෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Wednesday, January 26, 2011

තලාවට ‍පෙම් බැඳ.......


ළං වන්නට ‍නොහැකි
දුරින් හිදි තලාවට
‍පෙම් බැඳි ‍නෙළුම
විය මම.......

සියප‍තෙහි රැදි
නේක විසිතුරු වර්ණ
නුඹ දුටුවද
මා කී ‍ලෙසම අසථිර
විය සියල්ල
මලින් හමනා මුදු සුවද
‍ලොව සදා සරමින්
සුවඳ කරනා බව කීවද
‍ලොවම
ඔ‍‍බේ සිත් ‍ලොවට
සුවඳ ‍නොම ‍දෙන
පරවුණ මලකි
මා අද......

ඔබ ‍සෙ‍නේ අයදිමින්
පිපි ‍නෙළුම් කැකුළියට
ළං වන්න වරම් නැති
සදා ස්ථිරත්වයම රැදි
තලාවය නුඹ තවම......


15 comments:

  1. ඔ‍‍බේ සිත් ‍ලොවට
    සුවඳ ‍නොම ‍දෙන
    පරවුණ මලකි
    මා අද......

    මරු මරු...

    ReplyDelete
  2. දුවන බ්ලොග් සමල මේ වගේ අදහස් ලියවෙනවා කියන්නෙත් ලොකු දෙයක්. උදේම හොඳ නිර්මාණයක්...

    ReplyDelete
  3. අනේ මන්දා....:j තේරුනෙත් නැතිද මන්ද කියපු දේ....මේ හාවිට දැන් කැරට් උදුපියළිය කාලා මොළේ වැඩිවෙලා....කියන ඒවා අපිට තේරේන්නෙත් නෑ..අපි ඉතිං මෝඩ කොලුවො නෙවැ.... :r :s

    ලස්සනයි කියන්නම්කෝ තේරු‍නේ නැතිත්....:t ඇයි ඉතිං ලස්සන පිංතූර දෙකකුයි පද ටිකකුයි තියේනේ...තේරුම කන්නද නැද්ද පුළුන් නැට්ටියේ....? :q

    ReplyDelete
  4. ඔන්න මේකත් මම කමෙන‍්ට් දාන්නෙ නැති එකක්..අනේ මේ අපේ හා පැටික්කිල ඉක්මණට කැම්පස් වලට ගන්නකො..මේ ලමයි ගෙවල් වලට වෙලා ඒව මේව හිත හිත දුක් වෙනවට මම ආසම නැ

    ReplyDelete
  5. තලාව සවිමත්ය..හරි සැඩ පරුෂ වෙති..
    නුඹ සියුමැලිය..මුදු ගති ගුණ රැදී ඇති..
    ලංවී තලාවට..එහි ඇති සැර දැවටී..
    නුඹ සතු සියුම්..පෙති පරවී යයි මැළවී..

    ReplyDelete
  6. හලේ මටත් තේරුනේ නැතෝ.......... :r

    ReplyDelete
  7. ඔන්න ඉතින් ඕකනේ කියන්නේ :r

    නොලැබෙන දේටමයි ආදරේ අපි සැවොම :j
    ළඟැති නෙළුම් ගැන නොසිතා කිසි විටෙක
    පෙම් කරයි දුරැති තලාවට සැම විටෙම
    සිත් තැවුලයි ආදරෙන් ලද්දේ හැමදාම :s

    ReplyDelete
  8. @ සිරකරුවා

    හ්ම්ම්ම්ම්ම්....... :c :c

    @ සෝරෝ

    ස්තූතියි අයියා......... :c :c

    @ priyantha.ඒබී

    බොහොම ස්තූතියි අයියා....... අඳෝනාවකුත් තියෙන්න එපැයි අඩුව මැකෙන්න...... :d

    @ ෴ හසියා ෴

    තේරුනේම නැද්ද??? අනේ.... නැ නැ කැරට් කාලා නෙමේ. වෙන මොකක් හරි වෙන්නැ.....

    බොරු කියන්නේ නාක ළමයි.....:s
    අන්න කිව්වා කතාවක්...... :h :h

    @ පැන්da

    අයියා මේ පැත්තේ එන්නේ වැරදි දවසටමයි...... ඒක තමා අවුල...... :n :n මෙච්චර දවස් මං ලස්සන ලිපි 2ක 3ක්ම දැම්මා......
    ඒකට ඔක්තෝම්බරේ වෙනකම් ගන්නැලුනේ මේ අවුරුද්දේ ඉඳන් අයියා........:s :s :s :s

    ReplyDelete
  9. @ මාරයාගේ හෝරාව

    සැඩ පරුෂ තලාවට බැඳුනි නම් හිත
    සියුමැළි වුවද මා හැරෙනු කෙලෙසක ඉතින්
    ලංවුනෙමි හිතින් තලාවට ඉතින් මා
    අවසන
    පරවුණෙමි තලාවට බැඳි පෙමින්........... :s

    @ blog gadol

    බොහොම ස්තූතියි අයියා......... :c :c

    @ ජේ.ඩී

    හලේ මංදා...... තේරුම් ගන්ටෝ.......... :s

    @ පූසා

    ඒකනේ......... :n

    ලද දේ ඉවත හෙලන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැතුවට මට දඬුවම් කරනවා........

    සිංදුව තමා හරිම............ :s

    @ චතුවා (ළමයා)

    හ්ම් :a එකත් හොඳයිද මංදා...........

    @ ayesha

    Thanx Dr...... :c

    ReplyDelete
  10. @ Praසන්ன

    බොහොම ස්තූතියි අයියා.......... :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)