෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, January 2, 2011

මා ඔබේ වෙලා........



"ඇයි අමුතු විදියට බලන් ඉන්නේ????"

ඔහුගේ මුවග සිහින් සිනා රේඛාවක් මැවුනි.........

"ඇයි කියන්නකෝ......." මම නැවතත් කීමි......

"මගේ පැංචිගේ හැඩ බැලුවා මං මේ.........." මගේ කරේ තිබූ තුවායද ගෙන මා හිසද සිඹ නාන කාමරයට යන ගමන්ම ඔහු කීවේය.........

අපටම වෙන් වුන පුංචි කාමරයක්...... ඒත් මා වටා දොරෙ ගලන සිතුවිලි සමූහයක්.......

ඔහු හදිස්සියකින්ම මට මුණ ගැහුණු හැටි........ ඔහු සමඟ මිතුරු කමෙන් ගෙවූ දින...... ඔහු මට ආදරෙයි කිවූ දින......... දුක සතුට කදුළු සිනහා අතරින් ඔහුගේ ආදරයේ සුව විදිමින් මා ගෙවූ හැම දිනක්ම........ ඔහු සමඟ බොරුවට තරහා උන හැටි ආයෙමත් මාව යාළු කර ගන්න ඔහු වෙහෙසුන හැටි....... සියළු දේ ගැනම මා වටා ඔහු හීන මවපු හැටි..... ඒ හීන වල ඔහු සමඟ ජීවත් උන හැටි....... ඉතින් සියල්ල අතරින් ඔහු සමඟ දිවි ගෙවන්න හීන මවපු හැටි....... සියල්ලම මා සිත වෙලා ගනිමින් නාගෙන ආ මාගේ ගතට දැනෙන සීතල පරයමින් සිතට උණුහුමක් එක් කලාය.
මා හිදිස්සියේ ගැස්සී ගියේ ඔහුගේ හඬ මා සවන්හි රැදුන බවක් යන්තමින් දැනුන නිසාවෙනි.......

"ඔයා මට කතා කළාද????" තවමත් ඔහු නාන බව ඇසුන හෙයින් මා ඇසීමි.....

"යන්තම් ඇති මං හිතුවා ඒත් දැහැන් ගතවෙලා කියලා.........."

"දැහැන් ගතවෙලා තමා උන්නේ..... ඔයා තාමා දැහැන බින්දේ........"

"ඔයාට සීතලයි නේද???? ස්වීටර් එක ඇඳගන්න කියන්නයි කතා කලේ....."

"මං දන්නැත්ද මගේ පැංචි ගැන....."

"මට හිතුනා මැටි පිළිමේ වගේ තාම හිටගෙන ඇති කියලා....."

මට පුදුම සිතුනි...... මා නැවතත් මා දෙසම බැලීමි...... ඔහු හරිය මා තවමත් ඔහු යන විට සිටි තැන ඔහු යන විට උන්නාසේමය. මට නොදැනිම මා මුවග සිනාවක් ඇදුනි.

"හරි හරි මතක් කලාට බොහොම ස්තූතියි පණ්ඩිත පුංචෝ........"

"ළඟ හිටියනම් මගේ කනෙන් අල්ලන්න නේද හිතුවේ????"

පුදුමයක් නැත ඔහු මාව හැමදාමත් දකී. ඒ ආදරය නිසාම ඔහු ලද්දක් විය හැකියයි මා සිතා සිටියෙමි.

"නෑ මං ඔය මූණ මැද්දේ තියන ජම්බෝලෙන් අල්ලන්න හිතුවේ......"

"පිස්සා......."

"අන්න පැංචි බොරුවක් කිව්වා........"

මා හිනාව පිරුණු ඔහුගේ මූණ මවා ගන්නට තැත්කලෙමි.

"හරි හරි හිංචි පිංචි බොරුවක් ඔයාගේ පුංචි පැංචි කිව්වා......." මා මදක් තාලයකට කීවෙමි.

"පිස්සී....."

"මාව පිස්සු වැට්ටුවා මදිවට තවත් පිස්සු වට්ටනවා......." ඔහු කීවේ හිනාවද පිරුණු හඬින් බව හඳුන ගන්නට මට වෙහෙසක් වන්නට අවැසි නොවීය. එය මට දැනුනි.

"මේ පුරුද්දට පැය ගනන් ඉන්නැතුව ඉක්මනට එන්න...... මට පාළුයි......" කියූ මා ස්වීටරයද තුරුලු කරන් ඇඳ විට්ටමට කොට්ටය හේත්තු කර වාඩි වී දෑස් පියාගෙන උන්නෙමි.

මා ජීවිතයේ තිබූ සිහින පොකුරින් බලාපොරොත්තු රාශියක ආරම්භය අද වීය. යෞවනියකගේ සිහින කන්දරාවෙන් ලොකුම සිහිනයක් වූ මංගල උත්සවය.......
අප දෙදෙනාගේම දෙමාපියන් නෑදෑ යාළු හිතමිත්‍රාදීන්ගේ සුභ පැතුම් මැද සිත පුරා සැරි සැරූ ඔහුගේම වී ඔහු හා මේ සීතල උඩරටට පැමිණියේ කොතරම් ආසාවෙන්ද. එසේ වුවද සිත් කොනෙහි සැඟවී ගත් දුකක් වූයේ මාපියන්ගේ තුරුලෙන් මිදුණු නිසාවෙනි. එහෙත් ඔහු මට මාගේ මාපියන් සේම රැකවරණය දෙන බව මා සිත් දනී. ඒ විශ්වාසය මාගේ සිතෙහි දුක මෙන්ම බයද පළවා හැර දමා තිබුනි. මේ පුංචි කාමරය මට සුර ලොවක සැප පහසුව දැනෙන තැනක් විය. ඒ මා අයිති කරගත් ඔහු මාහා ඉන්නා බව දන්නා හෙයිනි.

මා හිටිවනම ගැස්සී ගියේ මුහුණ පුරා සීතල වතුර බිංදු දැවටුන හෙයිනි......

"මගේ පැංචි මොනවද ඔච්චර කල්පනා කරන්නේ?????" මා සිහින් සිනාවක් පෑවෙමි......

"දන්නවද මම දැන් ‍මෙතන්ට ඇවිත් කොච්චර වෙලාද කියලා????" මා පුදුමයෙන් ඔහු දෙස බැලීමි. සැබවින්ම ඔහු එන හඬක්වත් මට නෑසුනි.

"ගොඩක් වෙලාද?????" මා ඇසුවේ සැබැවින්ම ඔහු පැමිණි වෙලාවක් ගැන මට දැනීමක් නොතිබි හෙයිනි.

"හ්ම්...... කොහෙද ගිහින් හිටියේ?????"

"මමද????"

"ම්හු නෑ......" මා මද වේලාවක් දෑස් කුඩා කර ඔහු දෙස බලා සිටියෙමි.

"එහෙනම්???"

"මගේ පැංචි......." කියමින් මා හිස අතගාමින්ම ඔහු මාළඟින්ම වාඩි විය.

"මහන්සියිද????" මා පිළිතුරක් නුදුන් හෙයින් ඔහු නැවතත් මා හිස අතගාමින්ම ඇසීය.
මා ගොළුවකු සේ හිස දෙපසට සන් කර නැති බව කීමි.

"එහෙනම්..... ඇයි කතා නැත්තේ මගේ පැංචියේ?????" ඔහුගේ ආදරය උතුරණ දෑස් දෙස මට බැලුනි. ඒ දෑස් වල හැමදාමත් ජීවත් වන්නට මට ලැබුණි. මා සිහින දුටු ඒ දෑසෙහි රැදෙමින්ම සිහින සැබෑ කර ගන්නට ලැබුනි. මට කියා ගත නොහැකි හැඟීමකින් මා හිත පිරී යනු දැනුනි.......

"හිත පිරිලා......" මා සිහින් හඩින් කියමින්ම ඔහුගේ වතට බරවී ඔහුගේ පපුවට තුරුලු වුනෙමි......... සීතල කදුකරයෙහි සීතල රාත්‍රියක ගතට දැනෙමින් තිබූ සීතල පරයමින් මා ගත පුරා ඔහුගේ උණුසුම දැවටිනි.









36 comments:

  1. ෂා.. සුපිරි... :b :b මට ඇත්තටම මැවිලා පෙනුනා.. :i :i :r ඒවගේම ඔය සින්දුව අද උදේ මං ඇහුවේ.. හරිම ලස්සනයි පැට්ටෝ :e :e

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම් මොකක් ලියන්නද මන්දා :n
    හපොයි මේ වගේ බැරෑරුම් මාතෘකා වලට කමෙන්ට් කරලා පූසාට පුරුදු නෑ :i

    ReplyDelete
  3. ඉතිං ඊට පස්සේ.... :i :i :i

    ඇස් වලට කදුළු එනවා හා පැටික්කියේ‍....මේ වගේ ආදරයක් ලබන්න අපි පිං කොරලා නෑනේ.... :s :s :s :s :s


    මාරම මාරම ගති හා පැටික්කියේ....ආදරේ උතුරලා දොරේ ගලනවා.....හදවතත් මොකක්ද වෙනවා අනේ මේක කියවනකොට...දුකද සතුටද එහෙමත් නැතිනම් වෙන කෙහෙල් මලක්ද... අනේ මන්ද.... :s :n :j :j

    හා පැටික්කියේ ඇත්තටම ඔයා පොතක් ලියන්නකෝ...ලියන්න පුළුහන් අය නොලියා ඉන්නකොටනම් අපිට ගොඩක් දුකයි....ඔයාගේ මාර අදහස් තියෙන්නේ.... :t :t

    තව කතාවක් ඕනි....ෆුල් රොමෑන්ටික් එකක්..... :r :r :i

    ReplyDelete
  4. අදමයි ඇහුවේ........ස්තුතියි හා පැංචියේ ..........

    ReplyDelete
  5. මොහොතක සිදුවෙන සිදුවීමක්. පුංචි හා පැටික්කි දැන් ලොකු ලොකු සිහින දකින්න පුරුදු වෙලා. කතාව ලස්සනයි නංගි. බොහොම හැගීම් කිපයක් පිරුනු සින්දුවක් එක්ක අපිවත් අතරමන් වෙනවා. මෙක කියවද්දි හිතෙ මැවෙන දෙ හරිම ලස්සනයි නංගි ... :D

    ReplyDelete
  6. ෂා... නියමයි හා පැටික්කියෙ... ලස්සනට ලියල තියෙනව.... ඇත්තටම පොතක් එහෙම ලිව්වොත් නරකද?....

    ReplyDelete
  7. අම්මපා නංගියේ ඇත්තම කිව්වොත් මෙක කියවපු මෝඩකං කියලා හිතුනා...
    මම දෙතුන් පාරක්ම මෙක කියෙව්වා..
    අන්තිමට ඔහේ තේරුමක් නැතිව යටම තියෙන පිංතූරෙ දිහා බලං හිටියා සෑහෙන වෙලාවක්...
    ආයෙමත් සිහිකල්පනාව යන්තං ආවහම තමයි හිතුනේ මොනවා හරි ලියන්න ඔන කියලා...
    හොඳ වෙලාවට අද වැඩපොලේ ඉන්නේ..නැත්තං බෝතලේ මවලා හරි බොන්න වෙනවා..
    පරණ දේවල් මතක් වෙනවා බං නංගියේ...

    ReplyDelete
  8. ඇත්තටම හරිම ලස්සනයි..
    කියන්න වචන නෑ..
    :b :b :b :b :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  9. ෂා බොලේ මෙන්න හා පැටික්කි දැං මාර හීනනෙ දකින්නේ.... :r

    හරිම ලස්සනට ලියල තියනව. හරි අපූරැවට හිතට වැදුන නගේ. දිගටම ලියන්න. සුන්දරව හිතද්දි තමයි ජීවිතේ ලස්සන වෙන්නෙ... සුභ පැතුම්!!! :t

    ReplyDelete
  10. අඩේ........... සිලාවටම මැxxxxxxxx ඈ........ :) :e

    ඔය බලන්නකෝ ඉතින් දැන් කීදෙනෙක් පොතක් ලියන්න කියලා කියනවද ? :b
    කෝ ඉතින් කිව්වට අහන එකක්යැ :h

    මේ වගේ සීරිz එකක්ම ලියවේවාzzz :f

    ReplyDelete
  11. නගේ.. ඔයා මාව හීනයක අතරමං කළා වගේ...
    මට කහ කිරිල්ලිව මතක් වුණා නගේ...

    සින්දුව නම් මං ඇහැව්වේ පළමුවෙනි වතාවට...

    රවා කිව්වා හරි අපේ හා නගා දැන් ලොකු ලොකු සිහින දකින්න පටන් අරන්...

    ආ මට හා නගාට සුබ පතන්න අමතක වෙනව තව ඩිංගෙන්...

    “ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

    කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
    මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.

    ...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

    e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

    ReplyDelete
  12. ලස්සනම ලස්සන සිතුවිලි ගොන්නක් හා පැටික්කියේ . ඔය හසියා කීව වගේ පොතක් ලියන්න පටන් ගන්න ...

    ඇත්තටම හරිම ලස්ස්නයි ..

    ජයවේවා !!

    ReplyDelete
  13. ලස්සනයි කියන්නෙ කියන්න වචන නෑ.. :t :t

    ReplyDelete
  14. හා පැංචිත් දැන් හොඳ කතා කාරියක් වෙලුනේ...
    අලුත් අවුරුද්දටත් එක්කම සුභ පැතුම්...

    ReplyDelete
  15. කෙල්ල දෑන් වල් වෙල වගේ :-)

    ReplyDelete
  16. ලස්සනයි. තාත්විකයි.

    ReplyDelete
  17. කියන්න වචන නෑ මට.. ඒ තරම් ලස්සනයි

    ReplyDelete
  18. @ හසී
    බොහොම ස්තූතියි අක්කියා.........
    ඔය මවන ඒවා මට අදාල නෑ ඔන්න...... :d
    මං නම් කලින් ගොඩක් අහලා තිබුන ආස සිංදුවක්..... ;c

    @ පූසා
    සුදු පූසා තාමත් පොඩියිනේ නේ.........????? :h

    @ ෴හසියා෴
    නිසි බලධාරියා විසින් කපා හරින ලදී..... හික්ස්..... :d

    හපොයි අදත් අඬන්න ගත්තා........ අනික් දවසෙ අම්මත් එක්කන් එන්න මගේ අයියේ...... :g :g

    හ්ම් මංදා ඕවා........
    අත්ත හයියද මගේ අයියේ??? මං එහෙනම් නගින්නද????? :a :a

    හෆොයි..... මං ඉවරයි......... :n :n

    @ සොඳුරු සිත
    වෙල්කම් අක්කියා..... :c

    @ Confiuzd ප්‍රෝග්‍රැමර්
    අයියත් කන්ෆියුස්ඩ් උනාදැ???? :q :q

    ReplyDelete
  19. @ රවා
    හෙහ් හෙහ් මං දැකපු හීනයක් නෙමෙයි රවා අයියේ........:n
    බොහොම ස්තූතියි අයියා.........:c
    මං ඕවා දන්නෑ........

    @ සාතන්
    කාලෙකින් වගේ හා ගුල පැත්තේ.........;r
    බොහොම ස්තූතියි අයියා.......:c
    ඔය ලණුව මට දැන් කට්ටියම දෙනවා.... තාම ගිලින්න හිතුවේ නෑ..... :q :q

    @ මාරයාගේ හෝරාව
    ඒ මොකද මාරයියේ????? ඒත් දෙපාරක් කියවලා.......:j
    අනේ අම්මියෝ බෝතලේ නම් එපා අයියේ..... ඒවා මවනවනම් මං ආයේ ලියන්නෑ මේ වගේ ඒවා......:s :s

    @ කැන්ඩි
    බොහොම ස්තූතියි අයියා........:c

    @ ..ChAnDiKa..
    ආයෙමත් අයියා විභාග ඉවර කරලා කරලියට වගේ.....:b

    අම්මෝ මගේ හීන නෙමෙයියෝ හිතලා ලිව්වා ඉතරමයි..........:n :n
    බොහොම ස්තූතියි අයියා......... :c එහෙමද අනේ මංදා හා අයියා ලියන්න බලන්නම්කෝ..........:c

    ReplyDelete
  20. එක හුස්මටම කියවල ඉවර කරා..අම්මෝ මේ හාවි නම් අපිවත් අතරමං කරනවා..

    ආත්මීය ආදරයක්..
    පොතක් ලියන්න අදහසක් නැද්ද හාවියේ හැමෝම කියනව වගේ..

    මම නම් තාම අතරමං වෙලා..හපොයි කොහේද මේ ඉන්නේ .. ?

    ReplyDelete
  21. @ ජේ.ඩී
    බොහොම ස්තූතියි ඈ........:c

    කට්ටිය ලණු දුන්නට මං ඒවා කන්නෑ...... මුරුංග අතු හයියත් නෑ...... :a

    සීරීස් එකක්???? හෆොයි........:s :s :s :s

    @ sansarasidu
    අයියා කාලෙකින්...........
    හ්ම්....... ඒ ගැන දැන් අයියා කතාවක් නෑ නේද????

    හ්ම් ගොඩක් දෙනෙක් එහෙමයි වගේ......

    අනේ මං ලොකු හීන දකිනවා නෙමේයෝ..........:n :n

    අයියටත් පව්ලේ සැමටත් එසේම වේවා....!!!! සියළු පැතුම් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා!!!!:m

    අළුත් ඇඩ් එකක් හදාගෙන වගේ.... හික්ස්...... :q

    @ හිස් අහස
    ඔයත් දැන් හැමදාම එනවා නේද සඳරු.........???

    බොහොම ස්තූතියි සඳරු. අනේ මං මුරුංගා අතුවල නඟින්නෑ........:a :a

    බොහොම ස්තූතියි........:c

    ජයවේවාම තමා....!!!!

    @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියා...... :c

    ReplyDelete
  22. @ priyantha.ඒබී
    එහෙමද අයියා???? මං පැංචි නෙමෙයි ඔන්න........:d
    අයියටත් එසේම වේවානේ ඉතින්...... :c

    @ mahima
    එහෙමත් හිතෙනවද????? :n :n

    @ prasanna86k
    බොහොම ස්තූතියි...... :c

    @ අකීකරු හිත
    බොහොම ස්තූතියි..... :c :c

    @ පබලු
    මම හා ගුලේ සිතියමක් මං ගහන්නම් අනිත් දවසේ....... :d

    එහෙමද????
    කිසිම අදහසක් නෑ අක්කණ්ඩියේ හැමෝම කිව්වට.......... :d

    ටීක් බොල ගහන්න මෙහේ ඉඩ නෑ.... හික්ස්.... :P

    ReplyDelete
  23. හපොයි..මේ හොර හාවි ගම කනවා මාත් එක්කම.. :h :h :h

    මට මාතරදි අහුවෙනවා එහෙම නෙවෙයි :p :p

    ReplyDelete
  24. මට ඉක්මනට ලොකුවෙන්ටෝනෝ.. :D
    ලස්සන සිංදුව හා අක්කෙ.. :)

    ReplyDelete
  25. මම සින්දුව නම් ඇහුවා. හොදයි. හා පැටික්කි මේ ලගකදි ඉදල වෙනස්. සතුට උතුරනව.හා පැටික්කිටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  26. ලස්සනට ලියන්න පුළුවන්නෙ. පොතක් ලියන්න ගත්තොත් නරකද???
    ආදරේ ගොඩාක් ලස්සන තමයි. ඒත් ඒක ලබන්න තරම් හැමෝම පින් කරල නෑ. ඒක ලබන අය ගොඩක් වාසනාවන්තයි. තමන් ආදරය කරන කෙනා තමන්ට ලැබෙන්නෙ කී දෙනාටද?? එහෙම ලැබුනොත් මේ තියන දේවල් හැබැවෙන හීනයක් වේව්!!

    ReplyDelete
  27. ආව් ආව් .. එහෙන්ම් හා පැටික්කිටත් හරි එහෙනම් .... , මඟුල තියනකොට අපිටත් කියන්ඩකෝ ... (*අපි එන්නේ කන්න මිසක් වෙන මොකටවත් නෙවෙයි හොඳේ ... !!! :P)

    ReplyDelete
  28. හොර හාවා අනුන්ගේ කතාද ලියනන්නේ තමන්ගේ කතාද ලියන්නේ? හිතාගන්න බෑ. මම තාම මඤ්ඤං වෙලා ඉන්නේ..
    -කාංචන

    ReplyDelete
  29. @ පබලු
    චිකේ මං හරක් මස් කන්නෑ අක්කේ.........:q :q

    අපොයි නෑ.... නෑ නෑමයි....... :k

    @ Bugs Bunny
    ඇයි ඔයා සූටිද???? :a
    බොහොම ස්තූතියි මල්ලියෝ...... හාබැයි ඉතින් ඔය සිංදුවට පෝස්ට් එකක් ලියන්න කියපු කෙනාට තමා මෙව්වා එක යන්න ඕනි...... :a :a

    @ JHOTHISHALANKA
    අපොයි කිසිම වෙනසක් නෑ උන්නා වගේම තමා........:c
    අයියටත් එසේම වේවා...!!!!!:m

    @ කේෂාන් De சில்வா
    නරකයි නරකයි..... මං මුරුංගා අතු වලට බර වැඩියි.......:h

    අනේ මංදා අයියා මේ අවුරුද්දෙම මූඩ් ගහලා ඉන්නද කම්පනාව???? ඔයාට හොඳම බෙහෙත පැන්ඩා අයියා වගේ හොඳ යාළුවෙක් කියලා මං හිතනවා.......
    කාගෙත් හීනේ තමා ඔය......:c

    @ Unknown_User/හිඟන්නා
    ඔව් ඔව් උඩින්ම හරි ගිහින්......(වෙන නැත්තම්.. ):h
    ගෙදර පොල් ගහක් තියේ කඹයක් ගෙනාවනම් ඇති මල්ලියේ......
    හික්ස්...... :P

    @ කාංචන
    කාගෙවත් කතා නෙමෙයි. :h
    අනිත් දවසේ ඇනෝ ඒවා දැම්මොත් ඇප්රුව් කරන්නෑ. ඔන්න කලින්ම කිව්වා අයියණ්ඩිට. මට හැමදාම ඇනෝ ඒවා.....:s :s :s :s

    ReplyDelete
  30. අපි හා මස් කනවෝ.. :t :T හොර හාවි.. :n :n
    අය්යණ්ඩිට අනතුරු ඇගවීම් කර එක නම් හොදා.. :b :b කාට බයේද මන්දා ඇනො වෙල ඉන්නේ.. :b :b :b

    ReplyDelete
  31. නගා පැංචි නෙවේද...:D
    මම හිතුවේ පැංචි කියලනේ...:D

    ReplyDelete
  32. මේක මේ හාවිගේ බලාපොරොත්තුවක් හරි පැලෑන් එකක් හරි. ඕව්...... අම්මපා..... මේකිගෙම තමයි..... සුවර්...... :t :o :p :e

    ReplyDelete
  33. :o හාවිගෙ දැන් ගනන්
    -කාංචන

    ReplyDelete
  34. @ පබලු
    අ‍ලේ...... මාව ‍බේර ගන් ‍නෝ........ :n :n

    එයා‍ගේ අන්තිම එකත් අද ඇප්රූව් කලා මීට පස් ‍සේ නම් නෑ නෑ මයි........ :h

    @ priyantha.ඒබී
    හ‍පොයි නැ‍තේ........ පැංචි ‍නො‍වේ........ :s :s :s :s

    @ ..ChAnDiKa..
    අ‍පොයි........ :n :n :n :n

    අ‍නේ ‍දෙවිය‍නේ මට උන වි‍යෝයා....ආ ආ....... :s :s
    අනුන් ‍ගේ එව්වා ම‍ගේ එකවුන්ට් දමායා...... ආ ආ..... :s :s

    ‍@ කාංචන
    අයියණ්ඩි ඊලඟ පාර ඉඳන් අයිඩී එ‍කෙන් ආ‍‍වෙ නැත්තම් බලාගමු........:h :h :h :h
    ‍කේස් එකක් ෆයිල් කරනවා සූකිරි ළඟ........ :h

    ReplyDelete
  35. ohooo, yaaluwek share kare meka, aththama kyannam.
    hangeem awissena sului..... hondata liyala thyenawa.

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)