලැබුනා..............." මා ඔහු දෙස බැලීමි. ඔහුගේ දෑසෙහි හපන් කමක් කල දරුවකු මෙන් නලියන්නට විය. මා ඔහුට තවත් ළං වුනෙමි.



.....................................................................................................................................

ආවානේද අදත් හොරෙන් කියවලා හීන මවලා පස්සේ මට වල් හාවි කියලා යන්න. ඒවා කොහෙද........ අද කතාව ඔතනින් ඉවරයි. (මෙන්නෝ කඩු පොලු මුගුරු ගේනවෝ...... මාව බේර ගන්නෝ.......... )

හෝව් හොව්......... කස්ටිය මම නිදුක් වෙත්වා...... කෝ කියන්න වාඩි වෙලා......... කෝ මේ වෙලාවට නැති මාර බණ කන්නද....... පටන්න ගන්න මාර අයියා මෛත්‍රී භාවනාවක් කස්ටියට........

හා හා සංසුන් වෙන්නැත්නම් ඔන්න ඔහේ මං කියලා දානවා.........

හ්ම්ම්ම් සිංඩිය පුරා පැන පැන යන ( පැන පැන කිව්වට ලිපි ගාන බැලුවම බඩගාලා ගිහින් තියෙන්නේ..... ) හා පැටික්කිට අද විශේෂ දවසක්........

ඔව් ඔව්......... හා පැටික්කිගේ සිතේ තිබුන පුංචි ආසාවකට යන්තම් එහෙ මෙහෙ කරලා තනියමම අටවා ගත්තු පුංචි හා ගුලට අවුරුද්දකුත් වෙලා......... හ්ම්ම්ම් අවුරුද්දක් කිව්වට මට නම් කල්පයක් වගේ........

මුලින්ම ඉතින් මං මේ වියුණු සටහන් කියවන්න ආවේ රිද්ම පත්තරේ ගිය පුංචි නිසදසක් දැකලා. ඒ ඇවිල්ලා මුලින්ම පය තිබ්බේ පිස්සා අයියගේ පලා මල්ලට. හපොයි පලා පැටලිලා වැටිලා යන්තම් නැඟිට්ටා. ඒ නැගිටලා වට පිට බලද්දි දැක්කා Bunny කියලා කෙනෙක්. හිමින් සැරේ ගියා ඒ ගෙදරට...... හප්පා..... එතන ඊට පිස්සු හැදෙනවා. ආයේ ආපස්සට ඇවිත් ගියා ශාකුන්තල කියලා තිබුන ගෙදරකට. එතන්ට ගියාම මොළේ ඩිංගක් විතර මඤ්ඤං උනා. ශාකුන්තල අයියගේ ලිපි ටිකක් කියෙව්වා. ඒ එක්කම ටයිම් පීස් ඔරලෝසුව කියලා රන්දිකා අක්කාගෙද කොහෙද ලිපියක් කියෙව්වා මතකයි. ඒ පදවැල හරිම ආසාවෙන් බැලුවා.

කොහොම හරි ශාකුන්තල අයියගේ බ්ලොග් එකේ තිබුන ලින්ක් එකකින් සිංහල දාගන්න හැදුවා. ඒ ලිපිය බලාගෙන කරන්න ඕන ඒවා හිමින් හිමින් කරන් සිංහල දා ගත්තා. එතන ආපු ලැංවේජ් බාර් ( හා හා බෝතල් විකුණන බාර් එකක් නෙමෙයි කෙල හලන්නේ.... ) එක මාගේ නුවණක්කාර වැඩක් නිසා නැතිම උනා. ආයේ අන්ඉන්ස්ටෝල් කලා ආයේ දැම්මා. ම්හු....... ඒක නෙමෙයි ආයේ ආවේ........ හලේ................ ඒ උනාට ශාකුන්තල අයියගේ බ්ලොග් එකෙන් තව ගැජට් එකක් අහුල ගත්තා. යුනිකේත එසැනින් පරිවර්තකය. ඔන්න ඉතින් ඒකෙන් අකුරු අමුණලා දැම්මා එතනම තිබුන ඊ ලිපිනයකට බයෙන් බයෙන් සිංහල දාගන්න හැටි අහලා. ශාකුන්තල අයියා මට පිළිතුරුත් එක්ක පුංචි විස්තරයක් දුන්නා. හරි ආයේ කලා.... ම්හු...... හරි ගියේ නැ. ලියලා යැව්වා මං ඒ බ්ලොග් එකක් ලියන අදහස හිතින් අත ඇරියා කියලා. ඒකට පිළිතුරු ලෙස ලැබුනේ කොහොමද දැන් සිංහල ලියන්නේ කියලා. ඇත්තනේ...... මං සිංහලෙන් මේ ලියන්නේ....... ඔන්න වැඩේ මොළේක තරම........

ඒ ඔක්කොම අතරේ ලිපි කියවද්දි කොහෙන් හරි ගිහින් වැටුනේ අපේ දුකා අයියගේ මාළිගාවට. මුලින්ම කියෙව්වේ පුංචි විරුල් ගැන. අමුණලා කරලා හා හා පුරා කියලා කමෙන්ට් එකක් දැම්මේ එතන තමා මම. අයියට මතකද මංදා ඇම් ඇස් කියලා දාලම තමා ලිව්වේ. ඊට පස්සේ දුකා අයියගේ එපා හිරු පායන්න ලිපි පෙල හැර අනෙක් හැම ලිපියක්ම ලැබුන ලැබුන වෙලාවට කියෙව්වා හිමින් හිමින්. කමෙන්ට් එක්කම. ඒකත් එක්කම මට හිතේ තිබුන ආසාව වැඩි උනා. ඇස් බී යූ එකේ තිබුන පාර දිගේ ගිහින් බ්ලොග් එකක් හදන හැටි බැලුවා. එතන තුන් වර්ගයක් තියේ. දවස් ගානක් කම්පනා කරලා ටක් ටික් ටුක් ගහලා තෝර ගත්තා වර්ඩ් ප්‍රැස්. හලේ කරන්නෙම මැටි වැඩලු........... මතක කියලා එකවුන්ට් එකක් හදලා ඇතුලට ගියාම නිකම් කරකවලා අත ඇරියා නෙමෙයි කරුවල කාමරේක අඳුරන්නැති කට්ටියක් අතරේ ඉන්නවා වගේ. දවස් දෙක තුනක් ඒක ඇතුලේ කැරකුනත් මුකුත්ම හිතා ගන්න බැරි උනා. දැන් නම් ඉතින් හිතුනෙම මේ වැඩේ මට අකැපයි කියලා. ඒ උනත් ඔන්න ආවා ආයේ මුලට......... මේ පාර ටක් ටික් ටුක් නොගහම බ්ලොගර් තොරගත්තා.

හුරේ අළුතින්ම මේල් එකකුත් හදාගෙනම යාන්තම් අටෝ ගත්තා. අවුලක් නැ තියන එව්වා ටිකක් ටිකක් තේරෙනවා. එහේ මෙහේ යද්දි කියවපු පුංචි පුංචි වචන දැක්කම ඒවා වෙනස් කර කර යන්තම් අටෝ ගත්තා. හරි......... දැන් නමක්........ මදෑ...... ලොකුම පුරස්නේ ඒක.......... ම්හු..... මතක..... ම්හු..... හරියන්නැ. ගොඩක් අය දාලා තිබුනා වගේ අර කාගෙද බ්ලොග් අවකාශය. නැ නැ හරි යන්නැ. වෙන නමක්........ නම් 10ක් විතර ලිය ලිය මැකුවා. ටිකකින් මතක් උනා බනී....... ශිට් ඒත් කවුද හිටියනේ ඒ නමින්. හරි එහෙනම් මං සිංහල උනා මතක අස්සෙන් අවුස්සලා ගත්තු නමක් එක්ක....... ඒ තමා හා පැටික්කි (MS) කියන මේනම......... ඒකත් හරි.

ඊ ළඟට මගේ ගුරුතුමාගේ නිවහනට ගොඩවැදිලා දිග ඇර ගත්තා ප්‍රොෆයිල් එක හදන්න. ඔව් ඔව් දුකා අයියගේ ප්‍රොෆයිල් එක බලන් මං මගේ එක ලිව්වා. හරිම සිම්පල්........ ඒකත් හරි. සිංහල බ්ලොග් කියවනය ගැන එතකොට පුංචි දැනීමක් තිබුනා රවුම් ගහලා. ඉතින් මුලින්ම මං ආසම පොතක තිබුන පිදුමක් ලියලා පබ්ලිශ් කලා. (ඒක දැනට මගේ ලිපි පෙලේ නැහැ. පස්සේ කාලෙක ඒක මගේ අතින් ඩ්‍රාෆ්ට් උනා. ) ඒ ගමන්ම ගිහින් සිංහල බ්ලොග් කියවනයට ෆීඩ් ලිපිනයත් අමාරුවෙන් ලිපි කීපයක් කියවලා බලලා ගැටගහගෙන ඉල්ලීමක් දැම්මා.

දැන් ඉතින් බලා.................න ඉන්නවා මම. වෙයිටින් වෙයිටින් වෙයිටින්..............

හුරේ මෙන්න මේල් එකක් ආවා වැඩි කාලයක් ගියේ නැතුවම. මං බලාපොරොත්තු උනේ දවස් දෙක තුනක්වත් බලන් ඉන්න. එදා එවෙලෙම හා පැටික්කිත් බ්ලොග් අවකාශයට කියන මේ ලිපියෙන් මේ යන ගමන ආරම්භ කලා. මුලින්ම මකර අධිරාජ්‍යයාගෙන් තමා කැරට් අලයක් හම්බුනේ. ඊට පස්සේ අද වනතුරු මේයන එන කැරට් දෙන හැමෝම.......... ම්ම්ම්ම් අද මේක මාගල වගේ කමක් නැ අද විතරනේ......

‍" මං ලියන මේ පුංචි විකාර කියවන කමෙන්ට් දාන නොදාන හැමෝටමත් සිංහල බ්ලොග් කියවනයටත් ලාංකීය සිතුවිළි වලටත් හා පැටික්කිගේ බ්ලොග් ගුරුතුමා උන දුකා අයියටත්, පැටික්කි බලන්න ‍මෙහාටත් පනින 191‍දෙනාටත් හා පැටික්කිට මේ පැත්තට එන්න උදවු වුන ශාකුන්තල අයියටත්, හා හා පැටික්කිගේ හා හදවතේ පත්ලෙන්ම බොහෝමත්ම ස්තූතියි.....!!!! කියලා කියනවා. වැදගත් කියලා ලිපි නම් මේ බ්ලොග් එකේ ලියවිලාම නැතුව ඇති. ඒත් ඒ හැම දෙයක්ම කියවන හැමෝටම ගොඩාඩාඩාක්ම ස්තූතියි......... විභාගෙත් අතරේ කරගෙන කස්ටියගේ පාඩම් කරන්න කියන තර්ජන ගර්ජන මැද කරගෙන ගියපු මේ බ්ලොග් එක නිසා ජීවිතේට ලැබුන අත්දැකීම් දැනමුතුකම් වටින් කියන දේවල් බොහෝමයි. දුකට සැපට වෙනසක් නැතුව බොහොමත්ම තදින් බැඳුන සහොදර සහෝදරියන් මිතුරු මිතුරියන් පිරිසක් ලබන්න ගොඩක්ම පින් කරලා තියනවා. ඒ එක්කම හා පැටික්කිගේ ජීවිතේට තවත් වටිනාම වටිනාම කියා නිමකල නොහැකි තරම් වටිනා දෙයක් ලබන්නත් ගොඩාඩාරියක් වාසනාවන්ත උනා. (ඒක මොකක්ද කියලා කියන්න තව කල් තියනවා. සමහරු දන්නවා අනික් අයට හිමින් කියන්නම්කෝ.) හැමෝටම බොහොමත්ම ස්තූතියි.......... ඒ වගේම කීප පාරක්ම මේ හාගුල වහන්න හිතුවම ඒකට ඉඩ නොදීපු අය නම් වශයෙන් නොකිව්වත් ඒ අය කවුද දන්නවා. ඒ අයටත් බොහොමත්ම ස්තූතියි.............

එදා ඉඳන් අද වන තුරුම මේ කළු සුදු හා රතු එකතුව දෙවතාවකදි දවස් දෙකකදි හැර දිගටම තිබුනත් අද වනතුරුත් මට ඒක වෙනස් කරන්න හිතුන්නැහැ. අකුරු ලොකු කලාට පස්සේ තවම එක්කෙනෙක්ගෙන් විතරයි කියවන්න ඇහැට අමාරුයි කියලා පුංචි චෝදනාවක් නොවන අදහසක් ආවෙත්. ඒ අයියණ්ඩිගෙන්. මං ඉතින් හිතනවා මේ හාගුලේ ඇඳුම කාටවත් හිරි හැරයක් කරදරයක් නැහැ කියලා. (අයියණ්ඩි අමාරුවෙන් හරි කියවනවා කියලා මම දන්නවා. ) අවුරුද්දක් පුරාවට විවිධාකාර විකාර ගොඩක් ලියලා කියවන්න දුන්නා මදිවට තව පම්පෝරියකුත් ගැහුවා ඔන්න එහෙනම්.

ඔන්න එහෙනම් හා පැටික්කිගේ දුප්පත් හා ගුලට අවුරුද්දක් පිරුණා...... !!!!

මාගේ කතාව මින් අවසානයි අසා සිටි නොව කාලය කමින් කියවූ ඔබ සැමට ඉස්තූතියි..............

ඔන්න ආත්තමාත්තකාමී ලෙසින් කියනවා ‍මට ජය වේවා.......!!!! කියලා...........



‍කේක් වලට රණ්ඩු වී‍මෙන් වළකින ‍මෙන් ඉල්ලා සිටිමි. මම‍නේ දන්නේ කස්ටිය ‍මෙතන ‍කේක් කුඩු හලලා ගියාම අස්කරන්න තියන අමාරුව. ඊටත් මීට පස්සේ ‍කේක් ‍දෙන්නැ. මං හිතන් ‍නේ මං තමා වැඩිපුරම ‍කෙක් දීලා ඇත්තේ.......

‍සැ.යු:- අද තමා මං මේ අවුරුද්ද පුරාවට ලියපු දිගම ලිපිය ලිව්වේ. කවදාවත් කතාවක් උනත් මං තියාගෙන ඉන්න සීමාවට වඩා දිග වෙන්න දුන්නැහැනේ. ගියපාර ලිපියට සුදු පූසා ඒකට කළු පටි බැදන් විරෝධයක් පාලත් තිබුනේ. සමාවෙන්න ඕනා මෙච්චර දිග ලිපියක් ලිව්වට.

එහෙනම් සුපුරුදු විදියට යන ගමන් අර පුංචි භාජනේට කැරට් කංකුං උඳුපියළිය වගේ මට කන්න පුලුවන් දෙයක් දාලා යන්නකෝ............

Monday, March 14, 2011

ඉතින් ඔයාට මතකද............????



කාන්තිමත් තරු එළිය සමඟින් සඳ එළිය නහවමින් තිබූ අහස් සිතුවමෙහි විසිරී තිබූ කාන්තිමත් තරු වියැකෙමින් හිරු කිරණ සෙමෙන් ඇදෙමින් සිතුවම ආලෝකමත් කරන්නට විය. ස්වභාව ධර්මයේ සිත්තරාගේ තෙළි තුඬගින් සඳ මැකෙන්නට විය. සෞම්‍ය වූ රන්වන් වර්ණයකින් අහස් සිතුවම සිතුවම් වෙමින් අතරින් පතර මිහිරි වූ කුරුළු නාදයෙන් එය ගීතවත් වන්නට විය. සංගීත වාදන වෘන්දයක් මෙන් එකිනෙකා තම සුමිහිරි ගීත නාදය කරන්නට විය. සොඳුරු වූ සංගීතයෙන් මුසපත්ව රාත්‍රියෙහි පිණි බිඳු වලින් තෙමී ගිය තුරු ලතා තාලයකට පාද තබන්නට සෙමෙන් පටන් ගත්තේ ගත දැවටෙන සිහිළ් සුළං රැළි ඒ අතරින් දුර ගමනක් යමින් සිටියදීය. තණපත් අඟ රැදි පිණි බිඳු අතරින් දඟ කරමින් තාලයට සමනල රෑනක් සුළං රැළත් සමඟම ගමනෙහි යෙදී සිටියහ.

මා මතකයට ආවේ කුඩා කල සිට ආසාවෙන් රසවිදි ගීතයකි.

"කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ
හෙමින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ.........."

සවනට සුපුරුදු වූ තවත් ගීතයක් වාදනය වීම නිසා මා සොඳුරු සිතුවමෙන් දෑස මෑත් කළෙමි. ඔහුගේ රුව රැදි තිබූ මාගේ දුරකතනය ගෙන මා නැවතත් ඇඳටම වැටිනි.

සුපුරුදු ලෙසින් දිගු නිහැඬියාවකි. අවට හඬ දෙන කුරුළු ගීතත් ඒ අතරින් පතර ඔහු රෑ පුරා වාදනය වන්නට ඉඩ හැර තිබූ ගීතත් ඇසෙන්නට විය. මා තවත් ඒවාට සවන් යොමු කර ඔහුගේ හඬ අවදි වන තුරු නිහඬවම බලා සිටියෙමි.

‍"ගුඩ් මෝර්නින් මගේ සුදු නෝනේ.........."

‍"ගුඩ් මෝර්නින් මගේ සුදු මහත්තයෝ........" සුපුරුදු ළයාන්විත හඬ මා දෙසවන් සිප ගත පුරා දැවටෙද්දි නිරායාසයෙන්ම මුවඟ රැදි හසරැල්ලත් සමඟින් මා කීවෙමි.

‍"ආදරෙයි ගොඩාඩාඩාඩාරියක් මගේම සුදු නෝනට කියන්න බැරි තරම්ම."

‍"මාත් ඒ වගේම ගොඩාඩාඩාඩාරියක් ආදරෙයි මගේ සුදු මහත්තයට." සොඳුරු වූ කතාවන් රැසක ඇරඹුම ලෙසින් එය සටහන් වන්නට විය. දිනපතාම පාන්දරින් මෙලෙසින් ඇරඹෙන කතාබහ අවසන් වනුයේ මා එළවමින්ය.

‍"අද මැණික මොනවද කරන්නේ??" හිටි වනම ඔහු ඇසීය.

‍"ම්ම්ම්ම් විශේෂ මුකුත් නම් නැහැ වස්තු. ඇයි ඒ????"

‍"අද හවසට මං එන්නම්?? අපි බීච් යන්??"

‍"හා මහත්තයෝ..... කීයට විතරද??"

‍"ම්ම්ම්ම් මං එන්නම්කෝ 3ට විතර."

‍"හ්ම්ම්ම් හාකෝ එහෙනම්..........." මං ඇවිත් ඉන්නම්. ලෙසින් කී මා වෙලාව දෙස නෙත් යොමු කලෙමි. තවමත් 6.15ය. මා නැවතත් ඔහු කතාවකට මුල පුරන තෙක් බලා උන්නෙමි. එහෙත් වූයේ සුපුරුදු එළවීම පටන් ගැන්මය.

‍"හා හා දැන් ඇති අපි නැඟිටිමු."

‍"අනේ තව විනාඩි 15යි."

‍"බැ බැ සුදු මැණිකට පරක්කුවෙයි. නැඟිටිමු අපි."

‍"අනේ......................."

‍"හ්ම් හ්ම් නැඟිටිමු නැඟිටිමු පරිස්සමෙන් ඇඟ සෝදන් ලෑස්වෙන්නකෝ දැන් ගිහින්."

‍"හුම්........"

‍"හා හා තව විනාඩි 10යි ඔන්න."

‍"හා හා......" ඔහු විනාඩි 10ක් යැයි කීවද ඔහුටම එය අමතක වන බව මා දනිමි. නැවතත් අතොරක් නැතුව පිස්සු කතා ගොඩක් කියවන්නට වුනෙමු. අවසන ඔහුට අමතක බව දන්නා හෙයින් මා වෙලාව කියා කතාව මොහොතකට විරාමයක් තැබූවෙමි.
.........................................................................................................

වෙනදාට එන්නට දවස් 2කට පෙර සිටම කියනා ඔහුගේ අද උදෑසන ලද හදිස්සි කැඳවුම අනුව මා ඔහු එනතුරු සුපුරුදු ස්ථානයට වී මඟ බලා උන්නෙමි. තොළඟ රැදි සුපුරුදු සිනහව සමඟින් ඔහු මා වෙත පැමිණියේය.

‍"ම්ම්ම්ම් ගොඩක් වෙලා බලන් හිටියේ නෑනේද මැණික.....??" යැයි අසමින් ඔහු පා එසවීය. මාද ඔහු හා සෙමෙන් ඔහුගේ අතෙහි දැවටෙමින් වෙරළ දෙසට ඇදෙන්නට වුනෙමි.

වෙරළෙහි වූ ගල් බැම්මෙහි ගලක් මතින් මා හිඳවූ ඔහු ඊට ආසන්න ගලක් මතින් වාවි විය.

මොහොතක් දෙදෙනාම දෙනෙත් කලකින් දුටුවෙකුගේ වෙනස්කම් සොයන්නට මෙන් නිල්වන් සයුර දෙස යොමා සිටියෙමු. මොහොතකින් මා ගෙල වටා සීතලට යමක් දැවටෙනු දැනී මා ගැස්සී ගියෙමි. මා හට දෙනෙත් අදහාගත නොහැකි විය. ලස්සන සිහින් වූ රන්දමක් මා ගෙල වටා එතී තිබුනි.

‍"සුදු මැණිකට අද දවස මතකද????"

‍"ම්ම්ම්ම් නැහැ මං හිතන්නේ........." අසන්නේ මා සිතෙහි වූ කාරණාව නිසාමදැයි යන සැකයෙන් මා පැවසුවෙමි.

‍"හ්ම්ම්ම්........ මතකම නැද්ද?????"

මා හිස දෙපසට සන්කරමින් නැතැයි කීමි. ඔහු මේ සැරසෙන්නේ කුමක් පිළිබඳවදැයි යන්න හරි හැටිම මට තේරුම් ගත නොහැකි විය.

‍"ඔයාට ඒක අමතක වෙලාද?? "


සැ.යු:- මෙහි ඉතිරි කොටස 16 වනදාට පලකරනු ලැබේ. කුට්ටි කිරීමේ කලාව නිසා නොව අවශ්‍යතාව මත එලෙස කරන ලදී.

Monday, March 7, 2011

ඉතින් මතකද අද ව‍ගේ දවස??????



අළුත් දවසක ඇරඹුම සටහන් කරමින් උදෑසන රිවි කිරණ අළුත් සිතුවමක් අහස පුරා සටහන් වන්නට විය. සිහින් තිර ‍රෙදි අතරින් ‍‍පෙරී එන සුමුදු ආ‍‍ලෝකය ඔහු‍ගේ මුණ ආ‍ලොකමත් කරන්නට විය. ඒ පිළිබඳ වගක්වත් නැතිව ඔහු තවතවත් දැත මා බඳවටා ‍ගෙනයමින් නිදන්නට විය. මා ‍‍දෙ‍නෙ‍තෙහි නිදිමතක් ‍නොවූවද උණුහුමට නිදන්නට සිත් විය. එ‍හෙත් එයටත් වඩා මා ‍බො‍හෝම ආසා‍වෙන් පුංචි දරුවකු ‍මෙන් තවතවත් හරිබරි ගැ‍හෙමින් නිදනා ඔහු ‍දෙස බලා උන්‍‍නෙමි. රන්වන් හිරු කිරණ සිප ගන්නා ඔහු‍ගේ වතද රන්වන් ‍ලෙසින් දිස්විය.මා දඹරඟිල්‍ ‍ලෙන් ඔහු‍ගේ වත පුරා සිහින් ‍රේඛා සිතුවම් කරමින්ම කල්පනාවට වැටුනි.

‍ඉඳිරිපස ‍දොරකඩට වී සුපුරුදු ‍ලෙසින් එ‍හෙත් සඟවාගත් කුතුහල‍යෙන් මා මඟ බලා උන් ‍නෙමි.එ‍හෙත් මා බලා‍පො‍රොත්තු‍වෙන් සිටියද ඊ‍යේ සවස ඔහු ‍ගෙදර පැමිණි‍යේ සුපුරුදු සිනහ‍වෙන් මුව සරසා‍ගෙනමය. මා ඔහු‍‍ එන ‍පෙරමගට ‍‍ගොස් බෑගය අතට ගත්‍‍තේද සි‍තෙහි රැදි කුතුහලය පිරි ‍දෙ‍නෙත ඔහු වටා යවමිනි. එ‍හෙත් මා ‍නෙත ‍සෙවූ ‍දෙය මට ‍සොයා ගත ‍නොහී විය.

‍"මොනවද මැණික අද ‍හොයන්නේ ‍මේ ඇස් කරකව කරකව????"

"නෑ නෑ මං මුකුත් බැලු‍වේ නෑ............" මා හතර අත නිමක් නැතිව දුවන දෑසට සිතින් තරවටු ක‍ළෙමි.

"නැත්‍ ‍තේ ‍මොකද සුදු හාමි‍නේ මං දැක්ක ‍වෙලාවේ ඉඳන් ‍ම‍ගේ ව‍ටේ ‍මොනවද ‍හොයනවා........ ‍මොකද අද මට ‍කෙල්ලෙක් හම්බුනා කියලවත් ආරංචියක් ආවද?????" ඇසක් ඉඟි මරමින්ම ඇසූ ඔහු ‍ගෙට පියමැන් ‍නේය.

"වැ‍ඩේමයි ‍කෙල්ලෝ බැලුවම මට ‍මොකද........." දිව දික් කරමින් ඇද කල මාද ඔහු‍ හා සමාන්තරව ඔහු‍ගේ අ‍තෙහි එල්ලී ගමන් ක‍ළෙමි.

"ම‍ගේ පිස්සු ‍කෙල්ල මං දන්නවා ‍නොකිව්වට ඉරිසියාව කියලා............."

"අ‍නේ නැ........."

"ඇයි ඒ........" කාමරයට මා හා පියනඟමින්ම ඇසීය.

"එයාලා ඉතින් දැන් බැලුවට වැඩක්යැ........ ආ‍යේ ඉතින් ඔයාව ‍කො‍හෙද ම‍ගෙන් ගන්නේ.........."

"හදිස්සි‍යෙන්වත් ගත්තොත්............" ඔහු ‍මේ සැර‍සෙන් ‍නේ කුමටදැයි මා දනිමි.

"එයාලා ඔයාව ගත්තට මට ‍මොකද........ ම‍ගේ හැන්ඩ්සම් මහත්තැන් ‍පොඩ්ඩ එයාලා ත‍ඹෙකට ගණන් ගන්නැ කියලා මම දන්නවා. ඉතින් මට බය නැ."

"පිස්සි.......... ආද‍රෙයි ‍ගොඩාරියක්........ මං ම‍ගේ සුදු මැණිකව දාලා ‍කෙ‍හේ යන්නද........ ම‍ගේ ජිවි‍තේ ම‍ගේ පණ ඔයා‍නේ........" සුපුරුදු හාදුව මා නලලත තබමින් මා තුරුළු කර ගනිමින් කීය.

"හ්ම් හ්ම් මං දන්නව‍නේ ම‍ගේ පිස්සු මහත්තයා ගැන...... ඒක‍නේ ඉතින් මාත් ‍මෙච්චර ආද‍රේ කරන්නේ........" මා එ‍ලෙස කියමින්ම පපුවට ‍තුරුළු වී සිටින ගමන්ම ඔහු‍ගේ කමීස‍යෙහි ‍බොත්තම් ටික ගැ‍ලෙව්වෙමි.

ඇඳ මතින් වාඩි වූ ඔහු‍ගේ කමීසය ගලවා ‍මා කර මතින් දමා ගත් මා ඔහු ළඟ බිමින් වාඩි වී සපත්තු ‍දෙක ‍සෙ‍මෙන් ගලවන්නට වීමි. සුපුරුදු ‍ලෙසින් මහන්සිය අදද ඔහු‍ගෙන් පියාඹා ‍ගොස් වැනිය. කතාවක් නැතුවම මා හිස අතගාමින්ද සිටි ගමන් සිඹිමින්ද සිටි‍යේය.

"හ්ම්ම් හරි හරි දැන් බාත් රූම්.......... ‍මෙන්න තුවාය.........." මා ඇඳ මත තබා තිබූ තුවායද දී ඔහුව පිටත් කර හැරීමි.

ඔහු ‍දොර වසා ‍ගෙන වතුර ම‍ලෙන් වතුර වෑ‍හෙන තුරුද සිටි මා ඔහු‍ගේ බෑගයට ‍දෙ‍නෙත් ‍ගෙනගි‍යේ ‍හො‍රෙකු පරිද්දෙනි. නැත ‍සො‍රෙක් විලසින් මා ‍සෙවූ ‍දෙය එහි ‍නොවීය.

"සුදු මැණික........" මම දැහැනින් බිඳී ගැස්සී ගි‍යෙමි.

"කො‍හෙද අප් ‍පේ උ‍දේ පාන්දරම දුර ගමනක් ගි‍යේ............."

"කො‍හෙවත් නැ මහත්ත‍යෝ......... ඔයා දැන්ද නැඟිට්ටේ.........." සැබැවින්ම ඔහු නැඟිටිනු මට ‍නොදැනුනු ‍හෙයින් ඇසීමි. මා තවමත් කුතුහල‍යෙනි. මට අමතක වුවද ඔහුට අමතක වන්නට විදියක් නැත. එ‍හෙත් තවමත් වි‍ශේෂයක් ‍නොදුටු‍වේ අද ඔහුට අමතක වූවාවත්ද.......??? මා සිතට දුකක් ‍කො‍හේ‍දෝ සිට එබිකම් කරන්නට විය.

"හ්ම්ම් ආ‍යෙත් යනවද ඔය........????" මා සිනාසීමි.

"ම්ම්ම් නැඟිටලා ටිකක් නම් ‍වෙලා ඒත් ඉතින් ‍කො‍හේ‍දෝ දුර....... ගමනක ගිහින් හිටි නිසා කතා ක‍ලේ නැ මම.........." අවුල්ව තිබූ මා හි‍ස‍කේ අතර ඇඟිළි දුවවමින් ඒවා කන පිටුපස රදවමින් පිළි‍වෙලට සකස් කරමින්ම ඔහු කීය.

"අද පැංචා නිවාඩු දිනයක්ද???? ආ..... නැඟිටින්නැද්ද වැඩට යන්න.."

‍"කෝ ඉතින් ම‍ගේ එලාම් ඔර‍ලෝසුව නැඟිටලා ‍වෙන ‍කො‍හෙ‍දෝ ගියා මිසක් මට නැඟිට්ටෙව්වයැ. ‍වෙනදට නම් එලාම් එක ගහලා හත් අට පාරක්ම." ඔහු හරිය මට අද එයද අමතක විය.

"අ‍නේ මහත්ත‍යෝ ඔයා සනී‍පෙට නිදන් ඉද්දි මට ඒක අමතකම උනා."

"හ්ම්ම් හ්ම්ම් මටත් දැනුනා ම‍ගේ දිහා කන්න ව‍ගේ බලාන කල්පනා කරද්දි."

"කනවා තමා....... ‍වෙන කා‍ගෙවත්යැ ම‍ගේ‍නේ.........." මා ඔහු‍ට කිති කවමින්ම කීමි.

"හා හා හ‍පොයි ඇති ඇති‍යෝ........ ‍හොර ‍කෙල්ල........."

"ඇත්තටම අද යන්නැද්ද පැටී..........."

"හ්ම්ම්ම් ඇඟට ටිකක් හරි නැ ව‍ගේ ‍සුදු ‍නෝ‍නේ නොයන්නයි බැලු‍වේ......" මා පිටි අල්ල නළලට තබා බැලීමි එහි රස්නයක් නැත.

"ඇයි මහත්ත‍යෝ ‍මොකද ඔයාට????"

"නැ නැ කලබල ‍වෙන්න එපා. එ‍හෙම අමාරුවක් නැ. ‍මේ පුංචි අමාරුවක්." කියමින් ඔහු ඇසක් ඉඟි මැරීය.

"මං හිතු‍වේ ඉස්‍‍කෝ‍ළේ යන බබාලට විතරයි ‍හොර ‍ලෙඩ කියලා. දැන් බලන් ගියාම වැඩට යන ම‍ගේ අලි බබාටත් ‍හොර ‍ලෙඩ‍නේ. අම්මි සැරයි ඔන්න. ‍හොර ‍ලෙඩ ගත් ‍තොත් ‍දෙනවා තිත්ත ‍බෙයි."

"අ‍පොයි ‍හැමදාම අම්මි ළඟට ‍වෙලා ‍ගෙදර ඉන්න ‍දෙනවනම් මම ‍බොන්නම් තිත්ත ‍බෙයි." ඔහු මා නහය මිරිකමින්ම පැවසීය.

"හා හා ‍කෝ ‍හොර ‍ලෙඩ පැංචට කුක්කු එකක් හදන් එන්න අම්මි." මා වටා එතී තිබූ ඔහු‍ගේ දෑත ලිහමින් මා නැඟිට්‍‍ටෙමි. සිතට ආ‍යෙමත් දුක එබිකම් කරන්නට විය. වැඩ නිසා මහත්තයට අමතක ‍වෙන්නැති. හ්ම්ම්ම් කමක් නැ. සිතූ මා ඇ‍ඳෙන් බැස හිස පීර‍ගෙන මුහුණ ‍සෝදන්නට නාන කාමරය ‍වෙතට ගි‍යෙමි. ‍

"අම්මි........" මා ‍දොර වසන්නට හදන විටම ඇ‍ඳේ හාංසිවීම ඔහු මට කතාක‍ළේය. මා නැවතත් ආපසු එ‍බෙමින්ම ඔහු ‍දෙස බැලීමි.

"අම්මි හිතුව‍නේද මට අමතක ‍වෙලා කියලා අද දවස??? ආ මැණික????" මා පුදුම‍යෙන් පිරි ‍දෙ‍නෙතින් සිනාවක් පා හිසින් ඔව් යැයි කීමි.

"මට අමතක උ‍නේ නැ මැණික. අමතක ‍වෙන්නැහැ. අපි ‍දෙන්න‍ම ආර‍යෙන් බැඳුණ දවස අමතක ‍කරන්නේ ‍කො‍හොමද මැණික මම????"

"මං ඒත්.........."

"මං දන්නවා මං ඊ‍යේ ආපු ‍වෙ‍ලේ ඉඳන් මැණික‍ගේ ඇස් ‍හෙව්වේ ‍මොනවද කියලා........."

"මං හිතුවා මහත්තයට වැඩත් එක්ක අමතක ‍වෙලා කියලා."

"නැහැ සුදු මැණික මං අද නිවාඩුත් දාලයි ආ‍වේ. ලෑස්ති ‍වෙන්න‍කෝ. අපි ‍දෙන්නා අද ‍ලොකු රවුමක් යනවා..........." මා බලා‍පො‍රොත්තු වූවාටත් වඩා පුදුමයක් ඔහු පුරුදු ‍ලෙසින්ම මා හමු‍වේ තැබීය. මා ආපසු ඇඳ ‍වෙත පැමිණ ඔහු‍ගේ පපුව මතින් හිස තබා ගත් ‍තෙමි. ඔහු ගැන එ‍ලෙසින් සිතූ මා ගැන මටම දුක සිතුනි.

"ආද‍රෙයි ‍ගොඩාරියක් ම‍ගේ මහත්තයට. කියාගන්න බැරි තරමටම. මට සමා‍වෙන්න අමතක උනා කියලා හිතුවට." මා ඔහු‍ගේ පපුව සිප ගිනිමින්ම කී‍වෙමි.

"හා හා යන්න යන්න ගිහින් ‍ලේස්ති ‍වෙන්න ආවා ‍මෙතන ම‍ගේ ඇ‍ඟේ ‍කෙළ ගාන්න."

"යනවා තමා. හැබැයි යන්නේ ‍කෙලත් ගාලම තමා. පිස්සා..........." පපුවෙහි කිහිප තැනක් ඔහුට සිතා ගන්නටවත් කාලය නොතබමින් සිපගත් මා දිව ඇද කර නාන කාමරය වෙත දිව් වෙමි.

ඉතින් ‍මේ දඟකාරයාට තවතවත් බැ‍‍දෙමින් ආදරය කරනු මිස මා ‍වෙන කුමක් කරන්නද........?????



Friday, March 4, 2011

බල්ලා ලේනෙක් වීම හා සුදු පූසාට සිම්පල් පූවෙක්.......... මොන්ටිසෝරි වැඩ........... 02

හම්මේ...... මොන්ටිසෝරියක් බලා ගන්න එකත් ලේෂි පහෂු වැඩක් නෙමෙයි කියලා කලින් ලිපියෙන් තේරුනා. සමහර ළමයි කොළ හොය හොය අඬනවා. සමහරු දීපුවා අඳින්නැතුව මකරු අඳින හැටි අහනවා. ඇයි තව සමහර බබාලා ටීචගේ චිත්තර වල ගුණදොස් කිව්වේ. තව පුතාලා ටීචට චීටත් කිව්වා. ඒ මදිවට සමහරු වයසට නොගැලපෙන ඒවත් කීවනේ...... ඇයි ඉතින් තව ප්‍රශ්න කෝටියයි එක බබෙක්ට මාළුවා හතරට නැමුනේ ඇයි කියලා. එතකොට බල්ලාට ඒ බබාලගේ පැත්තේ කියන්නේ නරියා කියලා. අනේ අම්මේ........ අලි මදිවට කොටි කියලා ළමයි ඇරලවලා යන්න ආපු තාත්තා කෙනෙක් ඇහුවේ නැද්ද හාවා කවුද කියලා. කාට කියන්නද. ඒ අස්සේ හැමදේටම මේ අයි ගෝටුද ටොයිලට් අහන පුතෙකුත් හිටියේ. ඒ ඔක්කොම අස්සේ එක පැංචෙක් ගෙදර බිත්ති පුරා කුරුටු ගාලා මට බැනුම කොයි වෙලේ එයිද මම මේ බලන් ඉන්නේ.

හොඳයි හොඳයි ඔය ඔක්කොම අස්සේ මකර අධිරාජ්‍යයා බබා එක්කන් ආපු ගමන් කිව්වනේ බල්ලාව ලේනෙක් කරන්න. අනේ ඉතින් කිෂි කහටක් නැතුව මම බල්ලව ලේනෙක් කරා ඔන්න.

මේ "ර" යන්න ලියද්දි නම් හරිම විදියට ලියලා බෑ හැබැයි. හ්ම්ම් හ්ම්ම්ම් අදත් එහෙනම් බබාලා ටික වාඩි වෙලා කොළයක් ගන්නකෝ.......

ඔන්න අපි "ර" යන්නක් ලිව්වා.



ඊට පස්සේ ඒක අපි ලේනෙක් කරනවා. හැබැයි ඒ එයා වාඩි වෙලා ඉන්න විදියට. බලන්නකෝ ටීච ඇඳපු රූපේ ටිකක්.....



ආ හරි නේද???? දැන් ඉතින් අර කිව්වා වගේ බූසි නැට්ටක් දානවා. පවු නිසා අතට පුංචි පළතුරු ගෙඩියකුත් දෙමුකෝ...........
ඔන්න එහෙනම් බල්ලාව ලේනෙක් කරා අපි. (කාටවත් බැරි වැඩ තමා අපි කරන්නේ.) (ආ තව එකක් මතක් කරන්න ඕනා නෑනේ ටීචගේ අකුරු හා ඇඳකුද ඇති චිත්තර මොකද කියලා........ ටීච චිත්තර කර කෙනෙක් නෙමෙයි කියලා මතකනේ???? )

හරිනේ පුංචි බබාලා?????



දැන් නම් කියලා දෙන්නේ හා ටීචම අඳින්න පුරුදු උන ලේසි පූවෙක්. ඒ කීවේ ඔය වදකාර පූවෙක් නෙමේ. අර හතරට නැමුණ මාළුවා ප්‍රශ්නයක් උන සුදු පූසා බබා ගෝල්ඩ් පිස් බබා ඇඳපු රූපේ දිහා බලන් හා ටීච පූවෙක් අඳින්න කියලා දුන්නෑ කීවනේ. ඒ මදිවට බනියා බබා සුදු පූසා බබාව ඇඳපු හැටි ගැන තලා ගිහින් නඬුත් කියනවා කිව්වනේ. ඒ නිසා ඔන්න ලේසියෙන් පූවෙක් අඳින්න කියලා දෙනවා. හැබැයි මේ පූවා කැත උනොත් බ්ලොග් ගඩොල් පූස් පරම්පරාවත් එක්කම ඇවිත් ටීචට නීතිමය වසයෙන් කටයුතු කරනවා කිව්වා. ඒ නිසා අවදානමක් අරන් තමා මේ පූවව දාන්නේ. අනේ මේක දැකලා තරහා ගන්න එපා ටීච ගැන වත් අනුකම්පා කරන්නකෝ...........

බලන්නකෝ පහල වැඩේ තමා ඒ පූවව අඳිද්දි තියන අමාරුම වැඩේ. පුංචි ඔළුවක් එක්ක කකුල් දෙකක් අඳින එක. බබාලා අඳින්න බලන්නකෝ අළුත් කොළයක් අරන්.



හරි දැන් නම් ඉතින් වැඩේ බෝම ලේසියි. තියෙන්නේ පූවට පුංචි ලස්සන හැඩකාර රවුම් භාගයක් අඳින එක. ඒක ඉතින් තම තමන්ගේ හැටියට තමන්නට කැමති විදියට ඇඳගන්න ඔය පූස් පරම්පරාවේ අය. :D :D :D :D



හරි දැන් ඉතින් පූවා බබාට ලස්සන වලිගයකුයි පුංචි ඇස් දෙකකුයි. නාහේ එක්ක හිනා කටකුයි දාන්නකෝ පහල ටීච දැම්මා වගේ. එතකොට පූවා හරි වැඩේ ඉවරයි. :D



හප්පා ෆා අක්කාගේ පර්සියන් පූසාව ඇහැ ගැටුනා ඒ අස්සේ. බලන්න එයා මෙයා වගේද කියලා....... ෆා අක්කා මෙය නොදකීවා..........!!!!!

ආ තව එකක් සමනලී බබා ටීචට අලියා අඳින හැටි මතක නැහැ. ටීච සටහන් කරගත්තා වගේ මතකයක් තියනවා. ටීච ඒ ගැන හොයලා බලන්නම්. හැබැයි කියලම දෙන්නම් කියලා පොරොන්දු වෙන්න නම් බැ ඔන්න.

හලිනේ එහෙනම් ඔන්න අදත් බබාලා ඉගෙන ගතපු දේවල් ගැන පහල තියෙන කොටුවෙන් ලියලා යන්නකෝ. හැබැයි අර එද්දි කුණු බිත්තර කුණු තක්කලි අරන් එන්න තහනම් නිසා දොර කඩින් තියලා ආපු අය ඒවත් අරගෙනම යන්න ඔන්න.
දැන් ඉතින් ලෝයර් කෙනෙක් හොයන්න එපැයි පූස් පරම්පරාවේ නඩු වලට උත්තර බඳින්න. හනේ හනේ..... මොනවා කොරන්නද ඉතින්........

සැ.යු :- ඔය මේ පැත්තේ යන එන උපතින්ම දක්ෂ සිත්තරු උන අය මෙව්වා දැක්කම හිනා යාවි ඒත් අනේ එහෙම මුකුත් හිතන්න එපා. කට්ටිය ආස උන නිසයි දැම්මේ. නැත්නම් ඉතින් මම හොඳටම දන්නවා මට චිත්තර ඇඳීමේ කාරිය නොහැකි බව. අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ කියලා තමා කියන්න තියෙන්නේ. සමාවෙන්න ඕනි ඉතින්.