෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, January 17, 2011

කළුව‍රේම කාටද කලන්තේ.......????


කම්මැලි කම කිව්වම ඉතින් අර වැප් අයියට හැදිලා තිබුන කම්මැලිකම තියන දවස් තමා මට ‍ගෙ‍වෙන් ‍නේ හා පැටික්කිගේ පරණ පොරොන්දුවක් තිබුනා මකරා අයියට ..... මතකද මංදා..... ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි කතා කියන බවක්...... ආ පොරොන්දු උන්නෑනේ...... මං හිතලා බලන්නම් කියලනේ කිව්වේ........කම්මැලි කම යන්නත් එක්ක ඔන්න ඔහේ එකක් ‍දෙකක් ලියලා දාන්න හිතුවා..... ආ නෑ කොටලා දාන්න........

අපි ට්‍රිප් එකක් ගියා පෙරුම් පුරලා පුරලා 2007දී......... (ඊට කලින් ගියා ඌරු සිටා වැව බලන්න 10දි.) පෙරුම් පුරලා කිව්වේ ඒක අවුරුදු ගානක ඉඳන් පුරලා ගියේ....... ( හා පැටික්කිල නම් ඉස්කොලෙන් නිල ලෙස ට්‍රිප් නොගියට අවුරුද්දට ගමන් 5ක්6ක් ට්‍රිප් තමා....... :P)

අවසර ගන්න වැඩ වලට එහෙම අඹ ගෙඩියේ පාරවල් වැරදිලාවත් දන්නැති උනාට සිතියම් පොත් තියාගෙන ඇඳලා ලියුම් ලියලා (තාමත් සමහර ලකුණු කර ගතපුවා මා ළඟ තිබ්බා) රක්ෂණය එහෙම කරගෙන් ලෑස්ති කරන් ගියා.......(මහන්සි උනා මා‍සෙකටත් වැඩිය. ගි‍යේ වාර අවසා‍නේ නිසා පංතිභාර මිස්‍ට බලන්න තියන ‍පේපර්ස් පවා බලලා ඉවර කරලා දුන්නා ඉතින්.) ගියාට මොකද දවස් දෙකයි ගමන (ඒ කිව්වේ 3යි...) ඒ ගමනේදි උන අකරතැබ්බයක් අකර තැබ්බයක් කිව්වට අකරතැබ්බයක්ම තමා..... මේක උනේ අපි ගමන ඉවර කරලා එන දවසේ. නම් හරියටම මතක නෑ කියලා හිතාගන්න‍කෝ කෂ්ටිය‍ගේ.......

කොහොම හරි එදා එන දවසේ ආවෙත් ෆුල් ෆන් එකේ...... බෑ බෑ කිය කිය ආවේ. (අපි එළුවන් ‍නො‍වේමු.) ඒ හිටපු සිටුඒෂන් එකත් එක්ක එද්දි නිකමට වගේ ඩැයිවර් අංකලුත් ඉන්න තැන යාළුවෙක්ට කියවුනා රොදේ හුළංවත් ගියා නම් කියලා. (අංකල් කිව්වට අපේ පාසලේම නංගි කෙනෙක්ගේ අයියා කෙනෙක්.) දන්නවනේ ඉතින් ඩයිවැර් කෙනෙක්ට ඔය වගේ දෙයක් ඇහුවම...... අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දැවිලා අළුවෙලා යන බැල්මට් එකක් දැම්මා. අපි එතනින් එහා කතාවකුත් නැතිව ඒ කතාවත් අමතක වෙලා උන්නේ.....

එක පාරට බෂ් එකත් නැවැත්තුවා. ම්ම්ම්ම 7ට ඉතර ඇති ඒ වෙලාව නම්. ම්ස්ලත් මොකද බැලුවා...... අපිට යන්තමට ඇහුනා කියනවා රෝදෙක හුළං ගියා කියලා..... ස්කූබිට ම්ල්ක් ෆාදර් පැනපි. අපි හොල්මං. අර ළමයට තව හොඳ බැල්මක් තෑගි ලෙසින් ලැබුනා. කට්ටියටම පුල් අස්පට්. (ඒ කියන හැටි පෙනුමෙන් නම් අර ළමයට පින් දෙන තත්වයක් හැමෝගෙම තිබුනේ... ;D )

ආයේ ඉතින් බස් එක නැවැත්තුවා විතරයි කට්ටිය පෝලිම් හැදෙනවා..... (අනේ මංදා නිකමට හරි නැවැත්තුවොත් ළඟ පාත ගෙදරකට හරි පෝලිමක් හදා ගන්නවා..... :@ ) දැන් ඉතින් 7 කියන්නේ කළුවර වෙලාවක් නිසා එක්කෙනෙක් විදුලි පන්දමක් වගේ ටෝච් එකකුත් අරන් තමා ගියේ. කට්ටිය ඉතින් වාරේ එනකම් පෝලිමේ ඉන්න ගමන්නම කතාව දාන් උන්නා.

එක පාරටම එක යාළුවෙක්ට කලන්තේ වගේ කිව්වා. ( කෂ්ටිය බනින්න එපා ඇච්චි කතාවක්. දැන් තමා පට්ටාන් ගන් ‍නේ.... )මාර කේස් එක එක ටෝච් එකයි තියෙන්නේ. ඒ යාළුවට ටෝච් එක අල්ලන්න අර ළමයා ඉන්න තැන දන්නෑ.(ඒ ‍ටෝච් එක ඉල්ල‍ගෙනත් බෑ‍නේ ඉතින්... :D :D :D :D) මොකද ටෝච් එක තියන් උන්නේ පෝලිමේ මුලම කෙනෙක්. දැන් මොකද කරන්නේ. කමක් නෑ කියලා කට්ටිය කළුවරේම අර ළමයව උස්සන් යන්න තමා ට්‍රයි එක. මං ළඟ හිටි නිසා අත් දෙකෙන් අල්ල ගන්න ලැබුනා. හරි මං කකුල් ‍දෙ‍කෙන් අල්ලන්නම් කියලා එතන ම‍ගේ ළඟම හිටි අනිත් මාළුවා නැවුනා. ‍දෙපැත් ‍තෙන් ඉන්න කට්ටියත් ෆුල් ‍රෙඩිපිට බලන් ඉන්නවා කකුල් ‍දෙ‍කෙන් අල්ලනකම් එක්කන් යන්න.

ඒ අස්සේ අර කකුල් ‍දෙ‍කෙන් අල්ලන්නම් කිව් ළමයාත් හරී කිව්වා.

අනේ ම‍ගේ කකුල් ‍දෙක අත අරිනවා හ‍ලෝ..... උඩ පනින සද්දයක් ආවා.

ඔය මගේ කකුල් දෙක..... මෙන්න ළඟම හිටි එක්කෙනෙක් උඩ පැනලා කෑ ගහනවා....

අ‍නේ ‍සොරි හ‍ලෝ......

මං හිතු‍වේ .....දි‍ ‍ගේ කියලා......

කට්ටිය හොල්මං අර ළමයාත් ‍බො‍හොම අමාරු‍වෙන් උන්‍ ‍නේ. කට්ටිය හිනා සාඟ‍රේ බහින්න වැඩි ‍නවලාවක් ගත්‍ ‍තේ නෑ. හිතාගන්න පුළුවන්‍ ‍නේ ‍වෙලා තියන ‍දේ..... කළුවර ජරමර තමා. කකුල් දෙකෙන් උස්සන්නම් කිව්ව යාළුවා උස්සලා තියෙන්නේ එතන හිටපු වෙන යාළුවෙක්ගේ කකුල් දෙකෙන්. කළුවරේ හදිස්සියට කව්ද බැලු‍වෙත් නෑ කා‍ගේ කකුල්ද බලන්නත් බෑ ඉතින් අහුඋන කකුල් දෙකෙන් අල්ලලා. වැ‍ඩේ අසාධාරණත් නෑ‍නේ ඉතින් කළුව‍රේ ඉද්ඳි. ඉතිරි ටික කියන්න ඕන නෑ‍නේ ඉතින්......

අනේ ඉතින් අන්තිමට කලන්තේ පැත්තක තියලා මම පයින් යන්නම් කියලා ඒ යාළුවා පයින්ම ගියා අන්තිමට. එදා ‍කෝම හරි බෂ් එකත් හදා ‍ගෙන අතරමඟ යාළු‍වොත් බස්ස‍ගෙන අපි ඉෂ්‍කෝ‍ලෙට එන‍කොට පාන්දර 4 ඉතර ‍වෙලා.



‍සැ.යු.-
මේ ගම‍නෙම තව සිද්ධි ‍දෙක තුනක් තියනවා. බලමු‍කෝ ලියනවද කියලා තීර‍ණේ ‍කොරන්‍නේ ‍මේ‍ ලිපියට තියන චා‍‍රෙ අනුව තමා. ‍මොකද ‍මේ ‍මම ඒ කිව්‍වේ හා පැටික්කි ‍වෙන අය‍ගේ කතා ලිව්වට ‍මෙ‍‍හෙම කතා ලියලා නෑ‍නේ....... :D :D :D :D

23 comments:

  1. හේහේහේහේ චෝයි....තව ඕනියෝ..... :e :e

    වෙලාවට කකුල් දෙකෙන් ඇල්ලුවේ.... :a :r :q :p

    ඔක උනේ හා පැටික්කිට කියලයි අපිනම් අහලා තියෙන්නේ කමක් නෑ ඉතිං පහත් තැනින් යයි ගලා ජලේනේ..... :r :a

    ReplyDelete
  2. මේක හාවිට එහෙම නෙමෙයි නේද සිද්ධවුනේ.. ? :r :r

    ReplyDelete
  3. හාවියෙක්නං අල්ලන්නෙ කකුල් දෙකෙන් නෙමෙයි කන් දෙකෙන්නෙ. :b

    ReplyDelete
  4. හාවියන්ට කළුවරේ ඇස් පේනවා කියනවනේ. ඉතින් එහෙම වෙලත් මේක උනේ කොහොමද???? :a :a

    ReplyDelete
  5. කවුද දන්නේ නෑ ඒ කෙනා ?

    ReplyDelete
  6. ඔන්න මගෙනුත් චාරයක්...
    ඔක ආචාරයක් කොරගන්ටනං ඉතිරිවාත් කොටමු...

    ReplyDelete
  7. hawage natten ussanna thibbe. (meka une hawata nam)

    ReplyDelete
  8. හෙහ් හෙහ් හසිය කිව්ව වගේ සීන් එකක් වෙන්න ඇති වෙලා තියෙන්නෙ හික් හික් හික් ;)

    එළ එළ ඉතුරු කතා ටිකත් දැම්මනම් හොඳා :)

    ජයවේවාz......

    ReplyDelete
  9. @ ෴හසියා෴
    බොරු කීමෙන් අපල විය හැක...... :D :D

    හැබෑද........ :h

    අපොයි නැතේ මම නොවෙමි........ මේකෙ ලියන ඔක්කොටම අල්ල ගන්නේ මාවනේ අප්පා ඒ පාර.......:s :s :s :s

    @ සිරකරුවා
    නැ නැ මට නෙමේයෝ........... :s :s :s :s

    @ Praසන්ன
    ඒකනේ මෙයාලා එව්වා දන්නෑ......... අයියට විතරයි හරියට තේරුනේ.......... :c

    @ priyantha.ඒබී
    මම නෙමෙයි අලේ............. :s :s :s :s

    @ ~:: My Cottage ::~
    කිව්වොත් අඳුරයිද?????

    අදමයි නේද හා ගුල පැත්තේ ආවේ....... ආදරෙන් පිළිගන්නවා හා ගුලට......... :c :c

    @ මාරයාගේ හොරාව
    හ්ම් හ්ම්......
    බලමුකෝ......... :j

    @ prabathw7
    හාවට නෙමේනේ උනේ.......... :c

    ReplyDelete
  10. මේන් මගෙනුත් චාරයක්..:t :T
    ඇත්තටම හාවි එදා මොකද වුනේ..:i :i ඔයා නේද කකුල් දෙකෙන් අල්ලගත්තේ:g :g බොරුවට අපිට කියනව මම අත්දෙකෙන් අල්ලගත්ත කියල..:f :f :f හ හා... ලැජ්ජ නොවී ඇත්ත කියන්න..හික්z..:n :n :n ( ඔන්න හාවිට තරහ ගියෝ..:h :h :h මේං මං දිව්වා :b :b )

    ReplyDelete
  11. අනිත් ටිකත් ඉක්මනටම දාන්නෝ... හැබැයි නංගියේ චාරෙ නැතිවෙයිද දන්නෙත් නෑ, ඒ කතාවල හැටියට නේද?

    ReplyDelete
  12. හඃ හඃ හා . . එල එල . .

    අනිත් කතා ටිකත් ලිව්ව නම් බලන්න.

    ReplyDelete
  13. අඩේ මටනං 200% සුවර් මේං මේ හා බඩ්ඩ තමයි අර කෙලීගෙ කකුල් දෙකෙං ඉස්සැව්වෙ ඕං...... :t :p :o :b :e

    ReplyDelete
  14. හික්ස් :q :q :q එල එල අනිත් කථා ටිකත් ලියන්න... :b

    ReplyDelete
  15. හාවොන්ට කලුවරේ ඇස් පේන එකේ... මේක මේ යාලුවෙක්ට උනු දෙයක් වෙන්නට බැරිය. හා පැටික්කිට උනු දෙයක් විය යුතු බව පිසාට වැටහේ. හික් හික් හුඟ දවසකින් ගොඩ වැදුනේ

    ReplyDelete
  16. පොරොන්දු ඉටු කරන හා පැටික්කිව ප්‍රාදේශීය සභාවට වැඩිම මනාපයෙන් පත් කරමු !!!

    ඒක නෙවෙයි තවත් පොරොන්දුවක් තියෙනව, මතකද ?
    අර අමුතු අමුතු සත්තු අඳින හැටි ගැන පාඩම් මාලාව

    ReplyDelete
  17. හි හී.. හාවිට වගේ වො තියෙන්නේ... මටද හැගේ...

    ReplyDelete
  18. @ ජේ.ඩී
    නැ නැ එහෙම සීන් එකක් නැ මෙතන......... :h :h

    හැබෑද???? බලමුකෝ.........:p

    එසේම වේවාස්ස්ස්ස්ස්.........!!!!!

    @ පබලු
    චාරෙට පින්........:q

    නැ නැ කව්ද කියලා මං පස්සේ වෙලාවක ඔයාට කියන්නම්කෝ.... ඔයා දන්න කෙනෙක්......:a

    @ prasanna86k
    එහෙම වෙන්නෑ අයියා........ එහෙම කතා ඇත්තෙත් නෑ.........:p :p

    @ දුකා
    අයියා ගොඩ...... කාලෙකින් මේ පැත්තේ..........:c

    හ්ම් බලමුකෝ අයියා..........:c

    @ ..ChAnDiKa..
    අයියා කොහොමද එහෙම කියන්නේ????? :j
    අපි දන්නෑ බොරු කියලා අපායේ යයි......:n :n

    ReplyDelete
  19. @ හසී
    හෙහ් හෙහ්........ බලමු අක්කියා......... :d

    @ පිස්සා පලාමල්ල
    කාගෙත් වැටහීම නම් අන්තිම දුරුවලය..... :n :n

    හ්ම් හ්ම්..... ගොඩක් කාලෙකට පස්සේ තමා........ :c

    @ Chanaka Aruna Munasinghe
    අපොයි නිකම් දුන්නත් එපා ඔය තනතුරු. :h

    මතකයි මතකයි..... ඊළඟට ඒකත් දාන්න කියලා තමා බැලුවේ මම. ඒත් ඉතින් වැඩි දෙයක් ලියන්න නැති නිසයි කල්පනා කරේ ටිකක්. :j

    @ පොඩ්ඩා මල්ලි
    මට නෙමෙයි අප්පා...... :s :s :s

    ReplyDelete
  20. @ Unknown_User/හිඟන්නා
    යැ යැ අනේ අපොයි තමා....... :d

    ReplyDelete
  21. එළ එළ.. මෙන්න මගෙන් චාරය. දැන් නොවැ දැක්කේ මේක.
    -කාංචන

    ReplyDelete
  22. @ කාංචන
    මොකක්ද අයියණ්ඩි...... හැමදාම ඇනෝ....... :s :s :s :s

    එහෙනම් රණ්ඩු උනේ කමෙන්ට් එකක් දැම්මා කියලා එදා මේකට????? :h :h

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)