෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, January 24, 2011

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 01

මේ සතිය බ්ලොග් සතියලුනේ වැප් අයියාගේ කැලැන්ඩරේ හැටියට...... උදව්වක් හැටියට මාත් අඩුම තරමේ දෙකකට වඩා දාන්න හිතුවා.(සතියට පෝස්ට් දෙකක් අනිවා දාන්න ඉහලින් ඕඩර් කරලා තියන නිසා සතියට පෝස්ට් දෙකක් දැනට පලකරනවා අනිවාරෙන්) ඉතින් මොනවා ලියන්නද ඔච්චර???? හා පැටික්කිත් ඔන්න ඔහේ ලියන්න ගත්තා හා පැටික්කිගේ රූප පොතෙන් අහුල ගත්තු රූප ටිකක් පිළිබඳව. බොරු කියන්න ඕනි නෑනේ. මෙව්වා කියවන්න කස්ටිය ගොඩක් වෙලාවට කම්මැලියි කියලා දන්නවා ඒ උනත් මට හිතුන නිසා ලිපි කිහිපයක් ලියන්න හිතුවා.

හා පැටික්කි මේ ලිපි ටික ලියන්නේ දන්න දන්න හැටියට හා පොත් පත් වලින් සොයාගත්තු දේවල් තමා. ඒ නිසා ලොකු විස්තරයක් ලියන්න නම් බලාපොරොත්තුවක් නැ. ඒ වගේම ඉතින් වල්පල්ම ලිය ලිය තිබුන බ්ලොග් එකේ මෙව්වා හරි යයිද දන්නෙත් නම් නෑ....... ලියලම බලනවා කියලා හිතුවා....... :D




මේ පින්තූරේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි අය කව්රුවත් නෑනේ..... කවුරුත් දන්න කියන රුවන්වැලි මහා සෑය තමා. කලේ කවුද කියලත් ඒ සිද්දීත් දන්නවා උනාට පෝස්ට එකට මං ටිකක් ලියනවා. දුටුගැමුණු මහ රජතුමා විසින් ඉන්දියාවේ රාම ග්‍රාමයෙන් වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේ නිධාන කොට තනන ලද්දක්. ශ්‍රී ලංකාවේ චෛත්‍ය අතරින් මෙම චෛත්‍ය අග්‍රස්ථානයක් ගන්නවා. කුලී නොලැබ වැඩ කිරීම තහනම් කල නිසා මෙය දුටුගැමුණු රජතුමාගේ ධනයේම ප්‍රතිඵලයක්.

මේ චෛත්‍යෙය් වැඩ අවසන් කලේ දුටුගැමුණු රජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා විසින්. පසුව සොළී ආක්‍රමණ වලින් ජරාවාස වුණ මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කලේ මහා පරාක්‍රමභාහු රජු විසින්. මේ චෛත්‍ය පිහිටා තිබෙන අක්කර 5ක් වන සෑ මළුව වටා ඇත් පවුරක් දකින්න පුළුවන්ත ඇතුන් මළුව දරා සිටිනා ආකාරයට එය තනා තිබෙනවා. කලින් තිබුන පුරාණ ඇත් පවුරෙන් දැනට ඉතිරි වී ඇත් ඇත් රූප 6ක් බස්නාහිර පඩිපෙළ දෙපස තිබෙනවා. ඒවා පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව මගින් ආරක්ෂා කෙරෙනවා.


මෙහි කොත්කැරැල්ල දර්ශනය වීම ගැනත් කතාවක් තියනවා දන්නවා ඇතිනේ මං හිතනවා නොදන්න අය නැතුව ඇති කියලා.

හ්ම් ඊළඟට තියන බුද්ධ ප්‍රතිමා වහන්සේ නම් අපිට දැකලා හුරු පුරුදු ප්‍රතිමා වහන්සේලට වඩා ටිකක් වෙනස්. මේ මිරිසවැටිය දාගැබෙහි ප්‍රධාන පිවිසුමෙහි තිබෙන පිළිම වහන්සේ........



මේ මිරිසවැටිය දාගැබ. මෙයත් දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක්. මෙය දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ තැණු ප්‍රථම දාගැබ. මෙහි සධාතුක කුන්තායුධය (මෙය දන්නා කෙනෙක් පැහැදිලි කර දෙනු මැන පොතකින් සොයා ගත්තකි.) නිධාන කොට තිබෙනවා. මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් වැටියක් වැළඳීමෙන් තමන් කල වරදට දඬුවමක් වශයෙන් මෙම චෛත්‍ය සාදන ලදැයි මහා වංශයේ සඳහන් වේ.


අනුරාධපුර දාගැබ් අතරින් හොඳම ආරාක්ෂාවුනු වාහල්කඩ ඇත්තේ මෙහිය.




සැ.යු:-
ඡායාරූප මත ක්ලික් කිරීමෙන් එම රූප විශාල කර බලාගන්ටත් පුළුවන්ලු. ලිපිය ගැන පුංචි අදහසක් හරි ලියන්න. මං දන්න තරමින් හසිත මේ ගැන වැඩි දෙයක් දන්නවා ඇති. ඒ වගේම අනිත් අයත් දන්න කියන දේවල් සහ වැරදි එහෙම තියනවනම් කියලා යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා..........

26 comments:

  1. ෂා මලු ඇ......... :) මටනම් මේ විස්තරගැන කිසිම මතකයක් නැ. ස්තූතියි ආයෙ සුට්ටක් ඉතිහසෙ මතක් කොලාට :) මේ ඒක නෙමේ අර මිරිස් වැටිය කියන්නෙ මොකකටද ? කන දෙයක් නේ................. ? අෆිව තව සුට්ටක් දැන්වත් කොරන්ටකෝ :)

    ReplyDelete
  2. කවුද හැබෑටම අර ඉහලින් නි‍යෝග දුන්නු කෙනා? සුදු ද? :a :r :p

    ම්ම්ම්ම්ම්ම් නියමයි හාවියෝ...බලං ගියාම හාවිත් යමක් කමක් දන්නවා නෙවැ...නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා...ඕව ඉතිං දැනගන්න පුළුහන් අපේ මේ කතා හසියාගෙන්ම විතරයිනේ...නියමයි තව ලියමු එහෙනම්.....:t

    ReplyDelete
  3. මමත් ඉතිහාස කතා කියවන්න හරිම කැමතියි! ඉතුතියි ලිපියට,
    දුටු ගැමුණු රජතුමා හොඳ වැඩක් තමයි කරල තියෙන්නෙ, ඒත් මට ප්‍රශ්නෙ, එයා කොයි කාලෙද ඔය කියන පෞද්ගලික ධනය ඉපයුවෙ කියල! තාත්තත් එක්ක තරහ වෙලා මලය රටට ගිහින් කුඹුරු කොටපු කාලෙ වෙන්න ඇති! මට හිතෙන විදියට කලාතුරකින් රජෙක් තමයි මහන්සි වෙලා උපයල තියෙන්නෙ. ඔක්කොම ධනය බදු මුදල් (ඒ කාලෙ ඒව රජුගේ පුද්ගලික ධනය හැටියට තමයි සැලකුනේ) හෝ පාරම්පරික ධනය ( පරම්පරාවම රජවරු නිසා ඒවත් බදුම තමයි ) හෝ තෑගි ලෙස ලැබුන දේවල්.

    ReplyDelete
  4. ෂා...අපේ හාවිත් දන්න දේවල්!!!

    ReplyDelete
  5. හාවියේ මමත් නොදන්නා දේවල් ටිකක් මේකෙන් දැන ගත්තා. අපි ලංකාවේ හිටියට හැම දේම දන්නේ නෑනේ..
    ඒක නෙවේ
    කවුද අර ඉහලින් නියෝග දුන්නේ...:D

    ReplyDelete
  6. වේගෙන් කියවගෙන කියවගෙන ගියා ඕං :t

    ReplyDelete
  7. කිසිම කම්මැලිකමක් නෑ මේව කියවන්න. තව විස්තර සහිතව තිබුනනම් මරේ මරු..
    ඈ හාවෝ..... මොකාද අර ඉහලින් නියෝග දීපු එකා?? සුදූදැ???
    -කාංචන

    ReplyDelete
  8. හාවිගේ ඉතිහාස පාඩම :t

    ReplyDelete
  9. ඔය තියෙන්නේ ලස්සනට.
    දිගටම ලියන්න.

    ReplyDelete
  10. :e ශහ් හා පැටික්කි දන්න දේවල්... :c

    ReplyDelete
  11. රුවන්වැලි සෑයේ වැඩකටයුතු දුටුගැමුණු රජතුමා මැරෙන්න කලින් අවසන් කරන්න රජතුමාට ආසාවක් තිබුනලු. දුටුගැමුණු රජතුමා මරනාසන්න මොහොතේ සද්ධාතිස්ස රජතුමා වැඩ අවසන් නොවුනු රුවන්වැලි සෑය සුදු රෙද්දකින් ආවරණය කරලා දුටු ගැමුණුරජතුමාගේ අවසන් කැමත්ත ඉෂ්ඨ කරාලු.ඕන් ඔහොම එකක් මම පෙර දිනක අසා තිබුනා... :c :C :C

    මේ වගේ පෝස්ට් දාන එක හොදයි.අපි නොදන්න දේවල් දැනගන්නත් අපි දන්න දේවල් නැවත් අලුත් කරගන්නත් වටිනවා..හාවි වැඩේ නියමයි.දිගටම ලියන්න

    ReplyDelete
  12. යකෝ බලන් ගියාම හාවිත් ලේසී පාසු හාවියෙක් නෙවෙයිනෙ.... මොනවා උනත් සෑහෙන්න වටින ලිපියක්. අපි නොදන්න මොන ත‍්රම් දේවල් තියෙනවද. දැනුවත් කලාට ස්තූතියි......

    ReplyDelete
  13. ඇ අර කිව්වත් වගේ නොදන්න දේවලුත් බොහොමයි නේ.. තව විස්තර සුට්ටක් තිබ්බ නන් මරු..වෙලා තිබ්බොත් එව්වත් දැම්ම නන් බොහෝම හොදා..

    ReplyDelete
  14. හලේ සෝයි ටීචර්.. ඉතිහාසයට ලකුණු 100ම ගන්නවා මං.. (ඉස්කෝලේ යන දවස් වල මේ ටීචර් හම්බවුනානම්) :b

    ReplyDelete
  15. මේ හාවිත් ගොඩක් දේවල් ගැන දන්නවනෙ. මගෙත් ආසම විෂයක් තමයි මේක. ඉස්සර OL කරන කොට මේ පැරණි සිද්ධස්ථාන ඔක්කොම ගැන හොදට හොයල විස්තර හොයල එකතුත් කලා. ඒ දවස් වල නම් පින්තූරයක් පෙන්නුව ගමන් ඒක ගැන දිග හෑල්ලක් කියන්න තරම් මතකයි. ඒත් දැන්නම් මුකුත්ම මතක නෑ නෙ. ඈත්තටම මේ මොඩ යන්තරේ (ඒ කිවුවෙ කොම්පීතරේ) ගැන ඉගන ගන්නවට වඩා මේ දේවල් කොච්චර ලස්සනද???

    ReplyDelete
  16. එතකොට කොත් කැරුල්ලේ කතාව මොක්කදැ න‍ඟේ...?

    ReplyDelete
  17. ලියපිය ලියපිය කවදා හරි අන්න හා නැන්දා ලියපුවා බලාගනින් කියලා අපේ ළමයෙක්ට පෙන්නතැහැකි ඉතිහාස ප්‍රශ්නයකදි :P

    ReplyDelete
  18. @ ජේ.ඩී
    මටත් මතකය නම් අඩුයි පරණ පොත් පත් එහෙමත් ලං කරන් තමා වැඩේට අත ගැහුවේ.......

    කන දෙයක් නිසානේ කෑවේ????? හසිතගෙන් තමා ඉතුරු ටික හරියටම අහගන්න වෙන්නේ අයියා.

    ෴හසියා෴

    සුදූද???? වෙන්නැති........... :h

    හාවිත් යමක් කමක් දන්නවලු වෙන්නැති......... :k
    ඒකනේ කතා හසියා තමා මෙව්ව ලියන්න සුදුසු. ඒත් ඉතින් මං දන්න විදියට ලිව්වා. :s

    @ කලිකාල
    වෙල්කම් අයියා.........:c

    හ්ම් ඒක නම් එහෙම තමා. ගෙඩක් වෙලාවට පාරම්පරික ධනය වෙන්නැති. ඒ ගැන නම් පැහැදිලි කරන්න දන්නැහැ වැඩි දෙයක්.

    @ blog gadol

    හෙහ් හෙහ් නරක නෑනේ?????? :d

    @ සිරකරුවා
    මේ මොකද?????:j

    ReplyDelete
  19. @ priyantha.ඒබී

    සතුටුයි අයියා ඒ ගැන. හ්ම් ඒත් මං ලිව්වේ බොහොම සුලු කාරණා ටිකක් නිසයි අයියා මම එහෙම කිව්වේ....... :c

    ඔන්න ඉතින් අල්ල ගත්තා කාතාවේ වැඩකටම නැති එක......... :p

    @ ..ChAnDiKa..

    බොහොම ස්තූතියි අයියා........ :c

    @ කාංචන

    තව විස්තර තිබුනට ලීවේ නෑ කට්ටිය කම්මැලි හිතෙයි කියවන්න කියලා. වැදගත් වන බොහොම සරල කරුණු ටිකක් තෝර ගෙන ලිව්වේ. :j

    මොන සුදෙක්ද මංදා...... සුදූ වෙන්නැති..... :h :h

    මේ සූකිරිට නඩුව දානවා මම අදම....... :h

    @ පූසා

    ඔව් ඔව්. වල් පල් අතර ඉතිහාස පාඩම.......... :q

    @ Praසන්ன

    බොහොම ස්තූතියි අයියා........ :c

    @ තරිඳු

    ඔයාවනම් මීට කලින් හාගුල පැත්තේ ආ බවක් මතක නෑ.........
    ආදරෙන් පිලිගන්නවා......:c :c

    ටිකක් විතර දන්නවා ඉතින්...... :d

    ReplyDelete
  20. @ පබලු

    හෙහ් හෙහ් එහෙම තමා....... ගොඩක් දෙනෙක් ඔය ගැන ඉතින් දන්න නිසා ලීවේ නෑ.

    බොහොම ස්තූතියි අක්කියා....... දෙවෙනි ලිපියත් දැම්මා...... :c

    @ අනුරාධ

    පාර වැරදිලාද මංදා....... ආදරෙන් පිළිගන්නවා හාගුලට අයියව........ :c :c

    බොහොම ස්තූතියි අයියා..... හාවි ඉතින් පොත් කන්න කැමති කෙනෙක්නේ.... ඒ නිසා ඉතින් අවුලක්ම නැ...... :c

    @ Pasan

    හ්ම් හ්ම් අයියා...........

    තව මේ ගැන විස්තරද???? හපොයි අළුතින්ම වෙන වෙනම එක එකක් ගැන ලියන්න බලන්නම් එහෙම උනොත්......:c

    @ චතුවා (ළමයා )

    හෙහ් හෙහ් හොඳ වෙලාවට එහෙම නොවුනේ..........
    නැත්නම් ඉතිහාසෙත් ඉවරයි......... :p

    ReplyDelete
  21. ෂහ්! නියමයිනෙ අක්කෙ.. එළැ!

    ReplyDelete
  22. @ කේෂාන් De சில்வா

    මමත් ටිකක් එහෙම තමා හැබැයි අර ව්‍යවස්තා නම් පෙන්නන්න බැ මට..... මේ වගේ ඉතිහාස කතා වලට ආසයි......
    දැන් නම් මටත් මතක නෑ අයියා කොහේ මතක තියෙන්නද අවුරුදු 5ක්ම සයන්ස් වල එරිලනේ හිටියේ.......
    මේ පොත් පත් එහෙමත් හොයන් කරන වැඩක්........

    ඒකනම් හැබෑව. ඒත් ඉතින් අනාගතේට ඒවත් ඕනනේ...... :c

    @ Jeew
    චෛත්‍යෙය් පාදම ළඟට ගියාම කොත් කැරැල්ල පේන්නැහැ. හරියටම පියවර 6ක් පිටුපසට ආවම මාණික්‍යය බලාගන්න පුළුවන් කියන එකනේ අයියා. ඒක හරියටම හරි.

    @ Bugs Bunny

    හා හා මං ලියලා තියන්නම් මල්ලියෝ.....
    වල් හාවා කියලා නම දාලා තියෙන්නේ නිකම්යැ කස්ටිය. :q :q

    @ Hasitha ජයසූරිය

    බොහොම ස්තූතියි පොඩ්ඩෝ....... :c

    ReplyDelete
  23. ටික දවසකට පස්සේ තමයි නිවී හැනහිල්ලේ බ්ලොග් කියවන්න ආවේ. ඉතින් හා පැටික්කි මාවත් මතක් කරලා තිබ්බ නිසා මාත් හුඟක් දන්නේ නැති වුනත් දන්න ටික කියන්න තමා මේ සූදානම.

    මුලින්ම රුවන්වැලිසෑයේ තැන්පත් කරලා තියෙන සර්වඥ ධාතූන් වැඩම කෙරෙව්වේ නාග ලෝකයේ ඉදන්. බුද්ධ පරිනිර්වාණයේදී ධාතූන් වහන්සේලා සමාන කොටස් අටකට බෙදුවා. ඒකෙන් එක කොටසක් රාමගාමයටත් හිමිවුණා. ඒවා තැන්පත් කරලා රාමගාමයේ හදපු ස්ථූපය මුහුදට සෝදා පාලුවෙලා ඊට පස්සේ මුහුදේ පාවෙවී තිබුණු සර්වඥ ධාතූන් නාග ලෝකෙට නාගයෝ අරන් ගියා. ඒවා තමයි රුවන්මැලිසෑයේ තැන්පත් කරන්න අරන් ආවේ කියන්නේ

    ස්ථූපයක තැන්පත් කරලා තියෙන සර්වඥ ධාතූන් වහන්සේලා වැඩිම ප්‍රමාණ්යක් තැන්පත් කරලා තියෙන්නේත් රුවන්මැලිසෑයේයි. ඒ ප්‍රමාණය ද්‍රෝණයක් කියලා හඳුන්වනවා.

    ඒ වගේම රජතුමා මේ ස්ථුපය ඉදිකරලා ඒ පින් ඔක්කොම තමන්ට ලබාගන්නලු මේ විදිහට කිසිම වැඩක් නොමිලේ කරගන්නේ නැතිව හැම දේකටම මුදල් ගෙව්වා කියන්නේ

    තවත් කතා එමටයි රුවන්මැලිසෑයේ ගැන

    කුන්තායුධය කියන්නේ මම දන්න විදිහට හෙල්ලක් වගේ එකක්. රජතුමා තිසා වැවට [?] නාන්න ගිය වෙලාවක ඒක දැන් මිරිසවැටි ස්ථූපය තියෙන තැන හිටවලා ගිහින් ඒක ආපහු ගලවන්න බැරිවෙන්න හයිවෙලා තිබුණු නිසා එතන මේ ස්ථූපය ඉදිකරලා තියෙනවා

    ඒ වගේම අනුරාධපුර යුගයේ දාගැබ්වලින් හොඳම වාහල්කඩ තියෙන්නේ මිහින්තලේ කන්ඨක චෛත්‍යයේ

    ජේ.ඩී සහෝට : රජතුමාගේ රාජ බෝජනෙන් හැමදාම දන් දුන්නාලු. ඒ වගේම විශේෂ ව්‍යංජනයක් හැදුවෝත් ඒක අනිවා හාමුදුරුවන්ට පිලිගන්නනවාලු. දවසක් මිරිස් ව්‍යංජනයක් හදලා රජතුමා ඒක හාමුදුරුවරුන්ට පිළිගන්නන්න අමතක වුණු නිසාලු මේ චෛත්‍ය හැදුවා කියන්නේ

    කලිකාල සහෝ කිව්වා වගේ රජතුමාට මුදල් හම්බවෙන්නේ බදු සල්ලි වලින්. ඒ කාලේ මිනිස්සු රජතුමාට බදු ගෙව්වේ සමස්ත ලංකා භූමියේම අයිතිකාරයා රජතුමා වුණු නිසා. රජතුමාගෙන් ඉඩම් ලැබුණු නිසා මිනිස්සුන් ඒ වෙනුවෙන් බදු මුදල් හරි ශ්‍රමයෙන් දායකත්වයක් දෙන්න හරි බැඳිලා හිටියා.

    ඉතිහාසේ ගැන යමක් කමක් ලියන්න මාත් බ්ලොග් එකක් අළුතින් පටන් ගත්තා. ඔයාලත් ගොඩ වැදිලා යන්න.

    http://eatuwawa.blogspot.com/

    [මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද වෙළෙඳ දැන්වීමකි] :t

    මම ලිව්ව ඒවාවලත් අඩුපාඩු තිබුණොත් පෙන්නලා දෙන්න.

    ජය !!!

    ReplyDelete
  24. ආහ් අමතක වුණා රුවන්මැලි සෑයේ හොඳ ෆොටෝස් ටිකක් බලන්න

    http://www.facebook.com/album.php?aid=60038&id=1470435034&l=247e8cc91c

    ReplyDelete
  25. @ Hasitha

    බොහොම ස්තූතියි හසිත ඔය තියෙන්නේ පෝස්ට් එක වගේ දෙගුණයක් විස්තර කියලා තියනවා. බොහොම ස්තූතියි හසිත. ඔයා නම් ඉතින් මේ ගැන හදාරන කෙනෙක් නේ. මං ලිව්වේ මං පොත් පත් වලින් හොයා ගත් සහ මං දන්න කියන කරුණු විතරයි. :c

    ඊ අටුවාවට යන්න හිතන් හිටියට තාම බැරි උනා. යන්න ඕන. ඇඩ් එකට ගනන් අය කරන්නෑනේ මම. :s

    ආ ලින්ක් එකට බොහොම ස්තූතියි. මං මේ දාන්නේ දං ගතපු ඡායාරූප විතරයි හසිත. :c :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)