෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Sunday, January 30, 2011

මැස්සා..........

දවස් 7කුත් ගෙවිලා ගියා...... දවස් 7ම මෙලෝ සිහියක් නැතුව ඉතිහාස පොතෙන් පටන් අරන් අඳෝනා අතරින් ගිහින් ඊයේ 50 වෙනි කතාවත් ලිව්වා....... ඉතිහාස කතාව නැවැත්තුවේ නැමේ කස්ටිය කම්මැලි ගැහුන නිසා ටිකක් පමා කරානේ.

අද ලියන්නම දෙයක් නැති නිසා වැපා අයියගෙන් ඊ තලයක අමුනලා යවලා මං ඇහුවා අද අන්තිම දවසද කියලා...... උත්තර ආවේ සතියටනම් දවස් 7යි තමා හැබැයි ඉතින් බස් එකේ බෝඩ් එකේ හෙට දිනෙත් (වැප්නි සාතන් මහතාගේ සතියට දවස් 8කි) තියන නිසා අදත් ලියලා හෙටත් ලියමු කියලා....... හෙට අපි හැමෝම මේ දවස් වල දන්න අපේම සහෝදරයෙක් වන ඉළංදාරියා අයියා වෙනුවෙන් වෙන් කරන්න තමා බස් පියා වන වැප්නි සාතන් මහතා තීරණය කරේ.

ඒ අනුව පිලිතුරු ඊයෙහි අද මැස්සෙක්වත් නැති වෙයි කියා යැවූ මට මැස්සා ගැන එහෙනම් ලියන්න කියලා වැප්නි සාතන් මහතාගෙන් ඊයක් ලැබුනා......

ඉතින් අද එහෙනම් හා පැටික්කි මැස්සා ගැන රචනයක් ලියනවා....... (හා පැටික්කි හොඳ දරුවා කියන දේ අකුරට අහනවා...... {දන්නෝ නොදනිති})


ගෙමැස්සා.......



ගෙමැස්සා අප නිවෙස් වල නිතර දෙවේලේ වාසය කරන්නෙකි. සුදු පූසාට අනුව මැස්සාද මඳුරුවා මෙන්ම ගෙවල් වල පාළු කැපීමට මහඟු සේවාවක් කරන්නෙකි. මේකා ගැන සොයා ගෙන සොයාගෙන යාමේදි මනුස්පයාගේ පහසුව තකා මේකා සත්ත්ව රාජධානියට ඒ කීවේ දන්න හැටියට කිව්වොත් Animalia රාජධානියට අයත් වේ. එහි Arthropoda වංශයට ඉන් පසු මොවුන් වෙන් වේ..... එම වංශයෙහි වන උප වංශ දෙක අතරින් Mandibulata උප වංශයටත් අයත්වේ.

එතනින් වර්ගීකරණයේ තවත් පහලට යන විට Insecta වර්ගයටත් තවත් පහලට යන විට Diptera ගෝත්‍රයටත් අයත්වේ.
ඔය Diptera කියලා දාලා තියෙන්නේ කට කහනවට නෙමෙයි. Di යන්නෙන් ද්විත්ව යන්නත් ptera යන්නෙන් පියාපත් අදහස් වෙනවනේ. ඒ අනුව පියාපත් යුගලක් සහිත අය තමා...........
මේ ගෝත්‍රයටම තමා මඳුරු මලයලත් අයිති වෙන්නේ........

මේ ගොල්ලෝ ශරීර ප්‍රමාණයෙන් කුඩා අය. හැබැයි කෘමි රාජධානියේ කාගෙත් ලක්ෂණයක් වෙන දේහ ටැග්මීකරණය දකින්න පුලුවන්. ඒ කිව්වේ හිස, උරස, උදරය, ලෙස දේහය කණ්ඩ වලට වෙන්වෙලා තියනවා කියන එක.මේ ගොල්ලන්ගේ සුහුබුලාට ඒ කීවේ ඔය අපි වැටේ කැරකෙන ලොක්කට පියාපත් යුගලයි කීවනේ තියෙන්නේ. ඒවා පටලමයයි. ආයේ ඉතින් ඕන්නම් ඔන්න ඔය ළඟ ඉන්න එකෙක්ව අල්ලලා බලලා පරිස්සමෙන් යවන්න.

එතකොට මේ වරිගේ අනිත් ඇත්තන්ට වගේම මෙයාලගෙත් උරසේ තමා උපාංග තියෙන්නේ. පාද තියනවා 6ක්..... ඒවා තියෙන්නේ යුගල බැගින්.

එතකොට තියනවා ස්පර්ශක.... මේවා රසායනික ප්‍රතිග්‍රාහක. එව්වා සංවේ දී ව්‍යුහ ලෙස ක්‍රියා කරනවා.ඒ කීවේ. රස උණුසුම සිසිල වගේ දේවල් හදුනා ගන්න භාවිතා වෙනවා. ආග්‍රහනයටත් වැදගත්.

වැදගත්ම දේ මේ කස්ටියගේ ඇස්...... වරිගේ අයට තියෙන්නේ සංයුක්ත ඇස්. ඒ කීවේ අක්ෂිකා රාශියකින් සෑදිලා තියෙන්නේ. බලන්නකෝ යට පින්තූරේ. ඒ අර කාපට් එකක් නම් නෙමෙයි. සංයුක්ත ඇසක පින්තූරයක්. මේ සංයුක්ත අක්ෂිකා එක එකක් මගින් වෙන වෙනම ප්‍රතිබිම්භ හදනවා. ඒනිසා හැදෙන්නේ විචිත්‍ර ප්‍රතිබ්ම්භයක්.




එතකොට මෙයාලට තියෙන්නේ තරල නිපානයට හැඩ ගැසුනු මුඛ උපාංග. ඒ කීවේ මැස්සෙක් ඔය ඕන තැනක වැහුවම දොස්තර ලෙඩ බලනවා වගේ දෙයක් තිය තිය බලන්නේ. ආන් ඒක. ඒක හරියට ස්පොන්ජ් එකක් වගේ. තෙත් සහිත ආහාර මත තියලා තරලමය ද්‍රව්‍ය ලබා ගන්නවා. ඔව් ඔව් පුදුමදත් අහනවා.

මේ Insecta වර්ගයේ අය පූර්ණ රූපාන්තරණයක් පෙන්නනවා. ඒ කිව්වේ ජීවන චක්කරේ දි පිලිවෙලින් සුහුබුලා => බිත්තර => කීටයා => පිලවා => නැවත සුහුබුලා යන විදියට තමා කැරකෙන්නේ.......

සංසේචනයෙන් පස්සේ ඇති වන බිත්තර සුහුබුල් ගැහැණු මැස්සන් ආහාර ඇති ස්ථානයක ආසන්නයෙන් දමනු ලබනවා. වේගවත් වර්ධනයක් පෙන්නනවා. මෙම බිත්තර වලින් පාද රහිත කීටයෙක් ද ඒ කීවේ ඔය ෆා අක්කා බැදලා එහෙම බස් වල බෙදන ඉහඳ පණුවානේ ඔය....... ඉන් පස්සේ මෙම කීටයා පිලවකු බවට පත්වී පසුව අන්තිමට ගෙමැස්සෙක් එන්නේ.

මැස්සා ඉතින් හොඳ සතා කියලා හැමෝම දන්නවනේ........ ආයේ හැම තැනම තියන්නේ අර තියන වෙද නලාව වගේ එක තමා. කුණු ගොඩද, වැසිකිළියද, කැසිකිළියද, කෑම පිගානද ඔක්කොම එකයි. (ආයේ හෝද ගෙන එන්නයැ.).ඒක නිසා ඉතින් හොඳ විශබීජ වාහක තනතුරක් තියන කෙනෙක්. ලෙඩ රෝග පතුරවන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්.

ඈක්කා කියනවට වඩා හොඳ ඉතින් කෑම බීම ආදිය ආරක්ෂා කරගන්න එක. ඒකට ඉතින් ඔන් මැස්සන් මරන්නට මොකක්ද වට රවුමේ පෙලගැසෙමු නෙමෙයි. වට්ටියක් වගේ හොඳ ආවරණයක් මඟින් ආහාර පානආව රණය කර ගන්න. අමුවෙන් ගන්නා ආහාර හොඳින් සෝදා ආහාරයට ගන්න මැස්සන් බෝවන කසල ගොඩවල් වගේ ස්ථාන ඉවත් කරන එකයි කෙරෙන්න ඕන. පරපණ අපිට කරදරයි කියලා උනත් නසන්න අයිතියක් නෑනේ. ආයේ ඉතින් පරිසර සමතුලිතතාවට ඒකා පොඩි උනා කියලා නෑ වැදගත් වෙනවා.............

ඔන්න ඔහොමයි ගෙමැස්සා ගැන කෙටියෙන් කස්ටයට තේරෙන තරමට........ මේකට ඉතින් මැස්සෙක්වත් එන එකක් නැ. කමක් නැ මක් කරන්නද....... මෙය වැප්නි සාතන් මහාතාට අපලයක් නොවේවා....!!!!! "ලු"

12 comments:

  1. හාවිටත් ඕන්නැති මැස්සෙක් නෑ :p වැඩකට ඇති සතෙක් ගැන ලිව්වන්ම මොකද? නැත්තම් ඔය වැඩකට නැති සතා වඳ කරන ක්‍රමක් කිව්වනම් එකක් :h මේ අනික එක ඔය හාවි ලියලා තියන ඒවායින් භාගයක් විතර මට තේරුණේ නෑ :j (Animalia රාජධානිය, Arthropoda වංශය, Mandibulata උප වංශය මොනවද මන්දා :q )

    ReplyDelete
  2. කවුදෑ ඔය වැප්නි සාන්ත කියන මැස්සා? :D

    ReplyDelete
  3. මම ලියන්න ඉන්නේ හාවා ගැන රචනයක්....
    කොහේද...මේ හාවි නිසා අර අහිOසක හාවොත් නරක් වෙනවා....

    ReplyDelete
  4. nangi thnikara bio note 1kakma dalane

    ReplyDelete
  5. ඕන් අද ඉඳන් හාවි මැස්ස්සොත් ඇති කරන්නලු යන්නේ......... :q

    ReplyDelete
  6. මම මැස්සගෙ කතාවනම් කියෙව්වෙ නෑ :),උඩ ඡේද ටික විතරයි බැලුවෙ.

    ReplyDelete
  7. හා පැටික්කිත් දන්න දේවල්.. හලේ හැබෑටම ඈ......:b

    ReplyDelete
  8. @ පූසා

    ඒකනේ ඕන නැති මැස්සෙක් නෑ........... මේකාත් වැඩකට ඇති එකෙක් තමා. වැඩකට නැති එකම සතා මේ මනුස්ප සතා.:a

    වඳ කරනවට වඩා හොඳ ඉතින් මං අර කියපුවා ගැන හිතනවනම් තමා. :r

    ඒවා ලීවේ ඉතින් ඒ ගැන දැනුමක් තියන අයට. නැත්නම් ලිපිය නිකම්ම මොන්ටිසෝරි වගේ නිසා................ :c

    බොහොම ස්තූතියි සුදු පූසෝ.........

    @ වැප්

    වැරදිලා වැප්නි සාතන් කියන මැස්සා.......... :q :q

    @ රත්ගමයා

    අන්න හොඳයි ලියන්න මලේ.........

    මං නිසා??? අපෝ නැ අර ඔයාලගේ බනියා නිසානම් වෙන්නැ.:a :p

    ස්තූතියි ආවට..........:c :c

    ReplyDelete
  9. @ mahima

    බයෝ වගේම ඉතින් ඒ ටික කස්ටියට තේරෙන විදියට ලියන්නයි බැලුවේ. අනේ මංදා...... :j

    බොහොම ස්තූතියි......... :c

    @ ජේ.ඩී

    බැරි වෙයිද පුංචි පෙට්ටියක් හොයලා දෙන්න?????? :p :p

    @ dinesh

    බොහොම සතුටුයි අයියාව ආපහු ඉක්මනටම සුව වෙලා ආපු එක ගැන. :c

    ඒත් මදෑ...... මං හිතුවේ මැස්සෙක්වත් බලන එකක් නෑ කියලා.......... :c :c

    @ Pasan

    ඒකනේ කියන්නේ......... :d

    (කෝ එදා දාන්නම් කියපු එක???? )

    ReplyDelete
  10. ‍හිහිහිහිහිහි මැස්සා....නියමයි.... :t
    මේ මං අහලා තියෙන විදිහට මැස්සෙකුගේ ආයු කාලය දවසක්ලු...ඒක ඇත්තක්ද? ඇත්තටම ඒ ගැන දන්නේ නෑ.... :r

    හා පැටික්කි = හොර හාවි = ගල් හාවි = පුළුන් නැට්ටි = මැස්සි

    ReplyDelete
  11. @ ෴ හසියා ෴

    පුදුමයි........ බලාපොරොත්තු නොවුන පිලිතුරක්.......... :c

    ම්ම්ම්ම් මං දන්න තරමින් නම් දවස් කීපයක ආයු කාලයක් තියනවා. :r

    හාවි = මැස්සි????? ඒ මොකක්ද ඒ පික්සු කතාව...... :P

    ReplyDelete
  12. හපොයි හොද වෙලාවට Bio නොකරෙ. නැත්තන් මේවත් පාඩන් කරන්න ඕනෙනේද????
    (අපේ සමහර කොල්ලො තාම AL වල පාඩන් කරපු ඒත් විභාගෙට ආපු නැති ඒව කියවනව හිතේ දුකට.. අපේ හා පැටියටත් එහෙම දෙයක්ද මන්ද???)

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)