෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, January 25, 2011

මෙව්වා බලන්න කම්මැලියොද?????? 02

හා පැටික්කිටත් අතපය තියන් ඉන්න බැරි කමට දවස් 7ට ලිපි 7ක්ම දාන්න හිතුනා. එක දිගට ඉතිහාස පොත දිග ඇරියොත් කස්ටියට එපා වෙයිද මංදා........ ඒ උනත් කමක් නෑ. අදට මේක දානවා........ හෙට වෙන කතාවක් දානවා...... :D
කලින් ලිපියෙන් පස්සේ මේ ලියන්නේ දෙවනි ලිපිය. මේ ලිපියෙදි අනුරාධපුර නගරයේ තවත් ප්‍රසිද්ධ ස්ථානයක් වන ඉසුරුමුණි විහාරය ගැන. අප්පා කස්ටියට මතක් උනේ පෙම් යුවල නේද ඔය කට පියා ගන්න. ඒ ගැනත් පුංචි විස්තරයක් තියනවා. මං ඉතින් මේ ලියන්නේ මං දන්න හැටියටනේ.



මුල්ම ඡායාරූප ටික ඉසුරුමුණියේ ප්‍රසිද්ධ ඡායාරූපයන්. අනුරාධපුර නගරයේ තියන බව ඉතින් කියන්න ඕනි නෑනේ.
ඉසුරුමුණියේ පොකුණට බස්නාහිර පැත්තෙන් තියන ගල් පව්වෙහි කොටා ඇති නෙළුම් පොකුණක දියෙහි ඉන්න ඇත් රූප කීපයක්. ඉන් එකක් තමා ඔය පහලින් තියෙන්නේ. ගලින් කොටලා තිබුනත් බොහොම තාත්වික ගතියක් දකින්න පුළුවන් ඒ රූප වල.


ඒ රූපයට උඩින්ම පැරණි විහාරයට උතුරින් ගොඩක්ම ප්‍රසිද්ධ මිනිසා සහ අශ්ව හිස දකින්න පුළුවන්. රාජ ලීලාවෙන් වාඩි වෙලා ඉන්න මිනිසෙකුත් ඔහුගේ දකුණු උරහිසට උඩින් අශ්වයකුගේ හිසක් දකින්න පුළුවන්. මේක හත් වන ශතවර්ෂයට අයත් කියලා තමා සඳහන් වෙන්නේ. (වැරදි නම් දන්න කියන අය නිවරදි කරත්වා.... )



පිළිම ගෙට දකුණින් ඇති ගල් පවුවේ තිබුන රජ වාසල දර්ශනයක් සහිත මූර්තිය වර්ථමානයේ තියෙන්නේ විහාර කෞතුකා ගාරයේ. ඒක තමා ඔය යටින් තිබෙන ඡායාරූපය. නොදැකපු අය නම් නැති බව දන්නවා. මෙය පිටින් ගෙනෙන ලද්දක් බවට විශ්විවාස කරනවා. මෙයත් 5-8 පමණ සියවස් වලට අයත් කියලා සලකනු ලබනවා.මේ මූර්තියෙහි මැද කිරිටයක් හිස පලන් පිරිමියෙකුත් ඔහුගේ පසෙකින් ස්ත්‍රියකුත්. ඔහුට පිටු පසින් විජිනි පතක් අතින් ගත් කෙනෙකුත් ඉන්නවා. වම් කෙලවරෙහි පපුව හරහා දෑත් තබා ගත් පහත් අසුනක හිදින පිරිමි රුවක්ද දකින්න පුළුවන්.



මාහාචාර්ය පරණවිතාරණ මහාතා පවසන ආකාරයට මෙහි මැද ඇති රුව දුටුගැමුණු රජතුමාගේ කියලා සඳහනු වෙනවා. ඔහුට වමෙන් සිටින්නේ සාලිය කුමරු බවත් දකුණු පසින් අශෝකමාලා බවත් එතුමාගේ අදහස.

මේක නම් ඉතින් තිබෙන ප්‍රසිද්ධම හා විවාධාත්මක කැටයමක්. කවුරුත් දන්න කියන ඉසුරුමුණි පෙම් යුවල.මේ මූර්තිය පිටින් ගෙනත් රක්ෂිත බැම්මට සවිකර තිබූ බවත් එය රන්මසු උයනෙන් ගෙනෙන ලද්දක් බවත් විශ්වාස කරනවා. මෙයත් වර්තමානයේ විහාර කෞතුකාගාරයේ තබා තිබෙනවා.



මෙම යුවල ගැන පොත් පත්හි "ආසනයක් මත හිඳගෙන සිටින සිය පෙම්වතාගේ දනින් නැමුණ වම් කකුළ උඩ ප්‍රේමිය සැපසේ හොවී සිටින්නීය. පති තම වමතින් පෙම්වතිය තමා වෙත පමුණවා ගන්නට තැත් කරද්දි ඒ සුන්දරියගේ ප්‍රේමාර්ද්‍ර වතහි ව්ළියෙන් බරවුන බැල්මක් පහල වේ. වල්ලභයාගේ උරහිසට පිටුපසින් කඩු මිටක්ද ඔහුගේ මුහුණේ රළු කාමුක පෙනුමක්ද දිස්වේ." ලෙසින් සඳහන්වේ.

දැඩි පෙම් බැඳුමකින් වෙලීගිය මේ යුවල සාලිය කුමරු හා අශෝකමාලාව බව මාහාචාර්ය පරණවිතාරන මහාතාගේ අදහස.මෙම මූර්තිය පස්වන ශත වර්ශයට පමණ අයත් යැයි සලකණු ලබනවා.

සැ.යු :-
කලින් ලිපියෙදි ඉල්ලුවා වගේම මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සහ දන්නා තවත් විස්තර ඇත්නම් සඳහන් කරලා යන්න කියලා කාරුණිකව ඉල්ලනවා........

16 comments:

  1. නියමයිනෙ දිගටම යං. :b

    ReplyDelete
  2. ඒ දවස්වල පොලිසියෙන් හිටියනං ඔය ඉසුරුමුණි පෙම් යුවල කූඩුවෙ තමයි නවතින්නෙ

    ReplyDelete
  3. හා පැටික්කි දන්න තරමටවත් මම නම් ඉතිහාසය දන්නේ නෑ.
    පූස් මල්ලි කියනවා වගේ රාජපුරුෂයෝ පොලීසියට වඩා හොඳයි වගේ....

    ReplyDelete
  4. @ Praසන්ன

    එක දිගට දැම්මොත් කම්මැලි හිතෙයි නේද අයියා..... ඒ නිසා බලමු කස්ටිය කියන විදියකට....... :c

    @ blog gadol

    ඒකත් එහෙමද..... හා හා....... :a

    @ priyantha.ඒබී

    හා පැටික්කි ඉතින් පොත් පත් ඇසුරු කරන් තමා මේවා ලියන්නේ අයියා. :c

    හ්ම් හ්ම්.........

    @ prasanna86k

    බොහොම ස්තූතියි අයියා........ :c

    ReplyDelete
  5. මිනිසා හා අශ්ව හිස කියලා හඳුන්වන මූර්තියෙන් අග්නි හා පර්ජන්‍ය පෙන්නනවා කියලා පරණවිතානයක් කියද්දී මේ කපිල සෘෂිවරයා කියලා ආනන්ද කුමාරස්වාමි කියනවා. මේක පල්ලව ආභාෂයෙන් කරපු එකක් කියලා තමා කියන්නේ.

    රජ පවුල දැක්වෙන කැටයමෙන් සාලිය අශෝකමාලා ප්‍රේමය නිසා අමනාප වුණු දුටුගැමුණු රජතුමාව අග බිසව සනසන ආකාරය පෙන්නනවා කියලා පරණවිතානයක් කියනවා.

    ඒ වගේම ඉසුරුමුණි පෙම් යුවල ක්‍රි.ව 4-5 සියවස්වල ඉද කරපු බවත් ගුප්ත සම්ප්‍රදායට අයිතීයි කියලා තමා වියත්තු කියන්නේ. මේ සිදුහත් යශෝධරා, සාලිය අශෝකමාලා, රාමා සීතා ආදී වශයෙන් මත ගොඩාක් තියෙනවා.

    ඉතින් මේ විදිහට අපේ යටගියාව මතක් කරන්න හා පැටික්කි ගන්න උත්සාහය ප්‍රශංසනීයයි.

    ReplyDelete
  6. හාවි අනුරාධපුරේ ට්‍රිප් එකක් ගියා නේද ළඟදී :d

    ReplyDelete
  7. අහ් හා එළ එළෝ.......... හෙට කතාව දාලා අනික්දා අය්යේ මෙයින් එකක් දාන්ට :) ඉතිහාසෙ මතක් කරගන එක කොච්චර ලොකු දෙයක් දැ :)

    ReplyDelete
  8. හා පැටික්කි, යස අපූරුවට හැම තැනකටම පැන පැන ගිහිල්ල නේ. මම හිතුවෙ යන යන හැම තැනම පිනුම් ගහනව විතරයි කියල. කොහොම උනත් හරිම අපූරුයි. පාසල් දරුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. හැමෝම කම්මැලි නෑ. අපේ වටිනා ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමතියි. දිගටම ලියන්න. කැරට්, උඳුපියලිය, කන්කුන් අඩුයි කියන්නෙ. හා පැටික්කිට ආ‍දරේ නෑ කියන එකවත් මේවා කියවන්නෙ නෑ කියන එකවත් නෙමෙයි කියල මතක තියාගන්නව හොඳයි.

    ReplyDelete
  9. අපේ අතීතය මතක් කරන්න මේ හාවි ගන්න උත්සාහය ගොඩක් හොදයි...
    පොඩ් දේවල් ටිකක් එකතු කරන්නම්. දැන්නම් ගොඩක් දේවල් මතක නැහැ.
    ඔය ඈත් කැටයම තියෙන්නෙ පොකුන අයිනක තියෙන ගලක. ඒකෙ තියෙන්නෙ ඡලය ස්නානය කරන ඈතුන්ගෙ රූප. ඒව නෙලල තියෙන්නෙ හරියටම, පොකුනෙ වතුර පිරුණාම වතුර නාන අලි වගේ පේන්න. පොකුනෙ වතුර මටිටම අනුව එතන කැටයම පේන විදියත් ටික ටික වෙනස් වෙනව. හරියට වතුරට බැහැපු අලි වගේ.
    ඒ වගේම ඔය ඉසුරුමුණි පෙම් යුවල ඇත්තටම පෙම්යුවලක් නෙමේ කියන මතය දැන් ගොඩක් ඡනප්‍රිය වෙලා තියනව. මට ඒක ගැනනම් හරියටම මතක නෑ. මතක් උනොත් ආපහු Comment එකක් දාන්නම්කො...

    ReplyDelete
  10. සා.පෙ. කරන කාලේ චිත්‍ර කර්මයට හරිම ආශාවෙන් ඉගෙන ගත්ත කරුණු ටිකක් හා නගාට පිං සිද්ධ වෙන්න ආපහු මතකෙට නගා ගත්තා... දැන් නං මේ මතක ගොඩක් සිතෙන් බැහැර වෙලා....

    ස්තූතියි නංගියෝ....

    ReplyDelete
  11. නියමයි හාවියේ....

    අපේ පුරාවිද්‍යා ලොක්කා ඇවිත් කැණීම් කොරලා තියෙන්නේ උඩ...හික් හික්...නියමයි හා පැටික්කියේ.....

    ReplyDelete
  12. @ Hasitha

    බොහොම ස්තූතියි හසිත..... කුඩා ලිපි පෙලක් ලියන්න විතරයි මං මේ උත්සාහ කරන්නේ. ගොඩක්ම විස්තර ලියන්න බලාපොරොත්තු උනේ නැහැ. ඒත් ඊළඟ ලිපියේ ඉඳන් වැඩිපුර විස්තර ලියන්න හිතෙනවා මේ ගැනත් කට්ටිය ආසාවෙන් කියවන නිසා. ඔයාගේ විස්තරේ ලිපියට හොද ඌණපූර්ණයක් උනා. ගොඩක්ම ස්තූතියි හසිත........... :c :c :g

    ලිපි ටික ලියන්න කලින් ඔයාට ටිකක් කතා කරන්න හිතුවත් ඔයාව හොයාගන්න බැරි උනා බුකියේවත්. කොහොම උනත් ගොඩක්ම පින් හසිත. :c :c :c :c :c

    @ පූසා

    ළඟදි නෙමෙයි සුදු පූසෝ...... විභාගේ ඉවර උන ගමන් ගියේ. කස්ටියට ආයේ මාව මතක් වෙනකම් සහ මගේ යම් යම් කාරණා නිසා ලිපි ටික ප්‍රමාද වුනා. හැබැයි මං හොඳම වෙලාවේ ලිපි ටික පෝස්ට් කරන්න පටන් ගත්තේ කියලා දැන් මට හිතිලා තියෙන්නේ....... :c :c

    @ ජේ.ඩී

    කතාව ලියන්න බැරි උනා අප්පා....... මම ඒ නිසා දැම්මා අඳෝනාවක්........ :d

    @ දයියා

    දයියා අයියා ඉදලා හිටලා පෙනිලා යන්න එනවා නේද...... අයියා කිව්වා මුල්ම කමෙන්ට් එකේ හොඳ හොඳ පිනුම් බලාපොරොත්තු වෙනවා කියලා. ඒ නිසා අළුත්ම පිනුමක් පැනලා බැලුවා......... :c

    බොහොම ස්තූතියි අයියා....... මාතෘකාව නම් ටිකක් විතර මාකටින් වලටත් එක්ක යොදාගත්තේ. හැබැයි ගොඩක් දුරට සත්‍ය ගොඩක් අය කම්මැලියි කියන එක තමා.
    හොඳමයි අයියා..... බොහොම ස්තූතියි........ :c :c

    ReplyDelete
  13. @ කේෂාන් De சில்வா

    බොහොම ස්තූතියි අයියා පුංචිම පුංචි උත්සාහයක් විතරයි මේ........... :c

    මතක විදියට පුළුවන් තරමක් එකතු කරන්න අයියා ලිපියේ සාර්ථකත්වයට ඒවත් වැදගත්.

    හ්ම් ඇත් රූප ගැන නම් හැබෑවටම බොහොම ලස්සනයි. වතුරට ඒවයේ හෙවනැලි වැටුනම අමුත්ම පෙනුමක් ගෙන එන්නේ....... :c
    හා හා අයියා ඕනි වෙලාවක ඇවිත් ලියලා යන්නකෝ..........

    @ sansarasidu

    මං නම් චිත්‍ර කර්මේ කරපු කෙනෙක් නෙමේ අයියා.... අපි ඉතින් සංගීත කාරයෝනේ......
    බොහොම ස්තූතියි අයියා මේ පුංචි උත්සාහයක් ගත්තා විතරයි හැමෝටම අතීතය ටිකක් මතක් කරන්න. මං මුල්ම ලිපියේ කිව්වා වගේ මේකට හොඳම අපේ හසිත........ :c :c

    @ ෴ හසියා ෴

    බොහොම ස්තූතියි අයියා........

    ඔව් ඔව් කලින් එකෙත් ගොඩක් කැණීම් කටයුතු කරලා තිබුනා. එයා එන එක මටත් හයියක් මේ ලිපි ලියන්න.
    බොහෝම ස්තූතියි අයියා......... :c :c

    ReplyDelete
  14. එල එල, තව අපිට තව ඉතිහාස කැරට් ඕනෙ, හොඳද???
    ජය වේවා.......

    ReplyDelete
  15. @ nextstepcherub

    බොහොම ස්තූතියි. අදමයි නෙද් මේ පැත්තේ ආවේ????
    ආදරෙන් පිළිගන්නවා.......:c :c

    ඊළඟ ලිපියත් පලකලා.........

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)