෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Thursday, January 27, 2011

මෙව්වා කියවන්න කම්මැලියොද?????? 03

මේ ඡායාරූප එකතුව ඉදිරිපත් කරන තුන් වන ලිපිය. පළමු ලිපිය බලන්න මොතනින් යන්න. මෙතනින් දෙවන ලිපිය බලන්න පුලුවන් . ලිපි දෙකටම හිතුවට වඩා කට්ටියගේ ප්‍රතිචාර තිබුනත් ඊයේ ඉතිහස පොතේ පිටුව පෙරලන්නැතුව හිටියා කම්මැලි හිතෙයි කියලා කට්ටියට.

ඒ වගේම ඒ ලිපි දෙක කියවපු අයට අපේ හසිත තව බොහොම වැදගත් කරුණු ටිකක් එකතු කරලා තිබුනා බලපු නැති අය ගිහින් බලලා එන්න. බොහොම වැදගත් කරුණු ටිකක් මාත් නොදන්න කරුණු ටිකක් අපේ පුරාවිද්‍යා ලොක්කා වන හසිත ලියලා ගිහින් තියනවා. ඒ වගේම ගොඩක් දෙනා අහපු ප්‍රශ්න වලටත් පැහැදිලි පිලිතුරු දීලා තියනවා. දෙවෙනි ලිපියටත් ඒ වගේම කරුණු ටිකක් එකතු කරලා තියනවා ගිහින් බලන්නකෝ.

මේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේම පිහිටා ඇති විහාර ස්ථාන දෙකක් ගැන. මේ ලිපියෙන් තන්තිරිමලේ රජමහා විහාරයේත් ඒ යන අතරමඟ තිබෙන අළුත් ගොඩනැගෙමින් පවතින විහාරස්ථානයක් වන නෙල්ලි කුලම විහාරයේ ඡායාරූපත් ඇතුලත් වෙනවා.



නෙල්ලි කුලම විහාරස්ථානයේ ඉදිවෙලා තිබෙන හා තවමත් ඉදිවෙමින් පවතින බුදුන්වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේ ඇතුළු අසූමහා ශ්‍රාවක පිරිස තමා මෙතන දකින්න පුළුවන් වෙන විශේෂත්වය. දැනට ගොඩක් දුරට මේ පිළිම වහන්සේලා හදලා ඉවරයි. ඒත් තවම වැඩ අවසන් කරලා නෑ. කවුරු හරි තණ්තිරිමලේ පැත්තේ යනවනම් නෙල්ලිකුලම විහාරය බලන්නත් අමතක කරන්න එපා. ඇත්තටම ටිකක් විතර අමුතු වැඩක්. ඔය තියෙන්නේ එහි ශ්‍රාවක පිරිසෙන් කොටසකගේ ඡායාරූපයක්.



නෙල්ලිකුලම විහාරය ගැන ලීවට පස්සේ ලියන්නේ තණ්තිරිමලේ රජමහා විහාරය ගැන. මං ඒ ගැන ගොඩක්ම විස්තරයක් නම් දන්නැහැ. පහුගිය කීවේ කකුල් දෙකේ කොටි කරදර මේ ප්‍රදේශයන්ටත් බොහෝ ලෙස තිබුනා කියලා තමා දැන ගන්න ලැබුනේ.



මෙය අක්කර 250ක පමණ ගල් තලාවක් සහිත කැලෑ ප්‍රදේශයක් සහිතයි. (මං මතකයෙන් මෙව්වා ලියන්නේ වැරද්දක් තියනම් සමාවෙලා දන්න කෙනෙක් නිවරදි කරන්න.) පහල තියෙන්නේ එම ප්‍රදේශයේ ඡායාරූපයක්.



මෙහිත් ඉතිහාසාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක්. සංඝමිත්තා තෙරණිය ඇතුලු පිරිස ශ්‍රී මහා බොධීන් වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරවීමේදී මෙම ස්ථානයේ එක රැයක් බෝධීන් වහන්සේ තබා තිබූ බව කියවෙනවා. මෙම සිද්ධිය සිහිපත් වීම සඳහා බෝධීන් වහන්සේගේ වෙනත් ශාඛාවක් මෙහි රොපණය කර ඇති බවට විශ්වාසයක් තියනවා.

මෙය 19වන සියවස දක්වා හඳුනාගෙන නොතිබූ අතර 1960දී මෙය ප්‍රතිසංස්කරණය කිල බවද සඳහන් වෙනවා. මෙහි ඇති ශෛලමය සැතපෙන පිළිම වහන්සේ හා සමාධි පිළිම වහන්සේගේ ඡායාරූපයන් තමා පහත තියෙන්නේ.


මෙම සමාධි පිළිමයට පසෙකින් තවත් කුඩා ලෙස නිර්මාණය කල සමාධි පිළිමයක අනුරුවක් දකින්න පුළුවන්. ඒත් එහි මෙම සමාධි පිළිමයෙහි මෙන් පැහැදිලි ස්වභාවයක් නැහැ. ඔය පහලින් චකින්න පුළුවන් වන්නේ එහි ඡායාරූපයක්.



අන්තිමටම මේ තියෙන්නේ සැතපෙන පිළිම වහන්සේගේ ඡායාරූපයකත්.......


මෙහි අවට තවමත් නටඹුන් විශාල වශයෙන් පවතිනවා. ඒ වගේම මෙහි ගලින් වටවූ පොකුණු කීපයක්ද දැකිය හැකියි.

සැ.යු :-
අද ලිපිය දිග වැඩි උනාද මංදා. හිතාගෙන හිටියට වඩා ඡායාරූප දෙක තුනක් එකතු කරන්න උනා. ඒ නිසා සමාවෙන්න ඕන කියවන්න කම්මැලි හිතුනනම් එහෙම. ඒ වගේම මේ ලිපි පෙලෙහි පලකරණ සියළු ඡායාරූප හා පැටික්කි ගනිපුවා ඒනිසා ඒවායේ ඇති අඩුපාඩු ගැනත් සමාවෙන්න. ඒ වගේම කලින් ලිපියෙදි ඉල්ලුවා වගේම මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සහ දන්නා තවත් විස්තර ඇත්නම් සඳහන් කරලා යන්න කියලා කාරුණිකව ඉල්ලනවා........

13 comments:

  1. හා පැටික්කිත් හොඳ වැඩකට අතගහල වගේ.... :D

    ReplyDelete
  2. හා පැටික්කිගේ ෆොටෝ සෑහෙන දුරට හොඳයි. ටිකක් උත්සාහ කලොත් හොඳම තත්වයට එන්න පුළුවන්.
    පොස්ට් එක ගොඩක් වටිනවා. සුභ දවසක්..

    ReplyDelete
  3. කිසිම කම්මැලි කමක් නෑ, හරිම රසවත්!

    ReplyDelete
  4. මේ ඉතිහාසය නේද? :r
    :j :j

    ReplyDelete
  5. පොටෝ ටික ලස්සනයි.

    ReplyDelete
  6. @ හරී - පිණිපළස

    ආදරයෙන් පිළිගන්නවා අක්කිව මගේ දුප්පත් ගුලට............. :c :c

    නිකම් ඉන්න එකේ ලියලා බැලුවා අක්කා........ :d

    @ priyantha.ඒබී

    බොහොම ස්තූතියි අයියා....... ඉගෙන ගැනීමට නම් ආසාවක් තියනවා ඒත් කවදා වෙන දේවල්ද ඕවා..........

    බොහොම ස්තූතියි අයියා............. :c

    @ කලිකාල

    හැමෝටම එහෙම නෑ අයියා............ :s
    @ සිරකරුවා

    ඉතිහාසේ ඇතුලට අද පොඩ්ඩත් වර්ථමානෙත් එකතු උනා. :a
    දැකපු අමුත් කර්තව්‍යක් නිසා.

    @ blog gadol

    :i :i :i

    @ Praසන්ன

    බොහොම ස්තූතියි අයියා....... :c :c

    ReplyDelete
  7. Photo වලනම් පේන්න තරම් අවුලක් නෑනේ. පැහැදිලිවම මමගන්න ඒවට වඩානම් ලස්සනයි.:a
    ඔය පිළිම ටික ගැන ලොකු සාකච්ඡාවක් ගියානේද??? සමහර හාමුදුවරුනම් කිවුවෙ ඕක අපරාදයක්... සමහර දුප්පත් ගම්වල පන්සල් වලට මේ සල්ලිවලින් පිළිම හදල දුන්නනම් මීටවඩා හොදයි කියල.. බැලුවාම ඒකෙ ඇත්තකුත් තියනව නේද???

    ReplyDelete
  8. තන්තිරිමලේ නම් හරිම සුන්දර තැනක්..එත් අනුරාධපුර යන බොහොමයක් කම්මැලි කමට මඟ අරිනව..ඒත් මට නම් අනුරාධපුර ගමනක වැදගත්ම තැන තන්තිරිමලේ...

    ReplyDelete
  9. @ කේෂාන් De சில்வா

    හෙහ් හෙහ් බොහොම ස්තූතියි අයියා.........:c

    හ්ම්ම්ම් මටත් දැන ගන්න ලැබුනා. අනේ මංදා ඒත් මොකක්දෝ අමුතුම ශාන්ත බවක් තියනවා.........

    @ පැන්da

    ටිකක් ඈතයිනේ අයියා....... ඒනිසා වෙන්න ඇති.........

    පුරා විද්‍යාත්මකව බොහොම වටිනවා තමා........ මං නම් මේ හැමතැනකම මුල් වතාවට ගියේ මතක තියන වයසකදි......... :c

    ReplyDelete
  10. තන්තිරිමලේ ඇත්තටම හරිම ශාන්ත ඒ වගේම පෞරාණික වැදගත්කමක් තියෙන පුදබිමක්,

    ඇනුරාධපුරයට ශ්‍රී මහා බෝධිය ගෙන එන අතරමග එක් රැයක් තන්තිරිමලේ පුදබිම පිහිටි ස්ථානයේ නවාතැන් ගත් අතර එහිදී එක් මුලක් පොලවට ඇදීගොස් වෙනම බෝධියක් එහි රෝපණය වූ බවට ජනප්‍රවාදයක් තන්තිරිමලේ වටා ගෙතී තිබෙනවා,

    ස්තූතියි, මතකය අවදි කලාට,

    ReplyDelete
  11. "මෙම සිද්ධිය සිහිපත් වීම සඳහා බෝධීන් වහන්සේගේ වෙනත් ශාඛාවක් මෙහි රොපණය කර ඇති බවට විශ්වාසයක් තියනවා."

    ශ්‍රී මහා බෝධිය මහමෙවුනා උයනේ රෝපණය කළාම මුලින්ම හටගත්තු බෝ පැළ අටෙන් එකක් තමා තන්තිරිමලේ රෝපණය කරලා තියෙන්නේ. ඒවා අෂ්ට ඵල රූහ බෝධි කියලා තමා හඳුන්වන්නේ.

    ReplyDelete
  12. @ Ravi

    ඇත්තටම ඔව්. බොහොම නිහඬ තැනක්. ගස් වැල් වල සද්දේ විතරයි ඇහෙන්න තියෙන්නේ.

    බොහොම ස්තූතියි අයියා........ :c

    @ Hasitha

    එහෙමද හසිත. හ්ම්ම්ම් මං ඒක නම් දැනන් උන්නැ. අර උඩින් රවි අයියා කියපු ජනප්‍රවාද කතාවනම් අහලා තියේ. :r

    බොහොම ස්තූතියි හැකි වෙලාවට මේ පැත්තේ ඇවිත් වචනයක් හරි කියලා යනවට..... :c :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)