෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, January 31, 2011

කවුද කීවේ අතාත්විකව බැඳුනා කියලා?????



මොකක්ද මේ කතාව????

ඇයි හැමෝම කියන්නේ....... අන්තර් ජාලය මහා භයානක ලෝකයක් කියලා..... ඒකේ ඇතිවන බැඳීම් බොරු පුස්සක කියලා..........

ඔව් ඉතින් මිනිස්සු කවද්ද වටින දේ අගේ කලේ........ පරාළ තමන්ගේ ඇහේ තියන් අනුන්ගේ ඇහේ ලී කුඩ හෙව්වා මිසක.

ඒකනේ කියන්නේ........ හොඳ වැඩක් කරන කොට අහක බලන් යන අය තමා යන්තම් වැරැද්දක් උනත් උඩ දාගෙන අන්තර්ජාලේ භයානකයි කියන්නේ.

ඒක නම් ඇත්ත හැමෝම දිහා සැකෙන් බලන අයට පේන්නේ සැකෙන්ම තමයි........

මේ අපි අතර තියන බැඳීම් ගැන උනත් එහෙම බලන අය තමා ඉන්නේ.......

හැබැයි අපි හැමෝම එකතු වෙලා පෙන්නන්නේ ලෝකයක්ම අතාත්විකයි කියන ලෝකෙත් හදවතින්ම බැදිලා ඉන්න බව නෙමෙයිද?????

ලෝකය පුරාම අන්තර් ජාලය ජංජාලයක් වීගෙන යන යුගයක් පැමිණ ඇති බවට කාටත් නොරහසකි. සයිබරයේ සිදුවන අපරාද දැන් සැබෑ ලොවේ සිදුවන ඒවාටත් වඩා දරුණු තත්වයට පත්ව ඇත. ඒ නිසාම අන්තර් ජාලය භාවිතයේදි හමුවන පුද්ගල ඇසුරන් ගැන ඇත්තේ නොපහන් හැඟීමකි. සමස්තයක් වශයෙන් ගොඩක් දෙනකුගේ ඇත්තේ එවන් අදහසකි.........

ඒ අතරින් අපි.......... බොහෝමයක් දෙනා මුහුණින් නාදුනන්නන් වුවද සැවොම එක පවුලක් බව අමුතුවෙන් කීමට අවැසි නැත. අපි අතරින් කෙනෙක් යනු අපේම සහෝදරයෙක් මිස වෙනකකු නොවන වග සිතීම අපි අතර ඇති දැඩි බැඳීමට රහසයි..... පුංචි පවුලක් නොවුනු අපි අතර ඇති බැඳීම හදවතින්ම ඇතිවූ බැම්මක් බව කීමට අවැසි නැත. එය අපූරුවට පසක් කරමින් මේ දිනවල අපි හැමෝම අපේ පවුලේ සහෝදරයකු වන ඉළංදාරියා වෙනුවෙන් හැකි පමණින් දායක වීමට සිදුවී ඇත.


පුංචි පුංචි කවි පදත් සමඟ අපි අතර සැරි සරන ඔහු වෙනුවෙන් කල හැක්කේ මේ සඳහා හැකි පමණින් ඔහු වටා රොක් වී ඔහුගේ සිහිනය සැබෑ කිරීම නොවේද???????

ඉතින් ඔබට හැකි පමණින් ඒ සඳහා කැප වෙන ලෙසින් පුංචිම පුංචි අයැදීමක් කරමි.............


මේ සම්බන්ධව විමසීම් හා අධාර කිරීම සඳහා පහතින් විස්තර සටහන් කරනු ලැබේ.


විමසිම්
0772332071
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )

ඔබට මේ ගැන පුංචි හෝ නොපහන් හැඟීමක් සැකයක් ඇත්නම් වෛද්‍ය සහතික සමඟින්ම සියළු විස්තර මෙම සබැඳියෙන් ගොස් බැලිය හැක.

10 comments:

  1. එකතු උනොත් මොනවද කරන්න බැරි හා පැටික්කියේ....
    අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ඉලංදාරියා සුව කරමු...

    ReplyDelete
  2. ඔන්න පොයින්ට් එකට ආවා....මහා දැන උගත් මිනිස්සු ටෙලිවිශොන් එකට ඇවිල්ලා හෙන පොර ටෝක් දීලා යනවා අන්තරජාලය හෙන නරකයි කියලා...අපේ අම්මත් මට බනින්නේ උන කියනා ඒව්වා ආසාලා....
    මේ විදිහේ වැඩ වෙනවා කියලා මේ මෝඩ විචාරකයොන්ට පෙන්නන්න ඕනා....
    අපි ඉලන්දාරියා වෙනුවෙන් ඉන්නවා....
    ජය වේවා!!!!!

    ReplyDelete
  3. 'අපි අතරින් කෙනෙක් යනු අපේම සහෝදරයෙක් මිස වෙනකකු නොවන වග සිතීම අපි අතර ඇති දැඩි බැඳීමට රහසයි'

    ඒ ‍හේතුව හිංද තමයි බ්ලොග් අවකාශෙ කාට හරි කරදරයක් උනොත් උදව් කරන්න කට්ටිය එකතුවෙන්නෙ.

    ReplyDelete
  4. අපිත් ඉන්නවා සහෝ උඹත් එක්ක.....

    ReplyDelete
  5. ඔව් අම්මලා නම් බනිනවා අපි මෙ internet එන වෑඩේට අපි කොහොම හරි මෙ වෑඩේ කරලා internet කියන්නේ නරක දෙයක් නෙමේ කියල ඔප්පු කරලා පෙන්නමු.
    අපි කොහොම හරි මෙයා මේ උදව්ව කරමු

    ReplyDelete
  6. @ priyantha.ඒබී

    ඒක ඇත්ත අයියා....... එකතු උනොත් අපිට මොනවද බැරි.......... :c

    @ රත්ගමයා

    ඒ අයට මේවා පේනවනම් බැරිය මල්ලියෝ....... මේවා පෙනෙනවනම් හොඳයි. ඒත් බලෙන් පෙන්නුවත් බලයිද කියලයි සැක........ :a

    අනික මේකත් අර ගිරා පැටවු දෙන්නගේ කතාව වගේ තමා. හොඳ අය අතරට වැටුනම හොඳම වෙනවා. නරක් උනොත් උනාම තමා......... :r

    බොහොම ස්තූතියි මල්ලියෝ.......... :c

    @ සිරකරුවා

    බොහොම ස්තූතියි අයියා....... :c

    @ Praසන්ன

    අපි අතර තියන මේ දැඩි බැඳීමට හේතුව ඒක තමා නේද අයියා........... :c :c
    අනිවාරෙන් වෙනසක් නැතුව අපි හැමෝම එකම පවුලේ.......... :c

    ReplyDelete
  7. @ ෴ හසියා ෴

    අපි හැමෝම ඉන්නවානේද............. :c :c

    @ පූසා

    බොහොම ස්තූතියි සුදු පූසෝ.........:c :c

    @ Angel

    කාගෙත් අම්මලා එහෙම තමා නේද....... ඇයි ඉතින් විද්‍යුත් මාධ්‍යයන්ගෙන් උනත් අහන්න ලැබෙන්නේ නරක දේවල්මනේ. ඒ නිසා ඒකේ වරදක් කියන්නත් බෑ.

    අනිවාරෙන් උදවු කරමු....... බොහොම ස්තූතියි සහෝ....... :c :c

    ReplyDelete
  8. ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා. (ඉලංදාරියට උදව් වෙන්න) ස්ථානය ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව. (මාලිගා පරිශ්‍රයට ඇතුල්වෙන්න අවශ්‍ය නෑ. මාලිගාවේ විශ්‍රාම ශාලාව තියෙන්නෙ මාලිගා පරිශ්‍රෙයන් එලියෙ.) නුවරට එන්න පුලුවන් අය එන්න. (තැන හොයාගන්න අපහසු නම් කෝල් කරන්න (0716861064)

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)